Monday, December 19, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ - චිත්තානුපස්‌සනාව - 16

 

මහරහතුන් වැඩි මග ඔස්සේ - චිත්තානුපස්සනාව - 16
සැපත්, දුකත්, උපේක්ෂාවත් අනිත්යයෙන් විනිවිද දකින්න

පිංවත් ඔබේ කයේ ක්රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්කරදෙන කාය සංස්කාර, කියන්නේ ආශ්වාස ප්රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්රව් බැහැර කිරීම මේ සෑම ක්රියාවක් ධර්මතාවක්‌. නමුත් ධර්මතාව අනිත් නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 


මෙය සටහන් තබන භික්ෂුවගේ වසර 44 වන ගිහි ජීවිතය පුරාවට භික්ෂුව වැඩියෙන්ම අත්වින්දේ දුක්වේදනාවන්. මේ හැම දුක්වේදනාවක්තුළම, පටිච්ඡසමුප්පන්නව ගලාගෙන පැමිණෙන, සංස්කාර පච්ඡයා විඤ්ඤාන කියන ධමර්තාවය, මුසුවී තිබෙන බව පසුකාලීනව මට වැටහුණා. අතීත භවයන්හිදී පටිච්ඡසමුප්පන්නව කරගත් අකුසල් විපාකයන්, දුක්වේදනාවන් හැටියට ජීවිතය ඉදිරියට පැමිණෙනකොට, දුක්වේදනාවට හේතුව ධර්මානුකූලව හඳුනාගෙන තිබුණු නිසාම, මා ඉදිරියට පැමිණි හැම දුක්වේදනාවක්, මම උපේක්ෂාව කියන තැනට ගන්න දක් වුණා. නමුත් ජීවිතයේ අත්වින්ද සැප වේදනාවන් නම් උපේක්ෂාව කියන තැනට ගන්න මම අපොහොසත් වුණා. එම නිසාම සැප වේදනාවන් තුළට නැවත නැවත කිඳාබසිමින්, එම සැම වේදනාවන්ද අසීමිතව අත්විඳීම තුළින්, දුක්වේදනාවන් බවට පත්කොටගත්තා. අන්න දුක්වේදනාවන් තමයි, දෙවැනුව උපේක්ෂාව කියන තැනට ගත්තේ. දැන් පිංවත් ඔබට වැටහෙනවා ඇති ගිහි ජීවිතයේදී මම සැම දුක්වේදනාවක් අකුසල් විපාකයක්වශයෙන් හඳුනාගෙන, සෑම දුක්වේදනාවක් ඉදිරියේ මම උපේක්ෂාව කියන තැනට පැමිණියා.

නමුත් මා අත්විඳි සැපවේදනාවන්, ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාව නිසාම, ධර්මානුකූලව දකින්න ශක්තිය තිබුණේ නැහැ. සැප වේදනාවන් කෙරෙහි මා බැඳී ගියා. මෙම තත්ත්වය මා ජයග්රහණය කළේ, සැම සැප වේදනාවක් නැවත නැවත අත්විඳීම තුළින්, ඇතිවෙන නීරසභාවය මතුකොටගෙන, සැප වේදනාවද දුක්වේදනාවක්බවට පත්කොටගෙන, එම දුක්වේදනාව අවසානයේ උපේක්ෂා විඳීමක්බවට පත්කොටගත්තා. යම් පිංවතෙක්සැප වේදනාවත්, දුක්වේදනාවත් මුල් වටයේදීම අනිත් වශයෙන් දැකීමට යනවා නම්, එය ටිකක්අසීරු කාරණයක්වෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ සෑම සැප වේදනාවක්, දුක්වේදනාවක් තම තමන්ගේ දක්ෂභාවයත්, උපක්රමශීලීභාවයත් උපයෝගිකොටගෙන, මුල්වටයේදී උපේක්ෂා විඳීම් බවට පත්කොටගන්න. එය ඔබට පහසුවක්වෙනවා වේදනාවේ අනිත්යභාවය දැකීමට. වගේමයි පිංවත් ඔබ යම් සැපවේදනාවක්‌, දුක්වේදනාවක්අත්විඳීමේදී, එම විඳීම ධර්ම මනසිකාරයක්තුළ සිටිමින් අත්විඳීමට දක් නම්, එතැනදී පිංවත් ඔබට ශක්තිය ලැබෙනවා, එම සැප දුක්වේදනාවන්, උපේක්ෂා විඳීමක්බවට පත්කොටගන්න

එක පිංවත් යුවලක්දිනක්කුටියට පැමිණ, භික්ෂුවට දානයක්පූජාකොට කුටියෙන් පිටත් වෙනකොට එම පිංවතිය ප්රකාශ කරනවා 'දැන් නම් මළත් කමක්නැහැ' කියලා. බලන්න දානය නමැති සැප වේදනාවට බැඳී ගියා. මහා සංඝරත්නයට දන් පූජා කරලා, වේදනාව නමැති මාරයාට බැඳිලා නිවසට යනවා. වරක්භික්ෂුව මුණගැහෙන්න පිංවතෙක්ඇවිල්ලා, එයට ඉඩ ප්රස්ථාව නොලැබීම නිසා එම පිංවතා භික්ෂුවට දෝෂාරෝපණය කරමින් ගිහින් තිබෙනවා. බලන්න මහා සංඝරත්නය මුණගැහෙන්න ඇවිල්ලා, දුක්වේදනාව නමැති මාරයාට බැඳිලා නිවසට යනවා. දිනක්භික්ෂුව මුණගැහෙන්න පිංවතෙක්ඇවිල්ලා, එම පිංවතාට භික්ෂුව මගහැරීම නිසා, මම හෙට උදේට කොහොම හරි ඇවිල්ලා භික්ෂුව මුණගැහෙනවා කියලා ගිහින් තිබෙනවා. බලන්න මහාසංඝරත්නය මුණගැහෙන්න ඇවිල්ලා, එම පිංවතා උපේක්ෂා වේදනාව කියන මාරයාට බැඳිලා ගෙදරට යනවා. මෙතැනදී උපේක්ෂා වේදනාව කියන්නේ තෘෂ්ණාවේ මදභාවය වුණත්, උපේක්ෂාව තුළත් මාරයා බැසගෙන සිටිනවාය කියන කාරණය, පිංවත් ඔබ හොඳින් තේරුම්ගත යුතුයි. ඉහතින් සඳහන් කළ තෙවැනි මහත්මයා, ස්වාමීන්වහන්සේ හමුවීම මගහැරුණාය කියලා නොගැටී, නොඇලී 'හෙට උදේම ඇවිත් හමුවෙනවා' කියලා උපේක්ෂා සිතින් ගෙදර ගියා. නමුත් බලාපොරොත්තු සහගතව, හෙට උදෙත් ස්වාමීන්වහන්සේව මුණගැහෙන්න ඇවිත් ස්වාමීන්වහන්සේ මුණනොගැසුණොත්, අන්න උපේක් සහගත මාර සිත, ඔබව නැවතත් ගැටීමක්‌, එසේත් නැතිනම් දුක්වේදනාවකට යොමු කරනවා

ඇයි පිංවත් ඔබට මෙහෙම වෙන්නේ? ඇලීමත් ගැටීමත් උපේක්ෂාවත් කියන සෑම විඳීමක් අනිත් වශයෙන් දැකීමට ඇති අදක්ෂභාවය නිසාමයි

වරක්භික්ෂුව ස්වාමීන්වහන්සේ නමක්මුණගැහෙන්න ගිය අවස්ථාවක උන්වහන්සේ මෙහෙම ප්රකාශ කළා

'
ඔබවහන්සේ දැන් ජනප්රියයි නේද?'

එයට භික්ෂුව හිනාවෙන් ප්රතිචාර දැක්වූවා

'
වුණාට ඔබවහන්සේව හුඟක්අය විවේචනය කරනවා නේද?'

එම ප්රකාශයටත් භික්ෂුව මුවගට සිනාවක්නගාගත්තා

'
වුණාට ඔබවහන්සේ කටයුතු හොඳින් කරගෙන යන්න'

එම ප්රකාශයටත් භික්ෂුව සිහින්ව සිනාසුනා.

ඔබට සිතෙන්නට පුළුවන්, ඇයි භික්ෂුව බොහොම සෙමින්, ඉහත අදහස්වලට මුවගට නගාගත් සිනහවකින්ම පමණක්ප්රතිචාර දැක්වූවේ කියලා. භික්ෂුව දන්නවා මේ කථා කරන්නේ ඇලීම, ගැටීම, උපේක්ෂාව කියන තෘෂ්ණාවේ ඵලයක් කියලා. පිංවත් ඔබ මුහුණදෙන සෑම සැප, දුක්‌, උපේක්ෂා විඳීමක්ඉදිරියේම, අනිත්යයි කියන දැක් ඇති කර ගැනීමට ඔබ දක්ෂනම්, එය වේදනාවේ අනිත්යභාවය පුහුණු කිරීමට හොඳ රුකුලක්වෙනවා.

 

************************************************

අතීතය සිහිනයක් පමණයි වත්මනද වගේමයි
වේදනාවේ අනිත්යභාවය පුහුණු වෙනකොට අතීත, වර්තමාන, අනාගත, වශයෙන් වේදනාවේ අනිත්යභාවය දකින්න පුහුණුවෙන්න ඕනේ. මුලින් වර්තමාන වේදනාවේ අනිත්යභාවය නුවණින් දකින්න. දැක් දෙය, ඇසුණ දෙය, දැනුණ දෙය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා, වර්තමානයේ ඔබ තුළ සකස්වෙන සෑම සැප, දුක්, උපේක්ෂා සහගත විඳීමක් නිත්යද? අනිත්යද?

වර්තමානයේ සකස්වෙන සෑම විඳීමක් අනාගතයට සංස්කාරයන් රැස්කොටදීලා අනිත්යවෙලා යනවා. වර්තමානයට සිත යොමුකරලා, සකස්වෙන සෑම විඳීමකම අනිත්යභාවය නුවණින් දකිමින් අතීත වේදනාවන්ගේ අනිත්යභාවය නුවණින් මතුකොටගෙන දකින්න

පිංවත් ඔබ ඔබේ අම්මාගේ මව්කුසේ ගර්භාෂ කුටියේ සිරවී සිටියදී, එම කළල රූපයට දැනුණ විඳීම් නිත්යද අනිත්යද? ඔබ ලෝකයට බිහිවෙන වේලාවේ ඔබට දනුණ දුක් වේදනාව නිත්යද අනිත්යද? වෙනස්වෙලා ගියා. අනිත් වී ගියා

ඔබ මෙලොවට බිහිවූ මොහොතේ පටන් අම්මා, තාත්තා, ඥාතීන්, සහෝදරයන් නිසා සකස්වූ සෑම දුක්, සැප, උපේක්ෂා විඳීමක් අනිත් වී ගිය හැටි නුවණින් දකින්න. ඔබ පුංචි කාලයේදී අම්මා ඔබව නළවනකොට, අම්මාගෙන් කිරි උරා බොනකොට, අම්මාගෙන් උණුසුම ලබනකොට, තොටිල්ලේ නැළවෙනකොට. සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරනකොට, ළදරු පාසලට යනකොට.... ඇතිවූ සෑම සැප වේදනාවක් අනිත් වී ගිය හැටි නුවණින් දකින්න. පාසල් ජීවිතය මොහොතක් සිහිපත්කොට ගන්න. ඔබ හාපුරා කියලා පාසලේ පළමු වසරට ඇතුළත් වූ දවස... මේ සෑම සැප වේදනාවක් සිsහිනයක් පමණක්මයි. වෙනස්වී ගියා. . අහිමිවී ගියා. අනිත් වී ගියා. ඔබේ උසස් අධ්යාපනය, මුල්ම රැකියාව, ව්යාපාරය, තාරුණ්යය, ආදරය, විවාහය, කුළුඳුල් දරු උපත... මේ සෑම සැප වේදනාවක් අනිත්යවී ගිය හැටි නුවණින් දකින්න.

පිංවත් ඔබට අතීතයේ අම්මා, තාත්තා ගහනකොට, බණිනකොට, සැරකරනකොට, අසත්පුරුෂ මිතුරන් මුණගැසෙනකොට, අකමැති දේවල් සිදුවෙනකොට, අතීතයේ මොනතරම් දුක් වේදනාවන් අත්වෙන්නට ඇතිද? මේ සෑම දුක් වේදනාවක් අනිත් වී ගියා. වෙනස්වී ගියා. අතීතයේ පිංවත් ඔබ සැප, දුක් වේදනාවන්ට බැඳෙන්නේ නැතිව, සැප, දුක දෙකම උපේක්ෂාවෙන් දරාගෙන මොනතරම් ජීවත්වෙලා තිබෙනවාද. ඇලීම් ගැටීම් ඉදිරියේ මොනතරම් ඔබ උපේක්ෂාවෙන් යුතුව ක්රියාකොට තිබෙනවාද. සැම අතීත උපේක්ෂා සහගත විඳීමක් අනිත්යව ගියා. අතීතයේ ඔබ අත්වින්දාවූ සෑම දුක්වේදනාවක් උපේක්ෂා සහගත විඳීමක් අනිත් වී ගිය හැටි නුවණින් දකින්න

පිංවත් ඔබේ ඊයේ දවසට සිත යොමුකොට, දවස පුරා ඔබ තුළ සකස්වූ සෑම සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා සහගත වේදනාවක් අනිත් වී ගිය හැටි නුවණින් දකිමින් වේදනාව අනිත්යයි.. අනිත්යයි.. අනිත්යයි වශයෙන් අර්ථවත්ව දකින්න. පුහුණු වෙන්න

පිංවත් ඔබ වේදනාවේ අනිත්යභාවය පෙර භවයන්ට නුවණින් යොමුකරන්න. අතීත භවයන්හිදී ඔබ පැවිදි උපසම්පදාව ලබලා, දස දහස් ගණන් පිංවතුන් වටකොටගෙන ධර්ම දේශනා, පිංකම් පවත්වපු වේලාවේ, අතීතයේ ඔබ බුදුරජාණන්වහන්සේලා, පසේ බුදුරජාණන්වහන්සේලා, මහරහතන් වහන්සේලා මුණගැසුණු වේලාවෙ ඇතිවූ සැප වේදනාවන් මනසින් මවාගන්න. අතීතයේ ඔබ සක්විති රජු වෙලා, මුළු ලෝකයම දිග්විජය කරනකොට, දිව් අප්සරාවක් බඳු ස්ත්රී රත්නය ඇසුරු කරද්දී, Rධිමත් අජානීය අසුපිට, ඇතුපිට ගමන්කරද්දී පිංවත් ඔබ මොනතරම් සැප වේදනාවන් ලබන්නට ඇතිද. අතීතයේ ඔබ සක් දෙවියන් වෙලා, ලැබූ අසිරිමත් දිව් විඳීම් දිව් අප්සරාවන්, දිව් නැටුම්, ගැයුම්, වැයුම් , දිව් භෝජන... මොනතරම් දිව් සැප වේදනාවන් ලබන්ට ඇතිද

අම්මලා, තාත්තා, ඥාතීන්, දරුවන්, සත්පුරුෂ ආශ්රයන් නිසා අතීත භවයන්හිදී මොනතරම් සැප වේදනාවන් ලබන්නට ඇතිද. මේ සෑම සැප වේදනාවක් වෙනස්වී ගිය හැටි, විකෘතිවී ගිය හැටි, අනිත්යට ගිය හැටි නුවණින් දකින්න

සංසාරයේ ඔබ ලැබූ සෑම සැප වේදනාවක් අනිත් වූ තැනදී, අසත්පුරුෂ ආශ්රයන් ලැබුණ තැනදී, අබුද්ධෝත්පාද කාලයන් මුණගැසුණ අවස්ථාවන්හිදී, කල්ප විනාශයන්ට හසුවී ඉරවල් හතක උණුසුමට පිච්චි, පිච්චී මියගිය අවස්ථාවන්හිදී , සතර අපායන්ට වැටී ප්රේත ලෝකවල සෙම් සොටු කමින්, අකුසල් නිසාම ප්රේත ශරීර රිදුම් දෙමින් මොනතරම් කටුක දුක්වේදනාවන් විඳන්නට ඇතිද. තිරිසන් කුලවල ඉපදිලා, වෙනත් සතුනට ගොදුරුවීමෙන්, මිනිසුන් අමු අමුවේ අපිව මරාගෙන කෑමෙන් මොතරම් කටුක දුක් වේදනා සංසාරයේ විඳින්ට ඇතිද? නිරයන්ට වැටී පටිච්චසමුප්පන්නව ඔබත් මමත් ගින්දර, යෝධි සමඟ වින්දාවූ සෑම දුක්වේදනාවක් වෙනස්වී ගියා. අතීත භවයන්හිදී කැමති දෙය සිද්ධ නොවෙනකොට, අකැමැති දෙය සිද්ධවෙනකොට, එම කැමැත්ත, අකමැත්ත කොච්චර නම් උපේක්ෂාවෙන් දරාගත්තාවූ අවස්ථා ඇතිද. සැම අතීත උපේක්ෂා විඳීමක් අනිත් වී ගියා. පිංවත් ඔබට දැන් වැටහෙනවා. අතීතයේ, වර්තමානයේ ඔබ වින්දාවූ සෑම සැප දුක් උපේක්ෂා විඳීමක් අනිත් වී ගිය ධරමතාවයන්ය කියලා.


ඉදිරිපත් කිරීම 
ඉන්ද්රජිත් සුබසිංහ


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.