Sunday, May 24, 2015

පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ මෙහෙයවන මාසික ධර්ම වැඩසටහන්

http://chiththavishuddhi.org/sys/index.php/programmes/16-programs/91-bhawanaprograms

චිත්ත විශුද්ධි - මාසික ධර්ම වැඩසටහන් මාලාව

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට බලාපොරොත්තු වන මාසික වැඩසටහන් මාලාව පිලිබඳ තොරතුරු මෙසේ සඳහන් කරමු. මෙම වැඩසටහන් පහත සඳහන් දින වලදී පැවැත්වීමට බලාපොරොත්තු වන අතර වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ කම්මට්ඨානාචාර්ය පුජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසිනි. මෙම වැඩසටහන් පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වේ.

දින 12 ක දී වැඩසටහන් 12 කින් පමණ, භාවනා සඳහා අවශ්‍ය ධර්ම කරුණු කියාදීමත් දිනපතා නිවසේදී භාවනා හා ධර්ම අවබෝධය සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමත්, නේවාසික භාවනා වැඩසටහන් සඳහා අවශ්‍ය පෙර පුහුණුව ලබාදීමත් මෙම වැඩසටහන් වල අරමුණවේ.

සෑම මාසයකම පළමු ඉරිදා 

පානදුර , නගර ශාලාව.

2015, අගෝස්තු මස සිට පැවැත්වේ. 

සෑම මාසයකම දෙවන ඉරිදා

මහව , ගල්ලෑව වෙහෙර අරණ්‍ය සේනාසනය. 

2015, ජුනි මස සිට පැවැත්වේ. 

සෑම මාසයකම තුන්වන ඉරිදා

ගාල්ල නගර ශාලාව.

දැනටමත් ආරම්භ වී ඇත.

සෑම මාසයකම හතරවන සෙනසුරාදා  

පේරාදෙණිය, සුබෝධාරාමය.

දැනටමත් ආරම්භ වී ඇත.

සෑම මාසයකම හතරවන  ඉරිදා

විපස්සනා භාවනා මද්‍යස්ථානය, විජේරාම මාවත, 
කොළඹ 07.   

2015 මැයි 31 පළමු වැඩසටහන පැවැත්වේ.
(
මැයි 31 දින පමණක් පෙ.ව.8.00 සිට ප.ව. 1.30 දක්වා)

ගම්පහ වැඩසටහන පිළිබඳව පසුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

ඉන්ෆ්ලුවෙන්සා AH1N1 පැතිර යාමේ සුලබතාවක්

ඉන්ෆ්ලුවෙන්සා AH1N1 පැතිර යාමේ සුලබතාවක්

ඉන්ෆ්ලුවෙන්සා AH1N1 ආසාදිත තත්ත්වය ජනතාව අතර පැතිර යාෙම් සුලබතාවක් වසංගත රෝග විද්‍යා අංශයට නිරීක්ෂණ වී තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
එබැවින් මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණ වන උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදනය වැනි රෝග පවතී නම් නොපමාව රජයේ රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙස ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව පැවසුවේ, මෙම දිනවල සුලබ ලෙස පැතිරෙමින් පවතින AH1N1 ඉන්ෆ්ලුවෙන්සා රෝගය සම්බන්ධයෙන් ගතයුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (24දා) සෞඛ්‍ය අමාත්‍යාංශය කැඳවූ විශේෂ රැස්වීමේදීය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා,
&
සෙනඟ වැඩිපුර ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටින්නට මෙන්ම පිටතට ගොස් පැමිණි වහාම සබන් යොදා හොඳින් දෑත් සේදීම, රෝග ලක්ෂණ මතුවූ වහාම ප්‍රතිකාරවලට යොමුවීම කෙරෙහි අවධානය යොමුකරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. 
මේ රෝගයේ සංකූලතාව වැඩිවීමට හැකි විශේෂ පිරිසක් සිටිනවා. කුඩා ළදරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන්, ගැබිනි මවුවරුන්, දියවැඩියාව වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන්නන්, දිගු කාලීන පෙණහලු ආබාධවලට ගොදුරු වී සිටින්නන් වඩාත් ප්‍ර'වේශසම් වීමට වගබලාගත යුතුයි. එවැන්නන් එක්දිනක් උණ පැවතියත් වහා ප්‍රතිකාර වෙත යොමුවිය යුතුයි. 
සෙසු පුද්ගලයන් වුවත් ශ්වසන ආබාධ නොසලකා හැරීමට යොමුනොවී ප්‍රතිකාර සඳහා යොමුවීම සංකූලතා අඩුකර ගැනීමට මගසලසා ගැනීමක් බව අමතක නොකළ යුතුයි. 
කිසියම් අයෙකුට මේ පිළිබඳ යම් ගැටලුවක් පවතී නම් වසංගත රෝග විද්‍යා අංශය 0112681548 හෝ ප්‍රධාන වසංගත විද්‍යාඥ පබා පළිහවඩන මහත්මියගේ පෞද්ගලික දුරකථන අංකය 0773291441 යන අංකය අමතා විසඳා ගැනීමට පහසුකම් සපයා තිබෙනවා* යැයි පැවසීය. 

http://www.ada.lk/article/68567/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F-AH1N1-%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A-%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B6%B6%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A

.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Friday, May 22, 2015

Right....

Thursday, May 21, 2015

What is your personality

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Wednesday, May 20, 2015

Every man have a 4 Wife's .......Pls. read. This is very true

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

මහරහතුන් වැඩි මග ඔස්‌සේ

http://www.divaina.com/2015/05/17/feature05.html
සංස්‌කාර නම් මැජික්‌කාරයා දැකගන්න

භික්‌ෂුව පිණ්‌ඩපාතයේ වඩින කැලෑ මාර්ගයේ, අඩිපාර, කොළ අතු වැටිලා අපවිත්‍ර වෙලයි තිබුණේ, ගමේ පිංවත් මහත්මයෙක්‌, ඊයේ සවස එම අඩිපාර හොඳින් අතුගාල පිරිසිදු කරලා තිබුණා. මහාසංඝරත්නය අරමුණුකොට, මං මාවත් පිරිසිඳු කිරීමේ පිනෙන්, මහත්මයාට, සුවපහසු මටසිලිටු, බුමුතුරුණු පළස්‌ ඇතිරිලි, සැපවත් යාන වාහන සහිත මහේශාදී සැපසම්පත් ලැබේවා කියලා, භික්‌ෂුව එම මහත්මයාට පිං අනුමෝදන් කළා. යම් පිංවතෙක්‌ මහා සංඝරත්නය අරමුණු කොට, මංමාවත් පිරිසිදු කරනවා නම්, ඉහත ආනිශංශයන් ලැබෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එම නිසාම ශ්‍රාවකයින් වන, අපිත් එම සම්පත් ලැබේවා කියලා, ගිහි පිංවතුන්ලාට ආශිර්වාද කරනවා. මෙවැනි ආශිර්වාද කිරීම් හේතුවෙන් ගිහි පිංවතුන්ලා තුළ, කුසලය, කෙරෙහි තව තවත් ඡන්දය ඇතිවෙනවා. අපි පිංවතුන්ලාට එවැනි සශ්‍රීක ජීවිත ප්‍රාර්ථනා කළත්, වර්තමාන සමාජයේ, පෙර පින නිසාම, මේ ජීවිතයේදී, සශ්‍රීක මහේශාඛ්‍ය ජීවිත ගතකරන, ආයුෂ, වර්ණ, සැපය, බලය, සහිත ජීවිත ගතකරන, පිංවතුන්ගේ සැපයන් කෙරෙහි, ද්වේශයෙන්, වෛරයෙන්, කටයුතු කරන පිරිස්‌, සිටින බව සමාජයේ සිදුවන ක්‍රියාකාරකම් තුළින් විද්‍යමාන වෙනවා. මෙය පිනට කරන අභියෝගයක්‌ වෙනවා.

සිද්ධාර්ථ කුමාරයා කිඹුල්වත් නුවර ශාක්‍යවංශයේ උපත ලබන්නේ, රම්‍ය, සුරම්‍ය, සුභ මාළිගාවල කුමාර සැප සම්පත් වින්දේ කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌ නිසා. අනුරුද්ධ මහරහතන්වහන්සේ ගිහි කුමාර අවධියේ, තම සිටු මන්දිරයේ සිට, ඇල් සහල් අනුභව කරනවා. නමුත් මේ ඇල්සහල් ලැබෙන්නේ කොහොමද කියලා, අනුරුද්ධ කුමාරයා දැනගෙන සිටියේ නැහැ. මෙවන් මහේශාඛ්‍ය ජීවිත මේ අය ලැබුවේ අතීත කුසල් සංස්‌කාරයන්ගේ විපාකයන් නිසා. විශාඛා සිටු දියණියට ලක්‍ෂ ගණනක්‌ වටිනා, මහාමේලපලඳනාව තෑගි ලැබෙන්නේ, අතීත කුසල් සංස්‌කාරයන්ගේ විපාකයන් නිසා. අනේපිඩු සිටුතුමාට ජේත උයන, රන්කාසි වලින් අහුරන්න තරම්, ධනයක්‌ ලැබුණේ, අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයන් නිසා. මේවා සමාජ අසාධාරණයන් නිසා සිදුවෙච්ච දේවල් නොවේ. නමුත් සම්මා දිට්‌ඨියේ අර්ථයන් නොදන්නා, මිථ්‍යාදෘෂ්ඨික පිංවතුන්. මේ උතුම් කුසල් ශක්‌තිය, නොවැදගත් මිථ්‍යාදෘෂ්ඨික මතවාද තුළින් විවේචනයට ලක්‌කරනවා. අනුන්ගේ සැපය, සගී්‍රකභාවය, වත්පොහොසත්කම් දකිනකොට ද්වේශය ඇතිකොට ගන්නවා. ඇයි ඔහුට ලැබුණේ?, ඇයි මට නොලැබුණේ? කියලා. ධර්මානුකූලව ගලපා, දකින්න දක්‍ෂ නැහැ. දුප්පත්කම, දරිද්‍රතාවය, ආණ්‌ඩු පෙරළිවලින් ජය ගන්න, උත්සාහගන්න පිංවතුන්, පන්සලකට, පිංකම්පොලකට නොයා, පෙළපාලියට යනවා. පෙළපාලි ගිය මනුෂ්‍යයෝ පසුකලක, රටේ ප්‍රභූන් බවට පත්වෙන්නේ, අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයන් නිසාමයි. මෙතනදි පින ඔබට, විසඳලා දෙන්නේ, හේතුඵල ධර්මයකැයි, එම පිංවතාට, පන්සලට පිංකම්පොලට යන්න, සිත දෙන්නේ නැතුව, ඔහුට පෙළපාලියට යන්න කැමැත්ත ඇතිවෙන්නේ, ඔහු තුළ සැඟවි ඇති, එහෙත් ඔහු නොදන්නා, අතීත කුසල් සංස්‌කාරයන්ට, විපාකදීමට මාර්ගය මතුකොට දීමටයි. පෙර ජීවිතයේ ඔහු ශිල්පද ආරක්‌ෂාකොටගෙන, මහා සංඝරත්නය අරමුණුකොටගෙන හවුලේ දන් පූජාකරගෙන ශක්‌තිමත් පිංකම් කරගෙන තිබුණත්, ඔහු ගිය ජීවිතයේ, මැරෙන වේලාවේ සකස්‌වුණ අවසාන චුති සිතට, අරමුණු වෙන්නේ දුර්වල කුසල් සිතක්‌. අවසාන චුති සිතට අරමුණු වුණු දුර්වල කුසල් චිත්තය හේතුවෙන්, ඔහු මේ ජීවිතයේදී, එම දුර්වල කුසල් චිත්තයට අදාළව සාමාන්‍ය පවුලක, ගොවි පවුලක උපත ලබනවා. නමුත් ඔහු සතුව, යටපත්වී ගිය බලවත් කුසල් ශක්‌තියත් ඇති නිසා, ඔහුගේ කැමැත්ත, පන්සලට, පිංකමට, නොව, පෙළපාලි යන්නට යොමුවෙනවා.

මෙතනදී යොමුවිම කියන කාරණය, විඤ්ඤාණය වශයෙන් පිංවත් ඔබ ගතයුතුයි. අවසානයේ සාමාන්‍ය පවුලක ඉපදී, පන්සලට, පිංකමට, වඩා පෙළපාලි යන්න යොමු වුණා. මහේශාඛ්‍ය ජීවිතයකට පත්වෙනවා. දැන් වීමෙන් ඔබට තේරෙනවා ඇති, විඤ්ඤාණය නමැති මැජික්‌ කරුවා, ඔබේ අතීත කුසලය, අකුසලයට අදාලව, කැමැත්ත, අකමැත්ත මෙහෙයවන හේතුඵල ධර්මයන්ගේ, යථා ස්‌වභාවය බව. සමාජය තුළ සිදුවන සෑම ජයග්‍රහණයක්‌ම, පරාජයක්‌ම, සංස්‌කාරයන්ගේ නූල් සුත්තරය නිසාම සිද්ධවෙන බව ඔබට වැටහෙනවා ඇති. ඉහත පිංවතාට පන්සලට, පිංකමට යන්න සිත නොදෙන්නේ පෙර ජීවිතයේ, කුසල් ශක්‌තිය නිසා, ඔහුට පෙළපාලි යන්න සිත යොමුවූයේ අතීත කුසලය විපාක දීමට, මාර්ගය විවරකොට දීමට අවශ්‍ය නිසා. දැන් පිංවත් ඔබට වැටහෙනවාද? කුසලය සහ අකුසලය විපාකදීමේදී මොනතරම් උපක්‍රමශීලී ස්‌වභාවයක්‌ ගන්නවාද කියලා. පිංවත් ඔබට භික්‌ෂුව ඉහත කාරණය සටහන් තබන්නේ, ඔබට මේ ජීවිතයේදී උතුම් සෝවාන් පලයට පත්වීමට නොහැකිවුණොත්, පින කියන ධර්මයේ, ආශ්චර්යමත්භාවය කෙරෙහි, ඔබ තුළ ඡන්දයක්‌ ඇතිකොට දෙන්න. අවසාන චුති සිතේ. ඇතිවූ යම් දුර්වලතාවයක්‌ හේතුවෙන්, ඔබ සාමාන්‍ය පවුලක ඉපදුනත්, මහේශාක්‍යභාවය ඔබට අහිමි නැහැ කියන කාරණය මතුකොට පෙන්වන්න.

හැබැයි ඉතිං සංස්‌කාරයෝ අනිත්‍යයි. වෙනස්‌වෙලා යනවා. අහිමිවෙලා යනවා. විකෘතිවෙලා යනවා. පරාජය වෙලා යනවා. ජයවේවා කියපු මනුෂ්‍යයෝම, අවසානයේදී බන්ධනාගාරගතවේවා යෑයි කියනවා. මුලාවක්‌, වි-ජාවක්‌, මායාවක්‌මයි ලෝකය, පෙර ජීවිතයේ සුගතියක සිට, මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා, මෝහය ජීවිතය කොට ගන්නා නිසාම මරණීය මතු සතර අපායන්ට වැටෙනවා. මනුෂ්‍යයාට පින විපාක දෙනකොට, හැමෝම ඔහුට ජයවේවා කියනවා. පින ගෙවීයනකොට, තවත් පිංවන්තයෙකුට ජයවේවා යෑයි කියනවා. දක්‌ෂයා අකුසලයට යට නොවී, කුසලය තුළින් නැවත පින මතුකොට ගන්නවා. තට්‌ටුමාරු ක්‍රමයට මෝහබරිත සත්වයාට, පින සහ පව, මැජික්‌ පෙන්වනවා. සංස්‌කාරයක්‌වූ, පින සහ පව මගේ කොට ගැනීම නිසා, මැජික්‌කරුවාගේ මැජික්‌ සාස්‌තරයට සත්වයා නිරතුරුවම කොටුවෙනවා.

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Wednesday, May 13, 2015

Thoughts to Ponder

From Mr. Kithsiri Samarasinge's FB share….

නොමියෙමි.

තැන් මාරුකරමින් ඉන්නේ නැතිව ඉක්මනින් මිදෙමු මේ සසරින්

රහ වුනාට වහ දාලා. බොන්න නම් එපා!

ආස්වාදය වගේ නොවෙයි ආදීනව...

ඔබත් මේ මග යනවානම්...

For the suffering...

නාම ධර්ම පවා ඉක්මවන ඒ උතුම් සිත ගැන රූපයක් කෙසේ නම් නිර්මාණය කරන්නද? එනිසා මට තේරෙන හැටියට අදහස ලිව්වා. වැකිවල අඩුපාඩු ඇතිනම් ඒ මගේ දුබලකම නිසා කියලා හිතලා අනුකම්පා කරන්න.

'මම' නම්වූ, 'මගේ' අසනීපය කලණ මිතුරෝ තේරුම් ගනිත්වා!
'
මට' අනුකම්පාවෙන් 'මගෙන්' මිදෙත්වා!

'I' have no other option than resigning from all Aggregates!

අද්භූතයි, ආශ්චර්යයි, සත්වයින් දුකින් මුදවන මේ මාර්‍ගය, හිමියනේ!

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, May 11, 2015

පළතුරු සුවඳින් සේරුවිල නැහැවෙයි

මහමෙව්නාවෙන් අසදෘශ මහ පිංකමක්

2015 මැයි මස 11 21:14:06 | අකිල බද්දෙවිතාන

මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කළ අසිරිමත් ඵල වැලින් සේරුවිල මංගල මහ සෑරදුන් පිදීමේ පිංකම ඉරිදා සිදුකෙරිණි.

බුදු හිමියන්ගේ විශාලතම ධාතූන් වහන්සේවන ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති සේරුවාවිල මංගල සෑයට ලක්ෂ ගණනක් පළතුරු පූජා කිරීම මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

සේරුවිල සෑය පහන් අසූහාරදහසකින් පිදීමේ පිංකමද එහිදී සිදුවූ අතර ඒ සඳහා මහමෙව්නා අසපුවාසී හිමිවරුන් ඇතුළු විශාල බැතිමත්හු පිරිසක් එක්ව සිටියහ.

\ \ \ \ \ \ \ \ \ \ \ \ \