Sunday, December 2, 2018

5. බුදු දහම නොරැවටී වටහාගන්නට නම්...

…ආයස්මා මහාකස්සපො භගවන්තං එතදවොච - ''කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො, යෙන පුබ්බෙ අප්පතරානි චෙව සික්ඛාපදානි අහෙසුං බහුතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහිංසු? කො පන, භන්තෙ, හෙතු කො පච්චයො, යෙනෙතරහි බහුතරානි චෙව සික්ඛාපදානි අප්පතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්තී''ති? ''එවඤ්චෙතං, කස්සප, හොති සත්තෙසු හායමානෙසු සද්ධම්මෙ අන්තරධායමානෙ, බහුතරානි චෙව සික්ඛාපදානි හොන්ති අප්පතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්ති. න තාව, කස්සප, සද්ධම්මස්ස අන්තරධානං හොති යාව න සද්ධම්මප්පතිරූපකං ලොකෙ උප්පජ්ජති. යතො ච ඛො, කස්සප, සද්ධම්මප්පතිරූපකං ලොකෙ උප්පජ්ජති, අථ සද්ධම්මස්ස අන්තරධානං හොති''.
"සෙය්‍යථාපි, කස්සප, න තාව ජාතරූපස්ස අන්තරධානං හොති යාව න ජාතරූපප්පතිරූපකං ලොකෙ උප්පජ්ජති. යතො ච ඛො, කස්සප, ජාතරූපප්පතිරූපකං ලොකෙ උප්පජ්ජති, අථ ජාතරූපස්ස අන්තරධානං හොති. එවමෙව ඛො, කස්සප, න තාව සද්ධම්මස්ස අන්තරධානං හොති යාව න සද්ධම්මප්පතිරූපකං ලොකෙ උප්පජ්ජති. යතො ච ඛො, කස්සප, සද්ධම්මප්පතිරූපකං ලොකෙ උප්පජ්ජති, අථ සද්ධම්මස්ස අන්තරධානං හොති.
''න ඛො, කස්සප, පථවීධාතු සද්ධම්මං අන්තරධාපෙති, න ආපොධාතු සද්ධම්මං අන්තරධාපෙති, න තෙජොධාතු සද්ධම්මං අන්තරධාපෙති, න වායොධාතු සද්ධම්මං අන්තරධාපෙති; අථ ඛො ඉධෙව තෙ උප්පජ්ජන්ති මොඝපුරිසා යෙ ඉමං සද්ධම්මං අන්තරධාපෙන්ති. සෙය්‍යථාපි, කස්සප, නාවා ආදිකෙනෙව ඔපිලවති; න ඛො, කස්සප, එවං සද්ධම්මස්ස අන්තරධානං හොති… ~ සද්ධම්මප්පතිරූපක සූත්‍රය
- සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » කස්සපසංයුත්තං » සද්ධම්මප්පතිරූපකසුත්තං ~ සම්පූර්ණ සූත්‍රය ...<https://pitaka.lk/main?n=221413>
ආයුෂ්මත් මහාකාශ්‍යපතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
"ස්වාමීනි, යම්හෙයකින් පෙර ශික්ෂාපදයෝ ඉතා ස්වල්ප වූවාහුද බොහෝවූ භික්ෂූහු රහත් බැව්හි පිහිටියාහුද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ස්වාමීනි, යම් හෙයකින් දැන් ශික්ෂාපදයෝ ඉතා බොහෝ වූවාහුද ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටියාහුද, ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද?" 'කස්සපය, මෙය වනාහි මෙසේ වෙයි. සත්වයන් පිරිහෙන කල්හි සද්ධර්මය අන්තර්ධාන වන කල්හි ශික්ෂාපද ඉතා බොහෝ වෙත්. ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටත්. කස්සපය, යම්තාක් ලෝකයෙහි "සද්ධර්ම ප්‍රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) නූපදීද, ඒතාක් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් ලෝකයෙහි සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි. කස්සපය, යම්සේ වනාහි යම්තාක්කල් ජාතරූප ප්‍රතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි නූපදීද, ඒතාක්කල් ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධාන නොවේ. කස්සපය, යම් තැනක පටන් ජාතරූප පතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි උපදීද, අනතුරුව ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධානය වෙයි. කස්සපය, මෙසේම වනාහි යම්තාක්කල් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි නූපදීද? ඒතාක්කල් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි.

ඉමිටේෂන් හා රත්තරන් අතර වෙනස දැනගැනීමට බුද්ධිය නොමැති අය ලාබෙට පහසුවට ලැබෙන ඉමිටේෂන් ම තබාගෙන සතුටු වන්නාක් මෙන්, ධර්මය හා ධර්මය වගේම පෙනෙන සද්ධර්ම ප්‍රතිරූපක අතර වෙනස හැඳිනීමට ප්‍රඥාව මද වූ අප වහා ලාබෙට සරලව වැටහෙන ප්‍රතිරූපක තුලම හිරවෙනවා. රැවටෙන්නට ඉමිටේෂන් නොතිබූ කාලයේ රත්තරන් අවැසි වූ මිනිසුන්ට අමාරුවෙන් හෝ රතරන්ම ලබාගන්න උනා. එසේම ධර්මය වගේ ම පෙනෙන එහෙත් තථාගත ධර්මය නොවූ සද්ධර්ම ප්‍රතිරූපක බහුල නොවූ කාලයේ අවශ්‍ය අය අමාරුවෙන් වුනත් සද්ධර්මයම ඉගෙන ගත්තා. එහෙත් අද විවිධ වූ සද්ධර්ම ප්‍රතිරූපක බහුලව විවිධ මාධ්‍යයන් ඔස්සේ ගලාගෙන එන විට පිරිසිදු දහම වටහාගන්නට ප්‍රඥාවත් නැතිනම්, අධර්මයම ධර්මය ලෙස ගෙන, අන් අයද එහි සමාදන් කර නිරයගාමී වන්නන් එන්න එන්නම වැඩිවීම සිදුවන බව, බුදු හිමියන් ගේ මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා නේද? සද්ධර්මය අතුරුදහන් කරවන්නේ අන්‍යාගමිකයන් නොව, බෞද්ධයන් කියාගන්නා අපම බව බුදු හිමියන් අවධාරණය කරනවා.
________________________________
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....