Wednesday, March 29, 2017

යශෝදරා...

 

ඇය එතැන සිටියාය... ඇය සුමිත්තා විය... අයිතිවාසිකම් නොපතා නිවනම පැතුවාය...

 

ඒ දීපංකර සම්බුදු රදුන් මහා සඝ ඝන පිරිවරා වඩිනා මොහොතයි...මුහුණ පුරා රැවුල් වැවු තවුසෙක් මඩ ගොඩක වැතිරී ගෙන සිටියි..ඒ තවුසාණන් මහා හඩින් ඒ රන් කදක් මෙන් වඩින සම්බුදු රදුන්ට ඇරයුමක් කරයි...එය එසේ මෙසේ ඇරයුමක් නොවන්නේය..""ස්වාමින් ඔය රෝස පැහැ සිරිපතුල් පද්මයන්හි මඩ නොතැවරේවා!!! මගේ පිට මත්තේ වඩීවා...දීපංකර සම්බුදු රජාණෝ මෙි අභීත වචන කියන්නේ කවුදැයි විමසන්නෝය....ඒ සම්බුදු නුවණට ගෞතම නම් සම්බුදු රජෙකු හසුවන්නේය...මෙි දැන් තමන් ඉදිරියේ සිටින්නේ ඒ වීර පුරුෂරත්නයයි...එදා දීපංකර සමුබුදු රදුන් සියල්ලන් ඉදිරියේ සිංහනාද කලෝය... මෙි තවුසා මතු බුදු වන්නේය... ගෞතම නමින් තුන්ලොව වසග කරන්නේය....

 

මේ සියල්ල සිදු වන අතරෙ එතැන් එක් සුන්දර යුවතියක් සිටියාය ඇය සුමිත්තාය...සම්බුදුන් පුදන්නට ඇය අත උපුල් මල් මිටි 8කි...ඇය එදා එතැන සිදු වූ සියල්ල දුටුවාය...කිසිවෙකුටවත් නොදැනී ඇය සිතින් පැතුමක් පැතුවාය...""අනේ මටත් ඉපදෙනා හැම වාරයකම මෙි මහා වීර පුරුෂයා සමග ඉන්නට ඇත්නම්""....සියල්ලන් බලා ිටියදී ඇය දීපංකර සම්බුදු රදුන් පා මුල වැද වැටුනෝය...ස්වාමීන් මට ඔබ වහන්සේට දේන්නට දෙයක් නැත..මං ගෙනා මෙි මල් මිටි 8න් 5ක් ඔබ වහන්සේට පූජා වෙිවා....ඉතිරි මල් මිටි 3 මෙි මහා වීර තවුසාණන්ට පූජා වෙිවා...කියා ඇය මල් මිටි 3ක් සුමෙිධ තවුසාණනන්ට පූජා කොට රහසේම පැතුමක් පතන්නීය...මා සසර පුරාවට ඔහුගේම වෙිවා.....එතැන් පටන් ලොවක් සුවපත් කල මහා පොළොවක් කම්පා කල සුන්දරම ආදර කතාව ඇරඹෙන්නේය...එතැන් පටන් ඇයට සසරේදී අන්නත දුක් විදින්නට සිදු වන බව දැන දැනත් ඇය ඔහුවම පැතුවාය...එතැන් පටන් ඔහු ඇයගේම විය....ඔහු සද්දන්ත හස්තියා වන විට ඇය සුභද්දා ඇතින්නියයි...ඔහු සදකිදුරා වන විට ඇය  ප්‍රේමණිය කිදුරියයි....ලේන කුලේ ඔහු උපන් විට ඇය ද ලේනිය වී ඔහු පසු පසය...ඔහු වෙනුවෙන් ඇය අනන්ත දුක් වින්දේය...ඒත් ඇය වචනයකින්වත් ඔහුගේ සිත නොරිද්දුවාය...වෙසතරු වතෙහි ඔහු දරුවන් දන් දෙන්නේය...ඇය දරුවන් විමසන්නීය...මා දරු දෙදෙනා දන් දුන්නේය ඔහු කියන්නේය...ඇය සිහිසුන් වන්නීය...ඇය නැවත නැගිටින්නීය...""ස්වාමීන් මගේ දරුවන් කොහිද""..."ප්‍රියාවෙනි දරුවන් දන් දුන්නේය"...ඇය නැවත සිහිසුන් වන්නීය....පිස්සියක් සේ හඩන්නීය...ඒත් ඇය වචනයක්වත් නොකියන්නීය....ඔහු ඇයවද දන් දෙන්නේය...ඒත් ඇය නිහඩය.....ඇය ගැලපුනේ ඔහුටම පමණි...සසර පුරාවට ඇය ඔහුව රැක්කේය...ස්වාමීනි මෙි සසර පුරාවට මා ඔබවහන්සේත් සමග පැමිණියෙමි...සසර පුරාවට මා අතින් යම් වරදක් වූවානම් සමා වුව මැනවි...අවසන ඇය අවසන් වරට ඒ සිරිපතුල් වැන්දාය...සාරඅසංඛ්‍ය කල්ප ලක්ෂයක්  පුරාවට මහපොළොවද කම්පා කරවූ ඒ අසිරිමත් ප්‍රෙම වෘතාන්තය...ලොවක් සුවපත් කලෝය...යශෝදරා....ඇය සසර පුරාවටම ඔහුගේම විය....ඇය ගැලපුනේ ද ඔහුටම පමණි...ඔහු ගැලපුනේද ඇයටම පමණි...පෑව සෙනේ ඔබ මිස වෙන නැති යශෝදරා...

 

***බ්‍රහ්මදේව නම් බුදුන් දවස මනොප්‍රනිධානය ආරම්භ කළ භවයේ පටන් යශෝධරා දේවියද නොයෙක් ආත්මභාවයන් ලබමින් බෝධි සත්වයන් වහන්සේ දීපංකර බුදුන් ගෙන් නියත විවරණ ලැබුවාසේම විවරණ ලබන ලදී ...ඒ සඳහා දීපංකර බුදුන් වඩින මඟට ගොස් මානෙල් මල් අට මිටක් පුදා සුමේධ තවුසන් බුදුවන භවයේ යස්හදරා දේවිය වීමටත් ,රාහුල නම් පුතණුවත් තම කුසින් වඩා දීමට ප්‍රාර්ථනා කාලය ... බුදුරදුන් නියත විවරණ දී වදාළ සේක ...දීපංකර බුදුන් දවස යශෝදරා දේවිය සුමිත්‍රා නම් පරිබ්‍රාජිකාවක ලෙස පැවිදිව සිල් රක්ෂා කරමින් සිට නියත විවරණ ලබන ලදී ....

 

 

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ

යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා

පෙර සංසාරේ ඇසුර මතක් වී...

 

ලේන කුලේ සිට ආගිය මඟ තොට

සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ

පසු පස ආවා සෙවනැල්ලක් වී...

 

තැලී සෙනේ සිත සැලී හඬන විට

වැටී දෙපා ලඟ යශෝදරාවෝ

පිපී නිවන් මල් සාධුකාර දීනිවී පහන් විය උදෑසනක් සේ..

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, March 13, 2017

උපන්දින කේක් ගෙඩියේ සැඟවුණු මාරයා : Danger of Food Colouring (READ CAREFULLY)

 

 

උපන්දින කේක් ගෙඩියේ සැඟවුණු මාරයා : Danger of Food Colouring

                      අම්මි  ගොඩාක් ආදරේ හින්දයි......

 

 

 

පහල ගෙදර චූටි බබාගේ උපන්දිනේ..වටපිට ඉන්න තවත් ඒ වගේ සුරතල් පැටව් නෑදෑයෝ වටකරගෙන හරිම ලස්සන සාදයක්..

 

හැමෝගෙම හිත ඇදිලා ගියේ ගේ මැද්දේ ලස්සනට තියපු උපන්දින කේක් ගෙඩියට..සුරංගනා කතාවේ රාජ කුමාරි කේක් ගෙඩියක් වෙලා කුමාරිගේ ලස්සන පාට පාට තට්ටු තට්ටු ගවුම ඒ විධියටම හැඩ  කරලා චූටිට තියෙන ආදරේ වැඩිකමට….

රතු පාට..නිල් පාට..කහ පාට..කේක් ගෙඩිය කපන තුරු පුංචි උන්ට ඉවසිල්ලක් නැහැ..කේක් කන්න නෙමෙයි..පාට පාට  අයිසින් ටික තරඟෙට කන්න....

 

''ආනේ හරි ලස්සන කේක් ගෙඩිය..කොහෙන්ද ගත්තේ මගේ බබාගේ උපන්දිනේ එන සතියෙනේ..''

 

එහෙම අහන්නේ තවත් අම්මා කෙනෙක්..

 

''ඔයා දැක්කේ  නැද්ද ගිය මාසේ අපේ බබාගේ කේක් එක?'' තව අම්ම කෙනෙක් ලඟදි පැවතුනු සාදය ගැන කතාව.....

 

 උපන්දිනේ අවුරුද්දට එක දවසක්  කියා හිතුවත් දැන් බලාගෙන ගියාම මාසෙකට පාට පාට කේක් කැපෙන සාද දෙක තුනකටවත් මේ පුංචි එවුන් යන පාටයි.. ඒ විතරක් යයි.....   පෙර පාසැලේ දරුවන්ගේ උපන්දින වලට සතියට දෙතුන් වතාවක්වත් පාට පාට අයිසින් කේක් වරදින්නේ නැහැ ..

සාදය මැද්දේ යන අතුරු කතාවක්..පෙර පාසැලේ චුටි දුවක් ගැන..

 

''දන්නවද අර ''අරලියා'' පන්තියේ සෙනාලි බබා..ආයේ අසනීප වෙලා මහරගම ගෙනිහින්..ලේ පිලිකාවක්ලු.. ''

 

''අයියෝ අහනකොට බයත් හිතෙනවානේ..මොකද බබා..යන්නකෝ සෙල්ලම් කරන්න ආ මෙන්න ඔයාට රතු පාට කේක් කෑල්ලක්, ෂෝයි නේ?''

 

අද වන විට පිළිකාව පැතිර යන්නේ සෙම්ප්රතිශ්යාව කැස්ස හා සමාන වේගයට. ළමයින් සඳහා වන පැණිරස ආහාර, කෘත්රීම බිම වර්ග, කේක් සඳහා යොදා ගන්නා  ආහාර වර්ණක ලමා පිළිකා සඳහා ප්රධානම  හේතුවක් බව මේ වන විට සොයාගෙන තිබෙනවා..

 


පිළිකා පමණක් නොවෙයි තවත් ඒ හා සමාන ළමයින්ට බලපාන රෝග ගණනාවකම හේතු කාරකය උපන්දින කේක් කැබැල්ලෙන්..පාට පාට ජෙලි, පෑන් කේක් සහ වෙනත් අතුරුපස වර්ග වලින් දරුවාට අම්මාගේ ආදරයත් සමඟ ලබා දෙන බව ඔබ දැන සිටියාද?

 

විවිධ වර්ණ වලින් කුඩා  බෝතලයක අසුරා, කෘතීම සුවඳ ඔබ්බවා සුපර් මාර්කට් රාක්කයෙන් ඔබ අතට එන ආහාර වර්ණක වල අඩංගු මොනවාදැයි  ඔබ දන්නවාද?

 

බොරතෙල් මගින් ඛනිජතෙල් නිෂ්පාදනයේදී ඇතිවන ප්ලාස්ටික් වලට සමාන අතුරුපලයක් (unrefined petroleum) යොදා ගනිමින් නිපදවෙන ආහාර වර්ණක ලේබලයේ අවාසනාවකට ඒ සම්බන්ධව ලියවෙන්නේ නැහැ

 

දරුණු පිළිකා කාරක අඩංගු බවට ඇති මහා පරිමානයේ සාක්ෂි නිසාම දියුණු රටවල ලේබලයේ මේ බව සඳහන් කිරීම නීතිමය කටයුත්තක් වුනත් අදටත් බොහෝ රටවල සිතා මතාම මේ බව නොසලකා හරිනවා.. ආහාර සම්බන්ධ නීති රීති තදින්ම  ක්රියාත්මක වන ඔස්ට්රියා සහ නොර්වේ යන රටවල ආහාර වර්ණක සම්පුර්ණයෙන්ම නීතියෙන් තහනම් කර තිබෙන්නේ මේ හේතුව නිසා..

 

ලංකාව සහ ඉන්දියාව වැනි ආහාර ප්රමිතියක් නැති   ආසියානු රටවල භාවිතා වන ආහාර වර්ණක වෙනත් රටවලටත් වඩා පහත් මට්ටමේ  පවතින බවත් , පිළිකා කාරක සහ වකුගඩු රෝග වලට මුල් වන විස රසායන වලින් සංතෘප්ත බවත් පැවසෙනවා.  

 

පුංචි ළමයින් වැඩියෙන්ම කැමති පාටවල් වන්නේ රතු සහ කහ. මේ පාට දෙක සැකසීමට ගන්නා  වර්ණක වල පිළිකා කාරකයක් ලෙස ලොවම හඳුනන benzene අඩංගු වෙනවා

 

කේක් වර්ග, බූන්දි වැනි  පැණි රස ආහාර සහ බිම වර්ග සඳහා රතු සහ කහ වර්ණ වර්ණක නැතිවම බැහැ. පුංචි සුරතලාගේ මාරයා ඔහුට/ඇයට   උපන් දින කේක් කැබැල්ලෙන්, පාට පාට අතුරුපසින්, අයිස් පලමෙන් ආදරයත් සමඟ ලබා දෙන්නේ ඔබම බව දැන් වැටහෙනවා නේද?

 

''ඉස්සර ළමයි වගේ නෙමෙයි දැන් ළමයින්ට හරිම විසේ..''

 

අම්මලා නිතර කියන කතාවක් මේ.. හැසිරීමේ අසාමාන්යතා  ඇති කරන  Attention Deficit Hyperactivity Disorder (ADHD) නමැති රෝගය අද වන විට ලොව පුරා දෙමව්පියන්ට මහත් හිසරදයක් වෙලා. මොලයේ ක්රියාකාරිත්වයට සම්බන්ධ ඩොපමින්  නම් රසායනයේ ඇති අසමතුලිත බවක් නිසා හැසිරීමේ වෙනස්කම් ඇතිකරන මෙම රෝගයට හේතුව කුඩා දරුවන්ට  පැණි රස ආහාර සමඟ කැවෙන ආහාර වර්ණක බව අද වන විට සොයා ගෙන තිබෙනවා.

 

''දැන් ඉන්න පුංචි  එවුන් හරියට පැහිලා..අපේ කාලේ අපි දන්නෙවත් නැති දේවල් උන් දන්නවා..''

 

''කන්දේ උඩ  ගෙදර චුට්ටි ලොකු ළමයෙක් වෙලා දන්නවද? පව් අප්පා කෙල්ලට කෙල්ලට තාම අවුරුදු නමයක්වත් නැහැ ''

 

මේ වගේ කතා බහ අද වෙනකොට හරිම සාමාන්යයි..නමුත් මේ මට්ටමට දරුවන් පත් කලේ තමන්ම බව දෙමව්පියන් නොදැනීම අපේ කාලේ දෙමව්පියන්ගේ ඛේදවාචකයක්..පාට පාට අයිසින් කේක්, රස කැවිලි මගින් දරුවන්ට ලිංගික හෝර්මෝන නොදැනුවත්වම ලබා දෙන්නේ ඔබ විසින්මයි.

 

කහ සහ රතුපාට  ආහාර වර්ණක තුල ඊස්ට්රජන් නමැති ලිංගික හෝර්මෝනය අඩංගු බව පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. ඊට අමතරව කුකුලන්ට, ගවයන්ට, හරකුන්ට  ලබා දෙන හෝර්මෝන නිසා සියලුම මස් සහ මස් නිෂ්පාදන මගින් දරුවන්ට අධික ලෙස ලිංගික හෝර්මෝන ඇතුළු වෙනවා..මේ නිසා තමයි වයසට පෙර ඔවුන්ට ලිංගික පර්යේෂණ කිරීමේ අවශ්යතාවයන් සහ අඩු වයසින් වැඩි විය පැමිණීම සිදු වෙන්නේ..

 

 

ආහාර වර්ණක දරුවන්ට පමණක් නොවෙයි වැඩිහිටියන් ඇතුළු සියලු දෙනාටම මාරාන්තික පිළිකා ඇති කරන සුළුයි.පහත සටහනේ දැක්වෙන්නේ ඒ ඒ  වර්ණ මගින් ඇතිවෙතැයි සොයාගෙන ඇති විශේෂිත පිළිකාවන්.

 

 

නිල්:

 

Brilliant Blue: වකුගඩු පිළිකා, වකුගඩු අක්රියවීම

Indigo Carmine Blue: මොලයේ  පිළිකා

 

රතු:

 

Citrus Red:  මුත්රාශයේ පිළිකා

Erythrosine: තයිරොයිඩ් ග්රන්තියේ පිළිකා (අධික විෂ නිසා තහනම් කර ඇති වර්නයකි)

Allura Red: ශරීරයේ ඕනෑම ස්ථානයක පිලිකා  ඇති කල හැක. ඉහත සඳහන් කල දරුවන්ගේ හැසිරීමේ රෝග සඳහා හේතුවන්නේ මෙම වර්ණයයි. ප්රතිශක්තිය දුර්වල කරයි.

 

කොළ:

Fast Green:  මුත්රාශයේපිළිකා

 

කහ:

 

Tartrazine yellow සහ Sunset Yellow : ශරීරයේ ඕනෑම ස්ථානයක පිලිකා  ඇති කල හැක. ඉහත සඳහන් කල දරුවන්ගේ හැසිරීමේ රෝග සඳහා හේතුවන්නේ මෙම වර්ණයයි. ප්රතිශක්තිය දුර්වල කරයි.

 

වෙළඳපොලේ ආහාරයට වර්ණක අවශ් ඇයි?

 

කල් තබා ගැනීමට

ආහාරයේ සැබෑ ස්වරුපය වසා ගැනීමට

ආහාරයේ අඩංගු නොවන ගුණයක් ඇති බව පෙන්වීමට

කල් ගත වනතුරු රසය පවත්වා ගැනීමට

අලංකාර  පවත්වා ගැනීමට  

 

 

නමුත් ගෙදරදී නම් කුඩා දරුවාට තමන් අධික ලෙස ආදරය කරන බව පෙන්වීම සහ අන් අය අතර කැපී පෙනීමයි..ආදරයේ නාමයෙන් ඔබේ සිඟිත්තාට ඔබම මරු කැඳවනවාද ? තීරණය ඔබ සතුයි.


නිවසේදීම ස්වභාවික ආහාර වර්ණ සකසා ගන්න ආකාරය ඊළඟ ලිපියෙන් 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, March 2, 2017

නිවනම අරමුනුකරගනිමින් ඉදිවන යෝගාශ්‍රමයක් සඳහා ඔබගේ අධාරය අවශ්‍ය වේ ඇත

Hi,

Within the 6~7 months, the aranyaya has been brought to a reality from the idea. Added to the two "Bhikshu Kuti" constructed for last year "was season", another bhikshu kuti, the dharma shala, dana shala, dormitories and wash rooms are at their final stage of construction. Over 300 devotees observe sil on poya days and over 40 yogis attend 3-5 day residential programs with the available minimum facilities.

Much merits for those who contributed towards this worthy case. If anyone missed to contribute, or like to contribute more, you can help complete the aranyaya soon.

With Meththa

Kithsiri

These are few pictures I took last Sunday.

 

 

 

 

 

 

Third "Bhikshu kuti" constructed in the "outer seema"

 

Ground floor of female dormitory is completed and the upper floor under construction as the ground floor is overcrowded when there are residential programs…

 

 

Male dormitory is under construction on the "dana shala"…

 

"Dana shala" is almost completed is being used now…

  

 

"sakman malu"

 

This ground was being prepared for a new set of "sakman malu"

 

 

 

 

 

From: Kithsiri Samaranayake
Sent: Wednesday, September 28, 2016 5:17 PM
Subject: RE:
නිවනම අරමුනුකරගනිමින් ඉදිවන යෝගාශ්‍රමයක් සඳහා ඔබගේ අධාරය අවශ්‍ය වේ ඇත

 

Hi Friends in Dhamma,

Some update about the work in progress on aranyaya construction found @ නිවන මේමොහොතේදීම යෝ. සමාජිකත්වය ලබාදීම හා ඉදිකිරීම් කටයුතු පිළිබද කරන ලද වැඩ සටහන 02 (2016 09 17) - Duration: 2 hours, 59 minutes.

Those who contributed or want to contribute, can get an idea about the work going on there.

If you haven't contributed yet and willing to donate towards this, please handover it to me or Amaranath(amnalk) before this Friday.

With Metta

Kithsiri

·          

නිවන මේමොහොතේදීම යෝගාශ්‍රමය

නිවන මේ මොහොතේදීම අත්දැකිය හැක්කක්, අත්විඳිය යුත්තක් බව අනාත්මයෙන් අවබෝධවුනාවූ පිංවතුන් වෙනුවෙන් නිරෝධවුනාවූ මෙම සංඥා කිසිවක් මම නොවේ / මගෙ නොවේ / මගෙ ආත්මය නොවේ.

http://www.nibbananibbana.com

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.