Monday, October 17, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ - චිත්තානුපස්‌සනාව - 6

ඇය මට ද මට ඇය ද නොව අප දෙදෙනාම අයිති ධර්මතාවකටය

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

චක්‌ඛුඤ්ඤාණ විඤ්ඤාණය, ශ්‍රොත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝවිඤ්ඤාණය හේතුවෙන්, කාමයේ ආශ්වාදය සකස්‌ වීම ධර්මතාවක්‌. 

පිංවත් ඔබ ආයතන හය නිසා ජීවිතයේ ලැබූ කාමාශ්වාදයන් නුවණින් මෙනෙහි කරන්න. පිංවත් ඔබ මුලින්ම ආශ්වාදයක්‌ කරගත්තේ ඔබේ අම්මාගේ ගර්භාෂකුටියයි. කුඩා ඉඩකඩක්‌ තුළ උෂ්ණය, ලේ, සැරව, දෙතිස්‌ කුණුපයක්‌ මැදිකොට ගෙන ඔබ ඇතිකරගත් මේ ජීවිතයේ මුල්ම ආශ්වාදය අනිත්‍යවූ ධර්මයක්‌. ඔබ ජීවිතයේ දෙවැනියට ඇතිකරගත් ආශ්වාදය මව් සෙනෙහසයි. මව් උණුසුමයි, මව්කිරි සුවඳයි. ඒ සෑම ආශ්වාදයක්‌ම අනිත්‍යවූ ධර්මතාවයක්‌.

කාමයේ ආශ්වාදය හේතුවෙන් කාමයේ ආදී නවය සකස්‌වීම ධර්මතාවයක්‌. අම්මා කියන රූපය කෙරෙහි ඇතිකරගත් කාමයේ ආශ්වාදය නිසා මොනතරම් නම් ආදීනවයක්‌ ඇතිද? කාමයේ ආශ්වාදයට බැඳී ගියොත් කාමයේ ආදීනවය ඇතිවීම ධර්මතාවක්‌. නමුත් මේ ධර්මතාව අනිත්‍යයි. මා බැඳී ගිය අම්මාය කියන රූපය මේ මොහොතේ පටිච්ච සමුප්පන්නව වෙනත් උපතකට ගිහිල්ලා. ඇය මට අයිති නැහැ. මා ඇයට අයිතිත් නැහැ. මේ සියල්ලම අයිති පටිච්ච සමුප්පාද ධර්මයන්ට. නමුත් මේ ධර්මතාවද අනිත්‍ය වු ධර්මතාවක්‌. යම් පිංවතෙක්‌ කාමයේ ආශ්වාදයේ අනිත්‍යභාවය අවබෝධකරගෙන ආදීනවයෙන් මිදී කාමයේ නිස්‌සරණය සාක්‌ෂාත් කොට ගැනීමද ධර්මතාවක්‌. ඒ ධර්මතාවයන් පිරිණිවී යැමෙන් අනිත්‍යභාවයට පත්වෙනවා.

බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා රූපයේ ආශ්වාදය කියල කියන්නේ අවුරුදු 18 ත් 20 ත් පිරිමි දරුවෙක්‌ගේ, ගැහැනු දරුවෙක්‌ගේ රූපයේ තාරුණ්‍යය, හැඩය, වර්ණය, මටසිළුටුබව, ලස්‌සනය කියලා, එයත් ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයි. රූපයේ ආශ්වාදය පසුපස නිරතුරුවම රූපයේ ආදීනවය සැඟවී තිබෙනවා. ඒ කියන්නේ ජාති, ජරා, ව්‍යධි, මරණ මේ ධර්මතාවන්ගේ ස්‌වභාවයත් අනිත්‍යයි. පිංවත් ඔබ ඔබේ ශරීරයේ රුළිවැටුණු සම දෙස බලමින් වැහැරෙමින් එල්ලී වැටීමට මානබලන මස්‌පිඩු දෙස බලමින්, අල්මාරිමේසය මත තිබෙන මංගල ඡායාරූපය දෙස බලමින්, රූපයේ ආශ්වාදයේ අනිත්‍යභාවයන් රූපයේ ආදීනවයන් ගැන ධම්මානුපස්‌සනාවෙන් බලන්න. මාගේ අම්මා තත්තාගේ මංගල ඡායාරූපය තවමත් මහගෙදර අල්මාරි මේසය මත තබා ඇති මට ඒ ඡායාරූපය සිහි වන විට හාස්‍යයක්‌ පමණයි දැනෙන්නේ. ධම්මානු පස්‌සනාවෙන් ආවරණය නොවූ සිත මොන බලපෑමක්‌ද සත්ත්වයාට කරන්නේ කියලා...

උපත සිහිවෙන මොහොතේදීම මරණය ධර්මතාවක්‌ බව නුවණින් දකින්න. ඒ ධර්මතාව අනිත්‍ය වූ ධර්මතාවක්‌. රූපයේ ආශ්වාදයේ කෙටි භාවයත් ආදීනවයේ දිගුභාවයත් අවබෝධ කරගත් උත්තමයා ආර්යාඅෂ්ටාංගික මාර්ගය තරණය කර රූපයේ නිස්‌සරණය සාක්‌ෂාත් කරගැනීමද ධර්මතාවයකි. එයද අනිත්‍ය වූ ධර්මතාවකි. 

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, පළමුවැනි, දෙවැනි, තෙවැනි, සතරවැනි ධ්‍යාන තල, වේදනාවේ ආශ්වාදයයි කියලා. පංචනීවරණ ධර්මයන් යටපත් වීමේ ප්‍රමාණයට ධ්‍යාන තල සකස්‌ වීම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. මොකද ඉහත රූපාවචර ධ්‍යාන්‍ය තල අනිත්‍ය භාවයට පත්වෙනවා. ධ්‍යාන්‍ය තල පිරිහීම වේදනාවේ ආදීනවයයි. එයත් ධර්මතාවක්‌ පංචනීවරණයන් මතු වීමේ ප්‍රමාණයට ධ්‍යාන්‍යතල පිරිහී යනවා. වේදනාවේ ආශ්වාදයේ අනිත්‍ය භාවයත් ආදීනවයේ අනිත්‍යභාවයත් අවබෝධ කරගත් තැනැත්තා වේදනාවේ නිස්‌සරණය ලබාගැනීමද ධර්මතාවක්‌, ඒ ධර්මතාවත් අනිත්‍ය වූ ධර්මතාවක්‌. 

පිංවත් ඔබට මේ ජීවිතයේදී යහපත් අම්මා කෙනෙක්‌, තාත්තා කෙනෙක්‌, සහෝදර, සහෝදරියන් දරුවන්, ඥාතීන්, බිරිඳක්‌, සැමියෙක්‌ ලැබුණා නම් එය අතීත කුසල් සංස්‌කාරයක ඵලයක්‌. ඒ කියන්නේ ධර්මතාවක්‌. නමුත් මේ ධර්මතාව අනිත්‍යයි. එක මහත්මියක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළේ ස්‌වාමීන්වහන්ස, මම විවාහ වුණ අලුත මගේ ස්‌වාමි පුරුෂයා දෙවියෙක්‌ වගෙයි සිටියේ. දැන් ඔහු යක්‍ෂයෙක්‌ වගේය කියල. අම්මා කෙනෙක්‌ කියනවා ස්‌වාමීන්වහන්ස, මගේ දරුවා හොඳ කීකරුවට හිටියේ දැන් හරිම මුරණ්‌ඩුයි කියලා. මේ අපි දකින්නේ ධර්මතාවන්ගේ වෙනස්‌ වීමයි.

කුළුඳුල් දරුවා ලැබුණු අම්මා කෙනෙක්‌ කියනවා හාමුදුරුවනේ, දරුවා ලැබුණත් මට කිරි එරෙන්නේ නැහැය කියල. එයත් ධර්මතාවක්‌. මේ කුළුඳුල් දරුවා පෙර ජීවිතයේදී සිල්වත් ස්‌වාමීන්වහන්සේ නමකට පූජාකරන ලද කිරි කෝප්පයක්‌ හොරෙන් බොන්න ඇති, එහෙම නැත්නම් සංඝයාට ලැබිය යුතු කිරි ආහාරයක්‌ වළක්‌වන්න ඇති, බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පිංවතෙක්‌ කිරි කළයකින් බෝධීන් වහන්සේ නහවනවා දැක එය විවේචනය කරන්න ඇති, අතීත අකුසල් කර්මයක හේතුඵලයක්‌. නමුත් මේ ධර්මතාවන් අනිත්‍යයයි. පිංවත් ඔබට අංගවිකල, මන්දබුද්ධික, නිරතුරුවම රෝගීභාවයට පත්වෙන දරුවන් ලැබී ඇත්නම් එයත් ධර්මතාවක්‌. පෙර ජීවිතයක දෙමාපියනුත්, දරුවනුත් එකතුව කරන ලද අකුසලයක ඵලයක්‌. එම නිසා පිංවත් ඔබ එවැනි උපත් කෙරෙහි කලකිරීම්, ගැටීම් ඇති නොකරගෙන ධම්මානුපස්‌සනාවෙන් යුතුව එම දරුවන් දෙස බලන්න. මෙවැනි අකාරුණික උපත් වලින් මිදීමට ඇති එකම ඖෂධය එය වනු ඇත. අනිත්‍ය වන ධර්මතාවන්ට ගැටී තව තව අකුසල් සිදු නොකරගන්න. 

ඉදිරිපත් කිරීම ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

ඔරලෝසු කණු

ඔරලෝසු කණු වලින් දැන් එච්චර සේවයක් වෙන්නේ නැති වුනත් කාලෙකට ඉස්සර මේ ඔරලෝසු කණු ජනතාවට අතිශය ප්‍රයෝජනවත් වුනා. දැන් නම් වෙලාව බලන්නේ ඔරලෝසුවෙන් නෙවෙයි අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන්. මේ නිසා යන යන තැන අරං යන ඔරලෝසු කණුවක් වගේ ෆෝන් එක අතේ තියෙන නිසා ඔරලෝසු කණුවලින් සතේක වැඩක් නෑ කියලා තමයි ගොඩාක් අය කියන්නේ. හැබැයි අද වගේ නෙවෙයි ඉස්සර කාලේ හැමෝම අතේ ඔරලෝසු තිබ්බේ නෑ වෙලාව බලාගන්න. කෝට් සාක්කුවේ දාන ඔරලෝසු පාවිච්චි ප්‍රභූ පන්තියේ අය නිසා එයාලගෙන් වෙලාව අහන්නත් සාමාන්‍ය ජනතාවට පුළුවන් වුනේ නෑ. ඒ නිසා තමයි අද වගේ ඔරලෝසු බහුල නැති කාලෙක මෙම දැවැන්ත ඔරලෝසු කණු ජනතාවට උපරිම විදිහට සේවය කළේ.
මේ මෑතක හදපු ඔරලෝසු කණු වගේ නෙවෙයි ඉස්සර ප්‍රධාන නගර වල හදපු ඔරලෝසු කණු එක්ක බැඳුන කතා වෙනමම තියෙනවා. දැනට ලංකාවෙ තියෙන පැරණිම ඔරලෝසු කණු විදිහට යාපනය, කුරුණෑගල, කොටුව, රත්නපුර, ගාල්ල, මාතර, මහනුවර සහ බදුල්ල වගේ නගර වල ඉදිකරපු ඔරෙලෝසු කණු හඳුන්වන්න පුළුවන්. මේ ඒ පැරණි ඔරලෝසු කණු ගැන රසවත් කථා ටිකක්.

ඉතිරි සල්ලි වලින් හදපු යාපනේ ඔරෙලෝසු කණුව

අවුරුදු 135 ක් විතර පරණ යාපනය ඔරලෝසු කණුව ගැන හරි අපූරු කථාවක් තියෙනවා. 1875 ලංකාවට ආපු ඒ කාලේ වේල්සයේ කුමාරයා වෙච්ච ඇල්බර්ට් කුමාරයාට තෑග්ගක් දෙන්න එකතු කරපු සල්ලිවලින්‍ෙ ඉතිරි වුන මුදලින් තමයි මේ ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. වේල්ස් කුමාරයා ලංකාවට එනකොට ඒ වෙනුවෙන් යාපනය වෙනුවෙන් කොළඹදි වෙනම පිළිගැනීමක් සංවිධානය කරලා තියෙනවා. මේකේ සංවිධායක කමිටුව මේ පිළිගැනීමේ උත්සවයට රුපියල් 10,000.00 ක ආධාර මුදලක් එකතු කරලා ඒ මුදල් වලින් වේල්ස් කුමාරයාට තෑගි කරන්න රිදී මංජුසාවක් සහ ආභාරණ කට්ටලයක් අරං රුපියල් 4000 කට.මේ තෑග්ග 1875 දෙසැම්බර් 1 වෙනිදා වේල්ස් කුමාරයාට පිළිගන්වලා තියෙනවා.
පස්සේ මේ පිළිගැනීම් කමිටුව යාපනයට ගිහිං කල්පනා කරලා තියෙනවා ඉතිරි රුපියල් 6000 ට මොකද කරන්නේ කියලා. මේ ගැන තීරණයක් ගන්න 1880 ජුලි 1 වෙනිදා යාපනය කච්චේරියේ තිබුණ සාකච්ඡාවකදී තිරණය වෙලා තියෙනවා වේල්ස් කුමාරයාගේ ලංකා ගමන සිහිවෙන්න ස්මාරකයක් ඉදිකරන එක හොඳයි කියලා. ඒ අනුව මේ ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. ඔරලෝසු කණුවෙහි ආකෘතිය නිර්මාණය කිරීම, රජයේ නිර්මාණ ශිල්පියෙකු වූ ජේ. ජී. ස්මිදර් කරලා තියෙන්නේ .ඒ කාලේ බ්‍රිතාන්‍ය ලංකා ආණ්ඩුකාරවරයා වූ ජේම්ස් රොබට් කණුව සඳහා ඔරලෝසුව ලබා දුන්නා කියලා තමයි කියන්නේ. හැබැයි දැන් තියෙන්නේ ඩිජිටල් ඔරලෝසුවක්.

මාතර ලන්දේසි ඔරලෝසු කණුව

මාතර බළකොටුවේ කොටුපවුර මැද තියෙන ඔරලෝසු කණුව ලංන්දේසින් විසින් ඉදිකරපු ඔරලෝසු කණුවක්. මේක ඉදිකරන්නේ 1765 දී.හැබැයි සමහර මූලාශ්‍ර කියනවා මේක හදලා තියෙන්නේ 1883 කියලා. කොහොම වුනත් වරින් වර විවිධ පාලකයින් විසින් ප්‍රතිසංස්කරණය කළත් මේ ඔරලෝසු කණුවේ මුල් ආකෘතිය කිසිම වෙනස්කමක් කරලා නෑ. අද වෙනකල් මාතර නගරයේ නගර සලකුණක් වෙච්ච මේ ඔරලෝසු කණුව නගරයට අලංකාරයක් එකතු කරනවා.

රත්නපුරේ ඔරලෝසු කණුවට රුපියල් 300ක තෑග්ගක්

රත්නපුරය නගරය මැද පිහිටුවා තිබෙන රත්නපුරය ඔරලෝසු කණුව තවත් පැරණිතම ඔරලෝසු කණුවක්. මේ ඔරලෝසු කණුවේ ඉතිහාසය බැලුවොත් යුධ අනුස්මරණයක් සඳහා තමයි මේ කණුව හදලා තියෙන්නේ. 1920 මුල් ගණන් වලදී දේශිය යුධ අණුස්මරන කමිටුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ මේ ඔරලෝසු කණුව හැදුවා කියලා තමයි කියන්නේ.
ඔරලෝසු කණුවට සුදුසු ආකෘතියක් තෝරා ගැනීමට, එම කාලයේදී නිර්මාණ තරඟයක් පවත්වලා ඒ තරඟයේ ජයගත්ත නිර්මාණය තමයි මේ ඉදිකරලා තියෙන්නේ. මේ ජයග්‍රාහී නිර්මාණයට ත්‍යාගය වශයෙන් රුපියල් 300 ක මුදලක් පිරිනමලා තියෙනවා. මේ තරඟයට ඔරලෝසු නිර්මාණ ආකෘති 10 ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතුරින් හොඳම ත්‍රිත්වයක් තෝරා, ඒ අතරිනුත් වඩා සුදුසු ආකෘතිය දිස්ත්‍රික් ඉංජිනේරුවරයා විසින් තෝරා ගත්තා කියලා තමයි කියන්නේ. මේ ඔරලෝසු කණුවේ ඔරලෝසුව ලන්ඩනයේ ටයිම්ස් සප්ලයි ඒජන්සියෙන් ගෙනාවා කියලයි කියන්නේ.

ලෝක යුද්දේ මතක් කරන ඔරලෝසු කණුව

පළවෙනි ලෝක යුද්දෙදි මියගිය වයඹ පලාතේ භටයින් සහ ඉංග්‍රිසි භටයින් සිහිපත් කරන්න තමයි මේ කුරුණෑගල ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. මේ ඔරලෝසු කණුවේ පළමු යුද්ධයේදී මියගිය භටයින් 11 දෙනෙකු ගේ නම් සඳහන් වෙලා තියෙනවා. මේ නම් 11 අතර ශ්‍රී ලාංකික සෙබලුන් තුන්දෙනෙකුගේ නම් තියෙනවා.අනිත් නම් ඔක්කොම ඉංග්‍රීසි ජාතික සෙබලුන්ගේ. මේ නම් එක්ක සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් "ක්‍රි.ව. 1914 – 1918 මහ යුද්ධයේදී අධිරාජ්‍ය උදෙසා වයඹ පළාත වෙනුවෙන් ගොස් ජීවිත දානය කළ වීර පුරුෂයන් සිහිවීම පිණිසයි." කියලා සඳහන් කරලා තියෙනවා. මේක ඔරලෝසු කණුවකට අමතරය යුද ස්මාරකයක් විදිහටත් වැදගත් කමක් උසුලනවා.මොකද කොළඹ තියෙන යුධ ස්මාරකයකට වැඩිය මේ ඔරලෝසු කණුව පරණයි.
සම්පූර්ණයෙන් වාගේ සිමෙන්ති හා කළු ගලින් නිර්මාණය කොට තිබෙන මෙම ඔරලෝසු කණුවහි මූලික හැඩය චතුරස්‍රාකාරයි. එහි පහළ, සිව් දිශා වෙතට ඉදිකරන ලද දොරටු හතරක් වන අතර, ඉන් තුනකම ඔරලෝසු කණුව පිහිටුවීමේ අභිප්‍රාය හා ලෝක යුද්ධයෙන් මියගිය භටයින්ගේ නම් දැක්වෙන සටහන් දැක්වීමට යොදා ගෙන තිබෙන ආකාරය දකින්න පුළුවන්. ඔරලෝසු කණුවහි ඇතුළත, එහි ඉහළට නැඟීම වෙනුවෙන් ඉදිකරන ලද පඩිපෙළක් වන අතර, ඉන් පඩි 4ක් කොන්ක්‍රීට් වලින්ද, ඉතිරි පඩි 29ක් ලී වලින්ද සකස් කරලා තියෙනවා.

උසම එක පිළියන්දල

පිළියන්දල ඔරලෝසු කණුව ශ්‍රී ලංකාවේ ඔරලෝසු කණු අතරින් උසම එකක් විදිහට තමයි සැලකෙන්නේ.මේ ඔරලෝසු කණුවේ උස අඩි 78ක් වෙනවා. ඒ වගේම එහි වට ප්‍රමාණය අඩි 16ක් වෙනවා. මේක අවුරුදු 60 කට වැඩි කාලයක් වැඩකරමින් තිබෙන ඔරලෝසු කණුවක්.
මේ ඔරලෝසු කණුවේ ඉතිහාසය අරං බැලුවොත් එවකට මොරටුව පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා කරන ලද ඉල්ලීමකට පිළියන්දල වෑවල විසූ දානපති ඩී. එස්. ඩබ්ලිව්. සමරකෝන් මහතා එතුමාගේ පෞද්ගලික ධනයෙන් තම මවුපියන් වන පරලොව සැපත් දොන් කොරනේලිස් විජේවික්‍රම මහතා සහ එම මහත්මිය සිහිවීම පිණිස තමයි මේක ඉදිකරලා තියෙන්නේ.1953 අපි‍්‍රයෙල් 30 වැනි දින මෙහි සියලු වැඩ අවසන් කොට ජනතාවට වේලාව දක්වන්නට සැලැසු බවට එහි ඇති ලේඛණයේ තියෙනවා.
පිළියන්දල ඔරලෝසු කණුව තට්ටු තුනකින් සමන්විතයි. ගඩොල් සහ සිමෙන්තියෙන් හදලා තියෙන මේ ඔරලෝසු කණුවේ උඩම මහල කොන්ක්‍රීට් ස්තරයක් මත ඉදිකරනු ඉදිකරලා තියෙන්නේ. එම ඉහළ මාලයට යන්න යකඩ පඩිපෙළක් තියෙනවා.මෙම යකඩ පඩිපෙළ මුදුනේ වයින් කරන යන්ත්‍ර 3කින් සමන්විත පෙට්ටියක් පිහිටලා තියෙනවා.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ: භවයේ උගුලද අගුලද මෙයමය - පංචඋපාදානස්‌කන්ධය තේරුම් ගනිමු

භවයේ උගුලද අගුලද මෙයමය - පංචඋපාදානස්‌කන්ධය තේරුම් ගනිමු

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'සත්වයා බැඳුණොත් බැඳෙන්නේ පංචඋපාදානස්‌කන්ධයට. සත්වයා නිදහස්‌ වුණොත් නිදහස්‌ වෙන්නේ පංචඋපාදානස්‌කන්ධයෙන්මය' කියලා. භවයට සත්ත්වයාව බැඳ තබන පංචඋපාදානස්‌කන්ධය මාරයා හැටියටත්, භවයෙන් නිදහස්‌ වීම පංචඋපාදානස්‌කන්ධ මාරයාගෙන් නිදහස්‌ වීම කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 

පිංවත් ඔබත්, මමත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌ කල්ප විනාශයන් දස දහස්‌ ගණනක්‌ පසුකරමින් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ අතපසු කොටගනිමින් පැමිණි මේ දීර්ඝ කටුක භව ගමනට ඔබට උපකාරක ධර්මයන් සකස්‌කොට දුන්නේ පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි ඔබ ඇති කොටගත් තෘෂ්ණාව යෑයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 

පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි සත්වයා ඇති කොටගන්නා වූ තෘෂ්ණාවේ ඵලය වශයෙන් සත්වයාට ලැබෙන්නේ මමත්වයේ දැඩිභාවය හෙවත් සක්‌කාය දිට්‌ඨ§යයි. 

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහා සාගරයේ ආශ්චර්යමත් කාරණා කිහිපයක්‌ම තිබෙනවාය කියලා. මහා සාගරය වෙරළින් පටන් අරගෙන ක්‍රමානුකූලව ගැඹුරින් ගැඹුරට යැම ඉන් එක්‌ කාරණාවක්‌. මේ උතුම් ධර්ම රත්නයේ ගමන් කරන පිංවතා මුලින්ම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නමැති වෙරළින් තමයි සද්ධර්මය කියන මහා සාගරයට බැසගන්නේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් සද්ධර්ම ශ්‍රවණයත්, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමත් කියන අර්ථයෙන් පිංවත් ඔබ, මා ආර්ය අශ්ටාංගික මාර්ගයට යොමු කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ තුළ වැඩීමේ ඵලය හැටියටයි පිංවත් ඔබ තුළින් කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්‌ඨාන ධර්මයන් වැඩෙන්නේ. සතර සතිපට්‌ඨාන ධර්මයන් ඔබ තුළින් වැඩීමේ ඵලය වශයෙන් සති, ධම්ම විජය, විරිය, ප්‍රීති, පස්‌සද්ධි, සමාධි, උපේක්‍ෂා කියන සප්ත බොඡ්ජංග ධර්මයන් වැඩෙනවා. සම්මා සම්බුද්ධ ශාසනයේ වෙරළ වන කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් පටන්ගෙන සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්‌ඨාන ධර්මයන්, සප්ත බොඡ්Cධංග ධර්මයන්... මේ සියලුම ධර්මතාවයන් ඔබ තුළ වැඩෙන්නේ රූපය ඇසුරු කොටගෙන පංච උපාදනස්‌කන්ධයක්‌ වශයෙන්මය. මෙතැනදී පිංවත් ඔබ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් පටන් අරගෙන සප්ත බොඡ්Cධංග ධර්මයන් දක්‌වා ඔබ තුළ වැඩෙන ධර්මතාවන්ට බැඳුණොත්, එම ධර්මතාවන් නිත්‍ය වශයෙන් ගත්තොත්, ඔබ ඒ බැඳෙන්නේ පංචඋපාදානස්‌කන්ධයටමය.

මේ කාරණා තුළින් පිංවත් ඔබට වැටහෙනවා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින්, සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින්, නුවණින් මෙනෙහි කිරීම තුළින්, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළත්, සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළත්, සප්ත බොඡ්Cධංග ධර්මයන් තුළත් ඔබ මෙම ධර්මතාවන් නිත්‍ය වශයෙන්, නොවෙනස්‌ වන ස්‌වභාවයෙන් දකිනා මොහොතක්‌ පාසා පංචඋපාදානස්‌කන්ධ මාරයා ඉහත ධර්මතාවන් තුළත් බැසගෙන සිටිනවාය කියන කාරණය.

පිංවත් ඔබ අදක්‍ෂ නම්, ඔබ තුළ වැඩෙන ධර්මතාවන්ට බැඳෙනවා නම්, ආශ්වාදයට යටවෙනවා නම්, පංචඋපාදානස්‌කන්ධ මාරයා බැසගෙන සිටිනවාය කියන කාරණය, සද්ධර්ම ශ්‍රවණය තුළින්, පිංවත් ඔබ තේරුම්ගත යුතුයි. ඔබ අදක්‍ෂ නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළත් පංචඋපාදානස්‌කන්ධ මාරයා බැසගෙන සිටිනවා. 

බුදුරජාණන් වහන්සේ කියන අති උතුම් කල්‍යාණ මිත්‍රයා අනිත්‍ය භාවයට පත්වුණා. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අනාගතයේ යම් දවසක අතුරුදන් වී යනවා. බුදුරජාණන් වහන්සේ තුළ වැඩුණු ආර්ය අශ්ටාංගික මාර්ගය, සතර සතිපට්‌ඨාන ධර්මයන්, සප්ත 

බොඡ්Cධංග ධර්මයන් අනිත්‍ය භාවයට පත්වුණා. පිංවත් ඔබ අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ ඉපදිලා මොන තරම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයන් ලබන්නට ඇතිද. බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහ රහතන් වහන්සේලා යන මේ ලෝක ධාතුවේ දුර්ලභම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඔබ ලබලා තිබෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරලා තිබෙනවා. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරලා තිබෙනවා. නමුත් මේ සෑම අතීත ධර්මතාවක්‌ම අනිත්‍යවූ සංස්‌කාරයන් පමණක්‌මයි. මේ සංස්‌කාරයන් නිත්‍ය වශයෙන් ඔබ ගත්ත නිසාම, ආශ්වාදයක්‌ කරගත්ත නිසාම, එම සංස්‌කාරයන් වෙනස්‌ වුණා, පිරිහුණා, අනිත්‍ය වී ගියා. සංසාරයේ ඔබ මොනතරම් ආර්ය අශ්aaටාංගික මාර්ගය පුහුණු වෙලා ඇතිද? භාවනා පංති ලක්‍ෂ කීයකට සහභාගිවෙලා, සතර සතිපට්‌ඨාන ධර්මයන් පුහුණු වෙන්නට ඇතිද? අතීතයේ සමථ භාවනාවන් පුහුණුවෙලා, සප්ත බොඡ්Cධංග ධර්මයන්වල ආශ්වාදය ජීවිතයට මොනතරම් ලබන්නට ඇතිද? 

නමුත් මේ සෑම ධර්මතාවක්‌ම වෙනස්‌වී ගියා. පිරිහී ගියා, අහිමිවී ගියා, අනිත්‍ය දෙය අනිත්‍ය වශයෙන් නොදැක්‌ක නිසාම, දුක දෙය දුක වශයෙන්, අනාත්ම දෙය අනාත්ම වශයෙන්, අසුබ දෙය අසුබ වශයෙන් නොදැක්‌ක නිසාම පිංවත් ඔබ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේදීත්, සද්ධර්ම ශ්‍රවණයේදීත්, නුවණින් මෙනෙහි කිරීමේදීත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්‌ඨාන ධර්මය, සප්ත බොජ්ජංග ධර්මයන් වැඩීමේදීත්, එම ධර්මයන් තමා තුළින් මෝදුවෙද්දීත්, පංචඋපාදානස්‌කන්ධ මාරයා පිංවත් ඔබව මේ සෑම ධර්මතාවක්‌ම, ආශ්වාදයේ නිත්‍ය වූ සැපයක්‌ බවට පෙන්වා, මෙම ධර්මතාවන් තුළින්ම මමත්වයේ දැඩිභාවය වර්ධනය කොට ඔබව නැවත භවයේම කොටස්‌කරුවෙක්‌ බවට පත්කොට තිබෙනවා. එමනිසා පිංවත් ඔබ දක්‍ෂ වෙන්න ඕනේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, ශ්‍රවණය කළාවූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරමින් මේ ධර්මතාවන්ගේ අනිත්‍ය භාවය දකින්න. 

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Invitation for the First ever Program at the New Aranyaya….

Directions not completed… Click on this  to get google map location

Directions: If coming on southern express highway, take Dodangoda exit, go passing Matugama to Agalawatta junction… Turn right to Pelawatta road.. Near petrol shed at Bellana junction...3km... Pass  Kithulgoda aranya, and Ganegodella temple...

The street view is as below:

https://www.google.lk/maps/place/6%C2%B029'33.0%22N+80%C2%B011'14.1%22E/@6.492511,80.1867028,19z/data=!3m1!4b1!4m5!3m4!1s0x0:0x0!8m2!3d6.492511!4d80.18725

From: Kithsiri Samaranayake
Sent: Wednesday, October 12, 2016 8:04 AM
Subject: Invitation for the First ever Program at the New Aranyaya….

The first ever program at the new aranyaya will be held on this Poya day.….

වප් පොහොය වැඩසටහනට (2016-10-15) කෙරෙන විවෘත ආරාධනාවයි!
නිවන මේමොහොතේදීම යෝගාශ්‍රමය
කෙවිටියාගල, පොල්ගම්පොල.
E-mail :nibbananirwana@gmail.com ,
දුරකථන : 0769145809
වෙබ් අඩවිය :www.nibbananibbana.com
YOUTUBE :
නිවන මේමොහොතේදීම යෝගාශ්‍රමය

Directions: If coming on southern express highway, take Dodangoda exit, go passing Matugama to Agalawatta junction… Turn right to Pelawatta road.. Near petrol shed at Bellana junction...3km... Bus halt named after a soldier... Kithulgoda aranya...

මහරහතුන් වැඩි මග ඔස්‌සේ... චිත්තානුපස්‌සනාව - 9

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
කසපහර තුන්සියය ඉවසන්න පිංවත, මන්ද...
චිත්තානුපස්‌සනාව - 9
පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි ඡන්දරාගය දුරුකිරීමේ මාර්ගය වන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිංවත් ඔබ ගමන් කරලා, මූලිකව ඔබ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවතා, උතුම් සෝවාන්ඵල අවබෝධය සාක්‍ෂාත් කොටගෙන පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි තමන් ඇතිකොටගෙන තිබූ සක්‌කාය දිට්‌ඨිය හෙවත් මමත්වයේ දැඩිභාවය නිරෝධය කොට දමනවා. මේ සක්‌කායදිට්‌ඨිය හෙවත් මමත්වයේ දැඩිභාවය කියන වචනයේ අර්ථය සත්ත්වයාට මොනතරම් දුක්‌ දෙනවාද කියන කාරණය මතුකොට පෙන්වන්න බුදුරජාණන්වහන්සේ මෙහෙම උපමාවක්‌ දේශනාකොට තිබෙනවා. 

'
යම් පුද්ගලයෙක්‌ ඔබට කිවහොත් දිනකට කස පහරවල් තුන්සියය බැගින් අවුරුදු තුන්සියයක්‌ ගෙවීගිය තැන මම ඔබට උතුම් සෝවාන්ඵල අවබෝධය ලබාදෙනවාය කියලා, ඔබ ඒ තියුණු වූද, කටුක වූද, වේදනාකාරීවූද, අමිහිරිවූද දුක වසර තුන්සියයක්‌ විඳලා උතුම් සෝවාන්ඵල අවබෝධය ලබාගන්නට කැමතිවෙන්න'ය කියලා. ඉහත උපමාවෙන් පිංවත් ඔබට වැටහෙනවා ඇති, සක්‌කාය දිට්‌ඨිය කියන අර්ථය පිංවත් ඔබට සංසාරයක්‌ පුරාවට මොනතරම් අමිහිරි දුක්‌ කන්දරාවක්‌ උරුමකොටදී ඇතිද කියන කාරණය. 

තවදුරටත් ඔබ සක්‌කායදිට්‌ඨියට බැඳුණොත්, අනාගත භවගමනේදී තව කොතෙක්‌ කටුක දුක්‌ විඳවන්නට සිදුවේද කියන කාරණය පිංවත් ඔබ නුවණින් දකින්න. වසර තුන්සියයක්‌ දිනපතා කසපහර තුන්සියයක්‌ බැගින් පහරකන මනුෂ්‍යයෙකුගේ තියුණු දුක, වේදනාව, අඳෝනාව, මරණය, ඉපැදීම නුවණින් දකිමින් සක්‌කාය දිට්‌ඨිය, මමත්වයේ දැඩිභාවය කියන අර්ථය කෙරෙහි කළ කිරීම ඇතිකරගන්න.

වරක්‌ බමුණෙක්‌ බුදුරජාණන්වහන්සේගෙන් විමසනවා, භාග්‍යවතුන් වහන්ස උතුම් සෝවාන්ඵලයට පත්වීමට නම්, කුමක්‌ද කළ යුතු කියලා. ඒ අවස්‌ථාවේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්යකාන්ත ශීලය සහ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවතා, උතුම් සෝවාන්ඵලයට පත්වෙනවාය කියලා. දෙවැනුව, බමුණා විමසනවා 'යම් පිංවතෙක්‌, උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබුවාට පසුව කුමක්‌ද කළයුත්තේ?' කියලා. එවිට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'යමෙක්‌ සෝවාන්ඵලයට පත්වුණාට පස්‌සේ, ඔහු තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ගැන හෝ ඔහුගේ ආර්යකාන්ත ශීලය ගැන ඔහුට ප්‍රශ්නයක්‌ නැහැ. එම ධර්මයන් පරිපූර්ණයි. ඔහු දැන් කළයුත්තේ තමන් අනිත්‍ය වශයෙන් දැක්‌කාවූ පංචඋපාදානස්‌කන්ධය නැවත නැවත අනිත්‍ය වශයෙන්ම දකිමින් ජීවත්වීමය' කියලා. ඔහු පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත දකිමින් සිටින විට, එම පිංවතා උතුම් සකෘදාගාමී ඵලයට පත්වෙනවා. සකෘදාගාමී ඵලයට පත්වුණ පිංවතාත් නැවත නැවත පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙනකොට ඔහු උතුම් අනාගාමී ඵලයට පත්වෙනවා. අනාගාමීඵලයට පත්වූ පිංවතා නැවත නැවතත් පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකිමින් සිටිනවිට එම පිංවතා උතුම් අරිහත්ඵල අවබෝධයට පත්වෙනවා. උතුම් අරිහත්ඵල අවබෝධය ලැබූ රහතන්වහන්සේ තමන් අවබෝධකොට ගත්තාවූ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය විවේකීව නැවත නැවත ආවර්ජනය කරමින් සිටිනවාය කියලා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරන ඉහත ධර්මයෙන් පිංවත් ඔබට වැටහෙනවා සෝවාන් ඵලයට පත්වෙන පිංවතා පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිනවා උතුම් අරිහත්භාවයට පත්වෙන රහතන්වහන්සේ මුලින්ම තමන් අනිත්‍යවශයෙන් දැක්‌ක පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය උතුම් ඥානදර්ශන තුළින් අවබෝධකොටගෙන පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. උතුම් අරිහත්ඵල අවබෝධයේදී පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකොටගෙන සම්මා විමුක්‌තිය සාක්‍ෂාත්කොටගන්නවා. උතුම් සෝවාන්ඵලයේදී පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. උතුම් අරිහත්ඵල අවබෝධයේදී පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකොට ගන්නවා. 

පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය නොදකින පිංවතා, නිරතුරුවම රූපය මමය කියලා ගන්නවා. වේදනාව, සංඥාව, චේතනාව, විඤ්ඤාණය මමය කියලා ගන්නවා. මගේ ආත්මය කියලා ගන්නවා. නොවෙනස්‌ වන රූපයක්‌, නොවෙනස්‌ වන වේදනාවක්‌ තිබෙනවාය කියලා ගන්නවා. සැප දුක්‌ විඳිනා ආත්මයක්‌ තිබෙනවාය, එම ආත්මය තුළ මම සිටිනවාය කියලා දකිනවා. මේ සක්‌කායදිට්‌ඨියේ දැක්‌ම නිසාම, උපදින අයෝනිසෝමනසිකාරය පිංවතුන්ට නැති ආශ්‍රවයන් ඇතිකොටදෙනවා, ඇතිආශ්‍රවයන් වර්ධනයකොට දෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ
ඉදිරිපත් කිරීම 
indrajith.media@gmail.com

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, June 2, 2016

චිත්ත විශුද්ධි පදනම - Updates 2016, ජුනි

  •  පානදුර නගර ශාලාවේදී පවත්වන පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවන මාසික වැඩසටහන් මාලාවේ ධර්ම දේශනා සඳහා මෙම යෙදුම භාවිතා කරන්න.   
  • 2016-05-29 දින,  කොළඹ  විපස්සනා භාවනා මද්‍යස්ථානයේදී, පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ  සහ පුජ්‍ය උඩුදුම්බර සෝභිත ස්වාමින් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා සඳහා මෙම යෙදුම භාවිතා කරන්න.   

  • පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ 2016 ජුනි මස පැවැත්වීමට නියමිත වැඩසටහන් මේ සමග අමුණා ඇත

තෙරුවන් සරණයි !!

--

චිත්ත විශුද්ධි පදනම

To no longer receive these updates, mail to chiththa.vishuddhi@gmail.com with subject Unsubscribe.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

ඒ සතුට ඔබේ සැපය උදෙසාම හේතු වේවි.

​

--
තෙරුවන් සරණයි !
--

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, May 24, 2016

FW: Illusion

භූතයන්ගේ ආස්වාදයත්, අදීනවයත්, හටගැනීමත්, නැතිවීමත්, ඒවායින් මිදීයාමත් දැනගැනීම යථාභූත ඥාණයයි. භූතයෝ පංචඋපාදානස්ඛන්ධයි.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, April 28, 2016

රස වෙස් ගත් වස