Monday, June 24, 2013

Energy Saver for Refrigerator

 

 

 

ඔහු නමින් කමල් එදිරිසිංහ... පදිංචිය එල්ලක්කල... එල්ලක්කල මහ විද්‍යාලයෙන් මුල් පොත අකුරු කළ ඔහු දෙවනුව ඌරපොල විද්‍යාලයෙත් වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලේත් ශිල්ප හැදෑරූ ඔහු ශිෂ්‍යත්වයෙන් පසු අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විදුහලෙනි... පසුව ඔහුට උසස් අධ්‍යාපන වරම් ලැබුනේ මොරටුව ඉංජිනේරු පීඨයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු අංශයටයි... එවක පටන් නව නිර්මාණ කටයුතු සිදුකල ඔහු ටැංකියේ ජල මට්ටම පෙන්වන ඩිජිටල් දර්ශකයක්...... ව්‍යාපාර සඳහා ඩිජිටල් භන්ඩ මිල දර්ශකයක්... (2004 වසරේ නිපදවූ මෙය නිහාල් සුපර් ආයතනයේ අදටත් ක්‍රියාකාරීව පවතී)... ස්වයංක්‍රීය විදුලි ON/OFF කිරීමේ යන්ත්‍රයක් ඉන් සමහරක් පමණි... උපාධියෙන් පසු ඔහුට නෝර්වේ හි සීමන්ස් ආයතනයට ශිෂ්‍යත්වයක් ලැබුනු අතර ඉන්පසු ස්වීඩන් හි එරික්සන් ආයතනයේ, ලංකා බෙල් ආයතනයේ, ඇමරිකාවෙ නවිනි නෙට්වර්ක් ආයතනයේ, ඇමරිකාවේ සිස්කො සිස්ටම් ආයතනයේ, ඔස්ට්‍රේලියාවේ එක්ස්ට්‍රීම් නෙට්වර්ක් ආයතනයේ සේවයකලා... ඒ සෑම ආයතනයකම පාහේ ඔහු සේවය කලේ ආසියා පසිපික් කළාපය භාර ඉංජිනේරු ලෙසයි... මේ දිනවල මත්තල ගුවන්තොටුපොලේ පරිඝනක හා දුරකතන ජාලකරනය භාර ඉංජිනේරු ලෙස සේවය කරනවා... වැඩිවන විදුලි බිලට එරෙහිව ඔහු නිපදවූ යන්ත්‍රය සම්බන්ධයෙන් දැනගත් අප ඔහු හමුවීමට ගියා...

මේ එම උපාංගය ඔහු අර්ථදැක්වූ ආකාරයයි... දොර දෙක ශීතකරනයක් සඳහා මසකට විදුලි ඒකක 60 -70 අතර ප්‍රමානයක් වැය වෙනවා... ඒ කියන්නෙ අපේ විදුලි බිලෙන් අඩක්ම වැයවන්නේ ශීතකරනයට... මට ඕන වුනේ එතනින් පටන්ගන්න... සමහරු විදුලිය ඉතිරිකරගන්න රෑට ශීතකරනය විසන්ධිකර උදේට සම්බන්ධ කරනවා... ඒක අසාර්ථක ක්‍රමයක්... මොකද රෑ තිස්සෙ රත්වූ ශීතකරනය සිසිල් කරන්න උදේට දෙගුණයක් විදුලිය වැයවනවා... ඊට අමතරව බටර්, චීස්, මාජරින්,සෝස් වගේ දීර්ඝ කාලීනව ශීතකරනයේ තිබෙන ආහාර ක්‍රමක්‍රමයෙන් නරක් වෙනවා... කුඩා දරුවන්ට විශ වීමට උනත් පුලුවන්... නමුත් ඒ තරම් දීර්ඝ කාලයකට නැතිව සුළු කාල පරාසයකට ශීතකරනය විසන්ධි කළ හැකිනම් එය සාර්ථක ක්‍රමයක්... ඒත් අපිට අතින් විඩෙන් විඩේ මේ දේ කරන්න බෑ... අන්න ඒකටයි මම මේ නිර්මානය කලේ...
මේ කුඩා උපාංගය හරහා ශීතකරනයට විදුලිය ලබා දුන් විට එට සිසිලස ස්ථාවරව පවත්වාගනිමින් ස්වයංක්‍රීයව විසන්ධි වනවා... අවශ්‍ය පරිදි මෙම ස්වයංක්‍රීය කාල රටා 9කට මෙය සකසාගත හැකී...

උදාහරනයක් විදිහට දවාලට ශීතකරනය නිතර විවෘත වන නිසා පැයක් සක්‍රීයව තබා විනාඩි 30ක් විසන්ධි කිරිමේ කාල රටාව සැකසිය හැකි අතර එය රාත්‍රියේදී විනාඩි 30ක් සක්‍රීය කර පැය දෙකක් කිසිදු ගැටළුවකින් තොරව විසන්ධි කිරීමේ රටාව සැකසිය හැක... මෙය ප්‍රදේශ වල දේශගුණ තත්වය අනුවද වෙනස් වෙයි... ඒ හේතුවෙන් තවත් විදුලිය ඉතිරිකර ගන්න පුලුවන්... අලුත් ශීතකරන වල හිම දිය කිරීමට වෙනම හීටරයක් වැඩකරනවා... ඒ කියන්නේ විදුලියෙන් හිම මුදවලා නැවත විදුලියෙන් ඒවා දියකරනවා... මෙහි විදුලිය විසන්ධිවීම නිසා ඍජුවම විදුලිය ඉතිරිවෙන අතර හිම බැඳීම අඩුවීම නිසා වක්‍රව විදුලි බිල අඩුවෙනවා... මේ උපාංගයෙන් අනිවාර්යෙන්ම 1/3 විදුලි බිල අඩු කරනවා... මම මේකට නම දැම්මෙ කිලර් වොට් කියල...
මම මේක වෙළඳපොලට දෙන්නෙ රුපියල් 3850 වැනි සාධාරන මුදලකට... මම කාර්යබහුල නිසා ගමේ මල්ලිලා දෙන්නෙකුට මේක උගන්නලා එයාල මේක හදනවා... මේක අතුලෙ තියෙන්නෙ එයාලගෙ ලාබෙ විතරයි... ගමේ කොල්ලො හරි මේකෙන් දියුණු වෙයිනෙ...

මේ අපේ ගමේ නූතන වීරයෙකුගේ කතාවයි... ඔහුට කීමට තව ගොඩක් කතා තිබ්බත් දෙපාර්ශවයේම කාර්යබහුලත්වය නිසා අපි සමුගත්තා... නමුත් නුදුරේදීම නවතත් ඔහුගෙන් විදුලිය ඉතිරිකිරීම, විදුලි මීටරය නිවැරදිදැයි පරීක්ශා කිරීමේ සරල ක්‍රම ඇතුලු බොහෝ දැනුම රැගෙන ඔබ හමුවන්නම්...


මෙම උපකරණය ලබා ගැනීමට විමසන්න... කමල් එදිරිසිංහ 077 - 0884303 /

Like our Facebook page - Bravo Solutions
විදුලිබිල අඩුකරන දේශීය නිපැයුම්

ඔබට මෙය මිලදී ගත හැකි වෙලදසැල්
නිට්ටඹුව සවන සෙලියුලර් - 0724074012
කලගෙඩිහේන චෙරී ඉලෙක්ට්‍රොනික් - 0332289751
සීදුව අයිවන් ඉලෙක්ට්රෝසර්ව් - 0773438122
කළුතර රංග ස්ටෝර්ස් - 0754708871
නොච්චියාගම S & H කොම්පියුටර් ටෙක්නොලොජීස් - 0778503041See More

 



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Wednesday, June 12, 2013

දැනගෙන තෙල් ගහමුද?

 

 

 

 

1. Full Tank ගහන එක හොදයිද ?

හැමෝම දැකලා ඇති ඉන්ධනහල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්රල් ගහනවා..
අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්රව්යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා.
පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..
මීට අමතරවව Full Tank පෙට්රල් ගැසීමේ අවාසි තමයි මේ...
පෙට්රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්රීයව නවතින ක්රමයක් තියන බව අපි හැමෝම දන්නවා.
මෙතනදී වැඩිපුර පැමිණි පෙට්රල් ප්රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්රධාන මීටරය හරහා ගොස් අවසන්ය..
එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත.

2.
තෙල් ගහන්න වෙලාවක් තියනවද ?

හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්රව ප්රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..
අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්රමාණයකි.

3.
ඉක්මනට තෙල් ටික ගහමුද ?

හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
ඔබ වේගයෙන් පෙට්රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්රල් වලින් ප්රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය. 
හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය..

4.
බවුසරයෙන් ආපු අලුත්ම තෙල් ගහමුද ?

ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
හෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ ඇන්ඩිමටද ලබාගැනීමට හැකියාවක් තියනවා..

 

 

This email and any files transmitted with it are confidential and intended solely for the use of the individual or entity to whom they are addressed. If you have received this email in error please notify the sender immediately and then permanently delete it. MAS Holdings (Pvt) Ltd will not accept responsibility for any loss or damage arising from the use of this email or attachments thereto; it is recommended that you subject these to your virus checking procedures prior to use. Any views, opinions, conclusions and other information expressed in this email that do not relate to the official business of MAS Holdings (Pvt) Ltd shall be understood as neither given nor endorsed by the company.

 



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.