Sunday, March 11, 2018

මහා රහතුන් වැඩි මග ඔස්සේ

 

භික්ෂුව සිතිවිල්ලක් සිතිවිල්ලක් පාසා අවබෝධය දෙසටම ගමන් කරන්නේය..

 

(ඉකුත් සතියේ අප විසින් විශේෂ ලිපියක් පළකිරීමට යෙදුණු අතර මෙතැන් සිට සාංඝානුස්තියේ ඉතිරි කොටස් පළවෙන බව මෙත් සිතින් යුතුව ඔබට දැනුම් දෙන්නෙමු)
 
 
දුක නිමාකරන ආර්ය මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සෘජුවම ගමන් කරන නිසාම සංඝරත්නය උජුපටිපන්න ගුණයෙන් යුක් වෙනවා. බාහිර මාර්ගවල ගමන් කරන්නේ නැහැ. අතීතයේ දෘෂ්ශ්රීන් හැටදෙකකින් පෝෂණය වුණ මිච්ඡා මාර්ග හැටදෙකක් ලෝකයේ තිබුණා. බුදුරජාණන් වහන්සේ නැමති ශ්රේෂ්ඨ කල්යාණ මිත්රයා, ධර්මරත්නය නැමති කල්යාණ මිත්රයා විසින් පෙන්වා වදාළ එම මිච්ඡා මාර්ගයන් නිෂේධ කර, එම භික්ෂුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයට බැසගන්නවා. අර්ථයෙන් සංඝරත්නය උජුපටිපන්නනම් වෙනවා.
 
 
එම භික්ෂුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ එක තැනක නවාතැන් ගන්නේ නැහැ. සද්ධාව, ශීලය, සමාධියේ ආශ්වාදයන් හැඳින, ආදීනවයන්ට කොටු නොවී ආර්ය ශීලයක් , ආර්ය සමාධියක්, ආර්ය ප්රඥාවක් දෙසට එම භික්ෂුව ගමන් කරනවා. එම භික්ෂුව සම්මා විමුක්තිය නැමති එතෙර කෙරෙහි ඡන්දයක් ඇතිකරගෙනයි මාර්ගය විර්යයන්, අධිෂ්ඨායෙන්, විමංසාවෙන් යුතුව තරණය කරන්නේ. තෙරුවන් කෙරෙහි සද්ධාව තුළින් ලැබෙන කර්මය කර්මඵල විශ්වාසය, ශීලය තුළින් ලැබෙන ඉන්ද්රිය සංවරය, ඉන්ද්රය සංවරය තුළින් ලැබෙන සමාධිමත් සිත පංචනීවරණ ධර්මයන් යටපත් කර සප්ත බොඡ්Cධංගයන් මතුකර දෙනවා. තමා දුකයි කියල දැකලා අතැහැරපු කාමයන්ට රූපයන්ට ඔහු නැවත බැඳෙන්නේ නැහැ. මිච්ඡා ආජීවයන් බැහැර කරනවා. විකිණෙන, විකුණන ස්වභාවයෙන් ඔහු මිදෙනවා. සිව්පසය පරිහරණයේදී එම භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා. අතිරික්තය අතහරිනවා. අල්පේච්ඡතාවය මධ්යම ප්රතිපදාවට අදාළ චර්යාවන් තුළ ශක්තිමත් වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීව ධර්මයන් උතුම් ප්රාතිමෝක් ශීලයේ ශක්තිය තුළට ගනිමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තව තවත් ශක්තිමත් කරගන්නවා. සතර අපායෙන් මිදීම භව නිරෝධයම අරමුණු කර ගත් සෘජු ඉලක්කයක් කරා නිවැරදි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන අර්ථයෙන් මහා සංඝරත්නය උජුපටිපන්න ගුණයෙන් යුක් වෙනවා. 
 
 
සෘජු මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මහා සංඝරත්නය ගමන් කරන නිසාම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරගත් නිසාම, මහා සංඝරත්නය සම්මා ඥානයන් සකස්කොට ගන්නා නිසාම, මහා සංඝරත්නය ඥායපටිපන්න නම් ගුණයෙන් යුක් වෙනවා. දුක යනු කුමක් කියල අවබෝධ කර දෙන දුක් ඥානය, දුකට හේතුව අවබෝධ කර දෙන දුක් සමුදය ඥානය, දුක නැති කිරීම අවබෝධ කර දෙන දුක් නිරෝධ ඥානය, දුක නැති කිරීමේ මාර්ගය අවබෝධකර දෙන දුක් නිරෝධ ගාමිණී පටිපදා ඥානය, චුතූපපාත ඥානය, පූර්වේනිවාසානුස්සති ඥානය, දිව් ශ්රොa, දිව්යචක්ඛු ඥාන මෙවන් ඥානයන් අවබෝධ කරගත් හේතුවෙන් මහා සංඝරත්නය ඥානපටිපන්න ගුණයෙන් යුක් වෙනවා. සංඝරත්නය සිතන සෑම සිතිවිල්ලක් පාසාම ඥානයන් අවබෝධ කර ගැනීමේ දිශාවටමයි ගමන් කරන්නේ. අනිත් දෙය අනිත් වශයෙන්ම දකිනවා. දුක දෙය දුක වශයෙන්ම දකිනවා. අසුභ දෙය අසුභ වශයෙන්ම දකිනවා. අනාත්ම දෙය අනාත්ම වශයෙන්ම දකිනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිටතින් සකස් වෙන සෑම සිතිවිල්ලක් එම භික්ෂුවට මාර ධර්මයක්මයි. එම භික්ෂුව දැන් දුක නිවීමට හේතු නොවෙන දේවල් ගැන සිතන්න කැමති නැහැ. මොකද ඡන්දය දුක නිරෝධයයි. එපා කියලා අතහැරල ආපු කාමයත්, අසුභයයි කියල අතහැරල පැමිණි රූපයත්, විදර්ශනාත්මක නුවණින්මයි දකින්නේ. ගිහි පිංවතුන්ලාගේ ලබන ගෞරවණීය, වන්දනීය ප්රතිචාරයන් ඉදිරියේ මේ සියල්ල අනිත් වන සංස්කාරයන්ගේ ඵලයක් වශයෙන්ම දකිනවා. එම භික්ෂුව ලැබෙන ගෞරවයන් පිළිගනිමින් ඒවාට බැඳී යන්නේ නැහැ. සතර සතිපට්ඨාන ධර්මයන් තුළ සිත පිහිටලා කාය, චිත්ත, ධම්ම, වේදනාවන් විදර්ශනා නුවණින් දකිනවා. ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ එම භික්ෂුවගේ සතිය සිහිය බොහෝම තියුණුයි. එම භික්ෂුවට අරමුණු වෙන්නාවූ සෑම රූපයක් අනිත්යයයි කියල දකිනවා. අනිත්යයයි කියල දකින සිතත් අනිත්යයයි කියලමයි දකින්නේ. වෙහෙසක් නැහැ ආයාසයක් නැහැ. ධර්මය තුළින් ධර්මයමයි දකින්නේ. ධර්මය තුළින් ධර්මය දකින තැන එම භික්ෂුව තුළ සම්මා ඥාන සකස්වීමට හොඳ තෝතැන්නක් වෙනවා. 
 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....