Thursday, March 29, 2018

අතීතයේ කළ වැරදි ගැන පසුතැවීමෙන් ...

 

 

 

 

 


--
තෙරුවන් සරණයි !
--


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Wednesday, March 28, 2018

The first ever road accident in Sri Lanka

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, March 26, 2018

අන්තරාභවයක් ඇතිද? නැතිද?

 

 

 

අන්තරාභවයක් ඇතිද? නැතිද?

මේක ඇත්තටම පටලවා ගැනීමක්. මේ ප්‍රශ්ණයට පිලිතුර තුන්වන ධර්ම සංගායනාවේදී මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන්වහන්සේ නිවරදිවම විසදූ ප්‍රශ්නයක්. පසුව කාලයක් එහි ගැටලුවක් නොමැතිව තිබිලා නැවත මීට වසර ගනනකට කලින් මේ ප්‍රශ්නය නැවත ඇදිලා ආවා. ඒ වෙලාවේ මේ දේශනා නිවරදිව පෙන්වා දෙමින් අතිපූජණීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ මේ ගැන බොහෝ දේශනා හා ලිපි පල කරමින් මෙය නිවරදිව බෙරා දුන්නා. දැන් නැවතත් මේ ප්‍රශ්නය උඩට ඇවිත්.

මේ සම්බන්දව නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ සදහන් ක කරුණු හා ඒ දේශනා පහතින් දක්වන්නම්. හොදින් කියවා පහත දේශනාවත් ශ්‍රවණය කරන්න.

අන්තරා භවය

පූජනීය නා උයනේ අරියධම්ම හිමියන් පෙළ දහමෙහි ඇතුළත් බුද්ධ දේශිත ධර්ම විනය අටුවා ටීකා සහිතව මැනවින් හදාරා දිගු කලක් බවුන් වැඩීමෙන් ලද ආධ්‍යාත්මික අත්දැකීම් ද ලද මහ තෙර නමකි.

ප‍්‍රශ්නය - කෙනෙකු මරණයට පත්වූවාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, එය අන්තර්භවය බවත්, ඇතැම් බහුශ‍්‍රැත ස්වාමීන් වහන්සේලා පවා ප‍්‍රකාශ කර තිබෙනවා. මොන තරම් ප‍්‍රසිද්ධ විශ්ව කීර්තියට පත් උගතෙක් කීවත් කොපමණ පොත් ලියා තිබුණත් මේ මතය තථාගත ධර්මයට කොච්චර සමීපද යන්න ධර්මය ගවේෂණය කරන උදවිය බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. අන්තරාභව මතය නිසා මං මුලා වූ සියලු දෙනාගේ යහපත පිණිස අන්තර්භවය පිළිබඳ විමසීමේදී නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ දුන් පිළිතුර මෙසේයි.

නා උයනේ අරියධම්ම හිමි

පිළිතුර - ඇත්ත වශයෙන් ඒක අලුත් ප‍්‍රශ්නයක් නොවේ. අවුරුදු 2300 කට ඉස්සර ප‍්‍රශ්නයක්. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. සර්වඥ පරිනිර්වාණයෙන් අවුරුදු 100 ක් ගිය තැන වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙන් දෙවැනි සංගායනාව කළා. ඒකෙදි අලජ්ජි භික්ෂුන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත් කළ වජ්ජිපුත්තක භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහාසංගීති නමින් සංගායනාවක් ද පැවැත්වූවා. විශාල පිරිස් හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු 200 පිරෙන කාලය වන විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒගොල්ලන්ගේ නිකාය 17 ක් ඇතිවුණා. එතන තිබුණා "පුබ්බ සේලිය" සහ "සම්මිතිය" කියල නිකාය 2 ක්. ඔය කොටස් දෙක තමා මේ මනුලොව උපදින්නන්ට අන්තරාභවයක් තිබේය කියා මිත්‍යා දෘෂ්ඨියක් ඇතිකෙළේ.

අන්තරාභවික දෙන්නෙක්

ඒ ඇත්තන්ගේ තීරණය දෙව්ලොවට සතර අපායට යන අය කෙළින්ම යනවා. ඒ ඇත්තන්ට අන්තරාභවයක් නෑ. එහෙත් මනුලොව උපදින්න ඉන්න උදවිය සුදුසු මවුපියන් ලැබෙනතුරු අහසේ රූපයක් නැතිව නාම කය පමණක් එක තැනක නොසිට ශීඝ‍්‍රයෙන් ඇවිදිමින් දින හතක්, ඊටත් වැඩිය කාලයක් පවතිනවා. ඒ අන්තරාභවික දෙන්නෙක් හමුවුනාම කතා කරනවා. ගන්ධය ආඝ‍්‍රාණය කරනවා. සුදුසු මවුපියෝ දෙන්නෙක් දැක්ක ගමන් පටිසන්ධි ගන්නවා. ඕකයි ඒ ඇත්තන්ගේ පිළිගැනීම. ඒ වන විට තුන්වන ධර්ම සංගායනාව ආරම්භ වුණා. තුන්වන ධර්ම සංගායනාව වන විට බුද්ධ වර්ෂයෙන් අවුරුදු 235 ක් පිරිලා. එතැනදී ප‍්‍රශ්න රාශියක් විසඳුණා. බුදුරජාණන් වහන්සේ දෙසූ මාතෘකා අනුව ප‍්‍රශ්න විස්සජ්ජන (විසඳුම්) දේශනාවක් කතාවත්ථු ප‍්‍රකරණය නමින් සංග‍්‍රහ වුණා. ඒකට මේ අන්තරාභව වාදය ඇතුළත් වුණා. "අත්ථි අන්තරාභවෝති" කියලයි වාදය ආරම්භ වුණේ. මේ අවස්ථාවේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ බොහොම ලස්සනට අන්තරාභව ප‍්‍රශ්නය තේරුවා.

මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විමසුවා අන්තරාභවයක් තියෙනවාද?

පිළිතුර – ඔව්

මොග්ගලී – ඒක කාම භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – රූප භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – අරූප භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – අරූප භවයේද ඒ දෙක අතරේද?

පිළිතුර – නෑ

මොග්ගලී – එහෙනම් ඒක සංඥා භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – අසඥා භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – ඒක වෝකාර භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – චතුවෝකාර භවයෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – ඒ තුන අතරෙද?

පිළිතුර – නෑ

මොග්ගලී – එවිට අන්තරා භවය ඉපදීමක් තියෙනවද?

පිළිතුර – නෑ

මොග්ගලී – චුතවීමක් තියෙනවද?

පිළිතුර – නෑ

මොග්ගලී – එහෙනම් මොකද අන්තරා භවයක් තියෙනව කියන්නෙ?

පිළිතුර – බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අන්තරා පරිනිබ්බායි කියලා. ඒ නිසා අන්තරාභවයක් තියෙනවා.

එතැනදී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ අහනවා උපහච්ච පරිනිබ්බායි කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒ වගේම අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි කියලත් දේශනා කළානේ. එවිට උපහච්ච භවයකුත් තියෙනවද? අසංකාර භවයකුත් තියෙනවද? සසංකාර භවයකුත් තියෙනවද? කියල.

ස්වාමීන් වහන්ස, ඉහත කී සතර දෙනා තව ටිකක් පැහැදිලි කළොත්...

අන්තරා පරිනිබ්බායි

උපහච්ච පරිනිබ්බායි

අසංකාර පරිනිබ්බායි

සසංකාර පරිනිබ්බායි කියල බඹලොව අනාගාමීන් වහන්සේලා කොටස් හතරක් ඉන්නවා. අවිහ බඹ තලයේ ආයුෂ මහාකල්ප 1000 යි. ඉන් 500 ක් ඉවර වෙන්න ඉස්සර රහත් වෙනවා නම් ඔහු අන්තරා පරිනිබ්බායි ලෙස හඳුන්වනවා. 500 ට පසු රහත් වෙනවා නම් උපහච්ච පරිනිබ්බායි ලෙසයි හඳුන්වන්නේ. උත්සාහ නොගෙන රහත් වෙනවා නම් අසංකාර පරිනිබ්බායි. උත්සාහ ගෙන රහත් වෙනවා නම් සසංකාර පරිනිබ්බායි ලෙස ද හඳුන්වනවා. මෙසේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විනිශ්චය කරනවා අන්තරාභවයක් නැහැ කියල.

සිත සැරිසැරීම

අන්තරාභවයක් පිළිබඳ කවුරු මොන දේ කීවත් අප දැන් ඥානවන්ත බෞද්ධයෝ හැටියට මෙහෙම හිතන්න වටිනවා. දැන් ඒ අය තියනවා කියන අන්තරාභවයේදී රූප කයක් නෑ. සිත පමණක් අහසේ සැරිසරනවා. ඒ වගේ තවත් අන්තරාභවිකයෙක් හමුවුණාම කතා කරනවා. රූපකයක් නැතිව කතා කරන්න පුළුවන් ද? එවිට රූපයක් නැහැ කියන එක බොරු වෙනවා. කතා කරන්න බෑනේ නාම කයෙන්. ගන්ධය ආඝ‍්‍රාණය කරනවලු. ගන්ධය ආඝ‍්‍රාණය කරන්න රූප කයක් එපායැ. එවිට ඒකත් බොරුවක්. ඊළඟට දිවැසට පේනව කියනව මනුස්ස ලෝකෙ දිවැස් ඇති අයට ඒ අය පේනවලු. දිවැසට වත් පේන්නේ නෑ නාමකය. දැන් අරූප ලෝකෙ ඉන්න ඇත්තෝ දිවැසට පේන්නේ නෑ. රූප කයක් තිබිය යුතුයි දිවැසින් බලන්න. ඒවාත් එවිට සම්පූර්ණයෙන් බොරු.

ඊළඟට ඒ අන්තරාභවිකයා බලා ඉන්නවලු හොඳ මවුපිය දෙදෙනෙක් ළඟට එන්න. එහෙම බලන්න පුළුවන් නම් දුප්පත් ගෙදරක උපදින්නේ නෑ නේද? අංග විකලව උපදින්නේ නෑ නේද? පහත් කුලයක උපදින්නේ නෑ නේද? තමන් කැමැති විදියට ධනවත්ව කුලවත්ව වාසනාවන්තව උපදින්න ඕන. එවිට මේ ලෝකෙ ඉන්න බෑ දුප්පත් අය අන්ධ, ගොළු, බිහිරි වෙලා උපදින්න බෑ. මෙසේ නුවණින් සිතීමේදී සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබෙනතුරු බලා සිටීම බොරුවක් බව අප පිළිගත යුතුයි.

ප‍්‍රශ්නය – තිණ්නං ඛෝපන භික්ඛවෙ සන්නිපාතා ගබ්භස්සා වක්කන්ති හෝති. ඉධ මාතා පිතරෝ සන්නිපතිතා හොන්ති. මාතාච අතුනී හෝතී. ගන්ධබ්බෝ ච පච්චුපට්ඨිතො හෝති

මවු කුසක දරුවෙකු හටගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව මෙසේ මජ්ඣිම නිකායේ මහා තණ්හා සංඛය සූත‍්‍රයේ සඳහන් වෙනවා. මෙහි සඳහන් ගන්ධබ්බයා යනු අන්තරාභවිකයා බව ඇතමුන්ගේ අදහසයි. ධර්මානුකූලව මේ ගන්ධබ්බ යන වචනය තෝරා ගන්නේ කොහොමද? සත්‍ය වශයෙන් ම ගන්ධබ්බ යනු උපතක් සොයමින් අහසේ සැරිසරන අන්තරාභවිකයෙක්ද?

ගන්ධබ්බ අරුත

පිළිතුර - මේ ගන්ධබ්බ කියන වචනයේ වචනාර්ථය ගන්තබ්බෝති ගන්ධබ්බෝ කියලයි විග‍්‍රහ වෙන්නෙ. මෙතැන ගන්ධයක් ආඝ‍්‍රාණය කරන අය ගැන නෙමෙයි හඳුන්වන්නෙ. චුතියට අනතුරුව පටිසන්ධිය ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි ගන්ධබ්බ කියන්නෙ. දැන් ජීවත්ව සිටින අප සැම දෙනාමත් ගන්ධබ්බ කියන වචනයෙන් භාවිතා කළ හැකියි.

රහතන් වහන්සේ හැර සෝවාන් සකදාගාමී අනාගාමීන් වහන්සේලාත් අනෙක් පෘථග්ජන සත්ත්වයෝත් නැවත උත්පත්තිය ලබන බැවින් ගන්ධබ්බ නම් වෙනවා. උත්පත්ති වශයෙන් තවත් භවයකට යා යුතු පුද්ගලයා කියන එකයි ගන්ධබ්බ කියන වචනයේ තේරුම. එහෙම නැතිව මරණයට පත් වී අහසේ පාවෙමින් ඉපදීමට සුදුසු මව්පිය දෙන්නෙක් සොයන අන්තරාභවිකයෙකු නොවෙයි.

ප‍්‍රශ්නය – ආටානාටිය පිරිතේ අප අසා තිබෙනවා ගන්ධබ්බෝවා, ගන්ධබ්බීවා, ගන්ධබ්බ පෝතකෝවා, ගන්ධබ්බ පෝතිකාවා කියලා දේශනා කරනවා. එතැන කියවෙන ගන්ධබ්බයා කවුද?

පිළිතුර - එතැන ගන්ධබ්බ හෙවත් ගාන්ධර්ව කියන්නෙ වීණා වාදනය කරන දිව්‍ය පිරිස. ඒක දේව කොට්ඨාසයක්. චාතුර් මහාරාජික කියන දිව්‍ය ලෝකයට අයිති දිව්‍ය පිරිසක්. එහෙම නැතිව ගන්ධය ආඝ‍්‍රණය කරන අන්තරා භව සත්ත්වයො නෙමෙයි. එසේ අන්තරා භවිකයො ඉන්නවා නම් ඒ අය අඹු දරුවොත් සහිත පිරිසක් වෙන්න ඕනනෙ.

ප‍්‍රශ්නය – කරණීය මෙත්ත සූත‍්‍රයේ එන සම්භවෙසීවා යන්න අන්තරාභව අවස්ථාව හැටියට ධර්මය උගත් බහුශ‍්‍රැත භික්ෂූන් වහන්සේලා පවා ප‍්‍රකාශ කරනව, අප අසා තිබෙනවා එහි සත්‍යතාවයක් තිබේද?

පිළිතුර - සම්භවේසී කියල කරණීය මෙත්ත සූත‍්‍රයේ කියන්නේ භූතාවා සම්භවේසීවා කියන පද දෙකේ ඒකාබද්ධ කමක්. භූතා කියන්නෙ සකලාංග පරිපූර්ණව පහළ වූ සියලු සත්ත්ව කොට්ඨාසවලට නමක්. ඕපපාතික සත්ත්වයෝ සකලාංග සම්පූර්ණව හිටි හැටියේ පහළ වෙනවා. ඒ ඇත්තො භූතා, සංසේදජ සත්ත්වයෝ යම් තෙත ඇති ස්ථානයෙක පහළ වෙලා මෙලොව එළිය දකිනවා. එවිට ඒ ඇත්තො භූතා. මවුකුසේ උපදින සත්ත්වයෝ මවු කුසින් බිහිවුණා නම් එවිට භූතා. බිජුවටින් බිහිවෙන (අණ්ඩජ) සත්ත්වයෝ බිජුවටින් එළියට පැමිණි විට භූතා. ඒ හැර "සම්භවේසි" කියන්නේ මවුකුසේ උපදින සත්වයෝ මවුකුසේ සිටින තුරුම සම්භවේසී ඉපදෙමින් ඉන්නවා කියන තේරුමයි එතන තියෙන්නෙ. පටිසන්ධි ගත්ත එහෙත් ඉපදීම අසම්පූර්ණයි.

පහත ධර්ම දේශනාවත් ශ්‍රවනය් කරන්න.

තෙරුවන් සරණයි...!

From FB


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

සිව්පසය නැමැති බීජයන් වපුරන්න පින නැමැති අස්‌වැන්න ලැබේවි

 

භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක්පිරිසකගේම එකතුවයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. උපාසක උපාසිකාවන්ගෙන් තොරව භික්ෂු, භික්ෂුණී කියන කණ්ඩායම් දෙකට පවතින්න බැහැ. උපාසක, උපාසිකා කියන කණ්ඩායම් දෙක ශාසනික දායකත්වය සඳහා යොමුකරවන්නේ සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයයි
 
 තමන් සුපටිපන්න ගුණයෙන් යුක් වෙලා එම ගුණයන්ගෙන් ලැබෙන ඵලය වන සාමීචිපටිපන්න ගුණය මනුෂ්යයාට දෙව් මිනිස්සැපයන් වගේම විදර්ශනා නුවණට මාර්ගයත් විවර කර දෙනවා. මහා සංඝරත්නය ඉහත ගුණයන් හතරෙන් පරිපූර්ණ වෙච්ච තැනදී එම ගුණයන් අවබෝධය කරා යන ගමනේදී මේ ලෝකයේ ශ්රේෂ්ඨම උතුම්ම පුද්ගලයන් අටදෙනෙක්සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයට එකතුවෙනවා
 
 පළමුවැනි පුද්ගලයා සෝවාන් මාර්ගය තුළ සිටින භික්ෂුව, දෙවැනි පුද්ගලයා සෝවාන් ඵලය තුළ සිටින භික්ෂුව, තුන්වැනි පුද්ගලයා සකෘදාගාමී මාර්ගය, සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, රහත් මාර්ගය, රහත් ඵලය මේ උතුම් පුද්ගලයන් අටදෙනා සිටින්නේ උතුම් සංඝරත්නයේ අර්ථය තුළ පමණක්මයි. උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඤාය පටිපනන්න, සාමීචිපටිපන්න ගුණයේ අර්ථ තුළ පමණක්මයි. මේ ලෝක ධාතුවේ සතර අපා දුකෙන් මිදෙන ඉන්ද්රිය ධර්මයන්, බලධර්මයන් පරිපූර්ණ කළ ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්රඥාව තුළ ජීවත්වෙන පුද්ගලයන් අටදෙනා සම්මා සම්බුද්ධ ශාසනය ඉලක්කගත අර්ථයයි
 
 මහා සංඝරත්නය කෙළෙස් බර බිම තැබු නිසාම නිකෙළෙස්වයි සිව්පසය පිළිගන්නේ, පරිහරණය කරන්නේ, සිව්පසය පරිහරණයේදී කෙළෙස්සකස්වෙන නිසාම සිව්පසය පුජාකරන කෙළෙස්සහිත පිංවතුන්ලාට මෙලොව පරලොව සැපය උදෙසා ආයුෂය, වර්ණය, සැපය, බලය උදෙසා පිං රැස්කර ගැනීමට මහා සංඝරත්නය ආහුණෙය් ගුණයෙන් යුක් වෙනවා
 
 දුර සිට පැමිණ සිව්පසය පූජාකරගැනීමට මහා සංඝරත්නය සුදුසු වෙනවා. අරාධනා කර වඩම්මවාගෙන ගෞරවයෙන් සිව්පසය පූජාකර ගැනීමට මහා සංඝරත්නය සුදුසු වෙනවා. කොපමණ දුරක සිට ආගන්තුකව යම් ස්වාමීන් වහන්සේ නමක්වැඩම කළද උන්වහන්සේගේ අනන්යතාව නොසොයා ශ්රද්ධාවෙන් ගෞරවයෙන් කර්මය කර්ම ඵලය විශ්වාසයෙන් ඇප උපස්ථාන කිරීමට මහා සංඝරත්නය සුදුසු වෙනවා. මහාකාශ්යප මහරහතන් වහන්සේ පිණ්ඩපාත දානයක්පූජාකර ගැනීමට තව්තිසා දිව්යතලයේ සිට ශක් දෙවියන් පවා ඈත දුරක සිට පැමිණෙනවා
 
 මහත්ඵල මහානිශංස මෙලොව පරලොව සිට සලකාගෙන සියලු පූජාවන් ලැබීමට සුදුසු අර්ථයෙන් මහා සංඝරත්නය දක්ඛිණෙය් ගුණයෙන් යුක් වෙනවා. ශ්රද්ධාව, ගෞරවය, කර්ම ඵලය විශ්වාසයෙන්, පිංවත් ඔබ පූජා කරගන්නාවූ එක බත් හැන්දකින් සශ්රීක දිව් සැපයක් ඔබට ලබාදීමේ ශක්තිය මහාසංඝරත්නයට තිබෙනවා. වරක් ශක්රදෙවියන් මහා කාශ්යප මහ රහතන් වහන්සේට කියනවා තව්තිසාවේ චූලරථ, මහාරථ කියල දෙවිවරු පහළවෙලා සිටිනවා. මේ දෙවියන් දෙදෙනා ආලෝකවත් ප්රභාෂ්වර සශ්රික දෙදෙනෙක්සංඝරත්නය අරමුණු කොට පිං කරලා දිව් තලයට පැමිණෙන සශ්රික දෙවිවරු දෙදෙනෙක්‌. මට බියක්දැනෙනවා මගේ සම්පත් දිව් අසිරිය මේ අලුත පැමිණෙන දෙවිවරු පරාජය කරයිද කියලා
 
 මෙවන් සශ්රික දිව් සැපයන් මහා සංඝරත්නයේ දක්ඛිණෙය්  ගුණයේම ඵලයක්වෙනවා. මෙලොව පරලොව සැපයන් භව නිරෝධයට මාර්ගයක්මතුකර දෙන නිසාම මහා සංඝරත්නය දෙවියන්, බ්රහ්මයන් පවා වන්දනා කරනවා. සත්පුරුෂ මනුෂ්යයන්, සංඝරත්නයේ ගුණයන්ට නිරතුරුවම වන්දනා කරනවා. නිකෙළෙස් උත්තමයින්ට කරන වන්දනාව පිංවත් ඔබට ආයුෂ වර්ණ සැපය බලය පිණිසමයි හේතුවෙන්නේ.
 
 එය මහා සංඝරත්නයේ අංජලිකරණීය ගුණය වෙනවා. මහා සංඝරත්නයේ ගුණයන්ට ඥානයන් නිසා මහ පොළොව පවා කම්පා වෙනවා. සතර මහා ධාතුව සලිත කිරීමේ ශක්තියක්මහා සංඝරත්නයට තිබෙනවා. මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දිව් තලයේ ශක්රදෙවියන්ගේ වෛජයන්aති මාළිගය තම මහපට ඇඟිල්ලෙන් මේ අතට සෙලෙව්වා. වෛජයන්ති මාළිගයේ කූටාගාර හත්සියයක සිටි දිව්යාංගනාවන් මොහොතක් කම්පා කළා.
 
 මේ සියලු ප්රතිහාර්යයන් සිදු කළේ ශක්රදෙවියන්ගේ කාමච්ජන්දයන් තුනී කරන්න. සතර මහ ධාතු අනිත් වන වේගය අවබෝධ ඥානයෙන් පසක් කරගත් නිසාම මහාසංඝරත්නය සතරමහා ධාතුව යටත් කොට ගෙනයි වැඩසිටින්නේ. දමනය කොටගෙනයි වැඩසිටින්නේ. මහා සංඝරත්නය විඤ්ඤාණය අනිත් වන වේගය අවබෝධ ඥානයෙන් පසක්කරගත් නිසාම විඤ්ඤානය යටත්කොට ගෙනයි ධමනය කොටගෙනයි වැඩසිටින්නේ. නිසාම මහා සංඝරත්නය ලොවට අනුත්තර පිං කෙතක්වෙනවා.සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන් , ඤායපටිපන්න ගුණයෙන්, සාමීචිපටිපන්න ගුණයෙන් මනාවට පෝෂණය වූ සංඝරත්නය නමැති පිං කෙතේ පිංවත් ඔබ ශ්රද්ධාවෙන් ගෞරවයෙන් කර්මය කර්ම ඵලය විශ්වාසයෙන් සිව්පසය නමැති බීජයන් වැපුරුවොත් ලෝකයේ උතුම්ම ශේ්රෂ්ඨම පින නමැති අස්වැන්න උපරිමයෙන් පිංවත් ඔබට ලබාදෙන්නා වූ මේ ලෝක ධාතුවේ ජීවත්වෙන යම් සම්මාදිට්ඨියට පත් මනුෂ්යයෙක් දෙවියෙක්බ්රහ්මයෙක්ආයුෂ, වර්ණය, සැපය බලයෙන් ආඪ්යව ජීවත්වෙනවා නම් එම සැපයත් ඔවුනට ලැබුණේ මහාසංඝරත්නයේ පුඤ්ඤං ඛෙත්තං අනුත්තරෝ ගුණයේ ඵලය නිසාමයි
   
 සකස් කළේ
 ඉන්ද්රජිත් සුබසිංහ

විශේෂාංග


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, March 11, 2018

මහා රහතුන් වැඩි මග ඔස්සේ

 

භික්ෂුව සිතිවිල්ලක් සිතිවිල්ලක් පාසා අවබෝධය දෙසටම ගමන් කරන්නේය..

 

(ඉකුත් සතියේ අප විසින් විශේෂ ලිපියක් පළකිරීමට යෙදුණු අතර මෙතැන් සිට සාංඝානුස්තියේ ඉතිරි කොටස් පළවෙන බව මෙත් සිතින් යුතුව ඔබට දැනුම් දෙන්නෙමු)
 
 
දුක නිමාකරන ආර්ය මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සෘජුවම ගමන් කරන නිසාම සංඝරත්නය උජුපටිපන්න ගුණයෙන් යුක් වෙනවා. බාහිර මාර්ගවල ගමන් කරන්නේ නැහැ. අතීතයේ දෘෂ්ශ්රීන් හැටදෙකකින් පෝෂණය වුණ මිච්ඡා මාර්ග හැටදෙකක් ලෝකයේ තිබුණා. බුදුරජාණන් වහන්සේ නැමති ශ්රේෂ්ඨ කල්යාණ මිත්රයා, ධර්මරත්නය නැමති කල්යාණ මිත්රයා විසින් පෙන්වා වදාළ එම මිච්ඡා මාර්ගයන් නිෂේධ කර, එම භික්ෂුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයට බැසගන්නවා. අර්ථයෙන් සංඝරත්නය උජුපටිපන්නනම් වෙනවා.
 
 
එම භික්ෂුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ එක තැනක නවාතැන් ගන්නේ නැහැ. සද්ධාව, ශීලය, සමාධියේ ආශ්වාදයන් හැඳින, ආදීනවයන්ට කොටු නොවී ආර්ය ශීලයක් , ආර්ය සමාධියක්, ආර්ය ප්රඥාවක් දෙසට එම භික්ෂුව ගමන් කරනවා. එම භික්ෂුව සම්මා විමුක්තිය නැමති එතෙර කෙරෙහි ඡන්දයක් ඇතිකරගෙනයි මාර්ගය විර්යයන්, අධිෂ්ඨායෙන්, විමංසාවෙන් යුතුව තරණය කරන්නේ. තෙරුවන් කෙරෙහි සද්ධාව තුළින් ලැබෙන කර්මය කර්මඵල විශ්වාසය, ශීලය තුළින් ලැබෙන ඉන්ද්රිය සංවරය, ඉන්ද්රය සංවරය තුළින් ලැබෙන සමාධිමත් සිත පංචනීවරණ ධර්මයන් යටපත් කර සප්ත බොඡ්Cධංගයන් මතුකර දෙනවා. තමා දුකයි කියල දැකලා අතැහැරපු කාමයන්ට රූපයන්ට ඔහු නැවත බැඳෙන්නේ නැහැ. මිච්ඡා ආජීවයන් බැහැර කරනවා. විකිණෙන, විකුණන ස්වභාවයෙන් ඔහු මිදෙනවා. සිව්පසය පරිහරණයේදී එම භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා. අතිරික්තය අතහරිනවා. අල්පේච්ඡතාවය මධ්යම ප්රතිපදාවට අදාළ චර්යාවන් තුළ ශක්තිමත් වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීව ධර්මයන් උතුම් ප්රාතිමෝක් ශීලයේ ශක්තිය තුළට ගනිමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තව තවත් ශක්තිමත් කරගන්නවා. සතර අපායෙන් මිදීම භව නිරෝධයම අරමුණු කර ගත් සෘජු ඉලක්කයක් කරා නිවැරදි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන අර්ථයෙන් මහා සංඝරත්නය උජුපටිපන්න ගුණයෙන් යුක් වෙනවා. 
 
 
සෘජු මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මහා සංඝරත්නය ගමන් කරන නිසාම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරගත් නිසාම, මහා සංඝරත්නය සම්මා ඥානයන් සකස්කොට ගන්නා නිසාම, මහා සංඝරත්නය ඥායපටිපන්න නම් ගුණයෙන් යුක් වෙනවා. දුක යනු කුමක් කියල අවබෝධ කර දෙන දුක් ඥානය, දුකට හේතුව අවබෝධ කර දෙන දුක් සමුදය ඥානය, දුක නැති කිරීම අවබෝධ කර දෙන දුක් නිරෝධ ඥානය, දුක නැති කිරීමේ මාර්ගය අවබෝධකර දෙන දුක් නිරෝධ ගාමිණී පටිපදා ඥානය, චුතූපපාත ඥානය, පූර්වේනිවාසානුස්සති ඥානය, දිව් ශ්රොa, දිව්යචක්ඛු ඥාන මෙවන් ඥානයන් අවබෝධ කරගත් හේතුවෙන් මහා සංඝරත්නය ඥානපටිපන්න ගුණයෙන් යුක් වෙනවා. සංඝරත්නය සිතන සෑම සිතිවිල්ලක් පාසාම ඥානයන් අවබෝධ කර ගැනීමේ දිශාවටමයි ගමන් කරන්නේ. අනිත් දෙය අනිත් වශයෙන්ම දකිනවා. දුක දෙය දුක වශයෙන්ම දකිනවා. අසුභ දෙය අසුභ වශයෙන්ම දකිනවා. අනාත්ම දෙය අනාත්ම වශයෙන්ම දකිනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිටතින් සකස් වෙන සෑම සිතිවිල්ලක් එම භික්ෂුවට මාර ධර්මයක්මයි. එම භික්ෂුව දැන් දුක නිවීමට හේතු නොවෙන දේවල් ගැන සිතන්න කැමති නැහැ. මොකද ඡන්දය දුක නිරෝධයයි. එපා කියලා අතහැරල ආපු කාමයත්, අසුභයයි කියල අතහැරල පැමිණි රූපයත්, විදර්ශනාත්මක නුවණින්මයි දකින්නේ. ගිහි පිංවතුන්ලාගේ ලබන ගෞරවණීය, වන්දනීය ප්රතිචාරයන් ඉදිරියේ මේ සියල්ල අනිත් වන සංස්කාරයන්ගේ ඵලයක් වශයෙන්ම දකිනවා. එම භික්ෂුව ලැබෙන ගෞරවයන් පිළිගනිමින් ඒවාට බැඳී යන්නේ නැහැ. සතර සතිපට්ඨාන ධර්මයන් තුළ සිත පිහිටලා කාය, චිත්ත, ධම්ම, වේදනාවන් විදර්ශනා නුවණින් දකිනවා. ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ එම භික්ෂුවගේ සතිය සිහිය බොහෝම තියුණුයි. එම භික්ෂුවට අරමුණු වෙන්නාවූ සෑම රූපයක් අනිත්යයයි කියල දකිනවා. අනිත්යයයි කියල දකින සිතත් අනිත්යයයි කියලමයි දකින්නේ. වෙහෙසක් නැහැ ආයාසයක් නැහැ. ධර්මය තුළින් ධර්මයමයි දකින්නේ. ධර්මය තුළින් ධර්මය දකින තැන එම භික්ෂුව තුළ සම්මා ඥාන සකස්වීමට හොඳ තෝතැන්නක් වෙනවා. 
 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.