''සෙය්යථාපි, ආවුසො, යානි කානිචි ජඞ්ගලානං පාණානං පදජාතානි සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති යදිදං මහන්තත්තෙන; එවමෙව ඛො, ආවුසො, යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙතෙ චතූසු අරියසච්චෙසු සඞ්ගහං ගච්ඡන්ති. කතමෙසු චතූසු? දුක්ඛෙ අරියසච්චෙ , දුක්ඛසමුදයෙ අරියසච්චෙ, දුක්ඛනිරොධෙ අරියසච්චෙ, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චෙ''.
කතමඤ්චාවුසො, දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං; සංඛිත්තෙන, පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. කතමෙ චාවුසො, පඤ්චුපාදානක්ඛන්ධා? සෙය්යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො.
''කතමො චාවුසො, රූපුපාදානක්ඛන්ධො? චත්තාරි ච මහාභූතානි, චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං.
''කතමා චාවුසො, චත්තාරො මහාභූතා? පථවීධාතු, ආපොධාතු , තෙජොධාතු, වායොධාතු.
කතමා චාවුසො, පථවීධාතු? පථවීධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා චාවුසො, අජ්ඣත්තිකා පථවීධාතු? යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං,
මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගො » මහා හත්ථිපදොපම සූත්රය~ සම්පූර්ණ සූත්රය ...
"ඇවැත්නි, පොළොවෙහි හැසිරෙන්නාවූ (පා ඇති) ප්රාණීන්ගේ යම්කිසි පා සටහන් වෙත්ද, ඒ සියල්ල ඇත් පියවරෙහි ඇතුළත් වෙත්ද ඔවුන් අතුරෙන් ඇත් පියවර මහත් බැවින් අග්රයයි යම්සේ කියනු ලැබේද, එපරිද්දෙන්ම ඇවැත්නි, යම්කිසි කුසල ධර්මයෝ වෙත්ද, ඒ සියල්ල චතුරාර්ය සත්යයෙහි ඇතුළත් වෙත්. කවර සතරෙක්හිද යත්? දුක්ඛ ආර්ය සත්යයෙහි, දුක්ඛ සමුදය ආර්ය සත්යයෙහි, දුක්ඛ නිරොධ ආර්ය සත්යයෙහි, දුක්ඛ නිරෝධ ගාමිනී ප්රතිපදා ආර්ය සත්යයෙහි යන මේ සතරෙහිය.
"ඇවැත්නි, දුක්ඛ ආර්ය සත්යය නම් කවරේද? ඉපදීමද දුකය, ජරාවද (මහලු වීම) දුකය, මරණයද දුකය, ශොකයද දුකය, (විලාප කියා) හැඬීමද දුකය, කායික දුකද දුකය, සිතේ දුකද දුකය, දැඩි වෙහෙසද දුකය, කැමති වන යමක් නොලබාද එයද දුකය, කොටින්ම පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයෝම දුක් වන්නාහ. ඇවැත්නි, පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ නම් කවරහුද? ඒ මොව්හුය. රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංස්කාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය, (යන මේයි.)
"ඇවැත්නි, රූප උපාදාන ස්කන්ධය නම් කවරේද? මහා භූත රූප සතර හා සතර මහා භූතයන්ගේ උපාදාය රූපයෝය.
"ඇවැත්නි, සතර මහා භූතයෝ කවරහුද? පඨවි ධාතුවද, ආපෝ ධාතුවද, තෙජෝ ධාතුවද, වායෝ ධාතුවද, යන සතරයි. "ඇවැත්නි, පෘථිවි ධාතුව කවරේද? ආධ්යාත්මිකවූ පෘථිවි ධාතුවක්ද වන්නීය, බාහිරවූ පෘථිවි ධාතුවක්ද වන්නීය, ඇවැත්නි, ආධ්යාත්මිකවූ පෘථිවි ධාතුව කවරේද? තමා තුළවූ කර්කසවූ, තදවූ, ජීවිතය සහිතවූ, යම් ද්රව්යයක් වේද,....
අප ධර්මාවබෝධය කළ යුත්තේ දුක දුරු කිරීමට නේද? එහෙම දුකක් නැතිනම්, ඉන්න ටික කාලේ සතුටින් ඉඳලා මැරෙන්න පුළුවන් නේ. චතුරාර්ය සත්යය බුදු හිමි පෙන්වා දුන්නේ නැතිනම්, අපිත් ඒක ම තමයි කරන්නේ. බුදු හාමුදුරුවන්ගේ සියලුම ධර්මයන් චතුරාර්ය සත්යයට බහා ලිය හැකි නිසා අපට ඒක අවබෝධ කරගන්නම වෙනවා ප්රඥාවෙන්. (ඒක ආමාරු නිසා තමයි අපි ලාබෙට දෘෂ්ටිතු ල රැවටෙන්න ආස)
එහෙනම් දුක්ඛ සත්යය අවබෝධ කිරීමට නම් දුක පිරිසිඳ දැකිය යුතු බව බුදු හිමි දේශනා කරනවා නේ. මොකක්ද දුක කියන්නේ? දුක්ඛ දුක්ඛ, විපරිනාම දුක්ඛ, සංකාර දුක්ඛ කියලා දුක කොටස් වලට බෙදෙනවා. දුක පිරිසිඳ දකිනකොට සංකාර දුක්ඛත් ප්රඥාවෙන් දකින්නම වෙනවා. සංකිත්තෙන පංචුපාධනක්ඛන්ධා දුක්ඛා කියලා හකුලුවල දක්වලා තියනවා නේ.
දැන් ඉතින් පංච උපාධානක්ඛන්ධය ත් පිරිසිඳ දකින්න වෙනවනේ. අඩු තරමේ රූප, වේදනා සංඥා සංකාර වීඤ්ඤාණ 5න් එකක් වත් පිරිසිඳ දකින්න ඕනනේ.
එහෙනම් රූපය මොකක්ද කියල පිරිසිඳ දකිනවා කියමුකෝ. බුදු හාමුදුරුවෝ රූපය විස්තර කරනවා සතර මහා භූතයෝ එනම් ( පඨවි, ආප, තෙජ, වායෝ ධාතු) සහ ඒවායේ උපාදාය රූප ලෙස. දැන් ඒවාත් පිරිසිඳ දකින්න ඕන නේ. පඨවි විස්තර වන්නේ අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං යන වචන වලින්. ආධ්යාත්මිකවූ තමා කරගත්, තද වූ කර්කෂවූ, උපාදානය වූ යමක් තමයි පඨවි ධාතුව. දැන් උපාදානය මොකක්ද කියලා හොයන්න වෙනවා. උපාදානය හම්බ වෙන්නේ පටිච්චසමුප්පාදය විග්රහයේදී. එහෙනම් පටිච්චසමුප්පාදය ප්රඥාවෙන් දකින්නම වෙනවා, කවදා හරි දුකට හේතුව අවිද්යාව කියන ප්රඥාව උපදින තුරු. සංකල්පයක් විධියට දැක්කොත් හරි, වෙන වෙන අර්ථකථන වල හිරවුනොත් හරි, සතර අපායෙන් ගැලවීමක් නම් නැහැ.