ඔරලෝසු කණු වලින් දැන් එච්චර සේවයක් වෙන්නේ නැති වුනත් කාලෙකට ඉස්සර මේ ඔරලෝසු කණු ජනතාවට අතිශය ප්‍රයෝජනවත් වුනා. දැන් නම් වෙලාව බලන්නේ ඔරලෝසුවෙන් නෙවෙයි අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන්. මේ නිසා යන යන තැන අරං යන ඔරලෝසු කණුවක් වගේ ෆෝන් එක අතේ තියෙන නිසා ඔරලෝසු කණුවලින් සතේක වැඩක් නෑ කියලා තමයි ගොඩාක් අය කියන්නේ. හැබැයි අද වගේ නෙවෙයි ඉස්සර කාලේ හැමෝම අතේ ඔරලෝසු තිබ්බේ නෑ වෙලාව බලාගන්න. කෝට් සාක්කුවේ දාන ඔරලෝසු පාවිච්චි ප්‍රභූ පන්තියේ අය නිසා එයාලගෙන් වෙලාව අහන්නත් සාමාන්‍ය ජනතාවට පුළුවන් වුනේ නෑ. ඒ නිසා තමයි අද වගේ ඔරලෝසු බහුල නැති කාලෙක මෙම දැවැන්ත ඔරලෝසු කණු ජනතාවට උපරිම විදිහට සේවය කළේ.
මේ මෑතක හදපු ඔරලෝසු කණු වගේ නෙවෙයි ඉස්සර ප්‍රධාන නගර වල හදපු ඔරලෝසු කණු එක්ක බැඳුන කතා වෙනමම තියෙනවා. දැනට ලංකාවෙ තියෙන පැරණිම ඔරලෝසු කණු විදිහට යාපනය, කුරුණෑගල, කොටුව, රත්නපුර, ගාල්ල, මාතර, මහනුවර සහ බදුල්ල වගේ නගර වල ඉදිකරපු ඔරෙලෝසු කණු හඳුන්වන්න පුළුවන්. මේ ඒ පැරණි ඔරලෝසු කණු ගැන රසවත් කථා ටිකක්.
ඉතිරි සල්ලි වලින් හදපු යාපනේ ඔරෙලෝසු කණුව
අවුරුදු 135 ක් විතර පරණ යාපනය ඔරලෝසු කණුව ගැන හරි අපූරු කථාවක් තියෙනවා. 1875 ලංකාවට ආපු ඒ කාලේ වේල්සයේ කුමාරයා වෙච්ච ඇල්බර්ට් කුමාරයාට තෑග්ගක් දෙන්න එකතු කරපු සල්ලිවලින්‍ෙ ඉතිරි වුන මුදලින් තමයි මේ ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. වේල්ස් කුමාරයා ලංකාවට එනකොට ඒ වෙනුවෙන් යාපනය වෙනුවෙන් කොළඹදි වෙනම පිළිගැනීමක් සංවිධානය කරලා තියෙනවා. මේකේ සංවිධායක කමිටුව මේ පිළිගැනීමේ උත්සවයට රුපියල් 10,000.00 ක ආධාර මුදලක් එකතු කරලා ඒ මුදල් වලින් වේල්ස් කුමාරයාට තෑගි කරන්න රිදී මංජුසාවක් සහ ආභාරණ කට්ටලයක් අරං රුපියල් 4000 කට.මේ තෑග්ග 1875 දෙසැම්බර් 1 වෙනිදා වේල්ස් කුමාරයාට පිළිගන්වලා තියෙනවා.
පස්සේ මේ පිළිගැනීම් කමිටුව යාපනයට ගිහිං කල්පනා කරලා තියෙනවා ඉතිරි රුපියල් 6000 ට මොකද කරන්නේ කියලා. මේ ගැන තීරණයක් ගන්න 1880 ජුලි 1 වෙනිදා යාපනය කච්චේරියේ තිබුණ සාකච්ඡාවකදී තිරණය වෙලා තියෙනවා වේල්ස් කුමාරයාගේ ලංකා ගමන සිහිවෙන්න ස්මාරකයක් ඉදිකරන එක හොඳයි කියලා. ඒ අනුව මේ ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. ඔරලෝසු කණුවෙහි ආකෘතිය නිර්මාණය කිරීම, රජයේ නිර්මාණ ශිල්පියෙකු වූ ජේ. ජී. ස්මිදර් කරලා තියෙන්නේ .ඒ කාලේ බ්‍රිතාන්‍ය ලංකා ආණ්ඩුකාරවරයා වූ ජේම්ස් රොබට් කණුව සඳහා ඔරලෝසුව ලබා දුන්නා කියලා තමයි කියන්නේ. හැබැයි දැන් තියෙන්නේ ඩිජිටල් ඔරලෝසුවක්.
මාතර ලන්දේසි ඔරලෝසු කණුව
මාතර බළකොටුවේ කොටුපවුර මැද තියෙන ඔරලෝසු කණුව ලංන්දේසින් විසින් ඉදිකරපු ඔරලෝසු කණුවක්. මේක ඉදිකරන්නේ 1765 දී.හැබැයි සමහර මූලාශ්‍ර කියනවා මේක හදලා තියෙන්නේ 1883 කියලා. කොහොම වුනත් වරින් වර විවිධ පාලකයින් විසින් ප්‍රතිසංස්කරණය කළත් මේ ඔරලෝසු කණුවේ මුල් ආකෘතිය කිසිම වෙනස්කමක් කරලා නෑ. අද වෙනකල් මාතර නගරයේ නගර සලකුණක් වෙච්ච මේ ඔරලෝසු කණුව නගරයට අලංකාරයක් එකතු කරනවා.
රත්නපුරේ ඔරලෝසු කණුවට රුපියල් 300ක තෑග්ගක්
රත්නපුරය නගරය මැද පිහිටුවා තිබෙන රත්නපුරය ඔරලෝසු කණුව තවත් පැරණිතම ඔරලෝසු කණුවක්. මේ ඔරලෝසු කණුවේ ඉතිහාසය බැලුවොත් යුධ අනුස්මරණයක් සඳහා තමයි මේ කණුව හදලා තියෙන්නේ. 1920 මුල් ගණන් වලදී දේශිය යුධ අණුස්මරන කමිටුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ මේ ඔරලෝසු කණුව හැදුවා කියලා තමයි කියන්නේ.
ඔරලෝසු කණුවට සුදුසු ආකෘතියක් තෝරා ගැනීමට, එම කාලයේදී නිර්මාණ තරඟයක් පවත්වලා ඒ තරඟයේ ජයගත්ත නිර්මාණය තමයි මේ ඉදිකරලා තියෙන්නේ. මේ ජයග්‍රාහී නිර්මාණයට ත්‍යාගය වශයෙන් රුපියල් 300 ක මුදලක් පිරිනමලා තියෙනවා. මේ තරඟයට ඔරලෝසු නිර්මාණ ආකෘති 10 ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතුරින් හොඳම ත්‍රිත්වයක් තෝරා, ඒ අතරිනුත් වඩා සුදුසු ආකෘතිය දිස්ත්‍රික් ඉංජිනේරුවරයා විසින් තෝරා ගත්තා කියලා තමයි කියන්නේ. මේ ඔරලෝසු කණුවේ ඔරලෝසුව ලන්ඩනයේ ටයිම්ස් සප්ලයි ඒජන්සියෙන් ගෙනාවා කියලයි කියන්නේ.
ලෝක යුද්දේ මතක් කරන ඔරලෝසු කණුව
පළවෙනි ලෝක යුද්දෙදි මියගිය වයඹ පලාතේ භටයින් සහ ඉංග්‍රිසි භටයින් සිහිපත් කරන්න තමයි මේ කුරුණෑගල ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. මේ ඔරලෝසු කණුවේ පළමු යුද්ධයේදී මියගිය භටයින් 11 දෙනෙකු ගේ නම් සඳහන් වෙලා තියෙනවා. මේ නම් 11 අතර ශ්‍රී ලාංකික සෙබලුන් තුන්දෙනෙකුගේ නම් තියෙනවා.අනිත් නම් ඔක්කොම ඉංග්‍රීසි ජාතික සෙබලුන්ගේ. මේ නම් එක්ක සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් "ක්‍රි.ව. 1914 – 1918 මහ යුද්ධයේදී අධිරාජ්‍ය උදෙසා වයඹ පළාත වෙනුවෙන් ගොස් ජීවිත දානය කළ වීර පුරුෂයන් සිහිවීම පිණිසයි." කියලා සඳහන් කරලා තියෙනවා. මේක ඔරලෝසු කණුවකට අමතරය යුද ස්මාරකයක් විදිහටත් වැදගත් කමක් උසුලනවා.මොකද කොළඹ තියෙන යුධ ස්මාරකයකට වැඩිය මේ ඔරලෝසු කණුව පරණයි.
සම්පූර්ණයෙන් වාගේ සිමෙන්ති හා කළු ගලින් නිර්මාණය කොට තිබෙන මෙම ඔරලෝසු කණුවහි මූලික හැඩය චතුරස්‍රාකාරයි. එහි පහළ, සිව් දිශා වෙතට ඉදිකරන ලද දොරටු හතරක් වන අතර, ඉන් තුනකම ඔරලෝසු කණුව පිහිටුවීමේ අභිප්‍රාය හා ලෝක යුද්ධයෙන් මියගිය භටයින්ගේ නම් දැක්වෙන සටහන් දැක්වීමට යොදා ගෙන තිබෙන ආකාරය දකින්න පුළුවන්. ඔරලෝසු කණුවහි ඇතුළත, එහි ඉහළට නැඟීම වෙනුවෙන් ඉදිකරන ලද පඩිපෙළක් වන අතර, ඉන් පඩි 4ක් කොන්ක්‍රීට් වලින්ද, ඉතිරි පඩි 29ක් ලී වලින්ද සකස් කරලා තියෙනවා.
උසම එක පිළියන්දල
පිළියන්දල ඔරලෝසු කණුව ශ්‍රී ලංකාවේ ඔරලෝසු කණු අතරින් උසම එකක් විදිහට තමයි සැලකෙන්නේ.මේ ඔරලෝසු කණුවේ උස අඩි 78ක් වෙනවා. ඒ වගේම එහි වට ප්‍රමාණය අඩි 16ක් වෙනවා. මේක අවුරුදු 60 කට වැඩි කාලයක් වැඩකරමින් තිබෙන ඔරලෝසු කණුවක්.
මේ ඔරලෝසු කණුවේ ඉතිහාසය අරං බැලුවොත් එවකට මොරටුව පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා කරන ලද ඉල්ලීමකට පිළියන්දල වෑවල විසූ දානපති ඩී. එස්. ඩබ්ලිව්. සමරකෝන් මහතා එතුමාගේ පෞද්ගලික ධනයෙන් තම මවුපියන් වන පරලොව සැපත් දොන් කොරනේලිස් විජේවික්‍රම මහතා සහ එම මහත්මිය සිහිවීම පිණිස තමයි මේක ඉදිකරලා තියෙන්නේ.1953 අපි‍්‍රයෙල් 30 වැනි දින මෙහි සියලු වැඩ අවසන් කොට ජනතාවට වේලාව දක්වන්නට සැලැසු බවට එහි ඇති ලේඛණයේ තියෙනවා.
පිළියන්දල ඔරලෝසු කණුව තට්ටු තුනකින් සමන්විතයි. ගඩොල් සහ සිමෙන්තියෙන් හදලා තියෙන මේ ඔරලෝසු කණුවේ උඩම මහල කොන්ක්‍රීට් ස්තරයක් මත ඉදිකරනු ඉදිකරලා තියෙන්නේ. එම ඉහළ මාලයට යන්න යකඩ පඩිපෙළක් තියෙනවා.මෙම යකඩ පඩිපෙළ මුදුනේ වයින් කරන යන්ත්‍ර 3කින් සමන්විත පෙට්ටියක් පිහිටලා තියෙනවා.
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.
No comments:
Post a Comment
Don't add a word Here. I'll Kill you....