Thursday, September 17, 2015

භාවනා - අවිවේකී ඔබේ දිවියේ ලද විරාමයක සොඳුරු සදහම් හුදෙකලාවක් අත්විඳින්නට…

FYI

(Other than the below, good and valuable retreats are also a nissarana.lk )

http://mahamevnawa.lk/meditation-programs/

තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන්

යම් කෙනෙක් කලාතුරකින් ලෝ තලයේ පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ව සරණ ගියේ ද, ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය සරණ ගියේ ද, ඒ දහම් මගේ හික්මෙන ශ්‍රාවක මහා සංඝරත්නය සරණ ගියේ ද ඔහු තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ය. උපාසකයා කියන්නේ ගිහි ජීවිතයක් ගත කරමින් රැකී රක්‍ෂා ආදියෙහි නියැලෙමින්, අඹු දරුවනුත් පෝෂණය කරමින් තරමක් කාර්යබහුල ජීවිතයක් ගතකරන කෙනෙක්. ඒ කටයුතු අතරේ ම යි ඔහු තෙරුවන් සරණ කරගෙන ජීවිතය යහපත් කරගන්නට මහන්සි ගන්නේ.

වත්මන් සමාජය හරිම විෂමයි. කුසල්, අකුසල් ගැන, පින පව ගැන, යහපත අයහපත ගැන සමාජය තුළ සැලකිල්ලක් දක්වන්නේ ඉතා ම කලාතුරකින්. ඒ ගැන නො තකන නිසා ම අද බොහෝ තරුණ ජීවිත නිරපරාදේ විනාශවෙනවා. රූපවාහිනියෙන් කරන හැඟීම් ඇවිස්සවීම නිසා බොහෝ තරුණ පිරිස් වැරදි කාම සේවනයට යොමුවෙනවා. ඊළඟට ජීවිතයේ එන සුළු ගැටලුවටත් විසඳුම විදියට තරුණයන් යොමුවන්නේ බීමත්කමට යි. බීමත්කම, වැරදි කාම සේවනය ආදිය නිසා ම ඔහුගේ මිතුරන් වෙන්නේත් පාපී පුද්ගලයන්. මේ විදියට කොච්චර නම් තරුණ ජීවිත විනාශ වෙනවා ද?

ඇත්තෙන්ම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, ශ්‍රාවක සංඝයා ගැන අහද්දී සිත පැහැදුනා නම් ඔහු ඉතා ම වාසනාවන්තයෙක්. මොකද තෙරුවන් සරණ නිසා ම ඔහු සිල්වත් වෙනවා. පව් කිරීමට ලැජ්ජාවත්, භයත් ඇතිකරගන්නවා. මිනීමැරුම් පවා කරන මිනිසුන් අතරේ ඔහු ප්‍රාණඝාත නො කර සියලු සතුන්ට දයාවෙන් වාසය කරනවා. බලහත්කාරයෙන් අනුන්ගේ දේවල් කඩාවඩා ගන්නා මිනිසුන් අතරේ ඔහු අන් සතු කිසිවක් සොර සිතින් නො ගෙන ඉන්නවා. පරස්ත්‍රී සේවනයෙන් සතුටුවෙන ලෝකයක ඔහු සිය බිරිඳ ඉක්මවා නො ගොස් වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරනවා. බොරුව ම රජ කරවන සමාජයක ඔහු සත්‍යයෙන් සත්‍යය ගළපා කතා කරන අවංක චරිතයක් වෙනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයට ම ලොල් වූ මිනිසුන් අතරේ සියලු මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී වාසය කරනවා. ඉතිං නිති පන්සිල් සුරැකීමට මහන්සි වෙන මේ විදියේ ජීවිතයක් තෙරුවන් සරණ යාම නිසා ඔබට ලැබුණා නේ ද?

උපාසක/ උපාසිකා ජීවිතය පිරිහේවි ද?

උපාසකයාගේ ජීවිතය පිරිහෙන්න පුළුවන්. ඒ පිරිහීමට හේතු වෙන කරුණු සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ දී අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දී වදාළා.

"මහණෙනි, උපාසකයාගේ පිරිහීම පිණිස මේ කරුණු සත හේතු වෙයි. ඒ කවර කරුණු සතක් ද යත්,

  1. භික්‍ෂූන් දකින්නට නො යයි.
  2. සද්ධර්ම ශ්‍රවණයට ප්‍රමාද වෙයි.
  3. උසස් සීලයන්හි නො හික්මෙයි.
  4. ස්ථවිර, මධ්‍යම, නවක භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාදය බහුල වෙයි.
  5. වැරදි සොයන අදහසින්, දොස් දකිනා සිතින් බණ අසයි.
  6. මේ සසුනෙන් බැහැරව පින් සලකා දන් දිය යුතු අය සොයයි, එහි ද වතාවත් කරයි.
  7. බැහැර තැනකට ගිය කල්හි ද කලින් කළ පරිදි ම කටයුතු කරයි.

මහණෙනි, උපාසක පිරිහීමට මේ කරුණු හත හේතු වෙයි"

(උපාසක අපරිහානීය සූත්‍රය – අං( 4)

ගිහි ජීවිතයක් ගත කරන තරුණයෙක් තරුණියක් විදියට ඔබ කාර්යබහුලයි. දිනපතා ම රැකියාව කළේ නැත්නම් හරියට පඩිය ලැබෙන්නේ නෑ. උදේ ගෙදරින් පිටත් වුණා ම සමහර විට රාත්‍රියේ තමයි ගෙදර එන්නේ. ජීවිතය ගතකරන්ට අවශ්‍ය ධනය උපයන්නට නම් මහන්සි වෙලා රස්සාව කරන්ට ම ඕන. ඒ රස්සාවෙන් හිතු මනාපෙට නිවාඩු ගන්ටත් බැහැ. ඉතිං ස්වාමීන් වහන්සේලා මුණගැහෙන්ට අපි ආසයි. කෝ අපට වෙලාවක්? බණ අහන්ටත් ආසයි. බණ පොත් ටික කියවන්ටත් ආසයි. අට සිල්, දස සිල් සමාදන් වෙලා විවේකයෙන් බණ භාවනා කරගන්ටත් ආසයි. මේ මිහිරි ධර්මය සජ්ඣායනා කරන්ටත් ආසයි. ඒත් කෝ අපට වෙලාවක්?

ගොඩාක් තරුණ තරුණියන් අහන ප්‍රශ්නයක් තමයි මේ. ඒ නිසා ම තමයි ඒ තරුණ තරුණියන් සතියක විතර නිවාඩුවක් අරගෙන විවේකයෙන් බණ භාවනා කරගෙන ඉන්ට අවස්ථාවක් දෙන්ට පුළුවන් ද කියලා ගොඩාක් අසපුවලින් ඇවිල්ලා අහන්නේ.

ඇත්තෙන්ම සතියක විතර හොඳ නිවාඩුවක් ලැබුණොත්…

සමහර අය සතියක විතර නිවාඩුවක් ලැබුණොත් විනෝද චාරිකා යනවා. අවසානයේ සල්ලිත් ඉවරයි. වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. තවත් සමහරු නිවසේ සාද පවත්වනවා. සල්ලිත් වියදම් වෙලා කාලයත් ගෙවිලා සමහරවිට හිතවත්කමුත් පළුදු වෙලයි ඒක අවසන් වෙන්නේ.

සතියේ නිවාඩුව ඔබ මෙහෙම ගතකරන්න

ඒ සතියේ නිවාඩුව ඔබට තවත් සිල්වත් උපාසක උපාසිකා පිරිසක් සමඟ ගත කරන්නට ලැබුණොත්, බ්‍රහ්මචාරී අධි සීලයක සමාදන් වෙන්නට ලැබුණොත්, සිල් ගුණ දම් පුරන පිනවත් ස්වාමීන් වහන්සේලාව, පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාව ඇසුරු කරන්නට ලැබුණොත්, උන් වහන්සේලාත් සමඟ දහම් කථාවේ යෙදෙමින් ධර්ම ශ්‍රවණය කරන්ට ලැබුණොත්, විවේකයෙන් බණ පොත් කියවගන්ට ලැබුණොත්, මිහිරට ධර්මය සජ්ඣායනා කරන්නට ලැබුණොත්, සිත සන්සිඳුවන උතුම් භාවනාවන් පුරුදු වෙන්ට ලැබුණොත්… ඇත්තෙන් ම ඔබේ ඒ සතියේ නිවාඩුව කොයිතරම් අපූරු ද? ඒ සතිය කොයි තරම් ඵලදායී සතියක් ද? ඔබට මුළු ජීවිත කාලයට ම ඒ සතියේ තිබූ සුන්දරත්වය අමතක නො වේවි.

ඇත්තෙන්ම කාර්යබහුල ගිහි ජීවිතයේ ලැබෙන පුංචි නිවාඩුවෙන් විවේකීව භාවනා කරමින් ධර්මය ඉගෙන ගන්ට මහන්සි වෙන උපාසකයන් නිතර ඒ ඒ ප්‍රදේශවල තිබෙන අපේ මහමෙව්නාව භාවනා අසපුවලින් ඒ සඳහා අවස්ථාවක් ඉල්ලනවා. නමුත් හැම අසපුවක ම ඒ සඳහා පහසුකම් සහිත පරිසරයක් නැහැ. ඒ නිසා ම යි මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වූ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කාරුණික සංකල්පයකට අනුව 'භාවනා කන්ද' සති භාවනා වැඩසටහන උපාසක ඔබ වෙනුවෙන් ම මහමෙව්නාව අසපු සංචිතය විසින් ආරම්භ කළේ.

ඒ වගේම පින්වත් උපාසිකාවන් සඳහාම වෙන්වූ සති භාවනා වැඩසටහන් මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුව කේන්ද්‍ර කරගනිමින්, අනගාරිකා අසපු 5කම පැවැත්වෙනවා.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක දරු දැරියන් වූ පින්වන්ත ඔබටත්, නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ සති භාවනා වැඩසටහන් තුළින් අවස්ථාව උදාකරගන්නට පුළුවනි.

අවිවේකී ඔබේ දිවියේ ලද විරාමයක සොඳුරු සදහම් හුදෙකලාවක් අත්විඳින්නට…

භාවනා කන්ද උපාසක භාවනා මධ්‍යස්ථානය

කාර්යබහුල ගිහි ජීවිතයේ ලැබෙන පුංචි නිවාඩුවෙන් විවේකීව භාවනා කරමින් ධර්මය ඉගෙන ගන්ට මහන්සි වෙන ගෞතම ශ්‍රාවක දරුවන් සඳහා නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මංපෙත් විවිර කරමින්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වූ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කාරුණික සංකල්පයකට අනුව ආරම්භ කළ, 'භාවනා කන්ද' සති භාවනා වැඩසටහන….

මොකක්ද භාවනා කන්ද කියන්නේ?

·         'භාවනා කන්ද' කියන්නේ සතියක භාවනා වැඩපිළිවෙළක්.

·         උපාසකයන් දහ දෙනෙකුට එක සතියක් ගත කිරීමේ පහසුකම් එහි තිබෙනවා.

·         පින්වත් ස්වාමීන් වහන්සේනමකගේ අධීක්‍ෂණය යටතේ කෙරෙන භාවනා පුහුණුවකිනුත් යුක්තයි.

·         උදෑසනත්, හවසත් මිහිරට බුදුගුණ සජ්ඣායනා කරමින්, පිරිත් සූත්‍ර සජ්ඣායනා කරමින් බුද්ධ වන්දනා කරන්ටත් පුළුවන්.

·         උපාසක පිරිස වෙනුවෙන් ම පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් වැදගත් සූත්‍ර දේශනා කියා දෙනවා.

·         බ්‍රහ්මචාරී අධිසීලයක හික්මෙමින් සතියක් පුරාවට විශාල පිනක් රැස්කරගන්ටත් පුළුවන්.

·         ඒ සිල් පද ගැන ඉතා හොඳ වැටහීමක් ඇතිකරගන්ට පුළුවනි.

·         ක්‍රමානුකූලව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් දේශිත ධර්ම දේශනා ශ්‍රවණය කරන්නටත්, ක්‍රමානුකූලව සදහම් ග්‍රන්ථ පරිශීලනය කරන්නටත් ඔබට පුළුවනි.

·         සතියක් පුරාවට සිල්වත් ගිහි පිරිසක් සහ පින්වත් ස්වාමීන් වහන්සේලා සමඟ දහම් කථාවෙන් කල්ගෙවන්නට පුළුවන්.

·         ඔබට ගැටලුවක් වූ යම් යම් දහම් කරුණු ඉතා ම විවේකීව පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් විමසා දැනගන්නටත් පුළුවන්.

·         'භාවනා කන්දේ' වැඩපිළිවෙළ කාලසටහනකට අනුව කෙරෙන නිසා ධර්මානුකූල කාලසටහනක් හඳුනාගන්ටත් ඔබට පුළුවනි.

·         පාරිචරියානුත්තරීය වූ උතුම් සංඝයා වහන්සේට ඇප උපස්ථාන කොට, දන් පැන් පූජා කොට පින් රැස් කරගන්ටත් පුළුවනි.

·         ඇත්තෙන්ම භාවනා කන්ද කියන්නේ දස්සනානුත්තරීය, සවණානුත්තරීය, සික්ඛානුත්තරීය. පාරිචරියානුත්තරීය, අනුස්සනානුත්තරීය, ලාභානුත්තරීය යන අනුත්තරීය ධර්ම සියල්ල ම සතියක් පුරාවට ඔබට උදාකරවන පින්බිමක්.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක දරුවන් වූ පින්වන්ත ඔබටත්, නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ තුළින් අවස්ථාව උදාකරගන්නට පුළුවනි.
නමෝ බුද්ධාය !

වැඩි විස්තර

වැඩි විස්තර සඳහා විමසන්න…
Phone: 037 22 44 602/ 037 494 27 46 (
සවස 01.00 ත් 03.00 අතර)
E-mail: info@mahamevnawa.lk

අවිවේකී ඔබේ දිවියේ ලද විරාමයක සොඳුරු සදහම් හුදෙකලාවක් අත්විඳින්නට…

මහමෙව්නාව අනගාරිකා අසපුව මගින් මෙහෙයවන සති භාවනා වැඩසටහන

කාර්යබහුල ගිහි ජීවිතයේ ලැබෙන පුංචි නිවාඩුවෙන් විවේකීව භාවනා කරමින් ධර්මය ඉගෙන ගන්ට වෙර දරනා ගෞතම ශ්‍රාවක දියණියන් සඳහා නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මංපෙත් විවිර කරමින්, මහමෙව්නාව අනගාරිකා අසපුව මගින් ආරම්භකරන්නට යෙදුනු, සති භාවනා වැඩසටහන….

මොකක්ද මේ "සති භාවනා වැඩසටහන" කියන්නේ?

·         එය සතියක භාවනා වැඩපිළිවෙළක්.

·         සති භාවනා වැඩසටහන ආරම්භ වන්නේ සෑම සතියේම සිකුරාදා දිනයේදීය.

·         දඹදෙණිය මුතුගල මූලස්ථාන අසපුවේ උපාසිකාවන් 15 දෙනෙක්ද, අනෙකුත් අසපුවල උපාසිකාවන් 5 දෙනෙක්ද සඳහා එක සතියක් ගත කිරීමේ පහසුකම් සළසා තිබෙනවා.

·         මීට අමතරව, හදිසියේ පිටරටවල සිට පැමිණෙන උපාසිකාවන් ස‍ඳහා මුතුගල අසපුවේ පහසුකම් සහිත විශේෂ කුටි දෙකක් වෙන්කර ඇති අතර දුරකතන ඇමතුමක් මගින් එම කුටි වෙන්කර ගත හැකිය.

·         මුතුගල, මාවතගම, අනුරාධපුර, කඩුගන්නාව හා උඩුපිල මහමෙව්නාව අනගාරිකා අසපු ශාඛාවන් හී සති භාවනා වැඩසටහන පැවැත්වෙනවා.

·         විදේශගතව සිටින පින්වතුන් හට පහසු අවස්ථාවල පැමිණ මෙම භාවනා වැඩසටහන සඳහා සහභාගී වීමටත් පුළුවනි.

·         පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේනමකගේ අධීක්‍ෂණය යටතේ කෙරෙන භාවනා පුහුණුවකිනුත් යුක්තයි.

·         උදෑසනත්, හවසත් මිහිරට බුදුගුණ සජ්ඣායනා කරමින්, පිරිත් සූත්‍ර සජ්ඣායනා කරමින් බුද්ධ වන්දනා කරන්ටත් පුළුවන්.

·         උපාසිකා පිරිස වෙනුවෙන් ම පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා විසින් වැදගත් සූත්‍ර දේශනා කියා දෙනවා.

·         බ්‍රහ්මචාරී අධිසීලයක හික්මෙමින් සතියක් පුරාවට විශාල පිනක් රැස්කරගන්ටත් පුළුවන්.

·         ඒ සිල් පද ගැන ඉතා හොඳ වැටහීමක් ඇතිකරගන්ට පුළුවනි.

·         ක්‍රමානුකූලව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් දේශිත ධර්ම දේශනා ශ්‍රවණය කරන්නටත්, ක්‍රමානුකූලව සදහම් ග්‍රන්ථ පරිශීලනය කරන්නටත් ඔබට පුළුවනි.

·         සතියක් පුරාවට සිල්වත් ගිහි උපාසිකා පිරිසක් සහ පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා සමඟ දහම් කථාවෙන් කල්ගෙවන්නට පුළුවන්.

·         ඔබට ගැටලුවක් වූ යම් යම් දහම් කරුණු ඉතා ම විවේකීව පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාගෙන් විමසා දැනගන්නටත් පුළුවන්.

·         "සති භාවනා" වැඩපිළිවෙළ කාලසටහනකට අනුව කෙරෙන නිසා ධර්මානුකූල කාලසටහනක් හඳුනාගන්ටත් ඔබට පුළුවනි.

·         උතුම් අනගාරිකා මෑණියන් වහන්සේට ඇප උපස්ථාන කොට, දන් පැන් පූජා කොට පින් රැස් කරගන්ටත් පුළුවනි.

·         ඇත්තෙන්ම "සති භාවනා වැඩසටහන" කියන්නේ දස්සනානුත්තරීය, සවණානුත්තරීය, සික්ඛානුත්තරීය. පාරිචරියානුත්තරීය, අනුස්සනානුත්තරීය, ලාභානුත්තරීය යන අනුත්තරීය ධර්ම සියල්ල ම සතියක් පුරාවට ඔබට උදාකරවන පින්බිමක්.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක දරුවන් වූ පින්වන්ත ඔබටත්, නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ තුළින් අවස්ථාව උදාකරගන්නට පුළුවනි.
නමෝ බුද්ධාය !

වැඩි විස්තර

වැඩි විස්තර සඳහා විමසන්න…
Phone: 071 8195722 / 072 4399018 /037 5664129 / 077 6815215 (
පින්වත් මානෙල් අයිලප්පෙරුම මිය)
E-mail: info@mahamevnawa.lk

http://mahamevnawa.lk/mahamevnawa-nuns/

http://www.shraddha.lk/anagarika-asapuwa-meditation/

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Wednesday, September 16, 2015

Why don't I tell hyou time...

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, September 15, 2015

කළ යුතු ආශ්‍රවයන් මෙසේ දුරු කරන්න

මහරහතුන් වැඩි මග ඔස්‌සේ (සබ්භාසව සූත්‍රය -2)
දර්ශනයෙන් දුරු කළ යුතු ආශ්‍රවයන් මෙසේ දුරු කරන්න

පංච උපාදානස්‌කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස්‌ වෙන ඵලය තමයි සංස්‌කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්‌කාර සකස්‌කොට ගන්නවා. සංස්‌කාර ධර්මයන් කුසල්, අකුසල් කියලා කොටස්‌ දෙකකට බෙදෙනවා. පිංවත් ඔබ රැස්‌කොටගන්නා සෑම කුසල් අකුසල් සංස්‌කාරයක්‌ම විපාක දීලා අනිත්‍යභාවයට පත්වෙනවා. විපාක දී අනිත්‍යභාවයට පත්වන සංස්‌කාරයන් අප 'මගේ 'කර ගන්නවා. සංස්‌කාරයන් තුළ මම සිටිනවාය කියලා දකිනවා. මා තුළ නොවෙනස්‌ වන සංස්‌කාරයන් තිබෙනවාය කියලා දකිනවා. ඒ සංස්‌කාරයන් තුළ ආත්මයක්‌ තිබෙනවාය කියලා දකිනවා. මේ හේතුවෙන් සංස්‌කාරයන් කෙරෙහි මමත්වයේ දැඩිභාවය ඇතිකොටගන්නවා. පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස්‌මහා පුරුෂ ලක්‍ෂණයෙන් යුත් රූපකාය සිහියට නගාගන්න. මේ දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්, දස පාරමී ධර්මයන්ගේ කුසල් ශක්‌තියෙන් ලද ඵලයක්‌ බව නුවණින් දකින්න. ඒසා ශක්‌තිමත් කුසල් සංස්‌කාරයනුත් පිරිනිවන් මංචකයේදී අනිත්‍යභාවයට පත්වී ගිය හැටි නුවණින් දකින්න. 

පිංවත් ඔබ දේවදත්ත හාමුදුරුවන්ගේ පාපකාරී ජීවිතය නුවණින් දකින්න. මහ පොළොව පලාගෙන දේවදත්තයන් අවිචි මහා නරකාදියට වැටුණු හැටි නුවණින් දකින්න. මේ සා බලවත් අකුසල විපාකයක්‌ ලැබුවත්, එම බරපතළ අකුසලයන් ද අනිත්‍යභාවයට පත්වී දේවදත්ත කල්ප ගණනාවකට පසු පසේ බුදුරජාණන් නමක්‌ව පිරිනිවී යන හැටි නුවණින් දකින්න. පිංවත් ඔබ ඔබේ මනුෂ්‍ය ජීවිතය, ඔබේ ප්‍රසන්න අඟ පසඟ, අධ්‍යාපනය, රැකියාව, විවාහය, සමාජ තත්ත්වය ආදිය කුසල් අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌ බව දකිමින් ඒවා නිරතුරුවම වෙනස්‌ වන හැටි නුවණින් දකින්න. 

වර්තමාන සමාජයේ පිංවතුන්ලා විශාල වශයෙන් දානමය, ශීලමය පිංකම් සිදුකරනවා. මෙවැනි පිංකම් සිදුකිරීමේදී සමහරක්‌ පිංවතුන් පින කෙරෙහි ලෝභ සිත් ඇතිකරගෙන කටයුතු කරනවා. මෙවැනි කාරණා තුළ සැඟවී තිබෙන්නේ සංස්‌කාර තුළ මම සිටිනවාය, මා තුළ සංස්‌කාර සිටිනවාය කියන මෝහ මූලික අර්ථයයි. කුසල් සංස්‌කාරයන් නිසා ඉහළට මතුවන සක්‌විති රජුත්, ශක්‍රයාත් අකුසල් සංස්‌කාර හේතුවෙන් දුගතියට වැටිය හැකිනම් සංස්‌කාරයෝ අනිත්‍යයයි කියලාම දකින්න. පිංවත් ඔබ නිරතුරුවම සශ්‍රික දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ සිතෙන් මවාගෙන ඒ දිව්‍ය ජීවිත අනිත්‍යවී යන හැටි නුවණින් දකින්න. සුරූපී කාන්තාවක්‌, පිරිමියෙක්‌ සිතින් මවාගෙන කුසල් සංස්‌කාරයන් නිසා ලැබුණු සුරූපීභාවය, අනිත්‍යභාවයට පත්වන හැටි නුවණින් දකින්න. දුප්පත් මනුෂ්‍යයෙක්‌ ලොතරැයියක්‌ දිනුම් ඇදීමෙන් කෝටිපතියෙක්‌ වෙනවා නුවණින් දකින්න. සංස්‌කාරයෝ නිරතුරුවම ආත්මීයභාවයක්‌ නැති, අනාත්ම ධර්මතාවයක්‌ බව නුවණින් දකිමින් සංස්‌කාර කෙරෙහි ඇති මමත්වයේ දැඩිභාවය සියුම්කොට ගන්න. සංස්‌කාර යනු සංඥාව හේතුවෙන් සකස්‌වෙන ඵලයක්‌ මිස, මගේ කොට ගැනීමට එහි ස්‌ථිර කිසිවක්‌ නොමැති බව නුවණින් දකින්න.

පංච උපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළව බුදුරජාණන්වහන්සේ මීළඟට දේශනා කරන්නේ සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන ඵලය වන විඥානය ගැනයි. විඤ්ඤාණය කියලා කියන්නේ විශේෂ වූ ඤාණයට. යමක්‌ දැනගන්නවාය කියන අර්ථයටත් විඤ්ඤාණය කියලා කියනවා. පිංවත් ඔබ යමක්‌ හඳුනාගත්තාද, ඒ හඳුනාගත් දෙය ගැන සිතනවා. ඔබ යමක්‌ ගැන ද සිතන්නේ, ඒ සිතන දෙය ගැන දැනීමක්‌ ඇති කොට ගන්නවා. ඔබ කුමක්‌ ගැන ද දැනගන්නේ ඒ දැනගත් දෙයට බැඳී යනවා. පිංවත් ඔබ ආහාරයක්‌ අනුභව කරනකොට එය තීත්ත නම්, තිත්ත බව දැනගන්නවා. එම ආහාරය පැණිරස නම් පැණිරස බව දැනගන්නවා. යමක්‌ සුවඳ නම් එය සුවඳ බව දැනගන්නවා. යමක්‌ දුගඳ නම් එය දුගඳ බව දැනගන්නවා. ඔබ යම් පිංවතෙක්‌ ඇසුරු කරලා ඔහු හොඳයි හෝ නරකයි කියලා දැනගන්නවා. ආණ්‌ඩුව හොඳ ආණ්‌ඩුවක්‌ය හෝ දුර්වල ආණ්‌ඩුවක්‌ය කියලා දැනගන්නවා. නායකයා හොඳ හෝ නොහොඳය කියලා දැනගන්නවා. දොස්‌තර මහත්මයා හොඳය කියලා දැනගන්නවා. දැන් පිංවත් ඔබ නුවණින් දකින්න ඔබ යම් රූපයක්‌ කෙරෙහි එවැනි විශේෂ දැනීමක්‌ ඇති කර ගත්තා නම්, ඒ සෑම දැනීමක්‌ම අනිත්‍යයයි නේද? තමන්ට හොඳයි කියලා ඡන්දය දීලා රජයක්‌ පත්කර ගන්නවා. වසර 5 කින් රජය නරකයි කියලා පරාජයකොට දමනවා. බුදුරජාණන්වහන්සේ විඤ්ඤාණය මැජික්‌කරුවෙක්‌ය කියලා දේශනා කරනවා. මරණාසන්න පුද්ගලයෙකුගේ චුති සිතට දැනීමක්‌ ඇතිවෙනවා ඔහු ලබන්නේ සුගතියේ උපතක්‌ ද, දුගතියේ උපතක්‌ ද කියලා. මේ දැනීම නිසාමයි සුගතියේ උපතදී පුද්ගලයා සතුටු සිතිනුත්, දුගතියේ උපතේදී පුද්ගලයා ගැටෙන සිතිනුත් මියයන්නේ. පටිච්ඡ සමුප්පාද ධර්මයේදී බුදුරජාණන් වහන්සේ 'සංස්‌ඛාර පච්ඡයා විඥ්ඥාණ ' කියලා දේශනා කරනවා. සංස්‌කාර නිසා සකස්‌වෙන කර්ම ශක්‌තිය විඤ්ඤාණය කියලයි එයින් අදහස්‌ වෙන්නේ. මේ කර්ම ශක්‌තිය ආයතනය හය තුළින්, ආයතන මැරෙමින් ඉපදෙමින්, ඇතිවෙමින් නැතිවෙමින් භවය කරා ගමන් කරනවා. විඤ්ඤාණය පංච උපාදානස්‌කන්ධයේ සෑම උපාදානස්‌කන්ධයක්‌ අතරටම වැදී සියුම් ආකාරයෙන් ක්‍රියාත්මක වන නිසාත්, විඤ්ඤාණය වේගයක්‌ පමණක්‌ වන නිසාත්, විඤ්ඤාණය මැජික්‌කරුවෙක්‌ය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. විඤ්ඤාණයේ වේගය කොතෙක්‌ ද කියනවා නම්, මේ මොහොතේ මනුෂ්‍යයෙක්‌ව සිටින ඔබ ඊළඟ නිමේෂයේදී මරණයෙන් පසු දෙවියෙක්‌, නිරිසතෙක්‌ බවට පත්කරනවා. යොදුන් ලක්‍ෂ ගණනක්‌ ඈත තිබෙන දිව්‍ය තලයක නිරයක උපතක්‌ තත්ත්පරයක්‌ තුළදී සකස්‌කොට දෙන්න විඥානයේ වේගයට හැකියාව තිබෙනවා. කවදාහරි දිනයක පිංවත් ඔබ විඤ්ඤාණය අවබෝධ කරගතහොත් ඔබ අවබෝධ කරගන්නේ විඥානය යනු වේගයක්‌ පමණක්‌ම බවයි. ඒ වේගය තුළ ඔබ දකින්නේ හිස්‌භාවය පමණක්‌මයි. ඒ නිසාම ඔබට විඥානය කෙරෙහි ඇති තෘෂ්ණාව සිඳී යනවා. 

පිංවත් ඔබ දැන් නුවණින් දකින්න, ඔබේ ජීවිත කාලය තුළ ඔබ ඇසින් රූපයක්‌ දැකලා, කනෙන් ශබ්දයක්‌ අසලා, දිවෙන් නාසයෙන්, ශරීරයෙන්, මනසින් යම් දැනීමක්‌ ඇතිකරගන්නවා නම්, ඒ ඇතිකොටගත්තා වූ සෑම දැනීමක්‌ම අනිත්‍යයයි නේද? ඒ දැනීම හිස්‌ දෙයක්‌ නේද? ඒ දැනීම තුළ ආත්මයක්‌, සත්වයෙක්‌, පුද්ගලයෙක්‌ හිටියේ නැහැ නේද? පිංවත් ඔබේ ජීවිත කාලය තුළ ඔබ ඇතිකොටගත් සෑම විශේෂ දැනීමක්‌ම අනිත්‍යයි කියලා නුවණින් දකිමින් ජීවත්වෙන්න. 

පංච උපාදානස්‌කන්ධයට අදාළව රූප, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ යන ධර්මථාවයන් පහ කෙරෙහි ඔබ 'මමය' 'මගේය' කියන දෘෂ්ටින් නුවණින් මෙනෙහි කිරීම තුළින්ම හීනකොටගන්න. දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, ඒ කියන්නේ සෝවාන් ඵල අවබෝධයෙන් ප්‍රහානය වන සක්‌කාය දිට්‌ඨිය

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sri Lanka 1st road accident in Colombo - 1910

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Friday, September 4, 2015

කයේ උසම බුදුපිළිමය චීනයේ

ලෝකයේ උසම බුදුපිළිමය චීනයේ

2015 සැප්තැම්බර් මස 03 11:10:20 | . , තිස්ස මඩවල

http://www.lankadeepa.lk/index.php/articles/345031

දැනට ලෝකයේ ඉදිකර ඇති උසම ප්‍රතිමා දෙක ලෙස ගැනෙන්නේ බුදු පිළිම දෙකකි. ඉන් පළමුවැන්න චීනයේ ෂඔකුන් නගරයේ "දිය බුබුලේ පන්සලෙහි" බුදු පිළිම වහන්සේය. ෂඔකුන් නගරය පිහිටියේ ලුෂන් ප්‍රාන්තයේ. මෙම පිළිමයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ 1997 වන අතර අවසන් කර ඇත්තේ 2008 දිය. මීටර් 40 ක් ( අඩි 131) උස නෙළුම් මලක් මත ඉදිකර ඇති මෙම හිටි පිළිමයේ උස මීටර් 208 කි.( අඩි 682)

මෙම පිළිම වහන්සේ ඉදිකිරිම සඳහා වැයවී ඇති සම්පුර්ණ මුදල රුපියල් කෝටි 2376කි. පිළිමය නිර්මාණය කිරීම සඳහා තඹ තහඩු 1100 ක් යොදාගෙන ඇති අතර සම්පුර්ණ නිර්මාණය ටොන් 1000 කට වඩා බර බව ඇස්තමේන්තු කර ඇත. 

මෙම පිළිමය ඉදිකර ඇත්තේ දර්ශනීය පරිසරයක පිහිටි දැවැන්ත විහාරස්ථානයක වහල මතුපිටය.

මෙම විහාරස්ථානයට " දිය බුබුලේ පන්සල" යන නම වැටි ඇත්තේ අසල පිහිටි උණුදිය උල්පත නිසාය.මෙහි මුල් විහාරස්ථානය ඉදිවී ඇත්තේ "ටැන් රජ පරපුර" බලයේ සිටි කාලයේය. බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට පෙරාතුව මෙම පන්සල ප්‍රසිද්ධියට පත්ව තිබුණේ එහි ඇති ටොන් 116 ක් බර සෞභාග්‍යය උදාකරන දෙයක් ලෙස විශ්වාසයක් සහිත විශාල ඝණ්ඨාරයක් නිසාය.

ලෝකයේ දෙවැනි උසම ප්‍රතිමාව වන්නේ ද බුදු පිළිමයකි. එය ගොඩ නඟා ඇත්තේ මියන්මාර් රටේ "ටවුන්ග්" නම්වූ ගමෙහිය. එයද හිටි පිළිමයකි. මෙම පිළිම වහන්සේගේ උස මීටර් 116 කි. ( අඩි 381) මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 1996 දිය. ඉදිකිරීම් අවසන් කළේ 2008 දිය. "ලේක්යුන් සාක්‍ය බුද්ධ" නමින් හැඳින්වෙන මෙම පිළිම වහන්සේ ඉදිකරන ලද්දේ එම විහාරස්ථානයේ විහාරාධිපති නාරද හිමියන්ගේ අනුසාශනාවෙනි.

මේ අතර ජපානයේ උෂිකු නගරයේ ඉදිකර ඇති " උෂිකු දයිබුට්සු" බුදු පිළිම වහන්සේ මීටර් 120 ක් ( අඩි 390) උසවෙයි. 1993 දී ඉදිකර ඇති මෙයද ලෝකඩ ප්‍රතිමාවකි.මෙම පිළිම සමඟ සලකා බැලිය හැකි අනෙකුත් ප්‍රතිමා වන්නේ නිව්යෝක් නඟරයේ මීටර් 93 ක් ( අඩි 305) උස සුප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව, රුසියාවේ වොල්ගොග්රාඩ් නගරයේ ඉදිකර ඇති මීටර් 92 ක් ( අඩි 301 ) උස " මව්බිමේ ඇමතුම" නම්වූ ප්‍රතිමාව සහ බ්‍රසීලයේ රියෝ නුවර කොර්කවාඩෝ කඳු මුදුනේ ඉදිකර ඇති මීටර් 38 ක් උස ( අඩි 125 ) ක්‍රිස්තුස් වහන්සේගේ පිළිමයයි.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

ධර්මාවබෝයෙන් දහම්

A very good opportunity for those who live close by Moratuwa. We learnt abhidharma from this teacher, Dr. Gayan Gunaeskara. Last week that class was over and this is the new one, starting from the beginning.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, September 3, 2015

Walking Meditation practical programme

--

තෙරුවණ්සරණයි...!!!

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

සක්මන ගැන ඔබ නොදන්නා දේ......

සක්මන ගැන ඔබ නොදන්නා දේ......
දෙපතුල් පොළොව හා ස්පර්ශ වෙද්දී හොදින් සම්බාහනය වන නිසා ශරීරයේ සියලු නිළ ක්‍රියාත්මක වන්නට පටන් ගනී.විශේෂයෙන් වැළි මලුවක සක්මන් කිරීමෙන් මෙහි ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලැබෙනු දැනෙනු ඇත.

මනස ඒකාග්‍රවීමත් ,දුර ගමන් යා හැකි විමත් , ශරිරය සැහැල්ලුවිමත්,ආහාර හොදින් දිරවීමත්, ලෙඩ රෝග අඩුවීම නිසා නිරෝගී බවත් ලැබෙනු ඇත.

පැරණි විහාරස්ථාන වල වැලි මලුවක් සහිත බෝධි මණ්ඩප , චෛත්‍ය මලුව මෙයට සාක්ෂි දරයි.

අපේ පැරැන්ණන් සෙරෙප්පු භාවිතා නොකලත් නීරෝගී කම ඉහලින් තිබීමට මෙයත් හේතුවන්නට ඇත.

සෙරෙප්පු හෝ සපත්තු පැළද ගෙන ව්‍යායාම පිණිස WALKING යන අයට මේ වාසිය නොලැබේ