Monday, March 5, 2018

ඔබ මේ උපන් බිමේ සත්පුරුෂ දරුවකුම වන්න

 

ඔබ මේ උපන් බිමේ සත්පුරුෂ දරුවකුම වන්න

 

maharahathමෙවර පළවන්නේ පිංවත් ස්වාමීන්වහන්සේ විසින් යම් සුවිශේෂී නිමිත්තක්අනුව අප වෙත එවන ලද අතිරේක ලිපියකි. එය ඉකුත් සතියේ පළවනු ඇතැයි යන අදහසින් යුක්තව අප වෙත එවා තිබුණ එය ප්රමාද වී අප වෙතට පත්වූ බැවින් මෙවර එය මෙසේ පළ කරන්නෙමු. ලබන සතියේ සිට සංඝානුස්සතිය ලිපිය සුපුරුදු පරිදි පළවනු ඇත
 
 
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් උපන් කිඹුල්වත් පුර නුවරින් හමා එන සුළඟත් සුවදායකයි කියලා. එසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බෝධිසත්වයන් වහන්සේ නමක්පස්මහ බැලුම් බලල ලෝකයට පහළ වන දේශයත්, හේතුඵල ධර්මයක්නිසාමයි. යම් පිංවතෙක්උපදින මවුබිම කියන්නේ හේතුඵල ධර්මයක්‌. පිංවත් ඔබ සුන්දර ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් ශ්රී සද්ධර්මය මුල්බැසගත්, ආර්යය මහා සංඝරත්නය වැඩ සිටින භූමියක ඉපදුණේ අතීත පින කුසලය කියන හේතුව නිසාමයි.
 
 
අපි පාසල් අධ්යාපනය ලබන විට පන්තියේ අකුරු කියල දුන්න පිංවත් ගුරුතුමියක්අපිට කියලා දුන්නා තමන් උපන් රටත්, තමන්ව ලෝකයට බිහිකරපු අම්මාවත් එකක්හැටියට දකින්න කියල. වර්තමානයේ එම පිංවත් ගුරු මහත්මිය මිය පරලොව ගිහිල්ලා. සියලු සංස්කාරයෝ අනිත් වුවත් මෙය සටහන් තබන භික්ෂුව, උපන් රට දකින්නේ තමන්ගේ දෙවැනි අම්මා හැටියටයි. මාව ලෝකයට බිහිකරපු අම්මා මට පෙවූ මවුකිරෙනුයි මගේ ලේ, මස්‌, සම්, ඇට, නහර, දැනුම, බුද්ධිය පෝෂණය වුණේ. වගේමයි මගේ උපන් රට නමැති දෙවැනි අම්මා මට පෙවූ උතුම් සද්ධර්මයේ මවුකිරි සුවඳ සත්පුරුෂභාවයේ කලගුණ සැලකීමේ මවුකිරි සුවඳ, ශීලාචාර ධර්මයන්ගේ, සදාචාරධර්මයන්ගේ මවුකිරි සුවඳ, පිංවත් මාතෘභූමිය නමැති මගේ දෙවැනි අම්මාගේ දෙතනින් බිව් මවු කිරේ ශක්තියෙනුයි පෝෂණය වුණේ. පිංවත් දෙවැනි අම්මාගේ ඉහත මවු කිරෙන් ලද පන්නරයයි. මේ උතුම් පැවිදි ජීවිතය තුළ ශක්තිමත් වෙන්න අපට අවශ් පෝෂණය ලබාදුන්නේ.
 
 
රුවන්වැලිමහ සෑ සමිඳුන්, ජය ශ්රී මහ බෝ සමිඳුන්, ශ්රී දන්ත ධාතූන් වහන්සේ, ශ්රීපාදපත්ම වහන්සේගේ පූජනීයත්වය දරාගෙන, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම අර්ථයන් දරාගෙන ජීවත්වන පිංවත් දෙවැනි මෑණියන් තම කුසෙන් උපන් පිංවත් දරුවන් කොපමණ නම් පිරිසකට දිව් මනුෂ් සැපයන් කරා නැවත සුගතිගාමී වෙන්න, උතුම් අධිගමනයන් සාක්ෂාත් කර දෙන්න, ලෝකයේ දුර්ලභම ලැඡ්ජා භය දෙක ඇතිකර දෙන්න උපකාරක ධර්මයන් සකස්කර දෙන්නට ඇතිද?
 
 
පිංවත් දෙවැනි මෑණියනි, ඔබේ මාතෘත්වයේ කරුණා ගුණයෙන් මොන තරම් නම් සිංහල, ද්රවිඩ, මුස්ලිම් දූ පුතුන් සැනසිල්ලේ ජීවත් වෙනවා ඇත්ද? නමුත් පිංවත් ඔබේ මාතෘත්වයේ ඇති උත්තරීතරභාවය හඳුනාගෙනත්, ඔබේ උතුම් මවු ගුණයන් හඳුනාගෙනත්, ඔබේම අතලොස්සක්අකීකරු දරුවෝ පිංවත් ඔබව කෑලිවලට කඩන්නට, ඔබට මවුපිය උරුමයෙන් ලැබුණු දේපළ සම්පත් විකුණා දමන්නට හිස ගිනිගත්ත අය සේ හැසිරෙද්දී, ඔබ අකීSකරු අසත්පුරුෂ ඔබේම දරුවන්ට දක්වන උපේක්ෂාව ඔබේ මාතෘත්වයේ ගුණාත්මකභාවය තව තවත් ශක්තිමත් කරනවා මෑණියනි.
 
 
මවකගේ රැකවරණය නොහඳුන, උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් නොහඳුනන ඔබේම අසත්පුරුෂ සමහරක්දේශපාලන දූ පුතුන් පිංවත් ඔබට කුමන කෙණහිලිකම් කළ උතුම් මාතෘත්වය විකුණාගෙන ජීවත් වීමට උත්සාහ කළ පිංවත් මෑණියනි, ඔබේ මවුකිරෙන් පෝෂණය වූ ඔබේම සත්පුරුෂ කීකරු දූ පුතුන් පිංවත් එවැනි සත්පුරුෂ දරුවන්ගේ පිනෙන්, කුසලයෙන් පෝෂණය වන, සත්පුරුෂ සම්මාදිට්ඨියට පත් මහේශාක් දෙවිවරුන් ඔබව හෙටත් ආරක්ෂා කරාවි. ඔබව හෙටත් පෝෂණය කරාවි.
 
 
දයාබර දෙවැනි අම්මේ, මේ නිමේෂයේදීත් ඔබ ඔබේ පිංවත් දරුවන් වන අප දෙස බලා සිටින, ඔබේ උපේක්ෂා සහගත අහිංසක දෑස්දෙක භික්ෂුවට මැවිලා පෙනෙනවා. භික්ෂුවට සිතෙනවා ඔබේ දෑසට ඇඟිල්ල තියලා 'දයාබර අම්මේ, මේ ඇස්අනිත්යයි, අම්මේ මේ කන අනිත්යයි' කියලා ඔබට අනිත් ධර්මයේ පාඩමක්කියලා දෙන්න. ඒත් මෑණියනි, ඔබට අනිත් අර්ථය ගැන අමුතුවෙන් කියලා දෙන්න අවශ් නැහැ. භික්ෂුවට හොඳටෝම විශ්වාසයි, ඔබේම මවුකිරෙන් පෝෂණය වුණ, අකීකරු අසත්පුරුෂ සමහරක්දේශපාලන දූ පුතුන් ඔබට කරන අයහපත දැකලාම, පිංවත් ඔබේ සුන්දර රූපශ්රීය මුඩුබිමක්බවට පත්කරනවා දැකලාම, ඔබගේ උරුමයෙන් ලද දේපළ මත්කුඩට ඇබ්බැහි වූවන් සේ විකුණාගෙන කන හැටි දැකලාම, සම්මා සම්බුද්ධ ශාසනයට කරන අගෞරවයන් දැකලාම, දැන් පිංවත් මෑණියන්ට වැටහෙනවා ඇති මේ සියල්ලම ඔබගේ වසඟයේ තබාගන්න බැහැය කියන කාරණය. ඒත් පිංවත් දයාබර දෙවැනි අම්මේ, ඔබට අනිත් සංඥාවන් වැඩුණත්, පිංවත් ඔබ දැන්ම නම් ලෝකයෙන් නිවී යන්න එපා. ඔබ ලෝකයෙන් නිවී ගියොත් එය ලෝකයෙන් උතුම් ශ්රී සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදන් වීමේ ආරම්භය වේවි. තුන්වැනි ලෝක යුද්ධයක ආරම්භයක්වේවි. පිංවත් ඔබ ආරක්ෂා කරගෙන පැමිණි උතුම් මනුෂ්යත්වයක අවසානයක්වේවි.
 
 
පිංවත් ඔබේම මවුකිරෙන් පෝෂණය වුණ, මේ දක්වා සමගියෙන් ජීවත් වුණ ඔබේම පිංවත් දරුවන් වන සිංහල, ද්රවිඩ, මුස්ලිම් සියලුම දූ පුතුන්ට තවදුරටත් පිංවත් මෑණියන් විදර්ශනාත්මක මෛත්රිSයම පතුරුවන්න. එම විදර්ශනාත්මක මෛත්රියේ ශක්තිය, මාතෘ ඝාතක අකුසලය සිදුකර ගැනීමට උත්සාහ කරන ඔබේ අකීකරු සමහරක්දේශපාලන දූ පුතුනට තම දෙවැනි අම්මාගේ මාතෘත්වයේ ගුණයන් ගැන නැවත සිතීමට මේ ලැබුණා වූ අවස්ථාව ධර්මානුකූල ප්රවේශයක්වේවා.
 
 
වර්තමානයේ කුමන අභියෝගයක්‌, අසත්පුරුෂ ධර්මයන්, සදාචාර විරෝධී ධර්මයන් මෝදු වී පැමිණිය පිංවත් මාතෘ භූමිය නමැති දෙවැනි මෑණියනි, ඔබ ආරක්ෂා වී මෙතුවක්කලක්ජීවත් වන්නේ තම ශීලයන් ආරක්ෂා කොටගෙන ජීවත්වන, තම ශීලයන්, ආරක්ෂාකර ගැනීමටම වෙර දරන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිවුවනක්පිරිසගේ කුසල් ශක්තිය නිසාත්, පන්සල් ආරණ් ආශ්රිතව සිදුකෙරෙන අප්රමාණ පිංකම් හේතුවෙන් ශක්තිමත් වන සම්මා දිට්ඨියට පත් දෙවියන්ගේ ශක්තිය නිසාත්ය. වගේමයි, සිල් පද ආරක්ෂා කොටගෙන ජීවත්වන අන් ආගමික පූජකතුමන්ලා වගේම, ශිල්පද ආරක්ෂා කොටගෙන ජීවත්වන අන් ආගමික ගිහි පිංවතුන්ලාත් නිසාමය. වර්තමානයේ රටේ මුළු උතුරු ප්රදේශයේම දැඩි නියඟය විසින් බිලිගත් කාන්තාර ප්රදේශයක්බවට වේගයෙන් පත්වීගෙන යනවා. මහ වන සංහාරයක්සමඟ නැගෙනහිර ප්රදේශය කාන්තාර ප්රදේශයක්බවට පත්වීගෙන යනවා. පිංවතුන් හොඳින් අවධානය යොමුකොට බලන්න, රටේ බලවත් කාලගුණික දේශගුණික පාරිසරික විකෘතීන් සිදුවෙමින් පවතින්නේ ශීලයේ ශක්තිය දුර්වල, කර්මය කර්මඵල විශ්වාසය දුර්වල, ලෝභ ද්වේෂ පළිගැනීම වඩන මනුෂ්යයන් ජීවත්වන ප්රදේශ ආශ්රිතවයි කියන කාරණය පිංවතුන්ලාට වැටහේවී.
 
 
රටක්පාලනය කරන පිංවතුන්ලාට, පංචශීලය ආරක්ෂා කොටගෙන ජීවත්වන ජනතාවක්තුළින් රටට අත්වන යහපත ධර්මානුකූලව හඳුනාගැනීමේ දක්ෂභාවය තිබිය යුතුය. දක්ෂභාවය ඇතිකොට ගැනීමට නම්, පළමුවෙන්ම රට පාලනය කරන පිංවතුන්ලා පංචශීලය ආරක්ෂා කළ යුතු වෙනවා. පංචශීලයේ ආරක්ෂාවයි, පිංවත් පාලකයන් තුළ ඉන්ද්රීය සංවරය ඇතිකොට දෙන්නේ. ඉන්ද්රීය සංවරභාවය දුර්වල වුණ තැනදී පාලකයන්ගේ අසංවරභාවයන් හේතුවෙන් මුළු රටම අසංවරභාවයට පත්වීමේ ක්රියාන්විතයයි සිදුවන්නේ. දයාබර පිංවත් දෙවැනි මෑණියනි, අසාධ් රෝගී තත්ත්වයකින් යම් පමණකට සුවයක්ලැබූ පිංවත් ඔබට දීර්ඝායුෂ සැලසේවා. පාලක පිංවතුන්ලාටත්, පිංවත් ජනතාවටත් සම්මා දිට්ඨියේ සුන්දරම අර්ථයක්වන කර්මය කර්මඵල විශ්වාසය තව තවත් ශක්තිමත් වේවා. අයහපතෙන් මිදී යහපතම ජීවිතයට එකතුකොට ගැනීමට පාලක පිංවතුන්ලාගෙන් පූර්වාදර්ශයන් ලැබේවා.
 
 
 සකස්කළේ
 ඉන්ද්රජිත් සුබසිංහ 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....