Anything related to anyone on the planet. Gossips, Advertisements, Jokes, Notes, Cartoons, News, Hot topics whatever we like
Wednesday, July 10, 2013
ධර්ම දේශනය | මහ රහතුන් වැඩි මඟ ඔස්සේ | 20 ජුලි 2013 | බෞද්ධාලෝක මාවත || Dhamma Sermon | Maha Rahathun Wedi Maga Osse | 20 July 2013 | Bauddhaloka Mawatha
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.
Monday, July 8, 2013
Stages of life .....................
------------------------------------------------------------------------------------
A negative thinker see a difficulty in every opportunity..........
A positive thinker see an opportunity in every difficulty..........
Wish u an optimistic life.......
------------------------------------------------------------------------------------
He is able who thinks he is able. ~ Buddha
------------------------------------------------------------------------------------
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.
Friday, July 5, 2013
Another family who need help
http://www.lankadeepa.lk/index.php/articles/147062
කකුලක් නැතිව කොහොමද පාසල් යන්නේ ?
පවුලේ තිදෙනාම අනතුරින් අසරණ වෙති
2013 ජූලි මස 05 11:26:58 | . , නිමාලි කහවල
"අනේ, මම ඉස්කෝලේ යන්න ආසයි. ඒත් කකුලක් නැතුව මම කොහොමද ඉස්කෝලේ යන්නේ ? උදේට ඉස්කෝලේ යන යාළුවො දිහා මම ජනේලයෙන් බලාගෙන ඉන්නවා. මට කෘත්‍රිම පාදයක් අරගෙන දෙන්න තාත්තට සල්ලි නැහැ. අපිට කවුරු හරි උදවු කරනවා නම් මට ආයිත් ඉස්කෝලෙ යන්න පුළුවන්"
තවත් අසරණ පවුලකට පිහිටට ගොස් ආපසු එන අතරමඟදී පැමිණි ත‍්‍රී රෝද රිය අනතුරකට ලක්වීමෙන් අත් පා කැඞී ගිය අට හැවිරිදි දැරියකගේ සහ ඇයගේ මව්-පිය දෙපළගේ මෙම කතාව එකම ශෝකාන්තයකි.
අට හැවිරිදි ලේචනා බාසුරි දියණිය ඉංගිරිය ශ‍්‍රී සුමනජෝති විදුහලේ 3 වසරේ ඉගෙන ගනිමින් සිටියාය. රිය අනතුර නිසා ඇගේ දකුණු කකුල දණහිස ළඟින් කපා ඉවත්කර ඇත. වම් අත සහ වම් කකුලද බීදී ගිය නමුත් වෙදකම්වලින් අතත් වම් පාදයත් සුව වී ඇත. ඉකුත් අප‍්‍රියෙල් 21දා මෙම අනතුර සිදුවූ දා පටන් ඇගේ පාසල් ගමන නතර වී ඇත්තේ ඇයට කෘත්‍රිම පාදයක් සැපයීමට තරම් වත්පොහොසත්කමක් ඇගේ පියාට නොමැති නිසාවෙනි.
බාසුරි දියණියගේ මව 34 හැවිරිදි දුලීකා දමයන්තිගේද දකුණු කකුල කපා ඉවත්කර ඇත. අතර ඇගේ දකුණු අත මැණික් කටුව ලඟින් බීදී ගිය නමුත් දැන් ඇය සුවය ලබා සිටින්නීය.
විදුලි කාර්මිකයෙකු ලෙස රැකියාව කළ බාසුරිගේ පියා වන එස්.ඩබ්ලිව්.එම්. චන්ද්‍රිසිරිගේද වම් අත ඇඹරී කැඞී ගොස් වෙදකම් වලින් සුවය ලබා සිටියද ඔහුට යළි කවදාවත් රැකියාවක් කළ හැකිවේදැයි කිව නොහැකිය.
"දුවව ප‍්‍රතිකාර සඳහා තවමත් බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ගෙන යනවා. බිරිය දවසක් ඇර දවසක් හොරණ රෝහලට ගෙනියන්න ඕනෑ. මගේ අතත් කැඩිලා. රස්සාව කරගන්න බැහැ. මේ වගේ විපතක් කිසිම කෙනෙකුට වෙන්න එපා" ඒ චන්ද්‍රසිරි පැවසූ කතාවයි.
"මම කිහිලි කරුවකින් ඇවිදලා දරුවන්ගේ රාජකාරි කොහොමහරි කරනවා. දරුවට කෘත්‍රිම පාදයක් නැතුව සිටියදී මම කොහොමද මටත් කෘත්‍රිම පාදයක් ඉල්ලන්නේ ? කෘත්‍රිම පාදයකින් හරි ඉස්කෝලෙ ගිහින් දුවට ඉගෙනගන්න ලැබුණොත් මට ඒ ඇති" ඒ බාසුරිගේ මව පැවසූ වදන්ය.
මෙම දියණියගේ කෘත්‍රිම පාදය සඳහා රුපියල් 1,28,500ක් සහ බිරියගේ කෘත්‍රිම පාදය සඳහා රුපියල් 2,53,000ක් වැයවන බව පවසන චන්ද්‍රසිරි එය තමාට තවමත් සැබෑ නොවෙන සිහිනයක් පමණකැයි පැවසුවේ දැරිය දෙස දුක්මුසු ලෙස බලමිනි.
මෙම අසරණ පවුලට පිහිටක් විය හැකි නම් දුරකතන අංක 075-2505898 ඇමතීමෙන් හෝ ඉංගිරිය මහජන බැංකුවේ එස්.ඩබ්ලිව්.එම්.චන්ද්‍රසිරි නමින් ඇති 300-2-001-6-0031250 ගිණුමට පරිත්‍යාගය බැර කිරීමෙන් හෝ දැරියට සහ මවට කෘතිම පාද සැපයීමෙන් ඔබට මෙම පවුලට උදවු කළ හැකිය.
ඔවුන්ගේ ලිපිනය 100/බී, මීරම, දිවුල්පොත, ඉංගිරියයි.
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.
Monday, July 1, 2013
Gastritis

Sunday, June 30, 2013
Workouts
http://www.youtube.com/watch?v=uViGkhhUtDo - 20 min workout
http://www.youtube.com/watch?v=W-9L0J_9qag - Abs 8 min workout
http://www.youtube.com/watch?v=305SuH8tBZo - Simple 10 min workout
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.
Tuesday, June 25, 2013
Wonder of Asia

පිළිකා මරුට එරෙහිව…
දින ගැන ගැන දින සමරන ලෝකය අපූරු සැමරුමක් වෙනුවෙන් පොසොන් මාසයේ පළමු ඉරු දිනය වෙන්කර තිබේ. ඒ පිළිකා මරුන් පරදා ජය ගත් මිනිසුන් වෙනුවෙනි.
අප මෙසේ කීවාට ඔබට කාරණය පැහැදිලි නො වන්නට ඇත. අන්තර්ජාතික ව මේ දිනය වෙන් කොට තිබෙන්නේ පිළිකා රෝගයෙන් සුවපත් වූවන් උදෙසා ය.
පිළිකා රෝගය යනු තවදුරටත් අපට නො ඇසූ විරූ ගණයේ දුර්ලභ රෝගයක් නම් නො වේ. පිළිකාවකට ගොදුරු නො වූවෙකු සිටින පවුලක් සොයා ගැනීම, කිසිවෙකු නො මළගෙයකින් අබමිටක් සොයා යාමක් ම බවට අද හෙට ම පත්වනු ඇත. ලෙඩවීමේ ස්වභාවය උරුම කරගෙන උපන් සත්ව වර්ගයා පීඩාකාරී මරණයකට ඇද දමන ව්‍යාධියක් බවට එය පිළිගෙන අවසන් ය. පිළිකාව යන වචනය සමඟ ම මරණය යන්න එක්ව ගමන් කරන්නේ එනිසාවෙනි.
එහෙත් වර්ණනා කළ යුත්තේ මරණය නො වේ; සුළු මොහොතක් හෝ ජීවත්වීම ම ය. මේ අන්තර්ජාතික සැමරුම හරහා අපට පෙන්වා දෙන්නේ ද පිළිකාවක් යනු මරණය ම නො වන බව යි. එය මරණයෙන් ම පමණක් කෙළවර වන ව්‍යාධියක් නො වන බව යි….!
ලෝක සෞඛ්‍ය සංවිධානය අවසන් වරට නිකුත් කළ වාර්ථාවට අනුව ලෝකයේ සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 13%ක් වාර්ථා වී තිබුණේ පිළිකා රෝගය නිසාවෙනි. සංඛ්‍යාත්මකව එම මරණ ප‍්‍රමාණය මිලියන 7.6ක් විය. 2030 වසර වන විට ලෝකයේ පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව මිලියන 13.1ක අගයක් ගනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත.
එසේ ම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටින්නේ 2030 වසර වන විට වාර්ථා වන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 15.5ක් දක්වා ඉහළ යනු ඇති බවයි.
එම සංවිධානය පවසන ආකාරයට ලොව පුරා පිළිකා රෝගය නිසා සිදුවන මරණවලින් 40%ක් ම වළක්වා ගත හැකි ය.
(http://www.who.int/topics/cancer/en)
නිසි ප‍්‍රතිකාර ලබා ශක්තිමත් ව නැගීසිටීම හරහා පිළිකාව ජය ගන්නට හැකි ය. එලෙස කළවුන් ලෝකයේ සිටී. පොසොන් මාසයේ පළමු ඉරු දිනය වෙන් වී ඇත්තේ ම ඔවුන් වෙනුවෙනි.
අපගේ පරමාර්ථය පිළිකා රෝගයට ගොදුරු වන ලක්ෂ සංඛ්‍යාත පිරිස අතුරෙන් මරණයට අභියෝග කොට ජීවිතය දිනන්නට වාසනාව ලබන්නවුන් තව තවත් බිහිවනු දැකීම ය.
ඉවත දමන දණ්ඩ වුව ද දලූ ලා යළි පැළවන මේ රන් පොළොව අපට ඒ මහඟු අවස්ථාව උදා කර දී ඇත. පිළිකා මඩින ඔසු සොය සොයා කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් වැයකරනා සමීක්ෂණ, පර්යේෂණ ලොව පුරා ක‍්‍රියාත්මක වන අතරේ මේ ලක් මාතාව නිසොල්මනේ හිඳගෙන ඇගේ දුවාදරුවන්ට සුවඔසු තනන්නී ය. ලක්ෂ ගණනක් වැය කර ලබා ගන්නා පිළිකා නාශක බටහිර ඖෂධයකින් කෙරෙනා කර්තව්‍යය ම හෙළ දෙරණේ කටුපඳුරු අතරේ වැවෙනා කටුපිල ගසක ගැබ් වී ඇත්තේ එනිසා ය. කිසිදු සාත්තුවක් නො ලබා සරුසාරයට වැවෙනා කටු අනෝදාවල ද මඤ්ඤොක්කාවල ද එකී පිළිකා නාශක ගුණය ම ගැබ් වී තිබෙන්නේ එනිසා ය.
තම්බා, වෑංජනයක් ලෙස සකසා, පුළුස්සා හෝ තෙම්පරාදු කර ආහාරයට ගන්නා මඤ්ඤොක්කා අලවල ද මැල්ලූම් සාදා හෝ රොටීවලට එක්කර හෝ ආහාර කරගත හැකි මඤ්ඤොක්කා කොළවල ද පවතින්නේ මහඟු පිළිකා නාශක ගුණයකි. එසේ ම කටුපිල පංචාංගය තම්බා බීම තුළින් ද කොළ කැඳ සකසා පානය කිරීම තුළින් ද පිළිකා මරුවාට එරෙහිව ප‍්‍රබල ව සටන් වැදිය හැකි ය. කටු ආත්තා ලෙස ප‍්‍රකට කටු අනෝදා පලතුරක් ලෙස ද පළතුරු යුෂ පානයක් ලෙස ද ආහාරයට ගැනීමෙන් මෙන් ම පැසුණු ගෙඩි වෑංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් ද මේ ප‍්‍රතිඵල ලබා ගන්නට පුළුවන.
උණ සෙම්පතිශ්‍යාව තරමට ම සුලබ වෙමින් පවත්නා පිළිකා රෝගයේ හෙට දවසේ ගොදුර බවට ඔබ හෝ මා හෝ අපගේ ළබැඳියන් පත්විය නො හැක්කේ නො වේ. ඒ බව දැන දැනත් අප තව දුරටත් මේ පිළිකා නාශක ගුණයෙන් සපිරුණු ස්වභාව ධර්මයේ ඖෂධීය නිපැයුම් වනගත කොට තැබිය යුතු ද? අප මේවා උපයෝගී කොට ගෙන පිළිකාවෙන් සුවපත්භාවය ලබනා නිශ්චිත වැඩපිළිවෙළක්, රාජ්‍ය ඖෂධ ප‍්‍රතිපත්තියක් සකසා ගන්නේ කවදා ද?
මේ ඖෂධ භාවිත කළ යුතු ආකාරය හා මාත‍්‍රාවන් ගැන දන්නා ඉසිවරු වන් ජීවකවරු හෙළබිම තවමත් සිටින බව අපි විශ්වාස කරන්නෙමු. අවශ්‍ය වන්නේ ඔවුන් සොයා යෑමයි. මේ මාරාන්තික ව්‍යාධියට එරෙහිව සටන් කරන්නට ඔවුන්ගේ දැනුම ප‍්‍රයෝජනයට ගෙන ප‍්‍රබල සමාජ කතිකාවතක් ගොඩනැගීම යි. ඒ වෙනුවෙන් දැනුම සොයා යන සමාජ සත්කාරම ය සද්ක‍්‍රියාවකට පෙරමුණ ගන්නට අපි කැමැත්තෙන් සිටින්නෙමු.
හෙළ වෙදකමේ ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධ භාවිතයට අප කිසිසේත් බිය විය යුතු නැත. ඒවා බටහිර ළදරුවන් විසින් අනුමත කොට, ලේබල් ගසා පැමිණෙන තුරු මුව අයා බලා සිටිය යුතු ද නැත. සිය මඩිය තර කර ගැනීමට අප රෝගී වන තුරු දෑස් අයා හිඳිනා බෙහෙත් වෙළෙන්දන් විසින් මතු යම් දිනෙක අපගේ ඖෂධය ම නුහුරු ඉංගිරිසි නමක් යටතේ අපට ම විකුණනු ඇත. එදිනට අපේ ඇත්තෝ ම පෝළිම්වල ගොස් වැඩි මිලට එය මිළ දී ගනු ඇත. ඉතිහාසය පුරාවට අප සිදුකොට ඇත්තේ එය යි.
පිළිකා රෝගය නිසා ජීවිතයෙන් පැරදයන්නට වූවන් වැළලී ගිය බිමේ දළු ලා වැඩෙනා මඤ්ඤොක්කා, කටුපිල, කටු අනෝදා දෙස බල බලා අප තව දුරටත් පිටරටින් එන බෙහෙත් කරල දකින්නට ඇස් මානා ගෙන සිටිය යුතු නැත. මෙබිම ඇති ගුණයෙන් අනූන වූ ඖෂධ ආකරයෙන් ප‍්‍රයෝජන ගෙන, අනෙක් වසරේ පොසොන් මාසයේ පළමු ඉරු දිනය වන විටවත් පිළිකාවට එරෙහි අපේ සටන අරඹා, ජීවිතය දිනන්නට හැකි විශ්වාසනීය මඟක් තහවුරු කරන්නට හැකි වේ නම් එය ජාතියේ වාසනාවක් ම ය.
මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට SMS කරන්න
071 555 66 66
සුව සටහන
සුරේන්ද්‍ර කැප්පෙට්ටිපොළ
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.
භානු ප්‍රසන්න පෙරේරා
සම්මාන ලාභී වේශනිරූපන ශිල්පියෙක් වන භානු ප්‍රසන්න පෙරේරා පසුගිය 22 දින රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.
ඔහු මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව රොහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. භානු මිය යන විට 42 වැනි වියේ පසු විය.
ඔහු මිය යන විට යංග් ඒෂියා ටෙලිවිෂන් හි වැඩසටහන් නිෂ්පාදකයෙක් හා ප්‍රධාන වේශනිරූපන ශිල්පියා ලෙස කටයුතු කරමින් සිටියේය.
වේදිකා නාට්‍ය හා කෙටි නාට්‍ය වේශ නිරූපනය වෙනුවෙන් සම්මාන රැක් දිනූ භානු කලක් තරුණ සේවා සභාවේ උපදේශකයෙක් ලෙසද කටයුතු කළේය.
ඔබට නිවන් සුව!
කවර වයසක, කවර තරාතිටමක උවද, මරණය අපට කෙතරම් සමීපදැයි පෙනෙනවා නේද?
මරුවා පැමිණි කළ ටිකක් ඉන්නැයි කිව නොහේ. ඔබ මරණයට සූදානම්ද?
නැතිනම් වහ වහා කුසල් වඩන්න. මේ ජීවිතය දීර්ඝ සසර ගමනක නිමේශයක් බව අවබෝධ කරගන්න. දැඩිව අල්ලාගත් දේ මදක් අත හැර සැහැල්ලු වන්න.
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.
Happyness