Thursday, November 29, 2018

4. බුදු දහම නොරැවටී වටහාගන්නට නම්...

 

... එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ සුත්වා ධම්මං ධාරෙන්ති; අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ සුත්වා ධම්මං ධාරෙන්ති.

~ ධම්මධාරණ සූත්රය

... එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ධාතානං ධම්මානං අත්ථං උපපරික්ඛන්ති; අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ ධාතානං ධම්මානං අත්ථං උපපරික්ඛන්ති.

~ අත්ථුපපරික්ඛා සූත්රය

- අඞ්ගුත්තර නිකාය,එකධම්මපාළි, චතුත්ථවග්ගො (අප්පමත්තක වර්ගය) ~

 

මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ධර්මය අසා (සිතෙහි) දරත්ද සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්වකෙනෙක් ධර්මය අසා සිතෙහි නොරදත්ද මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

 

මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ධාරණය කරණලද්දාවූ ධර්මයන්ගේ අර්ථය පරීක්ෂා කෙරෙත්ද, සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්ව කෙනෙක් ධාරණය කරනලද්දාවූ ධර්මයන්ගේ අර්ථය පරීක්ෂා නොකෙරෙත්ද, සත්වයෝම අතිශයින් බොහෝ වෙත්..

 

ධර්මය අසන්නන් අතරිනුත් එය සිත්හි දරාගන්නා අය අල්පයි. එයිනුදු, ධර්මයේ අර්ථ පරීක්ෂා කරන්නන් අතිශයින්ම දුර්ලභයි. අද බොහෝ දෙනාට අවශ් අතේ තබා පෙන්වන ධර්මයක්. අර්ථය පිරික්සමින් සත්යාවබෝධය ලබන්නට ඉස්පාසුවක් නැහැ. අප දන්නා ලෞකික රාමුවට ගැලපෙන දෘෂ්ටියක් කිව්වහම අර්ථය පිරික්සන්න දෙයක් නැහැනේ, ගෙඩිය පිටින් ඕන කෙනෙකුට තේරෙනවා. ඉතින් බුරුතු පිටින් එවැනි දේට ඇදිලා යනවා.

මේක සාධාරණීකරණය කරන්න එක එක කතන්දර කියනවා. බුදුහාමුදුරුවන්ගේ කාලේ ධර්මය ඇසූ පමණින් සෝවාන් වුනා, මේක පහසුවට තේරුම් ගන්න කියල දෙන්න හැකි අවබෝධ කළ අය පමණයි; පසු ගිය වකවානුව තුල අරිහතුන්වහන්සේලා නැති නිසා ධර්මය සැඟවුනා. දැන් හැංගිච්ච එක හොයල දෙන්න අය පහලවෙලා නිසා කියනකොටම තේරෙනවා... කියල අඥානයන් රවටාගන්නවා. අඩුම තරමින් මේ විධියට තමන් ඉගනගත් දේ සාරාසංඛ් කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදුකෙනෙක්, පෙර නොඇසූ විරූ ධර්මයක් විධියට ලෝකෙට දේශනා කළා වෙන්න පුළුවන් කියල වත් හිතන්නේ නැහැ.


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....