Tuesday, December 13, 2016

Money

How interesting .... I never thought Money has different names!

look after ex family , its called* maintenance*

In temple or church, it's called *donation.*

In school, it's *fee.*

In marriage, it's called *dowry.*

In divorce, *alimony.*

When you owe someone, it's *debt.*

When you pay the government, it's *tax.*

In court, it's *fines.*

Civil servant retirees, it's *pension.*

Employer to workers, it's *salary.*

Master to subordinates, it's *wages.*

To children, it's *allowance.*

When you borrow from bank, it's *loan.*

When you offer after a good service. it's *tips.*

To kidnappers, it's *ransom.*

Illegally received in the name of service, it's *bribe.*

The question is, "when a husband gives to his wife, what do we call it?

 

*ANSWER: Money given to your wife is called DUTY, and every 

man has to do his duty because wives are not *duty-free*.


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, December 4, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ - චිත්තානුපස්‌සනාව - 15

 

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
චිත්තානුපස්‌සනාව - 15
සත්වයා භවයට ගාල් කිරීමේ මුල් පියවර- වේදනාව

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් මුසුවීමෙන් 'ඵස්‌සය' (ස්‌පර්ශය) කියන ධර්මතාව සකස්‌ වුණා. ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන ඵලය තමයි වේදනාව. 

'
ඵස්‌ස පච්චයා වේදනා. ඵස්‌ස නිරෝධා වේදනා නිරෝධා' 

ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා සකස්‌වෙන ඵලය තමයි, වේදනාව. නැතිනම් විඳීම කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සැප වේදනාව, දුක්‌ වේදනාව, උපේක්‍ෂාසහගත වේදනාව කියලා තුන් ආකාරයක වේදනාවක්‌. සැප, දුක්‌, උපේක්‍ෂා කියන විඳීම් තුනම නිරෝධය කරන්නේ රහතන්වහන්සේයි. රහතන්වහන්සේ දැක්‌ක දෙය, ඇසුණ දෙය, දැනුණ දෙය තෘෂ්ණාවෙන් තෙත් නොකරන නිසා, විඳීම නිරෝධය වෙලා යනවා. සමහර පිංවතුන්ලා කියනවා රහතන්වහන්සේට විඳීම තිබෙනවාය කියලා. මේ කාරණය නිවැරදිව තේරුම්ගන්න නම්, වේදනාව කියන වචනයේ සැබෑම අර්ථය තේරුම්ගන්නට ඕනේ. වේදනාව කියන අර්ථයට අදාළ ඇලීම, ගැටීම, උපේක්‍ෂාව කියන කාරණා තුන තුළම තෘෂ්ණාව බැසගෙන තිබෙනවා. රහතන්වහන්සේ කියන්නේ තෘෂ්ණාව නිරෝධය කළ උත්තමයෙක්‌. එමනිසා රහතන්වහන්සේ කියන අර්ථය තුළ වේදනාව කියන අර්ථය ප්‍රතික්‍ෂේප වෙනවා. ඉහත මතය දරන පිංවතුන්ලා ඵස්‌සයත්, වේදනාවත් කියන අර්ථ දෙක පටලවාගෙනයි සිටින්නේ. 

රහතන්වහන්සේ ටොෆියක්‌ වළඳනවා යෑයි සිතමු. රහතන්වහන්සේට එම ටොෆියේ රසය දැනෙනවා. ඒ වගේම රහතන්වහන්සේට උෂ්ණය සීතල දැනෙනවා. අනුන් තමන්ට චෝදනාවක්‌ කළත් රහතන්වහන්සේට එය ඇසෙනවා. රහතන්වහන්සේ බාහිර රූප දකිනවා. මෙතැනදි සිද්ධවෙන්නේ ඵස්‌සය. ඵස්‌සය කියන ධර්මතාවය රහතන්වහන්සේ තුළ සිද්ධවෙනවා. නමුත් රහතන්වහන්සේ දැක්‌ක දෙය, ඇසුණ දෙය, දැනුණ දෙය තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. මොකද උන්වහන්සේ රූපය කෙරෙහි විඤ්ඤාණය කෙරෙහි, තෘෂ්ණාව උතුම් ඥාන දර්ශන තුළින් ක්‍ෂය කරලයි සිටින්නේ. රහතන්වහන්සේ පැණි රසයක්‌ වළඳනකොට උන්වහන්සේට පැණිරසයක්‌ දැනෙනාව. නමුත් එම පැණිරස කෙරෙහි උන්වහන්සේ ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් සකස්‌කොටගන්නේ නැහැ. ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් සකස්‌වෙනවා කියන්නේ වේදනාවේ නිරෝධයයි. දැනුණා, ඇසුණා, දැක්‌කා කියන්නේ ඵස්‌සයයි. දැනුණ දෙය, ඇසුණ දෙය, දැක්‌ක දෙය තෘෂ්ණාවෙන් තෙත් කිරීමයි වේදනාව කියන්නේ. 

රහතන්වහන්සේ තුළ ඵස්‌සය කියන ධර්මතාවය නිරතුරුවම සිද්ධවෙනවා. රහතන්වහන්සේ අවබෝධ ඥානයෙන්ම ඵස්‌සයේ අනිත්‍යභාවය දකින නිසා, වේදනාව රහතන්වහන්සේ තුළ නිරෝධය වූ ධර්මතාවයක්‌ වෙනවා. ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් විඤ්ඤාණයත් කියන තියුණු මාර ධර්ම තුනක්‌ විසින් සත්වයා භවයට ගාල් කිරීමේ ක්‍රියාන්විතයේ මුල් පියවරයි වේදනාව කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, වේදනාව තුළත් විඤ්ඤාණය බැසගෙන තිබෙනවාය කියලා. විඤ්ඤාණය නමැති අප්‍රකට මැජික්‌කරුවා පටිච්චසමුප්පන්නව පැමිණි අතීත භව ගමනේ කැමති, අකමැති උපේක්‍ෂාසහගත ධර්මතාවයන්, දැනීම් මතුකොට දෙමින් වේදනව තුළ ක්‍රියාත්මකව සිටිනවා. 

පෙර ජීවිතයේ ප්‍රභූ, මහේශාක්‍ය ජීවිතයක්‌ ගතකරපු මහත්මියක්‌ සිටිනවා. ඇය මේ ජීවිතයේ ඉපදිලා තිබුනේ ප්‍රභූ, මහේශාක්‍ය පවුලක නොවෙයි. නාගරික මධ්‍යම පංතික පවුලක. නමුත් මේ මහත්මියගේ හැසිරීමෙන්, ඇඳුමෙන් පැළඳුමෙන්, ඇවතුම් පැවතුම්වලින් නිරතුරුව පෙර ජීවිතයේ ප්‍රභූ මහේශාඛ්‍ය ගතිලක්‍ෂණ ප්‍රකට වෙනවා. සත්වයාගේ වේදනාව තුළ පටිච්ඡසමුප්පන්නව ගලාගෙන පැමිණෙන විඤ්ඤාණය බැසගෙන තිබෙනවා. 

එක පිංවත් දරුවෙක්‌ සිටිනවා, පුංචි කාලයේදීම එම දරුවා ගාථා කියනවා. අම්මාගේ දුඹුරුපාට සාරිය පෙරවාගෙන 'මම සාදු' 'මම සාදු' කියලා කියනවා. එම දරුවාගේ කැමැත්ත පන්සල් යන්නමයි. පටිච්චසමුප්පන්නව ගලාගෙන එන විඤ්ඤාණය, දැනීම් මේ ජීවිතයේ එම ජීවිතයේ විඳීම තුළ බැසගෙන තිබෙනවා.

එක පිංවත් දැරියක්‌ සිටිනවා, ඇය ළමා කාලයේදීම තම දෙමාපියන්ට කියන්නේ 'මම හමුදාවට බැඳෙනවා ' කියලා. ඇය ළමා කාලයේදී බෝනික්‌කෙකුට වඩා, සෙල්ලම් පිස්‌තෝලයක්‌ තුවක්‌කුවක්‌ සමග සෙල්ලම් කරන්න කැමතී. ළමා ඇයගේ ප්‍රියතම සෙල්ලම 'හොරා-පොලිස්‌' සෙල්ලමයි. ඇය පෙර ජීවිතයේදී කොටි යුද්ධය දරුණුව පැවති කාලයේ රට, ජාතිය, ආගම දැඩි ලෙස උපාදානය කරගෙන සිට මියගිය සිංහල බෞද්ධ කාන්තාවක්‌. පටිච්චසමුප්පන්නව ගලාගෙන පැමිණෙන විඤ්ඤාණය ඇයගේ වර්තමාන වේදනාව තුළ බැසගෙන සිටිනවා.

දැන් පිංවත් ඔබට තේරෙනවා ඇති, පට්‌ච්චසමුප්පන්නව ගලාගෙන එන විඤ්ඤාණය කියන ධර්මතාවය, සත්වයාගේ විඳීම තුළ ක්‍රියාත්මකවන ආකාරය.

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Friday, December 2, 2016

සබද අපි බදු ගෙවමු

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, December 1, 2016

කර්මය, වීර්ය සහ උපේක්ෂා ව


"නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක දඩ  ගහනවා"

බස් කොන්දොස්තර මොරදෙන්නට විය.



"
අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං..."



"
ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ බසයේ රියදුරුය.

"
හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද ඕයි තමුසෙලත්"

 




මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය.
ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු, සතියක් පමණ නොනිදා සිටියකු
මෙන් සෙස්සන්ට දිස්විය. ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ කරේ
බෑගයකි. උරහිසේ තවත් බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට අත දැමූ ඔහු
එළියට ගත්තේ විරිඳු රබානකි.



උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද හිනාවක් පෑ ඔහු, රබාන වාදනය කරන්නට ගත්තේය.



ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං//



සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ගන්න  [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

කිසි දෙවියෙක් හිටියේ නෑ අන්තිමෙ මා ගොඩට ගන්න  [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

පිටරැටි සුද්දෝ හොයපුව තමයි හිටියෙ පිහිට වන්න



 [
ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]



හමබ කරපු හැම සතේම institute පුදල තමා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

මොරටු, කොලඹ, කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා



 [
ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]



නැකැත් බලල පුංචි කාලෙ කිව්ව අකුරු මතක නැතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ජවා, සී, සී ප්ලස් ප්ලස් ඒ වෙනුවට මතක ඇතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ලැන්වේජස් ඕනෙ එකක් එක්කල මම ඔට්ටු වෙතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ASP, PHP 
කැස්සහමත් දොට්ට එතේ



 [
ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]



ඩේටාබේස්, සර්වර් කේස් කරන්න නෑ කිසිම බයක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ඇනලයිසින්, නෙට් වර්කින් මෙව්වෑනුත් ඕන එකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ප්‍රින්ට් කේස්, ඩිසයින් කේස් නන් පුලුවනි ටිකක් ටිකක් [ඩඟරං ටං.....
ඩඟරං ටං..... ]

කොම්පියුටින් කිව්වෝතින් මම කරනව ඕන දෙයක්



 [
ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]



වේකන්සියකට දැම්මම එකම එකට සීයක් උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

පෝලිම් විය ඇවිත් ඇවිත් ගන්නේ නෑ ඔක්කොම උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

පාරින් පාරට ඉන්නව දුසිම් දුසිම් අයි ටී උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ආරංචිය තව එනවලු ඉස්සරහට මං වගෙ උන්



 [
ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]



චේන් කඩල, පොකට් ගහල නෑ මම හොර වැඩ කරන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ෆිෂින් කරල, හැකින් කරල නෑ කෙනෙකුට දුකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

මමම කරල මමම හදල පොඩි software එකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

මෙ දුක අහල පිං සළකල පුලුවන්නං එකක් ගන්නෙ



 [
ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ඩං..... ]





රබාන බෑගයේ ඔබා ගත් ඔහු එම බෑගයෙන්ම ලැප්ටොප් කම්පුටරයක් හා සී.ඩී  දෙකක්
එළියට ගත්තේය.

ලැප්ටොප් එක දිගෑරගත් ඔහු, එහි තිරය ඉදිරියට හරවා නැවතත් කතාකරන්නට විය



මහත්තයෝ...,

මහත්තයෝ මේ තියන්නෙ මමම හදපු ඇප්ලිකේෂන් දෙකක්. මේ හැම එකක්ම කීප සැරයක්ම
ටෙස්ට් කරලා බොහොම සාර්ථකයි කියල සහතික කරලා තියන්නෙ. මේ වගේ එකක් කඩෙන්
ගන්න ගියොත් එකක් රුපියල් 500ක් 600ක් වෙනවා. මම මේ දෙකම දෙන්නෙ රුපියල්
700
කට. කැමති කෙනෙක් ඉන්නවානං කතාකරල ඉල්ලන්න. මීට අමතරව  වෙන ඕනෙම
වර්ගයක සිස්ටම්, ඇප්ලිකේෂන්, වෙබ්සයිට් වගේ  හැම දෙයක්ම මම කරනවා. මං වගේ
කොල්ලෙක්ට ජීවත් වෙන්න පොඩි උදව්වක් කරන්න

පුලුවන්කමක් තියනවානනං ලොකු පිනක්...



එසේ කියූ ඔහු තවත් සී.ඩී කිහිපයක් අතට ගෙන බසයේ ආසන එකින් එක ලඟට ගොස්
බසයෙන් බැසගිය අතර ඒ සිටි සෑම කෙනාටම තමගේ විසිටින් කාඩ්පතක් දීමටද අමතක
නොකළේය.

 

__._,_.___

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.