Sunday, November 26, 2017

තණ්හාවෙන් ගැහෙන ලෝකයා දිහා මහා කරුණාවෙන් ...

 

 

 

​​

අපේ අයියා නැති වුනා වයස අවුරුදු තිස් අටයි. මට එදා තේරුනේ අපේ අම්මාට මේ දුක උපන්නේ මීට අවුරුද් තිස් අටකට ඉස්සෙල්ලා. හැබැයි ඒක විපාක දෙන්න මෙච්ච්චර දවසක් ගියා එච්චරයි වෙනස. මේ දුක හදාගත්තේ එදා. දුක හැදුන ගමන් දුක ප්රකට නැහැ. ඕගොල්ලෝ හිටගන්නකෝ ඉඳගෙන ඉන්නකොට අමාරු නම් හිටගත්ත ගමන්ම දුක ප්රකටද කියල? හිටගෙන ඉන්න එකේ දුකේ ආරම්භය ඕගොල්ලොන්ට ප්රකට නැහැ. දුක ආරම්භයි. හැබැයි පැයක් විතර හිටගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ මේක දුකයි කියන එක නේද? වගේ ඔබේ හිතේ තියෙන ගති ටික රූප ටිකට බහාලා ගෙවල් දොරවල්, යානවාහන ඉඩකඩම්, මිල මුදල් හදලා ඔබ බාහිර තියල නම් තියෙන්නේ ඔබ පොහොසත් කියල දකින්න දුකෙන්. ඔබ හොඳට දුක් විදින්න පුළුවන් වටපිටාව හදලයි මෙතන ඉන්නේ කියන එක දකින්න

බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය අර්ථයයි අසිරිය ගාමිනීට පැහැදිලි කලේ. ඒකයි එයා දිට්ඨි සම්පන්න පුදගලයෙක් වුනේ. ඇත්තටම මේ ධර්මතාවය අදත් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වුනොත් එය දන්නවා අපිට මේ මොකක්ද වෙලා තියෙන්නේ කියල. තමන්ගේම සිත ඇහැ- රූප, කන - ශබ්ද කියන ක්ෂේත්රයේ වපුරලා තමන්ගේ හිතේ තියෙන නිමිති රූප ටිකේ වපුරලා රූප වල වටිනාකමක් දකිමින් දුවන මේ ලෝකය දිහා නිහඩව බලාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දිය නැති විලක පොපියන මාළු ටිකක් වගේ මේ මමායනයෙන් පොපියන ලෝකේ බලන්න කියනවා. තමන්ගේ හිතේ තියෙන තණ්හාව රූප ටිකට බහාලා රූප ටික උරුම කරගන්න ගැහෙන මේ ලෝකය ගැන පැත්තක ඉඳන් බලන් හිටියොත් පින්වතුනි කලකිරෙන්නේ.

මේ වෙලා තියෙන සිද්ධිය අවබෝධ කර නොගන්නා තාක් ඕගොල්ලෝ කලකිරෙන්නේ නැහැ. හිතේ තියෙන දෝෂයට පිස්සෝ කඩදාසි කෑලි එකතු කර කර යනවා වගේ අපි සතර මහා ධාතුව  එකතු කර කර එකතු කර කර සතර මහා ධාතුව එක්ක ඔට්ටු වෙන්නේ සතර මහා ධාතුව පිරිසිඳ නොදන්නාකම නිසා ඇතිවෙන අපේ මනසේ නිමිති සතර මහා ධාතුවටම තබපු එකේ වරදෙන් ශාපයෙන් නේද, අවිද්යාවේ සාපය නේද අපිව එහාට මෙහාට ගෙනියන්නේ කියන එක ඕගොල්ලෝ දකින්නේ නැහැ. නොදකින තාක් අපි මේ සසර මේ අත දුවනවා සැරිසරනවා. මෙබදු දැක්මක් උපද්දවලා දෙන ශාස්තෘවරු අපිට ලේසියකට හම්බවෙන්නේ නැහැ

පෙර පිනකට දෝ කොහෙද බුද්ධෝත්පාද කාලෙක, බුද්ධෝත්පාද කාලෙක කිව්වේ මේ ඇහැ අවබෝධ කරගත්ත මහොත්තමයන් වහන්සේ නමක් පහල වෙච්ච, එබඳු සද්ධර්මය ලෝකේ තබපු වටිනා කාලයක් අපිට ලැබුනා. ධර්මය තේරුම් කරගන්න පුළුවන් මනුස්ස ආත්මභාවයකුත් ලැබුනා. බුද්ධෝත්පාද කාලය, සද්ධර්මය, මනුස්ස ආත්මභාවය. පින්වතුනි තවත් පිස්සෝ වගේ සතර මහා ධාතුවේ ගැටිලා සතර මහා ධාතුව රැස් කර කර රැස් කර කර යන්න හදන්න එපා. මේ ධර්මය තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. මජ්ඣිම නිකායේ මුල පරියාය සුත්රයේ කියන්නෙත් ඒකයි. අශ්රැතවත් පෘථග්ජනයා කියල කියන්නේ පඨවියට පඨවිය කියල කියනවා හැබැයි පඨවිය මඤ්ඤණා කරනවා

පස් වලට පස් කියල කියනවා හැබැයි පස් වලට මඤ්ඤණා කරනවා මගේ ගෙදර, මගේ ගහ, මගේ කාර් එක, මගේ වාහනය , මගේ දරුවා කියලා ආපහු සතර මහා ධාතුවම මගේ කියල උරුමත් කරගන්නවා සතර මහා ධාතුව පිරිසිඳ නොදන්නාකම නිසා. සෝවාන් ආර්ය ශ්රාවකයා සතර මහා ධාතුව දන්නවා මඤ්ඤණා කරන්නේ නැහැ නමුත් තාම සතර මහා ධාතුව පිරිසිද නොදන්නාකම නිසා මඤ්ඤණා වෙනවා . නමුත් රහතන් වහන්සේ කියන්නේ සතර මහා ධාතුව, සතර මහා ධාතුව හැටියට දැකලා ඒක මම, මගේ කියල මැනීමක් ඇති කරන්නේ නැහැ. මඤ්ඤණා ඇතිකරගන්නේ නැහැ

හොඳට එක දෙයක් තේරුම් ගන්න කිසිම ධර්මතාවයකින් මොන විදිහකටවත් පරියායක් නොව නිෂ්පරියායකින් ස්පර්ශ ආයතන හයේම කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රසඵොට්ඨබ්බ, ධම්ම කියන මේ හැම පැත්තෙන්ම ආව නම් ආවේ සතර මහා ධාතුවත් ඇසුරු කරගෙන පවතින උපාදාය රූප මාත්රයක් විතරමයි. ටික නොදන්නාකම නිසා යම්තාක් "සබ්බේ සංඛාරා" අම්මා, තාත්තා, දුව, පුතා, රන්, රිදී, මුතු මැණික්, ගෙවල් දොරවල්, වීඩියෝ කැමරා, ටීවී යම්තාක් දේවල් මනසේ උපන්න නිමිති. උපන්න නිමිති ඔබ සතර මහා ධාතුවටත් උපාදය රූප ටිකට තබන තාක් ඔබට කැසට්, ඩෙක්, ටීවී, පුද්ගලයෝ, කාර්, වාහන සතර මහා ධාතුවෙන් හම්බවෙයි. හම්බ වුනා කියල කියන්නේ දුක දුක උරුම කෙරෙව්වේ මනසේ මේ තියෙන තණ්හාව යෙදුනු නිමිති. නිමිති හටගත්තේ සතර මහා ධාතුව පිරිසිඳ නොදන්නාකම නිසා

සතර මහා ධාතුව පිරිසිඳ දැක්කොත් මේ නිමිති උපදින්නේ නැහැ. මේ නිමිති ඉපදුනේ නැත්තම් මේ නිමිති සතර මහා ධාතුවට තබලා ලෝකේ නිර්මාණය වෙන්නේ නැහැ, දුක නිර්මාණය වෙන්නේ දුක නිර්මාණය කරගන්නේ නැහැ. නිසා ලෝක නිරෝධගාමිනි පටිපදා කියල කියන්නේ එයා හැමවෙලේම රූපය පිරිසිඳ දකින්න හදනවා. රූප පිරිසිඳ දකින්නේ කුමක් නිසාද? රූප අර

යා තණ්හාවෙන් යුක්ත නිමිති මා තුල නූපදීවා උපන් නිමිති මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධ බදාගෙන නොපවතීවා කියන අදහසිනුයි මේ ඇත්ත බලන්නේ. මෙන්න මේ කාරණාව තේරුම් අරගෙන ඔබ ටිකක් ටිකක් හරි උත්සාහවත් වුනොත් ඒකාන්තයෙන් මේ ජීවිතේදිම සියළුම දුක බැරි වුනත් ඔබට දුක ගෙවන මාවත අනිවාරයෙන්ම උපදවා ගන්න පුළුවන්මයි

පින්වතුනි මේ මාවත ඉපදුනත් එපමණකින් තමන්ගේ ලබපු මේ මනුස්ස ජීවිතේ හිස් නැහැ. බුදුරජාණන් වහන්සේ මුං ඇට සතක් පමණ ගල් කැට හතක් තබලා අහනවා මහණෙනි මේ මේ හිමාල පර්වත රාජයාද ලොකු මුං ඇට හතක් පමණ ගල් කැට හතද ලොකු කියල? ස්වාමිනි භාග්යවතුන් වහන්ස මේ හිමාල පර්වතය අතිවිශාලයි. මුං ඇට සතක් පමණ වූ මේ ගල් කැට හතේ ගණනකටවත් යන්නේ නැහැ. මහණෙනි දිට්ඨි සම්පන්න වෙච්චි ආර්ය ශ්රාවකයාගේ ගෙවිච්ච දුකම මේ හිමාල කන්ද වගේ ඉතුරු වූ දුක මේ මුං ඇට සතක් පමණ වූ මේ ගල් කැට හත වගේ කියනවා. වෙන මොකුත් හින්දා නෙමෙයි පමණ කරන්න බැරි දෙයක් නෙමෙයි 

පින්වතුනි දුක - දරුවා මැරිලා, දරුවා ලෙඩ වෙලා දරුවා මහළු වෙලා යම් දුකක් තමන්ට විඳින්න තියෙනවා නම් බාහිර දරුවා කියල මේ නිර්මාණය වෙලා තියෙන තැන මේ දුක නේද කියල එයා හදුනගන්නවා එයා. දරුවා ලෙඩවෙලා, මහළු වෙලා, මැරිලා වාහනයක හැප්පුනා කිව්වොත් තමන්ට දුක ගලාගෙන එනවා. දුකට හේතුව මොකක් හින්දද කියල එයා දන්නවා යම් රූපෙක ඇත්ත නොදන්නාකම නිසා දරුවා කියන අදහසක් ඇතිවුනා නම් හිතේ ඇතිවෙච්ච අදහසම රූපේ බදාගෙන පැවතිච්ච නිසාමයි රූපේ දකිනකොට මගේ මනසේ ඇතිවෙච්ච ගතිය රූපෙට ආපහු තබපු එකයි මෙබදු දුක නිර්මාණය වෙන්න හේතුව කියල දන්නවා එයා.

එතකොට මේ දුකෙන් මිදෙන්නේ කොහොමද කියන උත්තරෙත් ඉබේම ඇවිල්ලා. එහෙනම් රූපේ ඇත්ත දැක්කහම මගේ මනසේ වටිනාකමෙන් යුක්ත මේ උපන්න නිමිති තියේ නම් උපන් නිමිති දුරුවෙනවා සතර මහා ධාතුව නූපන් නිමිති නූපදිනවා. එහෙම වුනොත් මේ දරු දුක ගලාගෙන එන්නේ නැහැ, දරු දුක නිර්මාණය වෙන්නේ නැහැ, දරු දුක පවතින්නේ නැහැ කියල දකිනවා. හින්දා කායගතාසතිය වැඩිය යුතුයි. දුක්ඛ නිරෝධගාමනීපටිපදා එයා හොඳ දැක්මක් ඇතුවයි සතිපට්ඨානය වඩන්නේ. අහේතුකව නෙමෙයි. "කෙසා ලෝමා නඛා දන්තා තචො" කියන කුණුප කොටස් මෙනෙහි කරන්නේ ඇයි? කනබොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියල බලන්නේ ඇයි එයා? එයා දන්නවා දුක, දුක ඇතිවෙච්ච හේතුව

මනෝමය දෙයක් නෙමෙයි දකින්නේ . අනේ අපි ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහළු වෙනවා, මැරෙනවා මේ දුක නේද කියල මන්තරයක් ජප කරනවා නෙමෙයි මේ. සැබෑම ජීවිතේදී දැන් දුක නොවුනත් දරුවා කියන නිමිත්තෙන් නේද මට දුක එන්නේ කියල එයා දකින්නේ. අනාගතේදී හරි මට දුක එනවා නම් එන්නේ ඔය නිමිත්තෙන් නේද කියල එයා එහෙමයි දුක හදුනගන්නේ. එයාට දුක්ඛෙ ඤාණං තිබුනොත් එයා හදුනන්නේ මොනවද, දුක්ඛෙ ඤාණං කියල එයා දකින්නේ මොනවද? දරුවාව, බිරින්දෑව, ස්වාමිපුරුෂයාව, ගෙදර, රන් රිදී, මුතු මැණික් යානවාහන මේ ටිකයි එයා දුක කියල දකින්නේ. දුක එන්න තියෙන්නේ ඕවාගෙන් නෙමෙයිද? ඕවා කැඩුනහම බිඳුනහම නෙමෙයිද

ඕවා දුක කියල දකින් නැතුව අනේ අපි ඉපදෙනවා, ලෙඩවෙනවා, මහලු වෙනවා, මැරෙනවා නේද කියල මනොමයෙන් කෙනෙක්ව මාවගෙන කෙනාට දුකක් කියල එකක් ජප කෙරුවට හරියනවද? නැහැ. දුක කියන එක දකින්න කිව්වහම හොඳට ඇස් ඇරලා දකින්න. ඕගොල්ලොන්ට දුක එන්නේ අනේ අපි ඉපදෙනවා, ලෙඩවෙනවා කියන එකකින්ද? දැන් මෙහෙම ඉන්නකොට මොනවා හරි පණිවුඩයක් ආවොත් දුක එන්න පුළුවන් නිමිති තියේ නම් නිමිති ටික නිසා නෙමෙයිද දුක එන්නේ? යමක් කැඩීම, බිඳීම නිසා දුක එන්න පුළුවන් නම් නිමිති ටිකෙන් උපද්දන ලෝකෙටයි දුක කිව්වේ. දුකයි ගෙවෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ටික තමයි මට මතක් කරන්න තියෙන්නේ.

ඔන්න ඔය ටික තේරුම් නොගත්ත නිසයි පින්වතුනි මේ සසර අපි මෙච්චර කාලයක් ආවේ. පෙර පිනකටදෝ කොහෙද බුද්ධෝත්පාද කාලය, සද්ධර්මය තියෙන වටපිටාව, කල්යාණ මිත් ඇසුර අපිට ලැබිලා තියෙනවා. ඕගොල්ලෝ බුද්ධිමත් වුනොත් මේ දුක ගෙවාගන්න පුළුවන්. මේ අහගත්ත අදහස හිතේ කොනක තබාගන්න. නොතේරුණත් පර්යේෂණය කරන්න මෙන්න මෙහෙම පැවත්මකුයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ අපේම සැබෑම ජීවිතේ දුක එන අපේම ධර්මතා ටිකයි පෙන්නුවේ. ඒකෙන් මිදෙන්න මඟයි පෙන්නුවේ චතුරාර්ය සත්යය කියන එකයි තේරුම් අරගෙන මේ ජීවිතේදිම චතුරාර්ය සත්යය අවබෝධ කරගැනීමට මම උත්සාහවත් වෙනවා මම සියළුම සසර දුකෙන් මිදෙන්නෙක් වෙනවා කියල හැමදෙනාම අධිෂ්ඨාන කරගන්න. සදහා මේ දේශනාව උපනිශ්රයම වේවා

සාදු ! සාදු ! සාදු !

අති පුජ් මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2016.12.24 මහනුවර නාථ දේවාලය අසල පවත් වූ දුක්ඛ සමුදය අවබෝධය පිණිස පැවැත් වූ දේශනාව ඇසුරෙනි 

සම්පූර්ණ දේශනාව ලබාගැනීමට 
http://www.mediafire.com/file/6wcx6cb03oh7uvg/2016-12-24_Natha_Devalaya_Kandy.mp3

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

මහා රහතුන් වැඩි මග: ධර්මය ඔබ ජීවිතයේම කොටසකි.. මුහුවකි... බද්ධයකි...

පංචඋපාදානස්‌කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය මීට පෙර අවසන් වූ අතර මෙතැන් පටන් කොටස්‌ කිහිපයකින් යුක්‌තව පළකෙරෙනුයේ එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි.

පිංවත් ඔබට යම් දවසක්‌ එනවා චතුරාර්ය සත්‍ය ධර්මය තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිදුවෙන. එදාට ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයත්, ජීවිතයත් එකක්‌ කොට දකිනවා. යම් දවසක්‌ ඔබට එනවා, පටිච්ඡසමුප්පාද ධර්මය තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිදුවන. එදාට ඔබ දකිනවා, පටිච්ඡ සමුප්පාද ධර්මයත්, ඔබට දෙකක්‌ නොව, එකක්‌ය කියන කාරණය. ඔබට යම් දවසක්‌ එනවා සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිද්ධවෙන. එදාට ඔබ සතර සතිපට්‌ඨාන ධර්මයත් ඔබේ ජීවිතයේ ක්‍රියාකාරීත්වයත් එකක්‌ කොට දකිනවා. යම් දවසක්‌ එනවා සප්ත බොඡ්ඣංග ධර්මයන් තුළ ඔබේ ජීවිතයත් විසුරුවා දකින.... එදාට ඔබ සප්තබොඡ්ඣංග ධර්මයත් ඔබේ ජීවිතයත් එකක්‌ කොට දකිනවා. මේ ධර්මයන් ජීවිතයේම කොටසක්‌. ජීවිතයේ බද්ධයක්‌. ජීවිතයේ මුහුවක්‌. මෙය ඔබ දකින්නේ පංචඋපාදානස්‌කන්ධය තුළ ජීවිතය විසුරුවාහරින මොහොතේයි. එය ඔබව ධර්මාවබෝධය කරා ඔසවා තබනවා. ඔබ දකිනවා තමා තුළින්ම, මේ සෑම ධර්මතාවයක්‌ම තමා තුළින් වැඩුනේ රූපය ඇසුරින් සකස්‌ වුණ පංචඋපාදානස්‌කන්ධයක්‌ හැටියටයි කියලා.

රූපය අනිත්‍යයි කියලා අවබෝධකරන තැනදී නාම ධර්මය ඉබේම නිරෝධය වී යනවා. මේ සියල්ල සිද්ධ වෙන්න නම් තමා තමාට අවංක වෙන්න ඕනා. බෝධිසත්වයන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී තමා තමාට අවංකව තීරණය ගන්නවා 'මගේ ලේ, මස්‌, සම්, ඇට, නහර වියෑලේවා... උතුම් සම්මා සම්බෝධිය අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ' ය කියලා. ඒ අවංකභාවය නිසාම බෝධි සත්වයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධකර ගන්නවා.

භික්‍ෂුවක්‌ උතුම් ධර්ම මාර්ගයේදී හේතුඵල ධර්මයන්ට අනුව යම් තීරණාත්මක විසඳුමක්‌ ගන්නේ තමා තමාට අවංකවමය. 'අදින් පසුව මම ජීවිතයට පිණ්‌ඩපාතය දෙන්නේ නෑ. එක්‌කෝ මැරේවී. නැති නම් අවබෝධය ලබනවා' කියන තීන්දුව ගන්නේ අවංකවම ඔහු මරණය ද, අවබෝධය ද දෙකම දකිමිනුයි. ධර්ම රත්නයේ ගුණයන් කෙරෙහි විශ්වාසය පමණයි ඔහුට ඉතිරිවී තිබෙන්නේ. රූපයත්, වේදනාවත්, සංඥාවත්, සංස්‌කාරත්, විඥානයත් තුළ සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොදකින තැන, මේ ධර්මතාවයෙන් හුදු අනිත්‍යභාවයට පත්වන හේතුඵල ධර්මයන් හැටියට අවබෝධ කරන තැන පංචඋපාදානස්‌කන්ධ ධර්මයන් කෙරෙහි ඇති තෘෂ්ණාව ඔහු අවබෝධයෙන් අතහරිනවා. ඒ මොහොතේ මොහුගේ ලෝකය නැමති, පංචඋපාදානස්‌කන්ධය නමැති හැව ගැලවී යනවා. එවිට ඔහු ලෝකයට තැවරී නැති ලෝකයේ ජීවත්වන මනුෂ්‍යයෙක්‌ වෙනවා. තමා තුළින්ම ධර්ම මාර්ගය කෙරෙහි ඇතිකොටගත් අවංකභාවය ධර්මයේ උච්ඡතම ඵලය ඔහුට ලබාදෙනවා. අවිද්‍යාව හේතුවෙන්ම සකස්‌ වුණ සලායතන සහ ඵස්‌සය කියන ධර්මතාවයත් තෘෂ්ණාවත් සමඟ සුසංයෝජනයෙන් සත්ත්වයාට 'මම, මගේ, අපි, අපේ, ඔබ මගේ, මම ඔබේ ආදී වශයෙන් හේතුඵල ධර්මයන් උපදින රූකඩ චරිතයක්‌ නිර්මාණයකොට ලෝකය හමුවේ කරන නාඩගම ඔබ විනිවිද දැක විනාශකොට දැමුවා වෙනවා.

තෘෂ්ණාව නමැති එකම ධර්මය පරාජයකොට දැමීමෙන් ඔහු ලෝකය නමැති දුක මුලිනුපුටා දමනවා. තමා කෙරෙහි, ධර්මය කෙරෙහි, තමන් ගන්නා තීරණය, තීන්දුව කෙරෙහි ඇති අවංකභාවය ධර්ම මාර්ගයේ ජයග්‍රහණයක්‌ ලබාගැනීමට ඇති මූලිකම සුදුසුකම වෙනවා. ඔබ තුළ අවංකභාවය තවමත් නැති නම් ඊට ද එකම තේරුම තෘෂ්ණාව වෙනවා. තෘෂ්ණාව නමැති ඉන්ධන අහවර කරන තැන ජීවිතය ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත් හේතුවෙන් හටගන්නා ඵස්‌සය තුළ දෝලනය වෙමින් අතීත සංස්‌කාරයන්ගේ ඕනෑ එපාකම් අනුව පිරිනිවීයන තෙක්‌ ජීවත් වෙනවා. අවංකභාවයේ සැබෑම ඵලය, අවසානයේ ඔහුගේ රූපය මහපොළොවේ සතර මහා ධාතුවට එකතුවෙනවා. තෘෂ්ණාවේ ඉන්ධන නැති නිසාම, රූපය තුළින්ම විඤාණයද නිවී යනවා. හිස්‌ දෙයක්‌, නැති දෙයක්‌, නිවිච්ච දෙයක්‌, කාත් කවුරුත් නැති දෙයක්‌, චතුරාර්ය සත්‍යය නොදන්නා නිසාම, බුදුරජාණන් වහන්සේට අවංක නොවීම නිසාම, තමන් ධර්ම මාර්ගයේ අවංකවම ගමන් නොකිරීම නිසාම, තෘෂ්ණාව හඳුනානොගත් නිසාම, දුක නමැති ලෝකය මගේ කරගත් අවාසනාවෙන් ඔහු මිදී යනවා. නිවී යනවා. උතුම් ධර්ම රත්නයේ පූජනීය, වන්දනීය අග්‍රම ඵලය ඔහු ලැබුවා වෙනවා.

අනිත්‍ය වන ඇස පිංවත් ඔබ තවමත් නිත්‍ය වශයෙන් ගන්නවා. අනිත්‍ය වන කන, නාසය, දිව, ශරීරය, මනස තවමත් ඔබ නිත්‍ය වශයෙන් ගන්නවා. ධර්මයට ඔබ තවමත් අවංක නැහැ. ආධ්‍යාත්මික රූපය, බාහිර රූපය තවමත් ඔබ නිත්‍ය වශයෙන් ගන්නවා. අනිත්‍යවන පංචඋපාදනස්‌කන්ධය තවමත් ඔබ නිත්‍ය වශයෙන් ගන්නවා. තවමත් ඔබ ධර්ම රත්නයට අවංක නැහැ. උදේම සමාදන්වන සිල්පදය සවසට බිඳිනවා. තවමත් ඔබ සද්ධර්මයට අවංක නැහැ. සක්‌කායදිට්‌ඨි, විචිකිච්ඡා, අන්‍යශීලවෘත ජීවිතය තුළ හොල්මන් කරනවා. තවමත් ඔබ ධර්ම රත්නයට අවංක නැහැ. සුගතිය තිබියදී තවමත් ඔබ දුගතියට අවශ්‍ය සංස්‌කාර

රැස්‌කරනවා. තවමත් ඔබ ධර්මරත්නයට අවංක නැහැ. තමා තමාට අවංක වෙන්න ඕනේ. මෙතැනදී 'තමා' කියන්නේ අනිත්‍ය වූ ධර්මයක්‌. අනිත්‍ය වූ ධර්මයක්‌ තුළ සිටිමින් එහි අනිත්‍යය දකින්න ඕනේ. අනිත්‍යභාවය තුළ සිටිමින් අනිත්‍යය දැකීමේදී නිත්‍යභාවයට අදාළ හේතු සකස්‌ කරන ධර්මතාවයන්ගේ නිරෝධය සිදුවෙනවා.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක්‌ දස පාරමී ධර්මයන් පරිපූර්ණකොට, බුදුරජාණන් වහන්සේ නමක්‌ මතුකොට ගන්නා වූ උතුම් ධර්ම රත්නය, යම් ගිහි පැවිදි පිංවතෙක්‌ තමන්ගේ යෑයි සොරකම්කොට දේශනා කරන්නේ නම්, උතුම් ධර්මරත්නය විකෘති කොට දේශනා කරන්නේ නම් එම පුද්ගලයා දැඩි රැහැනින් බැඳ, වධක බෙර හඬවා, නුවර වටා ගෙනගොස්‌ හිස ගසා දැමීම යම් සේ දුකක්‌ද, ඊටත් වඩා අතිශය දුකක්‌ විඳීමට කැමති විය යුතු යෑයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

('ධම්මානුස්‌සතිය' කොටස මෙතැනින් නිමවේ)

සකස්‌ කළේ ඉන්ද්‍රජිත් සුබසිංහ
________________________________
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, November 23, 2017

Have a nice day

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.