Sunday, August 18, 2013

බෞද්ධ සි සුවාගේ "නිර්වාණය" චිත් ‍රය

 

 

 

 

 

මේක 2004 අවුරුද්දේ කෙම්බ්‍රිජ් සරසවියේ සිදු උන හරිම අපුරු සිදුවීමක් , මේ කතාව අපි කිව්වේ බෞද්ධයෙක් නම් නෙමෙයි Алёна ( අලියොන ) කියල රුසියානු ජාතික කතෝලික කාන්තාවක් . සරසවියේ සිසුන් විවිධ රටවලින් පැමිණියත් ඔවුන් ඉතා සතුටින් ඉදල තියනවා. නොයෙකුත් ක්‍රීඩා කරමින් සිටින අතර මෙම මිතුරු කැල දිනක් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වල තියනව . හැබැයි මෙහි මාතෘකාව බොහොම අපුරු මාතෘකාවක් . එහි නම තමයි '' ඔබේ විශ්වාසයට අනුව යා හැකි හොදම තැන '' ඉතින් සියලුම සිසුන් තමන්ගේ ආගමට අනුව ස්වර්ගය සිතුවම් කළා . 


බොහෝ වෙහෙස මහන්සි වී අනෙකුත් සිසුන් චිත්‍රය සිතුවම් කලත් බෞද්ධ සිසුවා බොහොම පහසුවෙන් සිනාසෙමින් සිටියා. 
අවසානයේ සියලුම චිත්‍ර ප්‍රදර්ශනය උනා .. 


විවිධ වර්ණ වලින් ස්වර්ගය දිස්වෙද්දී බෞද්ධ සිසුවාගේ කැන්වස් රෙද්ද පමණක් සුදු පාටින් හිස්ව පැවතුනා . 
ඔහුගේ චිත්‍රය නම් කර තිබුනේ NIRWANA නමින්.


ඔහු රැස්ව සිටි පිරිස අමතා මෙසේ පැවසුවා මම උපතින් කතෝලික හැබැයි දැන් මම බෞද්ධ . මම දන්නා හැටියට අපි ඔක්කොටම යන්න පුළුවන් හොදම තැන නිර්වාණය . මම හිතන්නේ එතන අදින්න කිසිවක් නැහැ . 
මම හැමෝටම කියනවා ඔබ ඇදපු ස්වර්ගය දිහා දවසක් බලා ඉන්න ඔබට ස්වර්ගය එපා වේවි . නමුත් කිසිවක් නැති තැන කුමක් එපා වෙන්නද ?
.................................................................................................................................................................
ඔබ දන්නවාද ප්‍රදර්ශනයෙහි හොදම චිත්‍රයට හිමි ත්‍යාගය ඔහුට හිමි වූ බව . 
ඔහු නමින් නිකොලස් නම් ප්‍රංශ ජාතිකයෙක් විය .

 

Source URL :

 

 

 

 



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....