Monday, November 28, 2016

2018 සිට නොනවතින විදුලි කැපුම හා අධික මිල

 

කුප්පි ලාම්පුව සුදානම් කර ගන්න
2018 සිට නොනවතින විදුලි කැපුම හා 
අධික මිල වැඩි කිරීම දැන් ස්‌ථිරයි

ආචාර්ය තිලක්‌ සියඹලාපිටිය

අද රටේ විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 17 යි. 2013 මැයි මාසයට පසු ඔබගේ විදුලි බිල වැඩි වූයේ නැහැ නේද? එය 2014 අගදී 25% කින් අඩුවුනා නේද? එයට හේතුව රුපියල් 22 ට විදුලිය නිපදවන ඩීසල් බලාගාර වෙන්න බැහැනේ. රුපියල් 20 ට දරවලින්, සුළං බලයෙන් නිපදවන විදුලිය වෙන්නත් බැහැනේ. මෑතදී දියත් කළ සූර්ය බල සංග්‍රාමයෙන් රු 22 ට නිපදවන විදුලිය වෙන්නත් බැහැ නේද? අද රටේ විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 17 යි. විදුලිය නිපදවන බෙදාහරින ආයතන විදුලිබල මණ්‌ඩලය හා විදුලි සමාගම දැන් රජයට බරක්‌ නැහැනේද? ඒ ආයතන යක්‍ෂයින් රාක්‍ෂයින් හැටියට ඒ කාලේ වගේ අමුණුගම ඇමැති දැන් හඳුන්වන්නේ නැහැ නේ? ඉතින් රහස කොහේද? රට පුරාම මාස හතරකින් වැසි නැත. නමුත් විදුලිය කැපුමක්‌ නැත. ඉස්‌සර නම් මේ වෙනකොට නැති වැස්‌සට බැනලා විදුලිය කපලා. නැතහොත් ඩීසල් බලාගාර කුලියට අරන් ඩීසල් වලට අති වීශාල මුදල් ගෙවා ආර්ථිකයටත් හානි කරගෙන, මුදල් ඉවර වූ තැන විදුලියත් කපලා. ඉතින් රහස කොහෙද? ඒක තියෙන්නෙ නොරොච්චෝලෙ. ඉතින් මෙම තත්ත්වය දිගටම පවතීද?

විදුලි ක්‍ෂෙත්‍රය විනාශ කිරීමේ 
අට වැදෑරුම් වැඩපිළිවෙළ

රජය දැන් නැවතත් පරණ පුරුද්ද අනුව 20 අවුරුදු විදුලිබල සැලසුම් වෙනස්‌ කර විදුලි ක්‍ෂෙත්‍රය නැවතත් වළපල්ලට යෑවීමේ වැඩ අරඹා ඇත. ඉස්‌සරටත් වඩා ඇඟිලි ගැසීමේ ක්‍රමවේද ගැන අත්දැකීම් වැඩිය. බලාගාර අහෝසි කිරීමේ ක්‍රමය හොඳින් හදාරා ඇත. පරිසර සංවිධානයක්‌ විරුද්ධ වුණොත් හොඳය. පෙළපාලි ගියොත් වඩාත් හොඳය. එවිට බලාගාර අහෝසි කිරීම ඔවුන් පිටින් යෑවිය හැක. ඔවුනුත් ඉතා සතුටු ව තම ජයග්‍රහණය තම විදේශ ප්‍රධාන කාර්යාලවලට වාර්තා කරනු ඇත. විරුද්ධ පක්‍ෂයත් බලාගාරයට එරෙහි වුණොත් හොඳය. ආගමික සංවිධානත් හවුල් වුණොත් වැඩේ තවත් පහසුයි. 

සාම්පූර් අහෝසි කළේ පරිසරයට ඇති අතිශය ආදරය නිසා යෑයි සමහරු හිතනවා ඇති. තම දේශපාලන ඉල්ලීමට ඇහුම්කන් දෙන රජය ඉතා හොඳයි කියා ඒ ඒ දෙAශපාලන පක්‍ෂ හිතනවා ඇති. ඇත්ත හේතුව, ඩීසල් බලාගාර හදන විට. ඩීසල් බිල විදුලි බිලට වදින විට ළඟදීම බලාගන්න පුළුවන් වනු ඇත. මුලින්ම, විදුලි බිල වැඩිකරන්න කිසිසේත් ඉඩ නොදෙන බව විදුලිබල ඇමැති පවසනු ඇත. වියදම දරුණු වෙන විට මුදල් අමාත්‍යාංශය ඩීසල් බිල ගෙවන්න බැහැ කියනු ඇත. මහජන උපයෝගිතා කොමිසම බිල වැඩි කරනු ඇත. බලාගාර අහෝසි කළ අය, අර කමිටු මේ කමිටු කරබාගෙන සිටිනු ඇත.

1992-1994
හා 2001-2004 අතර විදුලි බලාගාර ව්‍යාපෘති අවුල් කළ රජයේ එම පිරිසම දැන් නැවතත් වැඩ අරඹා ඇත. 1996-2000 අතර විදුලි ක්‍ෂෙත්‍රය විනාශ කළේ වෙනත් පිරිසකි. ඒ අනුව මේ රඟන්නේ 1992 සිට වරින් වර විදුලි ක්‍ෂෙත්‍රය විනාශ කරන නාටක පෙළේ හතරවැනි නාටකයයි. එක්‌ නාටකයකට ජවනිකා අටකි. දැන් පෙන්වන්නේ විනාශකාරි හතරවැනි නාටකයේ හතරවැනි ජවනිකාවයි.

පළමුවන ජවනිකාව 
(2015
නොවැම්බර් මස රඟදක්‌වන ලදී)

විදුලි ඉංජිනේරුවන් ආර්ථික විශේෂඥයින් පිළියෙල කළ විසි අවුරුදු සැළසුම වැරදියි කියා ඊට අපහාස කර, පිටු සිය ගණනක සැලසුම් පොත විසිකර දැමීම. ක්‍රමානුකූල සැලැස්‌මක්‌, රටට අවශ්‍ය බලාගාර එකින් එක විදුලි ඉංජිනේරු විද්‍යානුකූලව විශ්ලේෂණය කර, ලේඛන ගතකර, ඒ සැලසුම දෙවසරකට වරක්‌ යවත්කාලීන කර විදුලිබල පනතට අනුව සකසා තිබීම, විදුලි ක්‍ෂෙත්‍රය විනාශ කිරීමේ යෙදී සිටින මේ රාජකීය කණ්‌ඩායමට මහත් හිසරදයකි.

දෙවන ජවනිකාව 
(2015
දෙසැම්බර් සිට අද වන තෙක්‌) 

විශේෂඥයින් පිළියෙල කළ සැළසුම් වාර්තාවල නිර්දේශිත බලාගාරවලට මෙන්ම ඒ වන විටත් ඉදිවෙමින් ඇති බලාගාරවලට වඩා, වෙනත් බලාගාර, ඉන්ධන හා තාක්‍ෂණ විදුලිය නිපදවීමට සුදුසු බව විදුලිබල අමාත්‍යංශයෙන් නොව වෙනත් අමාත්‍යංශවලින් හා කමිටුවලින් නිවේදනය කිරීම. කිසි දිනක විදුලි පද්ධතියක්‌ සැලසුම් නොකළ, පද්ධතියක්‌ පාලනය කරන්නේ කෙසේද වත් නොදන්නා, අයගෙන් පමණක්‌ සමන්විත විවිධ කමිටු පත් කර වටිනා කාලය අපතේ හැරීම. විදුලි ඉංජිනේරු කියා වෘත්තියක්‌ අවශ්‍ය නැත. රටේ බදු මුදලින් ඉංජිනේරුවන් බිහිකළ යුතු නැත. 

තුන්වැනි ජවනිකාව 
(2016
මැයි සිට අගෝස්‌තු දක්‌වා) 

ඉදිවෙමින් ඇති සියලු බලාගාර ජනාධිපති සහායද ලබාගෙන අහෝසි කිරීම (සාම්පූර් බලාගාර දෙකම මේ වන විට නවතා දමා ඇත, සුළං බලාගාර ඉදිකිරීමද අහෝසි කිරීමට උපරිම උත්සාහයක යෙදේ, රට සවාරි ගිය විට ඒ වහළ උඩ පෙනෙන සූර්ය බල කට්‌ටලවලින් ඒ රටේ මුළු විදුලි සැපයුම ලබාගන්නා බව සිතති). පෙර පුරුදු පරිදිම සාම්පූර් බලාගාරය අහෝසි කළේ ඉරිදා දිනකයි. අහෝසි කිරීමට සඳුදා තෙක්‌වත් ඉවසන්න අමාරුය. විදුලි ඉල්ලුම වේගයෙන් ඉහළ යයි, වසරකට මෙගවොට්‌ 200 ක්‌ පමණ අලුතින් ඉදිකළ යුතුය. අවසාන වරට විදුලි බලාගාරයක්‌ පද්ධතියට එකතු කළේ 2014 දී. එය නොරොච්චෝල අංක 3 ජනක යන්ත්‍රයයි. එය මෙගවොට්‌ 300 යි. කිසිම විශාල විදුලි බලාගාරයක්‌ මේ වන විට ඉදිවෙමින් පවතින්නේ නැත. ඉදිවෙමින් තිබූ, පරිසර අනුමැතිය ලබා ඉදිකිරීම ඇරඹීමට ඔන්න මෙන්න කියා, සැලසුම් නිමවෙමින් තිබු බලාගාර සියල්ලම 2015 ජනවාරියේ සිට මේ දක්‌වා රජය මැදහත් වී අහෝසි කර ඇත. ඉදිකිරීමට නිර්මාණ කෙරෙමින් හෝ නැත. ඉදිකිරීමට භූමියක්‌ හෝ නැත. ආයෝජනයක්‌ නැත.

හතරවැනි ජවනිකාව 
(2016
මැයි සිට) 

විවිධ බලාගාර සඳහා ආයෝජන මණ්‌ඩලයට යෝජනා ලැඇති බවට පුවත්පත් පුරා ප්‍රවෘත්ති පළ කිරීම. ගෑස්‌ බලාගාර හතරකටම යෝජනා ලැබී ඇති බව ආයෝජන මණ්‌ඩලය පුවත්පත්වලට කියයි. ඒ හතරම හදනවාලු. හරියට ඇඟලුම් කම්හල් හදනවා වගේ. 1997 දීත් එකල සිටි විනාශකාරිහු එසේ පැවසූහ. දැන් නමුත් නීතිය වෙනස්‌. තරගකාරි මිල ගණන් කැඳවිය යුතුමයි. කියා 2009 විදුලිබල පනත කියයි.

පස්‌වැනි ජවනිකාව 
(
මේ දිනවල රඟදැක්‌වේ)

සූර්ය බලාගාර හා සුළං බලාගාරවලින් පුද්ගලික අංශය නිපදවන විදුලිය ඩීසල් බලාගාරවලටත් වඩා වැඩි රුපියල් 22 කට මිලට ගෙන, සූර්ය සංග්‍රාමයෙන් ගෙදරකින් රුපියල් 22 ට ගෙන එම ගෙදරටම රුපියල් 2.50 ට විකුණන ලෙස නියෝග කිරීම. විදුලිය සපයන ආයතන මූල්‍යමය වශයෙන් දුර්වල කළ විට වැඩේ තවත් පහසුය. පාඩු ලබනවා කියා බණින්න පුළුවන. අමුණුගම ඇමැතිට ළඟදීම නැවත වැඩ අරඹන්න පුළුවන. වීදුලි ක්‍ෂෙත්‍රය නැවතත් රාක්‍ෂයකු බවට පත්වෙමින් සිටී.

හයවැනි ජවනිකාව 
(
තව ටික දිනකින් රඟ දැක්‌වේ, සියලු කටයුතු සූදානම්වෙමින් පවතී)

ඩීසල් බලාගාර සඳහා මිලගණන් කැඳවීම (පාරිසරික සංවිධාන සතුටු කිරීමට, එහි zගෑස්‌Z කියා ලේබලයක්‌ අලවනු ඇත. එහෙත් එය ඩීසල් බලාගාරයක්‌ ම වෙයි. රටට තවම ගෑස්‌ නැත. මේ කියන්නේ ද්‍රවකළ ස්‌වාභාවික ගෑස්‌ ගැන, පෙට්‍රොaලියම් ගෑස්‌ හෙවත් ඛඡඨ නොවේ). ජනතාව සතුටු කිරීමට, ඩීසල් වියදම රජයෙන් කියා ද නිවේදනය කෙරෙනු ඇත. රජයේ භාණ්‌ඩාගාරයේ ඇත්තේ ජනතාවගේම මුදල් හෙම නොවේ. පරිසර සංවිධාන කරබාගෙන සිටිනු ඇත. ඩීසල් බලාගාර ගැන ඔවුනට කිසි ප්‍රශ්නයක්‌ නැත.

හත්වැනි ජවනිකාව 
(2017
අවසානයේදී රඟ දැක්‌වීමට සූදානම්) 

ඩීසල් මිල අධිකයි, වියදම දරන්න ආර්ථිකයට අමාරුයි, ඒ කියන්නේ මුදල් ඇමැති. ඉතින් විදුලිය ටික වෙන්න කපමු. පසුගිය රජයට බණින්නත් බැරිය. තවත් නියඟයක්‌ 2017 දී ආවොත් හොඳ වෙලාව. ඊට දොස්‌ තබා රජයට ඇඟ බේරා ගත හැක. ඒත් දැන් පෙනෙන්නේ නියඟයක්‌ නැති වුණත් 2018 දී විදුලිය ටික වෙන්න නොව ගොඩක්‌ කපන්න සිදු වන බවයි. කෝ අර ආයෝජන මණ්‌ඩලය එනවයි කියපු ගෑස්‌? ආ ඒගොල්ල ආපහු ගිහින්.

අටවන ජවනිකාව 
(2018
න් පසු) 

තාවකාලික ඩීසල් බලාගාර ස්‌ථිර බලාගාර බවට පත්වෙයි. ජනතාව ජීවිතාන්තය දක්‌වාම අගමැතිගේ නියෝග අනුව හැදූ ඩීසල් බිල් ගෙවති.

ඉතින්, දුක්‌බර පණිවුඩය මෙයයි. ඉදිවෙමින් තිබූ සියලු බලාගාරත්, සැලසුම් සූදානම්ව තිබූ බලාගාරත්, රජය විසින් දැන් අහෝසි කර ඇත. ඒ විදුලි ඉංජිනේරු විද්‍යාවත් සැළසුම් ශිල්පයත්, විදුලි පද්ධති පාලනයත් ගැන පුහුණු නිලධාරීන්ට වඩා, රජය විදුලිබල අමාත්‍යංශයට පිටින් පිහිටුවා ඇති කමිටු විදුලි ක්‍ෂෙත්‍රය ගැන හොඳින් දන්නා නිසා විය යුතුයි.

විදුලි ඉල්ලුම වේගයෙන් ඉහළට 

2016
මැයි දක්‌වා වාර්ෂික වර්ධන වේගය 10.5% කි. අගෝස්‌තු වන විට 9.5% අඩු වී දැන් නැවතත් 10.3% ට වැඩි වී ඇත. ඒ කියන්නේ සෑම වසරකම මෙගවොට්‌ 200 ක බලාගාරයක්‌ ඉදිවිය යුතුයි. නමුත් ඉදිවෙමින් ඇති බලාගාර ගණන බිංදුවයි. ඉදිකිරීමට සැලසුම් කරන බලාගාර ගණන බිංදුවයි. ඉදිකිරීමට මුදල් සොයාගෙන ඇති බලාගාර ගණන බිංදුවයි. අහෝසි කළ බලාගාර ගණන දෙකයි (මෙගවොට්‌ 1100 යි). ඒ කියන්නේ අවුරුද්දකට මෙගවොට්‌ 200 බැගින් අවුරුදු පහක විදුලි ඉල්ලුම වැඩිවීම පිරිමහන බලාගාර දෙකක්‌ තමයි අහෝසි කළේ.

2018
ළංවන විට ඉටිපන්දම් හැකි තරම් එකතු කර ගන්න. පරණ භුමිතෙල් ලාම්පු එහෙම ඔය ගබඩා කාරමවල තියෙනවා නම්, සොයා බලන්න. පිරිසිදු කරන්න. චිමිනි හොයාගන්න. 2002 මැයි 15 දින, මාස 11 කට පසු අවසාන කළ විදුලි කැපුමට පසු නිහඬ කළ විදුලි ජනක යන්ත්‍රයක්‌ ගෙයි මුල්ලක දමා තිබෙයි නම්, තෙල් මාරුකර පිරිසිදු කර සූදානම් කරගන්න. ඒ සියල්ල විදුලිය කපා දමන වෙලාවට යොදන්න. විදුලිය තියෙන වෙලාවට ගන්නා විදුලියට විදුලි බිල හරහා අධික ඩීසල් බිලක්‌ ගෙවීමට අවශ්‍ය මුදල් මිටියකුත් සූදානම් කර ගන්න. අවාසනාවන්ත තත්ත්වයයි, ඔය කිව්වේ, දැන් විසඳුමක්‌ දෙන්න ප්‍රමාද වැඩියි. සියල්ල අවසානයි.

2020
දී නව රජයක්‌ පත්වී හිටපු රජයට දොස්‌ තියයි. අලුත් කොමිටියක්‌ පත්කරයි. කොන්ත්‍රාත් ඉල්ලා මිතුරන්ගෙන් කරදරේ බේරෙන්න බැරිය. නාටකය නැවතත් පළමුවැනි ජවනිකාවෙන් පටන් ගනී. පාරිභෝගිකයා ලාබයි ලාබයි කියා ඩීසල් බිල් ගෙවයි.

මේ ලිපියම දින වෙනස්‌ කර 2021 දී නැවත ලියමි.

__._,_.___


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, November 22, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ - චිත්තානුපස්‌සනාව - 13

 

ඕනෑම අකීකරු ලෝක ධර්මයක්‌ 
ඉදිරියේ නොසැලී සිටින්නට නම්...

මහරහතුන් වැඩි මග ඔස්‌සේ -  චිත්තානුපස්‌සනාව - 13

 

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

ආධ්‍යාත්මික රූපයත් මාරයාම වූ කල, මීට උපකාරක ධර්මයන් සකස්‌කොට දෙන විඤ්ඤායත් මාරයාම වූ කල, මෙහි ඵලය වන, ඵස්‌සය කියන ධර්මතාවත් මාරයාටම අයිති ධර්මතාවක්‌ බවට පත්වෙනවා. ඵස්‌සය පිංවත් ඔබ නිත්‍ය වශයෙන් ගන්නා මොහොතක්‌ පාසා, පිංවත් ඔබ මාරයා, එසේත් නැතිනම් සංස්‌කාර ජීවිතයට එකතු කොටගත් භවගාමී පුද්ගලයෙක්‌ වෙනවා. මෙය සටහන් තබන භික්‍ෂුව කවදාකවත් අකීකරු ලෝකය හදන්න යන්නේ නැහැ. අකීකරු ලෝකය තුළ භික්‍ෂුව කීකරුව ජීවත්වෙන්නේ අකීකරු ලෝකයෙන් ඇසෙන, දකින, දැනෙන, වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම නිසාමයි. පිංවත් ඔබටත්, අකීකරු ලෝකය වටිනා කමටහනක්‌ බවට පත්වෙන්නේ වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම තුළින්මයි. වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවතා, ඕනෑම අකීකරු ලෝක ධර්මයක්‌ ඉදිරියේ නොසැලී සිටින ශක්‌තිමත්භාවය ලබනවා.

සමහර දෙමාපියන්, ගුරුවරුන් අපට කියනවා මේ දරුවා මට පෙන්නන්න බැහැ කියලා අහවල් මනුෂ්‍යයා මට පෙන්නන්න බැහැ කියලා. ඇයි මෙහෙම වෙන්නේ? වර්තමාන ඵස්‌සය මගේ කොට ගන්නවා. ඵස්‌සය තුළ මම සිටිනවාය කියලා ගන්නවා. ඵස්‌සය මගේ ආත්මය කොට ගන්නවා. උවමනාවෙන්ම මාරධර්මයන්ට ආහාර, පෝෂණය ලබාදෙනවා. වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවත් ඔබ අතීත ඵස්‌සයේද අනිත්‍යභාවය දකින්න. පිංවත් ඔබ ඔබේ ඇස්‌දෙකෙන් මුලිsන් දැක්‌කේ කුමක්‌ද? ඔබේ අම්මාගේ රූපයයි. ඒ දැක්‌ක අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, ආච්චී, සීයා, තොටිල්ල, සෙල්ලම් බඩු, ළදරු පාසල, පාසල, විශ්වවිද්‍යාලය.... මේ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌වී ගියා. විකෘති වී ගියා. අතීතයේ ඔබ දැක්‌ක ඔබේ මහගෙදර, මහ ඉඩම අනිත්‍ය වී ගියා. වෙනස්‌වී ගියා. අහිමිවී ගියා. 

පිංවත් ඔබගේ කනට මුලිsන්ම ඇසුණාවූ ශබ්දය ඔබට මතකද? ඔබ මවුකුසෙන් එළියට එන වේලාවේ, ශල්‍යාගාරයේ" ඔබ නැඟූ ඔබේම කෑගැසීමේ හඬයි ඔබ මුලිsන්ම ඇසුවේ. දෙවැනිව ඔබේ අම්මාගේ දරු නැලවිලි, තාත්තාගේ සුරතල් බස්‌, අතීතයේ ඔබට ඇසුණා වූ සෑම ශබ්දයක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඊයේ දවසේ මොනතරම් රූපයන්, මොන තරම් ශබ්දයන් ඔබට දැනෙන්නට ඇතිද? පරිසරයෙන්, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් මේ ඇසුණුq සෑම මිහිරි වූද ශබ්දයන් අනිත්‍ය වූ හැටි නුවනින් දකින්න. පිංවත් ඔබේ දිවට දැනුණු මුල්ම රසය මව් කිරිවල රසයයි. පිංවත් ඔබ මුලින්ම ඉඳුල් කටගාපු දවසේ දැනුණු ආහාරයේ රසය අනිත්‍ය වූ හැටි නුවණින් දකින්න. ඔබේ නාසයට දැනුන අම්මාගේ සුවඳ, අම්මාගේ ශරීරයේ උණුසුමේ පහස, සිනිඳු ඇතිරිලිවල පහස අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඊයේ දවසේ ඔබ ඇසූ සෑම ශබ්දයකම, සෑම දැනීමකම, සෑම සිතිවිල්ලකම අනිත්‍යභාවය නුවණින්a දකින්න. මේ ඔබ දකින්නේ අතීත ඵස්‌සයේ අනිත්‍යභාවයයි.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මේ ජීවිතයෙනුත් ඈතට අතීත ජීවිතවල ඵස්‌සයේ අනිත්‍යභාවය දකින්න කියලා. පටිච්චසමුප්පන්නව ඉපදුණු ඔබේ ඇසෙන්, ඔබ අතීතයේ කොපමණ නම්, බුදුරජාණන්aවහන්සේලා දකින්න ඇතිද? පසේබුදුරජාණන්වහන්සේලා, මහරහතන්වහන්සේලා දකින්නට ඇතිද? ඒ උතුමන්ගෙන් කොපමණ නම් සද්ධර්මය අසන්නට ඇතිද. උන්වහන්සේලා නිසා මොනතරම් නම් ධර්මයේ ආශ්වාදයන් දැනෙන්නට ඇතිද? ඔබ ඒ අතීතයේ දැක්‌ක, ඇසුණ, දැනුන සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යවී ගියා. පිරිනිවී ගියා. අහිමිවී ගියා. අතීතයේ පිංවත් ඔබ සක්‌විති රජුවෙලා ඉපදුණු වෙලාවේ, ශක්‍රදෙවියන් වෙලා ඉපදුණු වේලාවේ මොනතරම් අතිසුන්දර, සුඛෝපභෝගී, රූමත්, මිහිරි රූපයන්, ශබ්ධයන්, ස්‌පර්ශයන් දකින්නට ඇසෙන්නට දැනෙන්නට ඇතිද? නමුත් ඒ අතීත සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌ වී ගියා. විකෘති වී ගියා. දෑස්‌ පියාගෙන, පිංවත් ඔබ දිව්‍ය ලෝකවල ඉපදුණු වෙලාවේ ඔබ ලැබූ අසිරිමත් දිව්‍ය සම්පත්a, දිව්‍ය රූපයන්, දිව්‍ය භෝජන, දිව්‍ය නැටුම් ගැයුම් වැයුම් වෙනස්‌ වී ගිය හැටි, අහිමි වී ගිය හැට නුවණින් දකින්න. ඔබ සතර අපායන්නට වැටුණු වෙලාවේ සතර අපායන්හි ඔබ දැක්‌ක, ඔබට ඇසුණ, දැනුණ, ඔබේ සහෝදර සහෝදරියන්, ප්‍රේත ප්‍රේතියන්ගේ, තිරිසන් සතුන්ගේ, අසුරයන්ගේ, නිරිසතුන්ගේ, අපුල රූපයන් , බියකරු ශබ්දයන්, අමිහිරි ස්‌පර්ශයන් අනිත්‍ය වී ගිය අතීත ඵස්‌සයේ යථා ස්‌වභාවය නුවණින් දකින්න.

දැන් පිංවත් ඔබට හොඳින්ම වැටහෙනවා ඇති ඔබ පටිච්චසමුප්පන්නව පැමිණි අතීත භවයන්හිදී ඔබට ඇසුණාවූ, ඔබට දැනුණාවූ ඔබ දැක්‌කාවූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය කියලා. 

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, November 14, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ - චිත්තානුපස්‌සනාව - 12

මහරහතුන් වැඩි මග ඔස්‌සේ - චිත්තානුපස්‌සනාව - 12
අනිත්‍යය නොදැක අනාගතය රැස්‌කරන අදක්‍ෂයෙක්‌ නොවන්න (ඵස්‌සය)

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

පංචඋපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළව මීළඟ ධර්මතාව තමයි ඵස්‌සය. ඵස්‌සය කියලා කියන්නේ කාරණා තුනක එකතුවට. එම කාරණා තුන තමයි, ආධ්‍යාත්මික රූපය, බාහිර රූපය සහ විඤ්ඤාණය ඉහත කාරණා තුනේ එකතුවෙනුයි ඵස්‌සය කියන ධර්මතාව සකස්‌ වෙන්නේ. 

ඵස්‌සය කියලා කියන්නේ දැක්‌කා, ඇසුණා, දැනුණා... කියන අර්ථයයි. බුදුරජාණන්වහන්සේ භාහියදාරුචීරියට දේශනා කරනවා 'ඇසෙන් දැක්‌ක දේ දැක්‌කාය කියන තැන නවතින්න. කනට ඇසුණ තැන 'ඇසුණා'ය කියන තැන නවතින්න. සිතට දැනුණු දෙය 'දැනුණා'ය කියලා නවතින්න. දකින දෙය, ඇසුණු දෙය, දැනෙන දෙය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වෙනවා නම්, මේ ධර්මතාවන්ට බැඳෙන්න එපා කියලා බුදුරජාණන්වහන්සේ භාහියට කෙටි කමටහනක්‌ වශයෙන් දේශනා කරන්නේ. 

පිංවත් ඔබ, ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඔබේ ආධ්‍යාත්මික රූපයන්ට බාහිර රූපයන් ඵස්‌සය වන මොහොතේම, එම ඵස්‌සය අනිත්‍ය වශයෙන් දකින්න. මේ ඵස්‌සය කියන ධර්මතාවන් අතීත, වර්තමාන, අනාගත වශයෙන් ඔබ අනිත්‍යය දකින්න දක්‍ෂවෙන්න ඕනේ.

ඔබ වර්තමානයේ ඇසෙන් යම් රූපයක්‌ දැක්‌කා නම්, එම රූපය නිත්‍යද? අනිත්‍යද?

පිංවත් ඔබ වර්තමානයේ, කනෙන් යම් ශබ්දයක්‌ ඇසුවා නම්, නාසයට යම් ගඳ සුවඳක්‌ දැනුණා නම්, එම දැනීම නිත්‍යද? අනිත්‍යද? වර්තමානයේ පිංවත් ඔබ මේ කුමක්‌ද කරමින් ඉන්නේ. අනිත්‍ය වන, වෙනස්‌ වන, ඵස්‌සය නිත්‍ය වශයෙන් ගන්නා. වර්තමාන ඵස්‌සය නිත්‍ය වශයෙන් ගැනීම නිසාම, සෑම නිමේෂයකදීම වර්තමානය අතීතය වෙත ගලාගෙන යන්නේ, අනාගතයට සංස්‌කාරයන් රැස්‌කරදීලා. ඒ අනාගතයත්, යම් දවසක වර්තමානයක්‌ බවට පත්වෙලා, නැවත අනාගතයට සංස්‌කාරයන් රැස්‌කොටදී අතීතයට එකතුවෙනවා. වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් නොදකින පිංවතා නිරතුරුවම අනාගතය රැස්‌කරගන්නා අදක්‍ෂයෙක්‌ වෙනවා. පිංවත් ඔබ වර්තමානයේ ඇසෙන් රූපයක්‌ දැක්‌කොත්, ක්‍ෂණයෙන්ම රූපය අනිත්‍යයි කියලා දකින්න දක්‍ෂවෙන්න. රූපය ගැන හැඩතල මවන්න යන්න එපා. ඔබ කැමැති, අකැමැති ශබ්දයක්‌ ඇසෙනකොට, අනිත්‍යයි කියලා දකින්න. පංචඋපාදානස්‌කන්ධ ධර්මයේ ඵස්‌සය කියන ධර්මතාව අනිත්‍ය වශයෙන් දකින සෑම මොහොතකම පිංවත් ඔබ අනාගත භවයට රැස්‌කරගන්නෙක්‌ වෙනවා.

පිංවත් ඔබ වර්තමානයේ දකින දෙය, ඇසෙන දෙය, දැනෙන දෙය, සිතෙන දෙය අනිත්‍ය වශයෙන් දකින මොහොතක්‌ පාසා, ඔබ වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවතෙක්‌ වෙනවා. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන ඵස්‌සයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. වර්තමාන ඵස්‌සය කෙරෙහි කලකිරීම් ඇතිකොටගන්න. 

භික්‍ෂුව වරක්‌ පෞද්ගලික බස්‌ රථයකින් දුර බැහැර පළාතකට වැඩමකරනකොට අතරමගදී අතරමගදී තවත් පිංවත් ස්‌වාමීන්වහන්සේනමක්‌ බස්‌ රථයට ගොඩවී භික්‍ෂුව අසලින්ම වැඩසිටියා. උන්වහන්සේත් ආරණ්‍යයකට වඩින ස්‌වාමීන්වහන්සේ නමක්‌. බස්‌ රථයේ සිටි තරුණ කොන්දොස්‌තර මහත්මයා කැසට්‌ රේඩියෝව ටිකක්‌ ශබ්දයෙනුයි දමා තිබුණේ. ඒ වෙලාවේ වාදනය වෙමින් පැවතියේ වේග රිද්ම සිංදුවක්‌. භික්‍ෂුව ගිහි කාලයේ එම සිංදුවට ගොඩාක්‌ ආසයි. මඟුල්ගෙවල්වලදී මම ඒ සිංදුවට ගොඩක්‌ නටලා තිබෙනවා. භික්‍ෂුව පෞද්ගලික බස්‌ රථයේ මේ වේගරිද්ම සිංදුව ඇසෙනකොට, භික්‍ෂුවට අතීත පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවයයි සිහිපත් වුණේ. සිංදුවට කන් යොමාගෙන නිහඬව අතීතයේ නැටුම්, ගැයුම්, වැයුම් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින් සිටියදී එක පාරටම භික්‍ෂුව අසල වැඩසිටි අනෙක්‌ ස්‌වාමීන්වහන්සේ ආසනයෙන් නැගිට කේන්තිගිය ස්‌වභාවයෙන් කොන්දොස්‌තර මහත්තයාටත්, රියෑදුරු මහත්මයාටත් බැණවැදුණා, වහාම කැසට්‌ රේඩියෝව වසාදමන්නයි කියලා. එම ස්‌වාමීන්වහන්සේගේ ආවේගශීලී ක්‍රියාව දැක භික්‍ෂුව දැක්‌ක දෙය, ඇසුණ දෙය, අනිත්‍ය වශයෙන්මයි දකිමින් සිටියේ. මේ මොහොතේත් භික්‍ෂුවට එම සිද්ධිය අනිත්‍ය වූ ඵස්‌සයක්‌ පමණක්‌මයි. එම සිද්ධිය සිද්ධවෙන අවස්‌ථාවේදී එම ස්‌වාමීන්වහන්සේ ඒ ආවේගශීලී සිද්ධියට භික්‍ෂුවවත් හවුල්කරගන්න උත්සාහ කළා. භික්‍ෂුව උන්වහන්සේට ප්‍රකාශ කළේ 'ස්‌වාමීන්වහන්ස, අපට ලෝකය හදන්නට බැහැ. අකීකරු ලෝකය දෙස බලලා, ඔබ වහන්සේ හැදෙන්න'ය කියන කාරණයි. අකීකරු ලෝකය දෙස බලලා, ඔබ හැදෙන්නයි කියලා කියන්නේ ඵස්‌සය අනිත්‍ය වශයෙන් දකින්න කියන කාරණයයි.

පිංවත් ඔබ වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් නොදකින තාත්කල්, ඔබට වර්තමාන අකීකරු ලෝකයෙන් ගැලවීමක්‌ නම් ලැබෙන්නේ නැහැ.

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, November 8, 2016

කොළඹ බස්

 

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, November 6, 2016

නිවන මතු භවයකද?

 

ධර්මය අවබෝධ කිරීමට ඇති බාධා මොනවාද?

පූජ්‍ය වල්පොල ගෝතම හිමි

 

තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනය අපට මේ ලැබුන වෙලාවේ, අප උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න බුද්ධියත් මුණ ගැසුණ වෙලාවේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නා ආකාරයට හිතන්න පුරුදු වෙන්න ඕන. සමහර කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරනවා කියන එක ගැන සැක කරමින් සිතනවා මේ කාලයේ ඒ දේ කරන්න පුලුවන්ද? දන්නේ නැහැ කියා. එසේනම් හිතනවානම් ඔබ මේ කාරණය ගැන සිතන්න.

අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා ධර්මය අවබෝධ කළ නොහැකි අවස්ථා අටක් තිබෙන බව. ඒ අවස්ථා අට තුළ කෙනෙකුට මේ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්න බැහැ. ඒ තමා

1) බුද්ධ ශාසනයක් තිබෙන කලෙක, ධර්මය පැතිරුණ කාලයක කෙනෙක් නිරයේ ඉපදිලා නම්,

2). කෙනෙක් තිරිසන් ලෝකයේ ඉපදිලානම්,

3) පේ‍්‍රත ලෝකයේ ඉපදිලානම්,

4) ඒ වගේම සුගති ලොවක් වුවත් අසංඤ්ඤ සත්ව ලෝකවල ඉපදිලානම්. (අසංඤ්ඤ කියන්නේ සංඤා නැහැ. හඳුනා ගැනීමක් නැහැ. ධර්මය ඇසුණත් හඳුනාගන්න බැහැ)

5). බුදුරජාණන් වහන්සේ ධර්මය අසන්න ලැබෙනවා. නමුත් ඒ මනුස්සයා මන්ද බුද්ධිකයි. ඔහුට මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න බැහැ.

6) මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්නවා. ධර්මයත් ඇසෙනවා. නමුත් ඒ ධර්මය පිළිගන්න කැමැති නැහැ. දැඩි දෘෂ්ඨිවල ඉන්නවා. ධර්මයට කැමැති නැහැ. කීකරු නැහැ.

7) බුදුරජාණ වහන්සේ ගේ ධර්මය ඇසෙනවා. කෙනෙක් ඒ යුගයේම මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්නවා. නමුත් ඔහු ඉන්නේ ධර්මය නො ඇසෙන පැත්තක.

8) බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා නැති කාලයක අබුද්ධෝපත්ති කාලයක කෙනෙක් මනුස්ස ලෝකයේ ඉපදෙනවා. ඔහු බුද්ධ ශාසනයක් ගැන අසා නැහැ. දන්නෙත් නැහැ. ඔහුටත් මේ අවස්ථාව අහිමියි.

එහෙනම් දැන් මේ අවස්ථා අටෙන්ම අප නිදහස්. මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න බැරි අවස්ථා අටක් තිබෙනවා කියා වදාළා නම්, ඒ අටට අප අයත් නැත්නම්, අපට සැක උපදවාගන්න ඕන නැහැ. මේ ධර්මය අපට අවබෝධ කරන්න පුලුවන්ද? බැරිවෙයිද? කියා. මේ අටට අමතරව තවත් අවස්ථාවක් තිබෙනවානම් උන්වහන්සේ ඒකත් මේ ගොඩට දානවා. එසේනම් මේක හතක් කියන්නත් බැහැ. නවයක් කියන්නත් බැහැ. අප උන්වහන්සේ ගැන ශ්‍රද්ධාවට නො පැමිණ අපට සිතෙන දේ කියමින් අපට තවම පාරමිතා සම්පූර්ණ වී නැහැ ආදී දේ මේ අතරට දානවානම් එය අප වරදවා ගැනීමක් මිස උන්වහන්සේගේ වරදක් නොවේ.

පාරමිතා අවශ්‍යයි සම්බුද්ධත්වයට පත්වෙන්න. පාරමිතා අවශ්‍යයි මහරහතන් වහන්සේ නමක් වෙන්න. පාරමිතා අවශ්‍යයි අග්‍ර ශ්‍රාවකයන් ලෙස බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්න. පාරමිතා අවශ්‍යයි උපස්ථායක ස්වාමින් වහන්සේ වෙන්න. පාරමිතා අවශ්‍යයි බෝසතාණන් වහන්සේගේ අම්මා, තාත්තා දරුවා, බිරිඳ වෙන්න. නමුත් අනෙක් හැම දෙනාටම පාරමිතා අත්‍යවශ්‍යයි කියා බුදුරජාණන් වහන්සේ පෙන්වා නැහැ.

එයට හේතුව උන්වහන්සේ අවබෝධ කළේ චතුරාර්ය සත්‍ය මිසක් වෙන දෙයක් නොවේ. මේ චතුරාර්ය සත්‍යය තුළ තිබෙන්නේ 1) දුක, 2) දුකට හේතුව, 3) ඒ හේතුව සම්පූර්ණයෙන් නැති කරන්න පුලුවන් කියන දේ, 4) දුක නැති කරන්න තිබෙන මාර්ගය. ඒවාට අවශ්‍ය පාරමිතා නොවේ. හතරවන ආර්ය සත්‍යය තුළ තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න බුද්ධිමත් ඔබට මේ යුගයේ පුළුවන්ද බැරිද කියන දේ ගැන ඔබට සංෂික්තව කියා දෙන්නම්.

අද දවසේ අපට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන්න නම් හොඳට කන ඇසෙන, අපට හොඳට ඇස් පෙනෙන, අපට මේ කියාදෙන ධර්මය තේරුම් ගන්න පුළුවන්කම තිබෙන අපට.මේ දේ වඩන්නත් පුළුවන්. ඔබ හිතන්න පළමු ආර්ය සත්‍ය වන දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව. උන්වහන්සේ දුක ගැන විවිධ ආකාරයට පෙන්වූවා. ඊළඟට වදාළා 'සංඛිත්තේන පඤ්චුපාදනක්ඛන්ධා දුක්ඛා' හකුලුවා ගත්තොත් මේ හැම දුකක්ම කාරණා පහකට අයිතියි. ඒ තමා රූප උපාධානස්ඛන්ධය, වේදනා උපාධානස්ඛන්ධය, සංඤා උපාධානස්ඛන්ධය, සංකාර උපාධානස්ඛන්ධය, විඤ්ඤාණ උපාධානස්ඛන්ධය. දුක , දුක කියා අප කථා කරන සියලුම දේ මේ පංච උපාධානස්ඛන්ධයටයි අයිති. අපි සිතමු යම් පොතක පිටුව පිටුව ගැන අප කථා කරනවා. මේ පිටුවේ මෙහෙම තිබෙනවා, මේ පිටුවේ මෙහෙම තිබෙනවා කියා. ඒ පිටු ටික සියල්ලම වහල පොත වශයෙන් ගත්තොත් පොතක් ලෙස අපට පෙන්වන්න පුලුවන්. පොතක් ලෙස කථා කරන්න පුලුවන්. නමුත් ඒ පොත ඇතුළේ පිටුවෙන් පිටුව වෙන් වෙන් වශයෙන් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකයේ අප දුක, දුක කියමින් කථාකරන සියල්ලම පොත්වල පිටුනම් ඒක හකුලුවා ගත්විට පොතක් කිව්වා වගේ සියලුම දුක් හකුළුවා ගත්තම පංච උපාධානස්ඛන්ධය කියා වදාළා. මේ පංච උපාධානස්ඛන්ධය කියන දේ අප ගොඩාක් දෙනා තේරුම් අරගෙන තිබෙන්නේ එක් එක් ආකාරයට. නමුත් අප තේරුම් ගන්න ආකාරය නොවේ වැදගත් වන්නේ. මෙය අවබෝධ කරන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඒ ලෙසම ඉගෙන ගන්න ඕන. උන්වහන්සේ වදාළා පඤ්චුපාදානක්ඛන්ධා කියන විට රූපය පළමු උපාධානස්ඛන්ධය සම්පූර්ණ වාක්‍යයම වචන තුනකට කඩන්න පුලුවන්. රූප උපාධානස් ඛන්ධය, වේදනා උපාධානස් ඛන්ධය, සංඤා උපාධානස් ඛන්ධය, සංකාර උපාධානස් ඛන්ධය, විඤ්ඤාණ- උපාධානස්- ඛන්ධය මේ කාරණා පහේම වචන තුන ගානේ කථා කරපුවා.

මෙහිදී බුදුන් වහන්සේ වදාළා රූපය කියන්නේ සතරමහ ධාතුන් සතරමහ ධාතුන්ගෙන් හට ගත් දේයි. පොළවට පස්වන හැම දෙයක්ම පඨවි - ජලයේ දියවන දේ, ආපෝ - සුළඟේ හමන දේ, වායෝ - උණුසුමෙන් තිබිල නිවී යන ස්වභාවයෙන් ඇති දේ තේජෝ කියා හඳුන්වනවා. සෑම තැනකම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරේම එකතුවට කියන නම තමා රූපය. බුදුරජාණන් වහන්සේ වදාළා මේ සංවිඤ්ඤාන කය පමණක් නොවේ ආධ්‍යාත්මික හෝ වේවා, බාහිර හෝ වේවා රූප තිබෙනවා. ආධ්‍යාත්මික රූප කියන්නේ තමා යැයි සළකන කෙස්, ලොම්. නිය, අත් ආදි ටික. බාහිර රූප යැයි වදාළේ බාහිර ටික. මේ රූප සියල්ලම බාහිරව තිබුණට අප මේ රූප සියල්ලම දැන ගන්නේ නාම මාත්‍රයක් තුළ ඉඳළයි. මේ සම්බන්ධව 'ආනන්ද' කියන සූත්‍රයේදී මන්තානිපුත්ත ස්වාමින් වහන්සේ මෙසේ උපමාවකින් වදාළා, මේ ලෝකයේ බාහිර දේ තමාට අරමුණක් ලෙස එන්නේ කණ්නාඩියක පිළිබිඹුවක් වගේ කියා.

කණ්නාඩියට ඉදිරිපස පිළිබිඹු වෙනවා. යමක් දුටු විට අපට හිතෙනවා මෙය කණ්නාඩිය ඉදිරියේ තිබෙන දේමයි කියා. ඔබ හිතන්න යම් ඇඳුමක් කණ්නාඩිය ඉදිරියේ කෙනෙක් බලනවා. එවිට අපට සිතෙනවා මේ කණ්නාඩියෙන් පිළිබිඹු වන්නේ ඒ ඇඳුම කියා. ඒ ඇඳුම රුපියල් 300 ක් නම් කණ්නාඩිය තුළ පිළිබිඹුවන ඇඳුමේ මිල කීයද? එහෙනම් පේනවා ඒ ඇඳුම නොවේ ඒ තිබෙන්නේ. අර ඇඳුමේ කණ්නාඩිය තුළ තිබෙන්නේ නිකම්ම ඡායාවක් පිළිබිඹුවක් වීමයි. අපේ ඇඳුම අතින් අල්ලන්න පුළුවන්. නමුත් පිළිබිඹු වන දේ අල්ලන්න බැහැ. මේක තියාගන්න පුළුවන්. පිළිබිඹුව තියාගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෝකයේ සියලුම රූප අපට දැකගන්න ලැබෙන්නේ මේ ආකාරයට. බාහිර දේ අරමුණක් ලෙස පමණයි අපට ලැබෙන්නේ. අප තුළත් තිබෙනවා කණ්නාඩියක්. ඒ කණ්නාඩියට තමා බාහිර රූපයේ පිළිබිඹුව ලැබෙන්නේ. අප තුළ තිබෙන කණ්නාඩිය තමා සිත. ඇසෙන දකින දේ පිළිබිඹුව වැටෙනවා, පිළිබිඹු වන සිතට. සිත නැමැති කණ්නාඩියට ලැබෙන පිළිබිඹුව බාහිර රූප ලෙසම ගන්නවා. ඔබ ඉදිරියේ තිබෙන සියලු දේ ඔබගේ සිතට එක අරමුණක් පමණයි. කණ්නාඩියට ලැබෙන ඡායා ටිකත් පමණයි. ඒ විදිහටම මේ ලෝකයේ යම් ශබ්දයක් තිබෙනවා නම් ශබ්දය මතු වෙන්නේත් සතරමහ ධාතුන්ගේ රූපයකින්. අප යම් දෙයකට අතින් තට්ටු කළ විට යම් ශබ්දයක් එනවා. ඒ ශබ්දය සතරමහ ධාතුන්ගෙන් හටගත් යම් භාණ්ඩයක ගැටීමක් නිසා හටගත් ශබ්දයක්. මේ වගේ නාසයට දැනෙන ගඳ - සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, සතර මහ ධාතුන්ගෙන් හට ගත් රූපයකින් හටගත් දේ. අරමුණු පමණක් සිතේ හට ගන්නවා.

එහෙනම් හැම රූපයක්ම රූපයක් ලෙස දැනගන්නේ මනසේ ක්‍රියාකාරීත්වයක් තිබෙන නිසයි. ඒ ක්‍රියාකාරීත්වයට කියන්නේ 'විඤ්ඤාණය' කියා. එහි තේරුම දැන ගන්නවා කියන එකයි...

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 11

 

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 11
කාලය මවනා වෙනසක යථාර්ථය විනිවිද දකින්න

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

පිංවත් ඔබ ආධ්‍යාත්මික රූපයේ අනිත්‍යභාවය දකිනවා වගේම, බාහිර රූපයන් කෙරෙහිද එම අනිත්‍ය සංඥාව මතුකොට දකිමින් බාහිර රූපයන් කෙරෙහි තෘෂ්ණාව සියුම්කොට ගන්න. පිංවත් ඔබේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට අරමුණුවෙන්නා වූ සෑම බාහිර රූපයක්‌ම අතීත, වර්තමාන, අනාගත වශයෙන් අනිත්‍ය සංඥාවට ලක්‌කරන්න. 

පිංවත් ඔබ සක්‌විති රජවෙලා, ඉපදුණු වේලාවේ මොන තරම් බාහිර රූපයන් මගේකොටගෙන ජීවත්වන්න ඇතිද? සක්‌විති රජුට අයිතිවන සුරූපි ස්‌ත්‍රීරත්නය, සෘධිමත් ඇතා, සෘධිමත් අජානීය අශ්වයා, මහපොළොව යට තිබෙන ඕනෑම සම්පතක්‌ දිවැසින් දැකියහැකි පුරෝහිතයන්, මුළු ලෝකයට දිග්විජය කරන සක්‌විති රජුට දාව උපත ලබන පුතුන් දහස... මේ සෑම බාහිර රූපයක්‌ම අනිත්‍ය වී ගියා, අහිමිවී ගියා. පිංවත් ඔබ අතීතයේ ශක්‍ර දෙවියන්ව ඉපැදුණු වේලාවේ ඔබට ලැබුණු සුජම්පතී බිසව, වෛජයන්ති මාලිගාව, දිව්‍ය අප්සරාවන්, දිව්‍ය භෝජන.... මේ සෑම බාහිර රූපයක්‌ම වෙනස්‌වී ගියා. අහිමිවී ගියා. ඔබ අතීතයේ මනුෂ්‍ය ජීවිත ලබපු වේලාවේ ඔබට ලැබුණු අම්මලා, තාත්තලා, බිරින්දෑවරු, ස්‌වාමිපුරුෂයන්, දරුවන්, ඥාතීන්, දේපළ, ඉඩකඩම්, යාන වාහන වෙනස්‌වී ගියා. අනිත්‍යවී ගියා. 

වරක්‌ පිංවත් මහත්මයෙක්‌ විමසුවා, ඔබ වහන්සේ ගිහි ජීවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයිද කියලා. භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ 'මහත්තයෝ, මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන සෑම පුරුෂයෙක්‌ම, ස්‌ත්‍රියක්‌ම අතීතයේ මට බිරිඳවෙලා, ස්‌වාමිපුරුෂයා වෙලා තිබෙනවා. මට පෙම්වතෙක්‌, පෙම්වතියක්‌ වෙලා තිබෙනවා. මට අතීතයේ බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, පෙම්වතෙක්‌, පෙම්වතියක්‌ නොවූ කිසිම සත්ත්වයෙක්‌ මේ ලෝක ධාතුවේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ සිටින සෑම සත්ත්වයෙකුටම මම අතීතයේ ආදරය කරලා තිබෙනවා. විවාහ ගිවිසගෙන තිබෙනවා. ඒ නිසා මහත්තයෝ අතීතයේ ආදරය කර තිබෙන අයට නැවත ආදරය කරන්න යන එකේ තේරුමක්‌ නැහැ. ඒ නිසාමයි මම පැවිදි වූයේ' කියලා.

අතීතයේ බිරින්දෑවරු, ස්‌වාමිපුරුෂයන්, පෙම්වතුන්, පෙම්වතියන් කියන බාහිර රූපයන් නිසා මම හෙලූ කඳුළු මහා සාගරයේ ජලයට වැඩියි. අතීතයේ බිරින්දෑවරු, ස්‌වාමිපුරුෂයන් අහිමිවීම නිසා, අතහැර යෑම නිසා, සිත්රිදවීම් නිසා, අන්‍ය සැමියන් බිරින්දෑවරු සමග එක්‌වී දුන් කායික මානසික පීඩාවන් නිසා, මරාදැමීම් නිසා, කාමය වරදවා හැසිරීම් නිසා, විරහ වේදනාවන් නිසා, අතීතයේ බාහිර රූපයන් මගේ කරගැනීම නිසා මම හෙලා ඇති කඳුළුයි මහා සාගරයේ ජලකඳ දකින විට භික්‍ෂුවට සිහිපත් වෙන්නේ, අතීත භවයන්හිදී පිංවත් ඔබ ධනය, බලය, තනතුරු, දේපළ නැමැති බාහිර රූපයන් කෙරෙහි තෘෂ්ණාවෙන් ඒවා අයිතිකොටගැනීමට යෑම නිසා, මොනතරම් රාජදඬුවම් ලබන්නට ඇතිද? හිසගැසුම් කන්නට ඇතිද? අතපය කපා දැමීම්, උලතැබීම් වලට ලක්‌වෙන්න ඇතිද? සතර අපායන්ට වැටිලා මොන තරම් දහදුක්‌ විඳන්නට ඇතිද? බාහිර රූපයන් කෙරෙහි පිංවත් ඔබ ඇතිකොටගත් තෘෂ්ණාව පිංවත් ඔබට අතීතයේ කර ඇති විනාශය නුවනින් දකින්න. අපි නිතරම අතීත බාහිර රූපස්‌කන්ධය ආශ්වාදයක්‌කොට ගන්නවා. 'මගේ තාත්තා හිටපු නායකයෙක්‌. අසවල් රජතුමා අපේ ඥාතියෙක්‌. අපේ අහවලා සභාපති කෙනෙක්‌, ලේකම් කෙනෙක්‌, විදුහල්පති කෙනක්‌. මගේ තාත්තා ලොකු දේපළ හිමි ධනවතෙක්‌. මගේ තාත්තා උගතෙක්‌. අතීතයේ මගේ රට පෙරදිග ධාන්‍යාගාරයක්‌....' මේ සංස්‌කාරයන් අපට අයිති නැති බව, වෙනස්‌වූ බව අපි දකින්නේ නැහැ. එම නිසා පිංවත් ඔබ අතීත බාහිර රූපස්‌කන්ධයේ අනිත්‍යභාවය නිරතුරුවම නුවනින් දකින්න. 

අතීතයේ ඔබේ ඇසෙන් බුදුරජාණන්වහන්සේලා කොතෙක්‌ නම් දකින්නට ඇතිද? පසේබුදුරජාණන්වහන්සේලා, මහරහතුන්වහන්සේලාගේ රූපයන් කොතෙක්‌ නම් දකින්නට ඇතිද. ඒ සෑම බාහිර රූපයක්‌මත්, එම රූපයන් දුටු ඔබේ ආධ්‍යාත්මික රූපයනුත් නිරතුරු වෙනස්‌ වීම නිසා අනිත්‍යවී ගියා. අතීත රූපස්‌කන්ධයේ අනිත්‍යභාවය ආධ්‍යාත්මික, බාහිර වශයෙන් අර්ථවත්ව නුවනින් දකින පිංවත් වර්තමාන, අනාගත, රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම්කොට ගන්නවා. භික්‍ෂුව ඉහතින් සඳහන් කළේ, පංචඋපාදානස්‌කන්ධයට අදාළව රූපයේ අතීත, වර්තමාන, අනාගත වශයෙන් අනිත්‍ය සංඥාව මතුකොටගන්නා ආකාරයයි.

ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.