Tuesday, May 7, 2013

FUn post about Electricity Bill

 

 

දැන් හරියට ආණ්ඩුව කතා කරන්නේ විදුලි බිල අඩු කළා‍ වගේය. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක කී පරිදි ආණ්ඩුව ජනතාවට බියේ අඩියක් පස්සට ගෙන තිබේ. ජනතාව සටන් කරනවා නම් ඉල්ලීම් දිනා ගන්නට පුළුවන. එහෙනම් විදුලි බිල වැඩි කරලා නැති විය යුතුය.

ආණ්ඩුවත් හරියට සමහර වෙළෙන්දන් වගේය. මිළ රු. 100කින් වැඩි කර රු. 10ක වට්ටමක් දෙයි. ඒත්, මිළ රු. 90කින් වැඩි කරලාය.

දැන් වැඩි කළවිදුලි ගාස්තු අඩු කිරීම සිදු වන්නේ මෙසේය:

ඒකක 66 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයිනට ඒකකයකට රුපියල් 4.70 කට පැවති මිල ගණන් යටතේ විදුලි බිල ගණනය කිරීමට විදුලිබල මණ්‌ඩලය තීරණය කර ඇත.ඒ වැඩි කළ විදුලි ගාස්‌තුවලට අනුව ඒකකයක්‌ රුපියල් 6 ලෙස ඉහළ දමා තිබිණි.

ඒකක 90 සීමාව අනූහය දක්‌වා වැඩිකර එම ඒකකයක්‌ රුපියල් 8.50 යටතේ විදුලි ගාස්‌තු ගණනය කිරීමට තීරණය කර ඇත. ඒකකයේ වැඩි කළ මිළ අඩු කර නැත. 

නව සංශෝධනය යටතේ විදුලි ඒකක 120 සීමාව ඒකක 126 දක්‌වා දීර්ඝ කර ඇත. ඒ අනුව විදුලි ඒකක 126 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල ගණනය කරනු ලබන්නේ ඒකක 120 දක්‌වා අය කරනු ලැබූ රුපියල් 15 බැගින් වූ මිල ගණන් යටතේය. ඒකකයේ වැඩි කළ මිළ අඩු කර නැත.

එසේම ඒකක 61 සිට ඒකක 180 දක්‌වා විදුලිය ඒකක ප්‍රමාණයක්‌ පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් අය කරනු ලබන 40% ඉන්ධන ගැලපුම් ගාස්‌තු 25% කින් අඩු කිරීමට තීරණය කර ඇත.

මේ වචනවලට අනුව නම් මාසික විදුලි බිලට 40%ක ඉන්ධන අධිභාරයක් එකතු කර ඉන්පසු එයට 25%ක වට්ටමක් දෙනු ලැබේ.

බිරිඳත්, සැමියාත් දෙදෙනාම රැකියා කරන, පාසල් යන දරුවන් සිටින, ඒ නිසා වතුර මෝටරයක්, රෙදි සෝදන යන්ත්‍රයක්, විදුලි ඉස්තිරික්කයක් ආදිය පාවිච්චි කරන, පුංචි ශීතකරණයක් ඇති, විදුලියෙන් කෑම පිසීම හා වතුර උණුකිරීම ආදිය නොකරන, රස්නය අධික විට විදුලි පංකා පාවිච්චි කළ, දවසට පැයක් පමණ බලන රූපවාහිනියක් ඇති, බ්ලොග් පඩංගු ලියන්නට පරණ පරිගණකයක් ඇති, අත්‍යවශ්‍ය විදුලි බල්බ පමණක් පත්තු වන, වැඩිපුර CFL තිබෙන අපේ නිවසේ පසුගිය මාසයේ විදුලි පරිභෝජනය ඒකක 119කි. බිල රු. 1739කි.

අපට මෙය තවත් පිරිමසන්නට අමාරුය. කොහොමහරි 115ට අඩු කරගත්තාය හිතමු. එවිට අපේ අලුත් බිල මෙසේ වනු ඇත.

ඒකකයක මිළ රු. 15 බැගින් 115ක් = 1725
මාසික ස්ථාවර ගාස්තුව = රු. 315 (මෙහෙම එකක් කලින් තිබුණු බවක් බිලේ සඳහන් නොවේ)
එකතුව = රු. 2040
ඉන්ධන අධිභාරය 40% = රු. 816
එයට ජනාධිපති සහනය 25% = රු.204
එවිට ගෙවිය යුතු ඉන්ධන ගැලපුම් ගාස්තුව = රු. 612

මගේ අලුත් විදුලි බිල = 1725 + 315 + 612 = 2652

මගේ විදුලි බිල වැඩිවීම = රු. 913

ජනාධිපති සහනය නැතිනම් මගේ විදුලි බිල රු. 2856කි.

(
ගණන් වැරදි නම්, සහනය වැඩි වන පරිදි නිවැරදි කර දෙන්න) 

විදුලි බිල වැඩි නොවී සිටින්නට නම් මා විදුලි ඒකක 66ට අඩුවෙන් පාවිච්චි කළ යුතුය. ඒ සඳහා රස්සාවෙන් අස් වී හද්දා පිටිසර ගමකට ගොස්, ගඟකින් නා, එයින් රෙදි හෝදාගෙන, නොමැද ඇඳ, වත්තෙන් පිටියෙන් ගෙඩි, කොළ, මල් කඩාගෙන කා (ශීතකරන පාවිච්චි නොකර), රස්නෙ කාලෙට ගහක් යට පැදුරක් එළාගෙන නිදාගෙන, අන්තර්ජාලයෙන් අත්මිදී, ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති හා මහින්ද අබේසුන්දරගේ ආගිය කතා පමණක් බලා වේලාසනින් නිදාගෙන, ප්‍රමාද වී අවදි විය යුතුය. ආසියාවේ ආශ්චර්යයෙන් මට ලැබෙන සංවර්ධනය කියන්නේ ඒකය. දියුණුව ඒකය. 



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....