Thursday, November 29, 2018

4. බුදු දහම නොරැවටී වටහාගන්නට නම්...

 

... එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ සුත්වා ධම්මං ධාරෙන්ති; අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ සුත්වා ධම්මං ධාරෙන්ති.

~ ධම්මධාරණ සූත්රය

... එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ධාතානං ධම්මානං අත්ථං උපපරික්ඛන්ති; අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ ධාතානං ධම්මානං අත්ථං උපපරික්ඛන්ති.

~ අත්ථුපපරික්ඛා සූත්රය

- අඞ්ගුත්තර නිකාය,එකධම්මපාළි, චතුත්ථවග්ගො (අප්පමත්තක වර්ගය) ~

 

මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ධර්මය අසා (සිතෙහි) දරත්ද සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්වකෙනෙක් ධර්මය අසා සිතෙහි නොරදත්ද මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

 

මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ධාරණය කරණලද්දාවූ ධර්මයන්ගේ අර්ථය පරීක්ෂා කෙරෙත්ද, සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්ව කෙනෙක් ධාරණය කරනලද්දාවූ ධර්මයන්ගේ අර්ථය පරීක්ෂා නොකෙරෙත්ද, සත්වයෝම අතිශයින් බොහෝ වෙත්..

 

ධර්මය අසන්නන් අතරිනුත් එය සිත්හි දරාගන්නා අය අල්පයි. එයිනුදු, ධර්මයේ අර්ථ පරීක්ෂා කරන්නන් අතිශයින්ම දුර්ලභයි. අද බොහෝ දෙනාට අවශ් අතේ තබා පෙන්වන ධර්මයක්. අර්ථය පිරික්සමින් සත්යාවබෝධය ලබන්නට ඉස්පාසුවක් නැහැ. අප දන්නා ලෞකික රාමුවට ගැලපෙන දෘෂ්ටියක් කිව්වහම අර්ථය පිරික්සන්න දෙයක් නැහැනේ, ගෙඩිය පිටින් ඕන කෙනෙකුට තේරෙනවා. ඉතින් බුරුතු පිටින් එවැනි දේට ඇදිලා යනවා.

මේක සාධාරණීකරණය කරන්න එක එක කතන්දර කියනවා. බුදුහාමුදුරුවන්ගේ කාලේ ධර්මය ඇසූ පමණින් සෝවාන් වුනා, මේක පහසුවට තේරුම් ගන්න කියල දෙන්න හැකි අවබෝධ කළ අය පමණයි; පසු ගිය වකවානුව තුල අරිහතුන්වහන්සේලා නැති නිසා ධර්මය සැඟවුනා. දැන් හැංගිච්ච එක හොයල දෙන්න අය පහලවෙලා නිසා කියනකොටම තේරෙනවා... කියල අඥානයන් රවටාගන්නවා. අඩුම තරමින් මේ විධියට තමන් ඉගනගත් දේ සාරාසංඛ් කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදුකෙනෙක්, පෙර නොඇසූ විරූ ධර්මයක් විධියට ලෝකෙට දේශනා කළා වෙන්න පුළුවන් කියල වත් හිතන්නේ නැහැ.


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Wednesday, November 28, 2018

1. බුදු දහම නොරැවටී වටහාගන්නට නම්...

 

 

එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ථලජා, අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ ඔදකා

එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ අඤ්ඤත්‍ර මනුස්සෙහි පච්චාජායන්ති.

එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ පච්චන්තිමෙසු ජනපදෙසු පච්චාජායන්ති අවිඤ්ඤාතාරෙසු මිලක්ඛෙසු

~ අඞ්ගුත්තර නිකාය,එකධම්මපාළි, චතුත්ථවග්ගො (අප්පමත්තක වර්ගය) ~

මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ගොඩ උපන්නෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. වැලිදු යම් සත්ව කෙනෙක් දියෙහි උපන්නෝ වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

"මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මනුෂ්‍යයන් විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. යලිදු යම් සත්වකෙනෙක් මනුෂ්‍යයන් ගෙන් වෙන්ව උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

"මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මධ්‍යජනපදයන්හි (දඹදිව මධ්‍ය දේශයෙහි) උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේද වුවත් යම් සත්වකෙනෙක් අප්‍රකටවූ ම්ලෙච්ඡයන් අතර ප්‍රත්‍යන්ත ජනපදයන්හි උපදිත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

 

මහපොළව මත ඇති අනන්ත ස්ථාන අතරින්, දඹදිව මධ්‍ය දේශය යනු ඉතා කුඩා කොටසක්. සියලු බුදුවරු පහළවන,  විමුක්තිකාමීන්ට පාරාදීසයක් වූ, බඹසර වසන්නන් අතර අග්‍ර වූ දේශයක්. අදටත් බුදුදහම නොලබා විමුක්තිය සොයන්නන් එහි අනන්තවත් ඉන්නවා. ලක්දිව අපි විමුක්තිය සොයන්නේ අප වටහා ගත දුකකින් මිදෙන්නද? බුදු දහමේ එසේ කියවෙන නිසා නොවේද? බුදු දහම ලැබිලත්, බෞද්ධ අප බහුතරය තවම පැමිණි දුක් පැණිරස කියමින් දුකෙහිම ගැලී දුකතුලින්ම සැප සොයනවා නේද?

 

From: Kithsiri Samaranayake
Sent: Monday, November 26, 2018 7:42 AM
Subject: 1. බුදු දහම නොරැවටී වටහාගන්නට නම්...

 

''සෙය්‍යථාපි , භික්ඛවෙ, අප්පමත්තකං ඉමස්මිං ජම්බුදීපෙ ආරාමරාමණෙය්‍යකං වනරාමණෙය්‍යකං භූමිරාමණෙය්‍යකං පොක්ඛරණිරාමණෙය්‍යකං; අථ ඛො එතදෙව බහුතරං යදිදං උක්කූලවිකූලං නදීවිදුග්ගං ඛාණුකණ්ටකට්ඨානං පබ්බතවිසමං; එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ථලජා, අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ ඔදකා''.

ථලජාප්පක සූත්‍රය - අඞ්ගුත්තර නිකාය,එකධම්මපාළි, චතුත්ථවග්ගො (අප්පමත්තක වර්ගය)

"මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ඇත්තේ ඉතාම ස්වල්පයකි. එසේ වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

මහපොළව මත ඇති අනන්ත ස්ථාන අතරින් රම්‍ය වූ ස්ථාන ඉතා අල්ප බව බුදුහිමයන් දේශනා කරනවා... අපට එය පිළිගත නොහැකිද?


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

චීවර මාසය

 

 

 

අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අර්ථය වන විදර්ශනාමය රඥාව මෝදුකොට ගන්න.

 

විවේකී වස්සානය ගෙවී ගිහින් මේ ගත වෙන්නේ චීවර මාසය, නොසැලෙන කුසල් ශක්තියකින්, පුණ් ශක්තියකින් පිංවත් ඔබේ, ලෞකික සැපයන් ශක්තිමත් කොට දෙන, දක්ෂයා තුළ ලෝකෝත්තර ඵලයන් ශක්තිමත් කොට දෙන කඨින චීවර මාසය. දෙවියන්, බඹුන්, රජ, සිටු, ඇමැතිවරුන්, වන්දනාමාන කරන, කඨින චීවර මාසය.

 

බුදු රජාණන් වහන්සේ භික්ෂූන් වන අපිට චීවර රත්යවේක්ෂාවක් දේශනා කොට තිබෙනවා. "මේ චීවරය මා පරිහරණය කරන්නේ මාගේ ශරීරයේ ලස්සන, හැඩය, වර්ණය මතු කොට පෙන්වන්න නොවේ. අව් වැසි පින්නෙන් ආරක්ෂා මැසි මදුරු පීඩාවන්ගෙන් ආරක්ෂා වී, ලැජ්ජා භය ඇති තැන් වසා ගැනීම උදෙසා පමණක්මයි කියලා". මේ උතුම් චීවර මාසයේදී කඨින වස්තරය අපේ දෝතට ලැබෙන්නට ඕනේ. කිසිදු සැලසුමකින් තොරව අප ඉදිරියටම අහසින් වැටුණු දෙයක් හැටියටයි, බුදුරජාණන් වහන්සේ මෙවන් අනුශාසනාවන් අපට කරලා තිබෙන්නේ. දුක ඇති වීමට එකම හේතුව වන තෘෂ්ණාව අපෙන් දුරස් කිරීම සඳහාමයි. වර්තමාන සමාජයට තෘෂ්ණාව කියන කාරණයේ අර්ථය අමතක වෙලා. තෘෂ්ණාව සැපයක් කොටයි දකින්නේ. ලෞකික රඥාවේ ආලෝකයට කැමැත්තෙන්ම පිටුපාන අපි අවිද්යාවේ අඳුරට කැමැත්තෙන්ම මුහුණ පෙන්වනවා.

 

වැසි සමය විනයානුකූලව ගතකළත් මෙය සටහන් තබන භික්ෂුව කඨින චීවරයක් පිළිගන්නේ නැහැ. අද උදෑසන භික්ෂුව පරණ දෙපට සිවුරත්, තනිපට සිවුරත් පඬු පෙව්වා. වැසි අඳුර වරින්වර වැටෙන මේ දවස්වල අව්ව හොඳින් පායාලා චීවර දෙක වේළලා දුන්නා. පාංශුකූල චීවර පරිහරණයේදී චීවරය නිසා බියක් , සැකයක් ඇති වෙන්නේ නැහැ. පාංශුකූල චීවරය නිසාම වැඩෙන්නේ සප්තබොජ්ඣංග ධර්මයත් තමන් විනයානුකූලව පොරවන චීවරය තුළිනුත් සප්තබොජ්ඣංග ධර්මයන් වැඩෙත්දි නිවීමේ මාර්ගය මොන තරම් නම් පහසුවක් වෙයිද? කිසාගෝතමී උත්තමාවිය අත්වින්දේත්, පහසුවම නේද? පඬු කහට තැවරුණ භික්ෂුවගේ දෑත් දෙක තවමත් රතු පාටයි. පඬු පැහැය තැවරුණු දෑතින්මයි පිංවත් ඔබට මේ සටහන ලියන්නේ. මේ නිමේෂයේදීත් භික්ෂුවගේ සිත විදර්ශනාමය සප්තබොජ්ඣංග ධර්මයන්ගෙන් පිරිලා.

 

භික්ෂුවගේ සිත මොහොතක් අතීත පංචඋපාදානස්කන්ධය දෙසට දිව යනවා. පටිච්චසමුප්පන්නව අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පැවිදි උපසම්පදාවන් ලබා ජීවත් වෙච්ච වෙලාවේ, පෙරවූ චීවර, අබුද්ධෝත්පාද කාලවල ඉපදී මිච්ඡා ශාස්තෘවරු ඇසුර ලබමින් පෙරවූ කසාවත් රෙදි එක ගොඩක් ගැසුවොත්, අතීත චීවර ගොඩ ගිජ්ජකූඨ පර්වතයට වඩා විශාලයි. විශාල චීවර ගොඩ තුළ වැඩියෙන්ම තිබෙන්නේ දිලිසෙන, මිල අධික, දහස් කඩ, පන්සිය කඩ, සියක් කඩ සිවුරු. චීවර රත්යවේක්ෂාවේ දුර්වලභාවයන්, පටිච්චසමුප්පන්නව නිර්වස්ත පේරතයින් බවට නිර්වස්ත වනචාරී මනුෂ්යයන් බවට නිර්වස්ත තිරිසන් සතුන් බවට, මාව මොන තරම් නම් පත් කරන්නට ඇද්ද? රෙදි අල්මාරිවල, කාවුන් බවට, මාව පත් කරන්න ඇද්ද? වර්තමානයේ මම චීවරය රත්යවේක්ෂාවෙන් පරිහරණය කරමි. චීවර තෘෂ්ණාව නිසා උපන් චීවර රත්යවේක්ෂාවෙන් තොර භාවය නිසා උපන් අතීත පංචඋපාදානස්කන්ධ දුක, මෙය සටහන් තබන භික්ෂුව නම් නැවත සකස් කොට ගන්නේ නැහැ. ඵස්සය හේතුවෙන් සකස් වෙන තෘෂ්ණාව, ඔබ කඨින චීවරයට වගේම දහස්කඩ සිවුරට වගේම, පාංශුකූල චීවරයටත්, අකුසලයේ කැත කුණු තවරන්න පුළුවන්. තමන් පරිහරණය කරන්නා වූ පාංශුකූල චීවරය, මමත්වයේ දැඩි භාවයෙන් ගන්නා වූ ස්වාමීන් වහන්සේලා භික්ෂුවට මුණගැහිලා තිබෙනවා.

 

මේ උදා වී තිබෙන සුන්දර චීවර මාසයේ පිංවත් ඔබේ කඨින පිංකම මහත්ඵල මහානිශංස පිංකමක් බවට පත් කොට ගන්න පිංවත් ඔබ දක්ෂ විය යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යමෙක් චීවර පූජාවක් සිදු කරනවා මෙලොවදී ලබමියි කියලා. මෙලොවදී ලබමියි කියලා බලාපොරොත්තුවෙන් කරන පිංකම් මහත්ඵල මහානිශංස වෙන්නේ නැහැ.

 

තවත් පිංවතෙක් කඨින චීවර පිංකමක් සිදු කරනවා පරලොවදී ලබමියි කියලා. එම නිසා පරලොවදී ලබමියි කියන බලාපොරොත්තුවෙන් සිදු කරන පිංකමත් මහත්ඵල මහානිශංස නැති පිංකමක් වෙනවා.

 

මෙලොවදී ලබමියි කියලත් පරලොවදී ලබමියි කියලත් කරන කඨින චීවර පිංකම්, මහත්ඵල මහානිශංස නැති නම් කුමක්ද මහත්ඵල මහානිශංස පිංකම වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සිතේ අලංකාරය උදෙසා සිතට පරිෂ්කාරයක් උදෙසා කරන පිංකමයි, මහත්ඵල මහානිශංස පිංකම වෙන්නේ කියලා. කුමන සිතේ අලංකාරය උදෙසා සමථ, විදර්ශනා, සිතේ අලංකාරය උදෙසා එම සමථ විදර්ශනා සිතට අලංකාරයක් උදෙසා කරන කඨින චීවර පිංකමයි මහත්ඵල මහානිශංස වෙන්නේ කියලා.

 

බුදුරජාණන් වහන්සේ සමථ, විදර්ශනා සිත කියලා දේශනා කරන්නේ මේ වස් තුන් මාසය පුරාවට පිංවත් ඔබ රැස් කොට ගත්තා වූ දානමය, ශීලමය, මෛතීරමය සෑම කුසල් සංස්කාරයක්ම අනිත්යයි කියලා දැක්කා වූ සමථ විදර්ශනා සිතට

 

මේ කඨීන චීවර පූජාව තුළින් ලබන මෙලොව පරලොව සියලූම ලෞකික සැපයන් අනිත්යයි කියල දැක්කා වූ සමථ විදර්ශනා සිතට. මේ කඨින චීවරය පූජා කරන්නාවූත්, මේ කඨීන චීවරය ලබන්නාවූත් දෙපාර්ශ්වයම අනිත් වූ සංස්කාරයන්ය කියලා දැක්කා වූ සමථ, විදර්ශනා සිතට ශක්තියක් උදෙසා වර්ධනයක් උදෙසා සිදු කොට ගන්නා වූ කඨින චීවර පූජා පිංකමයි මහත්ඵල මහානිශංස පිංකම වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ. එම නිසා පිංවත් ඔබ දක්ෂ විය යුතුයි. ඔබට ලැබුණු මේ දුර්ලභ කඨින චීවර පූජාවෙන් විදර්ශනාමය රඥාවෙන් පරිපූරණ මහත්ඵල මහානිශංස පිංකමක් බවට පත් කොට ගන්න.

 

අද උදෑසන පිණ්ඩපාත මඩුවට පිංවතුන් සිය දෙනෙක් පමණ දන් පූජා කරන්න පැමිණ සිටියා. මේ පිරිස අතර, වස් දහයක් පමණ වූ තරුණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකුත් වැඩ සිටියා. උන්වහන්සේ භික්ෂුවගෙන් රශ්නයක් විමසුවා. තරුණ ස්වාමීන් වහන්සේගේ රශ්නය වුණේ ඔබ වහන්සේට රුවන්වැලි මහා සෑය සිහිපත් වුණොත් ඔබ වහන්සේ කොහොමද රුවන්වැලි මහා සෑය දකින්නේ කියලා. භික්ෂුව පිළිතුරු දුන්නා මට රුවන්වැලි මහා සෑ සමිඳුන් සිහිපත් වුණොත් භික්ෂුව රුවන්වැලි මහා සෑ සමිඳුන් තුළින් සතරසතිපට්ඨානයම දකිනවා කියලා. අවස්ථාවේදී එම ස්වාමීන් වහන්සේ විමසුවා රුවන්වැලි සෑ සමිඳුන් තුළින් සතරසතිපට්ඨානය දකින්නේ කොහොමද කියලා. රුවන්වැලි මහා සෑය සිහිපත් වෙත්දී මහා සෑය සතර මහා ධාතුවක් වශයෙන් දකිනවා. අට්ඨික සංඥාවෙන් දකිනවා ඔබ දකින්නේ මහා සෑය තුළින් කායානුපස්සනාවයි. රුවන්වැලි මහා සෑය දැක්කා වූ සිත, ඔබ අනිත් වශයෙන් දකිනවා. ඔබ දකින්නේ චිත්තානුපස්සනාවයි. මීළඟට ඔබ මහා සෑය මතකයට නැඟීමෙන් ඔබ තුළ සකස් වුණ සැප වේදනා, උපේක්ෂා වේදනාව, අනිත් වශයෙන් දකිනවා. ඔබ දකින්නේ වේදනානුපස්සනාවයි. මහා සෑය සිහිපත් වෙද්දී ඔබ තුළ සකස් වෙන්නේ සප්තබෝජ්ඣංග ධර්මයන්. එම සප්තබොජ්ඣංග ධර්මයන් අනිත් බව දකිද්දි ඔබ ඉන්නේ ධම්මානුපස්සනාව තුළයි. රුවන්වැලි මහා සෑය සිහිපත් වූ එක සිතෙන් ඔබ සතරසතිපට්ඨානයම මතුකොට දැක්කා. භික්ෂුව රකාශ කළ පිළිතුරෙන් එම තරුණ ස්වාමීන් වහන්සේ තෘප්තිමත් වුණා.

 

භික්ෂුව පිංවත් ඔබට ධර්මයෙන් කුසලයෙන්, පිනෙන්, උදව් කරනවා පමණක්මයි. පෙරළා පිංවත් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ජීවත් වීමට අවශ් අවම සිවුපසය පමණක්මයි

 

භික්ෂුව මේ තබන සටහන් තුළින් පිංවත් ඔබගේ හදවතටයි කතා කරන්නේ අවශ් නම් භික්ෂුවට පුළුවන් ගැඹුරු වචන, පාලි වචන යොදලා, කෙළින්ම ඔබගේ, බුද්ධියට කතා කරන්න. එහෙම කළොත් හදවත් නැති බුද්ධිමතුන් පිරිසකුයි බිහි වෙන්නේ. වර්තමාන සමාජයේ ඇති වෙලා තිබෙන විකෘතිය, හදවත් නැති බුද්ධිමතුන්ගේ වැඩිවීමක ඵලයක්. භික්ෂුව මේ සටහන් තුළින් පිංවත් ඔබේ හදවතට කතා කරද්දී භික්ෂුවට හොඳටම විශ්වාසයි, පිංවත් ඔබ කවදාක හරි හදවතක් ඇති බුද්ධිමතෙක්, රඥාවන්තයෙක් වෙනවාය කියලා. පිංවත් ඔබ, භික්ෂුවගේ අහිංසක බලාපොරොත්තුව කඩකරන්න නම් එපා. අද වෙනකම් පිංවත් ඔබේ බලාපොරොත්තු භික්ෂුව කඩකරලා නැහැ. අප දෙපාර්ශ්වයේම බලාපොරොත්තු කඩවුණොත් එයත් ධර්මානුකූල හේතුඵල ධර්මයක්මයි. ධර්මයේ උපේක්ෂාවෙන් ඉවසීම පමණක්මයි අපි විසින් කළ යුත්තේ.

 

පූජ් රාජගිරියේ අරියඤාණ හිමි

 

 

Full Article….

 

අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අර්ථය වන විදර්ශනාමය රඥාව මෝදුකොට ගන්න.

 

විවේකී වස්සානය ගෙවී ගිහින් මේ ගත වෙන්නේ චීවර මාසය, නොසැලෙන කුසල් ශක්තියකින්, පුණ් ශක්තියකින් පිංවත් ඔබේ, ලෞකික සැපයන් ශක්තිමත් කොට දෙන, දක්ෂයා තුළ ලෝකෝත්තර ඵලයන් ශක්තිිමත් කොට දෙන කඨින චීවර මාසය. දෙවියන්, බඹුන්, රජ, සිටු, ඇමැතිවරුන්, වන්දනාමාන කරන, කඨින චීවර මාසය. බුදු රජාණන් වහන්සේ භික්ෂූන් වන අපිට චීවර රත්යවේක්ෂාවක් දේශනා කොට තිබෙනවා. මේ චීවරය මා පරිහරණය කරන්නේ මාගේ ශරීරයේ ලස්සන, හැඩය, වර්ණය මතු කොට පෙන්වන්න නොවේ. අව් වැසි පින්නෙන් ආරක්ෂා මැසි මදුරු පීඩාවන්ගෙන් ආරක්ෂා වී, ලැජ්ජා භය ඇති තැන් වසා ගැනීම උදෙසා පමණක්මයි කියලා. මේ උතුම් චීවර මාසයේදී කඨින වස්තරය අපේ දෝතට ලැබෙන්නට ඕනේ. කිසිදු සැලසුමකින් තොරව අප ඉදිරියටම අහසින් වැටුණු දෙයක් හැටියටයි, බුදුරජාණන් වහන්සේ මෙවන් අනුශාසනාවන් අපට කරලා තිබෙන්නේ. දුක ඇති වීමට එකම හේතුව වන තෘෂ්ණාව අපෙන් දුරස් කිරීම සඳහාමයි. වර්තමාන සමාජයට තෘෂ්ණාව කියන කාරණයේ අර්ථය අමතක වෙලා. තෘෂ්ණාව සැපයක් කොටයි දකින්නේ. ලෞකික රඥාවේ ආලෝකයට කැමැත්තෙන්ම පිටුපාන අපි අවිද්යාවේ අඳුරට කැමැත්තෙන්ම මුහුණ පෙන්වනවා.

 

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනාගතයේ යම් කාශායකණ්ඨක කියලා කෙනෙක් පහළ වෙනවා කියලා. මේ කාශායකණ්ඨකයි, එදාට සංඝ සමාජය නියෝජනය කරන්නේ. සිවුර, අඳනය, පාතරය, අතුරුදන් වුණ කාශායකණ්ඨක සමාජයට අහම්බයෙන් පහළ වූ අර්ථයක් නොවේ. හේතු ඵල ධර්මයක්. වර්තමානයේ අපි චීවර රත්යවේක්ෂාවෙන් බැහැර වීම නිසාම උතුම් චීවරය ලෞකික අරමුණ උදෙසා යොදා ගැනීම නිසාම ශක්තිමත් වෙන තෘෂ්ණාව විසින් උතුම් චීවරය මේ ලෝක ධාතුවෙන් අතුරුදන්වීමේ දුක අපට සකස් කොට දෙනවා. වර්තමානයේ අපි අනාගතයේ පහළ වන කාශායකණ්ඨකලාගේ් ලෝකයට දොස් කියනවා, පටිච්චසමුප්පන්නව කාශායකණ්ඨකලාගේ ලෝකයේ අබිසෙස් ලබන්නේ වර්තමානයේ චීවර තෘෂ්ණාවෙන් පෙළෙන අපිම කියලා අපි දකින්නෙ නැහැ. සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවා සංස්කාරයන්ගේ රතිකිරයා හේතුවෙන්ම පංචඋපාදානස්කන්ධ ලෝකය උඩුයටිකුරු කරනවා. වර්තමානයේ දහස්කඩ චීවරයක රත්යවේක්ෂාවෙන් තොරව පරිහරණය කරන භික්ෂුවත් වර්තමානයේ චීවරය මිල කරන භික්ෂුවත් පටිච්චසමුප්පන්නව චීවර අතුරුදන් වූ කාශායකණ්ඨකලාගේ ලෝකයේ කහ පැහැති නූලක් අත දරාගෙන සැප ලබන්න නම් රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි තෘෂ්ණාව ශක්තිමත් කොටගන්න ඕනේය කියන මාර පාක්ෂික ධර්මයක් දේශනා කරන්න පුළුවන්. ඇයි අපිට මෙහෙම සිතෙන්නේ නැත්තේ. ඊටත් වගකියන්න ඕනේ සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයමයි. අපි තුළ සකස් වෙන්නා වූ ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වැඩි වෙන්න විඤ්ඤාණය හෙවත් දැනීම් සකස් වෙන්නේ අකුසලයට අදාළවයි.

 

ධුතාංගධාරී භික්ෂුණීන් අතර අගරස්ථානයට පත් වෙච්ච කිසාගෝතමී උත්තමාවිය දිනක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න වැඩම කරලා ආකාසයේ වැඩ සිටිමින්ම බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පෙරළා වඩිනවා. අවස්ථාවේ කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ සමඟ ධර්ම සාකච්ඡාවක යෙදිලයි සිටියේ. කොසොල් රජතුමා දකිනවා කිසාගෝතමී උත්තමාවිය ආකාසයේ සිට බුදුරජාණන් වහන්්සේට වන්දනාකොට පෙරළා වඩිනවා. කොසොල් රජතුමා මේ සිද්ධිය දැකලා බුදුරජාණන් වහන්සේට රකාශ කරනවා, භාග්යවතුන් වහන්ස, කේඬෑරවී ගිය, නහර ඉපිල්ලූන, ශරීරයක් ඇති, දුර්වර්ණ සිවුරක් දරාගත් භික්ෂුණියක් ආකාසේ සිටිමින්ම භාග්යවතුන් වහන්සේට වන්දනා කොට වැඩියාය කියලා. අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රජතුමනි, භික්ෂුණිය ගැන අගෞරවයෙන් දකින්න එපා. මගේ භික්ෂුණී ශාසනයේ ධුතාංගධාරි භික්ෂුණීන් අතර අගරස්ථානය හොබවන මාගේ කිසාගෝතමී දියණියයි කියලා. උතුම් චීවරයක සැබෑ අර්ථය, ශරීරය අලංකාර කිරීම, හැඩ කිරීම, වර්ණවත් කිරීම නොව ලැජ්ජා භය ඇති තැන් වසාගෙන, මැසි මදුරුවන්ගෙන්, අව් වැසි පින්නෙන් ආරක්ෂා වී මේ උතුම් අර්ය මාර්ගය නිකෙලෙස් සිතෙන් තරණය කිරීම පමණක්ම බවයි කිසාගෝතමී උත්තමාවිය අපිට පූර්වාදර්ශයක් කොට දෙන්නේ. උතුම් නිහතමානී පූර්වාදර්ශය නිසාමයි බුදුරජාණන් වහන්සේ කිසාගෝතමී උත්තමාවියට ඇය මගේ දියණියක්ය කියන අර්ථය ලබා දෙන්නේ.

 

වැසි සමය විනයානුකූලව ගතකළත් මෙය සටහන් තබන භික්ෂුව කඨින චීවරයක් පිළිගන්නේ් නැහැ. අද උදෑසන භික්ෂුව පරණ දෙපට සිවුරත්, තනිපට සිවුරත් පඬු පෙව්වා. වැසි අඳුර වරින්වර වැටෙන මේ දවස්වල අව්ව හොඳින් පායාලා චීවර දෙක වේළලා දුන්නා. පාංශුකූල චීවර පරිහරණයේදී චීවරය නිසා බියක් , සැකයක් ඇති වෙන්නේ නැහැ. පාංශුකූල චීවරය නිසාම වැඩෙන්නේ සප්තබොජ්ඣංග ධර්මයත් තමන් විනයානුකූලව පොරවන චීවරය තුළිනුත් සප්තබොජ්ඣංග ධර්මයන් වැඩෙත්දි නිවීමේ මාර්ගය මොන තරම් නම් පහසුවක් වෙයිද? කිසාගෝතමී උත්තමාවිය අත්වින්දේත්, පහසුවම නේද? පඬු කහට තැවරුණ භික්ෂුවගේ දෑත් දෙක තවමත් රතු පාටයි. පඬු පැහැය තැවරුණු දෑතින්මයි පිංවත් ඔබට මේ සටහන ලියන්නේ. මේ නිමේෂයේදීත් භික්ෂුවගේ සිත විදර්ශනාමය සප්තබොජ්ඣංග ධර්මයන්ගෙන් පිරිලා.

 

භික්ෂුවගේ සිත මොහොතක් අතීත පංචඋපාදානස්කන්ධය දෙසට දිව යනවා. පටිච්චසමුප්පන්නව අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පැවිදි උපසම්පදාවන් ලබා ජීවත් වෙච්ච වෙලාවේ, පෙරවූ චීවර, අබුද්ධෝත්පාද කාලවල ඉපදී මිච්ඡා ශාස්තෘවරු ඇසුර ලබමින් පෙරවූ කසාවත් රෙදි එක ගොඩක් ගැසුවොත්, අතීත චීවර ගොඩ ගිජ්ජකූඨ පර්වතයට වඩා විශාලයි. විශාල චීවර ගොඩ තුළ වැඩියෙන්ම තිබෙන්නේ දිලිසෙන, මිල අධික, දහස් කඩ, පන්සිය කඩ, සියක් කඩ සිවුරු. චීවර රත්යවේක්ෂාවේ දුර්වලභාවයන්, පටිච්චසමුප්පන්නව නිර්වස්ත පේරතයින් බවට නිර්වස්ත වනචාරී මනුෂ්යයන් බවට නිර්වස්ත තිරිසන් සතුන් බවට, මාව මොන තරම් නම් පත් කරන්නට ඇද්ද? රෙදි අල්මාරිවල, කාවුන් බවට, මාව පත් කරන්න ඇද්ද? වර්තමානයේ මම චීවරය රත්යවේක්ෂාවෙන් පරිහරණය කරමි. චීවර තෘෂ්ණාව නිසා උපන් චීවර රත්යවේක්ෂාවෙන් තොර භාවය නිසා උපන් අතීත පංචඋපාදානස්කන්ධ දුක, මෙය සටහන් තබන භික්ෂුව නම් නැවත සකස් කොට ගන්නේ නැහැ. ඵස්සය හේතුවෙන් සකස් වෙන තෘෂ්ණාව, ඔබ කඨින චීවරයට වගේම දහස්කඩ සිවුරට වගේම, පාංශුකූල චීවරයටත්, අකුසලයේ කැත කුණු තවරන්න පුළුවන්. තමන් පරිහරණය කරන්නා වූ පාංශුකූල චීවරය, මමත්වයේ දැඩි භාවයෙන් ගන්නා වූ ස්වාමීන් වහන්සේලා භික්ෂුවට මුණගැහිලා තිබෙනවා.

 

මේ උදා වී තිබෙන සුන්දර චීවර මාසයේ පිංවත් ඔබේ කඨින පිංකම මහත්ඵල මහානිශංස පිංකමක් බවට පත් කොට ගන්න පිංවත් ඔබ දක්ෂ විය යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යමෙක් චීවර පූජාවක් සිදු කරනවා මෙලොවදී ලබමියි කියලා. මෙලොවදී ලබමියි කියලා කියන්නේ මේ ජීවිතයේදී ව්යාපාර, රැකි රක්ෂා, අධ්යාපනය, දරු සම්පත්, නිරෝගී භාවය ලැබේවා කියලා බලාපොරොත්තු ඇතිකොට ගෙන කඨින චීවර පිංකම සිදු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පිංවතෙක් මෙලොවදී ලබමියි කියලා බලාපොරොත්තුවෙන් කරන පිංකම්, මහත්ඵල මහානිශංස නැහැයි කියලා. නමුත් ආනිශංස තිබෙනවා. පිංවත් ඔබ අර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරයෙන් පිංකම් සිදු කළොත් ලෞකික අරමුණු ඉටු වෙනවා. නමුත් ඉටු වෙන සෑම අරමුණක්ම අනිත් වූ ධර්මතාවන්මයි. මොන තරම් ව්යාපාර දියුණු වේවා කියලා පිංකම් සිදු කළත් කවදා හරි දවසක අපි ව්යාපාර අතහැරලා යනවා. නිසාම මෙලොවදී ලබමියි කියලා බලාපොරොත්තුවෙන් කරන පිංකම් මහත්ඵල මහානිශංස වෙන්නේ නැහැ.

 

තවත් පිංවතෙක් කඨින චීවර පිංකමක් සිදු කරනවා පරලොවදී ලබමියි කියලා. කියන්නේ පරලොව ජීවිතයේදී කල්ප ගණන් දීර්ඝ සුන්දර දිව් ජීවිත ලැබේවා. ඊළඟ ජීවිතයේදී රජ, සිටු, සම්පත් ලැබේවා කියලා පරලොව ජීවිතයේදී ලබමියි කියලා පිංකම සිදු කරනවා. වර්තමානයේ පරලොවදි ලබමියි කියලා බලාපොරොත්තුවෙන් කරන පිංකම් බහුලව සිද්ධ වෙනවා. පරලොවදී සැප සම්පත් ලබමියි කියලා සිදු කරන්නා වූ කඨින චීවර පිංකමත් මහත්ඵල මහානිශංස නොමැති බව, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන ආකාරයෙන් කඨින චීවර පිංකමක් සිදු කළොත්, ඊළඟ ජීවිතයේ බලාපොරොත්තු වූ ආකාරයට සුන්දර දිව්, මනුෂ් ජීවිත ලැබෙනවා. නමුත් මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා යනවා. එම නිසා පරලොවදී ලබමියි කියන බලාපොරොත්තුවෙන් සිදු කරන පිංකමත් මහත්ඵල මහානිශංස නැති පිංකමක් වෙනවා.

 

මෙලොවදී ලබමියි කියලත් පරලොවදී ලබමියි කියලත් කරන කඨින චීවර පිංකම්, මහත්ඵල මහානිශංස නැති නම් කුමක්ද මහත්ඵල මහානිශංස පිංකම වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සිතේ අලංකාරය උදෙසා සිතට පරිෂ්කාරයක් උදෙසා කරන පිංකමයි, මහත්ඵල මහානිශංස පිංකම වෙන්නේ කියලා. කුමන සිතේ අලංකාරය උදෙසා සමථ, විදර්ශනා, සිතේ අලංකාරය උදෙසා එම සමථ විදර්ශනා සිතට අලංකාරයක් උදෙසා කරන කඨින චීවර පිංකමයි මහත්ඵල මහානිශංස වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ සමථ, විදර්ශනා සිත කියලා දේශනා කරන්නේ මේ වස් තුන් මාසය පුරාවට පිංවත් ඔබ රැස් කොට ගත්තා වූ දානමය, ශීලමය, මෛතීරමය සෑම කුසල් සංස්කාරයක්ම අනිත්යයි කියලා දැක්කා වූ සමථ විදර්ශනා සිතට මේ කඨීන චීවර පූජාව තුළින් ලබන මෙලොව පරලොව සියලූම ලෞකික සැපයන් අනිත්යයි කියල දැක්කා වූ සමථ විදර්ශනා සිතට. මේ කඨින චීවරය පූජා කරන්නාවූත්, මේ කඨීන චීවරය ලබන්නාවූත් දෙපාර්ශ්වයම අනිත් වූ සංස්කාරයන්ය කියලා දැක්කා වූ සමථ, විදර්ශනා සිතට ශක්තියක් උදෙසා වර්ධනයක් උදෙසා සිදු කොට ගන්නා වූ කඨින චීවර පූජා පිංකමයි මහත්ඵල මහානිශංස පිංකම වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ. එම නිසා පිංවත් ඔබ දක්ෂ විය යුතුයි. ඔබට ලැබුණු මේ දුර්ලභ කඨින චීවර පූජාවෙන් විදර්ශනාමය රඥාවෙන් පරිපූරණ මහත්ඵල මහානිශංස පිංකමක් බවට පත් කොට ගන්න.

හොඳින් වැඩුණු ගසක් ගත්තොත් එම ගසේ කොළ, අතු, දලූ, රිකිලි, පොත්ත, ඵලය, අරටුව සියල්ලම එම ගසේ තිබෙනවා. ගසේ අරටුවෙන් රයෝජනය ඇති පිංවතා දක්ෂ විය යුතුයි. කොළ, අතු, දලූ, පොත්ත, පලය විනිවිද අරටුව මතුකොට ගන්න. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දී පිංවත් ඔබ, තෙරුවන් කෙරෙහි රද්ධාව, ශීලය, දානය, මෛතිරය, සමාධිය, තමා තුළින් මතු කොටගෙන, සම්මා සමාධිමත් සිතෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අර්ථය වන විදර්ශනාමය රඥාව මෝදුකොට ගන්න. එතැනදී පිංවත් ඔබ රද්ධාව, ශීලය, දානය, මෛතිරය, සමාධිය තුළින්මයි මේ ධර්මතාවන්ගේ අනිත් භාවය මතුකොට දකින්නේ.

 

හොඳින් වැඩුණු ගසක දළු, කොළ, රිකිලි, පොත්ත, පලය, ගසේ අරටුව පෝෂණය කරනවා වගේම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ලෝකෝත්තර මාර්ගය පෝෂණය කොට දෙන්නේ. වගේමයි පිංවතුන්ලා පිංකමක් සිද්ධ කිරීමේදී තෙරුවන් කෙරෙහි රද්ධාව, ගරුත්වය, කර්මය කර්මඵල විශ්වාසය, සියතින් සාදා ගත් දෙයින් පූජා කිරීම, රනීතව විසිතුරු ආකාරයෙන් පූජා කිරීම, පිංවතුන්ලාගේ සැපය උදෙසා යහපත් වෙනවා. නමුත් මේ සෑම සුන්දර සංස්කාරයක්ම අනිත් වී යන සංස්කාරයන් බව දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. පිංකමේ මහත්ඵල මහානිශංසභාවය ශක්තිමත් කොට ගන්න. පිංකමක් සිදු කිරීමත්, සෙල්ලමක් සිදු කිරීමත් අහසයි, පොළොවයි වගේ වෙනස් දෙයක්. මේ වෙනස පිංවත් ඔබ නිහතමානීව හඳුනාගන්න ඕනේ. ඔබේම යහපත උදෙසා පිංකමක් තුළින් ඔබ තුළ වැඩෙන්නේ සප්තබොජ්ජංග ධර්මයන් සෙල්ලමක් තුළින් ඔබ තුළ වැඩෙන්නේ පංචනීවරණ ධර්මයන්, මේ දෙක අතර වෙනස, සුගතිය සහ දුගතිය තරම්ම පරතරයක් තිබෙනවා. එම නිසාම පිංකමක් සිදු කිරීමේදී තෙරුවන් කෙරෙහි රද්ධාව, ගරුත්වය, කර්මඵල විශ්වාසය මුල් වෙන්න ඕනේ. පිංවත් ඔබ පිංකම් පලකට යායුත්තේ ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් එකතු කොට ගැනීමට නොවේ. අලෝභ, අද්වේශ, අමෝහ ධර්මයන් ජීවිතයට එකතු කොට ගැනීමටයි. නමුත් වර්තමානයේ හුඟක් පිංකම්වලදී පිංවතුන්ලා ආශ්වාදය නිසාම එකතුකොට ගන්නේ පංචුපාදානස්කන්ද ධර්මයක් කෙරෙහි ලෝභ සංස්කාරයන්මයි. පිංකම් අවස්ථාවේදී සිතේ ආශ්වාදය නිසා ද්වේෂය, මෝහය යටපත් වී තිබුණ ධර්මතාවන් අපරකටව අප තුළ ශක්තිමත් වෙනවා. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ධර්මතාවයන් කෙරෙහි සකස් වෙන ලෝභ සිතත්, අලෝභ සිතත් යන දෙයාකාරයේ සිත්ම අපි ධර්මයේ උපේක්ෂාව කියන අර්ථයට ගන්න දක්ෂ වෙන්න ඕනේ. මෙතැනයි විදර්ශනාමය රඥාව බවට පත් වෙන්නේ. කුසල්, අකුසල්, සංස්කාරයන්, ධර්මානුකූල යථාර්ථය අපි විදර්ශනා නුවණින් නොදැක්කොත් අපි නතර වී සිටින්නේ භවය තුළමයි. අපි පෝෂණය කරන්නෙත් භවයමයි. කුසල්, අකුසල් සංස්කාර පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. මේ වෙනස් වීම ඇති කරන්නෙත් සංස්කාර විසින්මයි. සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවා රතිඵලය සමාජගත කරනවා. මේ වස් තුන් මාසයේදීම මෙය සටහන් තබන භික්ෂුව කුටියට වෙලා මගේ පාඩුවේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට කිකරු භාවයෙන් වැඩසිටින්නේ. නමුත් මේ දිනවල භික්ෂුවගේ ජනපිරයභාවය පොඞ්ඩක් වැඩි වෙලා. යම් පිංවතෙක් ගේ විදර්ශනාත්මක ශීලයට, මෛතිරයට. ත්යාගයට අදාළ කුසල් සංස්කාරයන් ශක්තිමත් වෙනකොට නොසිතු මොහොතක කොහෙන් හෝ ගිහි පැවිදි පිංවතෙක් මතු වෙලා එම කුසල් සංස්කාර ශක්තිමත් පිංවතාව විවේචනය කරල අපරසාදයට පත් කරලා ඔහුගේ ජනපිරය භාවය වැඩි කරලා දෙනවා. මේ දෙපාර්ශවයන්ම අත්දකින අත්දැකීම් සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ මැජික් සංදර්ශනයන්. මේ දවස්වල භික්ෂුව මේ විඤ්ඤාණය නමැති මැජික්කරුවන්ගේ සංදර්ශන දෙස ධර්මයේ උපේක්ෂාවෙන් බලා සිටිනවා. කවුරුන් හෝ් ගෞරවනීය පැවිදි උත්තමයෙක් මෙය සටහන් තබන භික්ෂුව විවේචනයට ලක් කරලා. දුර්වල කිරයාව හේතුවෙන් භික්ෂුවට ජනපිරය භාවයක් ලැබුණොත් ජනපිරය භාවයෙන් එක දශමයක්වත් භික්ෂුව ජීවිතයට එකතුකොට ගන්නේ නැහැ. සංඝ සමාජයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් නොදැනුවත්භාවය නිසා හෝ අනුන්ගේ පෙළඹවීම නිසා හෝ මෙය සටහන් තබන භික්ෂුව විවේචනය කරලා. තුළින් ජනතාවගෙන් භික්ෂුවට ලැබෙන ජනපිරය භාවයක් වේ නම් ජනපිරය භාවය භික්ෂුවට එපා වෙයි. භික්ෂුව තම භික්ෂු ජීවිතයේදී හැමදාමත් සිතුවේ සංඝ සමාජයේ මම කියලා නොවේ සංඝ සමාජයේ අපි කියලයි. මේ උතුම් සංඝ සමාජයේ යම් සාමාජික ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකට යම් අපහසුතාවක් ඇති වුණොත් භික්ෂුව එය දකින්නේ සංඝ සමාජයේ අපිට සිදු වූ අපහසුතාවක් වශයෙන්මයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ සමගිය උදෙසා රාවක අපෙන් බලාපොරොත්තු වූ පරිත්යාගය ඔය අර්ථය තුළයි ස්ථානගත වෙලා තිබෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයේම සත්වයාගේ යහපත උදෙසා බිහි කළ මේ උතුම් සංඝ සමාජයේ සමගිය උදෙසා මෙය සටහන් තබන භික්ෂුව, භික්ෂුවට එල්ල වෙන ඕනෑම කර්ශක විවේචනයක්, ධර්මයේ උපේක්ෂාවෙන් දකින්න, ජීවිත පරිත්යාගයෙන් භික්ෂුව සැදී පැහැදී වැඩ සිටිනවා. මේ සටහන කියන පිංවත් ඔබත් තේරුම්ගත යුතුයි, යම් පිංවතෙකුගේ ජනපිරය භාවයක් යනු ඔහුටවත් අනුන්ටවත් අයිති දෙයක් නොවන බව. එය අනිත් වූ සංස්කාරයක් පමණක්මයි. එම නිසා අපි සීමාව ඉක්මවා ජනපිරය භාවයක් ජීවිතයට ගත යුතු නැහැ.

 

මෙය සටහන් තබන භික්ෂුවට තම පටිච්චසමුප්පන්න කුසල් සංස්කාර හේතුවෙන් දශමයක හෝ ජනපිරය භාවයක් ලැබුණොත් ජනපිරය භාවය භික්ෂුව කාරණා දෙකක් උදෙසා පමණක්මයි රයෝජනයට ගන්නේ. පළමුවැනි කාරණය තමයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ් ශක්තිය උදෙසා, දෙවැනි කාරණය තමයි ජනපිරය භාවයන් නිසා සිල් පද බිඳිමින් අකුසල් වඩමින් පිස්සු නටන පිංවත් මනුෂ් සමාජයට ජනපිරය භාවය යනු අනිත් වූ සංස්කාරයක ඵලයක් බව කියා දීම සඳහායි.

 

අද උදෑසන පිණ්ඩපාත මඩුවට පිංවතුන් සිය දෙනෙක් පමණ දන් පූජා කරන්න පැමිණ සිටියා. මේ පිරිස අතර, වස් දහයක් පමණ වූ තරුණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකුත් වැඩ සිටියා. උන්වහන්සේ භික්ෂුවගෙන් රශ්නයක් විමසුවා. තරුණ ස්වාමීන් වහන්සේගේ රශ්නය වුණේ ඔබ වහන්සේට රුවන්වැලි මහා සෑය සිහිපත් වුණොත් ඔබ වහන්සේ කොහොමද රුවන්වැලි මහා සෑය දකින්නේ කියලා. භික්ෂුව පිළිතුරු දුන්නා මට රුවන්වැලි මහා සෑ සමිඳුන් සිහිපත් වුණොත් භික්ෂුව රුවන්වැලි මහා සෑ සමිඳුන් තුළින් සතරසතිපට්ඨානයම දකිනවා කියලා. අවස්ථාවේදී එම ස්වාමීන් වහන්සේ විමසුවා රුවන්වැලි සෑ සමිඳුන් තුළින් සතරසතිපට්ඨානය දකින්නේ කොහොමද කියලා. රුවන්වැලි මහා සෑය සිහිපත් වෙත්දී මහා සෑය සතර මහා ධාතුවක් වශයෙන් දකිනවා. අට්ඨික සංඥාවෙන් දකිනවා ඔබ දකින්නේ මහා සෑය තුළින් කායානුපස්සනාවයි. රුවන්වැලි මහා සෑය දැක්කා වූ සිත, ඔබ අනිත් වශයෙන් දකිනවා. ඔබ දකින්නේ චිත්තානුපස්සනාවයි. මීළඟට ඔබ මහා සෑය මතකයට නැඟීමෙන් ඔබ තුළ සකස් වුණ සැප වේදනා, උපේක්ෂා වේදනාව, අනිත් වශයෙන් දකිනවා. ඔබ දකින්නේ වේදනානුපස්සනාවයි. මහා සෑය සිහිපත් වෙද්දී ඔබ තුළ සකස් වෙන්නේ සප්තබෝජ්ඣංග ධර්මයන්. එම සප්තබොජ්ඣංග ධර්මයන් අනිත් බව දකිද්දි ඔබ ඉන්නේ ධම්මානුපස්සනාව තුළයි. රුවන්වැලි මහා සෑය සිහිපත් වූ එක සිතෙන් ඔබ සතරසතිපට්ඨානයම මතුකොට දැක්කා. භික්ෂුව රකාශ කළ පිළිතුරෙන් එම තරුණ ස්වාමීන් වහන්සේ තෘප්තිමත් වුණා.

 

භික්ෂුව පිංවත් ඔබට ධර්මයෙන් කුසලයෙන්, පිිනෙන්, උදව් කරනවා පමණක්මයි. පෙරළා පිංවත් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ජීවත් වීමට අවශ් අවම සිවුපසය පමණක්මයි. භික්ෂුවගේ කටයුතු, භික්ෂුවම කරගන්න කොට ජීවිතයට විදර්ශනාත්මක තෘප්තියක් ලැබෙනවා. අනාගතයේ යම් දවසක භික්ෂුවට අනුන්ගේ අත්වාරුවෙන් යැපෙන්නට සිද්ධ වුණොත් එදාට ජීවිතය ගැන තීරණයක් ගන්නවා. භික්ෂුවට තිබෙන්නේ සංස්කාරයන්ට අතහැරපු ජීවිතයක්. ඔබ දෙස ධර්මයේ උපේක්ෂාවෙන් බලා සිටිනවා පමණක්මයි.

 

භික්ෂුව මේ තබන සටහන් තුළින් පිංවත් ඔබගේ හදවතටයි කතා කරන්නේ අවශ් නම් භික්ෂුවට පුළුවන් ගැඹුරු වචන, පාලි වචන යොදලා, කෙළින්ම ඔබගේ, බුද්ධියට කතා කරන්න. එහෙම කළොත් හදවත් නැති බුද්ධිමතුන් පිරිසකුයි බිහි වෙන්නේ. වර්තමාන සමාජයේ ඇති වෙලා තිබෙන විකෘතිය, හදවත් නැති බුද්ධිමතුන්ගේ වැඩිවීමක ඵලයක්. භික්ෂුව මේ සටහන් තුළින් පිංවත් ඔබේ හදවතට කතා කරද්දී භික්ෂුවට හොඳටම විශ්වාසයි, පිංවත් ඔබ කවදාක හරි හදවතක් ඇති බුද්ධිමතෙක්, රඥාවන්තයෙක් වෙනවාය කියලා. පිංවත් ඔබ, භික්ෂුවගේ අහිංසක බලාපොරොත්තුව කඩකරන්න නම් එපා. අද වෙනකම් පිංවත් ඔබේ බලාපොරොත්තු භික්ෂුව කඩකරලා නැහැ. අප දෙපාර්ශ්වයේම බලාපොරොත්තු කඩවුණොත් එයත් ධර්මානුකූල හේතුඵල ධර්මයක්මයි. ධර්මයේ උපේක්ෂාවෙන් ඉවසීම පමණක්මයි අපි විසින් කළ යුත්තේ.

 

පූජ් රාජගිරියේ අරියඤාණ හිමි

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.