FB එකේ දාල තිබ්බ පොඩි කතාවක් මේ, Yanni ගේ concert එක බලන්න ගිය හැටි තියන්නේ, මේක කියෙව්වම බලන්න ගියා වගේ තමයි J
Shamika Lakshan Rajapaksha
April 21 · Edited
සෝනු නිගම්ගෙ කොන්සර්ට් එක එදා තිබ්බෙ අපේ ඉස්කෝලෙ හෝල් එකේ. යානිගෙ කොන්සර්ට් එක මේදා තිබ්බෙ කැම්පස් එකේ ධර්මාලෝක හෝල් එකේ. කොන්සර්ට් එක මැද්දෙදි රෝහණ වීරසිංහ සෙල්ලම් පිස්තෝලයක් අරං සරමත් කැහැපොට ගහගෙන යානි දිහාවට වේගයෙන් දුවගෙන ගියා.
එතනින් එහාට සිද්ධිය පෙනුනෙ නෑ. ජංගමා රින්ග් වෙන්ඩ ගත්තා. මට ඇහැරුනා. තරහටත් එක්ක මම අහම්ස්වර (Answer) කලේ නෑ. ආයෙ ඇහැ පියා ගත්තා.පැයකින් විතර පස්සෙ ඔන්න ආයෙත් ජංගමා.
"මචං මගෙ යාළුවෙකුට යානි බලන්න එන්න වෙන්නෙ නැහැලු. උඹ එනවද?"
ගෙදරට දාන කබල් සෙරෙප්පු දෙකත් දාගෙන හවස දෙක වෙනකොට සුගතදාසෙ ගේට්ටුව ලඟට ගියා (හයට පටං ගන්නව ඇති කියල හිතාගෙන.). දෙකට එතනට සෙට් උන අමිලයයි ඌ එක්කරං ආපු මගෙ බැචෙකුයි මාව දැනුවත් කලා ෂෝ එක පටං ගන්නෙ 8 ට කියලා.
කලින්ම ගියෙ මම උනාට පෝලිමේ අපිට හම්බ උනේ පහ හය වගේ තැනක්. කලින්ම ගිය නිසා යානිගෙ පින්තූරෙ ලඟ ඉඳන් විකාරරූපී පොටෝ කීපයක්ම අපි ගහගත්තා.
ඇතුලට ආහාර ගෙනියන්න ඉඩ නොදෙන නිසා අපි හවස පහමාර වෙනකොට ඩිනර් එක ගමු කියල තීරණය කරගත්තා (කන්න තිබ්බෙ බිස්කට්. ඒක වෙනම කතාවක්.)
(අමතර කතාවක්: ඔන්න මේක ටයිප් කරද්දි මට මීටර් උනා අපේ ගමේ සමහර පැරණි මිනිස්සු "තිබ්බෙ" කියන එකට "තිව්වෙ" කියල ශබ්ධ කරන්නෙ ඇයි කියලා. හේතුව තමයි: කී බෝඩ් එකේ බී අකුරයි වී අකුරයි එකලඟ තියෙන නිසා)
ඔන්න ක්‍රම ක්‍රමයෙන්, ක්‍රම ක්‍රමයෙන් පෝලිම පාර දිගට වැඩි උනා. මමයි යාළුවයි එතනම බිම ඉඳගත්තා.
පුතේ දුවේ ඔන්න ඒ වෙලාවෙ තමයි මගෙ ඔළුවට යමක් වැටුනා වගේ තේරුණේ.
අඳුර දුරු උනා. ආලෝකය උදා උනා. ඔළුවට වැටුනේ කුරුළු වර්චස් පිඬක් බව මට අවබෝධ උනා. හදිසියේ ලද සත්යාවබෝධය නිසා ලඟම ඇති ජල කරාමයක් ලඟට මගේ මිතුරා මාව වැඩම කෙරෙව්වා
දෙනෝ දාහක් ජනී ජනයා අතුරින් මාවම තෝරාගෙන මේ උතුම් සිද්ධිය කල මොහොතේ මාගේ ශ්‍රී මුවින් ගිලිහුණ ප්‍රථම වදන් පෙල.
"මචං අද දවසනං මාරම ලකී. යානි එක්ක කරට අතදාගෙන පොටෝ එකක් ගහන්ඩ චන්ස් එක ලැබෙනව ෂුවර්"
කුරුළු වර්චස් පුසුඹ ටික වෙලාවකින් අප කාගේත් නාස් වල දේහලීය අගයයන් ඉක්මවා යාම නිසා අමුතුවට දැනුනේ නෑ.
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@
(එදිනම උදයේ) අවදි වූ අමිලයා අද දින මා කාට පිහිට වෙමිදැයි කල්පනාවේ සිටියදී හවස යානි බැලීමට සෙට් වූ එක් යහළුවෙක්ට කරදරයක් වී ඇති බැවින් ටිකට්පත පරිත්යාග කරන ලෙසට ජංගමයාගෙන් පණිවුඩයක් ලැබුණා.
මේ ටිකට් පත ලැබීමට මේ තුන් ලෝකයෙන්ම සුදුස්සා කවුරුදැයි හොඳින් දැනගෙන සිටි ඔහු ජංගමයාගෙන් ඇමතුමක් ගත්තා. .
අහම්ස්වර නැහැ.
තව යහළුවෙකුට ගත්තා. "හදිසි වැඩක ඉන්න නිසා තව ටිකකින් ගනිං"
යලිත් කලින් නොම්මරයටම.
"මචං මගෙ යාළුවෙකුට යානි බලන්න එන්න වෙන්නෙ නැහැලු. උඹ එනවද?"
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@
ඔන්න වෙලාව ලං උනා. "යානි බලන්න ප්‍රසිඩන්ට් එනවලු"
කතාවක් පැතිර ගියා.
ගේට්ටුවෙන් එකා එකා සරුවංගෙම හොඳට අතගාලා ඇතුලට ගත්තා. මගේ හිසේ තිබූ වර්චස් ආරක්ෂකයින්ගේ උපකරණ වලට ඩිටෙක්ට් උනේ නෑ.
දුවගෙන ගිහින් අටදාහෙ පන්දාහෙ සීමාවෙම සීට් අල්ලගත්තා.
ගිය වෙලේ ඉඳං මනුස්සයෙක් පියානෝවෙ යතුරෙන් යතුර ටියුන් කරනවා. ඉවරයක් නෑ. (ඇම්ප්ලිෆයරයේ සවුන්ඩ්ස් නැතුව)
අපි අපේ අධ්යයනය පටං ගත්තා.
"මචං ලයිට් අටයි, දාසයයි, විසිහතරයි"
"කොහෙන්ද බං සවුන්ඩ් කන්ට්‍රෝල් කරන්නෙ?"
"ලයින් ඇරේ සවුන්ඩ් සිස්ටම්ස්"
"ෆ්ලයිං පිග් කන්සෝල්ස්"
"අඩේ හාප් තුනයි ස්කේල් තුනකින්"
වැඩේ නැගල යනවා
මොනවහරි වෙයි වගේ
"යකෝ මේ සද්දත් එක්ක අරූ කොහොමද පියානෝ එක ටියුන් කරන්නෙ.?
කොහොමද යානි ගහනකොට එක යතූරක් "චෑස්" ගෑවුනොත්??
(කොහෙ ගිහින් ගැහුවත් යානි ඇණගන්නෙ මෙහෙ ගහන්ඩ ගිහිං කියල දීප්තිගෙ සයිට් එකකත් තිබ්බනොවැ)
ඔන්න ටිකකින් ලයිට් එළිය අතරින් පොඩි දුමක් වගේ එකක්.
"ෂුවර් එකටම පියානෝ ටියුන් කරපු මනුස්සයා බීඩි කොටේ ඇතුලෙ දාල ගිහින්. පියානෝ එක ගිනිගන්නව ඇති"
යානි ඇරෙන්ඩ අනිත් උදවිය ඇවිත් වාඩි උනා. (අත්පොලොසන්)
ට්‍රම්පට් එකේ නෝට් හතරක් ප්ලේ කලා. වයලින් සේරම ලහි ලහියේ වාදනය කලා. (අත්පොලොසන්)
"යකෝ අප්පොඩි ගහන්ඩ එපා උං තාම ටියුන් චැක් කොරනවා"
නිශ්ශබ්දතාවයක්.
යානි නෑ.
(අත්පොලොසන් වටයක්)
ම්ම්..හූ.. මූ නෑ
(අත්පොලොසන් වටයක්{ආයෙමත්})
යකෝ නාමල් බේබි "තාත්ති මට යානි එක්ක ෆොටෝ ගන්ඩ ඌනි" කියලවත් කිව්වද?
" දේශපාළුවො එනකොට මේ ගොං හරක් ටික කොන්සට් එක පැත්තක දාල නැගිටියිද දන්නෙත් නෑ."
නිකමට හිතුනා.
අවසානයේ යානි ආවා. එතනින් එහාට කියන්ඩ තියෙන්නෙ "ඒ ආධ්යාත්මික තත්වයට මීට පෙර මම පත් වෙලා තියෙන්නෙ මධුවිතෙන් කරටි කැඩෙන්ඩ සප්පායම් වූ වෙලාවක විතරයි කියල තමයි."
යානිගෙ සංගීතය ගැන වෙනම පෝස්ටුවකින්.
ප්‍රසංගය අතරතුර විශේෂ මතකයන්.
1) සංගීතය, ආලෝකකරණය සහ ඉදිරිපත්කිරීම් විලාසය නිසා කිහිපවිටක්ම ඇඟේ හිරිගඩු පිපී දුර්වල වීම
2) කිහිප විටක්ම කට ඉබේම ඇරීගෙන තිබීම ගැන සවිඥානික වීම නිසා කට වහ ගැනීම.
3) තුන් හතර වතාවක්ම "අනේ අම්මෝ", "අම්මෝ" යන වචන කටින් පිටවීම.
4) වයලීනය වාදනය කල යුවතියගේ වාදනයත් ඇගේ සිහින් සිරුරද කොට සායද නර්තනය නිසා ජලතරංග මෙන් රිද්මයට වැනීමත් හා ඒ හෙතුවෙන් තාවකාලිකව මගේ ප්‍රාණය නිරුද්ධ වී පශ්චිම අංගමාර තත්වයට පත් වීම. (අල වලට හැදෙන ලෙඩක් ඕයි. {තනිකඩ වීමේ වාසි. නැත්තං මේව ලියයි මේං කියල})
5) අප අසල සිටි ව්ජේරත්න වරකාගොඩ "යානි ප්ලීස් කම් අගේන්" කියා (තනියම) කෑ ගැසීම.
6) මට පිටිපසින් පේලියෙ සිටි ගෑනු ලමයා සංගීතයේ දැනුණ අවස්තාවක තම පෙම්වතාට තදින් තුරුළු වීම. (සහ එය මගේ රබර් ඇහේ කොණක සටහන් වීම)
"කෙසේ වුවත් කුරුළු වර්චස් පිඩක් හිසමත තබාගෙන ඒ උතුම් වූ යානි පෙළහර නැරඹූ ලොව එකම ප්‍රේක්ෂකයා මම නේදෝ" යි සිතමින් බසයට නැගී ගෙදර ආවා.
දැන් ඇති. — feeling excited.