Sunday, May 28, 2017

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 32

මහරහතුන් වැඩි මග ඔස්සේ චිත්තානුපස්සනාව - 32
ඔබ විසින්ම ඔබ රටවා ගැනීමේ විපාකය දන්නේද?

පිංවත් ඔබේ කයේ ක්රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්කාර, කියන්නේ ආශ්වාස ප්රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්රව් බැහැර කිරීම මේ සෑම ක්රියාවක් ධර්මතාවක්‌. නමුත් ධර්මතාව අනිත් නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

අතීතයේ පින්වත් ඔබ, ධර්ම මාර්ගය වඩමින් තව එක සිතිවිල්ලක් අනිත්යභාවයෙන් දැකීම තුළ උතුම් සෝවාන් ඵල අවබෝධය ලැබීමට හැකියාව තිබියදී, එම සිතිවිල්ල මගේකොට ගැනීම නිසා, ඔබ අතීතයේ උතුම් සෝවාන් ඵලය අහිමි කොටගෙන තිබෙනවා. පින්වත් ඔබ විවේකීව සිටින විට ඉහත කාරණය නුවණින් මෙනෙහි කරන්න. එවිට පින්වත් ඔබට මේ ජීවිතයේදී එවැනි වංචාකාරී ධර්මයන්ට හසු නොවී අතීතයේ ඇතිකොටගත්තා වූ විශේෂ දැනීම්, විඤ්ඤාණයන් අනිත් වශයෙන් දකින්න. දිගින් දිගටම එම වංචාවන්ට හසුවූ, අතීතය නුවණින් මතුකොටගෙන සකස්වුණා වූ දැනීම්, අනිත් වශයෙන් දකින්න. එවිට මේ ජීවිතයේදී එවැනි වංචාකාරී ධර්මයන්ට රැවටීමේ අවස්ථාවන් ඔබට මඟහැරී යනවා.

උතුම් සෝවාන්ඵලයට පත්වූ පින්වතා, පින්වතිය ලෝකෝත්තර සම්මා සතියෙන් පරිපූර්ණ කෙනෙක්වෙනවා. ඔහු සිත මාරයා වශයෙන් හඳුනාගත් කෙනෙක්‌. අනිත් දේ අනිත් වශයෙන්, දුක්දෙය දුක්වශයෙන්, අසුබ දෙය අසුබ වශයෙන්, අනාත්ම දෙය අනාත්ම වශයෙන් හඳුනාගත් කෙනෙක්‌. ඔහුගේ සිත කිව්වොත් ඔහු සෝවාන් ඵලයට පත්වුණාය කියලා, ඔහු දන්නවා, සිතත් මාරයාට අයත් පංචඋපාදානස්කන්ධයක් කියලා. ඔහු තමන් සෝවාන් ඵලයට පත්වුණාය කියන සිතට බැඳී යන්නේ නැහැ. ඔහු මම තුළ සෝවාන් ඵලය තියෙනවා කියලා දකින්නේ නැහැ. ඔහුට මම කියන ධර්මයත්, සෝවාන් ඵලය කියන ධර්මයත් අනිත් වශයෙන් දැක්කාවූ පටිච්චසමුප්පාද ක්රියාවලිය තුළ විසුරුවා දැක්කා වූ ධර්මයක් පමණක්මයි. අවංකව, අර්ථයෙන්ම සෝවාන් ඵලයට පත්වූ පින්වතා, තමා සෝවාන් ඵලයට පත්වුණාය කියන සිත අනිත් වශයෙන් දකිමින් තමා තුළින් තමා දකිනවා. තමා තුළින් තමා දකින්නේ, තමා තමාටම අවංක වෙමින්. මෙම ධර්මතාව සෝවාන්ඵලයට පත්වූ පින්වතාගේ සුවිශේෂී වූ ධර්මතාවක්‌. වර්තමාන සමාජයේ හුඟදෙනෙක්තමා තුළින් තමා දකින්නේ, තමා තමාට වංක වෙමින්, තමා තමාවම රවටාගැනීම තුළිනුයි. නමුත් සෝවාන් ඵල අවබෝධය ලැබූ පින්වතා, තමා තුළින් තමන්ව දකින්නේ, තමා තමාටම අවංක වෙමින්. නැවන නැවතත් තමන් තුළින් තමාව දකිනවා.

පින්වත් ඔබ තවමත් සෝවාන් ඵලයට පත්ව නොමැති පින්වතෙක්නම්, පින්වත් ඔබ ගෙවාගෙන පැමිණි අති දීර්ඝ භවගමනේදී ඔබ තුළ තවමත් ලෝකෝත්තර සම්මා සතිය කියන ධර්මතාව සකස්වෙලා නැහැ. ඔබ තුළ ලෝකෝත්තර සම්මා සතිය සකස් වුණා නම්, ඔබ මේ වන විට උතුම් සෝවාන් ඵල අවබෝධයට පත්වී සිටින්නට ඕනා. එය ධර්මතාවක්‌. ලෝකෝත්තර සම්මා සතිය සකස් වී උතුම් සෝවාන් ඵලයට පත්වූ පින්වතා නුවණින් දකිනවා, තමන් සංසාරයේ, සෝවාන් ඵලය ලැබුවාය කියලා රැවටුණු අවස්ථා ලක් ගාණකට වැඩිය කියලා.

සිත නමැති පංචඋපාදානස්කන්ධ මාරයා අතීතයේ තමා රැවටූ හැටි, නුවණින් දකිමින් ලෝකෝත්තර සම්මා සතිය තුළින් පංචඋපාදානස්කන්ධ මාරයා හඳුනාගත් ඔහු තමා තුළ සකස්වෙන මාර සිතිවිල්ලකට රැවටෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. මම සෝවාන් ඵලයට පත්වුණාය කියන සිතත් ඔහුට අනිත් වූ පංචඋපාදානස්කන්ධයක්පමණයි. ඔහු තමා තුළින් තමාව ස්වයංපරීක්ෂණයකට ලක්කොට බලනවා. තමා තමාට අවංක වෙමින්, තමා තෙරුවන් කෙරෙහි අචල ශ්රද්ධාවට පැමිණ තිබෙනවා කියලා. තමා තුළ ශීලය ආර්ය ශීලයක්හැටියට වැඩෙනවා කියලා. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ, ධර්මරත්නය, සංඝරත්නය කියන උතුම් ධර්මතාවන් අනිත් වී යන ධර්මතාවයක්බව තමන් දකිනවා කියලා. කුසල් අකුසල් සංස්කාරයන් විපාක දී අනිත්යභාවයට පත්වෙන ධර්මතාවයක් වශයෙන් තමා තුළින් තමා දකිනවා කියලා. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මතාවන් නිරතුරුවම අනිත්යභාවයට පත්වෙන ධර්මතාවන් හැටියට තමා තුළින් දකිනවා කියලා. ජීවිත පටිච්ච සමුප්පාද ක්රියාවලිය තුළ විසුරුවා දකින්න සෝවාන් ඵලය ලැබූ පින්වතා දක් වෙනවා.

ඉදිරිපත් කිරීම
ඉන්ද්රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, May 23, 2017

You're Responsible for your Child's Behaviour

Tuesday, May 16, 2017

Bis

  ________________________________  

Monday, May 8, 2017

ඊමේල් 5551 : දුර්ලභ පිංකමක් සදහා කෙරෙන ගෞරවණීය ඇරයුමයි ...

​​

චිත්තගුප්ත මහ රහතන්වහන්සේ ඇතුළු දොළොස් දහසක් මහ රහතන්වහන්සේලා වැඩ සිටි අති පාරිශුද්ධ අම්බලන්තොට කරඩුලෙන ආරණ් සේනාසනයට බලවත් අඩුපාඩුවක්ව පැවැති විදුලිබලය ලබාදීමේ ව්යාපෘතිය සදහා ඔබත් දායක වන්න....

ලැබූ දුර්ලභ මිනිසත් භවයේ දී දායක විය හැකි, අතිදුර්ලභ පිංකමක් සදහා හේතු සම්පත් ඇති ඔබටයි මේ ගෞරවණීය ආරාධනය..  

--
තෙරුවන් සරණයි !
--

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, May 7, 2017

මහරහතුන් වැඩි මග ඔස්‌සේ පංච උපාධානස්‌කන්දය - 29

මහරහතුන් වැඩි මග ඔස්‌සේ පංච උපාධානස්‌කන්දය - 29 'මම මෙහෙම කෙනෙක්‌' කියන මනෝලෝකයේ සිරකරුවෙක්‌ නොවන්න

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

තමන් තුළ ඇතිවන පංච උපාදානස්‌කන්ධ මාරයා සහ බාහිර පංචඋපාදානස්‌කන්ධ මාරයන් ගැන විමසීමේදී, එයටම අදාළ ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව දේශනා කරන දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සඳහා, ඉන්ද්‍රිය සංවරය, වීර්යය, ප්‍රත්‍යවේක්‍ෂාව, මඟහැරයැම, දුරුකිරීම කියන මූලික කාරණා කිහිපය පිංවත් ඔබට හුඟාක්‌ උපකාර වෙනවා. ඉහත කාරණා කිහිපය කැටි කරලා තමයි, බුදුරජාණන් වහන්සේ, ස්‌වාමීන්වහන්සේලාට දේශනා කරන්නේ ආරණ්‍ය, රුක්‌ඛමූල, වනසෙනසුන්, විවේකීභාවය, හුදෙකලාභාවය ජීවිතයට එකතුකොට ගන්නය කියලා.

මෙතැනදි සිද්ධවෙන්නේ තමන් තුළ සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධ මාරයාව, බාහිර පංචඋපාදානස්‌කන්ධ මාරයන්ගෙන් හුදෙකලා කොට තැබීමයි. මේ හුදෙකලාභාවය හේතුවෙන් විතක්‌ක අඩුවී, මුල්වටයේදී, මාරයාට පක්‍ෂව සිත සමාධිමත්කොට ගන්නවා. දෙවැනි වටයේදී මාර ධර්මයන්ම උපයෝගී කොටගෙන, මාර ධර්මයන්ට අභියෝග කරනවා. ශීලයෙන්, ආර්ය ශීලයට, සමාධියෙන් ආර්ය සමාධියට, ප්‍රඥාවෙන් ආර්ය ප්‍රඥාවට මාර්ගය යොමුකොට ගන්නවා.

නමුත් හුදෙකලා බව සොයා යැමට නොහැකි, කාර්යබහුල ගිහිපිංවතුන්ලාට, තමන් තුළත්, අනුන් තුළත් ක්‍රියාත්මක වන්නේ පංචඋපාදානස්‌කන්ධ මාරයාය කියන කාරණය තේරුම්ගෙන සමාජ ඇසුරේදී මතුවෙන දෘෂ්ටි, විතර්ක, මඟහැර යැමට, දුරුකිරීමට ඔබ දක්‍ෂ නම්, එම මාර ධර්මයන්ගෙන් හිස්‌වෙන පිංවතුන්ගේ සිත, ගිහි ගෙදර සිටියදීම, විවේකාගාරයක්‌, හුදෙකලාවක්‌ බවට පත්කොට ගැනීමට, ගිහි පිංවතුන්ලාට හැකිවෙනවා. හුඟක්‌ ගිහි පිංවතුන්ලා, අනුන්ගේ තර්ක, විතර්ක, දෘෂ්ටි, මතවාදවලට උවමනාවෙන්ම පැටලී, තමන්ගේ සිතේ, හුදෙකලාව විනාශකොට දමා ගන්නවා. පංචඋපාදානස්‌කන්ධ ධර්මයේ අනිත්‍යභාවය පුහුණු කිරීම, එවැනි පිංවතුන්ලාට වටිනා ඔසුවක්‌ වෙනවා.

භික්‍ෂුව කුටියේ වැඩසිටිනකොට පැමිණි සාමණේර ස්‌වාමීන්වහන්සේ නමක්‌ ප්‍රකාශ කළා, තමන් අහවල් ආරණ්‍යයේ වැඩසිටියා, එම ආරණ්‍යයේ විවේකය හුදෙකලාව මදි, එම නිසා තමන් දැන් වැඩසිටින්නේ අහවල් කැලයේ, ගමේ සිට කිලෝමීටර් හතරක්‌ පමණ ඈත ගල් කුටියක. දිනකට කිලෝමීටර් 8 ක්‌ පමණ ඇවිදින්න ඕනේ පිණ්‌ඩපාතයට. හරිම දුෂ්කරයි. පිණ්‌ඩපාතයට ගමට වැඩියහම ගමේ ළිඳකින් තමයි පැන් පහසු වෙන්නේ. සමහර දවස්‌වලට පිණ්‌ඩපාතයට වඩින්නේ නැහැ. නිරාහාරව සිටිනවා. නිතරම මාර්ගයේ අලින් මුණගැහෙනවා.... උන්වහන්සේ බොහොම කැමැත්තෙන් තමන්ගේ තොරතුරු ප්‍රකාශ කළා. එම සාමණේර ස්‌වාමීන් වහන්සේගේ කතාබහෙන් භික්‍ෂුවට තේරුම් ගියේ උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වල ස්‌වභාවයක්‌. භික්‍ෂුව එම ස්‌වාමීන්වහන්සේට අවවාද කළා. ඔබවහන්සේට පුළුවන් ඉක්‌මනට, වැඩිහිටි ස්‌වාමීන් වහන්සේලා කිහිපනමක්‌ වැඩසිටින ආරණ්‍යයක ආරණ්‍යගත වෙන්නය කියලා. වැඩිහිටි ගුරුවරයකුගේ ඇසුර ලබන්නටය කියලා. අවම වශයෙන් මාස තුනක්‌වත් එම කටයුතු කරගෙන කැලයට යන්න අවශ්‍යම නම්, ගම්මානයට උපරිම කලෝමීටර් එකක්‌ පමණ කිට්‌ටුව තිබෙන කුටියක්‌ තෝරාගන්නය කියලා. භික්‍ෂුව මෙහෙම ප්‍රකාශ කරනකොට එම සාමණේර ස්‌වාමීන් වහන්සේ කියනවා 'ඔබවහන්සේ මගේ වීර්යය, දුර්වල කරනවා නේද' කියලා. එම තරුණ ස්‌වාමීන්වහන්සේ නොසතුටු සිතින් භික්‍ෂුව වන්දනා කොට පෙරළා වැඩියා.

මාස දෙකකට විතර පස්‌සේ භික්‍ෂුවට ආරංචිවෙනවා, මානසික රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගතවෙලාය කියලා. විඤ්ඤාණය නැමැති මැජික්‌කරුවා, රූපයන් කෙරෙහි ඇලීම්, ගැටීම්, හඳුනාගැනීම්, සිතීම් හේතුවෙන් ඇතිකොට ගන්නා 'මම මෙහෙම කෙනෙක්‌' කියන දැනීම, අපව මානසික රෝගීභාවයන්ට, උඬඟුභාවයන්ට පත්කරනවා. ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල ගිහිපිංවතුන්ලා ලබාදෙන 'ඔබවහන්සේ මෙහෙම කෙනෙක්‌' කියන දැනීම, උන්වහන්සේලාට 'මම මෙහෙම කෙනෙක්‌' කියන දෘෂ්ටිය පෝෂණය කොටගැනීමට හොඳ පිටිවහලක්‌ වෙනවා. මේ අදහස්‌ කෙම පංචඋපාදනස්‌කන්ධ මාරයින්ය කියලා හඳුනාගන්නේ නැහැ.

තවත් අවස්‌ථාවක සාමණේර ස්‌වාමීන් වහන්සේනමක්‌ භික්‍ෂුව මුණගැසීමට පැමිණියා. උන්වහන්සේ ගොඩක්‌ කතාකරන ස්‌වාමීන්වහන්සේ නමක්‌. උන්වහන්සේ තමන් කරන භාවනා ගැන දීර්ඝ විස්‌තරයක්‌ කළා. තමන්ගේ අවබෝධයන් පිළිබඳවත් ඉඟි කිහිපයක්‌ ප්‍රකාශ කළා. අවසානයේ උන්වහන්සේ කියනවා 'මට දැන් කරන්න දෙයක්‌ නැහැ' කියලා. මට දැන් කරන්න දෙයක්‌ නැහැ කියන කාරණයෙන් උන්වහන්සේ අදහස්‌ කළේ, බොහොම ගැඹුරු අවබෝධයක්‌ පිළිබඳ ඉඟියක්‌. භික්‍ෂුවට තේරුම් ගියා මේ කතාකරන්නේ විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාමයි කියලා. භික්‍ෂුව එම සාමණේර ස්‌වාමීන් වහන්සේගෙන් ඇහුවා, ඔබවහන්සේගේ වයස කීයද කියලා. උන්වහන්සේගේ වයස අවුරුදු 30 ක්‌ පමණ වෙනවා. ඒ වෙලාවේ භික්‍ෂුව උන්වහන්සේගෙන් විමසුවා 'ඇයි ඔබවහන්සේ උපසම්පදා වෙන්නේ නැත්තේ?' කියලා. එවිට උන්වහන්සේ ප්‍රකාශ කරනවා, මගේ ශීලයේ යම් දුර්වලතාවයන් තිබෙනවා. ඒවා නිවැරදි කරගත් විගස මම උපසම්පදා වෙනවාය කියලා. බලන්න තවමත් ශීලයෙන් පරිපූර්ණභාවයටත් පත්වෙන්නේ නැතිව, තමන් ලැබූ උතුම් අවබෝධයක්‌ ගැන ඉඟිකරනවා. උපසම්පදා ශීලයට බිය නම්, කුමන මාර්ගඵල අවබෝධයක්‌ ලබාගන්නද? රූපය කෙරෙහි ඇලීම්, ගැටීම්, හඳුනාගැනීම්, සිතීම් නිසාම සකස්‌වෙන විශේෂඥ දැනීම් 'මම මෙහෙම කෙනෙක්‌' කියන මනෝලෝකවල අපිව සිරකරුවන් කරනවා. තමා තුළින් ක්‍රියාත්මක වන 'දැනීම්' විඤ්ඤාණය කියන මැජික්‌කරුවාගේ ප්‍රයෝගයක්‌ බව හඳුනා ගන්නේ නැහැ.

ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com<mailto:indrajith.media@gmail.com>
________________________________
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

චිත්ත විශුද්ධි පදනම - 2017, මැයි මස පැවැත්වීමට නියමිත ධර්ම වැඩසටහන්

පුජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින් මැයි මස පැවැත්වීමට නියමිත ධර්ම වැඩසටහන්

සෙනසුරාදා, මැයි 6, 8am – 11am - අනිත්‍ය භාවනා කමටහන් දේශනාව, හොරණ ඉළිඹ ශ්‍රී දෙවින්දාරාමය 

සෙනසුරාදා, මැයි 6, 1pm – 6pm - කැළණිය රජමහා විහාරය, කැළණිය

ඉරිදා, මැයි 7, 8am – 11am -  සාකච්ඡාමය දේශනය  , ශ්‍රී සුධර්ශනාරාම පුරාණ විහාරය,  කිරිබත්ගොඩ.

ඉරිදා, මැයි 7, 2:30pm – 5:00pm - විපස්සනා භාවනා මද්‍යස්ථානය, කොළඹ

සෙනසුරාදා, මැයි 13,  8:30am – 4:00pm   මාසික භාවනා වැඩසටහන  - සාමෝදය ශාලාව, මාවතගම. 

ඉරිදා,, මැයි 14,  8:30am – 4:00pm   මාසික භාවනා වැඩසටහන  - නගර ශාලාව, අවිස්සාවේල්ල.

සෙනසුරාදා, මැයි 20, 8:30am – 4:00pm - මාසික භාවනා වැඩසටහන - ගම්පහ 

ඉරිදා, මැයි 21, 8:30am – 4:00pm   මාසික භාවනා වැඩසටහන - සමාධි ජාත්‍යන්තර බෞද්ධ මද්‍යස්ථානය, තඹුත්තේගම.

සෙනසුරාදා, මැයි 27, 8:30am – 4:00pm - මාසික භාවනා වැඩසටහන - කොටිකාගොඩ රජමහා විහාරය, මාතර. 

ඉරිදා, මැයි 28, 8am – 11am - භාවනා කමටහන් දේශනාව  - අඹකොටේ අරණ්‍ය,  නුවර.  

2017 මැයි 06 දින සජීවීව විකාශනය

2017 මැයි 06 දින ප.ව. 1.00 සිට ප.ව.6.00 දක්වා පැය 5ක් පුරාවට කැළණිය රාජමහා විහාරයේදී පැවැත්වීමට නියමිත මහා නිධාන සුත්‍රය ඇසුරින් පවත්වන ධර්ම දේශනාව සඳහා සහභාගී වීමට අපහසු පින්වතුන් වෙනුවෙන් මෙම අවස්ථාව YouTube හරහා සජීවීව විකාශනය කිරීමට චිත්ත විශුද්ධි පදනම කටයුතු සම්පාදනය කරමින් සිටී.

එම සජීවී විකාශනය නැරඹීම සඳහා YouTube Live - Chiththa Vishuddhi Foundation නාලිකාව හරහා සම්බන්ධ විය හැක.

මෙම සජීවී විකාශනය කැළණියේ සිට අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරන බැවින් විටින් විට තාක්ෂණික බාධක පැමිණිය හැකි අතර, චිත්ත විශුද්ධි පදනම එම බාධක අවම වන ලෙස අඛණ්ඩ විකාශනයක් සිදුකිරීමට උපරිම උත්සාහ කරන බව මෙත්සිතින් සලකන්න.

තෙරුවන් සරණයි !

--

චිත්ත විශුද්ධි පදනම

To no longer receive these updates, mail to chiththa.vishuddhi@gmail.com with subject Unsubscribe.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, April 24, 2017

චිත්ත විශුද්ධි පදනම - මීලග සූත්‍ර ධර්ම දේශනා

From: Chiththa Vishuddhi Foundation [mailto:chiththa.vishuddhi@gmail.com]
Sent: Thursday, April 20, 2017 1:34 PM
Subject:
චිත්ත විශුද්ධි පදනම - මීලග සූත්‍ර ධර්ම දේශනා

  • පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් 2017අප්‍රේල් 22 සෙනසුරාදා, පැවැත්වීමට නියමිතව තිබු ගම්පහ මාසික භාවනා වැඩසටහන නොපැවැත්වෙන බව කරුණාවෙන් සිහිපත් කර සිටිමු.
  • 2017 අප්‍රේල් 23 ඉරිදා පානදුර මාසික භාවනා වැඩසටහන සුපුරුදු පරිදි පැවත්වෙන බවත් කරුණාවෙන් සලකන්න.
  • අප්‍රේල් 30 ඉරිදා, රථවිනීත සූත්‍රය ඇසුරින් කෙරෙන ධර්ම දේශනාව ප.ව. 2.00 සිට ගාල්ල  නගරශාලාවේ දී පැවැත්වේ. 
  • මැයි 6 සෙනසුරාදා පෙ.ව. 8.00 සිට 11.00  දක්වා අනිත්‍ය සංඥාව ඇසුරින් කෙරෙන භාවනා කමටහන් දේශනය , හොරණ ශ්‍රී දේවින්දාරම විහාරස්ථානයේදී පැවැත්වේ.
  • මැයි 6 සෙනසුරාදා ප.ව. 1.00  සිට 6.00 දක්වා  මහා නිධාන සූත්‍රය ඇසුරින් පැවැත්වෙන ධර්ම දේශනාව, කැලණිය රජමහ විහාරස්ථානයේදී පැවැත්වේ.

--

චිත්ත විශුද්ධි පදනම

To no longer receive these updates, mail to chiththa.vishuddhi@gmail.com with subject Unsubscribe.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Vacancy - Java Engineer

We are planning to recruit Java developers and the relevant vacancy add is published on Top Jobs. Please forward us CVs of some good candidates.

Advertisement Link : http://www.topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000429010&ac=DEFZZZ&ec=DEFZZZ

Warm Regards

Krishan Gamage

AGM - IT
Commercial Bank of Ceylon PLC,
No. 01, Union Place, Colombo 02,
Sri Lanka.
Office   : +94112486640  

Commercial Bank disclaimer.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
This information is intended only for the person or organization to which it is addressed to, and may contain confidential material. Any use or reliance upon this information by persons or organizations other than the intended recipient is prohibited. If received in error, contact the sender and delete all references to the information. Any view or opinion in this email is solely that of the author and does not necessarily represent those of Commercial Bank of Ceylon PLC.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

______________________________________________________________________
This email has been scanned by the Symantec Email Security.cloud service.
For more information please visit http://www.symanteccloud.com
______________________________________________________________________

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, April 18, 2017

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 26

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 26
ඔබ තුරුල් කරගෙන නලවනවා නොවේද?

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

අතීත දීර්ඝ භව ගමනේ පටිච්චසමුප්පන්නව 'උපාදාන පච්චයා භවෝ ' කියන ධර්මතාව තුළ සකස්‌වුණා වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌ වී ගියා. විකෘති වී ගියා. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන අතීතයේ සත්ත්වයෙක්‌ ලෙස ඔබ තුළ සකස්‌ වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. සංස්‌කාරයන් අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන විඤ්ඤාණය වෙනස්‌ වී යනවා. පටිච්චසමුප්පන්නව භවය සකස්‌කොට දෙන විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාගේ අනිත්‍යභාවය, වෙනස්‌ වන ස්‌වභාවය නුවණින් දකිමින් අතීත, වර්තමාන, අනාගත විඤ්ඤාණය කෙරෙහි කලකිරීම ඇතිකොටගන්න.

පිංවත් ඔබ පටිච්චසමුප්පන්නව හේතුඵල ධර්මයන්ට අනුව භවයෙන් භවය සකස්‌කොට දෙන විඤ්ඤාණයේ සියුම්, උපක්‍රමශීලී ක්‍රියාකාරිත්වය නුවණින් දකින්න. විඤ්ඤාණයේ සියුම් උපක්‍රමශීලී ක්‍රියාකාරිත්වය නුවණින් නොදකින නිසාම විඤ්ඤාණය හේතුවෙන් සකස්‌වෙන නාමරූපයන්ට පුද්ගලයා බැඳී යනවා. 

භික්‍ෂුව මුණගැසීමට පැමිණි පිංවතුන් කණ්‌ඩායමක සිටි වයස අවුරුදු තුනක පමණ දැරියක්‌ වැඩිහිටියන්ගේ පෙළඹවීමකින් තොරව භික්‍ෂුවට පසඟ පිහිටුවලා වන්දනා කළා. ඒ වෙලාවේ භික්‍ෂුව ප්‍රකාශ කළා මේ දරුවා නම් පෙර ජීවිතයේ හොඳ, වයසක උපාසකම්මා කෙනෙක්‌ වගේය කියලා. භික්‍ෂුව මෙම කාරණය කියනකොටම එම දැරියගේ පිංවත් අම්මා ගැටුණ ස්‌වභාවයක්‌ ප්‍රකාශ වුණා, 'මගේ දරුවා වයසක උපාසකම්මා කෙනෙක්‌ නොවේ' ය කියලා. විඤ්ඤාණය මගේකොට ගත් තැනදී විඤ්ඤාණය හේතුවෙන් සකස්‌වෙන නාම රූප ධර්මයන් මගේ කොට තෘෂ්aණාවෙන් ගන්නවා. නාම රූප ධර්මයන් ආත්මය කර ගන්නවා. එවිට ආත්මය තුළ මම සිටිනවාය කියලා ගන්නවා. නාම රූප ධර්මයන් මගේ කොට ගැනීමේදී සලායතන මගේ කොට ගන්නවා. ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් එකම අවයවයක්‌ කර දකිනවා. අම්මාත් දරුවාත් එකම ආත්මයක කොටසක්‌ බව අයෝනිසෝ මනසිකාරයෙන් දකිනවා. දරුවාගේ ජීවිතය අම්මාගේ ජීවිතය කොට දකිනවා. පටිච්චසමුප්පාද ධර්මය තුළ ජීවිතය විසිරුවා දකින්න දක්‍ෂ නැහැ. 

පිංවත් ඔබේ හෘද සාක්‍ෂියෙන් ප්‍රශ්න කරන්න. ඔබ මේ මගේ කොටගෙන සුරතල් කරන දරුවා කව්ද කියලා. කව්ද මේ දරුවා...? තෘෂ්ණා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති... මෙන්න හමුවෙනවා දරුවා කවුද කියලා. දරුවා කියන්නේ තෘෂ්ණාවේ, ලෝභකමේ, මසුරුකමේ, කෑදරකමේ ඵලයක්‌. මෙය සටහන් තබන භික්‍ෂුවට නම් ලෝභකම, තෘෂ්ණාව එපාම එපා. එහෙත් පිංවත් ඔබ තුරුල් කරගෙන නලවනවා....

තෘෂ්ණාව හේතුවෙන් උපන් බබාලා නිසා අම්මලා තාත්තලා තව තවත් තෘෂ්ණාව වැඩිකොට ගන්නේ, පටිච්චසමුප්පාද ධර්මය තුළ ජීවිතය විසුරුවා දකින්න අපි තුළ ඇති අදක්‍ෂභාවය නිසාමයි. මෙය සටහන් තබන භික්‍ෂුවට තමන්ගේ මියගිය දෙමාපියන් සිහිපත්වෙන කොට, එම ජීවිත පටිච්චසමුප්පාද ධර්මයේ අර්ථයන් පමණක්‌මයි. අපේ අම්මලා, තාත්තලා, දරුවා නමැති බාහිර රූපයන් නිසා මොනතරම් අනාගත දැනීම් ඇතිකරගෙන , සිහින මාලිගාවල ජීවත්වෙනවා ද. මගේ දරුවා අනාගතයේ වෛද්‍යවරයෙක්‌, ඉංජිනේරුවෙක්‌, ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයෙක්‌..... දෙමාපියන් මෙසේ ඇතිකොට ගන්නා අනාගත දැනීම්, එසේත් නැති නම් විඤ්ඤාණයන් අනිත්‍ය වී යනකොට, වෙනස්‌ වී යනකොට, දුකම ජීවිතයකොට ගන්නවා. හදිසි අනතුරකින් පාසල් දරුවෙක්‌ මියගිය අවස්‌ථාවකදී, එම දරුවාගේ දේහය බදාගෙන මවත් වැළපෙනවා, පුතේ උඹ මගේ අනාගත සිහින මාලිගා සේරම බිඳදැම්මාය කියලා. අම්මා ඇතිකොටගත් අනාගත විඤ්ඤාණයන් ගැන ඇයගේ වර්තමාන විඤ්ඤාණය කතාකරනවා. 

දැන් පිංවත් ඔබට හොඳින්ම වැටහෙනවා ඇති, විඤ්ඤාණය කියන ධර්මථාවයේ අර්ථය කුමක්‌ද කියලා. ඉහතින් භික්‍ෂුව සටහන් කරන ලද පංචඋපාදනස්‌කන්ධ ධර්මයේ සරලම අර්ථය වෙන්නේ, ඔබ ඇසෙන් රූපයන් දකිනවා, කනෙන් ශබ්දයන් අසනවා, දිවෙන් රසයන් දැනගන්නවා- 'ඵස්‌සය' . ඔබ දැක්‌ක දෙයට, ඇසුණ දෙයට, දැනුන දෙයට, ඇලෙනවා, ගැටෙනවා, උපේක්‍ෂාසහගත වෙනවා- 'වේදනාව'. ඇලුණු, ගැටුණු, උපේක්‍ෂාසහගත වෙච්ච දෙය ඔබ හඳුනාගන්නවා- 'සංඥාව' . හඳුනාගන්නා දෙය ගැන ඔබ සිතනවා - 'සංස්‌කාර'. සිතන දෙය ඔබ දැනගන්නවා. එසෙත් නැති නම් විශේෂ වූ දැනීමක්‌ ඇතිකොට ගන්නවා. 'විඤ්ඤාණය' හේතුඵල ධර්මයන් නිසා හටගෙන නිරතුරුව වෙනස්‌වන, අනිත්‍යභාවයට පත්වන ධර්මතාවය පහක්‌ සත්ත්වයා නිත්‍යභාවයෙන් ගැනීම නිසාම දුක කියන කාරණය සකස්‌කොට ගන්නවා.