Monday, March 28, 2016

New Year Auspicious Times 2016

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

A good answer for a question raised by some people about offering fruits in the name of Buddha

 

බුදුහිමියන්ගේ අරහං ගුණය නොදන්නවුනට...

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, March 27, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ

 


කායානුපස්‌සනාවේ අරුත නොදැක්‌කොත් අපත් තිරිසන් සත්වයාත් එකම තැනකය

උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. 

කායානුපස්‌සනාව වැඩීමේදී, නැවත නැවත පුහුණුවීමේදී ආශ්වාදය කියන මාරධර්මය ගැන ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. රූපයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්මභාවය වැඩීම නිසාම පිංවත් ඔබ අත්දකින අනිත්‍යභාවය කෙරෙහි සියුම් ආශ්වාදයක්‌ ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ තුළ සකස්‌වෙන රූපය කෙරෙහි අසුබ, පිළිකුල් සිත්ද අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වියයුතුයි. ඒ විතරක්‌ නෙවෙයි අනිත්‍ය වශයෙන් දකින සිතත්, අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ විය යුතුයි. එසේ නොවුනොත් ඔබට සිතාගැනීමටවත් බැරි සියුම් තැන්වලින් මාරයා ඔබ තුළින්ම ක්‍රියාත්මක වෙනවා. 

සමහර පිංවතුන්ලා සිටිනවා, ඒ අය රූපයේ අනිත්‍යභාවය දකිනවා, භාවනා කරනවා. නමුත් එම පිංවතුන් තම ශරීරය පිරිසිදුව තබාගන්නේ නැහැ. පිළිවෙලකට පිරිසිදුව ඇඳුම් පැළඳුම් අඳින්නේ නැහැ. තමන්ගේ කාමරය කුටිය අපිළිවෙලටයි තබාගන්නේ. ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇසුවහම ඒ අය කියන්නේ සියල්ල අනිත්‍යයි කියලා. සමහර පිංවතුන්ලා සිටිනවා, කකුලේ එල්ලී ලේ බොන කූඩැල්ලා, කිනිතුල්ලා ගලවාදමන්නේ නැහැ. ඒ සතුන්ම ලේ බීලා වැටෙනකම්ම ශරීරයේ එල්ලාගෙන සිටිනවා. මදුරුවෙක්‌ ශරීරයේ වසා සිටියොත්a එලවාදමන්නේ නැහැ. මෙතැනදී මේ පිංවතුන්ලා තමා තුළ වැඩෙන අනිත්‍යයි කියන අර්ථයේ ආශ්වාදයකටයි, අන්තයකටයි කොටුවී සිටින්නේ. ඉහත ස්‌වභාවයන්, කායානුපස්‌සනාවේ නාමයෙන් ඔබ තුළ මෝදුවන මාර ධර්මයක්‌ම බව තේරුම්ගත යුතුයි. 

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පෑමට මොහොතකට පෙරාතුව, ආනන්ද ස්‌වාමීන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් විමසනවා, ඔබවහන්සේ පිරිනිවන්පෑමට පසුව සම්බුද්ධ ශරීරයට කුමන ආකාරයෙන් කටයුතු සිදුකළයුතුද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා, ආනන්ද සක්‌විති රජකෙනෙකුගේ ශ්‍රී දේහයට දක්‌වන යම් ගෞරවයක්‌ ඇත්ද, එවැනිම ගෞරවයක්‌ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී දේහයට දක්‌වන්නය කියලා. රූපයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණය තුන්ලෝකයාටම දේශනාකළ සම්බුදුපියාණන්, පුරා හතලිස්‌ පස්‌වසරක්‌ම රූපයේ අනිත්‍යභාවය,අසුබභාවය, පිළිකුළම ලෝකයාට මතුකොට පෙන්වූ සම්බුදු පියාණන් තම මියගිය සම්බුද්ධ සිරුරට සක්‌විති රජකුගේ දේහයට දක්‌වන ගෞරවයන් දක්‌වන්න යෑයි ප්‍රකාශ කරන්නේ පිරිනිවීගිය සම්බුද්ධ රූපය තුළිනුත්, දෙව් මිනිසුන් සහිත ලෝකයාට ගෞරව පුද වන්දනා කිරීමට සලස්‌වා මෙලොව පරලොව යහපතට අදාළ කාරණා සලසාදෙන්නයි. තම ශ්‍රී දේහය උපයෝගී කරගෙන අන්තිම නිමේෂයේදීත් ලෝකයාට අනිත්‍ය සංඥාව මතුකොටදීමටයි. අන්තයන්ට කොටු නොවූ අනිත්‍ය සංඥාවේ අර්ථයයි අපි ඉහතින් දකින්නේ.

යම් පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇසුවහොත් 'ඔබ වහන්සේ අපවත් වුණාට පස්‌සේ, ඔබ වහන්සේගේ මළ සිරුර සුදු රෙදිකඩක ඔතා, වළක්‌ කපා වළට දමන්නටද?' කියලා භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කරන්නේ 'මහත්තයෝ මේ රූපයෙන් යම් උතුම් කර්තව්‍යයක්‌ මනුෂ්‍යයෙකුට කරගන්නට තිබෙනවානම් භික්‍ෂුව ඒ කර්තව්‍යය කරගෙනයි සිටින්නේ. ඒ නිසා මේ රූපයෙන් දැන් භික්‍ෂුවට සත පහකවත් වැඩක්‌ නැහැ. මහත්තයාට අවශ්‍යනම් භික්‍ෂුවගේ මළ සිරුර උපයෝගීකොට මෙළොව පරළොව පිනට කුසලයට අදාළ කටයුතු කරගන්න' කියලා. අනිත්‍ය කියන සංඥාවේ නාමයෙන්, භික්‍ෂුව ඔහුට ප්‍රකාශ කළොත් භික්‍ෂුවගේ මළ සිරුර සුදුරෙදි කඩක ඔතා වළ දමන්න කියලා, අනිත්‍යයි කියන අර්ථයේ ආශ්වාදයට භික්‍ෂුව කොටුවුණා වෙන්න පුළුවන්. මම තුළ අනිත්‍ය සංඥාවද, අනිත්‍ය සංඥාව තුළ 'මම'ද සිටියා වෙන්න පුළුවන්. මෙවැනි 'අනතුරු'වලදී සංස්‌කාරයන්ට අදාළව වෙන්න තිබෙන දේ වෙන්න හැරලා, සිත අතහරින්න අප දක්‍ෂ වෙන්න ඕනේ.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනාකොට ඇති පරිදි, සතර සතිපට්‌ඨාන ධර්මයන් නිවැරදිව පුහුණුකළොත් උපරිම හත්වසරකින් ධර්මාවබෝධය ලබන්න හැකිය කියන අර්ථය කල්ප සියක්‌ කෝටි ගණනක්‌ භවයේ ගතවෙලත් තවම අපට බැරිවුණේ කායානුපස්‌සනා ධර්මයන්ට අදාළව අපේ සිත වැඩෙන විට ආශ්වාදයට මුවාවී මාරයා ඉතා සියුම් තැන්වලින් පහරදෙන නිසාය. 

පිංවත් ඔබ නිරතුරුවම දෙතිස්‌ කුණපය දකිමින් ජීවත්වන්න. ඔබ ජීවිතය සමග පමණක්‌ ජීවත්වුණොත්, ඔබ ජීවත්කරන්නේ දෙතිස්‌කුණපයක්‌ය කියන කාරණය ඔබට අමතක වෙනවා. දඹදිව කොසොල් රාජ්‍යයේ සිරිමා කියල රූමත් තරුණ ගණිකාවක්‌ හිටියා. ඇයගේ තරුණ රූමත්භාවයට යාබද රාජ්‍යයන් පවා වශීවෙලයි සිටියේ. ඇය හදිසියේම මියපරළොව යනවා. බුදුරජාණන්වහන්සේට සිරිමාගේ මරණය ආරංචිවෙලා රජතුමාට පණිවුඩයක්‌ යවනවා, සිරිමාගේ මළ සිරුර අමුසොහොනේ සතුනට කන්න නොදී දින හතක්‌ ආරක්‍ෂා කරන්නය කියලා. සත්වෙනි දවසේ රටේ ජනතාවට දැනුම්දෙනවා රූමත් සිරිමාව දකින්න අමුසොහොනට එන්න කියලා. බුදුරජාණන්වහන්සේත් අමුසොහොනට වැඩම කරනවා. කොසොල් රජතුමාට බුදුරජාණන්වහන්සේ දැනුම්දෙනවා, ඉදිමී, නිල්පැහැගැන්වී, කුණු ඕජාව ගලමින්, පණුවන් නලියමින්, නිලමැස්‌සන්ට නිවහනක්‌වූ සිරිමා රූමතියගේ මළසිරුර වෙන්දේසි කරන්නය කියලා. රජතුමා මසුරන් දහසක ලංසුවකින් පටන් ගන්නවා. නමුත් අවසානයේ ලංසුව කහවනු එකක්‌ දක්‌වා අඩුකරනවා. සිරිමාවගේ රූපයකට කිසිම ලංසුවක්‌ නොදෙන නිසා අවසානයේ රජතුමා කියනවා නොමිලේ සිරිමාගේ රූපය අරගෙන යන්න කියලා. ඒත් කිසිවෙක්‌ ඉදිරිපත් වෙන්නේ නැහැ. මීට සතියකට පෙර කහවනු දහස්‌ ගණනකට මිල නියමවූ රූමත් සිරිමාගේ සිරුර අවසානයේ මළකුණු කන තිරිසන් සතුන්ට පමණක්‌ වටිනා දෙයක්‌ වුණා. සිරිමා රූමතිය ජීවතුන් අතර සිටියදී, ධනවත් සිටුවරුන්, කුළවතුන් එම රූපයේ රසවින්දා. සිරිමා මියගියවිට එම රූපය තිරිසන් සතුන් රස කරමින් රසවින්දා. කායානුපස්‌සනාවේ අර්ථය නොදන්න නිසාම තිරිසන් සතා කරනා දෙයම අපි තවමත් කරමින් සිටිනවා.ජීවත්ව සිටින රූපය මනුෂ්‍යයා රසවිඳිනවා. මියගිය රූපය තිරිසන් සතා රසවිඳිනවා. කායනුපස්‌සනාවේ අර්ථය රූපය මළත් නොමළත් ජරාවටම පිළිකුලටම අයත් දෙතිස්‌ කුණුපයක්‌ම බව පිංවත් ඔබට අවබෝධකොට දෙනවා. 

(
දෙතිස්‌ කුණුපයට අදාළ කොටස මෙයින් නිමවේ)

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Friday, March 18, 2016

චිත්ත විශුද්ධි පදනම - මීළඟ සූත්‍ර ධර්ම දේශනාව

 

සාමඤ්ඤඵල සුත්‍රය ඇසුරින් පැය 6 ක් පුරා අඛන්ඩව පවත්වන ධර්ම දෙශනය , මාතර වල්ගම දී...


--

චිත්ත විශුද්ධි පදනම

To no longer receive these updates, mail to chiththa.vishuddhi@gmail.com with subject Unsubscribe.

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, March 15, 2016

Only in Sri Lanka

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, March 14, 2016

රජ..කාලේ..ගොවි..බදු..ක්‍රම

 

 

 

රජ කාලේ ගොවි බදු ක්‍රම

ගම නමින් හඳුන්වනුයේ ගොවීන් පදිංචි ස්‌ථානයටයි. ගම යයි කී විට එක්‌ වරම මතකයට එන්නේ වෙල් යායකි. එදා ගමක්‌ කරවූයේ "ගමරාළ" හෝ ගම මහගේය. ගොඩ මඩ වී වගාවට එදා පැවති පාලන ක්‍රමය ඉතා විධිමත්ය. පංගුකාරයන්ට වගාවට දුන් හේන්වල මායිම් කෙටීමට "කළුදං කෙටීම" යයි කියති. හේන් කොටා දමා මායිම්වල හේන් කණු සිටුවති. "ආමර්" නමැත්තකු ලියූ උඩරට නීති රීති නම් ග්‍රන්ථයේ මිනිසාට අයත් නැති හෝ ගොවිතැන් නොකළ හෝ කැලෑ හා මුඩුබිම් රජුට අයිති බව පවසා ඇත.

පැරණි ගොවි බදු ක්‍රම

රටේ උපද්දන ධාන්‍යවලින් දහයෙන් පංගුවක්‌ රජයට දීම පෙරදිග රටවල සිරිත විය. පැරණි ග්‍රන්ථවල "සස්‌ස මේධය" යයි කිය වෙන්නේ මෙයටය. "අසාරහ" නම් රජුට එම නාමය ලැබුණේ රාජ භාගය සියයට දහයක්‌ ගත් නිසා බව අටුවා වන්හි සඳහන්ය. බිම් අඳය ලෙස දහයෙන් පංගුව දුන් බව විනය පිටකයේද සඳහන්ය. පසුව එම බද්ද පහෙන් පංගුව විය.

මඩරන් බද්ද

මෙය රජයේ බිම් ප්‍රමාණයකට දුන් බව පෙනේ. වැසි දියෙන් වගා කළ කුඹුරුවලට පමණක්‌ අයකර ඇත.

වලහන

ගොයම් කපා පාගන අයට කුලිය ලෙස දුන් කොටස වලහනය. සමහර ගම්වල අදත් ගොයම් කපන අයට ගොයම් කොටසක්‌ම දෙනු ලැබේ. සමහරු කුරුණියෙන් මැන වී දෙති. අද කාලයේ නම් කුලිය ලෙස මුදල් දෙති. වී අගේ කරන අය වී ලබා ගනිති.

සුවන්දිරම්

සුවන්දිරම් ප්‍රමාණය සියයට හතළිස්‌ අටෙන් එකකි. මාතර පළාතේ දැනටත් පවතින ක්‍රමයකි.

මහවර

පන්සල් හා දාන ශාලාවලට දුන් වී බද්දයි. වී බදු අය කරන්නාගේ නිවසට "බද්දෙ ගෙදර" වී බද්දෙ ගෙදර වැනි නම් අදටත් භාවිතයේ පවතී. බද්දෙ රාළ නාමය අද පෙළපත් නාමයක්‌වී ඇති බව ද පෙනී යයි.

ඉරවරිය

මේ බද්ද සඳහා දෙනු ලබනුයේ හාල්, මී පැණි සහ දුංතෙල් ආදියයි. ඉරවරි යන්නෙන් බිම් බද්ද අදහස්‌ වෙයි.

ඩතු

නින්දගම් කඹුරු වගා කළ විට නින්දගම් කාරයාට ගෙවූ කුලිය "ඩතු" නම් විය.

දකපතිය

ජලය පරිහරණය කිරීම වෙනුවෙන් අය කළේ දකපති බද්දය. සඳු මුහුණු රජුගේ දේවිය ඉසුරුමුණියට මණිකාර ග්‍රාමයෙහි දකපතිය දුන් බව මහා වංශයෙහි සඳහන්ය.

නිල පඬුරු

වගා කළ ඉඩම් වෙනුවෙන් රජයට ගෙවන බදු මුදලකි.

සලාරිස්‌

වෙල් විදානේට දුන් කොටස මේ නමින් කියෑවේ. මේ බද්ද සියයට එකකි.

බොජිනි පතිය

වගා කළ හා පදිංචි ඉඩම්වලින් රජයට දුන් බද්දට බොජිනි පතිය යයි කියති.

කත්හාල්

රජ වාසලට ගෙන යන හාල් කදය.

පඬුරුවත

නිසරු කුඹුරු හිමියන් ගෙන් අය කළ බද්දකි. මෙය නිශ්ශංකමල්ල රජු විසින් ඉවත් කරන ලදී.

බලිබත්

බිලිසාල් ධාන්‍යවලින් දුන් බදු විශේෂයකි. රාජ්‍ය නිලධාරීන්ට දෙන ඇකුම් බලිබත යයි ද කියති.

භාරමාරුව

ඉඩමක්‌ වගාවට භාර ගැනීමේදී මුල් වරට දෙන මුදල භාර මාරුවයි. 

වී රේන්දය

රේන්ද බද්දෙන් අය කළ වී ගබඩා කළ තැනට පත්තායම යයි හඳුන්වා තිබේ. පත්තායම යනු මලයාලි වචනයකි. මාතර පළාතේ පත්තායම තංගල්ලේ පිහිටුවා තිබුණේය. එහි ලේකම් ධුරය දරන්නා පත්තායමේ ලේකම් නමින් ප්‍රකට විය. ජාන්චිද සිල්වා සමරවීර ඔහුගේ නමය. මාතර යුගයේ ප්‍රකට කවියෙකි. ගජමන් නෝනා සමඟ පෙම් කවි ලීවේ ඔහුය. හෙතෙම ගෘංගාර රසයට බරවූ කවි ලියා ඇත.

බොල් පසලාසය

බොල් පොලා ලබා ගන්නා වියට වලහන නමින් කියයි. ශුද්ධ නොකළ කාටුව මලු ගණනින් වී අස්‌වැන්න අනුමාන කළ හැකිය. පන් කොළ වලින් එකල මලු ගොතන ලදී. අද ඒ ක්‍රමය නැත. 

පැල්දොර

පැල්ලැගීම වෙනුවට ගෙවන කුලිය පැල්දොර නම් වේ. පැල් රකින කුඹුරු අද කාලයේ හිඟය. හේන්වල නම් ඇත. කැලෑ බද දෙණි කුඹුරුවලට වල් ඌරෝ එති. එනිසා පැල් සිටිය යුතුය. පැල්කවි කිය යුතුය.

කරුව

තම කෙතට ආරක්‌ෂාවට සහාය කරගන්නාට දෙන ධාන්‍ය කොටසයි දෙය්යන්නෙ වී. 

පාවරක්‌ පළමු කොටම මැනීමේදී වෙන් කරන වී ස්‌වල්ප යයි. අක්‌කියල් ලාභ නමින් හඳුන් වන්නේද මෙයයි.

අතපැන් දිය

අතමාරුව ගත් ධාන්‍ය කොටසයි. "ත්‍යාග යයි කියා දෙති" යනුවෙන් පූජාවලියෙහි මේ ගැන කදිමට විස්‌තර වෙයි.

කටුමානතු පාගා ගත් ධාන්‍යවල ඉතිරිවන කුඩා රොඩ්ඩ ඉපළකින් ඉවත් කිරීමද දෙන ගතමනාවයි.

අඳේ

ගොවි බදු අයකර ගැනීමට එකල වගා ආරච්චිලා පත්කර තිබිණි. "වගාච්චි කන්ද" නමින් ප්‍රදේශයක්‌ මොරවක්‌කෝරළේ ගොරකවලට නුදුරුව පිහිටා තිබේ. අඳේට කුඹුරු වගා කිරීම අදත් ඇත. අනුන්ගේ කුඹුරක්‌ අල්ලාගෙන වැඩ කිරීම අඳ ක්‍රමයයි.

වී වගා වගතුග

සිංහල රජ සමයේදී බදුල්ල - රත්නපුර, කෑගල්ල වැනි පළාත්වල නින්දගම් පවරා තිබිණි. කුලීකරුවන් යොදා කුඹුරු වගා කරන ප්‍රදේශ ද ඇත. වී වගාවට ගොවි කුලයට පමණක්‌ සීමා නොවන්නකි.

කුඹුරු රැසක්‌ ඇති නිසා වෙල්ලස්‌සය වෙල්ලස්‌ස වී ඇත. බද්දේගමට ඒ නාමය ලැබී ඇත්තේද බත් දෙන ගම අදහසින්ය. එකල වී ගබඩා කර තැබීමට වී අටු ද කොටුද වී පෙට්‌ටිද පැවතිණි. ලංකාතිලක විහාරයේදී විශාල වී පෙට්‌ටියක්‌ දැක ගැනීමට තිබිණි. ගොවියා මේ රටක බලේ බත අපේ ප්‍රධාන ආහාරයයි. සහල් අපගේ ජීවනයයි. බත් සපයන අත් බැබලේවි.




අලපලාදෙණියේ 
සුමනදාස සිරිවර්ධන


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, March 6, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ

 

 

 භික්‍ෂුවට හොඳටම විශ්වාසයි හෙට දවසේ සතර සතිපට්‌ඨාන ධර්මයන්ගෙන් සිත ආවරණය නොකරගත් ස්‌වාමීන්වහන්සේ නමක්‌ මතුවෙලා ප්‍රකාශ කලොත් අහවල් ගංගාවෙන් දිය දෝතක්‌ පානය කළෙත් මේ ජීවිතයේදීම සෝවන්ඵලයට පත්වෙනවා කියල අපේ පිංවතුන්ලා වැල නොකැඩී ඒ ගංගාව සොයාගෙන යනවා. අදහස යෝජනා කරන පංචඋපාදනස්‌කන්ධයත් අදහස ක්‍රියාත්මක කරන පංච උපාදනස්‌කන්ධයත් මාරයා කියල දකින්නේ නැහැ.

 

(සතර සතිපට්‌ඨාන ප්‍රවේශය -2)

බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ ඔබට 
අතහැරුණු හේතුව මෙයමයි
උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. 

භික්‍ෂුව ගිහිකාලයේ ඇසුරුකරපු සමාජය, භික්‍ෂුවට ආදරය කරපු සමාජය, භික්‍ෂුවට කමටහනක්‌ වු සමාජය තවමත් ඒ විදිහටම තිබෙනවා. ඥාතියා, අසල්වැසියා, හිතවතා, පන්සල, ගම, නගරය තවමත් ඒ විදිහට තිබෙනවා. නමුත් ඒ සමාජය නිසා භික්‍ෂුව තුළ වර්තමානයේ තෘෂ්ණාවෙන් බැඳීමක්‌ සකස්‌වන්නේ නැහැ. සිත හිස්‌වයි පවතින්නේ. ලස්‌සන අවලස්‌සන තවමත් ලෝකයේ තිබෙනවා. නමුත් සිත හිස්‌වෙලා. සිත හිස්‌වුන තැනදී ලෝකය හිස්‌ දෙයක්‌ බවටයි පත්වෙන්නේ. මොකද ලෝකය පුරවලා දෙන්නේ තෘෂ්ණාවෙන්. රූපයේ අනිත්‍යභාවය දකිමින් හිස්‌කළ සම්මුති ලෝකය දෙස තෘෂ්ණාව හිස්‌කළ පංච උපාදනස්‌කන්ධය නැමති ලෝකය තුළින් බැලීමේදී හිස්‌බවක්‌මයි දකින්නේ. 

රූපයත් රූපය ඇසුරෙන් සකස්‌වෙන කැමැත්තත් අකැමැත්තත් ගැන සටහන් තබමින් භික්‍ෂුව පිංවත් ඔබට මේ කියන්න යන්නේ පංචඋපාදාන්ස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකර ගැනීමේ තීරණාත්මක ධර්මතාවය වන උතුම් සතර සතිපට්‌ඨාන ධර්මය ගැනයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා යමෙක්‌ මේ උතුම් සතර සතිපට්‌ඨාන ධර්මයන් සම්මාසම්බුද්ධ දේශණාවට අනුකූලව දින 07 ක්‌ වැඩුවොත් ඔබ චතුරාර්ය සත්‍යය අවබෝධකරගැනීමට කැමති වෙන්න ඕනේය කියලා. දින 07 කින් ධර්මාවබෝධය ලබන්න ඔබට බැරිවුනොත් සති 07 කින් ධර්මාවබෝධය ලබන්න කැමතිවෙන්න ඕනේය කියලා. සති 07 කින් ධර්මාවබෝධය ලබන්න ඔබට බැරිවුනොත් මාස 07 කින් ධර්මාවබෝධය ලබන්න කැමති වෙන්න ඕනේය කියලා. මාස 07 කින් ධර්මාවබෝධය ලබන්න බැරිවුනොතින් අනිවාර්යෙන්ම අවුරුදු 07 කින් ධර්මාවබෝධය ලැබෙනවාය කියලා. බුදුරජාණන් වහන්සේ හේතුඵල දකිමින් ධර්මාවබෝධය ලැබිය හැකි කාල වකවානු පිළිබඳව පැහැදිලි සහතිකයක්‌ ලබාදී තිබියදී සාරාසංඛ කල්ප ලක්‍ෂගණනක්‌ ඈත පටන් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂගණනක්‌ පසුකර පැමිණි ගමනේදීවත් මේ උතුම් සම්මා සම්බුදAධ ශාසනය මුණගැසුණ මේ ජීවිතේදීවත් පිංවත් ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධකර ගැනීමට නොහැකිවූයේ උපරිම වශයෙන් අවුරුදු 07 ක්‌ සතර සතිපට්‌ඨාන ධර්මයන් නිවරුදිව ප්‍රගුණ නොකළ හේතුව නිසාමයි. උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. 

සතර සතිපට්‌ඨාන ධර්මයන්ගෙන් ආවරණය නොකරගත් මනුෂ්‍ය ජීවිතය නිරතුරුවම මුලාවන්ට කොටුවෙනවා. වර්තමානයේ ධර්මයේ නාමයෙන් මනුෂ්‍යයින් වැළඳගන්න මුළාවන් දෙස බලනවිට පිංවත් ඔබට ඉහත කාරණය පැහැදිලිවෙනවා. භික්‍ෂුවට හොඳටම විශ්වාසයි හෙට දවසේ සතර සතිපට්‌ඨාන ධර්මයන්ගෙන් සිත ආවරණය නොකරගත් ස්‌වාමීන්වහන්සේ නමක්‌ මතුවෙලා ප්‍රකාශ කලොත් අහවල් ගංගාවෙන් දිය දෝතක්‌ පානය කළෙත් මේ ජීවිතයේදීම සෝවන්ඵලයට පත්වෙනවා කියල අපේ පිංවතුන්ලා වැල නොකැඩී ඒ ගංගාව සොයාගෙන යනවා. අදහස යෝජනා කරන පංචඋපාදනස්‌කන්ධයත් අදහස ක්‍රියාත්මක කරන පංච උපාදනස්‌කන්ධයත් මාරයා කියල දකින්නේ නැහැ. අනුන්ගේ මෝහයෙන් ගිනිගන්නා පංච උපාදනස්‌කන්ධයක්‌ නිසා තමනුත් ගිනි අවුලුවා ගන්නවා. මෝහය නිසාම සමාජය තුළ ඇවිලෙන මේ ගින්න යම් පමණකට හෝ නිවාගැනීමට අවශ්‍යනම් සම්මාදිට්‌ඨියට යටත්ව සතරසතිපට්‌ඨාන ධර්මයන්ට අනුව පංචඋපාධානස්‌කන්ධයේ හිස්‌භාවය තේරුම්ගත යුතුව තිබෙනවා. එසේ නොවන විට අනිත්‍යවු පංචඋපාධානස්‌කන්ධයක්‌ මමය, මගේය කොටගෙන සමාජයතුළ වැඩෙන මෝහයට තවතවත් අපි පොහොර දමනවා. බුදුරජාණන්වහන්සේ ප්‍රතික්‌ෂේපකොට වදාල කාමසුඛල්ලිකානු යෝගයත් අත්තකිලමතානු යෝගයත් තුළින් නිවීමේ මාර්ගය තරණය කිරීමට වර්තමාන සමාජය ගන්නාවු ව්‍යායාමය එහිම ප්‍රතිඵලයන්මයි. කල්‍යණමිත්‍ර ආශ්‍රයේ දුර්වලතාවයන් නිසාම වේවැල අතටගත් ව්‍යාපාරික ක්‍රමවේදයන්ට භාවනාව හසුවීම නිසාම මෝහයේ අව්කාෂ්ඨකයෙන් මොළය වියලී ගිය මනුෂ්‍යයින්ට සැබෑම සතර සතිපට්‌ඨාන ධර්මය සිහිල් පොද වැස්‌සක්‌ වෙනවා. රූපයන් සොය සොයා කාමයන් පසුපස හඹායන ජීවිතවලට, මැරෙන බව නොදැන ජීවත්වීමම අරමුණුකරගත් ජීවිතවලට, සතර සතිපට්‌ඨාන ධර්මය මහා ඔසුවක්‌ වෙනවා. කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතරසතිපට්‌ඨාන ධර්මයන් තුළින් රූපයත්, රූපය ඇසුරෙන් සකස්‌වෙන පංචඋපාධානස්‌කන්ධයේ යථා ස්‌වභාවයත් ඔබට මතුකර දෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගුරුවරයා බවට පත්කරගෙන උතුම් සතරසතිපට්‌ඨාන සුත්‍රය එකම කමටහන බවට පත්කරගෙන ධර්මයෙන් සැනසීමට පහත සටහන පිංවත් ඔබට පුංචි හෝ උපකාරයක්‌ වෙතැයි භික්‍ෂුව විශ්වාස කරනවා. 

බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා අතීතයේ රජ කුමරුන්ට ආණක කියල බෙරයක්‌ තිබුනා කියල. එම බෙරයෙන් අණබෙර ගහල තමයි තම යටත් වැසියන්ගේ අස්‌වැන්නෙන් තමන්ට අයිති බදු කොටස ලබාගන්නේ. මේ අණ බෙරයේ කඳ සිදුරු වුන විට එම සිදුරට ඇණයක්‌ ඔබනවා මෙහෙම කාලයක්‌ යද්දී බෙර කඳ අතුරදහන්වෙලා ඇණ ඔබපු සැකිල්ල ඉතුරුවෙනවා. මේ උපමාවෙන් බුදුරජාණන්වහන්සේ දේශනාකරන්නේ, උන්වහන්සේ විසින් වදාල අර්ථවත් ගාම්භීර සුත්‍ර දේශනාවන් තිබුනත් අනාගතයේදී පිංවතුන් ඒවා අහන්න දේශනාකරන්න කැමතිවෙන්නේ නැහැය කියල. කවි, විරිදු, විසිතුරු කියුම් අසන්න ශ්‍රාවකයින් කැමතිවෙනවාය කියලා. මේ හේතුව නිසාම බුදුරජාණන් වහන්සේ දේශණාකර වදාල අනිත්‍ය දුක්‌ඛ අනාත්ම ත්‍රිලක්‍ෂණයට අදාළ ධර්මයන් ක්‍රමානුකූලව අතුරුදහන්වෙනවාය කියල. එම නිසා පිංවත් ඔබ පංචඋපාධනස්‌කන්දයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම අවබෝධයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශණාකර වදාල ගාම්භීරම දේශණාව වන සතර සතිපට්‌ඨාන සුත්‍රය කැමැත්තෙන් ඉගෙන ගන්නවාය ජීවිතයට එකතුකර ගන්නවාය කියල තීරණය කරන්න ඕනේ. සතර සතිපට්‌ඨාන සුත්‍රයට බාහිරව සමාජය තුළ භාවනාවේ නාමයෙන් ක්‍රියාත්මක වන යම් ක්‍රියාකාරකම් ඇතොත් ඒවා නුවනින් හඳුනාගෙන බැහැර කරන්න ඕන. සතර සතිපට්‌ඨාන ධර්මයන් පිළිබඳ යථා ස්‌වභාවය කෙලෙස්‌ දුරුකිරීමේ වීර්යෙන් කෙලෙස්‌ දුරුකිරීමේ නුවණින් සතියෙන් සිහියෙන් යුතුව, සත්වයාගේ අවබෝධය නිසාම හටගත් දුක නැමති උපාධානස්‌කන්ධ ලෝකය දකිමින් ජීවත්වන්න දක්‍ෂවෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා යමෙක්‌ පිංවත් ඔබේ පපුවට තියුණු උලකින් දිනකට 300 වතාවක්‌ අනිනවා. මේ විදියට වසර 300 ක්‌ දිනපතා උල්පාරවල් 300 බැගින් අනිනවා. මෙවැනි වේදනාවක්‌ විඳලා හෝ යමෙක්‌ ඔබට කීවොත් ධර්මාවබෝධය ලබාදෙනවා කියල ඔබ ඒ දුක විඳලා ධර්මාවබෝධය ලබන්න කැමතිවෙන්න කියලා. මෙවන් දුෂ්කර කටයුත්තක්‌ උපරිම වසර 07 කින් පරිපුර්ණභාවයට පත්කරදීමට සතරසතිපට්‌ඨාන ධර්මයන්ට පුළුවන්ය කියල බුදුරජාණන් වහන්සේ සහතිකයක්‌ දෙනවා. පෙර පිනටම පිංවත් ඔබට ලැබුණු මේ උතුම් අවස්‌ථාව සතරසතිපට්‌ඨාන ධර්මයන්ට අනුව ජීවිතය නොදකින නිසාම අතපසුකරගන්න එපා. 

(
කායනුපස්‌සනාව විග්‍රහය ලබන සතියේ සිට...)

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.