Wednesday, March 29, 2017

යශෝදරා...

 

ඇය එතැන සිටියාය... ඇය සුමිත්තා විය... අයිතිවාසිකම් නොපතා නිවනම පැතුවාය...

 

ඒ දීපංකර සම්බුදු රදුන් මහා සඝ ඝන පිරිවරා වඩිනා මොහොතයි...මුහුණ පුරා රැවුල් වැවු තවුසෙක් මඩ ගොඩක වැතිරී ගෙන සිටියි..ඒ තවුසාණන් මහා හඩින් ඒ රන් කදක් මෙන් වඩින සම්බුදු රදුන්ට ඇරයුමක් කරයි...එය එසේ මෙසේ ඇරයුමක් නොවන්නේය..""ස්වාමින් ඔය රෝස පැහැ සිරිපතුල් පද්මයන්හි මඩ නොතැවරේවා!!! මගේ පිට මත්තේ වඩීවා...දීපංකර සම්බුදු රජාණෝ මෙි අභීත වචන කියන්නේ කවුදැයි විමසන්නෝය....ඒ සම්බුදු නුවණට ගෞතම නම් සම්බුදු රජෙකු හසුවන්නේය...මෙි දැන් තමන් ඉදිරියේ සිටින්නේ ඒ වීර පුරුෂරත්නයයි...එදා දීපංකර සමුබුදු රදුන් සියල්ලන් ඉදිරියේ සිංහනාද කලෝය... මෙි තවුසා මතු බුදු වන්නේය... ගෞතම නමින් තුන්ලොව වසග කරන්නේය....

 

මේ සියල්ල සිදු වන අතරෙ එතැන් එක් සුන්දර යුවතියක් සිටියාය ඇය සුමිත්තාය...සම්බුදුන් පුදන්නට ඇය අත උපුල් මල් මිටි 8කි...ඇය එදා එතැන සිදු වූ සියල්ල දුටුවාය...කිසිවෙකුටවත් නොදැනී ඇය සිතින් පැතුමක් පැතුවාය...""අනේ මටත් ඉපදෙනා හැම වාරයකම මෙි මහා වීර පුරුෂයා සමග ඉන්නට ඇත්නම්""....සියල්ලන් බලා ිටියදී ඇය දීපංකර සම්බුදු රදුන් පා මුල වැද වැටුනෝය...ස්වාමීන් මට ඔබ වහන්සේට දේන්නට දෙයක් නැත..මං ගෙනා මෙි මල් මිටි 8න් 5ක් ඔබ වහන්සේට පූජා වෙිවා....ඉතිරි මල් මිටි 3 මෙි මහා වීර තවුසාණන්ට පූජා වෙිවා...කියා ඇය මල් මිටි 3ක් සුමෙිධ තවුසාණනන්ට පූජා කොට රහසේම පැතුමක් පතන්නීය...මා සසර පුරාවට ඔහුගේම වෙිවා.....එතැන් පටන් ලොවක් සුවපත් කල මහා පොළොවක් කම්පා කල සුන්දරම ආදර කතාව ඇරඹෙන්නේය...එතැන් පටන් ඇයට සසරේදී අන්නත දුක් විදින්නට සිදු වන බව දැන දැනත් ඇය ඔහුවම පැතුවාය...එතැන් පටන් ඔහු ඇයගේම විය....ඔහු සද්දන්ත හස්තියා වන විට ඇය සුභද්දා ඇතින්නියයි...ඔහු සදකිදුරා වන විට ඇය  ප්‍රේමණිය කිදුරියයි....ලේන කුලේ ඔහු උපන් විට ඇය ද ලේනිය වී ඔහු පසු පසය...ඔහු වෙනුවෙන් ඇය අනන්ත දුක් වින්දේය...ඒත් ඇය වචනයකින්වත් ඔහුගේ සිත නොරිද්දුවාය...වෙසතරු වතෙහි ඔහු දරුවන් දන් දෙන්නේය...ඇය දරුවන් විමසන්නීය...මා දරු දෙදෙනා දන් දුන්නේය ඔහු කියන්නේය...ඇය සිහිසුන් වන්නීය...ඇය නැවත නැගිටින්නීය...""ස්වාමීන් මගේ දරුවන් කොහිද""..."ප්‍රියාවෙනි දරුවන් දන් දුන්නේය"...ඇය නැවත සිහිසුන් වන්නීය....පිස්සියක් සේ හඩන්නීය...ඒත් ඇය වචනයක්වත් නොකියන්නීය....ඔහු ඇයවද දන් දෙන්නේය...ඒත් ඇය නිහඩය.....ඇය ගැලපුනේ ඔහුටම පමණි...සසර පුරාවට ඇය ඔහුව රැක්කේය...ස්වාමීනි මෙි සසර පුරාවට මා ඔබවහන්සේත් සමග පැමිණියෙමි...සසර පුරාවට මා අතින් යම් වරදක් වූවානම් සමා වුව මැනවි...අවසන ඇය අවසන් වරට ඒ සිරිපතුල් වැන්දාය...සාරඅසංඛ්‍ය කල්ප ලක්ෂයක්  පුරාවට මහපොළොවද කම්පා කරවූ ඒ අසිරිමත් ප්‍රෙම වෘතාන්තය...ලොවක් සුවපත් කලෝය...යශෝදරා....ඇය සසර පුරාවටම ඔහුගේම විය....ඇය ගැලපුනේ ද ඔහුටම පමණි...ඔහු ගැලපුනේද ඇයටම පමණි...පෑව සෙනේ ඔබ මිස වෙන නැති යශෝදරා...

 

***බ්‍රහ්මදේව නම් බුදුන් දවස මනොප්‍රනිධානය ආරම්භ කළ භවයේ පටන් යශෝධරා දේවියද නොයෙක් ආත්මභාවයන් ලබමින් බෝධි සත්වයන් වහන්සේ දීපංකර බුදුන් ගෙන් නියත විවරණ ලැබුවාසේම විවරණ ලබන ලදී ...ඒ සඳහා දීපංකර බුදුන් වඩින මඟට ගොස් මානෙල් මල් අට මිටක් පුදා සුමේධ තවුසන් බුදුවන භවයේ යස්හදරා දේවිය වීමටත් ,රාහුල නම් පුතණුවත් තම කුසින් වඩා දීමට ප්‍රාර්ථනා කාලය ... බුදුරදුන් නියත විවරණ දී වදාළ සේක ...දීපංකර බුදුන් දවස යශෝදරා දේවිය සුමිත්‍රා නම් පරිබ්‍රාජිකාවක ලෙස පැවිදිව සිල් රක්ෂා කරමින් සිට නියත විවරණ ලබන ලදී ....

 

 

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ

යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා

පෙර සංසාරේ ඇසුර මතක් වී...

 

ලේන කුලේ සිට ආගිය මඟ තොට

සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ

පසු පස ආවා සෙවනැල්ලක් වී...

 

තැලී සෙනේ සිත සැලී හඬන විට

වැටී දෙපා ලඟ යශෝදරාවෝ

පිපී නිවන් මල් සාධුකාර දීනිවී පහන් විය උදෑසනක් සේ..

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, March 13, 2017

උපන්දින කේක් ගෙඩියේ සැඟවුණු මාරයා : Danger of Food Colouring (READ CAREFULLY)

 

 

උපන්දින කේක් ගෙඩියේ සැඟවුණු මාරයා : Danger of Food Colouring

                      අම්මි  ගොඩාක් ආදරේ හින්දයි......

 

 

 

පහල ගෙදර චූටි බබාගේ උපන්දිනේ..වටපිට ඉන්න තවත් ඒ වගේ සුරතල් පැටව් නෑදෑයෝ වටකරගෙන හරිම ලස්සන සාදයක්..

 

හැමෝගෙම හිත ඇදිලා ගියේ ගේ මැද්දේ ලස්සනට තියපු උපන්දින කේක් ගෙඩියට..සුරංගනා කතාවේ රාජ කුමාරි කේක් ගෙඩියක් වෙලා කුමාරිගේ ලස්සන පාට පාට තට්ටු තට්ටු ගවුම ඒ විධියටම හැඩ  කරලා චූටිට තියෙන ආදරේ වැඩිකමට….

රතු පාට..නිල් පාට..කහ පාට..කේක් ගෙඩිය කපන තුරු පුංචි උන්ට ඉවසිල්ලක් නැහැ..කේක් කන්න නෙමෙයි..පාට පාට  අයිසින් ටික තරඟෙට කන්න....

 

''ආනේ හරි ලස්සන කේක් ගෙඩිය..කොහෙන්ද ගත්තේ මගේ බබාගේ උපන්දිනේ එන සතියෙනේ..''

 

එහෙම අහන්නේ තවත් අම්මා කෙනෙක්..

 

''ඔයා දැක්කේ  නැද්ද ගිය මාසේ අපේ බබාගේ කේක් එක?'' තව අම්ම කෙනෙක් ලඟදි පැවතුනු සාදය ගැන කතාව.....

 

 උපන්දිනේ අවුරුද්දට එක දවසක්  කියා හිතුවත් දැන් බලාගෙන ගියාම මාසෙකට පාට පාට කේක් කැපෙන සාද දෙක තුනකටවත් මේ පුංචි එවුන් යන පාටයි.. ඒ විතරක් යයි.....   පෙර පාසැලේ දරුවන්ගේ උපන්දින වලට සතියට දෙතුන් වතාවක්වත් පාට පාට අයිසින් කේක් වරදින්නේ නැහැ ..

සාදය මැද්දේ යන අතුරු කතාවක්..පෙර පාසැලේ චුටි දුවක් ගැන..

 

''දන්නවද අර ''අරලියා'' පන්තියේ සෙනාලි බබා..ආයේ අසනීප වෙලා මහරගම ගෙනිහින්..ලේ පිලිකාවක්ලු.. ''

 

''අයියෝ අහනකොට බයත් හිතෙනවානේ..මොකද බබා..යන්නකෝ සෙල්ලම් කරන්න ආ මෙන්න ඔයාට රතු පාට කේක් කෑල්ලක්, ෂෝයි නේ?''

 

අද වන විට පිළිකාව පැතිර යන්නේ සෙම්ප්රතිශ්යාව කැස්ස හා සමාන වේගයට. ළමයින් සඳහා වන පැණිරස ආහාර, කෘත්රීම බිම වර්ග, කේක් සඳහා යොදා ගන්නා  ආහාර වර්ණක ලමා පිළිකා සඳහා ප්රධානම  හේතුවක් බව මේ වන විට සොයාගෙන තිබෙනවා..

 


පිළිකා පමණක් නොවෙයි තවත් ඒ හා සමාන ළමයින්ට බලපාන රෝග ගණනාවකම හේතු කාරකය උපන්දින කේක් කැබැල්ලෙන්..පාට පාට ජෙලි, පෑන් කේක් සහ වෙනත් අතුරුපස වර්ග වලින් දරුවාට අම්මාගේ ආදරයත් සමඟ ලබා දෙන බව ඔබ දැන සිටියාද?

 

විවිධ වර්ණ වලින් කුඩා  බෝතලයක අසුරා, කෘතීම සුවඳ ඔබ්බවා සුපර් මාර්කට් රාක්කයෙන් ඔබ අතට එන ආහාර වර්ණක වල අඩංගු මොනවාදැයි  ඔබ දන්නවාද?

 

බොරතෙල් මගින් ඛනිජතෙල් නිෂ්පාදනයේදී ඇතිවන ප්ලාස්ටික් වලට සමාන අතුරුපලයක් (unrefined petroleum) යොදා ගනිමින් නිපදවෙන ආහාර වර්ණක ලේබලයේ අවාසනාවකට ඒ සම්බන්ධව ලියවෙන්නේ නැහැ

 

දරුණු පිළිකා කාරක අඩංගු බවට ඇති මහා පරිමානයේ සාක්ෂි නිසාම දියුණු රටවල ලේබලයේ මේ බව සඳහන් කිරීම නීතිමය කටයුත්තක් වුනත් අදටත් බොහෝ රටවල සිතා මතාම මේ බව නොසලකා හරිනවා.. ආහාර සම්බන්ධ නීති රීති තදින්ම  ක්රියාත්මක වන ඔස්ට්රියා සහ නොර්වේ යන රටවල ආහාර වර්ණක සම්පුර්ණයෙන්ම නීතියෙන් තහනම් කර තිබෙන්නේ මේ හේතුව නිසා..

 

ලංකාව සහ ඉන්දියාව වැනි ආහාර ප්රමිතියක් නැති   ආසියානු රටවල භාවිතා වන ආහාර වර්ණක වෙනත් රටවලටත් වඩා පහත් මට්ටමේ  පවතින බවත් , පිළිකා කාරක සහ වකුගඩු රෝග වලට මුල් වන විස රසායන වලින් සංතෘප්ත බවත් පැවසෙනවා.  

 

පුංචි ළමයින් වැඩියෙන්ම කැමති පාටවල් වන්නේ රතු සහ කහ. මේ පාට දෙක සැකසීමට ගන්නා  වර්ණක වල පිළිකා කාරකයක් ලෙස ලොවම හඳුනන benzene අඩංගු වෙනවා

 

කේක් වර්ග, බූන්දි වැනි  පැණි රස ආහාර සහ බිම වර්ග සඳහා රතු සහ කහ වර්ණ වර්ණක නැතිවම බැහැ. පුංචි සුරතලාගේ මාරයා ඔහුට/ඇයට   උපන් දින කේක් කැබැල්ලෙන්, පාට පාට අතුරුපසින්, අයිස් පලමෙන් ආදරයත් සමඟ ලබා දෙන්නේ ඔබම බව දැන් වැටහෙනවා නේද?

 

''ඉස්සර ළමයි වගේ නෙමෙයි දැන් ළමයින්ට හරිම විසේ..''

 

අම්මලා නිතර කියන කතාවක් මේ.. හැසිරීමේ අසාමාන්යතා  ඇති කරන  Attention Deficit Hyperactivity Disorder (ADHD) නමැති රෝගය අද වන විට ලොව පුරා දෙමව්පියන්ට මහත් හිසරදයක් වෙලා. මොලයේ ක්රියාකාරිත්වයට සම්බන්ධ ඩොපමින්  නම් රසායනයේ ඇති අසමතුලිත බවක් නිසා හැසිරීමේ වෙනස්කම් ඇතිකරන මෙම රෝගයට හේතුව කුඩා දරුවන්ට  පැණි රස ආහාර සමඟ කැවෙන ආහාර වර්ණක බව අද වන විට සොයා ගෙන තිබෙනවා.

 

''දැන් ඉන්න පුංචි  එවුන් හරියට පැහිලා..අපේ කාලේ අපි දන්නෙවත් නැති දේවල් උන් දන්නවා..''

 

''කන්දේ උඩ  ගෙදර චුට්ටි ලොකු ළමයෙක් වෙලා දන්නවද? පව් අප්පා කෙල්ලට කෙල්ලට තාම අවුරුදු නමයක්වත් නැහැ ''

 

මේ වගේ කතා බහ අද වෙනකොට හරිම සාමාන්යයි..නමුත් මේ මට්ටමට දරුවන් පත් කලේ තමන්ම බව දෙමව්පියන් නොදැනීම අපේ කාලේ දෙමව්පියන්ගේ ඛේදවාචකයක්..පාට පාට අයිසින් කේක්, රස කැවිලි මගින් දරුවන්ට ලිංගික හෝර්මෝන නොදැනුවත්වම ලබා දෙන්නේ ඔබ විසින්මයි.

 

කහ සහ රතුපාට  ආහාර වර්ණක තුල ඊස්ට්රජන් නමැති ලිංගික හෝර්මෝනය අඩංගු බව පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. ඊට අමතරව කුකුලන්ට, ගවයන්ට, හරකුන්ට  ලබා දෙන හෝර්මෝන නිසා සියලුම මස් සහ මස් නිෂ්පාදන මගින් දරුවන්ට අධික ලෙස ලිංගික හෝර්මෝන ඇතුළු වෙනවා..මේ නිසා තමයි වයසට පෙර ඔවුන්ට ලිංගික පර්යේෂණ කිරීමේ අවශ්යතාවයන් සහ අඩු වයසින් වැඩි විය පැමිණීම සිදු වෙන්නේ..

 

 

ආහාර වර්ණක දරුවන්ට පමණක් නොවෙයි වැඩිහිටියන් ඇතුළු සියලු දෙනාටම මාරාන්තික පිළිකා ඇති කරන සුළුයි.පහත සටහනේ දැක්වෙන්නේ ඒ ඒ  වර්ණ මගින් ඇතිවෙතැයි සොයාගෙන ඇති විශේෂිත පිළිකාවන්.

 

 

නිල්:

 

Brilliant Blue: වකුගඩු පිළිකා, වකුගඩු අක්රියවීම

Indigo Carmine Blue: මොලයේ  පිළිකා

 

රතු:

 

Citrus Red:  මුත්රාශයේ පිළිකා

Erythrosine: තයිරොයිඩ් ග්රන්තියේ පිළිකා (අධික විෂ නිසා තහනම් කර ඇති වර්නයකි)

Allura Red: ශරීරයේ ඕනෑම ස්ථානයක පිලිකා  ඇති කල හැක. ඉහත සඳහන් කල දරුවන්ගේ හැසිරීමේ රෝග සඳහා හේතුවන්නේ මෙම වර්ණයයි. ප්රතිශක්තිය දුර්වල කරයි.

 

කොළ:

Fast Green:  මුත්රාශයේපිළිකා

 

කහ:

 

Tartrazine yellow සහ Sunset Yellow : ශරීරයේ ඕනෑම ස්ථානයක පිලිකා  ඇති කල හැක. ඉහත සඳහන් කල දරුවන්ගේ හැසිරීමේ රෝග සඳහා හේතුවන්නේ මෙම වර්ණයයි. ප්රතිශක්තිය දුර්වල කරයි.

 

වෙළඳපොලේ ආහාරයට වර්ණක අවශ් ඇයි?

 

කල් තබා ගැනීමට

ආහාරයේ සැබෑ ස්වරුපය වසා ගැනීමට

ආහාරයේ අඩංගු නොවන ගුණයක් ඇති බව පෙන්වීමට

කල් ගත වනතුරු රසය පවත්වා ගැනීමට

අලංකාර  පවත්වා ගැනීමට  

 

 

නමුත් ගෙදරදී නම් කුඩා දරුවාට තමන් අධික ලෙස ආදරය කරන බව පෙන්වීම සහ අන් අය අතර කැපී පෙනීමයි..ආදරයේ නාමයෙන් ඔබේ සිඟිත්තාට ඔබම මරු කැඳවනවාද ? තීරණය ඔබ සතුයි.


නිවසේදීම ස්වභාවික ආහාර වර්ණ සකසා ගන්න ආකාරය ඊළඟ ලිපියෙන් 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, March 2, 2017

නිවනම අරමුනුකරගනිමින් ඉදිවන යෝගාශ්‍රමයක් සඳහා ඔබගේ අධාරය අවශ්‍ය වේ ඇත

Hi,

Within the 6~7 months, the aranyaya has been brought to a reality from the idea. Added to the two "Bhikshu Kuti" constructed for last year "was season", another bhikshu kuti, the dharma shala, dana shala, dormitories and wash rooms are at their final stage of construction. Over 300 devotees observe sil on poya days and over 40 yogis attend 3-5 day residential programs with the available minimum facilities.

Much merits for those who contributed towards this worthy case. If anyone missed to contribute, or like to contribute more, you can help complete the aranyaya soon.

With Meththa

Kithsiri

These are few pictures I took last Sunday.

 

 

 

 

 

 

Third "Bhikshu kuti" constructed in the "outer seema"

 

Ground floor of female dormitory is completed and the upper floor under construction as the ground floor is overcrowded when there are residential programs…

 

 

Male dormitory is under construction on the "dana shala"…

 

"Dana shala" is almost completed is being used now…

  

 

"sakman malu"

 

This ground was being prepared for a new set of "sakman malu"

 

 

 

 

 

From: Kithsiri Samaranayake
Sent: Wednesday, September 28, 2016 5:17 PM
Subject: RE:
නිවනම අරමුනුකරගනිමින් ඉදිවන යෝගාශ්‍රමයක් සඳහා ඔබගේ අධාරය අවශ්‍ය වේ ඇත

 

Hi Friends in Dhamma,

Some update about the work in progress on aranyaya construction found @ නිවන මේමොහොතේදීම යෝ. සමාජිකත්වය ලබාදීම හා ඉදිකිරීම් කටයුතු පිළිබද කරන ලද වැඩ සටහන 02 (2016 09 17) - Duration: 2 hours, 59 minutes.

Those who contributed or want to contribute, can get an idea about the work going on there.

If you haven't contributed yet and willing to donate towards this, please handover it to me or Amaranath(amnalk) before this Friday.

With Metta

Kithsiri

·          

නිවන මේමොහොතේදීම යෝගාශ්‍රමය

නිවන මේ මොහොතේදීම අත්දැකිය හැක්කක්, අත්විඳිය යුත්තක් බව අනාත්මයෙන් අවබෝධවුනාවූ පිංවතුන් වෙනුවෙන් නිරෝධවුනාවූ මෙම සංඥා කිසිවක් මම නොවේ / මගෙ නොවේ / මගෙ ආත්මය නොවේ.

http://www.nibbananibbana.com

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Friday, February 24, 2017

මොනවද මේ නාම-රූප

 

මොනවද මේ නාම-රූප

දීඝ නිකායේ තියෙන මහා නිදාන කියන සූත‍්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ හරිම ආශ්චර්යවත් ආකාරයට පටිච්ච සමුප්පාදය විග‍්‍රහ කරනවා. තෘෂ්ණාව නිසා සමාජයේ අඬදබර, කලකෝලාහල, මිනීමැරුම් ආදී ලෞකික ප‍්‍රශ්න සිදුවෙන හැටි, ඊළඟට ඒ තෘෂ්ණාව නිසාම ඔහුගේ භව ගමන හැදෙන ආකාරයත් එහි හරිම ලස්සනට විස්තර වෙනවා. ඒකේ පුදුම සහගත විග‍්‍රහයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නේ ''සළායතන පච්චයා ඵස්සෝ" කියලනේ. නමුත් මේ දේශනාවේ ''නාමරූප පච්චයා ඵස්සෝ" කියලා විස්තර වෙනවා. අපි සාමාන්‍යයෙන් පොදුවේ අහලා තියෙන, පුරුදුවුණ දේ තමයි සළායතන හේතුවෙන් ස්පර්ශය ඇතිවෙනවා කියන එක. නමුත් මේ දේශනාවේ තියෙන්නේ නාමරූප හේතුවෙන් ස්පර්ශය ඇතිවේ කියලයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ 'නාමරූප ප‍්‍රත්‍යයෙන් ස්පර්ශය ඇතිවේ' කියන එකට හරි ගැඹුරු විග‍්‍රහයක් කරනවා. උන්වහන්සේගේ දේශනාවල මේ සම්බන්ධයෙන් ඒ විදිහේ විග‍්‍රහයක් තියෙන්නේ මේ දේශනාවේ විතරයි. හරි පුදුමයි, උන්වහන්සේ විස්තර කරන විදිහ.

 

මේක තේරුම් ගන්න නම් සූත‍්‍ර දේශනාවේ නාමරූප ගැන තියෙන විග‍්‍රහය දැනගන්න  ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල නාම කියලා විස්තර කරලා තියෙන්නේ වේදනා, සඤ්ඤා, චේතනා, ස්පර්ශය, මනසිකාරවලටයි. රූප කියන්නේ සතර මහා ධාතුත්, සතර මහා ධාතූන්ගෙන් හටගත්තු දේත්. එතකොට මේකේ තියෙන්නේ නාමරූප පච්චයා ඵස්සෝ නාමරූපයෙන් ස්පර්ශය හටගන්නවා කියලයි. මේකෙදී බුදුරජාණන් වහන්සේ නාමකායේ පටිඝ සම්ඵස්සය, රූපකායේ අධිවචන සම්ඵස්සය කියලා විශේෂ වචන දෙකක් දේශනා කරනවා.

අපි ඒක මෙහෙම තේරුම් ගනිමු. අපි එක එක දේවල් එක එක නම්වලින් අදහස් කරනවානේ. 'අලියා විශාලයි…' ඔන්න දැන් අපි විග‍්‍රහයක් කළා. ඒක නාමකායේ පටිඝ සම්ඵස්සයක්. එතකොට නාමකායේ පටිඝ සම්ඵස්සය කියන්නේ ඒ විශාලත්වය පෙන්නුම් කරන එකක්. ඒක  ඕලාරිකව පෙන්නුම් කරන එකක්. අපි 'අලියා විශාලයි' කිව්වහම ඒක පෙන්නුම් කරන එකක්. අපි කියනවා 'කූඹියා පුංචියි.ඒකත් පෙන්නුම් කරන එකක්. එතකොට නාමකායේ පටිඝ සම්ඵස්සය කියන්නේ නාමකාය පිළිබඳව ගොරෝසු විදිහකට පෙන්නුම් කරන එකක්.

ඒ වගේම ඒකේ පෙන්වා දෙනවා, නාමකායේ පටිඝ සම්ඵස්සයක් ඇතිවෙන්නේ රූපයක් තිබ්බොත් විතරයි. දැන් 'කූඹියෙක්'ය කියලා කෙනෙක් හිටියොත් තමයි අපට නමක් දාන්න පුළුවන් වෙන්නේ. කූඹියෙක් කියලා කෙනෙක් නැත්නම් අපි මොකේට නමක් දාන්නද? අලියා කියලා කෙනෙක් හිටියොත් තමයි 'අලියා විශාලයි' කියලා කියන්න පුළුවන් වෙන්නේ. අලියා කියලා කෙනෙක් නැත්නම් එහෙම කියන්නේ මොකකටද? අන්න ඒකටයි නාමකායේ පටිඝ සම්ඵස්සය කියන්නේ.

 

ඊළගට බුදුරජාණන් වහන්සේ රූපකායේ අධිවචන සම්ඵස්සය විස්තර කරනවා. දැන් අපි 'අලියා විශාලයි' කියලා කිව්වා. ඒ නාමකායේ පටිඝ සම්ඵස්සය. අලියා විශාලයි කිව්වාට පස්සේ අපි ඒ ගැන කතා කරනවා. දැන් අපට ඒක එන්නේ සඤ්ඤාවකින්නේ. එතකොට අපි දැන් සැබෑම අලියෙක් දකිනවා. සැබෑම අලියෙකුගේ රූපකාය දකිනවා. එතකොට 'ආ.. මෙන්න අලියා' කියලා අපට පෙන්වන්න පුළුවන්. ඒ රූපකායේ අධිවචන සම්ඵස්සය. ඒ රූපයට තමයි නම ආවේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, අපි රූපයක් දිහා බලලා ඒ රූපයට නමක් දානවා. ඒ විදිහට නමක් දැම්මට පස්සේ අපි ඒ නම කතා කරද්දී රූපය තමයි එන්නේ. රූපය පෙන්නද්දී නම තමයි එන්නේ.

 

එතකොට ඒක තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. විඤ්ඤාණය ප‍්‍රත්‍ය කරගෙනනේ නාමරූප කි‍්‍රයාකාරීත්වය තියෙන්නේ. නමුත් අර විග‍්‍රහය නැත්නම් නාමකායේ පටිඝ සම්ඵස්සයත්, රූපකායේ අධිවචන සම්ඵස්සයත් කියන ක‍්‍රමය නැත්නම් අපට ව්‍යවහාරයක් නැතුව යනවා.

එතකොට මේ ව්‍යවහාරය තුළ හැමදේම සිද්ධ වෙන්න උපකාරී වුණේ යම්කිසි භෞතික දෙයක් තිබීම සහ ඒ භෞතික දේ හඳුන්වන්න ව්‍යවහාරයක් තිබීම. භෞතික දේ හඳුන්වන්න ව්‍යවහාරයක් නැත්නම් අපට ඒක ගනුදෙනු කරන්න බැහැනේ. දැන් අපි යමක් ගනුදෙනු කරන්නේ ඒකට සම්මත කරගෙන. ඒ විදිහට සම්මත කළේ නැත්නම් අපි ඒ ගැන මොකක්වත් දන්නේ නෑ. එහෙම නම් ඒ සම්මත කිරීමෙන් තමයි අපි ව්‍යවහාර කරන්නේ. එතකොට ඒක තමයි ස්පර්ශය වෙන්නේ. එතකොට අපට ස්පර්ශය වෙන්නේ මේ හිතේ හටගත්ත සඤ්ඤාවයි, භෞතික දෙයයි. එතැනදී සළායතන එන්නේ නෑ. ඒක බුදුරජාණන් වහන්සේ ගැඹුරින්ම දේශනා කළා. කෙනෙක් හොඳ සිහියෙන් බැලූවොත් එයාට තේරෙනවා, 'එහෙම නම් මේ තියෙන්නේ සම්මුති ගොඩක්. අපි ඒ ඔක්කොම දකින්නේ සම්මුති ගොඩක් එක්කයි' කියලා.

දැන් අපි ගත්තොත් මීට අවුරුදු තිහකට වගේ කලින් අපි දන්නේ නැති ලෝකයක් තමයි, මේ නවීන තාක්‍ෂණය හරහා අද අපට ලැබිලා තියෙන්නේ. ඒකත් එක්ක මේ එක එක කෑලිවලට නම් ආවා. එහෙම නැත්නම් අපි ඒ වචන පාවිච්චි කරන විදිහ දන්නේ නෑනේ. දැන් පරිගණක භාවිතයත් එක්ක, අලූත් තාක්‍ෂණයත් එක්ක අලූත් වචන ගොඩකුත් එනවා. ඒ වචන පාවිච්චි කරමින් තමයි අපි ඒ දේවල් පාවිච්චි කරන්නේ. දැන් අපි ගනිමු 'මවුස් එක.' 'මවුස්' එක ගැන දන්නේ නැති කෙනාට සාමාන්‍යයෙන් සඤ්ඤාවට එන්නේ මීයෙක්නේ. ඒකෙන් අපට හොඳට තේරෙනවා, මේක ව්‍යවහාරයේ සම්මුතියෙන් තියෙන එකක්. අපට මේ සම්මුතිය තේරුම් ගන්න බැරි නිසයි අපි අමාරුවේ වැටිලා කෙලෙස් උපදවාගෙන විඳවන්නේ. නමුත් මේ ලෝකයේ යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන පටිච්ච සමුප්පාදය හරි විදිහට ඉගෙන ගත්තා නම්, එයා සංසිඳුණු කෙනෙක් බවට පත්වෙනවා. එයා ඇවිස්සුණු කෙනෙක් වෙන්න බෑ. මොකද, එයාට සසර ගැන යමක් තේරිලානේ. ඒ නිසා ඒ කාරණය දැනගෙන සිටීම හරි වටිනවා.

 

සෝතාපන්න අය තුළත් වෙනස්කම්

බුදුරජාණන් වහන්සේ සෝතාපන්න වුණු අය 'ඒකබීජ, කෝලංකෝල, සත්තක්කත්තුපරම' කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. එතකොට අපට පේනවා, මනුෂ්‍යයන් හැටියට අපට යම් යම් කුසලතා තියෙනවා. කෙනෙකුට මේ කුසලතා වැඩිපුර තියෙනවා. කෙනෙකුට අඩුවෙන් තියෙනවා. අපි ගත්තොත් මැරතන් දුවද්දී ඔක්කොම එකම වේගයෙන් පටන් ගන්නවා. නමුත් එකම වේගයෙන් පටන් ගත්තාට පළවෙනි, දෙවෙනි රවුම් යද්දී එක්කෙනෙකුගේ වේගය බාල වෙලා. ඊළඟ එක්කෙනා ඊටත් වඩා බාල වෙලා. ඔය අතරේ තව කෙනෙක් වේගය වැඩිකර ගන්නවා. ඔය වගේ එක එක්කෙනාගේ ගුණාත්මකකම් වලත් වෙනස්කම් තියෙනවා. මානසික ධර්මයන්ගෙත් වෙනස්කම් තියෙනවා. යම් කෙනෙක් සෝතාපන්න වෙනවා කියන්නේ ශ‍්‍රද්ධාව, වීරිය, සිහිය, සමාධිය, ප‍්‍රඥාව ආදී මේවායේ වර්ධනය කරගැනීමේ අවස්ථානේ. ඒ තුළත් වෙනස්කම් දක්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ 'ඒකබීජ, කෝලංකෝල, සත්තක්කත්තුපරම' කියලා සෝතාපන්න වූ පුද්ගලයන් තුන්දෙනෙක් ගැන සඳහන් වෙනවා. 'ඒකබීජ' කියන්නේ සෝතාපන්න වෙලා ඉන්නවා. එයා ආයේ එක වතාවක් උපදිනවා. ඉපදිලා නිවන් අවබෝධ කරනවා. එතකොට අපට පේනවා, සෝතාපන්න කෙනෙක් ඊළඟ ආත්මයේ අනිවාර්යයෙන්ම නිවන් අවබෝධ කරනවා නම් එයා තුළ හටගන්නාවූ ඉන්ද්‍රිය ධර්ම ප‍්‍රබලයි. ඒ ප‍්‍රබලත්වයෙන් තමයි එයාගේ ගමන වේගවත් වුණේ.

 

'කෝලංකෝල' කියලා තව කෙනෙක් ඉන්නවා. එයා තව ආත්මභාව දෙක තුනක් දෙව් මිනිස් සුගතියේ ඉපදිලා ධර්මය අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ එයා අරට වඩා වේගයෙන් පොඞ්ඩක් අඩුයි. නමුත් එයාගෙත් යම්කිසි වේගයක් තියෙනවා. 'සත්තක්කත්තුපරම' කියලා තව කෙනෙක් ඉන්නවා. එයා ආත්මභාව හතම යනවා. ඒ නිසා 'සෝතාපන්න වුණ කෙනෙක් මෙහෙමයි' කියලා අපට චරිත විග‍්‍රහයක් කරන්න බෑ. මොකදඒක බුදුකෙනෙක් විසින්ම කරන දෙයක්. මොකද, බුදුකෙනෙකුට විතරයි ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණය තියෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ ඒ ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණයෙන් බලලා කරන විග‍්‍රහයක්. එහෙම නැතුව මේ ශ‍්‍රාවකයෙකුගේ ඤාණයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමයි සෝතාපන්න වෙන අය 'ඒකබීජ, කෝලංකෝල, සත්තක්කත්තුපරම' කියලා කොටස් තුනකට බෙදුවේ.  ඒ නිසා මේ ජීවිතයේ කෙනෙක් සෝතාපන්න වුණත් එයාගේ ගමනේ වේගය අපට එක එල්ලේ කියන්න බෑ. මොකද, අපට එයාගේ හිත පේන්නේ නෑනේ. ඒ වගේම කෙනෙක් සෝතාපන්න වුණා කිව්වාට අපට එ්ක දැනගන්න ක‍්‍රමයකුත් නෑනේ. කාලයක් ආශ‍්‍රය කරලා තමයි එයාගේ ශ‍්‍රද්ධාව, සීලය වුණත් හොඳට තියෙනවා කියලා තේරුම් ගන්න වෙන්නේ.

 

මොකද, සමහර විට ගොඩාක් අය සෝතාපන්න වුණා කියලා රැවටිලා ඉන්න පුළුවන්. ඒ නිසා මේ විග‍්‍රහයන් දිහා බැලූවහම අපට තේරෙනවා, අපට ස්ථිර වශයෙන්ම එහෙම කියන්න බෑ. මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ධර්මයෙන් විග‍්‍රහ කරගන්න පුළුවන්. නමුත් අපට කාලවකවනුවක් කියන්න බෑ. සමහර විට ආත්මභාව හතක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඊළඟ ජීවිතයේ වෙන්නත් පුළුවන්. හැබැයි, බුද්ධ දේශනාවේ මෙන්න මෙහෙම තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක තැනකදී අහනවා, ''මහණෙනි, ශ‍්‍රද්ධාව කොතැනක දැක්ක යුතුද?" බුදුරජාණන් වහන්සේම විස්තර කරනවා ''මහණෙනි, ශ‍්‍රද්ධාව සෝතාපත්ති අංගවල දැක්ක යුතුයි." එතකොට අපට පේනවා, අපි කොහොම කතා කළත් ශ‍්‍රද්ධාව කියන එක පූර්ණත්වයට පත්වෙන්නේ සෝවාන් ඵලයෙන් කියලා. ඒක විග‍්‍රහ කරන්නේ ''බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප‍්‍රසාදයකින් යුක්ත වෙයි. ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයකින් යුක්ත වෙයි. ආර්ය සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයකින් යුක්ත වෙයි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි.ඒ කියන්නේ එයාට නිරන්තරයෙන්ම සිහි නුවණින් යුක්තව සංවරවෙන සීලයක් තියෙනවා.

 

ඒ වගේම රතන සූත‍්‍රයේ සෝතාපන්න කෙනා ගැන තව විග‍්‍රහයක් තියෙනවා. කිඤ්චාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා  එයා අතින් කයෙන්, වචනයෙන් හෝ සිතින් යම්කිසි පවක් සිදුවුණා නම් අභබ්භෝ සෝ තස්ස පටිච්ඡාදාය එයා ඒක සාධාරණීකරණය කරගන්නේ නෑ. 'ඒක මෙහෙමයි වුණේ..' කියලා තමන්ගේ පැත්තට හරවාගෙන වහන්නේ නෑ. අභබ්භතා දිට්ඨ පදස්ස වුත්තා ඒක ධර්මය දැකගත්ත කෙනාගේ ස්වභාවය කියනවා. එතකොට යම් වරදක් වුණහම එයා ඒක හංගන්නේ නෑ. කල්‍යාණ මිත‍්‍රයෙක් ඉදිරියේ සංවර වෙනවා. මේ කියන්නේ ලෝකයටම කිය කියා යනවා කියලා නෙවෙයි. එයා සුදුසු කෙනෙක් ඉස්සරහා කතා කරලා සංවරභාවයට පත්වෙනවා. සුදුසු කෙනෙක් කියන්නේ ප‍්‍රඥාවන්ත කෙනෙක්. එහෙම නැතුව සාමාන්‍ය මෝඩ ලෝකයා ඉදිරියේ තම තමාගේ අඩුපාඩු කියාගත්තහම ඒ අය, ''ආ මට එයාගේ ජීවිතේ මෙහෙම මෙහෙම කියලා තියෙනවා" කියලා පහර දෙන්න ඒකම යොදාගන්නවා. මොකද, මේ ලෝකයේ අසත්පුරුෂයෝ වැඩියිනේ. ඒ වගේ ධර්මයේ හැසිරෙන කෙනා ප‍්‍රඥාවන්ත වෙන්න  ඕන. හැබැයි මේකට උපකාරී වෙන්නේම ශ‍්‍රද්ධාවයි.

 

ප‍්‍රඥා, සීල, සමාධි ද…? සීල, සමාධි, ප‍්‍රඥා ද…?

බුදුරජාණන් වහන්සේගේ ධර්මය දිහා බලද්දී පේනවා, සීල සමාධි ප‍්‍රඥා වැඞීම පිණිස මුල් වෙන්නේම ශ‍්‍රද්ධාවමයි. මොකද හේතුව, කෙනෙක් ශ‍්‍රද්ධාවක් නැතුව සීලයකට ගියොත් එයා සීලබ්බත පරාමාසයට යන්න ඉඩ තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨියෙන් පටන් ගත්තේ ඒකනේ. නැත්නම් සම්මා වාචාවලින්, සීලයෙන් පටන් ගන්න තිබුණානේ. නමුත් පටන් අරන් තියෙන්නේ ප‍්‍රඥාවෙන්නේ. ප‍්‍රඥාවන්ත ශ‍්‍රාවකයා සීල, සමාධි, ප‍්‍රඥා වඩනවා. ඒක තේරුම් ගන්න  ඕන එහෙමයි. එහෙම නැතුව ඒක දිහා බලලා 'ප‍්‍රඥා, සීල, සමාධි' කියලා ගන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙලගැස්ම ගත්තහම පේන්නේ ප‍්‍රඥා, සීල, සමාධි වගේනේ. එහෙම බලලා 'හා.. හා.. මේකේ තියෙන්නේ සීල, සමාධි, ප‍්‍රඥා නෙවෙයි. ප‍්‍රඥා, සීල, සමාධි' කියලා ගන්න බෑ. ප‍්‍රඥාවන්ත කෙනා ඒ ප‍්‍රඥාව තුළ පිහිටලා තමයි සීලයත්, සමාධියත්, ප‍්‍රඥාවත් වඩන්නේ.

මොකද, කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේම සෝවාන් වීමෙන්. සෝතාපන්න වුණු ගමන් එයා ප‍්‍රඥාවන්තයි. ප‍්‍රඥාවන්ත කෙනා තුළ සීල, සමාධි, ප‍්‍රඥා වැඩෙන්නේම ඒ විදිහටයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ප‍්‍රඥාව සහිත කෙනා, ස්වකීය ප‍්‍රඥාවෙන් යුතු කෙනා සීලයේ පිහිටා සිතත් ප‍්‍රඥාවත් වඩයි. එතැන සිත කියන්නේ සමාධිය. එතකොට සීල, සමාධි, ප‍්‍රඥා වඩන්නේ ප‍්‍රඥාවන්ත කෙනා. එකෙදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා ආතාපි නිපකෝ භික්ඛු 'ආතාපී' කියන්නේ කෙලෙස් තවන වීර්යයෙන්. 'නිපකෝ' කියන්නේ පාරිහාරීය ප‍්‍රඥාවෙන්. පාරිහාරීය කියන්නේ ස්ථානෝචිත ප‍්‍රඥාව. අවස්ථාවට උචිත විදිහට ප‍්‍රඥාව හසුරුවන්න දන්න කෙනා තමයි මේකට යොමු වෙන්නේ.

දැන් අපි ගත්තොත් මාර්ගයට යන කෙනෙකුට නොයෙක් විදිහේ අකරතැබ්බයන්, බාධක, අර්බුද හටගන්නවානේ. නොයෙක් මාර සේනා ඉන්නවානේ. එයා ඒ බාධක මැද්දෙන් අවස්ථාවෝචිත ප‍්‍රඥාවෙන් තමයි ඒකට මුහුණ දෙන්නේ. සමහර අවස්ථාවල අපි ළඟට 'ඉතාම වේගයෙන් මේක අල්ල ගන්න  ඕන' කියන අය එනවා. මම ඒ අයට කියන්නේ "ඉබ්බාගෙයිහාවාගෙයි තරගය ආවොත් හාවාගේ පැත්ත තෝරාගන්න එපා, ඉබ්බගේ පැත්ත ගන්න" කියලයි. මොකද, හාවා පැනගෙන යනවා. නමුත් කොහෙන් පනිනවාද කියලා දන්නේ නෑ. ඒ නිසා ඉබ්බා වගේ කලබල නැතුව හිමින් හිමින් යන්න.  පාරවල් වලත් ගහලා තියෙන්නේ 'හදිස්සි නම් හෙමින් යන්න' කියලා. එහෙම කියන්නේ හිමින් යන තරමට එයාගේ ගමන ආරක්‍ෂිතයි. හිමාලයේ යද්දී ඒ වංගුවල ගහලා තියෙනවා 'slow than never'. කියලා. එතකොට අපට පේනවා, අපට වැදගත් වෙන්නේ වේගවත් ගමන නෙවෙයි ප‍්‍රඥාවන්ත ගමනයි.

මතු සබැඳි….

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.