Sunday, April 8, 2018

මහ රහතුන් වැඩි මග ඔස්සේ

 

ලෝකයේ ආගම් කොතරම් තිබුණත් ස්වභාව ධර්මය බුද්ධාගමයි   
තවත් සිංහල අලුත් අවුරුද්දක්‌ අද හෙටම උදා වෙනවා. සමහරවිට පිංවත් ඔබ මෙම ලිපිය කියවන විට සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගිහින් තිබෙන්නත් පුලුවන්. මෙය සටහන් තබන භික්‍ෂුවගේ ජීවිත කාලය පුරාවට මෙවන් සිංහල අලුත් අවුරුදු පනස්‌හයක්‌ දැනට ගෙවී ගිහින් තිබෙනවා. භික්‍ෂුව උපත ලැබුවේ දෙසැම්බර් මාසයේ දිනයක නිසා භික්‍ෂුව මුල්ම සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ මාස හතරක දරුවෙක්‌ හැටියට තොටිල්ලක. එදා මගේ අම්මා තාත්තා තමන්ගේ කුළුඳුල් දරු පැටියට ලස්‌සන සෙල්ලම් බඩුවක්‌ නිල්පාට ඇඳුම් සූට්‌ එකක්‌ ගෙනත් දෙන්න ඇති. භික්‍ෂුවට මතකයක්‌ නැති වුණත් ඒ අහිංසක තරුණ අම්මා, තාත්තා විවාහ වෙලා තමන් ලැබූ කුළුඳුල් දරුපැටවාත් සමඟ සැමරුව මුල්ම සිංහල් අලුත් අවුරුද්ද භික්‍ෂුවට දැන් පෙනෙන්නේ මායාවක්‌ පමණක්‌ ලෙසින්මයි. මගේ ජීවිතයේදී සැමරුව මුල්ම සිංහල අලුත් අවුරුද්දේදී අම්මා, තාත්තා මට ලස්‌සන සෙල්ලම් බඩුවක්‌, නිල්පාට ඇඳුම් සූට්‌ එකක්‌ තෑගි කළත් අවසානයේ මම ඒ අහිංසක අම්මා, තාත්තාට මතක වස්‌ත්‍රයක්‌ පූජාකර සුසාන භූමියකදී ආදාහනය කර දැමුවා. තොටිල්ලත් ආදාහනාගාරයත් අතර දෝලනය වෙමින් නැවත නැවත සිංහල අලුත් අවුරුදු සමරන අපි ජීවිතයේ යථාර්ථය වන තොටිල්ලත් ආදාහනාගාරයත් ගැන නොසිතාම ආශ්වාදයෙන් කාමච්ඡන්දයන්ගෙන් කීකරු දරුවන්සේ මෙවරත් අලුත් අවුරුද්ද සැමරුවා වෙන්න පුලුවන්. මෙය සටහන් තබන භික්‍ෂුව පැවිදි භාවයට පත්වී දැනට වසර දහයක්‌ ඉක්‌මවා ගොස්‌ තිබෙනවා. භික්‍ෂුව පැවිදි භාවයට පත්වී ගෙවී ගිය වසර දහයක කාලය තුළ භික්‍ෂුව සිංහල අලුත් අවුරුද්දක්‌ සමරලා නැහැ. මොකද භික්‍ෂුව සිංහල බෞද්ධයෙක්‌ නොවන නිසා. බුදුරජාණන් වහන්සේ තම පියාණන් වූ සුද්ධෝදන රජතුමාට දේශනාකරනවා රජතුමනි, ඔබගේ වංශය ශාක්‍ය වංශය බව ඇත්ත. මගේ වංශය බුද්ධ වංශයයි කියලා. මෙය සටහන් තබන භික්‍ෂුව සිංහල බෞද්ධ ජාතියේ උපන් පිනෙන් එම පින ධර්මානුකූලව කළමනාකරණය කොටගෙන උතුම් බුද්ධ වංශයේ උපත ලද භික්‍ෂුවක්‌. එම නිසා භික්‍ෂුව නැවත කවදාකවත් සිංහල අලුත් අවුරුද්දක්‌ සමරන්නේ නැහැ. පෙර පින නිසාම සිංහල බෞද්ධ ජාතියේ උපන් පිංවත් ඔබට බුද්ධ වංශයේ උපත ලැබීමට මාර්ගය කියලා දෙනවා පමණක්‌මයි. භික්‍ෂුවගේ ඡන්දය බවට පත්වෙලා තිබෙන්නේ. 
 
 
යම් පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවොත් ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨම ජාතිය කුමක්‌ද? කියලා භික්‍ෂුව ධර්මානුකූලව නොපැකිළිව ප්‍රකාශ කරන්නේ බුදුරජාණන්වහන්සේ උපත ලැබු ශාඛ්‍ය වංශයයි කියලා. පිංවත් ඔබ භික්‍ෂුවගෙන් විමසුවොත් ලෝකයේ පහළ වූ දෙවැනි ශ්‍රේෂ්ඨ ජාතිය කුමක්‌ද? කියල ධර්මානුකූලව භික්‍ෂුව උත්තර දෙන්නේ මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ සංඝමිත්තා උත්තමාවියගේ කරුණාවෙන් සද්ධර්මයේ ලේ උරුමයෙන් බිහිවූ සිංහල බෞද්ධ ජාතිය කියලයි. 
 
 
වර්තමානයේ ජීවත්වන බුදුරජාණන් වහන්සේ හැටියට වැඩසිටින උතුම් ධර්මරත්නයේ, සංඝරත්නයේ ආශිර්වාද ලබමින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් වැඳුම් පිදුම් කරන ශ්‍රී මහ බෝ සමිඳුන් වහන්සේ, ස්‌වර්ණමාලී මහා සෑ සමිඳුන් වහන්සේ සෙවණ ලබන ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවමානව පවතින උතුම් අධිගමයන්ට මාර්ගය විවෘතව පවතින ලෝකයේ ජීවත් වන පිංවත්ම ජාතිය මේ සිංහල බෞද්ධ ජාතියයි. ඉහත විවරණය ජාතිවාදයක්‌ නොව ධර්මානුකූල හේතුඵල ධර්මයක්‌. ලෝකයේ ආගම් සිය ගණනක්‌ තිබුණත් බුද්ධාගම යනු ස්‌වභාව ධර්මයයි. ස්‌වභාව ධර්මයේ ක්‍රියාකාරිත්වයයි. බොරුකරන්න, සඟවා දේශනා කරන්න, වාද විවාද කරන්න, අභියෝග කරන්න දෙයක්‌ බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළ ධර්ම මාර්ගය තුළ නැහැ. අනාගතයේ යම් දවසක ලෝකයේ සියලුම ආගම් විනාශ වී ගියත් බුදුදහම ලෝකයේ සැබෑම ලෝක ධර්මතාව වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණනි, ඉපදීම දුකයි කියලා. තර්ක කරන්න, වාදකරන්න, සගවන්න දෙයක්‌ නැහැ. ඉපදීම නිසාමයි ජාරා ව්‍යාධි, මරණ දුක සකස්‌ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුකට හේතුව තෘෂ්ණාවයි කියලා. තර්ක කරන්න වාද කරන්න, සඟවා දේශනා කරන්න දෙයක්‌ නැහැ. තෘෂ්ණාවේ ප්‍රමාණයටමයි පිංවත් ඔබ තුළ දුක සකස්‌වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්නය කියලා. තෘෂ්ණාව නැතිකිරීමේ මාර්ගය ආර්යය අෂ්ටාංගි මාර්ගයයි කියලා. ඉහත චතුරාර්යය සත්‍ය ධර්මයන් ගැන වාද විවාද කරන්න අවශ්‍ය නැහැ. ලෝකයේ පරම සත්‍යයි බුදුරජාණන් වහන්සේ නමක්‌ ලෝකයට දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ඇස මේ කණ අනිත්‍යයි කියලා කියනවා. මේ වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය අනිත්‍යයි වෙනස්‌ වෙනවාය කියලා කියනවා. මේ ගැන වාද කරන්න, අභියෝග කරන්න, සඟවා දේශනා කරන්න අවශ්‍ය නැහැ. ක්‍රිස්‌තුස්වහන්සේගේත්, අල්ලා තුමාගේත්, මහා බ්‍රහ්මයාගේත් ඇස, කන අනිත්‍ය ධර්මතාවක්‌මයි. ස්‌වභාව ධර්මයේ යථා ස්‌වභාවයයි. බුදුරජාණන් වහන්සේගේ ලොව්තුරු ධර්මය මුළු පෘථිවි ධාතුවම අළු දූවිලි වී කල්ප විනාශයන් සියයක්‌ සිදු වුවද සම්මා සම්බුද්ධ භාෂිතය නොනැසෙන ස්‌වභාව ධර්ම තාවක්‌මයි. සියල්ල අනිත්‍ය භාවයට පත්වෙන ලෝක ධාතුවේ බුද්ධ දේශනය යනු බුද්ධ දේශනයේ අර්ථය යනු නොනැසෙන ලෝක ස්‌වභාවයයි. නොනැසෙන ලෝක ස්‌වභාවය ලෝකයට දේශනා කරල බුදුරජාණන් වහන්සේ එම ලෝක ධර්මයට යනවා. අනිත්‍ය භාවයට පත්වී පිරිනිවී යනවා. මෙවන් දෑස්‌ පනා පිටම පෙනෙන ජීවිතයෙන්ම අත්දකින උතුම් ධර්මයක්‌, ආගමක්‌ හැටියට හංවඩු ගසා කතාකිරීමට අපේම නායක පිංවතුන් පවා පෙළඹීම අතිශය පවුකාරකමක්‌ වෙනවා. 
 
 
භික්‍ෂුව ඉහත දැක්‌වූ අර්ථයට යම් පිංවතෙක්‌ එකඟ නොවන්න පුලුවන්. පිංවත් ඔබ ඉහත අර්ථයට එකඟ නොවීම මිහිඳු මහෝත්තමයන් වහන්සේගේත් සංඝමිත්තා උත්තමාවියන්ගේත් සද්ධර්මයේ ලේ උරුමයෙන් උපන් සිංහල බෞද්ධ ජාතියේ වරදක්‌ නම් නොවේ. සිංහල බෞද්ධ රටේ දේශපාලන නායක පිංවතුන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට අවම වශයෙන් පංචශීලය තුළවත් ශක්‌තිමත් වීමට ජනතාවට පූර්වාදර්ශයක්‌ නොදීමේ වරදයි. සමහරක්‌ දෙමාපියන් තම දරුවන්ට, ගුරුවරුන් තම ශීෂ්‍යයන්ට අවම වශයෙන් පංචශීලයවත් ආරක්‍ෂා කර ගැනීමට පූර්වාදර්ශයන් නොදීමේ වරදයි. පංචශීලය ආරක්‍ෂා කර නොගැනීම නිසාම සම්මා දිට්‌ඨියේ අර්ථයන් දුර්වල නිසාම සිංහල බෞද්ධකමක්‌ නැති සිංහල බෞද්ධ ජාතියක්‌ බවට වර්තමානයේ සිංහල බෞද්ධයා ක්‍රමානුකූලව දුර්වලභාවයට පත්වී යනවා. 
 
 
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටියද, ශාක්‍ය වංශය විනාශය කරා ගමන් කරන්නේ ශාක්‍යයන් තුළ තිබූ අධික මාන්නය නිසාමයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. වර්තමානයේ සිංහල, බෞද්ධ ජාතිය විනාශය කරා ගමන් කරන්නේත් පංචශීලයේ දුර්වලභාවය නිසාමයි. සිංහල බෞද්ධ ජනතාව සම්මා දිට්‌ඨියේ අර්ථයන් හොඳින් හඳුනාගෙන සිටියද පංචශීලයේ දුර්වල භාවය නිසාම සකස්‌වෙන ඉන්ද්‍රිය අසංවරය සම්මා දිට්‌ඨියේ අර්ථයන් නුවණින් දැකීමේ ශක්‌තිය දුර්වල කර දමනවා. එවිට ලද දෙයින් සතුටු වීම අල්පේච්ඡතාව, මධ්‍යම ප්‍රතිපදාව කියන අර්ථයන්ගේ සීමා ඉරෙන් බැහැරවයි පියවර තබන්නේ. මේ හේතුව නිසාම ශීලයෙන් දුර්වල, නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වීමේ ක්‍රියාන්විතයට ජාතිය සෙමින් සෙමින් ගමන් කරනවා. 
 
 
අවංකවම පිංවත් සිංහල බෞද්ධ ඔබ මෙම සිංහල අලුත් අවුරුද්දේ ප්‍රීතියෙන් සතුටින් ගත කළාද කියලා ධර්මානුකූලව සිතල බලන්න. තෙරුවන් උදෙසා වත් පිළිවෙත් සිදු කිරීමට ඔබට අවස්‌ථාව ලබාදෙන පුණ්‍යකාලයේ පටන් හිස තෙල් දමා ස්‌නානය කරන මොහොත දක්‌වා එම චාරිත්‍රයන් ඔබ නිවැරුදිව ඉටුකළාද මවු දෙමාපියන්ට වැඩිහිටියන්ට කළයුතු වත්පිළිවෙත් නිවැරැදිව ඉටුකළාද. ඔබේ බිරිඳට, දරුවන්ට, සිවාමිපුරුෂයාට, හිතවතුන්ට, ඥාතීන්ට කළයුතු වත්පිළිවෙත් නිවැරැදිව ඉටුකලාද සිංහල බෞද්ධකමේ අර්ථය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්‌තිමත් වෙන ආකාරයෙන් කටයුතු සිදුකිරීමෙන් අවංකවම ඔබ සතුටු වෙනවානම්, ප්‍රීති වෙනවා නම් එම සතුට ප්‍රීතිය කියන්නේ ලෞකික සප්ත බොඡ්ඣංග ධර්මයන්ට අදාළ ශ්‍රේෂ්ඨ ධර්මතාවක්‌. ප්‍රීතිය හේතුවකින් තොරව සකස්‌වෙන ධර්මතාවක්‌ නොවේ. ප්‍රීතිය ඇතිවෙන්න හේතුව වීර්යයි. වීර්ය හේතුවකින් තොරව ඇතිවන ධර්මතාවක්‌ නොවෙයි. වීර්ය ඇතිවීමට හේතුව ධර්මානුකූලව සිතීමයි. ධර්මානුකූලව සිතීම හේතුවකින් තොරව ඇතිවන ධර්මතාවයක්‌ නොවේ. ධර්මානුකූලව සිතීම ඔබ තුළ සකස්‌වෙන සති සම්බොඡ්ඣංගයේ ඵලයයි. 
 
 
 සකස්‌ කළේ
 ඉන්ද්‍රජිත් සුබසිං 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, April 5, 2018

Reality of life.....

 

Highly Intelligent expression J. Absolutely true. But people don't realize this.

 

 

 

 



 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

***~~~***...ප‍්‍රභාශ්වර සිත ...*** ~~~***

 

කෙලෙසුන්ගෙන් මිදුනුවිට සිත හරිම ප්‍රභාශ්වරයි.කෙලෙසුන්ගෙන් මිදුනුවිට සිත හරිම තියුණුයි. රූප, වේදනා, සංඥ, චේතනා, විඤාණ ධර්මයන් තියුණු සිතින් විනිවිද දකින්න පුළුවන්. මෙවන් ආශ්චර්යමත් සිතක් මේ නිමේශයේදීත් පින්වත් ඔබ තුල සකස්වෙද්දී එම සිතෙන් අවම වශයන් ඔබ දෙසවත් බලනව ද? වර්තමානයේ සකස්වන සිතෙන් පින්වත් ඔබ, ඔබ දෙස බලනවානම් ඒ දකින සිතත් ඔබ අනිත්‍ය වශයෙන් දකින්න. එතකොට ප්‍රශ්නාර්ථයක් ඇතිවුනොත් ඒ සිතත් අනිත්‍යය වශයෙන් දකින්න. එතකොට ආශ්වාදයක් ඇතිවුනොත් ඒ සිතත් අනිත්‍යය වශයෙන් දකින්න. එතකොට සිතේ සන්සිඳීමක් ඇතිවූනොත් ඒ සිතත් අනිත්‍යය වශයෙන් දකින්න.

මොකක්ද අවසානය? පින්වත් ඔබ තුල වැඩෙන ප‍්‍රඥාව ඉදිරියේ ඔබේ සිත ඵස්සය අභියස දනගසාවී.


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.