Wednesday, November 28, 2018

3. බුදු දහම නොරැවටී වටහාගන්නට නම්...

 

... එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ අරියෙන පඤ්ඤාචක්ඛුනා සමන්නාගතා; අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ අවිජ්ජාගතා සම්මූළ්හා.

~ අවිජ්ජාගත සූත්රය - අඞ්ගුත්තර නිකාය,එකධම්මපාළි, චතුත්ථවග්ගො (අප්පමත්තක වර්ගය) ~

මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ආර්ය්යයන්ට ඇති ප්රඥා චක්ෂුසයෙන් යුක්ත වූවාහු වෙත්ද, සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් අවිද්යාන්ධකාරයෙන් යුක්තවූවාහු අතිශයින් මුළා වූවාහු වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

 

මේ දේශනා කරන්නේ මිහිපිට ආර්ය්යය ප්රඥාවන්තයන් බහුලව විසූ බුදු හිමියන් ජීවමානව වැඩ සිටි කාලය ගැනයි.

එසේනම්, අද ලක්දිව ධර්මාවබෝධය ලැබූබව කියවෙන විවධ ගිහි පැවිදි පුද්ගලයන්, බණ ඇසිය යුත්තේ අරිහතුන්වහන්සේලාගෙන් පමණයි කියමින්, රට පුරා, ලොව පුරා තම අනුගාමිකයින් පිරිවරාගෙන ධර්ම වැඩසටහන් පවත්වන්නේ කෙසේද? මේ බහුතරය තථාගත ශාස්තෘන්වහන්සේට පිටුපෑ දෘෂ්ටි ජාලා තුළ අතිශයින් මුළාවුණු දුස්ප්රාඥයන්ද, ඔවුන් පසුපස යන සද්ධර්මයේ සුළඟක්වත් නොවැදුණු අන්ධ පෘතජනයින් වියයුතුයි නේද?

 

අවබෝධ කළ කෙනෙක් කියනකොට තේරෙනවනම්, බුදු වූ වහාම මේ ධර්මය ගැඹුරුයි, එය වටහා ගත හැකි අය ලොවේ ඇත්දැයි බුදු හිමි මන්දෝත්සාහී වුනේ ඇයි? කෝසල සංයුක්තයක් දේශනා කරලත් බුදුහාමුදුරුවන්ට කොසොල් රජ්ජුරුවෝ සෝවාන් කරන්නබැරි උනේ ඇයි? රජු ප්රමුඛ දහස් සංඛ්යාත ධර්ම සභාවක ඈත කෙළවරක සිටි සුප්රබුද්ධ කුෂ්ට රෝගියා පමණක් සෝවාන් වුනේ ඇයි? ධර්මාවබෝධය යනු ප්රඥාවේ උච්චතම අවස්තාව නොවේ නම්, මහා කාරුණික බුදු පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් බණ අසූ සියල්ලන්ම සෝවන්කර දමනවා නේද? බුදුහාමුදුරුවන්ටත් බැරි වූ දේ කරන අය අද පහල වෙලාද?

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....