Monday, September 28, 2015

ඉන්ද්‍රිය සංවරය උදෙසා || "Maha Rahathun Wadhi Maga Osse"

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, September 20, 2015

පුලුවන් නම් විසඳන්න :)

 

ජපන් නැවක් අරාබි මුහුදේ යාත්රා කරමින් තිබිණි. නාන්නට සිතුණු කපිතාන්වරයා සිය රෝලෙක්ස් අත් ඔරලෝසුවත් රන් බ්රේස්ලටයත් ගලවා තබා නාන කාමරයට ගියේ . ආපසු පැමිණි විට, ඔහු ගේ වටිනා දේ අතුරුදහන් වී තිබිණි.
හේ තෙමේ සිය සේවක මඬුල්ලෙන් පස් දෙනකු පිළිබඳ සැක කෙළේ . ඔවුනට අඬ ගැසූ හෙතෙම ගෙවුණු විනාඩි 15 ඇතුළත එකිනෙකා කළ දේ විමසා සිටියේ . ඔවුන් ගේ පිළිතුරු මෙ සේ විය -
01. ප්රංශ ජාතික කෝකියා - (අතෙහි මස් කපන පිහියක් විය.) '' උයන්න මස් ගන්න ගිහින් මං හිටියේ ශීත කරණ කාමරේ."
02. ජර්මන් ජාතික ඉංජිනේරුවා - (අතෙහි යම් උපකරණ වගයක් විය.) මම ඇන්ජිමේ වැඩක් කර-කර හිටියයේ."
03. බංග්ලාදේශි යාත්රිකයා - (හිස් අතිනි). මම හිටියේ කුඹ ගහ මුදුනේ, වැරදිලා උඩු-යටිකුරු අතට හයි කරලා තිබුණ කොඩිය හරි අතට හයි කරන්න ගිහිල්ලා."
04. ඇමෙරිකා ජාතික රේඩියෝ නිලධරයා - (හිස් අතිනි). ''මම හිටියේ සමාගමට පණිවුඩයක් යවමින්, අපි දවස් දෙකකින්, කියන්නෙ සිකුරාදා උදේ පැය 1100, වරායට එන බව දන්වලා.''
05. ඉන්දීය නාවුක නිලධරයා - (හිස් අතිනි). ''රෑ මුරය පටන් ගන්න කලින් මම පොඩි නින්දක් ගහගෙන හිටියා."
සියලු දෙනාට සවන් දුන් කපිතාන්වරයා සොරා කවුරුන් දැයි සොයා-ගති. කෙසේ , සොරා කවුරුන් ?


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, September 17, 2015

This Generation....


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

භාවනා - අවිවේකී ඔබේ දිවියේ ලද විරාමයක සොඳුරු සදහම් හුදෙකලාවක් අත්විඳින්නට…

 

FYI

 

(Other than the below, good and valuable retreats are also a nissarana.lk )

 

 

 

 

http://mahamevnawa.lk/meditation-programs/

 

 

තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන්

 

යම් කෙනෙක් කලාතුරකින් ලෝ තලයේ පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියේ , බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්රී සද්ධර්මය සරණ ගියේ , දහම් මගේ හික්මෙන ශ්රාවක මහා සංඝරත්නය සරණ ගියේ ඔහු තෙරුවන් සරණ ගිය උපාසකයෙක් . උපාසකයා කියන්නේ ගිහි ජීවිතයක් ගත කරමින් රැකී රක්ෂා ආදියෙහි නියැලෙමින්, අඹු දරුවනුත් පෝෂණය කරමින් තරමක් කාර්යබහුල ජීවිතයක් ගතකරන කෙනෙක්. කටයුතු අතරේ යි ඔහු තෙරුවන් සරණ කරගෙන ජීවිතය යහපත් කරගන්නට මහන්සි ගන්නේ.

වත්මන් සමාජය හරිම විෂමයි. කුසල්, අකුසල් ගැන, පින පව ගැන, යහපත අයහපත ගැන සමාජය තුළ සැලකිල්ලක් දක්වන්නේ ඉතා කලාතුරකින්. ගැන නො තකන නිසා අද බොහෝ තරුණ ජීවිත නිරපරාදේ විනාශවෙනවා. රූපවාහිනියෙන් කරන හැඟීම් ඇවිස්සවීම නිසා බොහෝ තරුණ පිරිස් වැරදි කාම සේවනයට යොමුවෙනවා. ඊළඟට ජීවිතයේ එන සුළු ගැටලුවටත් විසඳුම විදියට තරුණයන් යොමුවන්නේ බීමත්කමට යි. බීමත්කම, වැරදි කාම සේවනය ආදිය නිසා ඔහුගේ මිතුරන් වෙන්නේත් පාපී පුද්ගලයන්. මේ විදියට කොච්චර නම් තරුණ ජීවිත විනාශ වෙනවා ?

ඇත්තෙන්ම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, ශ්රාවක සංඝයා ගැන අහද්දී සිත පැහැදුනා නම් ඔහු ඉතා වාසනාවන්තයෙක්. මොකද තෙරුවන් සරණ නිසා ඔහු සිල්වත් වෙනවා. පව් කිරීමට ලැජ්ජාවත්, භයත් ඇතිකරගන්නවා. මිනීමැරුම් පවා කරන මිනිසුන් අතරේ ඔහු ප්රාණඝාත නො කර සියලු සතුන්ට දයාවෙන් වාසය කරනවා. බලහත්කාරයෙන් අනුන්ගේ දේවල් කඩාවඩා ගන්නා මිනිසුන් අතරේ ඔහු අන් සතු කිසිවක් සොර සිතින් නො ගෙන ඉන්නවා. පරස්ත්රී සේවනයෙන් සතුටුවෙන ලෝකයක ඔහු සිය බිරිඳ ඉක්මවා නො ගොස් වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරනවා. බොරුව රජ කරවන සමාජයක ඔහු සත්යයෙන් සත්යය ගළපා කතා කරන අවංක චරිතයක් වෙනවා. මත්පැන්, මත්ද්රව් භාවිතයට ලොල් වූ මිනිසුන් අතරේ සියලු මත්පැන්, මත්ද්රව් භාවිතයෙන් වැළකී වාසය කරනවා. ඉතිං නිති පන්සිල් සුරැකීමට මහන්සි වෙන මේ විදියේ ජීවිතයක් තෙරුවන් සරණ යාම නිසා ඔබට ලැබුණා නේ ?

 

උපාසක/ උපාසිකා ජීවිතය පිරිහේවි ?

උපාසකයාගේ ජීවිතය පිරිහෙන්න පුළුවන්. පිරිහීමට හේතු වෙන කරුණු සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ දී අපගේ භාග්යවතුන් වහන්සේ විසින් පෙන්වා දී වදාළා.

"මහණෙනි, උපාසකයාගේ පිරිහීම පිණිස මේ කරුණු සත හේතු වෙයි. කවර කරුණු සතක් යත්,

  1. භික්ෂූන් දකින්නට නො යයි.
  2. සද්ධර්ම ශ්රවණයට ප්රමාද වෙයි.
  3. උසස් සීලයන්හි නො හික්මෙයි.
  4. ස්ථවිර, මධ්යම, නවක භික්ෂූන් කෙරෙහි අප්රසාදය බහුල වෙයි.
  5. වැරදි සොයන අදහසින්, දොස් දකිනා සිතින් බණ අසයි.
  6. මේ සසුනෙන් බැහැරව පින් සලකා දන් දිය යුතු අය සොයයි, එහි වතාවත් කරයි.
  7. බැහැර තැනකට ගිය කල්හි කලින් කළ පරිදි කටයුතු කරයි.

මහණෙනි, උපාසක පිරිහීමට මේ කරුණු හත හේතු වෙයි"

(උපාසක අපරිහානීය සූත්රයඅං( 4)

ගිහි ජීවිතයක් ගත කරන තරුණයෙක් තරුණියක් විදියට ඔබ කාර්යබහුලයි. දිනපතා රැකියාව කළේ නැත්නම් හරියට පඩිය ලැබෙන්නේ නෑ. උදේ ගෙදරින් පිටත් වුණා සමහර විට රාත්රියේ තමයි ගෙදර එන්නේ. ජීවිතය ගතකරන්ට අවශ් ධනය උපයන්නට නම් මහන්සි වෙලා රස්සාව කරන්ට ඕන. රස්සාවෙන් හිතු මනාපෙට නිවාඩු ගන්ටත් බැහැ. ඉතිං ස්වාමීන් වහන්සේලා මුණගැහෙන්ට අපි ආසයි. කෝ අපට වෙලාවක්? බණ අහන්ටත් ආසයි. බණ පොත් ටික කියවන්ටත් ආසයි. අට සිල්, දස සිල් සමාදන් වෙලා විවේකයෙන් බණ භාවනා කරගන්ටත් ආසයි. මේ මිහිරි ධර්මය සජ්ඣායනා කරන්ටත් ආසයි. ඒත් කෝ අපට වෙලාවක්?

ගොඩාක් තරුණ තරුණියන් අහන ප්රශ්නයක් තමයි මේ. නිසා තමයි තරුණ තරුණියන් සතියක විතර නිවාඩුවක් අරගෙන විවේකයෙන් බණ භාවනා කරගෙන ඉන්ට අවස්ථාවක් දෙන්ට පුළුවන් කියලා ගොඩාක් අසපුවලින් ඇවිල්ලා අහන්නේ.

ඇත්තෙන්ම සතියක විතර හොඳ නිවාඩුවක් ලැබුණොත්

සමහර අය සතියක විතර නිවාඩුවක් ලැබුණොත් විනෝද චාරිකා යනවා. අවසානයේ සල්ලිත් ඉවරයි. වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. තවත් සමහරු නිවසේ සාද පවත්වනවා. සල්ලිත් වියදම් වෙලා කාලයත් ගෙවිලා සමහරවිට හිතවත්කමුත් පළුදු වෙලයි ඒක අවසන් වෙන්නේ.

සතියේ නිවාඩුව ඔබ මෙහෙම ගතකරන්න

සතියේ නිවාඩුව ඔබට තවත් සිල්වත් උපාසක උපාසිකා පිරිසක් සමඟ ගත කරන්නට ලැබුණොත්, බ්රහ්මචාරී අධි සීලයක සමාදන් වෙන්නට ලැබුණොත්, සිල් ගුණ දම් පුරන පිනවත් ස්වාමීන් වහන්සේලාව, පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාව ඇසුරු කරන්නට ලැබුණොත්, උන් වහන්සේලාත් සමඟ දහම් කථාවේ යෙදෙමින් ධර්ම ශ්රවණය කරන්ට ලැබුණොත්, විවේකයෙන් බණ පොත් කියවගන්ට ලැබුණොත්, මිහිරට ධර්මය සජ්ඣායනා කරන්නට ලැබුණොත්, සිත සන්සිඳුවන උතුම් භාවනාවන් පුරුදු වෙන්ට ලැබුණොත්ඇත්තෙන් ඔබේ සතියේ නිවාඩුව කොයිතරම් අපූරු ? සතිය කොයි තරම් ඵලදායී සතියක් ? ඔබට මුළු ජීවිත කාලයට සතියේ තිබූ සුන්දරත්වය අමතක නො වේවි.

ඇත්තෙන්ම කාර්යබහුල ගිහි ජීවිතයේ ලැබෙන පුංචි නිවාඩුවෙන් විවේකීව භාවනා කරමින් ධර්මය ඉගෙන ගන්ට මහන්සි වෙන උපාසකයන් නිතර ප්රදේශවල තිබෙන අපේ මහමෙව්නාව භාවනා අසපුවලින් සඳහා අවස්ථාවක් ඉල්ලනවා. නමුත් හැම අසපුවක සඳහා පහසුකම් සහිත පරිසරයක් නැහැ. නිසා යි මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වූ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කාරුණික සංකල්පයකට අනුව 'භාවනා කන්ද' සති භාවනා වැඩසටහන උපාසක ඔබ වෙනුවෙන් මහමෙව්නාව අසපු සංචිතය විසින් ආරම්භ කළේ.

වගේම පින්වත් උපාසිකාවන් සඳහාම වෙන්වූ සති භාවනා වැඩසටහන් මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුව කේන්ද් කරගනිමින්, අනගාරිකා අසපු 5කම පැවැත්වෙනවා.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්රාවක දරු දැරියන් වූ පින්වන්ත ඔබටත්, නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ සති භාවනා වැඩසටහන් තුළින් අවස්ථාව උදාකරගන්නට පුළුවනි.

 

 

අවිවේකී ඔබේ දිවියේ ලද විරාමයක සොඳුරු සදහම් හුදෙකලාවක් අත්විඳින්නට

භාවනා කන්ද උපාසක භාවනා මධ්යස්ථානය

කාර්යබහුල ගිහි ජීවිතයේ ලැබෙන පුංචි නිවාඩුවෙන් විවේකීව භාවනා කරමින් ධර්මය ඉගෙන ගන්ට මහන්සි වෙන ගෞතම ශ්රාවක දරුවන් සඳහා නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මංපෙත් විවිර කරමින්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වූ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කාරුණික සංකල්පයකට අනුව ආරම්භ කළ, 'භාවනා කන්ද' සති භාවනා වැඩසටහන….

මොකක්ද භාවනා කන්ද කියන්නේ?

·         'භාවනා කන්ද' කියන්නේ සතියක භාවනා වැඩපිළිවෙළක්.

·         උපාසකයන් දහ දෙනෙකුට එක සතියක් ගත කිරීමේ පහසුකම් එහි තිබෙනවා.

·         පින්වත් ස්වාමීන් වහන්සේනමකගේ අධීක්ෂණය යටතේ කෙරෙන භාවනා පුහුණුවකිනුත් යුක්තයි.

·         උදෑසනත්, හවසත් මිහිරට බුදුගුණ සජ්ඣායනා කරමින්, පිරිත් සූත් සජ්ඣායනා කරමින් බුද්ධ වන්දනා කරන්ටත් පුළුවන්.

·         උපාසක පිරිස වෙනුවෙන් පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් වැදගත් සූත් දේශනා කියා දෙනවා.

·         බ්රහ්මචාරී අධිසීලයක හික්මෙමින් සතියක් පුරාවට විශාල පිනක් රැස්කරගන්ටත් පුළුවන්.

·         සිල් පද ගැන ඉතා හොඳ වැටහීමක් ඇතිකරගන්ට පුළුවනි.

·         ක්රමානුකූලව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් දේශිත ධර්ම දේශනා ශ්රවණය කරන්නටත්, ක්රමානුකූලව සදහම් ග්රන්ථ පරිශීලනය කරන්නටත් ඔබට පුළුවනි.

·         සතියක් පුරාවට සිල්වත් ගිහි පිරිසක් සහ පින්වත් ස්වාමීන් වහන්සේලා සමඟ දහම් කථාවෙන් කල්ගෙවන්නට පුළුවන්.

·         ඔබට ගැටලුවක් වූ යම් යම් දහම් කරුණු ඉතා විවේකීව පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් විමසා දැනගන්නටත් පුළුවන්.

·         'භාවනා කන්දේ' වැඩපිළිවෙළ කාලසටහනකට අනුව කෙරෙන නිසා ධර්මානුකූල කාලසටහනක් හඳුනාගන්ටත් ඔබට පුළුවනි.

·         පාරිචරියානුත්තරීය වූ උතුම් සංඝයා වහන්සේට ඇප උපස්ථාන කොට, දන් පැන් පූජා කොට පින් රැස් කරගන්ටත් පුළුවනි.

·         ඇත්තෙන්ම භාවනා කන්ද කියන්නේ දස්සනානුත්තරීය, සවණානුත්තරීය, සික්ඛානුත්තරීය. පාරිචරියානුත්තරීය, අනුස්සනානුත්තරීය, ලාභානුත්තරීය යන අනුත්තරීය ධර්ම සියල්ල සතියක් පුරාවට ඔබට උදාකරවන පින්බිමක්.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්රාවක දරුවන් වූ පින්වන්ත ඔබටත්, නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ තුළින් අවස්ථාව උදාකරගන්නට පුළුවනි.
නමෝ බුද්ධාය !

වැඩි විස්තර

වැඩි විස්තර සඳහා විමසන්න
Phone: 037 22 44 602/ 037 494 27 46 (
සවස 01.00 ත් 03.00 අතර)
E-mail: info@mahamevnawa.lk

 

 

අවිවේකී ඔබේ දිවියේ ලද විරාමයක සොඳුරු සදහම් හුදෙකලාවක් අත්විඳින්නට

මහමෙව්නාව අනගාරිකා අසපුව මගින් මෙහෙයවන සති භාවනා වැඩසටහන

කාර්යබහුල ගිහි ජීවිතයේ ලැබෙන පුංචි නිවාඩුවෙන් විවේකීව භාවනා කරමින් ධර්මය ඉගෙන ගන්ට වෙර දරනා ගෞතම ශ්රාවක දියණියන් සඳහා නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මංපෙත් විවිර කරමින්, මහමෙව්නාව අනගාරිකා අසපුව මගින් ආරම්භකරන්නට යෙදුනු, සති භාවනා වැඩසටහන….

මොකක්ද මේ "සති භාවනා වැඩසටහන" කියන්නේ?

·         එය සතියක භාවනා වැඩපිළිවෙළක්.

·         සති භාවනා වැඩසටහන ආරම්භ වන්නේ සෑම සතියේම සිකුරාදා දිනයේදීය.

·         දඹදෙණිය මුතුගල මූලස්ථාන අසපුවේ උපාසිකාවන් 15 දෙනෙක්ද, අනෙකුත් අසපුවල උපාසිකාවන් 5 දෙනෙක්ද සඳහා එක සතියක් ගත කිරීමේ පහසුකම් සළසා තිබෙනවා.

·         මීට අමතරව, හදිසියේ පිටරටවල සිට පැමිණෙන උපාසිකාවන් ඳහා මුතුගල අසපුවේ පහසුකම් සහිත විශේෂ කුටි දෙකක් වෙන්කර ඇති අතර දුරකතන ඇමතුමක් මගින් එම කුටි වෙන්කර ගත හැකිය.

·         මුතුගල, මාවතගම, අනුරාධපුර, කඩුගන්නාව හා උඩුපිල මහමෙව්නාව අනගාරිකා අසපු ශාඛාවන් හී සති භාවනා වැඩසටහන පැවැත්වෙනවා.

·         විදේශගතව සිටින පින්වතුන් හට පහසු අවස්ථාවල පැමිණ මෙම භාවනා වැඩසටහන සඳහා සහභාගී වීමටත් පුළුවනි.

·         පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේනමකගේ අධීක්ෂණය යටතේ කෙරෙන භාවනා පුහුණුවකිනුත් යුක්තයි.

·         උදෑසනත්, හවසත් මිහිරට බුදුගුණ සජ්ඣායනා කරමින්, පිරිත් සූත් සජ්ඣායනා කරමින් බුද්ධ වන්දනා කරන්ටත් පුළුවන්.

·         උපාසිකා පිරිස වෙනුවෙන් පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා විසින් වැදගත් සූත් දේශනා කියා දෙනවා.

·         බ්රහ්මචාරී අධිසීලයක හික්මෙමින් සතියක් පුරාවට විශාල පිනක් රැස්කරගන්ටත් පුළුවන්.

·         සිල් පද ගැන ඉතා හොඳ වැටහීමක් ඇතිකරගන්ට පුළුවනි.

·         ක්රමානුකූලව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් දේශිත ධර්ම දේශනා ශ්රවණය කරන්නටත්, ක්රමානුකූලව සදහම් ග්රන්ථ පරිශීලනය කරන්නටත් ඔබට පුළුවනි.

·         සතියක් පුරාවට සිල්වත් ගිහි උපාසිකා පිරිසක් සහ පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා සමඟ දහම් කථාවෙන් කල්ගෙවන්නට පුළුවන්.

·         ඔබට ගැටලුවක් වූ යම් යම් දහම් කරුණු ඉතා විවේකීව පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාගෙන් විමසා දැනගන්නටත් පුළුවන්.

·         "සති භාවනා" වැඩපිළිවෙළ කාලසටහනකට අනුව කෙරෙන නිසා ධර්මානුකූල කාලසටහනක් හඳුනාගන්ටත් ඔබට පුළුවනි.

·         උතුම් අනගාරිකා මෑණියන් වහන්සේට ඇප උපස්ථාන කොට, දන් පැන් පූජා කොට පින් රැස් කරගන්ටත් පුළුවනි.

·         ඇත්තෙන්ම "සති භාවනා වැඩසටහන" කියන්නේ දස්සනානුත්තරීය, සවණානුත්තරීය, සික්ඛානුත්තරීය. පාරිචරියානුත්තරීය, අනුස්සනානුත්තරීය, ලාභානුත්තරීය යන අනුත්තරීය ධර්ම සියල්ල සතියක් පුරාවට ඔබට උදාකරවන පින්බිමක්.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්රාවක දරුවන් වූ පින්වන්ත ඔබටත්, නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ තුළින් අවස්ථාව උදාකරගන්නට පුළුවනි.
නමෝ බුද්ධාය !

වැඩි විස්තර

වැඩි විස්තර සඳහා විමසන්න
Phone: 071 8195722 / 072 4399018 /037 5664129 / 077 6815215 (
පින්වත් මානෙල් අයිලප්පෙරුම මිය)
E-mail: info@mahamevnawa.lk

 

http://mahamevnawa.lk/mahamevnawa-nuns/

http://www.shraddha.lk/anagarika-asapuwa-meditation/

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.