| Weekly Performance Report May 6, 2014 - May 12, 2014 Dear Internetseer Subscriber
This report was sent to mmnanuruddha.slman@blogger.com. Your Internetseer login name is, mmnanuruddha.slman@blogger.com Log in at www.internetseer.com to keep your account up to date. If you forgot your password?, get it here. If you have any questions regarding this information, visit our help site. |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Copyright 2009 InternetSeer.com, Inc. All Rights Reserved. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Anything related to anyone on the planet. Gossips, Advertisements, Jokes, Notes, Cartoons, News, Hot topics whatever we like
Tuesday, May 13, 2014
http://pabrikberita.com Performance Report
Monday, May 12, 2014
භාවනාව V || "Maha Rahathun Wadhi Maga Osse"
භාවනාව V
http://www.divaina.com/2014/05/11/feature03.html
සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක් කරගත් පිංවතෙකුට, පිංවතියකට 'මේ තරම් ලස්‌සන, සුන්දර, තාරුණ්‍යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ' කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය 'පවුඩර් සාප්පුව' දිහා බැලුවහමනම් ලස්‌සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්‌සනක්‌ද? මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුවට පේනවා කුටියට මදක් ඔබ්බෙන් මොනරෙක් පිල් විදහාගෙන නටනවා. 'සර සර' හඬ නගමින් විහිදුණු පිල් එකිනෙක ගැටෙන හඬ භික්‍ෂුවට හොඳින් ඇසෙනවා. මොනරා රඟන රිද්මයටම සෙබඩත් මොනරා වටා කැරකෙනවා. මේ සතුන් දෙදෙනාට හැඟීමක් නැහැ, භික්‍ෂුව අහල පහල සිටිනවා කියලා. මොකද ඒ සතුන් රූපයෙන් භික්‍ෂුව හැඳිනුවත්, අර්ථයෙන් හඳුනන්නේ නැහැ. මේ මොනරත්, සෙබඩත් ආශ්වාදයෙන් මත්වෙලා. හිරිඔතප් ගැන දන්නේ නැහැ. ආශ්වාදයේ කෙටි මිහිර, ආදීනවයේ ප්‍රමාදීභාවයට පාර හෙළිකර දෙනවා දෙදෙනාටම. තව ටික දිනකින් සෙබඩ බිත්තර දමාවී, ඊට පස්‌සේ බිත්තර රකීවී. ඊට පස්‌සේ පැටව් එලියට ඒවී, පැටවුන් පෝෂණය කරාවී, කෙටි ආශ්වාදයක දිගු ආදීනවය පෙනෙනවා නේද?
මේ ලිපි මාලාව වෙනුවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය මෙලෙස මනාකොට ගපන ලද ඒ පින්වත් ස්‌වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්මදේශනා මාලාවේ ඉදිරි දිනවල යෙදී ඇති ධර්ම දේශනා මෙසේය.
මැයි 13 ප.ව. 5.00
ඇලන් මැතිනියාරාය පොල්හේන්ගොඩ
මැයි 14 ප.ව. 6.00
වැලිකඩවත්ත රාජගිරිය
මැයි 15 ප.ව. 3.30
කලපලුවාව තපෝවනය
මැයි 19 ප.ව. 4.00
ශ්‍රී බෝධිමලුව විහාරය තඹුත්තේගම
(ප්‍රාථමික විදුහල අසළ)
පිංවත් ඔබේ අතින් අල්ලාගෙන මේ ගමන යන්න කෙනෙක් නැහැ. මේ සටහන් තබන භික්‍ෂුව අනික් ස්‌වාමීන්වහන්සේලා වගේම ධර්ම මාර්ගයේදී යම් අත්දැකීමක් ලැබුවා වගේම සැඟවීමකින් තොරව එය මේ සටහන්වල සඳහන් කරලා තිබෙනවා. මේ භික්‍ෂුවට කළ හැක්‌කේ එපමණයි. එම නිසා පිංවත් ඔබ 'ඔබේ' අතින්ම අල්ලාගෙන ධර්ම මාර්ගයේ පෙරට යන්න. ඒ කියන්නේ සතිය සිහිය තුළින් විඳීම් සොයන සිත විදර්ශනා ඥාණයෙන් අල්ලාගෙන පෙරට යන්න කියන කාරණයයි. ඔබේ අත ඔබට අතහැරුණොත් අනුන් අත් සියයක් දිගු කළත් ඔබට ඉන් ඇති ඵලයක් නැහැ. මෙසේ පෙරට යනකොට ඔබට මුළින්ම හමුවෙන්න ඕනේ සප්ත බො-ජංග කියන ධර්මයන්. මෙතැනදි තමයි පිංවත් ඔබට සහතිකයක් ලැබෙන්නේ ඔබ තුළින්ම ඔබ නිවැරදි බවට, ඔබේ මාර්ගය අර්ථවත් බවට. අනුන් නෙමෙයි ලකුණු දුන්නේ. ඔබ තුළින්මයි ලකුණු ලැබුවේ. පිංවත් ඔබ තුළින්ම ඔබට ලකුණු ලැබුණත්, ලකුණු ලැබුණාය කියන කාරණයෙන් පැහැදිළිවෙන්නේ එතැන තරගයක් තිබෙනවාය කියන කාරණයයි. තරගයක් තිබෙනවාය කියන කාරණයෙන් පැහැදිලි වෙන්නේ එතැන ජය පරාජය තිබෙනවාය කියන කාරණයයි. ජය පරාජය තිබෙනවාය කියන කාරණය තුළ පැහැදිලි වෙන්නේ එතැන ඇලිම ගැටීම තිබෙනවාය කියන අර්ථයයි. එහෙමනම් පිංවත් ඔබ මේ ලකුණු ලැබෙන තරගයද අත්හැරිය යුතුයි. එය කළ හැක්‌කේ ඔබ තුළ හේතුඵල ධර්මයන් තුළින් වැඩෙන සප්ත බො-ජංග ධර්මයනුත් අනිත්‍ය වශයෙන් දැකීමෙනුයි.
සතියද, ධර්මවිජයද, වීර්යය, ඵස්‌සද්ධි, ප්‍රීති, සමාධි, උපේක්‍ෂා ධර්මයන්ද අනිත්‍ය වශයෙන් අවබෝධකොට ගනිද්දී ඔබ තුළ හේතුඵල ධර්මයන්ට අනුව වැඩෙන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව යනු සම්මා සම්බුද්ධ ඇකයේ ඔබ උපන් බවට ඔබට ලැබෙන විශ්වාසයයි. එම විශ්වාසය ලැබෙනුයේද ඔබ තුළින්මය. එසේනම් ඔබ නැමති ආශ්චර්යමත් පුද්ගලයා තුළ සැඟවී ඇති අයෝමය ධර්ම ශක්‌තිය ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළින්ම පිංවත් ඔබත් මතුකොටගන්න. මමත්වයේ කුණුහැව ඝණභාවයට පත්කරන නිත්‍ය සංඥාව, සතර සතිපට්‌ඨාන ධර්මයන් උපයෝගීකොට විනිවිද දකින්න.
මේ සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක් කරගත් පිංවතෙකුට, පිංවතියකට 'මේ තරම් ලස්‌සන, සුන්දර, තාරුණ්‍යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ' කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය 'පවුඩර් සාප්පුව' දිහා බැලුවහමනම් ලස්‌සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්‌සනක්‌ද?
මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුවට පේනවා කුටියට මදක් ඔබ්බෙන් මොනරෙක් පිල් විදහාගෙන නටනවා. 'සර සර' හඬ නගමින් විහිදුණු පිල් එකිනෙක ගැටෙන හඬ භික්‍ෂුවට හොඳින් ඇසෙනවා. මොනරා රඟන රිද්මයටම සෙබඩත් මොනරා වටා කැරකෙනවා. මේ සතුන් දෙදෙනාට හැඟීමක් නැහැ, භික්‍ෂුව අහල පහල සිටිනවා කියලා. මොකද ඒ සතුන් රූපයෙන් භික්‍ෂුව හැඳිනුවත්, අර්ථයෙන් හඳුනන්නේ නැහැ. මේ මොනරත්, සෙබඩත් ආශ්වාදයෙන් මත්වෙලා. හිරිඔතප් ගැන දන්නේ නැහැ. ආශ්වාදයේ කෙටි මිහිර, ආදීනවයේ ප්‍රමාදීභාවයට පාර හෙළිකර දෙනවා දෙදෙනාටම. තව ටික දිනකින් සෙබඩ බිත්තර දමාවී, ඊට පස්‌සේ බිත්තර රකීවී. ඊට පස්‌සේ පැටව් එලියට ඒවී, පැටවුන් පෝෂණය කරාවී, කෙටි ආශ්වාදයක දිගු ආදීනවය පෙනෙනවා නේද?
මේ මොනරා කීවොත් 'මම ලස්‌සනයි' කියලා සැබැවින්ම සාධාරණයි. මොකද එම සතා සුවඳ විලවුන්, ඇඳුම් පැලඳුම්, නෑම් ඇඟ සේදීම්, දත්මැදීම් කිසිම දෙයක් කරන කෙනෙක් නෙවෙයි. නමුත් සැබවින්ම ලස්‌සනට පේනවා. ලස්‌සන තිබෙන්නේ රූපය තුළ නොවෙයි. රූපය කෙරෙහි සකස්‌කොටගත් තෘෂ්ණාව තුළයි. රූපයට ඇති තෘෂ්ණාව අඩුකරගන්න. එවිට ඔබට රූපය අසුබ දෙයක් වශයෙන් පෙනේවී. මේ ස්‌ත්‍රී පුරුෂ මිනිස් රූපය, යමෙක් ලස්‌සනය කියලා කියනවානම්, සශ්‍රික දිව්‍ය තලවල වැඩසිටින දිව්‍යාංගනාවන්, දෙවියන්ගේ දිව්‍ය රූපවල අසිරිය, රිද්මය, ලාලිත්‍යය, කාන්තිය, වර්ණනා කිරීමට භාවිතා කළයුතු වචනය මොකද්ද කියන්න භික්‍ෂුවට තේරෙන්නේ නැහැ. හැබැයි ලොව්තුරා බුදුරජාණන්වහන්සේට නන්ද ස්‌වාමීන්වහන්සේ ප්‍රකාශ කළ කාරණය මෙතැනදි වැදගත් වෙනවා. 'ස්‌වාමීනි, භාග්‍යවතුන්වහන්ස, දිව්‍ය තලයේ දිව්‍යාංගනාවන්ගේ අසිරිය දුටු මට ජනපද කළ්‍යාණිව පෙනෙන්නේ පිච්චී ගිය හේනක සිටින වැඳිරියක් වගේය' කියලා. පිංවත් ඔබ භික්‍ෂුව සමග අමනාප වෙන්න එපා මෙහෙම සටහන් කළාට. ඔබ අමනාප විය යුත්තේ ඔබගේම දෘෂ්ඨිමය දුර්වලතාවයන් සමගය. මේ දෘෂ්aඨිමය දුර්වලතාවයන් බිඳුණු තැනදී, නන්ද ස්‌වාමීන්වහන්සේත් පසුව ජනපදකළ්‍යාණියත් දෙදෙනාම පසුව භව නිරෝධය සාක්‍ෂාත් කරගත්තා.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නන්ද ස්‌වාමීන්වහන්සේ උදෙසා අනුගමනය කළ ඉහත උපක්‍රමය, පිංවත් තරුණ ඔබට හුඟක් ප්‍රයෝජනවත් වේවි. එම නිසා ඔබ තුළ වීර්යය මදනම්, රූපය කෙරෙහි තෘෂ්ණාව වැඩිනම් දිව්‍යතලයේ අසිරිමත්, දිව්‍යාංගනාවක් ලබනවාය, වෙනවාය කියන කාරණය ෙච්තනාවක් කොටගෙන භාවනා කරන්න. අල්ලාගත්තත්, අල්ලාගත්තේ අසිරිමත් දිව්‍ය ජීවිතයක්‌නේ. උදය සවස කුණු පිටකරන, ගඳගහන මනුෂ්‍ය ශරීරයක් නොවෙයිනේ. සියල්ල අතහැරීම උදෙසා, අල්ලාගැනීමට අවශ්‍ය තැන් වෙතොත් ඒවා අතහැරීමට කලබල නොවන්න. භාවනාව තුළින් ඔබ ලබන සතිය සිහිය සුදුස තැනදී සුදුසු දෙයින් ඔබව දැනුවත් කරාවී.
තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන්, වීර්යයෙන් යුතුව දුකින් මිදීමට ඔබ නැගී සිටින්න. දුකින් මිදීම උදෙසා එකම දෙයයි ඔබ නැතිකරගත යුත්තේ. ඒ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවයි. සියක්‌දහසක් දේවල් නිරතුරුව සිතන පිංවත් ඔබ ඒ සියල්ල ගැන සිතීම මොහොතක් නවතා, තෘෂ්ණාව නැමැති එකම කාරණය ගැන සිතන්න. එවිට ඔබට පෙනේවී සියක්‌දහසක් දේවල් අපි සිතන්නේ තෘෂ්ණාව නිසාමයි කියලා. ඔබ තුළ ඇතිවන සිතිවිලි නිරතුරුවම ඔබේ පාලනයට ගන්න. සිතිවිලි අයාලේ යන්න ඉඩ දෙන්න එපා. අයාලේ යන සිත නිරතුරුවම කාමයේ ආශ්වාදය දෙසටමයි ඇදී යන්නේ. එම නිසා දුවන සිත, අරමුණ උදෙසා ඔබේ පාලනයට ගන්න. පාලනය කරගන්නා වූ සිතෙන් ඔබ වැඩීමට බලාපොරොත්තුවෙන් භාවනා අරමුණ මෙනෙහි කරන්න. සතිය, සිහියයි දැන් ඔබ තුළ පවතින්නේ. පිංවත් ඔබ වචනවල තේරුම සොයන්න යන්න එපා. වචන කියන්නේ විචාර, විතර්ක. විචාර විතර්ක තමයි ඔබව සමාධියෙන් ඈත් කරන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ විචාර විතර්ක අයිති මාරයාට බවයි. ධර්ම මාර්ගය තුළ ගමන් කරන ඔබ කිසිවිටෙකවත් ප්‍රශ්න හෝ පිළිතුරු අතර සිරවෙන්න එපා. විවෘතවූ ධර්මයකුයි බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබෙන්නේ. එම නිසා නැති ප්‍රශ්නයක් ඔබ ඇතිකරගතහොත් මිසක්, ප්‍රශ්න තිබෙන්න විදිහක් නැහැ. ප්‍රශ්නයක් නැති තැන පිළිතුරක් කෙසේ පවතින්නද? නිවීම කියන්නේ ප්‍රශ්නයක් හෝ පිළිතුරකට ලඝූ නොවන උතුම් අවබෝධයක්.
පංචඋපාදනස්‌කන්ධය කියන වචනයේ අර්ථයක් තිබෙනවා. එම තේරුම් පසුපස අපි පැටලෙමින් සිට පලක් නැහැ. මොකද පංච උපාදනස්‌කන්ධයේ සැබෑම අර්ථය අනිත්‍යය නිසා. මොනයම් හෝ වචනයක අර්ථයත් අනිත්‍යයි. මොකද වචනයක් යනු පංචඋපාදනස්‌කන්ධයක්‌ම නිසා. මේ සටහන් තබන භික්‍ෂුව කිසිම අවස්‌ථාවක නිවීමේ මාර්ගයේදී කිසිම වචනයක අර්ථයක් සොයන්න වෙහෙසුනේ නැහැ. වචනවල අර්ථය සොයන්න කියන සිත අනිත්‍ය වශයෙන් දැක්‌කා පමණයි. එතැනම සතියත්, සිහියත්, සමාධියත් සකස් වුණා. ඒවයේ අර්ථය සොයන්න ගියානම් සතියත්, සිහියත්, සමාධියත් ගිලිහී යන්න තිබුණා.
ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com.
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.
Sunday, May 11, 2014
THOUGHT FOR THE DAY
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.
Thursday, May 8, 2014
50% off until 5/12
| View Online |
| |||||||||||||||
Carbonite, Inc., 177 Huntington Ave. Boston, MA 02115 Carbonite respects your right to privacy: Click here to view it or Click here to be unsubscribed |
This email is being sent as part of your InternetSeer Web site monitoring service. Your email address will not be shared with any Third Party as InternetSeer sends all emails. If you receive multiple emails during the week you have more than one account. Consolidate your accounts by upgrading to InternetSeer's Priority Service. If you no longer wish to receive these weekly promotional emails, you may end your InternetSeer monitoring. Do you have a product or service that can help other InternetSeer subscribers grow their business? If so, contact us at contactus@internetseer.com. InternetSeer.com, Inc. 381 Brinton Lake Road, Thornton, Pa. 19373 |
Wednesday, May 7, 2014
නාථ දෙවියන්ගේ ආසනික් පරීක්ෂණය කැලිෆෝනියාවේ විශිෂ්ඨතම පරීක්ෂණය සම්මානයෙන් පිදේ
Subject: නාථ දෙවියන්ගේ ආසනික් පරීක්ෂණය කැලිෆෝනියාවේ විශිෂ්ඨතම පරීක්ෂණය සම්මානයෙන් පිදේ
නාථ දෙවියන්ගේ ආසනික් පරීක්ෂණය කැලිෆෝනියාවේ විශිෂ්ඨතම පරීක්ෂණය සම්මානයෙන් පිදේ
April 24, 2014 at 12:01 am | lanka C news
ලංකාවේ පළාත් ගණනාවක පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගයට ග්ලයිපොසේට්-පුර්ණ වල් නාශකය ඍජුව සම්බන්ධ බව හෙළි කළ පර්යේෂණය 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත. එම විශ්ව විද්‍යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයකු වන වෛද්‍ය සරත් ගුණතිලක මහතා සහ රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් මෙම පර්යේෂණයට සහභාගී වුහ.
ලොව කෘෂි රසායන දැවැන්තයකු වන මොන්සැන්ටෝ සමාගම නිපද වන ග්ලයිපොසේට් පිලිබඳ මෙම හෙළි කිරීම අන්තර්ජාතික ජනමාධ්‍ය සහ විද්‍යාඥයන්ගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් මෙම කරුණ යටපත් කිරීමට ශ්‍රී ලංකාවේ කෘෂි රසායන මාෆියාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පලිබෝධනාශක තාක්ෂණික කමිටුව සහ මුදලට විකුනුණු විශ්ව විද්‍යාල ආචාර්යවරු කිහිප දෙනකු ප්‍රබල උත්සාහයක නිරත විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය ගුණතිලක මහතා පැවසුවේ තමන් කෘෂිකාර්මික වකුගඩු රෝගය සම්බන්ධයෙන් ඉදිරිපත් කලේ කල්පිතයක් පමණක් ද ඒ සදහා අවශ්‍ය විද්‍යාත්මක සාධක සතුව තිබේ ද යන්න පිළිබඳව මේ ගැන ප්‍රකාශ නිකුත් කල කිසිවකු විමසීමක්වත් නොකළ බවත්, හුදුකල්පිතවලට පමණක් හොදම පර්යේෂණය ලෙස සම්මාන ලැබෙන්නේ නැති බව මේ අය දැන ගත යුතු බවත්ය.
මෙම පර්යේෂණයට දායක වීම නිසා ලංකාවේ කෘෂි රසායන මාෆියාවේ සහ ඔවුන්ට සිය ආත්මය පාවා දුන් ඊනියා උගතුන්ගේ යටිකුට්ටු කුමන්ත්‍රණවලට ලක්වීමට ඇමෙරිකාවේ සිටිය ද තමන්ට සිදුව ඇති බව හෙතෙම සම්මානය බර ගනිමින් පැවත් වූ කතාවේ දී හෙතෙම පැවසීය.
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.
