Monday, April 24, 2017

චිත්ත විශුද්ධි පදනම - මීලග සූත්‍ර ධර්ම දේශනා

From: Chiththa Vishuddhi Foundation [mailto:chiththa.vishuddhi@gmail.com]
Sent: Thursday, April 20, 2017 1:34 PM
Subject:
චිත්ත විශුද්ධි පදනම - මීලග සූත්‍ර ධර්ම දේශනා

  • පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් 2017අප්‍රේල් 22 සෙනසුරාදා, පැවැත්වීමට නියමිතව තිබු ගම්පහ මාසික භාවනා වැඩසටහන නොපැවැත්වෙන බව කරුණාවෙන් සිහිපත් කර සිටිමු.
  • 2017 අප්‍රේල් 23 ඉරිදා පානදුර මාසික භාවනා වැඩසටහන සුපුරුදු පරිදි පැවත්වෙන බවත් කරුණාවෙන් සලකන්න.
  • අප්‍රේල් 30 ඉරිදා, රථවිනීත සූත්‍රය ඇසුරින් කෙරෙන ධර්ම දේශනාව ප.ව. 2.00 සිට ගාල්ල  නගරශාලාවේ දී පැවැත්වේ. 
  • මැයි 6 සෙනසුරාදා පෙ.ව. 8.00 සිට 11.00  දක්වා අනිත්‍ය සංඥාව ඇසුරින් කෙරෙන භාවනා කමටහන් දේශනය , හොරණ ශ්‍රී දේවින්දාරම විහාරස්ථානයේදී පැවැත්වේ.
  • මැයි 6 සෙනසුරාදා ප.ව. 1.00  සිට 6.00 දක්වා  මහා නිධාන සූත්‍රය ඇසුරින් පැවැත්වෙන ධර්ම දේශනාව, කැලණිය රජමහ විහාරස්ථානයේදී පැවැත්වේ.

  

--

චිත්ත විශුද්ධි පදනම

To no longer receive these updates, mail to chiththa.vishuddhi@gmail.com with subject Unsubscribe.


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Vacancy - Java Engineer


We are planning to recruit Java developers and the relevant vacancy add is published on Top Jobs. Please forward us CVs of some good candidates.

Advertisement Link : http://www.topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000429010&ac=DEFZZZ&ec=DEFZZZ


Warm Regards

Krishan Gamage

AGM - IT
Commercial Bank of Ceylon PLC,
No. 01, Union Place, Colombo 02,
Sri Lanka.
Office   : +94112486640  

Commercial Bank disclaimer.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
This information is intended only for the person or organization to which it is addressed to, and may contain confidential material. Any use or reliance upon this information by persons or organizations other than the intended recipient is prohibited. If received in error, contact the sender and delete all references to the information. Any view or opinion in this email is solely that of the author and does not necessarily represent those of Commercial Bank of Ceylon PLC.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


______________________________________________________________________
This email has been scanned by the Symantec Email Security.cloud service.
For more information please visit http://www.symanteccloud.com
______________________________________________________________________


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, April 18, 2017

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 26

 

 

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 26
ඔබ තුරුල් කරගෙන නලවනවා නොවේද?

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

අතීත දීර්ඝ භව ගමනේ පටිච්චසමුප්පන්නව 'උපාදාන පච්චයා භවෝ ' කියන ධර්මතාව තුළ සකස්‌වුණා වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌ වී ගියා. විකෘති වී ගියා. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන අතීතයේ සත්ත්වයෙක්‌ ලෙස ඔබ තුළ සකස්‌ වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. සංස්‌කාරයන් අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන විඤ්ඤාණය වෙනස්‌ වී යනවා. පටිච්චසමුප්පන්නව භවය සකස්‌කොට දෙන විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාගේ අනිත්‍යභාවය, වෙනස්‌ වන ස්‌වභාවය නුවණින් දකිමින් අතීත, වර්තමාන, අනාගත විඤ්ඤාණය කෙරෙහි කලකිරීම ඇතිකොටගන්න.

පිංවත් ඔබ පටිච්චසමුප්පන්නව හේතුඵල ධර්මයන්ට අනුව භවයෙන් භවය සකස්‌කොට දෙන විඤ්ඤාණයේ සියුම්, උපක්‍රමශීලී ක්‍රියාකාරිත්වය නුවණින් දකින්න. විඤ්ඤාණයේ සියුම් උපක්‍රමශීලී ක්‍රියාකාරිත්වය නුවණින් නොදකින නිසාම විඤ්ඤාණය හේතුවෙන් සකස්‌වෙන නාමරූපයන්ට පුද්ගලයා බැඳී යනවා. 

භික්‍ෂුව මුණගැසීමට පැමිණි පිංවතුන් කණ්‌ඩායමක සිටි වයස අවුරුදු තුනක පමණ දැරියක්‌ වැඩිහිටියන්ගේ පෙළඹවීමකින් තොරව භික්‍ෂුවට පසඟ පිහිටුවලා වන්දනා කළා. ඒ වෙලාවේ භික්‍ෂුව ප්‍රකාශ කළා මේ දරුවා නම් පෙර ජීවිතයේ හොඳ, වයසක උපාසකම්මා කෙනෙක්‌ වගේය කියලා. භික්‍ෂුව මෙම කාරණය කියනකොටම එම දැරියගේ පිංවත් අම්මා ගැටුණ ස්‌වභාවයක්‌ ප්‍රකාශ වුණා, 'මගේ දරුවා වයසක උපාසකම්මා කෙනෙක්‌ නොවේ' ය කියලා. විඤ්ඤාණය මගේකොට ගත් තැනදී විඤ්ඤාණය හේතුවෙන් සකස්‌වෙන නාම රූප ධර්මයන් මගේ කොට තෘෂ්aණාවෙන් ගන්නවා. නාම රූප ධර්මයන් ආත්මය කර ගන්නවා. එවිට ආත්මය තුළ මම සිටිනවාය කියලා ගන්නවා. නාම රූප ධර්මයන් මගේ කොට ගැනීමේදී සලායතන මගේ කොට ගන්නවා. ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් එකම අවයවයක්‌ කර දකිනවා. අම්මාත් දරුවාත් එකම ආත්මයක කොටසක්‌ බව අයෝනිසෝ මනසිකාරයෙන් දකිනවා. දරුවාගේ ජීවිතය අම්මාගේ ජීවිතය කොට දකිනවා. පටිච්චසමුප්පාද ධර්මය තුළ ජීවිතය විසිරුවා දකින්න දක්‍ෂ නැහැ. 

පිංවත් ඔබේ හෘද සාක්‍ෂියෙන් ප්‍රශ්න කරන්න. ඔබ මේ මගේ කොටගෙන සුරතල් කරන දරුවා කව්ද කියලා. කව්ද මේ දරුවා...? තෘෂ්ණා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති... මෙන්න හමුවෙනවා දරුවා කවුද කියලා. දරුවා කියන්නේ තෘෂ්ණාවේ, ලෝභකමේ, මසුරුකමේ, කෑදරකමේ ඵලයක්‌. මෙය සටහන් තබන භික්‍ෂුවට නම් ලෝභකම, තෘෂ්ණාව එපාම එපා. එහෙත් පිංවත් ඔබ තුරුල් කරගෙන නලවනවා....

තෘෂ්ණාව හේතුවෙන් උපන් බබාලා නිසා අම්මලා තාත්තලා තව තවත් තෘෂ්ණාව වැඩිකොට ගන්නේ, පටිච්චසමුප්පාද ධර්මය තුළ ජීවිතය විසුරුවා දකින්න අපි තුළ ඇති අදක්‍ෂභාවය නිසාමයි. මෙය සටහන් තබන භික්‍ෂුවට තමන්ගේ මියගිය දෙමාපියන් සිහිපත්වෙන කොට, එම ජීවිත පටිච්චසමුප්පාද ධර්මයේ අර්ථයන් පමණක්‌මයි. අපේ අම්මලා, තාත්තලා, දරුවා නමැති බාහිර රූපයන් නිසා මොනතරම් අනාගත දැනීම් ඇතිකරගෙන , සිහින මාලිගාවල ජීවත්වෙනවා ද. මගේ දරුවා අනාගතයේ වෛද්‍යවරයෙක්‌, ඉංජිනේරුවෙක්‌, ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයෙක්‌..... දෙමාපියන් මෙසේ ඇතිකොට ගන්නා අනාගත දැනීම්, එසේත් නැති නම් විඤ්ඤාණයන් අනිත්‍ය වී යනකොට, වෙනස්‌ වී යනකොට, දුකම ජීවිතයකොට ගන්නවා. හදිසි අනතුරකින් පාසල් දරුවෙක්‌ මියගිය අවස්‌ථාවකදී, එම දරුවාගේ දේහය බදාගෙන මවත් වැළපෙනවා, පුතේ උඹ මගේ අනාගත සිහින මාලිගා සේරම බිඳදැම්මාය කියලා. අම්මා ඇතිකොටගත් අනාගත විඤ්ඤාණයන් ගැන ඇයගේ වර්තමාන විඤ්ඤාණය කතාකරනවා. 

දැන් පිංවත් ඔබට හොඳින්ම වැටහෙනවා ඇති, විඤ්ඤාණය කියන ධර්මථාවයේ අර්ථය කුමක්‌ද කියලා. ඉහතින් භික්‍ෂුව සටහන් කරන ලද පංචඋපාදනස්‌කන්ධ ධර්මයේ සරලම අර්ථය වෙන්නේ, ඔබ ඇසෙන් රූපයන් දකිනවා, කනෙන් ශබ්දයන් අසනවා, දිවෙන් රසයන් දැනගන්නවා- 'ඵස්‌සය' . ඔබ දැක්‌ක දෙයට, ඇසුණ දෙයට, දැනුන දෙයට, ඇලෙනවා, ගැටෙනවා, උපේක්‍ෂාසහගත වෙනවා- 'වේදනාව'. ඇලුණු, ගැටුණු, උපේක්‍ෂාසහගත වෙච්ච දෙය ඔබ හඳුනාගන්නවා- 'සංඥාව' . හඳුනාගන්නා දෙය ගැන ඔබ සිතනවා - 'සංස්‌කාර'. සිතන දෙය ඔබ දැනගන්නවා. එසෙත් නැති නම් විශේෂ වූ දැනීමක්‌ ඇතිකොට ගන්නවා. 'විඤ්ඤාණය' හේතුඵල ධර්මයන් නිසා හටගෙන නිරතුරුව වෙනස්‌වන, අනිත්‍යභාවයට පත්වන ධර්මතාවය පහක්‌ සත්ත්වයා නිත්‍යභාවයෙන් ගැනීම නිසාම දුක කියන කාරණය සකස්‌කොට ගන්නවා.

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.