Sunday, May 24, 2015

ඉන්ෆ්ලුවෙන්සා AH1N1 පැතිර යාමේ සුලබතාවක්

ඉන්ෆ්ලුවෙන්සා AH1N1 පැතිර යාමේ සුලබතාවක්

ඉන්ෆ්ලුවෙන්සා AH1N1 ආසාදිත තත්ත්වය ජනතාව අතර පැතිර යාෙම් සුලබතාවක් වසංගත රෝග විද්‍යා අංශයට නිරීක්ෂණ වී තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
එබැවින් මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණ වන උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදනය වැනි රෝග පවතී නම් නොපමාව රජයේ රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙස ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව පැවසුවේ, මෙම දිනවල සුලබ ලෙස පැතිරෙමින් පවතින AH1N1 ඉන්ෆ්ලුවෙන්සා රෝගය සම්බන්ධයෙන් ගතයුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (24දා) සෞඛ්‍ය අමාත්‍යාංශය කැඳවූ විශේෂ රැස්වීමේදීය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා,
&
සෙනඟ වැඩිපුර ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටින්නට මෙන්ම පිටතට ගොස් පැමිණි වහාම සබන් යොදා හොඳින් දෑත් සේදීම, රෝග ලක්ෂණ මතුවූ වහාම ප්‍රතිකාරවලට යොමුවීම කෙරෙහි අවධානය යොමුකරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. 
මේ රෝගයේ සංකූලතාව වැඩිවීමට හැකි විශේෂ පිරිසක් සිටිනවා. කුඩා ළදරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන්, ගැබිනි මවුවරුන්, දියවැඩියාව වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන්නන්, දිගු කාලීන පෙණහලු ආබාධවලට ගොදුරු වී සිටින්නන් වඩාත් ප්‍ර'වේශසම් වීමට වගබලාගත යුතුයි. එවැන්නන් එක්දිනක් උණ පැවතියත් වහා ප්‍රතිකාර වෙත යොමුවිය යුතුයි. 
සෙසු පුද්ගලයන් වුවත් ශ්වසන ආබාධ නොසලකා හැරීමට යොමුනොවී ප්‍රතිකාර සඳහා යොමුවීම සංකූලතා අඩුකර ගැනීමට මගසලසා ගැනීමක් බව අමතක නොකළ යුතුයි. 
කිසියම් අයෙකුට මේ පිළිබඳ යම් ගැටලුවක් පවතී නම් වසංගත රෝග විද්‍යා අංශය 0112681548 හෝ ප්‍රධාන වසංගත විද්‍යාඥ පබා පළිහවඩන මහත්මියගේ පෞද්ගලික දුරකථන අංකය 0773291441 යන අංකය අමතා විසඳා ගැනීමට පහසුකම් සපයා තිබෙනවා* යැයි පැවසීය. 


http://www.ada.lk/article/68567/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F-AH1N1-%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A-%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B6%B6%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A

.


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....