Thursday, January 24, 2013

Wednesday, January 23, 2013

jihad find the link

 

The World's best landmine deactivators are in Sri Lanka

The World’s best landmine deactivators are in Sri Lanka

Tuesday, 23 October 2012 12:35

 

D.K.N. Rohan , a soldier of Sri Lanka Army attached to the Engineering Regiment and his assistant, ‘Sparkertus’ dog have been awarded as the Best Landmine Detectors’ Team, 2012 by the United States of America.

The Martial Legacy Institute which functions as a famous Non-governmental Organization in USA has presented the award to Soldier Rohan and his assistant dog Sparkertus on 10th October at the Annual Award Ceremony held in Washington.

Sri Lankan landmine deactivators' team was able to claim the award after contesting with 107 teams who had represented 11 countries across the world.

 

මොරටුවේ ‘මර්වින්’ ප්රහාරය - යුතුකම සංවාද කවය

 

 

 

මොරටුවේ 'මර්වින්' ප‍්‍රහාරය

January 24, 2013 at 12:02 am | lanka C news

- අංකුර  'විද්‍යාර්ථයින්ගේ' නූතනකුලගැටුම…

මොරටුව සරසවිය විශ්වවිද්‍යාල තත්වය ලැබුමට පෙර 'කටුබැද්ද කාකාර්මිකවිද්‍යාලය'ලෙසින් හැඳින්විණි. කෙසේවුවද මෙහි ඉතිහාසය 1960 දී  මෙරටට තාක්ෂණ ශිල්පීන් බිහි කිරීමේ අරමුණෙන් ඇති කල 'ප්‍රායෝගික කාර්මික ආයතනය' බිහි වීමටත් ඒහා දිව යයි. 'ප්‍රායෝගික කාර්මිකආයතනය'  1966 දී 'ලංකා තාක්ෂණික විද්‍යාලය' වශයෙන් උසස්කරන ලද අතර 1972 'ශ්‍රී ලංකා කාර්මික ආයතනය – කටුබැද්ද මණ්ඩපය' ලෙසද, පසුව  1978 දී මොරටුව විශ්ව විද්‍යාලය බවට ද පත් විය.

ඒ අතර මරදාන කාර්මික අභ්‍යාස ආයතනයේදී 1940 වසරේ ආධුනික තාක්ෂණික නිළධාරීන් (JTO) බිහිකරන පාඨමාලාවක් ලෙසින් ආරම්භ වුනු NDT පාඨමාලාව (තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව National Diploma in Technology  – NDT  ),1960 දී කටුබැද්ද ප්‍රායෝගික තාක්ෂණික ආයතනය ලෙස වත්මන් මොරටුව විශ්ව විද්‍යාලිය භුමිය තුල බිහි විය.1967 දී කටුබැද්ද ප්‍රායෝගික තාක්ෂණික පාඨමාලාව NDT පාඨමාලාව ලෙස වෙනස්කමට භාජනය විය.

තාක්ෂණ විද්‍යාලයක සිට  විශ්ව විද්‍යාලයක් බවට පරිනත වීමත් සමගම ආරම්භ වූ  උපාධි ආරම්භයත් සමගම  එවක් පටන් මෙම භූමියේ 'ශුද්ධ අයිතිය' උදෙසා ඩිප්ලෝමා අපේක්ෂිත  සිසුන් හා උපාධි  අපේක්ෂිත සිසුන් අතර අනවරත ගැටුමක් නිර්මාණය විය.එවක් පටන්  NDT සිසුන් සහ BSc සිසුන් ලෙස මේ දෙපිරිසම තම තමන්ගේ මනෝමූලික න්‍යායන් ඔස්සේ විශ්ව විද්‍යාලයේ 'ශුද්ධ අයිතිය' වෙනුවෙන් සටන් කරමින් සිටී.දශක කිහිපයක් තිස්සේ ඇදීයන මේ ගැටුමේ අලුත්ම පියවර නම් පසුගියදා මොරටුව ඉංජිනේරු පීඨ නේවාසිකාගාරයට ගරිල්ලා පන්නයේ ත්‍රාඩ ප්‍රහාරයක් එල්ල කිරීමයි. එහිදී ඉංජිනේරු පීඨයේ දේපළ රැසකට බරපතල හානි සිදු වූ අතර සිසුන් තිදෙනෙක් තුවාල ලැබූ අතර ඉන් එක් සිසුවෙකු බරපතල තුවාල යටතේ ජාතික රෝහලේ තවමත් නේවාසික ප්‍රතිකාර ගනිමින් සිටි.

විශ්ව විද්‍යාල සිසුන් අතර ගැටුම් ඇතිවීම හැටේ දශකයේ සිට විශ්ව විද්‍යාල වලට පරවේණියක් වූ ලක්ෂණයකි.'ඒ කාලේ නම් අද වගේ නෑ' යනුවෙන් සමහරුන් අද ඉදිරිපත් කරන මතය හුදු හිත් රවටාගැනීමට පමනක් වත් නොසෑහෙන බොරුවක් බව එකල විශ්ව විද්‍යාලවලදී නවක වදය සහ ඒ ආශ්‍රිත ගැටුම් වලට ලක් වූ හෘද සාක්ෂියක් ඇති වැඩිහිටියන් සාක්ෂි දරනු ඇති.

සිසු ගැටුම් අනෙකුත් බොහෝ සරසවිවල තිබෙන නමුත් අනෙකුත් විශ්ව විද්‍යාල වල දක්නට නොමැති සුවිශේෂී තත්වයක් මොරටුව සරසවිය තුල දැකිය හැකිය.එය එක්තරා ආකාරයක කුල ගැටුමක් ලෙස සමහරුන් කරන හැඳින්වීම අසාධාරණ නොවන්නේ ගෝත්‍රවාදී කුල ගැටුමකටත් එහා ගිය ප්‍රාථමික මනෝභාවයක් මේ තුල ගැබ් වී තිබෙන බැවිනි. මෙයින් අප වටහා ගත යුත්තේ අනෙකාට වඩා තමා උසස් යැයි පැන නගින මේ ප්‍රාථමික මනෝභාවය පහත් යැයි සම්මත ගෝත්‍රික සමාජ පද්ධතීන් තුල පමණක් නොව උගතුන් බිහිකරන්නේ යැයි කියන විද්‍යායතනවලටද එක සේ පොදු බවද? මේ ගුණදාස අමරසේකර ශූරීන් 'ගමනක මුල' නවකතාවෙන් ඇරඹි සංවාදයේදී මනා ලෙස දක්වන පරිදිම මා පිය සබඳතා , සහෝදරකම් ,හිතවත්කම්  නොසලකා එකිනෙකා පරයා  හිණිමගේ ඉහළට ‍යෑමට එනම් බමුණු කුලයේ සාමාජිකත්වය ලැබීමට වලිකන මානව මානවිකාවන්ගේ පොදු ඉරණම නොවේද? හිණිමගේ ඉහළට ‍යෑමට සඳහා ඕනෑම කුපාඩි මගක යෑමට මේ  බමුණු කුලයේ අංකුර  උගතුන් පසුබට නොවන බව නොවේද මේ මේ ගහමරා ගැනීම් හරහා අප ඉදිරිපිට විද්‍යාමාන වන්නේ?

ප්‍රධාන වශයෙන්ම ඉංජිනේරු පීඨයට තේරී එන්නේ  දිස්ත්‍රික් මට්ටමේන් උසස් පෙළ  ගණිත අංශයෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගත් සුසුන් කොටසයි.නමුත්  මෙහි අනෙකුත් ප්‍රධාන පාර්ශවය වන NDT පාඨමාලාව උදෙසා සිසුන් තේරෙන්නේ උසස් පෙළ ඊට වඩා අඩු ලකුණු මට්ටම්වල සිසුන්ගෙනි. උසස් පෙළ මේ ලකුණු පරතරය මේ දෙකොටස අතර ලකුණු පරතරයට එහා ගිය මානසික දුරස්ථභාවයක් නිර්මණය කෙරී ඇත. (සමහර විට ඉංජිනේරු පීඨයේ සිටින දුෂ්කර ‍යැයි සැලකෙන පළාත්වලින් තේරී පත් වූ සිසුන්ට වඩා ඉහළ සාමාර්ථ ලබා ගත් සිසුන් ඉංජිනේරු පීඨ වරම් අහිමිව NDT පාඨමාලාව තුල සිටින අවස්ථාද එමට ඇත.ඒ ඒ සමාජ සාධාරණත්වය වෙනුවෙන් නිර්මාණය කලා යැයි කියවෙන  මාහාර්‍ග දිස්ත්‍රික් කෝටාව නිසාය ) උසස්පෙළ ලකුණු වෙනස ඉතා සුළු එකක් වුවත් මොරටුව සරසවි භූමියේදී මේ වෙනස ලේ හලන ගැටුමක් නිර්මාණය කිරීමට තරම් වෙනසක් බවට පත් වන්නේ මේ සිසුන්ගේ ස්ව අභිමතය අනුවම නොවන බව අපේ වැටහීමයි. මේ බොහෝ දෙනා එක ප්ලේන්ටිය දෙකට බෙදන් බී උසස් පෙළ පන්තියේ එක බංකුවේ අධ්‍යපනය ලද පන්ති සගයන්ය. එවන් කොටස් මෙතරම් විරසකභාවයට පත් වන්නේ වසර ගණනාවක් පුරා NDT ශිෂ්‍ය සංගමය මෙහෙයවන අන්තරය සහ එයට පසුපස සිට ජවය සහ උත්තේජනය කරන දේශපාලන කොටස්වල තෙල බෙදීම සහ ජ්‍යේෂ්ඨයන් හරහා ඔලුගෙඩිවලට කවන වස ප්‍රමාණය ඉතා ඉහළ බැවින් යැයි නැගෙන චෝදනාව අසත්‍යක්ම නොවේ. එලෙසම මේ සිසුන් අතර ගැටුම් තම දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීමට ප්‍රධාන උත්ප්‍රේරකයක් බව තරුණ ලේ මතින් දේශපාලන ගමන් යාමට උපන් කොටස් හොඳින් අවබෝධ කරගෙන ඇත.

මෙහි ප්‍රධාන පාර්ශව දෙක වන BSc සිසුන් ට අනුව NDT ශිෂ්‍යන් යනු තමන්ගේ තරමට වඩා හිස උදුම්මා ගත් උද්ධඡ්චයන් පිරිසක් බවය.ඉංජිනේරු පීඨයෙන් බිහිවන ඉංජිනේරුවරයෙකු අහලකටවත් දැනුමෙන් ලඟා විය නොහැකි මේ NDT සිසුන් ඉංජිනේරුවරුන් ලෙස ඉලිප්පීමට යෑම මේ ගැටුමේ මූලික හේතුව බව BSc සිසුන්ගේ පොදු අදහසයි. දෙ එබැවින් ඔවුන් දෙස ස වපර ඇසින් බැලීමේ මනෝභාවයක් එමගින් නිර්මාණය වී ඇත.තමන් සමග එකට සිටීමට තරම් සුදුසුකම් නැති NDT සිසුන් විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් කර වෙනත් බිමකට ගෙන යන්නැයි උද්ඝෝෂණ එන්නේ ගැටුම් අවසන් කිරීමේ පිරිසිදු අරමුණෙන්ම පමණක් නොව  මෙම උඩඟු අධිමාන්නය නිසාය යනුවෙන් එල්ල වෙන චෝදනාව අසත්‍යක්ම නොවේ.

එහි අනික් පස සැලකූ කල NDT සිසුන්ට අනුව BSc සිසුන් යනු පොතේ ගුරාලා ටිකකි. උසස්පෙළ ලකුණක් දෙකක් වැඩිපුර ගත්තත්  ප්‍රායෝගිකත්වය අතින් බැලූවිට තමන් සමග එකට හිට ගැනීමට BSc  ශිෂ්‍යයන්ට නොහැකිය.රැකියා වෙළඳපොළේදීද ප්‍රායෝගිකත්වයට සහ තාක්ෂණික අතේහුරුව වැඩිපුර ඇති NDT සිසුන් සඳහා දැන් ඉහල ඉල්ලුමක් ඇතිවෙමින් පවතී.මෙය දරා ගත නොහැකි BSc  සිසුන් NDT  සිසුන්ට වෛර කරති. මේ බහුතර NDT සිසුන්ගේ පොදු මනෝභාවයයි. උසස් පෙලේදී තමන් ලද අඩු ලකුණුවලින් නිර්මාණය වූ හීනමානය මෙයට මූලික හේතුව යැයි නැගෙන චෝදනාවද BSc  සිසුන් වෙත එල්ලවන අධිමානය පිළිබඳ චෝදනාව වැනි ආකාරයටම යම් කිසි වලංගුභාවයක් ඇති අර්ථ දැක්වීමකි. කෙසේ හෝ අන්ත දෙකකට ඇදෙන මේ මනෝභාවයන් විසින් මෙහෙයවන ශිෂ්‍ය කණ්ඩායම් දෙකකින් එකකට අති කුප්‍රකට ධාවනකාරී  ඊනියා  විප්ලවවාදී දේශපාලන වහල්කම එක් වූ කල ඇතිවන විපත පසුගියදා මොරටුව සරසවියේ නේවාසිකාගාරයේ පොලු පහරවලින්,කඩු පහරවලින් දෙකඩ වී ඇති දොර පලු සාක්ෂි දරනවා ඇත.

එසේ බැලූ කල මේ දෙපාර්ශවයම පෙන්නුම් කරමින් සිටිනුයේ අනෙකා පාගා දමා ,හෙළා දැක තම තමන්ගේ දෙක හමාර බේරා ගැනීමේ දීන උත්සාහයක නොවේද? අනෙකා හෙළා තමන් ඉනිමගේ ඉහළට නැගීමේ තණ්හාව නොවේද? මෙය මේ දෙකොටසට පමණක් උරුමයක් නොවන බව අප වටහා ගත යුතුය.මේ අපට නොගැලපෙන නමුත් අප වැලඳ සිටින අධ්‍යාපන ක්‍රමයේම අනිවාර්‍ය අවාසනාවන්ත උරුමය නොවේද? මේ අධ්‍යාපන ක්‍රමය හරහා ක්ෂිතිජයට එහා දකින විද්‍යාර්ථයින් යැයි මාහා ඉහළින් ඔසවා තබමින්  අවසානයේ බිහිකර ඇත්තේ අධ්‍යාපන අයිතිය වැනි මතුපිටට ආකර්ශනීය සටන් පාඨ කිහිපයක් හරහා  මුළාවේ දැමීමට හැකි මෙතරම් ළදරු දේශපාලන කොටස්වල අතකොළු බවට පත් වී එක පන්තියේ සගයන්ගේ ඔලු පලා එකිනේකා මරාගැනීමට තරම් දුබල මාන්සිකත්වයෙන් හෙබි  මානසික විකෘතිකයන් පිරිසක් නොවේද?

ගැටුමේ හොඳම ජවනිකාව එන්නේ ඉන් පසුවයි.එනම් මේ ගැටුමට වගකිවයුත්තන් කවුදැයි එකිනෙකට චෝදනා කරන ජවනිකාවයි.උසස් අධ්‍යාපන ඇමතිවරයාට අනුව මෙය ජවිපෙන් වෙන්ව ගිය පෙරටුගාමි පක්ෂය දැනුවත්ව මෙහෙයවූ ත්‍රාඩ ගරිල්ලා ප්‍රහාරයකි.එම චෝදනාවට පිළිතුරු දෙන අන්තරය පවසන්නේ ගැටුම් නිර්මාණය කර තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමට ආන්ඩුවේ උත්සාහයේ තවත් එක් ප්‍රතිඵලයක් පසුගියදා මොරටු සරසවියේදී ඇති වූ බවයි.නමුත් පෙරටුගාමීන්ගේ තෙල්වලින් දැති රෝද කැරකෙන (දැන් ජවිපෙට එහි සැලකිය යුතු බලයක් නිමැති බව කියැවේ) අන්තරය මෙම ගැටුම ගැන විශේෂිත වූ කරුණු කිසිවක් ඉදිරිපත් නොකරන අතර සෑම ගැටුමකටම පසුව මාධ්‍ය වෙත නිකුත් කරන පොදු නිවේදනය දිනය  හා ස්ථානය පමණක් වෙනස් කර මෙවරද නිකුත් කර ඇති සැටියක් පෙනේ.

ජවිපෙද මේ ගැටුම තම ප්‍රධාන ප්‍රතිවාදියා වන ආණ්ඩුව පිට පටවා බලාසිටින්නේ පෙරටුගාමීන්ට ප්‍රහාර එල්ල කිරීමට වඩා ආණ්ඩුවට පහරට්දීම තම දේශපාලනයට වඩා වාසිදායක වන බැවින් විය හැක.

මේ අතර පෙරටුගාමී ක්‍රියාකාරිකයන් මේ සම්බන්ධයෙන් මොන්ටිසෝරි බබාලාගේ තර්ක ඉදිරිපත් කරමින් මෙහි වගකීමෙන් පැන යාමට උත්සාහ කරන අයුරු ලැජ්ජා සහගතය.ඔවුන් ඒ සඳහා පාදක කරගන්නේ එස් බී දිසානායක ඇමතිවරයා මීට වසරකට පමණ පෙර කල ප්‍රකාශයකි. එනම් NDT  ශිෂ්‍ය සංගම් වල බලය නුදුරේදීම ජවිපෙන් ,පෙරටුගාමීන්ගෙන් ගිලිහී තමන් අතට ගන්න බවට කල ප්‍රකාශයයි.පෙරටුගාමීන්ට අනුව දැන් NDTය එස්බී දිසානායක යටතේ මෙහෙයවෙන්නකි.ඒ අනුව පසුගියදා සිදුවූ ගැටුම එස්බී දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ මෙහෙයවීම මත සිදු වූවකි. මේවා අඩුම තරමින් තමන්ගේ එහෙයිවාදී කාඩරයන්වත් රැවටීමට ප්‍රමාණවත් නොවන බව මේ පුංචි විප්ලවවාදීන්ට නොතේරේද? එන්ඩීටීය තවමත් අන්තරය හා ක්‍රියාකාරීව කටයුතු කරන බව මොරටුව විශ්ව විද්‍යාලය අසල කඩල රටකජු විකුනණ්නන් පවා පවා දන්නා සරල සත්‍යයි.

පෙරටුගාමීන් සහ ජවිපෙ නටන මේ නාටකය දෙවනි වන්නේ 'මර්වින් නාඩගමට' පමණක් විය යුතුය.මර්වින් යනු නූතන තුප්පහි දේශපාලන සංස්කෘතියේ උත්තුංගම සංකේතයයි.මර්වින් ඕනෑම කුපාඩි වැඩක් කල විට එය මර්වින් විසින් කලාද නැද්ද යන්න රහස් පොලීසීය සහ ආණ්ඩුවේ ඉහළ බලධාරීන් පමණක් නොදන්නා නමුත් මුලු ලංකාවම දන්නා සත්‍යකි.ඒ සඳහා රහස් පොලිස් පරීක්ෂණ හෝ ඇඟිලි සලකුණු උවමනා ණැත.ඒ තරමටම ඒ සම්බන්ධ සාමාන්‍ය ජනයාගේ දේශපාලන ඉව තියුණු වී ඇත.නමුත් ඒ පිළිබඳ මර්වින් ගෙන් ඇසුවහොත් ලැබෙන්නේ ලොවැඩ සඟරාවේ , ධම්මපදයේ අන්තර්ගත මහා ආඛ්‍යානවලින් සුසැදි ලිළිතුරකි. ඔහුට අනුව මේ කිසිවකුට ඔහුගේ සම්බන්ධයක් නැත. ඒ ප්‍රකාශ පිළිගන්නේ නම්  මර්වින් යනු  නවගුණවැල නිතරම ගනිමින් සිටින නිස්කලංකව කුරා කූඹියෙකුට වරදක් නැති අහිංසකයෙකි. නමුත් ආණ්ඩුවේ ඉහළ බලධාරීන් සහ සට්ටඹි මාධ්‍ය හොරණෑ හැර කිසිවකුත් ඒ ප්‍රකාශ තඹ සතේකට නොසලකයි.මේ සරසවි ගැටුම් සම්බන්ධව අන්තරයේ , ජවිපෙ සහ පෙරටුගාමී යන සියලු පාර්ශව වල හැසිරීමද මේ මර්වින් පන්නයේමය. ඔවුන්ට අනුව  ඔවුන් මේ කිසිවකට සම්බන්ධ නැත.සරසවි ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් දිවි කැපකර කැපවීම් කරන්නෙ ඔවුන්ය.එහිදී විරුද්ධ මතධාරියෙකුට පොලු පහරවල් එල්ල කිරීම තබා 'උඹ නොදකින්' යැයි නොකියවෙන තරමට ඒ ශිෂ්‍ය ව්‍යාපාරය සංසුන්ය. අහිංසකය.ධම්මපදයේ නැතත් මාක්ස්වාදී පොත්පත්වල ඇති පාඨ ඒ අස්සේ ඔබා මේ අති අහිංසකවාදී මානුශිකවාදී ස්වරූපය උලුප්පා පෙන්වීමට ඔවුන් දක්ෂයයි ඔවුන් සිතනවා වන්නට පුළුවන. නමුත් පැස්බරා හිස පමණක් වැල්ලේ ඔබා ගත්තද අප්‍රසන්න දර්ශනය අනෙකුන්ට හොඳින් පැහැදිලිව පෙනේ.

කෙසේ නමුත් මෙවර ගැටුම සම්පූර්‍ණ පෙරටුගාමී පක්ෂය හිතාමාතා සැලසුම් සහගතව සිදු කල ගරිල්ලා පන්නයේ ත්‍රාඩ ප්‍රහාරයක් බව බහුතර ඉංජිනේරු පීඨ සිසුන්ගේ අදහසයි.NDT ශිෂ්‍ය ප්‍රජාව තුල තමන් සමග ගැටෙන ජවිපෙට හිතවත් ශිෂ්‍ය කණ්ඩායම් වල බලය ඉදිරියේදී තීරණාත්මකව තමන්ගේ අධිපතීත්වයට අභියෝගයක් වන වටපිටාවක සහ NDT සිසුන් අතරින් අමානුෂික නවකවදයට එරෙහි ශිෂ්‍ය කණ්ඩයමක් මතුවීමේ ප්‍රවනතාවයක්ද පසුගිය වකවානුවේ දක්නට ලැබිනි.එස්බී දිසානායක ඇමතිවරයා පසුගිය වසරේ අන්තරයෙන් ගලවාගන්නේ  යැයි  අනතුරු අඟවන්නේ මෙම ශිෂ්‍ය කොටස ගැන විය යුතුය.කෙසේ නමුත් අන්තරයට NDT ශිෂ්‍ය  ප්‍රජාව  තුල තවදුරටත් අධිපතීත්වය දැරීමට නම් මේ අභ්‍යන්තර ගැටුම් විසඳා ගත යුතුව තිබිණ. ඒ සඳහා හොඳම පිළිතුර නම් පොදු සතුරෙක් නිර්මානය කර  ඒ පොදු සතුරාට එරෙහිව එකතු වීමයි. මේ සැල්සුම් සහගත ප්‍රහාරයේ මුඛ්‍ය අරමුණ එය බවට එල්ල වන චෝදනාව පිළිගැනීම එතරම් අපහසු නැත.මෙයට පෙර නොයෙක් ආකාරයේ ගැටුම් ඇති වී තිබුනත් ඒ ගැටුම්වලට දුන් ප්‍රති උත්තරයකටත් වඩා මේ කැලඹිලිකාරී තත්වය මගහරවා පොදු සතුරෙකු නිර්මාණය කරගැනීමේ මෙහෙයුමේ එක් ගරිල්ලා පහරදීමක් ලෙස පසුගියදා සිදු වූ පහර දීම සැලකීම වඩා සාධාරණය. මේ පෙනෙන්නේ ජාතීන් අතර සමානාත්මතාවය ,අන්තර් සහජීවනය , ප්‍රජාතන්ත්‍රවාදය , සම අයිතිය ආදී මහා ආඛ්‍යානයන් ගැන මහා විදග්ධ කතා පවත්වන මේ රතු තොප්පිකාර පුංචි විප්ලවවාදීන්ගේ සැබෑ ස්වරූපය නොවේද?NDT – BSc මේ නයි පොළොං වෛරය කුප්ප දේශපාලණ කොටස් විසින් දඩමීමා කරගැනීම නිසා ජාතියට අහිමිවන වටිනා ජීවිත වල වටිනාකම මේ සිල්ලර දේශපාලන කොටස්වලට නොවැටහීම පුදුමයක් නොවේ. වෙහෙර ගිල්ල උන්ට අග්ගලාව කජ්ජක්ද.

නමුත් වගකිව යුතු නිළධාරීන් – බල්ධාරීන් තව තවත් කල් නොමරා මේ නයි – පොළොං වෛරය අවුළුවන වටපිටාව වහා නැතිකර දැමිය යුතුය. එහිදී මේ දෙපාර්ශවය දැනට යෝජිත පරිදි දෙතැනකට කිරීම හෝ ඊට වඩා ප්‍රශස්ථ විසඳුමක් වේ නම් එය සොයා වහ වහා පිළියම් යෙදීම මේ ජීවිත අඳුරට හෙලන සාපය නැවැත්වීමට හැකි එකම මාර්ගයයි. එසේම මේ බමුණු කුලයේ අංකුරයන් බමුණු මානසිකත්වයෙන් ගලවා එකිනෙකා මරාගන්නා ක්‍රමය වෙනුවට විසල් මනසකින් යුතු බුද්ධිමතින් බිහිකල හැකි අපේ පසට ගැලපෙන  අධ්‍යාපන ක්‍රමවේදයක අවශ්‍යතාවය  වෙනුවෙන් දැනුවත් සංවාදයක් අත්‍යවශ්‍ය මොහොත එලඹ තිබේ.

- යුතුකම සංවාද කවය