Tuesday, October 24, 2017

ධර්මයේ මහානුභාවය අනුන්ගෙන් නොව තමා තුළින්ම අත්දකින්න

 

පංචඋපාදානස්කන්ධය සම්බන්ධයෙන් වූ විග්රහය ඉකුත් සතියේ ලිපියෙන් අවසන් වූ අතර මෙතැන් පටන් කොටස්කිහිපයකින් යුක්තව පළකෙරෙනුයේ එයට අදාළව භික්ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි

පිංවත් ඔබ මේ ලැබූ උතුම් ජීවිතයද, ධර්ම රත්නයේ උතුම් ගුණයක්මය. උතුම් ධර්මයේ සරණින් බැහැරව ගිය දේවදත්ත හාමුදුරුවෝ, කෝකාලික හාමුදුරුවෝ, සුනක්ඛත්ත වැනි මිත්යදෘෂ්ඨිකයන්ට අත්වූ කටුක ඉරණම සිහිපත් කරමින්, ධර්ම රත්නයේ අයෝමය බලය කෙරෙහි විශ්වාසය ඇතිකොටගන්න
 
 
පිංවත් ඔබේ ජීවිතය කියන්නේ ධර්මයේ උතුම් ගුණයක්මයි. පිංවත් ඔබ ලබන සෑම සැම වේදනාවක් ධර්ම රත්නයේ උතුම් ගුණයක්මයි. අබුද්ධොත්පාද කාලයක ජීවමානව පවතින මිච්ඡා ධර්මයන් ලෝකයාට උගන්වමින් 'බ්රාහ්මණ වංශයමයි ශ්රේෂ්ඨ, බ්රාහ්මණ වංශයමයි පිරිසිදුවන්නේ, බ්රාහ්මණ වංශයමයි මහා බ්රහ්මයාගේ මුවින් බිහිවුණු දරුවෝ වන්නේ. මුඩු මහණුන් වූ කලී බ්රහ්මයාගේ දෙපයින් උපන් හීනයෝ' යෑයි උතුම් සංඝ රත්නයට පරිභව කළ අධර්මයේ අකුසලය නුවණින් දකින්න. මනුෂ්යයාගේ පරමායුෂ හීනභාවයට පත්වී, අකුසල් මූලයන් තීව්රර වී, මනුෂ් ප්රජාව තුළ මෘග සංඥාව සකස්වී මහපොළොව රුධිරයෙන්, මළ කඳන්වලින් අපවිත් වූ, මළ මිනී කන මනුෂ්යයන්ගේ, අමනුෂ්යයන්ගේ ප්රනීත භෝජනාගාරයක්බවට පත්වන අනාගත ලෝකය අධර්මයේ ඵලයක් බව දකිමින් ඔබ මේ මොහොතේ ලබන උතුම් සතුට, නිදහස උතුම් සද්ධර්මයේ අර්ථයක්වශයෙන්ම දකින්න. නිර්වස්ත් නිගන්ඨයන් පිරිවරාගෙන ගමන් කරන නිර්ලඡ්ජිත නිගන්ඨනාථ පුත්තගේ දර්ශනයන් තුන් සිවුරත් පාත්රයත් දරාගත් නික්ලේශී අරහත් උතුමන් පිරිවරාගෙන ගමන් කරන බුදුරජාණන් වහනසේගේ දර්ශනයත් නුවණින් දකිමින් ධර්මයේත් අධර්මයේත් වෙනස පිංවත් ඔබ හඳුනා ගන්න.
 
 
මෝහය දහම කොටගෙත්, පංචනීවරණ ධර්ම මාර්ගය කරගත්, සතර අපාය ධර්මයක ඵලයක්කරගත්, මිච්ඡා ශාස්තෘවරුන්ගේ පාප මිත් ඇසුර නිසාම මනුෂ්යයන්, දෙවියන් මොන තරම් අකුසල් කර ගන්නවා ඇතිද? 'සත්ත්වයාගේ කිළිටි වීමටත්, සත්ත්වයාගේ පිරිසිදු වීමටත් හේතුවක්නැහැ. හේතුව රහිතවම සත්ත්වයා කිළිටි වෙනවා, පිරිසිදු වෙනවා' යෑයි දේශනා කළ පූර්ණ කස්සප, රූපාවචර - අරූපාවචර ධ්යාන තුළින් ලබන සමාධියේ සංසිඳීම නිවන් අවබෝධය ලෙසින් සැලකූ අලාර කාලාම, උද්දකරාම පුත්ත මේ මොහොතේ භවයේ නවාතැන්පළවල නැවතී සිටින අයුරු නුවණින් දකිමින්, උතුම් ධර්මරත්නය මාර්ගය කොටගත් භික්ෂු භික්ෂුණී උපාසක, උපාසිකා සිව්වනක්පිරිස උතුම් අධිගමයන් සාක්ෂාත්කොටගෙන පිරිනිවී ගිය අයුරු නුවණින් දකින්න.
 
 
පිංවත් ඔබ ඔබේ ඇස දෙස, කන, නාසය, දිව, ශරීරය දෙස නුවණින් බලන්න. මේ ආයතන නිරතුරුවම ඔබට සද්ධර්මයක්කියලා දෙනවා. ඇස නිරතුරුවම බාහිර රූපයක්සමඟ ඵස්සය වෙලා පංචඋපාදානස්කන්ධ ධර්මය ඔබට කියලා දෙනවා. ඇසේ ඵස්සය අනිත් වශයෙන් දකින මොහොතේම, ඇස විසින්ම පංචඋපාදානස්කන්ධය අනිත්යයි කියන ධර්මය ඔබට කියලා දෙනවා. ඇසේ ඵස්සය හේතුවෙන් සකස්වෙන වේදනාව, පිංවත් ඔබ නිත්යභාවයෙන් ගන්නා මොහොතේම, පටිච්ඡසමුප්පාද ධර්මයන්ට අදාළව අවිද්යාව කියන ධර්මතාවය ඔබ සිතිවිල්ල නිසාම දකිනවා. චක්ඛුවිඤ්ඤාණය නිසා සකස්වෙන අවිද්යාව ජාතිs, ජරා, ව්යාධි, මරණ දක්වා පැතිරෙන හැටි ඔබේම ඇස දෙස බලාසිටීමෙන් ඔබට අත්දකින්න පුළුවන්. එයත් උතුම් ධර්ම රත්නයේ ගුණයක්මයි. භික්ෂුව තම ඇස්දෙක නුවනින් දකිද්දී, භික්ෂුවට අරමුණුවෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවයි. සතර මහා ධාතුවේ අනිත්යවන වේගයයි. වේගය දකින සිතත් අනිත්යයි කියන අවබෝධයයි. අවබෝධයයි දක්වන සිතත් අනිත්යයි කියන දැක්මයි
 
 
ඔබ මේ දෑස්පියාගෙන ආශ්වාස ප්රශ්වාසයට සිත යොමු කරන්න. ආශ්වාසය, ප්රාශ්වාසය ඇතිවෙනවා නැතිවෙනවා... මේ ඔබ අත්දකින්නේ කාය සංස්කාරයන්ගේ අනිත්යභාවය කියන ධර්මයයි. සංඥා, ෙච්තනාවන් ඇතිවෙනවා නැතිවෙනවා නම්, විතක් විචාරයන් ඇතිවෙනවා නැතිවෙනවා. දෑස්පියාගත් සංසිඳෙන මනසට උතුම් ධර්ම රත්නය නොසැඟවී බබලනවා
 
 
මේ උතුම් ධර්මය තමා විසින්ම, තමා තුළින්ම දැකගතයුතු ධර්මයක්‌. භික්ෂුව දෑස්පියාගෙන තමා තුළින් තමා දෙස බලනවා. එවිට දෙතිස්කුණපයත්, සතර මහා ධාතුවත්, ආයතන හයත් නිරතුරුවම ඉරියව් පවත්වන කයත්, නිරතුරුවම අනිත්යභායට පත්වෙන පංචඋපාදානස්කන්ධයත් තමා තුළින්ම තමා දකිනවා. අනුන් තුළින් නොවේ. තමා තුළින් දකිමින්, අනුන්ටත් එය ආරෝපණය කර බලමින්, තමා තුළින්ම තම අවබෝධය ලබනවා. භික්ෂුව මේ උතුම් පැවිදිභාවයට පත්වෙන තීරණය ගත්තේ තමා තුළින්මයි. භික්ෂුව උතුම් ප්රාතිමෝක් ශීලය තුළ ශක්තිමත් වූයේ තමා තුළින්මයි. මේ උතුම් ධර්ම මාර්ගයේ අරමුණු කෙරෙහි ඡන්දය, චිත්තය, වීර්යය, විමංසා කියන ධර්මතාවයන් ඇතිකොට ගත්තේ තමා තුළින්මයි. මේ උතුම් ධර්ම රත්නයන්ගේ ගමන්කොට එහි අවබෝධාත්මක ප්රතිඵලයක්අත්දැක්කේද තමා තුළින්මයි
 
 
ඉන්ද්රජිත් සුබසිංහ

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.