සියල්ල ගිනි ගනියි (ආදිත්ත පරියාය සූත‍්‍රය)
එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියෙ ගයා ගම නුදුරෙහි විශාල ගල් තලාවක. හුදකලාව නොව තවත් භික්ෂූන් වහන්සේලා දහස් නමක් සමඟ. ඒ දහසක් භික්ෂූන් වහන්සේ අමතා උන්වහන්සේ මෙසේ වදාළ සේක.
මහණෙනි, සියල්ල ගිනිගෙන ඇත. ඒ කවර සියල්ලක් ද? මහණෙනි, ඇස ගිනිගෙන ඇත. රූප ගිනිගෙන ඇත. චක්ඛු විඤ්ඤාණය ගිනිගෙන ඇත. චක්ඛු සම්ඵස්සය ගිනිගෙන ඇත. චක්ඛු සම්ඵස්සය නිසා වූ සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවක් උපදී නම් එය ද ගිනි ගෙන ඇත. මහණෙනි ඒවා කුමකින් ගිනි ගත්තේ ද? රාගයෙන් ගිනිගෙන ඇත. ද්වේෂයෙන් ගිනිගෙන ඇත. මෝහයෙන් ගිනි ගෙන ඇත. ජාති ජරා මරණාදියෙන් ගිනිගෙන ඇත. ශෝකයෙන්, පරිදේවයෙන්, දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ගිනිගෙන ඇත.
කණ ගිනිගෙන ඇත. ශබ්ද ගිනිගෙන ඇත. සෝත විඤ්ඤාණය ගිනිගෙන ඇත. සෝතසම්ඵස්සය ගිනිගෙන ඇත. සෝත සම්ඵස්සය නිසා වූ යම් සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවක් උපදී නම් එය ද ගිනිගෙන ඇත. කුමකින් ගිනිගත්තේ ද? රාග ගින්නෙන් ගිනිගෙන ඇත. ද්වේෂ ගින්නෙන් ගිනිගෙන ඇත. මෝහ ගින්නෙන් ගිනිගෙන ඇත. ජාති ජරා මරණයෙන් ගිනිගෙන ඇත. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෙන් ගිනිගෙන ඇත.
මහණෙනි, නාසය ද ගිනි ගෙන ඇත. ගන්ධය ද ගිනි ගෙන ඇත. ඝාණ විඤ්ඤාණය ද ගිනිගෙන ඇත. ඝාණ සම්ඵස්සය ද ගිනිගෙන ඇත. ඝාණ සම්ඵස්සය නිසා හට ගත් යම් සුව වූ හෝ දුක් වූ හෝ නොදුන් නොසුව වූ හෝ යම් වේදනාවක් උපදී නම් එය ද ගිනි ගෙන ඇත. කුමකින් ගිනිගන්නා ලද්දේ ද? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජාතියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුක්ඛයෙන්, දෝමනස්සයෙන්, උපායාසයෙන්.
මහණෙනි; දිව ද ගිනිගෙන ඇත. රස ද ගිනිගෙන ඇත. ජිවිහා විඤ්ඤාණය ද ගිනිගෙන ඇත. ජිවිහා සම්ඵස්සය ද ගිනිගෙන ඇත. ජිවිහා සම්ඵස්සයෙන් හට ගත් යම් සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ වේදනාවක් වන්නේ ද එය ද ගිනි ගෙන ඇත. කුමකින් ගිනි ගන්නා ලද්දේ ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ;ශ¤කයෙන්, පරිදේවයෙන්, දුක්ඛයෙන්, දෝමනස්සයෙන්, උපායාසයෙන්.
කය ද ගිනිගෙන ඇත. පොට්ඨබ්බය ද ගිනිගෙන ඇත. කාය විඤ්ඤාණය ද ගිනිගෙන ඇත. කාය ස්පර්ෂය ද ගිනිගෙන ඇත. කාය ස්පර්ශය නිසා වූ යම් සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවක් වන්නේ නම් එය ද ගිනිගෙන ඇත. කුමකින් ගිනි ගන්නා ලද්දේද? රාග ගින්නේන් ය. ද්වේෂ ගින්නේන් ය. මෝහ ගින්නේන් ය. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගෙන් ය.
මනස ද ගිනිගෙන ඇත. ධර්ම ද ගිනිගෙන ඇත. මනෝ විඤ්ඤාණය ද ගිනිගෙන ඇත. මනෝ සම්ඵස්සය ද ගිනිගෙන ඇත. මනෝ සම්ඵස්සය නිසා හට ගත් යම් සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවක් උපදී නම් එය ද ගිනි ගෙන ඇත. කුමකින් ගිනිගෙන ඇත්තේ ද? රාග ගින්නෙන් ය. ද්වේෂ ගින්නෙන් ය. මෝහ ගින්නෙන් ය. ජාතියෙන් ජරා මරණයෙන් ය. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ය.
මේ සියල්ලෙහි ගිනිගෙන දැවීම යථාභූතාකාරයෙන් දැකිය හැක්කේ ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවකයකුට පමණි. අශ‍්‍රැතවත් පුථුජ්ජනයාට මෙය නොපෙනේ. එබැවින් ඔහු එහි ඇලෙයි. එහෙත් ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවකයා ඒ සියල්ලෙහි නිර්වේදයට එනම් කළකිරීමට පැමිණෙයි. කළකිරීමට පැමිණියේ නො ඇලෙයි. එයින් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යැයි දැනීම වෙයි. ඉපදීම ක්‍ෂය වූවේ වෙයි. බඹසර වැස නිම වූයේ වෙයි. කළ යුතු දෙය කොට නිම වූයේ වෙයි. මේ බව පිණිස අනෙකක් නැතැයි දැනගනියි.
සතුටු සිත් ඇති ඒ භික්ෂුහු බුදුරජාණන් වහන්සේගේ දේශනය පිළිගත්හ. මේ සූත‍්‍රය වදාරන කල්හි එහි රැස්ව සිටි දහසක් භික්ෂූන් වහන්සේලාගේ සිත් උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් මිදුණේ ය.
සංයුත්ත නිකාය ඪම ආදිත්ත පරියාය සූත‍්‍රය
ආලංකුලමේ පේමසිරි හිමි
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.