Wednesday, May 9, 2018

නැකැත්

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, April 8, 2018

මහ රහතුන් වැඩි මග ඔස්සේ

 

ලෝකයේ ආගම් කොතරම් තිබුණත් ස්වභාව ධර්මය බුද්ධාගමයි   
තවත් සිංහල අලුත් අවුරුද්දක්‌ අද හෙටම උදා වෙනවා. සමහරවිට පිංවත් ඔබ මෙම ලිපිය කියවන විට සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගිහින් තිබෙන්නත් පුලුවන්. මෙය සටහන් තබන භික්‍ෂුවගේ ජීවිත කාලය පුරාවට මෙවන් සිංහල අලුත් අවුරුදු පනස්‌හයක්‌ දැනට ගෙවී ගිහින් තිබෙනවා. භික්‍ෂුව උපත ලැබුවේ දෙසැම්බර් මාසයේ දිනයක නිසා භික්‍ෂුව මුල්ම සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ මාස හතරක දරුවෙක්‌ හැටියට තොටිල්ලක. එදා මගේ අම්මා තාත්තා තමන්ගේ කුළුඳුල් දරු පැටියට ලස්‌සන සෙල්ලම් බඩුවක්‌ නිල්පාට ඇඳුම් සූට්‌ එකක්‌ ගෙනත් දෙන්න ඇති. භික්‍ෂුවට මතකයක්‌ නැති වුණත් ඒ අහිංසක තරුණ අම්මා, තාත්තා විවාහ වෙලා තමන් ලැබූ කුළුඳුල් දරුපැටවාත් සමඟ සැමරුව මුල්ම සිංහල් අලුත් අවුරුද්ද භික්‍ෂුවට දැන් පෙනෙන්නේ මායාවක්‌ පමණක්‌ ලෙසින්මයි. මගේ ජීවිතයේදී සැමරුව මුල්ම සිංහල අලුත් අවුරුද්දේදී අම්මා, තාත්තා මට ලස්‌සන සෙල්ලම් බඩුවක්‌, නිල්පාට ඇඳුම් සූට්‌ එකක්‌ තෑගි කළත් අවසානයේ මම ඒ අහිංසක අම්මා, තාත්තාට මතක වස්‌ත්‍රයක්‌ පූජාකර සුසාන භූමියකදී ආදාහනය කර දැමුවා. තොටිල්ලත් ආදාහනාගාරයත් අතර දෝලනය වෙමින් නැවත නැවත සිංහල අලුත් අවුරුදු සමරන අපි ජීවිතයේ යථාර්ථය වන තොටිල්ලත් ආදාහනාගාරයත් ගැන නොසිතාම ආශ්වාදයෙන් කාමච්ඡන්දයන්ගෙන් කීකරු දරුවන්සේ මෙවරත් අලුත් අවුරුද්ද සැමරුවා වෙන්න පුලුවන්. මෙය සටහන් තබන භික්‍ෂුව පැවිදි භාවයට පත්වී දැනට වසර දහයක්‌ ඉක්‌මවා ගොස්‌ තිබෙනවා. භික්‍ෂුව පැවිදි භාවයට පත්වී ගෙවී ගිය වසර දහයක කාලය තුළ භික්‍ෂුව සිංහල අලුත් අවුරුද්දක්‌ සමරලා නැහැ. මොකද භික්‍ෂුව සිංහල බෞද්ධයෙක්‌ නොවන නිසා. බුදුරජාණන් වහන්සේ තම පියාණන් වූ සුද්ධෝදන රජතුමාට දේශනාකරනවා රජතුමනි, ඔබගේ වංශය ශාක්‍ය වංශය බව ඇත්ත. මගේ වංශය බුද්ධ වංශයයි කියලා. මෙය සටහන් තබන භික්‍ෂුව සිංහල බෞද්ධ ජාතියේ උපන් පිනෙන් එම පින ධර්මානුකූලව කළමනාකරණය කොටගෙන උතුම් බුද්ධ වංශයේ උපත ලද භික්‍ෂුවක්‌. එම නිසා භික්‍ෂුව නැවත කවදාකවත් සිංහල අලුත් අවුරුද්දක්‌ සමරන්නේ නැහැ. පෙර පින නිසාම සිංහල බෞද්ධ ජාතියේ උපන් පිංවත් ඔබට බුද්ධ වංශයේ උපත ලැබීමට මාර්ගය කියලා දෙනවා පමණක්‌මයි. භික්‍ෂුවගේ ඡන්දය බවට පත්වෙලා තිබෙන්නේ. 
 
 
යම් පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවොත් ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨම ජාතිය කුමක්‌ද? කියලා භික්‍ෂුව ධර්මානුකූලව නොපැකිළිව ප්‍රකාශ කරන්නේ බුදුරජාණන්වහන්සේ උපත ලැබු ශාඛ්‍ය වංශයයි කියලා. පිංවත් ඔබ භික්‍ෂුවගෙන් විමසුවොත් ලෝකයේ පහළ වූ දෙවැනි ශ්‍රේෂ්ඨ ජාතිය කුමක්‌ද? කියල ධර්මානුකූලව භික්‍ෂුව උත්තර දෙන්නේ මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ සංඝමිත්තා උත්තමාවියගේ කරුණාවෙන් සද්ධර්මයේ ලේ උරුමයෙන් බිහිවූ සිංහල බෞද්ධ ජාතිය කියලයි. 
 
 
වර්තමානයේ ජීවත්වන බුදුරජාණන් වහන්සේ හැටියට වැඩසිටින උතුම් ධර්මරත්නයේ, සංඝරත්නයේ ආශිර්වාද ලබමින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් වැඳුම් පිදුම් කරන ශ්‍රී මහ බෝ සමිඳුන් වහන්සේ, ස්‌වර්ණමාලී මහා සෑ සමිඳුන් වහන්සේ සෙවණ ලබන ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවමානව පවතින උතුම් අධිගමයන්ට මාර්ගය විවෘතව පවතින ලෝකයේ ජීවත් වන පිංවත්ම ජාතිය මේ සිංහල බෞද්ධ ජාතියයි. ඉහත විවරණය ජාතිවාදයක්‌ නොව ධර්මානුකූල හේතුඵල ධර්මයක්‌. ලෝකයේ ආගම් සිය ගණනක්‌ තිබුණත් බුද්ධාගම යනු ස්‌වභාව ධර්මයයි. ස්‌වභාව ධර්මයේ ක්‍රියාකාරිත්වයයි. බොරුකරන්න, සඟවා දේශනා කරන්න, වාද විවාද කරන්න, අභියෝග කරන්න දෙයක්‌ බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළ ධර්ම මාර්ගය තුළ නැහැ. අනාගතයේ යම් දවසක ලෝකයේ සියලුම ආගම් විනාශ වී ගියත් බුදුදහම ලෝකයේ සැබෑම ලෝක ධර්මතාව වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණනි, ඉපදීම දුකයි කියලා. තර්ක කරන්න, වාදකරන්න, සගවන්න දෙයක්‌ නැහැ. ඉපදීම නිසාමයි ජාරා ව්‍යාධි, මරණ දුක සකස්‌ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුකට හේතුව තෘෂ්ණාවයි කියලා. තර්ක කරන්න වාද කරන්න, සඟවා දේශනා කරන්න දෙයක්‌ නැහැ. තෘෂ්ණාවේ ප්‍රමාණයටමයි පිංවත් ඔබ තුළ දුක සකස්‌වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්නය කියලා. තෘෂ්ණාව නැතිකිරීමේ මාර්ගය ආර්යය අෂ්ටාංගි මාර්ගයයි කියලා. ඉහත චතුරාර්යය සත්‍ය ධර්මයන් ගැන වාද විවාද කරන්න අවශ්‍ය නැහැ. ලෝකයේ පරම සත්‍යයි බුදුරජාණන් වහන්සේ නමක්‌ ලෝකයට දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ඇස මේ කණ අනිත්‍යයි කියලා කියනවා. මේ වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය අනිත්‍යයි වෙනස්‌ වෙනවාය කියලා කියනවා. මේ ගැන වාද කරන්න, අභියෝග කරන්න, සඟවා දේශනා කරන්න අවශ්‍ය නැහැ. ක්‍රිස්‌තුස්වහන්සේගේත්, අල්ලා තුමාගේත්, මහා බ්‍රහ්මයාගේත් ඇස, කන අනිත්‍ය ධර්මතාවක්‌මයි. ස්‌වභාව ධර්මයේ යථා ස්‌වභාවයයි. බුදුරජාණන් වහන්සේගේ ලොව්තුරු ධර්මය මුළු පෘථිවි ධාතුවම අළු දූවිලි වී කල්ප විනාශයන් සියයක්‌ සිදු වුවද සම්මා සම්බුද්ධ භාෂිතය නොනැසෙන ස්‌වභාව ධර්ම තාවක්‌මයි. සියල්ල අනිත්‍ය භාවයට පත්වෙන ලෝක ධාතුවේ බුද්ධ දේශනය යනු බුද්ධ දේශනයේ අර්ථය යනු නොනැසෙන ලෝක ස්‌වභාවයයි. නොනැසෙන ලෝක ස්‌වභාවය ලෝකයට දේශනා කරල බුදුරජාණන් වහන්සේ එම ලෝක ධර්මයට යනවා. අනිත්‍ය භාවයට පත්වී පිරිනිවී යනවා. මෙවන් දෑස්‌ පනා පිටම පෙනෙන ජීවිතයෙන්ම අත්දකින උතුම් ධර්මයක්‌, ආගමක්‌ හැටියට හංවඩු ගසා කතාකිරීමට අපේම නායක පිංවතුන් පවා පෙළඹීම අතිශය පවුකාරකමක්‌ වෙනවා. 
 
 
භික්‍ෂුව ඉහත දැක්‌වූ අර්ථයට යම් පිංවතෙක්‌ එකඟ නොවන්න පුලුවන්. පිංවත් ඔබ ඉහත අර්ථයට එකඟ නොවීම මිහිඳු මහෝත්තමයන් වහන්සේගේත් සංඝමිත්තා උත්තමාවියන්ගේත් සද්ධර්මයේ ලේ උරුමයෙන් උපන් සිංහල බෞද්ධ ජාතියේ වරදක්‌ නම් නොවේ. සිංහල බෞද්ධ රටේ දේශපාලන නායක පිංවතුන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට අවම වශයෙන් පංචශීලය තුළවත් ශක්‌තිමත් වීමට ජනතාවට පූර්වාදර්ශයක්‌ නොදීමේ වරදයි. සමහරක්‌ දෙමාපියන් තම දරුවන්ට, ගුරුවරුන් තම ශීෂ්‍යයන්ට අවම වශයෙන් පංචශීලයවත් ආරක්‍ෂා කර ගැනීමට පූර්වාදර්ශයන් නොදීමේ වරදයි. පංචශීලය ආරක්‍ෂා කර නොගැනීම නිසාම සම්මා දිට්‌ඨියේ අර්ථයන් දුර්වල නිසාම සිංහල බෞද්ධකමක්‌ නැති සිංහල බෞද්ධ ජාතියක්‌ බවට වර්තමානයේ සිංහල බෞද්ධයා ක්‍රමානුකූලව දුර්වලභාවයට පත්වී යනවා. 
 
 
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටියද, ශාක්‍ය වංශය විනාශය කරා ගමන් කරන්නේ ශාක්‍යයන් තුළ තිබූ අධික මාන්නය නිසාමයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. වර්තමානයේ සිංහල, බෞද්ධ ජාතිය විනාශය කරා ගමන් කරන්නේත් පංචශීලයේ දුර්වලභාවය නිසාමයි. සිංහල බෞද්ධ ජනතාව සම්මා දිට්‌ඨියේ අර්ථයන් හොඳින් හඳුනාගෙන සිටියද පංචශීලයේ දුර්වල භාවය නිසාම සකස්‌වෙන ඉන්ද්‍රිය අසංවරය සම්මා දිට්‌ඨියේ අර්ථයන් නුවණින් දැකීමේ ශක්‌තිය දුර්වල කර දමනවා. එවිට ලද දෙයින් සතුටු වීම අල්පේච්ඡතාව, මධ්‍යම ප්‍රතිපදාව කියන අර්ථයන්ගේ සීමා ඉරෙන් බැහැරවයි පියවර තබන්නේ. මේ හේතුව නිසාම ශීලයෙන් දුර්වල, නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වීමේ ක්‍රියාන්විතයට ජාතිය සෙමින් සෙමින් ගමන් කරනවා. 
 
 
අවංකවම පිංවත් සිංහල බෞද්ධ ඔබ මෙම සිංහල අලුත් අවුරුද්දේ ප්‍රීතියෙන් සතුටින් ගත කළාද කියලා ධර්මානුකූලව සිතල බලන්න. තෙරුවන් උදෙසා වත් පිළිවෙත් සිදු කිරීමට ඔබට අවස්‌ථාව ලබාදෙන පුණ්‍යකාලයේ පටන් හිස තෙල් දමා ස්‌නානය කරන මොහොත දක්‌වා එම චාරිත්‍රයන් ඔබ නිවැරුදිව ඉටුකළාද මවු දෙමාපියන්ට වැඩිහිටියන්ට කළයුතු වත්පිළිවෙත් නිවැරැදිව ඉටුකළාද. ඔබේ බිරිඳට, දරුවන්ට, සිවාමිපුරුෂයාට, හිතවතුන්ට, ඥාතීන්ට කළයුතු වත්පිළිවෙත් නිවැරැදිව ඉටුකලාද සිංහල බෞද්ධකමේ අර්ථය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්‌තිමත් වෙන ආකාරයෙන් කටයුතු සිදුකිරීමෙන් අවංකවම ඔබ සතුටු වෙනවානම්, ප්‍රීති වෙනවා නම් එම සතුට ප්‍රීතිය කියන්නේ ලෞකික සප්ත බොඡ්ඣංග ධර්මයන්ට අදාළ ශ්‍රේෂ්ඨ ධර්මතාවක්‌. ප්‍රීතිය හේතුවකින් තොරව සකස්‌වෙන ධර්මතාවක්‌ නොවේ. ප්‍රීතිය ඇතිවෙන්න හේතුව වීර්යයි. වීර්ය හේතුවකින් තොරව ඇතිවන ධර්මතාවක්‌ නොවෙයි. වීර්ය ඇතිවීමට හේතුව ධර්මානුකූලව සිතීමයි. ධර්මානුකූලව සිතීම හේතුවකින් තොරව ඇතිවන ධර්මතාවයක්‌ නොවේ. ධර්මානුකූලව සිතීම ඔබ තුළ සකස්‌වෙන සති සම්බොඡ්ඣංගයේ ඵලයයි. 
 
 
 සකස්‌ කළේ
 ඉන්ද්‍රජිත් සුබසිං 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, April 5, 2018

Reality of life.....

 

Highly Intelligent expression J. Absolutely true. But people don't realize this.

 

 

 

 



 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

***~~~***...ප‍්‍රභාශ්වර සිත ...*** ~~~***

 

කෙලෙසුන්ගෙන් මිදුනුවිට සිත හරිම ප්‍රභාශ්වරයි.කෙලෙසුන්ගෙන් මිදුනුවිට සිත හරිම තියුණුයි. රූප, වේදනා, සංඥ, චේතනා, විඤාණ ධර්මයන් තියුණු සිතින් විනිවිද දකින්න පුළුවන්. මෙවන් ආශ්චර්යමත් සිතක් මේ නිමේශයේදීත් පින්වත් ඔබ තුල සකස්වෙද්දී එම සිතෙන් අවම වශයන් ඔබ දෙසවත් බලනව ද? වර්තමානයේ සකස්වන සිතෙන් පින්වත් ඔබ, ඔබ දෙස බලනවානම් ඒ දකින සිතත් ඔබ අනිත්‍ය වශයෙන් දකින්න. එතකොට ප්‍රශ්නාර්ථයක් ඇතිවුනොත් ඒ සිතත් අනිත්‍යය වශයෙන් දකින්න. එතකොට ආශ්වාදයක් ඇතිවුනොත් ඒ සිතත් අනිත්‍යය වශයෙන් දකින්න. එතකොට සිතේ සන්සිඳීමක් ඇතිවූනොත් ඒ සිතත් අනිත්‍යය වශයෙන් දකින්න.

මොකක්ද අවසානය? පින්වත් ඔබ තුල වැඩෙන ප‍්‍රඥාව ඉදිරියේ ඔබේ සිත ඵස්සය අභියස දනගසාවී.


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, March 29, 2018

අතීතයේ කළ වැරදි ගැන පසුතැවීමෙන් ...

 

 

 

 

 


--
තෙරුවන් සරණයි !
--


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Wednesday, March 28, 2018

The first ever road accident in Sri Lanka

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, March 26, 2018

අන්තරාභවයක් ඇතිද? නැතිද?

 

 

 

අන්තරාභවයක් ඇතිද? නැතිද?

මේක ඇත්තටම පටලවා ගැනීමක්. මේ ප්‍රශ්ණයට පිලිතුර තුන්වන ධර්ම සංගායනාවේදී මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන්වහන්සේ නිවරදිවම විසදූ ප්‍රශ්නයක්. පසුව කාලයක් එහි ගැටලුවක් නොමැතිව තිබිලා නැවත මීට වසර ගනනකට කලින් මේ ප්‍රශ්නය නැවත ඇදිලා ආවා. ඒ වෙලාවේ මේ දේශනා නිවරදිව පෙන්වා දෙමින් අතිපූජණීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ මේ ගැන බොහෝ දේශනා හා ලිපි පල කරමින් මෙය නිවරදිව බෙරා දුන්නා. දැන් නැවතත් මේ ප්‍රශ්නය උඩට ඇවිත්.

මේ සම්බන්දව නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ සදහන් ක කරුණු හා ඒ දේශනා පහතින් දක්වන්නම්. හොදින් කියවා පහත දේශනාවත් ශ්‍රවණය කරන්න.

අන්තරා භවය

පූජනීය නා උයනේ අරියධම්ම හිමියන් පෙළ දහමෙහි ඇතුළත් බුද්ධ දේශිත ධර්ම විනය අටුවා ටීකා සහිතව මැනවින් හදාරා දිගු කලක් බවුන් වැඩීමෙන් ලද ආධ්‍යාත්මික අත්දැකීම් ද ලද මහ තෙර නමකි.

ප‍්‍රශ්නය - කෙනෙකු මරණයට පත්වූවාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, එය අන්තර්භවය බවත්, ඇතැම් බහුශ‍්‍රැත ස්වාමීන් වහන්සේලා පවා ප‍්‍රකාශ කර තිබෙනවා. මොන තරම් ප‍්‍රසිද්ධ විශ්ව කීර්තියට පත් උගතෙක් කීවත් කොපමණ පොත් ලියා තිබුණත් මේ මතය තථාගත ධර්මයට කොච්චර සමීපද යන්න ධර්මය ගවේෂණය කරන උදවිය බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. අන්තරාභව මතය නිසා මං මුලා වූ සියලු දෙනාගේ යහපත පිණිස අන්තර්භවය පිළිබඳ විමසීමේදී නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ දුන් පිළිතුර මෙසේයි.

නා උයනේ අරියධම්ම හිමි

පිළිතුර - ඇත්ත වශයෙන් ඒක අලුත් ප‍්‍රශ්නයක් නොවේ. අවුරුදු 2300 කට ඉස්සර ප‍්‍රශ්නයක්. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. සර්වඥ පරිනිර්වාණයෙන් අවුරුදු 100 ක් ගිය තැන වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙන් දෙවැනි සංගායනාව කළා. ඒකෙදි අලජ්ජි භික්ෂුන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත් කළ වජ්ජිපුත්තක භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහාසංගීති නමින් සංගායනාවක් ද පැවැත්වූවා. විශාල පිරිස් හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු 200 පිරෙන කාලය වන විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒගොල්ලන්ගේ නිකාය 17 ක් ඇතිවුණා. එතන තිබුණා "පුබ්බ සේලිය" සහ "සම්මිතිය" කියල නිකාය 2 ක්. ඔය කොටස් දෙක තමා මේ මනුලොව උපදින්නන්ට අන්තරාභවයක් තිබේය කියා මිත්‍යා දෘෂ්ඨියක් ඇතිකෙළේ.

අන්තරාභවික දෙන්නෙක්

ඒ ඇත්තන්ගේ තීරණය දෙව්ලොවට සතර අපායට යන අය කෙළින්ම යනවා. ඒ ඇත්තන්ට අන්තරාභවයක් නෑ. එහෙත් මනුලොව උපදින්න ඉන්න උදවිය සුදුසු මවුපියන් ලැබෙනතුරු අහසේ රූපයක් නැතිව නාම කය පමණක් එක තැනක නොසිට ශීඝ‍්‍රයෙන් ඇවිදිමින් දින හතක්, ඊටත් වැඩිය කාලයක් පවතිනවා. ඒ අන්තරාභවික දෙන්නෙක් හමුවුනාම කතා කරනවා. ගන්ධය ආඝ‍්‍රාණය කරනවා. සුදුසු මවුපියෝ දෙන්නෙක් දැක්ක ගමන් පටිසන්ධි ගන්නවා. ඕකයි ඒ ඇත්තන්ගේ පිළිගැනීම. ඒ වන විට තුන්වන ධර්ම සංගායනාව ආරම්භ වුණා. තුන්වන ධර්ම සංගායනාව වන විට බුද්ධ වර්ෂයෙන් අවුරුදු 235 ක් පිරිලා. එතැනදී ප‍්‍රශ්න රාශියක් විසඳුණා. බුදුරජාණන් වහන්සේ දෙසූ මාතෘකා අනුව ප‍්‍රශ්න විස්සජ්ජන (විසඳුම්) දේශනාවක් කතාවත්ථු ප‍්‍රකරණය නමින් සංග‍්‍රහ වුණා. ඒකට මේ අන්තරාභව වාදය ඇතුළත් වුණා. "අත්ථි අන්තරාභවෝති" කියලයි වාදය ආරම්භ වුණේ. මේ අවස්ථාවේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ බොහොම ලස්සනට අන්තරාභව ප‍්‍රශ්නය තේරුවා.

මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විමසුවා අන්තරාභවයක් තියෙනවාද?

පිළිතුර – ඔව්

මොග්ගලී – ඒක කාම භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – රූප භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – අරූප භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – අරූප භවයේද ඒ දෙක අතරේද?

පිළිතුර – නෑ

මොග්ගලී – එහෙනම් ඒක සංඥා භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – අසඥා භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – ඒක වෝකාර භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – චතුවෝකාර භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – ඒ තුන අතරෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – එවිට අන්තරා භවය ඉපදීමක් තියෙනවද?

පිළිතුර – නෑ

මොග්ගලී – චුතවීමක් තියෙනවද?

පිළිතුර – නෑ

මොග්ගලී – එහෙනම් මොකද අන්තරා භවයක් තියෙනව කියන්නෙ?

පිළිතුර – බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අන්තරා පරිනිබ්බායි කියලා. ඒ නිසා අන්තරාභවයක් තියෙනවා.

එතැනදී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ අහනවා උපහච්ච පරිනිබ්බායි කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒ වගේම අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි කියලත් දේශනා කළානේ. එවිට උපහච්ච භවයකුත් තියෙනවද? අසංකාර භවයකුත් තියෙනවද? සසංකාර භවයකුත් තියෙනවද? කියල.

ස්වාමීන් වහන්ස, ඉහත කී සතර දෙනා තව ටිකක් පැහැදිලි කළොත්...

අන්තරා පරිනිබ්බායි

උපහච්ච පරිනිබ්බායි

අසංකාර පරිනිබ්බායි

සසංකාර පරිනිබ්බායි කියල බඹලොව අනාගාමීන් වහන්සේලා කොටස් හතරක් ඉන්නවා. අවිහ බඹ තලයේ ආයුෂ මහාකල්ප 1000 යි. ඉන් 500 ක් ඉවර වෙන්න ඉස්සර රහත් වෙනවා නම් ඔහු අන්තරා පරිනිබ්බායි ලෙස හඳුන්වනවා. 500 ට පසු රහත් වෙනවා නම් උපහච්ච පරිනිබ්බායි ලෙසයි හඳුන්වන්නේ. උත්සාහ නොගෙන රහත් වෙනවා නම් අසංකාර පරිනිබ්බායි. උත්සාහ ගෙන රහත් වෙනවා නම් සසංකාර පරිනිබ්බායි ලෙස ද හඳුන්වනවා. මෙසේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විනිශ්චය කරනවා අන්තරාභවයක් නැහැ කියල.

සිත සැරිසැරීම

අන්තරාභවයක් පිළිබඳ කවුරු මොන දේ කීවත් අප දැන් ඥානවන්ත බෞද්ධයෝ හැටියට මෙහෙම හිතන්න වටිනවා. දැන් ඒ අය තියනවා කියන අන්තරාභවයේදී රූප කයක් නෑ. සිත පමණක් අහසේ සැරිසරනවා. ඒ වගේ තවත් අන්තරාභවිකයෙක් හමුවුණාම කතා කරනවා. රූපකයක් නැතිව කතා කරන්න පුළුවන් ද? එවිට රූපයක් නැහැ කියන එක බොරු වෙනවා. කතා කරන්න බෑනේ නාම කයෙන්. ගන්ධය ආඝ‍්‍රාණය කරනවලු. ගන්ධය ආඝ‍්‍රාණය කරන්න රූප කයක් එපායැ. එවිට ඒකත් බොරුවක්. ඊළඟට දිවැසට පේනව කියනව මනුස්ස ලෝකෙ දිවැස් ඇති අයට ඒ අය පේනවලු. දිවැසට වත් පේන්නේ නෑ නාමකය. දැන් අරූප ලෝකෙ ඉන්න ඇත්තෝ දිවැසට පේන්නේ නෑ. රූප කයක් තිබිය යුතුයි දිවැසින් බලන්න. ඒවාත් එවිට සම්පූර්ණයෙන් බොරු.

ඊළඟට ඒ අන්තරාභවිකයා බලා ඉන්නවලු හොඳ මවුපිය දෙදෙනෙක් ළඟට එන්න. එහෙම බලන්න පුළුවන් නම් දුප්පත් ගෙදරක උපදින්නේ නෑ නේද? අංග විකලව උපදින්නේ නෑ නේද? පහත් කුලයක උපදින්නේ නෑ නේද? තමන් කැමැති විදියට ධනවත්ව කුලවත්ව වාසනාවන්තව උපදින්න ඕන. එවිට මේ ලෝකෙ ඉන්න බෑ දුප්පත් අය අන්ධ, ගොළු, බිහිරි වෙලා උපදින්න බෑ. මෙසේ නුවණින් සිතීමේදී සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබෙනතුරු බලා සිටීම බොරුවක් බව අප පිළිගත යුතුයි.

ප‍්‍රශ්නය – තිණ්නං ඛෝපන භික්ඛවෙ සන්නිපාතා ගබ්භස්සා වක්කන්ති හෝති. ඉධ මාතා පිතරෝ සන්නිපතිතා හොන්ති. මාතාච අතුනී හෝතී. ගන්ධබ්බෝ ච පච්චුපට්ඨිතො හෝති

මවු කුසක දරුවෙකු හටගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව මෙසේ මජ්ඣිම නිකායේ මහා තණ්හා සංඛය සූත‍්‍රයේ සඳහන් වෙනවා. මෙහි සඳහන් ගන්ධබ්බයා යනු අන්තරාභවිකයා බව ඇතමුන්ගේ අදහසයි. ධර්මානුකූලව මේ ගන්ධබ්බ යන වචනය තෝරා ගන්නේ කොහොමද? සත්‍ය වශයෙන් ම ගන්ධබ්බ යනු උපතක් සොයමින් අහසේ සැරිසරන අන්තරාභවිකයෙක්ද?

ගන්ධබ්බ අරුත

පිළිතුර - මේ ගන්ධබ්බ කියන වචනයේ වචනාර්ථය ගන්තබ්බෝති ගන්ධබ්බෝ කියලයි විග‍්‍රහ වෙන්නෙ. මෙතැන ගන්ධයක් ආඝ‍්‍රාණය කරන අය ගැන නෙමෙයි හඳුන්වන්නෙ. චුතියට අනතුරුව පටිසන්ධිය ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි ගන්ධබ්බ කියන්නෙ. දැන් ජීවත්ව සිටින අප සැම දෙනාමත් ගන්ධබ්බ කියන වචනයෙන් භාවිතා කළ හැකියි.

රහතන් වහන්සේ හැර සෝවාන් සකදාගාමී අනාගාමීන් වහන්සේලාත් අනෙක් පෘථග්ජන සත්ත්වයෝත් නැවත උත්පත්තිය ලබන බැවින් ගන්ධබ්බ නම් වෙනවා. උත්පත්ති වශයෙන් තවත් භවයකට යා යුතු පුද්ගලයා කියන එකයි ගන්ධබ්බ කියන වචනයේ තේරුම. එහෙම නැතිව මරණයට පත් වී අහසේ පාවෙමින් ඉපදීමට සුදුසු මව්පිය දෙන්නෙක් සොයන අන්තරාභවිකයෙකු නොවෙයි.

ප‍්‍රශ්නය – ආටානාටිය පිරිතේ අප අසා තිබෙනවා ගන්ධබ්බෝවා, ගන්ධබ්බීවා, ගන්ධබ්බ පෝතකෝවා, ගන්ධබ්බ පෝතිකාවා කියලා දේශනා කරනවා. එතැන කියවෙන ගන්ධබ්බයා කවුද?

පිළිතුර - එතැන ගන්ධබ්බ හෙවත් ගාන්ධර්ව කියන්නෙ වීණා වාදනය කරන දිව්‍ය පිරිස. ඒක දේව කොට්ඨාසයක්. චාතුර් මහාරාජික කියන දිව්‍ය ලෝකයට අයිති දිව්‍ය පිරිසක්. එහෙම නැතිව ගන්ධය ආඝ‍්‍රණය කරන අන්තරා භව සත්ත්වයො නෙමෙයි. එසේ අන්තරා භවිකයො ඉන්නවා නම් ඒ අය අඹු දරුවොත් සහිත පිරිසක් වෙන්න ඕනනෙ.

ප‍්‍රශ්නය – කරණීය මෙත්ත සූත‍්‍රයේ එන සම්භවෙසීවා යන්න අන්තරාභව අවස්ථාව හැටියට ධර්මය උගත් බහුශ‍්‍රැත භික්ෂූන් වහන්සේලා පවා ප‍්‍රකාශ කරනව, අප අසා තිබෙනවා එහි සත්‍යතාවයක් තිබේද?

පිළිතුර - සම්භවේසී කියල කරණීය මෙත්ත සූත‍්‍රයේ කියන්නේ භූතාවා සම්භවේසීවා කියන පද දෙකේ ඒකාබද්ධ කමක්. භූතා කියන්නෙ සකලාංග පරිපූර්ණව පහළ වූ සියලු සත්ත්ව කොට්ඨාසවලට නමක්. ඕපපාතික සත්ත්වයෝ සකලාංග සම්පූර්ණව හිටි හැටියේ පහළ වෙනවා. ඒ ඇත්තො භූතා, සංසේදජ සත්ත්වයෝ යම් තෙත ඇති ස්ථානයෙක පහළ වෙලා මෙලොව එළිය දකිනවා. එවිට ඒ ඇත්තො භූතා. මවුකුසේ උපදින සත්ත්වයෝ මවු කුසින් බිහිවුණා නම් එවිට භූතා. බිජුවටින් බිහිවෙන (අණ්ඩජ) සත්ත්වයෝ බිජුවටින් එළියට පැමිණි විට භූතා. ඒ හැර "සම්භවේසි" කියන්නේ මවුකුසේ උපදින සත්වයෝ මවුකුසේ සිටින තුරුම සම්භවේසී ඉපදෙමින් ඉන්නවා කියන තේරුමයි එතන තියෙන්නෙ. පටිසන්ධි ගත්ත එහෙත් ඉපදීම අසම්පූර්ණයි.

පහත ධර්ම දේශනාවත් ශ්‍රවනය් කරන්න.

තෙරුවන් සරණයි...!

From FB


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

සිව්පසය නැමැති බීජයන් වපුරන්න පින නැමැති අස්‌වැන්න ලැබේවි

 

භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක්පිරිසකගේම එකතුවයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. උපාසක උපාසිකාවන්ගෙන් තොරව භික්ෂු, භික්ෂුණී කියන කණ්ඩායම් දෙකට පවතින්න බැහැ. උපාසක, උපාසිකා කියන කණ්ඩායම් දෙක ශාසනික දායකත්වය සඳහා යොමුකරවන්නේ සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයයි
 
 තමන් සුපටිපන්න ගුණයෙන් යුක් වෙලා එම ගුණයන්ගෙන් ලැබෙන ඵලය වන සාමීචිපටිපන්න ගුණය මනුෂ්යයාට දෙව් මිනිස්සැපයන් වගේම විදර්ශනා නුවණට මාර්ගයත් විවර කර දෙනවා. මහා සංඝරත්නය ඉහත ගුණයන් හතරෙන් පරිපූර්ණ වෙච්ච තැනදී එම ගුණයන් අවබෝධය කරා යන ගමනේදී මේ ලෝකයේ ශ්රේෂ්ඨම උතුම්ම පුද්ගලයන් අටදෙනෙක්සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයට එකතුවෙනවා
 
 පළමුවැනි පුද්ගලයා සෝවාන් මාර්ගය තුළ සිටින භික්ෂුව, දෙවැනි පුද්ගලයා සෝවාන් ඵලය තුළ සිටින භික්ෂුව, තුන්වැනි පුද්ගලයා සකෘදාගාමී මාර්ගය, සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, රහත් මාර්ගය, රහත් ඵලය මේ උතුම් පුද්ගලයන් අටදෙනා සිටින්නේ උතුම් සංඝරත්නයේ අර්ථය තුළ පමණක්මයි. උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඤාය පටිපනන්න, සාමීචිපටිපන්න ගුණයේ අර්ථ තුළ පමණක්මයි. මේ ලෝක ධාතුවේ සතර අපා දුකෙන් මිදෙන ඉන්ද්රිය ධර්මයන්, බලධර්මයන් පරිපූර්ණ කළ ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්රඥාව තුළ ජීවත්වෙන පුද්ගලයන් අටදෙනා සම්මා සම්බුද්ධ ශාසනය ඉලක්කගත අර්ථයයි
 
 මහා සංඝරත්නය කෙළෙස් බර බිම තැබු නිසාම නිකෙළෙස්වයි සිව්පසය පිළිගන්නේ, පරිහරණය කරන්නේ, සිව්පසය පරිහරණයේදී කෙළෙස්සකස්වෙන නිසාම සිව්පසය පුජාකරන කෙළෙස්සහිත පිංවතුන්ලාට මෙලොව පරලොව සැපය උදෙසා ආයුෂය, වර්ණය, සැපය, බලය උදෙසා පිං රැස්කර ගැනීමට මහා සංඝරත්නය ආහුණෙය් ගුණයෙන් යුක් වෙනවා
 
 දුර සිට පැමිණ සිව්පසය පූජාකරගැනීමට මහා සංඝරත්නය සුදුසු වෙනවා. අරාධනා කර වඩම්මවාගෙන ගෞරවයෙන් සිව්පසය පූජාකර ගැනීමට මහා සංඝරත්නය සුදුසු වෙනවා. කොපමණ දුරක සිට ආගන්තුකව යම් ස්වාමීන් වහන්සේ නමක්වැඩම කළද උන්වහන්සේගේ අනන්යතාව නොසොයා ශ්රද්ධාවෙන් ගෞරවයෙන් කර්මය කර්ම ඵලය විශ්වාසයෙන් ඇප උපස්ථාන කිරීමට මහා සංඝරත්නය සුදුසු වෙනවා. මහාකාශ්යප මහරහතන් වහන්සේ පිණ්ඩපාත දානයක්පූජාකර ගැනීමට තව්තිසා දිව්යතලයේ සිට ශක් දෙවියන් පවා ඈත දුරක සිට පැමිණෙනවා
 
 මහත්ඵල මහානිශංස මෙලොව පරලොව සිට සලකාගෙන සියලු පූජාවන් ලැබීමට සුදුසු අර්ථයෙන් මහා සංඝරත්නය දක්ඛිණෙය් ගුණයෙන් යුක් වෙනවා. ශ්රද්ධාව, ගෞරවය, කර්ම ඵලය විශ්වාසයෙන්, පිංවත් ඔබ පූජා කරගන්නාවූ එක බත් හැන්දකින් සශ්රීක දිව් සැපයක් ඔබට ලබාදීමේ ශක්තිය මහාසංඝරත්නයට තිබෙනවා. වරක් ශක්රදෙවියන් මහා කාශ්යප මහ රහතන් වහන්සේට කියනවා තව්තිසාවේ චූලරථ, මහාරථ කියල දෙවිවරු පහළවෙලා සිටිනවා. මේ දෙවියන් දෙදෙනා ආලෝකවත් ප්රභාෂ්වර සශ්රික දෙදෙනෙක්සංඝරත්නය අරමුණු කොට පිං කරලා දිව් තලයට පැමිණෙන සශ්රික දෙවිවරු දෙදෙනෙක්‌. මට බියක්දැනෙනවා මගේ සම්පත් දිව් අසිරිය මේ අලුත පැමිණෙන දෙවිවරු පරාජය කරයිද කියලා
 
 මෙවන් සශ්රික දිව් සැපයන් මහා සංඝරත්නයේ දක්ඛිණෙය්  ගුණයේම ඵලයක්වෙනවා. මෙලොව පරලොව සැපයන් භව නිරෝධයට මාර්ගයක්මතුකර දෙන නිසාම මහා සංඝරත්නය දෙවියන්, බ්රහ්මයන් පවා වන්දනා කරනවා. සත්පුරුෂ මනුෂ්යයන්, සංඝරත්නයේ ගුණයන්ට නිරතුරුවම වන්දනා කරනවා. නිකෙළෙස් උත්තමයින්ට කරන වන්දනාව පිංවත් ඔබට ආයුෂ වර්ණ සැපය බලය පිණිසමයි හේතුවෙන්නේ.
 
 එය මහා සංඝරත්නයේ අංජලිකරණීය ගුණය වෙනවා. මහා සංඝරත්නයේ ගුණයන්ට ඥානයන් නිසා මහ පොළොව පවා කම්පා වෙනවා. සතර මහා ධාතුව සලිත කිරීමේ ශක්තියක්මහා සංඝරත්නයට තිබෙනවා. මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දිව් තලයේ ශක්රදෙවියන්ගේ වෛජයන්aති මාළිගය තම මහපට ඇඟිල්ලෙන් මේ අතට සෙලෙව්වා. වෛජයන්ති මාළිගයේ කූටාගාර හත්සියයක සිටි දිව්යාංගනාවන් මොහොතක් කම්පා කළා.
 
 මේ සියලු ප්රතිහාර්යයන් සිදු කළේ ශක්රදෙවියන්ගේ කාමච්ජන්දයන් තුනී කරන්න. සතර මහ ධාතු අනිත් වන වේගය අවබෝධ ඥානයෙන් පසක් කරගත් නිසාම මහාසංඝරත්නය සතරමහා ධාතුව යටත් කොට ගෙනයි වැඩසිටින්නේ. දමනය කොටගෙනයි වැඩසිටින්නේ. මහා සංඝරත්නය විඤ්ඤාණය අනිත් වන වේගය අවබෝධ ඥානයෙන් පසක්කරගත් නිසාම විඤ්ඤානය යටත්කොට ගෙනයි ධමනය කොටගෙනයි වැඩසිටින්නේ. නිසාම මහා සංඝරත්නය ලොවට අනුත්තර පිං කෙතක්වෙනවා.සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන් , ඤායපටිපන්න ගුණයෙන්, සාමීචිපටිපන්න ගුණයෙන් මනාවට පෝෂණය වූ සංඝරත්නය නමැති පිං කෙතේ පිංවත් ඔබ ශ්රද්ධාවෙන් ගෞරවයෙන් කර්මය කර්ම ඵලය විශ්වාසයෙන් සිව්පසය නමැති බීජයන් වැපුරුවොත් ලෝකයේ උතුම්ම ශේ්රෂ්ඨම පින නමැති අස්වැන්න උපරිමයෙන් පිංවත් ඔබට ලබාදෙන්නා වූ මේ ලෝක ධාතුවේ ජීවත්වෙන යම් සම්මාදිට්ඨියට පත් මනුෂ්යයෙක් දෙවියෙක්බ්රහ්මයෙක්ආයුෂ, වර්ණය, සැපය බලයෙන් ආඪ්යව ජීවත්වෙනවා නම් එම සැපයත් ඔවුනට ලැබුණේ මහාසංඝරත්නයේ පුඤ්ඤං ඛෙත්තං අනුත්තරෝ ගුණයේ ඵලය නිසාමයි
   
 සකස් කළේ
 ඉන්ද්රජිත් සුබසිංහ

විශේෂාංග


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.