Monday, March 28, 2016

New Year Auspicious Times 2016

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

A good answer for a question raised by some people about offering fruits in the name of Buddha

 

බුදුහිමියන්ගේ අරහං ගුණය නොදන්නවුනට...

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, March 27, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ

 


කායානුපස්‌සනාවේ අරුත නොදැක්‌කොත් අපත් තිරිසන් සත්වයාත් එකම තැනකය

උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. 

කායානුපස්‌සනාව වැඩීමේදී, නැවත නැවත පුහුණුවීමේදී ආශ්වාදය කියන මාරධර්මය ගැන ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. රූපයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්මභාවය වැඩීම නිසාම පිංවත් ඔබ අත්දකින අනිත්‍යභාවය කෙරෙහි සියුම් ආශ්වාදයක්‌ ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ තුළ සකස්‌වෙන රූපය කෙරෙහි අසුබ, පිළිකුල් සිත්ද අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වියයුතුයි. ඒ විතරක්‌ නෙවෙයි අනිත්‍ය වශයෙන් දකින සිතත්, අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ විය යුතුයි. එසේ නොවුනොත් ඔබට සිතාගැනීමටවත් බැරි සියුම් තැන්වලින් මාරයා ඔබ තුළින්ම ක්‍රියාත්මක වෙනවා. 

සමහර පිංවතුන්ලා සිටිනවා, ඒ අය රූපයේ අනිත්‍යභාවය දකිනවා, භාවනා කරනවා. නමුත් එම පිංවතුන් තම ශරීරය පිරිසිදුව තබාගන්නේ නැහැ. පිළිවෙලකට පිරිසිදුව ඇඳුම් පැළඳුම් අඳින්නේ නැහැ. තමන්ගේ කාමරය කුටිය අපිළිවෙලටයි තබාගන්නේ. ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇසුවහම ඒ අය කියන්නේ සියල්ල අනිත්‍යයි කියලා. සමහර පිංවතුන්ලා සිටිනවා, කකුලේ එල්ලී ලේ බොන කූඩැල්ලා, කිනිතුල්ලා ගලවාදමන්නේ නැහැ. ඒ සතුන්ම ලේ බීලා වැටෙනකම්ම ශරීරයේ එල්ලාගෙන සිටිනවා. මදුරුවෙක්‌ ශරීරයේ වසා සිටියොත්a එලවාදමන්නේ නැහැ. මෙතැනදී මේ පිංවතුන්ලා තමා තුළ වැඩෙන අනිත්‍යයි කියන අර්ථයේ ආශ්වාදයකටයි, අන්තයකටයි කොටුවී සිටින්නේ. ඉහත ස්‌වභාවයන්, කායානුපස්‌සනාවේ නාමයෙන් ඔබ තුළ මෝදුවන මාර ධර්මයක්‌ම බව තේරුම්ගත යුතුයි. 

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පෑමට මොහොතකට පෙරාතුව, ආනන්ද ස්‌වාමීන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් විමසනවා, ඔබවහන්සේ පිරිනිවන්පෑමට පසුව සම්බුද්ධ ශරීරයට කුමන ආකාරයෙන් කටයුතු සිදුකළයුතුද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා, ආනන්ද සක්‌විති රජකෙනෙකුගේ ශ්‍රී දේහයට දක්‌වන යම් ගෞරවයක්‌ ඇත්ද, එවැනිම ගෞරවයක්‌ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී දේහයට දක්‌වන්නය කියලා. රූපයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණය තුන්ලෝකයාටම දේශනාකළ සම්බුදුපියාණන්, පුරා හතලිස්‌ පස්‌වසරක්‌ම රූපයේ අනිත්‍යභාවය,අසුබභාවය, පිළිකුළම ලෝකයාට මතුකොට පෙන්වූ සම්බුදු පියාණන් තම මියගිය සම්බුද්ධ සිරුරට සක්‌විති රජකුගේ දේහයට දක්‌වන ගෞරවයන් දක්‌වන්න යෑයි ප්‍රකාශ කරන්නේ පිරිනිවීගිය සම්බුද්ධ රූපය තුළිනුත්, දෙව් මිනිසුන් සහිත ලෝකයාට ගෞරව පුද වන්දනා කිරීමට සලස්‌වා මෙලොව පරලොව යහපතට අදාළ කාරණා සලසාදෙන්නයි. තම ශ්‍රී දේහය උපයෝගී කරගෙන අන්තිම නිමේෂයේදීත් ලෝකයාට අනිත්‍ය සංඥාව මතුකොටදීමටයි. අන්තයන්ට කොටු නොවූ අනිත්‍ය සංඥාවේ අර්ථයයි අපි ඉහතින් දකින්නේ.

යම් පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇසුවහොත් 'ඔබ වහන්සේ අපවත් වුණාට පස්‌සේ, ඔබ වහන්සේගේ මළ සිරුර සුදු රෙදිකඩක ඔතා, වළක්‌ කපා වළට දමන්නටද?' කියලා භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කරන්නේ 'මහත්තයෝ මේ රූපයෙන් යම් උතුම් කර්තව්‍යයක්‌ මනුෂ්‍යයෙකුට කරගන්නට තිබෙනවානම් භික්‍ෂුව ඒ කර්තව්‍යය කරගෙනයි සිටින්නේ. ඒ නිසා මේ රූපයෙන් දැන් භික්‍ෂුවට සත පහකවත් වැඩක්‌ නැහැ. මහත්තයාට අවශ්‍යනම් භික්‍ෂුවගේ මළ සිරුර උපයෝගීකොට මෙළොව පරළොව පිනට කුසලයට අදාළ කටයුතු කරගන්න' කියලා. අනිත්‍ය කියන සංඥාවේ නාමයෙන්, භික්‍ෂුව ඔහුට ප්‍රකාශ කළොත් භික්‍ෂුවගේ මළ සිරුර සුදුරෙදි කඩක ඔතා වළ දමන්න කියලා, අනිත්‍යයි කියන අර්ථයේ ආශ්වාදයට භික්‍ෂුව කොටුවුණා වෙන්න පුළුවන්. මම තුළ අනිත්‍ය සංඥාවද, අනිත්‍ය සංඥාව තුළ 'මම'ද සිටියා වෙන්න පුළුවන්. මෙවැනි 'අනතුරු'වලදී සංස්‌කාරයන්ට අදාළව වෙන්න තිබෙන දේ වෙන්න හැරලා, සිත අතහරින්න අප දක්‍ෂ වෙන්න ඕනේ.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනාකොට ඇති පරිදි, සතර සතිපට්‌ඨාන ධර්මයන් නිවැරදිව පුහුණුකළොත් උපරිම හත්වසරකින් ධර්මාවබෝධය ලබන්න හැකිය කියන අර්ථය කල්ප සියක්‌ කෝටි ගණනක්‌ භවයේ ගතවෙලත් තවම අපට බැරිවුණේ කායානුපස්‌සනා ධර්මයන්ට අදාළව අපේ සිත වැඩෙන විට ආශ්වාදයට මුවාවී මාරයා ඉතා සියුම් තැන්වලින් පහරදෙන නිසාය. 

පිංවත් ඔබ නිරතුරුවම දෙතිස්‌ කුණපය දකිමින් ජීවත්වන්න. ඔබ ජීවිතය සමග පමණක්‌ ජීවත්වුණොත්, ඔබ ජීවත්කරන්නේ දෙතිස්‌කුණපයක්‌ය කියන කාරණය ඔබට අමතක වෙනවා. දඹදිව කොසොල් රාජ්‍යයේ සිරිමා කියල රූමත් තරුණ ගණිකාවක්‌ හිටියා. ඇයගේ තරුණ රූමත්භාවයට යාබද රාජ්‍යයන් පවා වශීවෙලයි සිටියේ. ඇය හදිසියේම මියපරළොව යනවා. බුදුරජාණන්වහන්සේට සිරිමාගේ මරණය ආරංචිවෙලා රජතුමාට පණිවුඩයක්‌ යවනවා, සිරිමාගේ මළ සිරුර අමුසොහොනේ සතුනට කන්න නොදී දින හතක්‌ ආරක්‍ෂා කරන්නය කියලා. සත්වෙනි දවසේ රටේ ජනතාවට දැනුම්දෙනවා රූමත් සිරිමාව දකින්න අමුසොහොනට එන්න කියලා. බුදුරජාණන්වහන්සේත් අමුසොහොනට වැඩම කරනවා. කොසොල් රජතුමාට බුදුරජාණන්වහන්සේ දැනුම්දෙනවා, ඉදිමී, නිල්පැහැගැන්වී, කුණු ඕජාව ගලමින්, පණුවන් නලියමින්, නිලමැස්‌සන්ට නිවහනක්‌වූ සිරිමා රූමතියගේ මළසිරුර වෙන්දේසි කරන්නය කියලා. රජතුමා මසුරන් දහසක ලංසුවකින් පටන් ගන්නවා. නමුත් අවසානයේ ලංසුව කහවනු එකක්‌ දක්‌වා අඩුකරනවා. සිරිමාවගේ රූපයකට කිසිම ලංසුවක්‌ නොදෙන නිසා අවසානයේ රජතුමා කියනවා නොමිලේ සිරිමාගේ රූපය අරගෙන යන්න කියලා. ඒත් කිසිවෙක්‌ ඉදිරිපත් වෙන්නේ නැහැ. මීට සතියකට පෙර කහවනු දහස්‌ ගණනකට මිල නියමවූ රූමත් සිරිමාගේ සිරුර අවසානයේ මළකුණු කන තිරිසන් සතුන්ට පමණක්‌ වටිනා දෙයක්‌ වුණා. සිරිමා රූමතිය ජීවතුන් අතර සිටියදී, ධනවත් සිටුවරුන්, කුළවතුන් එම රූපයේ රසවින්දා. සිරිමා මියගියවිට එම රූපය තිරිසන් සතුන් රස කරමින් රසවින්දා. කායානුපස්‌සනාවේ අර්ථය නොදන්න නිසාම තිරිසන් සතා කරනා දෙයම අපි තවමත් කරමින් සිටිනවා.ජීවත්ව සිටින රූපය මනුෂ්‍යයා රසවිඳිනවා. මියගිය රූපය තිරිසන් සතා රසවිඳිනවා. කායනුපස්‌සනාවේ අර්ථය රූපය මළත් නොමළත් ජරාවටම පිළිකුලටම අයත් දෙතිස්‌ කුණුපයක්‌ම බව පිංවත් ඔබට අවබෝධකොට දෙනවා. 

(
දෙතිස්‌ කුණුපයට අදාළ කොටස මෙයින් නිමවේ)

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Friday, March 18, 2016

චිත්ත විශුද්ධි පදනම - මීළඟ සූත්‍ර ධර්ම දේශනාව

 

සාමඤ්ඤඵල සුත්‍රය ඇසුරින් පැය 6 ක් පුරා අඛන්ඩව පවත්වන ධර්ම දෙශනය , මාතර වල්ගම දී...


--

චිත්ත විශුද්ධි පදනම

To no longer receive these updates, mail to chiththa.vishuddhi@gmail.com with subject Unsubscribe.

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, March 15, 2016

Only in Sri Lanka

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, March 14, 2016

රජ..කාලේ..ගොවි..බදු..ක්‍රම

 

 

 

රජ කාලේ ගොවි බදු ක්‍රම

ගම නමින් හඳුන්වනුයේ ගොවීන් පදිංචි ස්‌ථානයටයි. ගම යයි කී විට එක්‌ වරම මතකයට එන්නේ වෙල් යායකි. එදා ගමක්‌ කරවූයේ "ගමරාළ" හෝ ගම මහගේය. ගොඩ මඩ වී වගාවට එදා පැවති පාලන ක්‍රමය ඉතා විධිමත්ය. පංගුකාරයන්ට වගාවට දුන් හේන්වල මායිම් කෙටීමට "කළුදං කෙටීම" යයි කියති. හේන් කොටා දමා මායිම්වල හේන් කණු සිටුවති. "ආමර්" නමැත්තකු ලියූ උඩරට නීති රීති නම් ග්‍රන්ථයේ මිනිසාට අයත් නැති හෝ ගොවිතැන් නොකළ හෝ කැලෑ හා මුඩුබිම් රජුට අයිති බව පවසා ඇත.

පැරණි ගොවි බදු ක්‍රම

රටේ උපද්දන ධාන්‍යවලින් දහයෙන් පංගුවක්‌ රජයට දීම පෙරදිග රටවල සිරිත විය. පැරණි ග්‍රන්ථවල "සස්‌ස මේධය" යයි කිය වෙන්නේ මෙයටය. "අසාරහ" නම් රජුට එම නාමය ලැබුණේ රාජ භාගය සියයට දහයක්‌ ගත් නිසා බව අටුවා වන්හි සඳහන්ය. බිම් අඳය ලෙස දහයෙන් පංගුව දුන් බව විනය පිටකයේද සඳහන්ය. පසුව එම බද්ද පහෙන් පංගුව විය.

මඩරන් බද්ද

මෙය රජයේ බිම් ප්‍රමාණයකට දුන් බව පෙනේ. වැසි දියෙන් වගා කළ කුඹුරුවලට පමණක්‌ අයකර ඇත.

වලහන

ගොයම් කපා පාගන අයට කුලිය ලෙස දුන් කොටස වලහනය. සමහර ගම්වල අදත් ගොයම් කපන අයට ගොයම් කොටසක්‌ම දෙනු ලැබේ. සමහරු කුරුණියෙන් මැන වී දෙති. අද කාලයේ නම් කුලිය ලෙස මුදල් දෙති. වී අගේ කරන අය වී ලබා ගනිති.

සුවන්දිරම්

සුවන්දිරම් ප්‍රමාණය සියයට හතළිස්‌ අටෙන් එකකි. මාතර පළාතේ දැනටත් පවතින ක්‍රමයකි.

මහවර

පන්සල් හා දාන ශාලාවලට දුන් වී බද්දයි. වී බදු අය කරන්නාගේ නිවසට "බද්දෙ ගෙදර" වී බද්දෙ ගෙදර වැනි නම් අදටත් භාවිතයේ පවතී. බද්දෙ රාළ නාමය අද පෙළපත් නාමයක්‌වී ඇති බව ද පෙනී යයි.

ඉරවරිය

මේ බද්ද සඳහා දෙනු ලබනුයේ හාල්, මී පැණි සහ දුංතෙල් ආදියයි. ඉරවරි යන්නෙන් බිම් බද්ද අදහස්‌ වෙයි.

ඩතු

නින්දගම් කඹුරු වගා කළ විට නින්දගම් කාරයාට ගෙවූ කුලිය "ඩතු" නම් විය.

දකපතිය

ජලය පරිහරණය කිරීම වෙනුවෙන් අය කළේ දකපති බද්දය. සඳු මුහුණු රජුගේ දේවිය ඉසුරුමුණියට මණිකාර ග්‍රාමයෙහි දකපතිය දුන් බව මහා වංශයෙහි සඳහන්ය.

නිල පඬුරු

වගා කළ ඉඩම් වෙනුවෙන් රජයට ගෙවන බදු මුදලකි.

සලාරිස්‌

වෙල් විදානේට දුන් කොටස මේ නමින් කියෑවේ. මේ බද්ද සියයට එකකි.

බොජිනි පතිය

වගා කළ හා පදිංචි ඉඩම්වලින් රජයට දුන් බද්දට බොජිනි පතිය යයි කියති.

කත්හාල්

රජ වාසලට ගෙන යන හාල් කදය.

පඬුරුවත

නිසරු කුඹුරු හිමියන් ගෙන් අය කළ බද්දකි. මෙය නිශ්ශංකමල්ල රජු විසින් ඉවත් කරන ලදී.

බලිබත්

බිලිසාල් ධාන්‍යවලින් දුන් බදු විශේෂයකි. රාජ්‍ය නිලධාරීන්ට දෙන ඇකුම් බලිබත යයි ද කියති.

භාරමාරුව

ඉඩමක්‌ වගාවට භාර ගැනීමේදී මුල් වරට දෙන මුදල භාර මාරුවයි. 

වී රේන්දය

රේන්ද බද්දෙන් අය කළ වී ගබඩා කළ තැනට පත්තායම යයි හඳුන්වා තිබේ. පත්තායම යනු මලයාලි වචනයකි. මාතර පළාතේ පත්තායම තංගල්ලේ පිහිටුවා තිබුණේය. එහි ලේකම් ධුරය දරන්නා පත්තායමේ ලේකම් නමින් ප්‍රකට විය. ජාන්චිද සිල්වා සමරවීර ඔහුගේ නමය. මාතර යුගයේ ප්‍රකට කවියෙකි. ගජමන් නෝනා සමඟ පෙම් කවි ලීවේ ඔහුය. හෙතෙම ගෘංගාර රසයට බරවූ කවි ලියා ඇත.

බොල් පසලාසය

බොල් පොලා ලබා ගන්නා වියට වලහන නමින් කියයි. ශුද්ධ නොකළ කාටුව මලු ගණනින් වී අස්‌වැන්න අනුමාන කළ හැකිය. පන් කොළ වලින් එකල මලු ගොතන ලදී. අද ඒ ක්‍රමය නැත. 

පැල්දොර

පැල්ලැගීම වෙනුවට ගෙවන කුලිය පැල්දොර නම් වේ. පැල් රකින කුඹුරු අද කාලයේ හිඟය. හේන්වල නම් ඇත. කැලෑ බද දෙණි කුඹුරුවලට වල් ඌරෝ එති. එනිසා පැල් සිටිය යුතුය. පැල්කවි කිය යුතුය.

කරුව

තම කෙතට ආරක්‌ෂාවට සහාය කරගන්නාට දෙන ධාන්‍ය කොටසයි දෙය්යන්නෙ වී. 

පාවරක්‌ පළමු කොටම මැනීමේදී වෙන් කරන වී ස්‌වල්ප යයි. අක්‌කියල් ලාභ නමින් හඳුන් වන්නේද මෙයයි.

අතපැන් දිය

අතමාරුව ගත් ධාන්‍ය කොටසයි. "ත්‍යාග යයි කියා දෙති" යනුවෙන් පූජාවලියෙහි මේ ගැන කදිමට විස්‌තර වෙයි.

කටුමානතු පාගා ගත් ධාන්‍යවල ඉතිරිවන කුඩා රොඩ්ඩ ඉපළකින් ඉවත් කිරීමද දෙන ගතමනාවයි.

අඳේ

ගොවි බදු අයකර ගැනීමට එකල වගා ආරච්චිලා පත්කර තිබිණි. "වගාච්චි කන්ද" නමින් ප්‍රදේශයක්‌ මොරවක්‌කෝරළේ ගොරකවලට නුදුරුව පිහිටා තිබේ. අඳේට කුඹුරු වගා කිරීම අදත් ඇත. අනුන්ගේ කුඹුරක්‌ අල්ලාගෙන වැඩ කිරීම අඳ ක්‍රමයයි.

වී වගා වගතුග

සිංහල රජ සමයේදී බදුල්ල - රත්නපුර, කෑගල්ල වැනි පළාත්වල නින්දගම් පවරා තිබිණි. කුලීකරුවන් යොදා කුඹුරු වගා කරන ප්‍රදේශ ද ඇත. වී වගාවට ගොවි කුලයට පමණක්‌ සීමා නොවන්නකි.

කුඹුරු රැසක්‌ ඇති නිසා වෙල්ලස්‌සය වෙල්ලස්‌ස වී ඇත. බද්දේගමට ඒ නාමය ලැබී ඇත්තේද බත් දෙන ගම අදහසින්ය. එකල වී ගබඩා කර තැබීමට වී අටු ද කොටුද වී පෙට්‌ටිද පැවතිණි. ලංකාතිලක විහාරයේදී විශාල වී පෙට්‌ටියක්‌ දැක ගැනීමට තිබිණි. ගොවියා මේ රටක බලේ බත අපේ ප්‍රධාන ආහාරයයි. සහල් අපගේ ජීවනයයි. බත් සපයන අත් බැබලේවි.




අලපලාදෙණියේ 
සුමනදාස සිරිවර්ධන


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, March 6, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ

 

 

 භික්‍ෂුවට හොඳටම විශ්වාසයි හෙට දවසේ සතර සතිපට්‌ඨාන ධර්මයන්ගෙන් සිත ආවරණය නොකරගත් ස්‌වාමීන්වහන්සේ නමක්‌ මතුවෙලා ප්‍රකාශ කලොත් අහවල් ගංගාවෙන් දිය දෝතක්‌ පානය කළෙත් මේ ජීවිතයේදීම සෝවන්ඵලයට පත්වෙනවා කියල අපේ පිංවතුන්ලා වැල නොකැඩී ඒ ගංගාව සොයාගෙන යනවා. අදහස යෝජනා කරන පංචඋපාදනස්‌කන්ධයත් අදහස ක්‍රියාත්මක කරන පංච උපාදනස්‌කන්ධයත් මාරයා කියල දකින්නේ නැහැ.

 

(සතර සතිපට්‌ඨාන ප්‍රවේශය -2)

බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ ඔබට 
අතහැරුණු හේතුව මෙයමයි
උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. 

භික්‍ෂුව ගිහිකාලයේ ඇසුරුකරපු සමාජය, භික්‍ෂුවට ආදරය කරපු සමාජය, භික්‍ෂුවට කමටහනක්‌ වු සමාජය තවමත් ඒ විදිහටම තිබෙනවා. ඥාතියා, අසල්වැසියා, හිතවතා, පන්සල, ගම, නගරය තවමත් ඒ විදිහට තිබෙනවා. නමුත් ඒ සමාජය නිසා භික්‍ෂුව තුළ වර්තමානයේ තෘෂ්ණාවෙන් බැඳීමක්‌ සකස්‌වන්නේ නැහැ. සිත හිස්‌වයි පවතින්නේ. ලස්‌සන අවලස්‌සන තවමත් ලෝකයේ තිබෙනවා. නමුත් සිත හිස්‌වෙලා. සිත හිස්‌වුන තැනදී ලෝකය හිස්‌ දෙයක්‌ බවටයි පත්වෙන්නේ. මොකද ලෝකය පුරවලා දෙන්නේ තෘෂ්ණාවෙන්. රූපයේ අනිත්‍යභාවය දකිමින් හිස්‌කළ සම්මුති ලෝකය දෙස තෘෂ්ණාව හිස්‌කළ පංච උපාදනස්‌කන්ධය නැමති ලෝකය තුළින් බැලීමේදී හිස්‌බවක්‌මයි දකින්නේ. 

රූපයත් රූපය ඇසුරෙන් සකස්‌වෙන කැමැත්තත් අකැමැත්තත් ගැන සටහන් තබමින් භික්‍ෂුව පිංවත් ඔබට මේ කියන්න යන්නේ පංචඋපාදාන්ස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකර ගැනීමේ තීරණාත්මක ධර්මතාවය වන උතුම් සතර සතිපට්‌ඨාන ධර්මය ගැනයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා යමෙක්‌ මේ උතුම් සතර සතිපට්‌ඨාන ධර්මයන් සම්මාසම්බුද්ධ දේශණාවට අනුකූලව දින 07 ක්‌ වැඩුවොත් ඔබ චතුරාර්ය සත්‍යය අවබෝධකරගැනීමට කැමති වෙන්න ඕනේය කියලා. දින 07 කින් ධර්මාවබෝධය ලබන්න ඔබට බැරිවුනොත් සති 07 කින් ධර්මාවබෝධය ලබන්න කැමතිවෙන්න ඕනේය කියලා. සති 07 කින් ධර්මාවබෝධය ලබන්න ඔබට බැරිවුනොත් මාස 07 කින් ධර්මාවබෝධය ලබන්න කැමති වෙන්න ඕනේය කියලා. මාස 07 කින් ධර්මාවබෝධය ලබන්න බැරිවුනොතින් අනිවාර්යෙන්ම අවුරුදු 07 කින් ධර්මාවබෝධය ලැබෙනවාය කියලා. බුදුරජාණන් වහන්සේ හේතුඵල දකිමින් ධර්මාවබෝධය ලැබිය හැකි කාල වකවානු පිළිබඳව පැහැදිලි සහතිකයක්‌ ලබාදී තිබියදී සාරාසංඛ කල්ප ලක්‍ෂගණනක්‌ ඈත පටන් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂගණනක්‌ පසුකර පැමිණි ගමනේදීවත් මේ උතුම් සම්මා සම්බුදAධ ශාසනය මුණගැසුණ මේ ජීවිතේදීවත් පිංවත් ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධකර ගැනීමට නොහැකිවූයේ උපරිම වශයෙන් අවුරුදු 07 ක්‌ සතර සතිපට්‌ඨාන ධර්මයන් නිවරුදිව ප්‍රගුණ නොකළ හේතුව නිසාමයි. උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. 

සතර සතිපට්‌ඨාන ධර්මයන්ගෙන් ආවරණය නොකරගත් මනුෂ්‍ය ජීවිතය නිරතුරුවම මුලාවන්ට කොටුවෙනවා. වර්තමානයේ ධර්මයේ නාමයෙන් මනුෂ්‍යයින් වැළඳගන්න මුළාවන් දෙස බලනවිට පිංවත් ඔබට ඉහත කාරණය පැහැදිලිවෙනවා. භික්‍ෂුවට හොඳටම විශ්වාසයි හෙට දවසේ සතර සතිපට්‌ඨාන ධර්මයන්ගෙන් සිත ආවරණය නොකරගත් ස්‌වාමීන්වහන්සේ නමක්‌ මතුවෙලා ප්‍රකාශ කලොත් අහවල් ගංගාවෙන් දිය දෝතක්‌ පානය කළෙත් මේ ජීවිතයේදීම සෝවන්ඵලයට පත්වෙනවා කියල අපේ පිංවතුන්ලා වැල නොකැඩී ඒ ගංගාව සොයාගෙන යනවා. අදහස යෝජනා කරන පංචඋපාදනස්‌කන්ධයත් අදහස ක්‍රියාත්මක කරන පංච උපාදනස්‌කන්ධයත් මාරයා කියල දකින්නේ නැහැ. අනුන්ගේ මෝහයෙන් ගිනිගන්නා පංච උපාදනස්‌කන්ධයක්‌ නිසා තමනුත් ගිනි අවුලුවා ගන්නවා. මෝහය නිසාම සමාජය තුළ ඇවිලෙන මේ ගින්න යම් පමණකට හෝ නිවාගැනීමට අවශ්‍යනම් සම්මාදිට්‌ඨියට යටත්ව සතරසතිපට්‌ඨාන ධර්මයන්ට අනුව පංචඋපාධානස්‌කන්ධයේ හිස්‌භාවය තේරුම්ගත යුතුව තිබෙනවා. එසේ නොවන විට අනිත්‍යවු පංචඋපාධානස්‌කන්ධයක්‌ මමය, මගේය කොටගෙන සමාජයතුළ වැඩෙන මෝහයට තවතවත් අපි පොහොර දමනවා. බුදුරජාණන්වහන්සේ ප්‍රතික්‌ෂේපකොට වදාල කාමසුඛල්ලිකානු යෝගයත් අත්තකිලමතානු යෝගයත් තුළින් නිවීමේ මාර්ගය තරණය කිරීමට වර්තමාන සමාජය ගන්නාවු ව්‍යායාමය එහිම ප්‍රතිඵලයන්මයි. කල්‍යණමිත්‍ර ආශ්‍රයේ දුර්වලතාවයන් නිසාම වේවැල අතටගත් ව්‍යාපාරික ක්‍රමවේදයන්ට භාවනාව හසුවීම නිසාම මෝහයේ අව්කාෂ්ඨකයෙන් මොළය වියලී ගිය මනුෂ්‍යයින්ට සැබෑම සතර සතිපට්‌ඨාන ධර්මය සිහිල් පොද වැස්‌සක්‌ වෙනවා. රූපයන් සොය සොයා කාමයන් පසුපස හඹායන ජීවිතවලට, මැරෙන බව නොදැන ජීවත්වීමම අරමුණුකරගත් ජීවිතවලට, සතර සතිපට්‌ඨාන ධර්මය මහා ඔසුවක්‌ වෙනවා. කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතරසතිපට්‌ඨාන ධර්මයන් තුළින් රූපයත්, රූපය ඇසුරෙන් සකස්‌වෙන පංචඋපාධානස්‌කන්ධයේ යථා ස්‌වභාවයත් ඔබට මතුකර දෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගුරුවරයා බවට පත්කරගෙන උතුම් සතරසතිපට්‌ඨාන සුත්‍රය එකම කමටහන බවට පත්කරගෙන ධර්මයෙන් සැනසීමට පහත සටහන පිංවත් ඔබට පුංචි හෝ උපකාරයක්‌ වෙතැයි භික්‍ෂුව විශ්වාස කරනවා. 

බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා අතීතයේ රජ කුමරුන්ට ආණක කියල බෙරයක්‌ තිබුනා කියල. එම බෙරයෙන් අණබෙර ගහල තමයි තම යටත් වැසියන්ගේ අස්‌වැන්නෙන් තමන්ට අයිති බදු කොටස ලබාගන්නේ. මේ අණ බෙරයේ කඳ සිදුරු වුන විට එම සිදුරට ඇණයක්‌ ඔබනවා මෙහෙම කාලයක්‌ යද්දී බෙර කඳ අතුරදහන්වෙලා ඇණ ඔබපු සැකිල්ල ඉතුරුවෙනවා. මේ උපමාවෙන් බුදුරජාණන්වහන්සේ දේශනාකරන්නේ, උන්වහන්සේ විසින් වදාල අර්ථවත් ගාම්භීර සුත්‍ර දේශනාවන් තිබුනත් අනාගතයේදී පිංවතුන් ඒවා අහන්න දේශනාකරන්න කැමතිවෙන්නේ නැහැය කියල. කවි, විරිදු, විසිතුරු කියුම් අසන්න ශ්‍රාවකයින් කැමතිවෙනවාය කියලා. මේ හේතුව නිසාම බුදුරජාණන් වහන්සේ දේශණාකර වදාල අනිත්‍ය දුක්‌ඛ අනාත්ම ත්‍රිලක්‍ෂණයට අදාළ ධර්මයන් ක්‍රමානුකූලව අතුරුදහන්වෙනවාය කියල. එම නිසා පිංවත් ඔබ පංචඋපාධනස්‌කන්දයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම අවබෝධයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශණාකර වදාල ගාම්භීරම දේශණාව වන සතර සතිපට්‌ඨාන සුත්‍රය කැමැත්තෙන් ඉගෙන ගන්නවාය ජීවිතයට එකතුකර ගන්නවාය කියල තීරණය කරන්න ඕනේ. සතර සතිපට්‌ඨාන සුත්‍රයට බාහිරව සමාජය තුළ භාවනාවේ නාමයෙන් ක්‍රියාත්මක වන යම් ක්‍රියාකාරකම් ඇතොත් ඒවා නුවනින් හඳුනාගෙන බැහැර කරන්න ඕන. සතර සතිපට්‌ඨාන ධර්මයන් පිළිබඳ යථා ස්‌වභාවය කෙලෙස්‌ දුරුකිරීමේ වීර්යෙන් කෙලෙස්‌ දුරුකිරීමේ නුවණින් සතියෙන් සිහියෙන් යුතුව, සත්වයාගේ අවබෝධය නිසාම හටගත් දුක නැමති උපාධානස්‌කන්ධ ලෝකය දකිමින් ජීවත්වන්න දක්‍ෂවෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා යමෙක්‌ පිංවත් ඔබේ පපුවට තියුණු උලකින් දිනකට 300 වතාවක්‌ අනිනවා. මේ විදියට වසර 300 ක්‌ දිනපතා උල්පාරවල් 300 බැගින් අනිනවා. මෙවැනි වේදනාවක්‌ විඳලා හෝ යමෙක්‌ ඔබට කීවොත් ධර්මාවබෝධය ලබාදෙනවා කියල ඔබ ඒ දුක විඳලා ධර්මාවබෝධය ලබන්න කැමතිවෙන්න කියලා. මෙවන් දුෂ්කර කටයුත්තක්‌ උපරිම වසර 07 කින් පරිපුර්ණභාවයට පත්කරදීමට සතරසතිපට්‌ඨාන ධර්මයන්ට පුළුවන්ය කියල බුදුරජාණන් වහන්සේ සහතිකයක්‌ දෙනවා. පෙර පිනටම පිංවත් ඔබට ලැබුණු මේ උතුම් අවස්‌ථාව සතරසතිපට්‌ඨාන ධර්මයන්ට අනුව ජීවිතය නොදකින නිසාම අතපසුකරගන්න එපා. 

(
කායනුපස්‌සනාව විග්‍රහය ලබන සතියේ සිට...)

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, January 4, 2016

මේ මෝහෝතේදීම නිවන අත්දුටු යෝගාවචරයින්ගේ කටහඬ්න්ම ඔබතුමාගේ/තුමියගේ සෝතප්‍රසාදයට

 


පින්වත් මහත්මයාණෙනි/මහත්මියනි,

මේ භවයේදීම නිවන මෙතෙක් ඔබට සිහිනයක් වූයේනම්, මෙම වීඩියෝවට සවන්දීමෙන් එය යතාර්ථයක් කරගත්හැක්කක් බව ඔබටම වැටහෙනු ඇත.
මෙය ඔබ අතට පත්වනුයේ ඔබගේ කුසලය නිසාම බව ඔබටම වැටහේනම්, නිවන වැඩි ඈතක නොවේ.
හේතුඵල දහම තුල ඔබට ලැබෙන්නාවූ මෙම අනාත්මයට හෙවත් ධර්මතාවයට අනුගතවීම තුල මේ මෝහෝතේදීම නිවන අත්විඳිය හැක.
මෙහි ඒහිපක්ෂිකභාවය අත්දැකීමට තව තවත් කුසල් පහල වේවා.

 

මෛත්‍රියෙනි,

 

 

 

 

 

                                             

Way to go, Nibbana!
Your video is now on YouTube.

 

 

 

 

නිවන-මේ මෝහෝතේම 59.10 - යෝගාවචර විදර්ශනා අත්දැකීම් 18

Want to spread the word about your newest video?

Share your video

 

 

 

 

 

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Enrique Iglesias ගේ_පැටිකිරිය

 

එරිකේ ඉග්ලිෂියාස් ඔහුගේ නමයි. එන්රිකේ යනුවෙන්ද ඔහු ජනප්‍රිය විය.එරිකේ මිගෙල් ඉග්ලිෂියාස් ප්‍රෙස්ලර් ඔහුගේ සම්පූර්ණ නමය.බටහිර සංගීත ක්ෂේත‍්‍රයේ ඔහු හැඳින්වෙනුයේ ලතින් පොප් සංගීතයේ රජු ලෙසය. ස්පාඤ්ඤ ජාතිකයෙක් වන හෙතෙම ඉංගී‍්‍රසි හා ස්පාඤඤ භාෂා ද්විත්වයෙන්ම ගීත ගයන්නේය. ඔහුගේ බොහෝ ගීත ස්පාඤ්ඤ ඌරුවට බරය. ගයන ඇතැම් ඉංගී‍්‍රසි ගීත වලට ඔහු යොදා ඇත්තේද ස්පාඤ්ඤ නම්ය.දරුවන් තිදෙනකුගෙන් යුතු වූ පවුලක බාලයා ලෙස එරිකේ 1975 මැයි මස 8 වැනිදා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී උපත ලැබීය. ඔහුගේ පියා එවක ජාත්‍යන්තර තලයේ ජනපි‍්‍රය ගායකයෙක් වූ ජූලියෝ ඉග්ලිෂියස් විය. ඉසබෙල් ප්‍රෙස්ලර් නම් වූ ඔහුගේ මව සඟරාවක වාර්තාකාරිනියක වූවාය. ඔහුගේ මුත්තණුවන් ත‍්‍රස්ත කණ්ඩායමක පැහැර ගැනීමට ලක්වීමත් සමග ඔහු හා ඔහුගේ සොහොයුරා එදවස ඇමරිකාවේ වාසය කළ පියා වෙත ගියේය.

දෙමව්පියන්ගේ වුවමනාව වූයේ එන්රිකේට හොඳ අධ්‍යාපනයක් ලබාදීමය. නමුත් ඔහුට වෙනත් සැලසුම් තිබිණ. සංගීත ක්ෂේත‍්‍රයට ඇතුළුවීමේ නොතිත් ආශාවකින් ඔහු පසුවිය. ජූලියෝ ගේ පුතණුවන් ලෙස නොව තනිව නමක් ඇතිකර ගැනීම ඔහුගේ අරමුණ විය. අතට ලැබෙන මුදල් ඉතිරිකරගත් හෙතෙම ඉංගී‍්‍රසි ගීත දෙකක් හා ස්පාඤ්ඤ ගීතයක් ඇතුළත් කැසට් පටයක් හැදුවේය. සංගීත කටයුතු නිසා ඔහුට අධ්‍යාපනයටද ආයුබෝවන් කියන්නට සිදුවිය.
1994
වසරේදී ගායකයකු ලෙස සංගීත ක්ෂේත‍්‍රයට පිවිස ඔහු ඉතාම කෙටි කලකින්ම ඉහළ ජනපි‍්‍රයත්වයත් අත්කරගැනීමට සමත් විය. මෙයට හේතුවූයේ ඔහුගේ ගීත වලට ලතින් ඇමරිකාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ ජනපි‍්‍රයත්වයක් හිමිවීමයි. මේ නිසා යුනිවර්සල්, ඉන්ටර්ස්කෝප් වැනි ඇමරිකාවේ ප‍්‍රකට සංගීත නිෂ්පාදන සමාගම් සමග ඉහළ වටිනාකමින් යුතු ගිවිසුම් ඇතිකරගැනීමටද ඔහුට අවස්ථාව හිමිවිය. මෙවන් සමාගම් යටතේ ඔහු නිර්මාණය කළ ගීත හා ගීත ඇල්බමයන් විකිණී ගියේ උණු කැවුම් මෙනි.
වාර්තා වල දැක්වෙන අයුරින් ඔහුගේ නමින් ලොව පුරා දැනට විකිණී ඇති ගීත ඇල්බම සංඛ්‍යාව ලක්ෂ 1370 ඉක්මවයි. ඔහුගේ ගීත බටහිර ගීත දර්ශක වල ප‍්‍රථම ස්ථානයේ සති ගණන් රැඳී තිබී ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඔහුගේ නමට අභියෝග කළ හැකි තරමේ බටහිර ගායකයෙක් තවමත් නොමැති බවද සඳහන්වේ.

එන්රීකේ ඉග්ලේසියාස්ගේ උස 6'1'' කි. හිස කෙස් පමණක් නොව ඇස් ද දුඹුරු පැහැතිය. එය එන්රීකේගේ රසිකාවියන් ඔහුට ඇළුම් කරන එක් හේතුවක් වී ඇතැයි පැවැසෙයි. එක් කම්මුලක ඉන්නකු සහිත සරාගී ගායකයා ලෙස ද එන්රීකේ කලක් හැඳින්විණි. ඒ, 2003 වසරට පෙරය. එන්රීකේට සොහොයුරෝ දෙදෙනෙකි. සොහොයුරියෝ පස් දෙනෙකි. තමා ගායකයකු ලෙස හඳුන්වා දෙනවාට වඩා, ගීත රචකයකු ලෙස හඳුන්වා දෙන්නේ නම් කැමැති බව එන්රීකේ අවස්ථා ගණනාවකදී පවසා ඇත.ආසියාකරයේ ඔහුට ඉහළම ඉල්ලූමක් හිමිවී ඇත්තේ ඉන්දියාවේය.
ඔහු නිර්මාණය කළ දසවැනි ගීත ඇල්බමය 'සෙක්ස් ඇන්ඞ් ලව්' පසුගිය වසරේ මාර්තු මස නිකුත් විය. අලූත් ඇල්බමයක් නිකුත් කළ වහා එය ප‍්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල පැවැත්වෙන සංගීත සංදර්ශනයන්ට සහභාගීවීම මුල් පෙළ බටහිර ගායක ගායිකාවෝ ආහ. පසුගිය 20 වැනිදා කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී පිටියේ පැවැත්වුණු ප‍්‍රසංගයද එවැන්නකි. එන්රික්ගේ අලූත්ම ගීත ඇල්බමයේ නමින්ම එම ප‍්‍රසංගයද සෙක්ස් ඇන්ඞ් ලව් ලෙස නම් කර තිබුණේ ඒ නිසාවෙන්මය. රුපියල් 5000 සිට රුපියල් 35,000 දක්වා ටිකට් අලෙවි වූ එම ප්‍රසංගයට 7500ක් දෙනා ආ බව කියති.
ප‍්‍රසංග වේදිකාවට ගොඩවන තම රසික රසිකාවියන්ට හාද්දකින් හෝ වැළදගැනීමකින් සංග‍්‍රහ කිරීම ඔහුගේ පුරුද්දක් බව කියති. ලතින් ගීත වලට අනන්‍ය අයුරින්ම ඔහුගේ ගීතද ශෘංගාරය දනවන බැවින් උන්මාදයක් ඔහුගේ ඇතැම් රසික රසිකාවින් අතර ඇතිව තිබෙනු හඳුනාගත හැකිය. වේදිකාව වෙත තම තනපට ගලවා විසිකරන්නෝ ඔවුහුය. මෙය ඔහු සහභාගීවන බටහිර සංගීත ප‍්‍රසංග වල සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.

සංගීත ක්ෂේත‍්‍රයට පැමිණ වසර ගණනාවක් වුවත් වෙනත් බොහෝ බටහිර ගායකයින්ට මෙන් අයථා සම්බන්ධතා පැවැත්වීයැයි හෝ මත්පැන් හෝ මත්කුඩු ලෝලියෙකැයි හෝ චෝදනා ඔහුට නැගී නොමැත.සංගීත ක්ෂේත‍්‍රයට මෙන්ම ව්‍යාපාරික ක්ෂේත‍්‍රයටද එන්රික්ගේ ඇල්ම හිමි බව සදහන්ය.ඔහු සතුව ප‍්‍රකට ව්‍යාපාර කිහිපයක්ම පවතී.සහන සේවා කටයුතු සදහා නිර්ලෝභිව තම ධනය බෙදාදෙන පුද්ගලයකු ලෙසද ඔහු ප‍්‍රකටය.එන්රීකේ උදේ අවදි වන කෙනෙක් නොවේ. ? පහන් වනතුරු සංගීත ප‍්‍රසංගවල නියැළෙන අවස්ථාවලදී පමණක් නොව, සාමාන්‍ය දිනවලදී පවා එන්රීකේ අවදි වන්නෙ උදේ ආහාරයට නොව දිවා ආහාරයට යැයි පැවැසෙයි. හැම්බර්ගර්, බැදපු අල පෙතිවලට හෙතෙම පි‍්‍රය කරයි. සුපිරි පොප් ගායකයකු වුවත්, එන්රීකේ දුම් පානය නොකරයි. මත්ද්‍රව්‍ය පාවිච්චියක් නැති බවත් පැවැසෙයි.

එන්රීකේ ත‍්‍රාසජනක කී‍්‍රඩාවලට පි‍්‍රය කරයි. ඔහු රළ පැදීමට එසේත් නැතිනම් රළ මත ලිස්සා යන 'සර්ෆිං' කී‍්‍රඩාවට කැමැත්තක් දක්වයි. එක් අවස්ථාවක එන්රීකේ සර්ෆිං කී‍්‍රඩා කරද්දී, රැුල්ලකට හසුවී ගසා ගෙන ගොස් කඩොලාන ගසක හැපී හිස පිටුපස කණ ළඟ තුවාල කර ගත්තේය. මැහුම් 39 ක් දැමීමට ද සිදුවිය. පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් සැබෑවක් යැයි එන්රීකේ විශ්වාස කරයි. 
නිවසින් පිට යන විට එන්රිකේ සැමවිටම ළඟ තබා ගන්නේ ඩොලර් 20 ක් පමණි. ඊට වැඩියෙන් ඔහු මුදල් ළඟ තබා ගන්නේ නැත. ඔහුගේ පි‍්‍රයතම වර්ණ කළු, අළු සහ සුදුය. එහෙත් ඔහු වඩාත් ආසා කරන තොප්පියේ පැහැය නිල් ය. එන්රීකේ වහළය හැකිළිය හැකි මෝටර් රථවලට පි‍්‍රය කරන තැනැත්තෙකි. පදිංචිය ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි මියාමි නගරයේය. 

එන්රීකේ විහිළුවට සහ විනෝදයට බර පුද්ගලයෙකි. බොහෝ අවස්ථාවලදී පාවහන් නොපැළඳ සිටීමට හෙතෙම පි‍්‍රය කරයි. අඳින්න කැමැති සැහැල්ලූ ඇඳුම්ය. වඩාත් කැමැති ටී ෂර්ට් සහ ඩෙනිම් කලිසමයි. එන්රීකේ කිසිදාක අත් ඔරලෝසුවක් පැළැඳ නැත. පළඳින්නේ ද නැතැයි පැවැසෙයි. ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවලත් මුළු මහත් ලෝකයේත් අවධානය දිනා ගැනීමට පෙර ස්පාඤ්ඤ ගායකයකු ලෙස එන්රීකේ පළමුවෙන්ම කරළියට පැමිණෙද්දී, ස්පාඤ්ඤ ගීත විචාරකයන්ගෙන් නොසෑහෙන්න බැණුම් ඇසුවේය.විචාරකයෝ ඔහුගේ ගීතවලට හැර ඔහුගේ පෙනුමට, ඔහු අඳින ඇඳුම්වලට පමණක් නොව කොණ්ඩයටත් දොස් නගන්නට වූහ. 2003 වසරේදී වෛද්‍ය උපදෙස් මත මෙම ඉන්නා ඉවත් කෙරුණි. වෛද්‍යවරුන් පවසා තිබුණේ පිළිකා තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති හෙයින් ඉන්නා ඉවත් කළ යුතු බවය.

එන්රීකේ ස්පාඤ්ඤ බසින් පළමු ගී ඇල්බමය එළිදැක්වූයේ 1995 සැපතැම්බර් 25 වැනිදාය. 90 දශකයේත් 2000 මුල් දශකයේත් එන්රීකේ අතිශින් ජනපි‍්‍රය ගායකයෙක් විය. සංගීතය යනු විශ්ව භාෂාවක් යැයි යළිත් වරක් පසක් කර දීමට එන්රීකේ 1998 දී ගායනා කළ 'බයිලාමෝ' සහ 2001 දී ගායනා කළ 'හීරෝ' වැනි ගීත සමත් විය. රිකී මාර්ටින් සහ මාර්ක් ඇන්තන ඔහුගේ සමකාලීනයෝය. එන්රීකේ පවසා ඇත්තේ මොවුන් දෙදෙනාට තමා අතිශයින් ගරු කරන බවය. ස්පාඤ්ඤ බසින් වූ දෙවැනි ගීත ඇල්බමය එළිදැක්වූයේ 1997 ජනවාරියේය. තෙවැනි ඇල්බමය 1998 සැප්තැම්බර් පළමු වැනිදා එළිදැක්වීය. එන්රීකේ සිය පළමු ගීත ඇල්බමය පිදුවේ ඔහුගේ ආයම්මා එල්විරාටය. මවගේ අඩුව පුරවමින්, තමාට සංගීත ලොවේ ඉදිරියට යන්න මඟ පෙන්නුවේ ඇය යැයි එන්රීකේ පවසා ඇත.

ලෝ සුපතළ 'පීපල්' සඟරාවේ වඩාත් කඩවසම් පුද්ගලයන් 50 දෙනා අතරින් පළමු තැන හිමි කර ගැනීමට එන්රීකේ වරක් සමත් විය. ප‍්‍රසංග වේදිකාවේ අවස්ථා කිහිපයකදීම පය පැටැළී වැටුණු ගායකයකු ලෙස ද එන්රීකේ ප‍්‍රකටය. ඇමෙරිකන් සංගීත සම්මාන උලෙළකදී පළමු වරට සජීවී ගී ගායනා කළ ස්පාඤ්ඤ ගායකයා වූයේ එන්රීකේය. ඔහු ගායකයකු ගීත රචකයකු පමණක් නොව නළුවෙක් ද වෙයි. ලතින් පොප් සංගීතයේ රජු ලෙස තවමත් කිරුළු පැළැඳ සිටින්නේ මොහුය. 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, December 28, 2015

Enrique

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.