Wednesday, April 29, 2015

ඔබ උදෙසාම ....

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, April 28, 2015

The fact remains that....

 

 

There can be a relevance of these two incidents or not… However the fact remains that, even their god doesn't like the sacrifice of innocent animals, and that event has done no good for the devotees…

 

http://www.lankadeepa.lk/index.php/articles/312361

නේපාල භූකම්පනයට පෙර සත්තු දහස් ගාණක් මරලා

2015 අපේ‍්‍රල් මස 27 21:18:36 | අකිල බද්දෙවිතාන

නේපාලයේ සිදුවූ භූකම්පනයට පෙර නේපාල හින්දු ජනයා අතර ප්‍රචලිත ලොව විශාලතම සත්ත්ව බිලි පූජාව ලෙස සැලකෙන ගාධිමායි උත්සවය පැවැත්වූ බව විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි.

එම උත්සවය වෙනුවෙන් බරියාර්පූර්වල ස්වායම්බූනාත් කෝවිලට පැමිණෙන හින්දු ජනයා හරකුන්, කුකුළන්, මීයන්, පරවියන් හා ඌරන් ඇතුළු සතුන්ගේ බෙලි කපා ලේ තුළින් ශුද්ධත්වය ප්‍රාර්ථනා කරති. තම ජීවිතයට සුබදායීත්වය බලාපොරොත්තු වෙති.

2015 වසරේ එම උත්සවය පසුගියදා පැවති අතර එහිදී මීහරකුන් 5000කට වැඩි ප්‍රමාණයක් බෙලි කපා ඝාතනය කර ඇතැයි කියති.

මෙය සිදුකරන ස්වායම්බූනාත් කෝවිල් පරිශ්‍රය පසුගියදා ඇතිවූ භූකම්පනයෙන් විනාශවී සුන්බුන් පමණක් ඉතිරි වූ බව බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.

මේ වන විට නේපාලයේ කත්මණ්ඩු නුවර ආශ්‍රිතව ඇතිවූ භූකම්පන තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 3600 ඉක්මවා ඇතැයි එරටින් වාර්තාවේ. 

කෝවිල විනාශයට පෙර

කෝවිල විනාශයට පසු

 

 

වීඩියෝ දර්ශන තුළ සංවේදී දසුන් ඇති බව කරුණාවෙන් සලකන්න.

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, April 27, 2015

අතහැරීම තුළ ඇති සැහැල්ලු සුවය අත්විදීමට ඔබට හැකිවේවි.

 

 


සම්පූර්ණ ලිපි මාලාව - www.maharahathunwadimagaosse.org

--


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

What Happens When You Ask The Internet To Photoshop Your Vacation Photos

 

http://www.boredpanda.com/photoshop-eiffel-tower-tourist-photo-sid-frisjes/?utm_source=newsletter&utm_medium=link&utm_campaign=Newsletter

 

Be very careful when you ask someone on the Internet to photoshop something for you, because you might just get what you asked for. That’s what happened to Dutch food blogger Sid Frisjes when he took a gag tourist photo of himself trying to touch the top of the Eiffel Tower and asked the online 4chan community to Photoshop it for him. “Can someone photoshop the eifeltower under my finger?” he asked.

The Photoshop “experts” replied with various interpretations of Frisjes’ request, each more hilarious, creative and bizarre than the last.

More info: 4archive.org | Instagram (h/t: petapixel, mott)

Sid Frisjes took this photo when in Paris

He asked the 4chan community to fix it so the Eiffel tower would be under his finger…

…and they delivered:

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, April 26, 2015

මහරහතුන් වැඩි මග ඔස්‌සේ

 

තර අපායෙන් මිදෙමු 117 කොටස
රාග සිතකින් උපදින කල්පාන්තරයක දුක එක විදර්ශනා සිතකින් නිවා දමන්න

භික්‌ෂුව එක ආරණ්‍යයක වැඩසිටිනකොට එහි ලොකු මල්පෝච්චිවල සිටවපු මල්ගස්‌ පහළොවක්‌ පමණ තිබුණා. ඉඩෝර කාලය පැමිණි නිසා ඒවාට වතුර දැමීමට අවශ්‍ය වුණා. ආරණ්‍යයේ කැපකරු එම කටයුත්ත භික්‌ෂුවට පැවරීමට උත්සාහ ගත්තා. භික්‌ෂුව එයට අකමැති වුණා. අකමැත්ත ප්‍රකාශ කළ මොහොතේ පටන්, එම කැපකරුවා භික්‌ෂුව සමග ගැටෙන ස්‌වභාවයට පැමිණියා. පසුදින භික්‌ෂුව දානශාලාවේදී කැපකරු මහතාට යම් ආහාරයක්‌ පිළිගන්වන්න යෑයි කියා සිටියදී, ඔහු එය නොඇසුනාක්‌ මෙන් මගහැර ගියා. ඔහුට අවශ්‍ය වුණේ, භික්‌ෂුව සමඟ ආරවුලක්‌ ඇතිකොට ගැනීමටයි. පසුදා පටන් භික්‌ෂුව එම මල් පෝච්චි පහලොවට වතුර දැම්මා. කැපකරු ගැටෙන ස්‌වභාවයෙන් මිදුණා. වැසි කාලය පැමිණි නිසා භික්‌ෂුවට එම කාර්යය සිදුකිරීමට සිදුවූයේ මාසයක්‌ පමණයි. මේ කැපකරු මහතා නිසා එම ආරණ්‍යය හැරගිය ස්‌වාමින්වහන්සේලා කිහිපනමක්‌ම අතීතයේ සිටි බව භික්‌ෂුවට පසුව ආරංචි වුණා. මෙවැනි මාර බලයක්‌ අප ජයගැනීමට දක්‌ෂ නැතිනම්, මේවා සමග ඇලීම ගැටීම නිසා විසිරුණු සිතක උරුමය ඔබට ලැබෙනු ඇත.

මෙවැනි විසුරුණු සිතක උරුමයයි (ඉකුත් සතියේ ලිපියේ සදහන්වූ) කුටියට පැමිණි තරුණ ස්‌වාමින්වහන්සේට තිබුණේ. මාරයාව අවබෝධ කර ගැනීමට අවශ්‍යව තිබියදී මාරයාව ගැටෙන ස්‌වභාවයට ගිහිල්ලා වටිනා වස්‌ කාලයක්‌ උන්වහන්සේ අවුල් කරගත්තා. භික්‌ෂුව එම ස්‌වාමින්වහන්සේට දැනුම් දුන්නේ 'ඔබ ඔය සකස්‌වෙන සිත නිත්‍ය වශයෙන් ගන්න එපා' ඔබවහන්සේ ඔය ගැටෙන සිතට බැඳී ගිහිල්ලයි තියෙන්නේ. ඔබවහන්සේ මේ මොහොතේ අධිෂ්ඨානයක්‌ ඇතිකොට ගන්න, ඔබවහන්සේ හොඳම වස්‌ කාලය මේ වස්‌ කාලයයි කියලා. අතීතයේ වෙච්චි හැම දෙයක්‌ම අතීත පංචඋපාදානස්‌කන්ධයක්‌ හැටියට දැකලා අමතකකොට දමන්න. මුලින්ම ඔබ කැපකරු ජයගන්න. කැපකරු ජයගතහොත් පමණයි ඔබට මාරයා ජයගන්න මාර්ගයට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්නේ. එතෙක්‌ ඔබ මාරයාටම අයත් සිතුවිලි සමඟ, මාරයා ජයගැනීමේ නිරර්ථක සටනකයිs නියෑලී සිටින්නේ. උන්වහන්සේ සතුටු සිතින් උන්වහන්සේගේ හුදෙකලා කුටියට නැවත වැඩියා.

ධර්මයේ අර්ථයක්‌ නොදත් මනුෂ්‍යයෝ ආගමක්‌ සරණ යන්නේ ලෝකය තුළ තිබෙන අනතුරුවලින් මිදිලා ආරක්‌ෂාවක්‌, සැනසිල්ලක්‌ බලාපොරොත්තුවෙන්. මෙවැනි මනුෂ්‍යයන් අතර සමහරු සිටිනවා රාගය, ආගමක්‌කොට ගත්ත ඔවුන්ගේ ආගම තමයි රාගය. ඔවුන්ගේ විමුක්‌තියත් රාගය. රාගයෙන් ලබන විමුක්‌තියෙන් පිට විමුක්‌තියක්‌ ඔවුන් දකින්නේ නැහැ. 

එක තරුණයෙක්‌ සිටියා ඔහු බොහොම රාගික සිංහල බෞද්ධ තරුණයෙක්‌. පාසල් වියේදීම අසම්මත ප්‍රේම සම්බන්ධතාවයක්‌ ඇතිකොට ගන්නවා. ඔහු මේ කිසිම ඇසුරකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. අවසානයේ මොහුට මොහුගේම රාගයට ගැලපෙන තරුණියක්‌ මුණගැසෙනවා. ඇය අන්‍යාගමික තරුණියක්‌. මේ සිංහල බෞද්ධ තරුණයා වෙනත් ආගමකට බැඳී ඇයව විවාහ කර ගන්නවා. බලන්න අවසානයේ ඔහුගේ ආගම වුණේ රාගයයි.

මේ වගේම සිංහල බෞද්ධ තරුණියක්‌ සිටියා. ඇයත් අධි රාගික චරිතයක්‌. ඇය කිසිම සිංහල බෞද්ධ තරුණයෙක්‌ ගෙන්වත් තෘප්තිමත් වුණේ නැහැ. අවසානයේ ඇයට ඇයගේ රාගයට ගැලපෙන අන්‍යාගමික තරුණයෙක්‌ මුණගැසෙනවා. ඇය එම ආගමට බැඳී එම තරුණයාව විවාහකොට ගන්නවා. මේ අයගේ ආගම, විමුක්‌තිය තමයි රාගය. 

රාගය ආගමකොටගත් සමාජයක ජීවත් වෙච්ච මනුෂ්‍යයෙක්‌ සිටියා. ඔහු කන්ද උඩරට ප්‍රදේශයේ ජීවත්වුණ කෝටිපති මහත්මයෙක්‌. ඔහුගේ ජීවිතයේ අංක එක ලැබුණේ රාගය. අංක දෙක ලැබුණේ ව්‍යාපාරයට අංක තුන ලැබුණේ පිංකම්වලට. අනුපිළිවෙලට සටහන් තැබුවත් මේ කාරණා තුන ඔහු සමබරව කරගෙන ගියා. මොහු මීට වසර 25 කට පෙරාතුව නුවර ප්‍රදේශයේ විහාරස්‌ථානයක විශාල බුදුපිළිම වහන්සේ නමක්‌ තම ධන පරිත්‍යාගයෙන් ඉදිකොට විවෘත කරනු ලැබුවා. විවෘත කිරීමේ පිංකමට ඔහු රැගෙන ඇවිත් තිබුණේ මඟුල් බෙර කණ්‌ඩායමක්‌, වෙස්‌ නැටුම් කණ්‌ඩායමක්‌ නොවේ. රාත්‍රි සමාජ ශාලාවල රංගන ඉදිරිපත් කරන කොට කලිසම් ඇඳගත්ත නාට්‍යාගංනාවන් දෙදෙනෙක්‌. 

ඊටම ගැලපෙන සංගීත කණ්‌ඩායමකුත් සිටියා. පන්සල මොහොතකට සමාජ ශාලාවක්‌ වුණා. රැස්‌ව සිටි තරුණ පිරිස්‌ සතුටින් කාමච්ඡන්දයන් විඳලා අකුසල් සිදුකොට ගත්තා. එහි සිටි වැඩිහිටි උපාසක පිරිස මේ අශෝභන සිද්ධිය ගැන ගැටිලා අකුසල් සිද්ධකොට ගත්තා. පන්සලේ ස්‌වාමින්වහන්සේලාත් ධානපති මහත්තයාට ඉහළින් කටයුතු කළේ නැහැ. දානපති මහත්තයා සතුටු සිතින් පිංකම අවසන් කළා. පිංකම තුළිනුත් කාමයන් වැඩෙන පරිසරයක්‌ තමයි මොහු බලාපොරොත්තු වුණේ. මේවා වැරදියි කියලා දැක්‌මක්‌ ඔහුට තිබුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ තමනුත් සතුටු වෙලා මිනිසුන්වත් සතුටු කරන්න. මේ දානපති මහත්තයා තම ජීවිතයේදී විවාහයන් කිහිපයක්‌ සිදුකොට ගත් අයෙක්‌. මේ හැම විවාහයක්‌ම සිද්ධකොට ගත්තේ මුල් විවාහය නිත්‍යානුකූල දික්‌කසාදයක්‌ කිරීමකින් තොරවයි. තව අපූරු කතා ගොඩක්‌ ඒ මහත්මයාගේ ජීවිත කතාව තුළ තිබෙනවා. ඒවා මෙහි සටහන් තබන්නේ නැහැ. රාගයට බරව ජීවත්වෙච්ච මේ මහත්මයා පිංකම් වලටත් මුල්තැන දුන්නා. මොහු තම ධනපරිත්‍යාගයෙන් ඉදිකරපු පන්සල් බුදුමැදුරු වල මේ වනවිටත් සියගණනින් මනුෂ්‍යයෝ මල් පහන් පූජා කරනවා. මේ පිළිම වහන්සේ ඉදිරියේ භාවනා කරනවා. මෙසේ ජීවත් වෙලා මේ මහත්මයා රෝගී වෙලා එකතැන් වෙනවා. අවසානයේදී මේ දානපති මහත්මයා තම බිරිඳ සමීපයේදී මරණයට පත්වෙනවා. දැන් ඔබ නුවණින් ගලපල බලන්න මේ මැරිච්ච දානපති මහත්මයා නැවත කොහේ උපත ලබන්නට ඇතිද කියලා හේතුඵල ධර්මයට අනුව ගලපල බලන්න. මේ මනුස්‌සයා අහවල් තැන ඉපදුනාය කියලා ඔබ මේ මොහොතේ ඇති කරගත් උත්තරය වැරදියි. භික්‌ෂුවක්‌ උතුම් සමාධියෙන් අරමුණුකොට බලනවා මේ රාගයට ලැදි පිංකම්වලට ලැදි දානපති මහත්තයා නැවත ඉපදුනේ කොහෙද කියලා. ඒ වෙලාවෙ ඒ ස්‌වාමින්වහන්සේ දකිනවා ඒ මහත්තයා මේ මනුෂ්‍ය සමාජයේම ස්‌ත්‍රිත්වය ලබලා ඉපදිලා. පෙර ජීවිතයේ කාන්තාවන් කිහිපදෙනෙක්‌ විවාහ කරගත් මේ දානපති මහත්තයා වර්තමානයේ කාන්තාවක්‌. දැන් ඔබට සතුටක්‌ ඇතිවෙන්න පුළුවන් මේ දානපති මහත්තයා සතර අපායට වැටෙන්නෙ නැතිව මනුෂ්‍ය කාන්තාවක්‌ වුණ එක වාසනාවක්‌ය කියලා. ඒ ස්‌ත්‍රිත්වය ඇයට කවදාවත් වාසනාවක්‌ වෙන්නෙ නැහැ. මොකද ඇය පිටුපස විපාක දීම සඳහා බලවත් කාමයවරදවා හැසිරීමේ අකුසල් ගොන්නක්‌ තිබෙනවා, ගිsය ජීවිතයේදී දානපති මහත්තයා හැටියට සිදුකරපු. සමහරවිට ඇය තරුණ වියේදීම අසම්මත ප්‍රේම සම්බන්ධයට යොමුවෙලා ජීවිතය විනාශ වෙන්න පුළුවන්. සෑම විවාහයක්‌ම දික්‌කසාදයකින් කෙලවර වෙන්න පුළුවන්. අවසානයේ ගණිකාවක්‌ බවටත් පත්වෙන්න පුළුවන්. ඉහත සිද්ධිය නුවණින් විග්‍රහකොට දකින්න උත්සාහ ගන්නවා. ගිය ජීවිතයේ මේ දානපති මහත්තයා මේ ජීවිතයේදී ස්‌ත්‍රිත්වයක්‌ ලැබුවේ අතීත අකුසල් විපාකය පිණිස සකස්‌කොට මේ ස්‌ත්‍රී ජීවිතයෙන් පස්‌සෙ අනිවාර්යයෙන්ම සතර අපායට වැටෙන්නය කියන කාරණය මතුකොට ගන්න ඔබ දක්‌ෂ වෙන්න. රාගී සිතිවිල්ලක්‌ තුළ සැඟවී තිබෙන අසම්මත බව ගමනේ කර්කෂ කටුක වසන්තය නුවණින් මතුකොට ගන්න දක්‌ෂ වෙන්න. සතුටු වෙමින් අකුසල් රැස්‌ කරන එම අකුසල් විපාක දෙනකොට අකුසල් නිසාම තව අකුසල් මෝදුකොට ගනිමින් දුකට පාර පෙන්වන අවිද්‍යාවේ මාර්ගය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින්ම නිශේධ කිරීමට ඔබ දක්‌ෂ වෙනවා. රාග සිතුවිල්ලකින් සකස්‌ වෙන කල්පාන්තරයක දුක එකම එක විදර්ශනා සිතකින් පරාජයකොට දමන උතුම් ධර්ම මාර්ගයට ඔබත් අර්ථවත්ව අවතීර්ණ වෙන්න.

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, April 23, 2015

අප කළ දෙයම අප පසුපස එනවිට...

 

මහරහතුන් වැඩි මග ඔස්‌සේ - සතර අපායෙන් මිදෙමු 116 කොටස
2015/04/05
අප කළ දෙයම අප පසුපස එනවිට...

ස්‌වාමින් වහන්සේගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා. අපි නිවීමේ මාර්ගයේ ගමන් කිරීමේදී එම ගමන සාර්ථක කර ගැනීමට සුදුසු ස්‌ථානයක්‌ තිබිය යුතුද කියලා. අතීතයේ රහතන් වහන්සේලා දහස්‌ ගණනින් වැඩ සිටි පැරණි ගල්ලෙන් සහිත ආරණ්‍යය ගල්කුටි නිවන් මාර්ගය වැඩීමේදී අපිට හුඟාක්‌ උපකාරී වෙනවා. මෙවැනි පරිසරයන් තුළ නිවිච්ච ස්‌වභාවයක්‌ කැටිව තිබෙනවා. ඒ වගේම හුදකලා වනවාසී කුටි අපේ ගමනට ශක්‌තියක්‌ වෙනවා. එම නිසා අපේ සිත ද ධර්මය තුළ වැඩෙන සුදුසු ස්‌ථානයක්‌ අපි සොයාගත යුතු වෙනවා. මට සුදුසුයි කියන තැනදීම එතැන තෘෂ්ණාව බැසගෙන තිබෙනවා. මොකද මම කැමැති තැනකුයි සොයන්නේ. මෙතනදී ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබට ලැබෙන තැන සුදුසු තැන බවට පත් කොට ගන්න. භික්‍ෂුවට භික්‍ෂු ජීවිතයේදී ලැබුණ හුඟාක්‌ තැන් සුදුසු තැන් නොවේ. නමුත් ලැබුණ තැන සුදුසු තැනක්‌ බවට පත් කොට ගැනීමට භික්‍ෂුව දක්‍ෂ වුණා. අපි හොඳ තැන් සොය සොයා යන්නේ අපේ තෘෂ්ණාව හඳුනා නොගැනීම නිසාම බව සිහියට නගාගන්න. අවම වශයෙන් සතර අපායෙන් මිදෙනතුරු තැන් තැන්වල ඇවිදිමින් ගත කරන්න යන්න එපා. සුදුසු තැන් සොයමින් ආරණ්‍යයෙන් ආරණ්‍යයට, කුටියෙන් කුටියට යන්න එපා. එය බොහෝම අන්තරාකාරී ක්‍රියාවක්‌. එම නිසා කළ්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබෙන විනය කාරණාවන් සුරකෙන සිත නිවෙන තැනක අරමුණ ඉටු වෙන තෙක්‌ නවතින්න. සංචාරකයෙක්‌ කියන තැනින් මිදී, භව ගමන නවතන අරමුණු කෙරෙහි සිත යොමු කරන්න. භික්‍ෂුව කුටියකට ආරණ්‍යයකට වැඩම කිරීමට පෙරාතුව අධිෂ්ඨානයක්‌ ඇති කොට ගන්නවා මේ ආරණ්‍යයේ මාසයක්‌ එහෙම නැත්නම් මාස දෙකක්‌ වැඩ සිටිනවා කියලා. එහෙම අධිෂ්ඨානයක්‌ ඇති කරගෙනයි ආරණ්‍යයට, කුටියට වඩින්නේ. එහෙම වැඩම කරලා, අනිවාර්යයෙන්ම අධිෂ්ඨානය කළ කාලය එහි වැඩසිටිනවා. මොනම අපහසුතාවක්‌ , ගැටලුවක්‌, නොසලකාහැරීමක්‌, පැමිණියත් හැරෙන්නේ නැහැ. ආපසු එන්නේ නැහැ. ඕනෑම අපහසු තැනක්‌ තුළ, මගේ පාඩුවේ මම වැඩ සිටිනවා. මෙතැන තමයි කුටියක්‌ ආරණ්‍යයක්‌ තෝරා ගැනීමේදී භික්‍ෂුවගේ ස්‌වභාවය වුණේ.

භික්‍ෂුව පැවිදි භූමියට පත් වූයේ වයස අවුරුදු 44 දී. ඒ හේතුව නිසාම ආරණ්‍ය ජීවිතයේදී කටුක අත්දැකීම් භික්‍ෂුව ලබලා තියෙනවා. භික්‍ෂුව කොතැන ගියත් මුකුත්ම නොදන්න කෙනෙක්‌ හැටියටයි හැසිරුණේa. දන්නා බවක්‌ පෙන්වන්න ගියේ නැහැ. භික්‍ෂුවට මතකයි එක ආරණ්‍යයකදී පිංවත් ස්‌වාමින්වහන්සේ නමක්‌ කියනවා මේ හාමුදුරුවො වැඩිය කතා කරන්නෙත් නැහැ. මුහුණ දෙන්නෙත් නැහැ. සිවුරු හැරලා යන්නද කොහෙද හදන්නේ කියලා. තැනකට ගිහිල්ලා එතන චරිතයක්‌, වීරයෙක්‌ වෙන්න නොවේ අපට අවශ්‍යය. අපේ නිවීමේ අරමුණ ඉටු කොට ගන්නයි.

භික්‍ෂුවට මතකයි එක ආරණ්‍යයක වැඩසිටිනකොට එහි සාමනේර ස්‌වාමින්වහන්සේලා දහනමක්‌ පමණ වැඩසිටිය. මේ අය ටිකක්‌ දඟකාරයි. මේ ආරණ්‍යයේ සැමදාම රාත්‍රී 7.00 ට වන්දනාව තිබෙනවා. භික්‍ෂුව සාමනේර අවධියේ හැමදාම වන්දනාවේ යනවා. වන්දනාව අවසානයේ පැය 1/2 ක භාවනාවක්‌ තිබෙනවා. භික්‍ෂුව ඇස්‌ දෙක පියාගෙන භාවනා කළා. මේ බුදු මැදුරේ මදුරුවන් සිටින නිසා, මදුරු දඟර පත්තුකොට තිබෙනවා. භික්‍ෂුව භාවනා කරමින් සිටින කොට, භික්‍ෂුවට දැනෙනවා යමෙක්‌ මගේ නාසයට මදුරු කොයිල් දුම අල්ලනවා කියලා. මදුරු කොයිල් දුම මොළය විනිවිද යනවා. ඒත් භික්‍ෂුව ඇස්‌ දෙක ඇරියේ නැහැ. ඒ සාමනේර හිමිවරු ඒ ක්‍රියාව කරලා හිනා වුණා. ඒ අය අදටවත් දන්නේ නැහැ ඒ අය කරපු ඒ ක්‍රියාව භිsක්‍ෂුව දන්නවා කියලා. තවත් දවසක භික්‍ෂුව භාවනා කරනකොට, සාමණේර හාමුදුරුනමක්‌ භික්‍ෂුව පිටිපසට ඇවිත් හිසට ඉහළින් ඇඟිලි පහ දික්‌කරලා, භික්‍ෂුවට අං ඇවිල්ල කියලා පෙන්නලා, අනෙක්‌ සාමනේර හිමිවරු සමග එම විහිළුවට සිනාසුණා. ඒත් භික්‍ෂුව ඇස්‌ දෙක ඇරියේ නැහැ. ඒ අය තාම දන්නේ නැහැ, ඒ අය කරපු විහිළුව භික්‍ෂුව දන්නවා කියලා. තවත් ආරණ්‍යයකදී භික්‍ෂුව දවල් දානය බෙදා ගන්න දානශාලාවට නියමිත වේලාවට වැඩියාම, දානය සියල්ලම පාත්‍රවලට බෙදලා අවසන් කරලා. මට බෙදාගන්න දානය මේසය මත තිබුණේ නැහැ. බත් බේසමේ බත් දංකුඩ තිබුණා. වම්බටු ව්‍යංජනය තිබූ භාජනයේ වම්බටු ටිකක්‌ තිබුණා. මම ඒ ටික සතුටින් බෙදා ගත්තා. දානේ ශාලාවේ දොරකඩින් පාත්‍රය රැගෙන එළියට එනකොට එම ක්‍රියාව සිදු කළ සාමනේර හාමුදුරුවො මගෙන් අහනවා, අද හාමුදුරුවන්ට දානේ නැහැ නේද කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව ප්‍රකාශ කළේ, මම වළඳලා තිබෙන දානයත් එක්‌ක. මේ දානය රාජ භෝජනයක්‌ය කියලා. එහෙම කරලත් භික්‍ෂුව ගැටුණේ නැහැ. මෙවැනි නුසුදුසු තැනුත් භික්‍ෂුව , සුදුසු තැනක්‌ බවට පත් කොටගෙන ජීවත් වුණා. මේ සෑම ක්‍රියාවක්‌ම භික්‍ෂුව ධර්මය හැටියටයි දැක්‌කේ. ධර්මය සමඟ ගැටෙන්න ගියේ නැහැ. සංසාරයේ අපිම කරපු දේවල්, අපි පස්‌සෙන් එනවිට, අපි ඒවා සතුටින් පිළිගන්න ඕනේ. නුසුදුසු තැනක්‌ අපට ලැබුණාය කියන්නේ එය අපේ අකුසල් සංස්‌කාරයන් විපාකදීමක්‌. මෙය අපේම, අකුසල් සංස්‌කාරයක්‌ බව දකින්න දක්‍ෂතාවය තිබෙනවා නම්, අකුසල් නිසා අපි තව තව සුදුසු තැන් සොයමින් ඇවිදින්නේ නැහැ. මොකද අපි සංසාරයේ පැවිදි වෙලා අපේම තැන්වල අපි වැඩසිටිනකොට, අනෙකුත් ස්‌වාමීන් වහන්සේලාට අපි අනේකවිධ බාධාවන් සිදු කොට තිබෙනවා. මේ අකුසල් විපාකයනුයි අපේ පසුපස විපාකය පිණිස පැමිණෙන්නේ. මේ බාධාවන්ම කමටහන් කොටගෙන ධර්ම මාර්ගය ශක්‌තිමත් කොට ගන්න දක්‍ෂවෙන්න.

ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

මහරහතුන් වැඩි මග ඔස්‌සේ - මෑත පලවූ ලිපි

 

මේවා ඇත්තේ විඳින්න,
බැඳෙන්න නොව මිදෙන්නය...

අතහැරීම ගැන කතාකරන විට මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා. හාමුදුරුවනේ ඔබවහන්සේ අතහැරීම ගැන කතාකරනවා. එහෙම අතහැරීම ගැන කතාකරනවා නම් ඔබ වහන්සේ ආරණ්‍යයක කුටියක වැඩසිටින්න බැහැ කැලයේ ගසක්‌ මුලයි ඉන්න ඕනේ කියලා.

මතුපිටින් එම මහත්මයා අහන ප්‍රශ්නය දකින විට එහි සාධාරණ බවක්‌ තිබෙනවා. නමුත් එම මහත්මයා එක අන්තයකට ගිහිල්ලයි ප්‍රශ්නය දකින්නේ. සකුළුදායි කියලා තරුණයෙක්‌ බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනිම ප්‍රශ්නයක්‌ අතීතයේ විමසුවා. එම ප්‍රශ්නය නම් 'භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට ශ්‍රාවකයන්, ගිහි දායක පිංවතුන් ගොඩක්‌ පැහැදිලයි සිටින්නේ. මේ පැහැදීම ඇතිවෙන්න හේතූන් පහක්‌ මම දකිනවා' කියලා සකුළුදායි තරුණයා එම හේතූන් පහ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. එම හේතූන් පහ තමයි, බුදුරජාණන් වහන්සේ අඩු ආහාරයකින් ජීවත්වීම, පාංශුකූල තුන් සිවුරුදැරීම, දුෂ්කර සෙනසුන්වල ජීවත්වීම, පිණ්‌ඩපාතයෙන් පමණක්‌ යෑපීම, හුදෙකලා වනසෙනසුන්වල වැඩසිටීම.

සකුළුදායි එහෙම කියන විට බුදුරජාණන් වහන්සේ ඉහත කාරණා පහ ප්‍රතික්‍ෂේප කරනවා. 'සකුළුදායි ඔබ ඔය කියන කාරණා නිසා නොවේ දෙවි බඹුන් සහිත ලෝකයා මට ගරුකරන්නේ. මම සැමදාම අඩු ආහාරයකින් යෑපෙන්නේ නැහැ. සමහරක්‌දාට මම පාත්‍රයෙන් භාගයක්‌ පමණ දන් වළඳනවා. මම පිණ්‌ඩපාතයෙන් පමණක්‌ නොවෙයි යෑපෙන්නේ. සමහරදාට රජ, සිටු මැදුරුවලිනුත් දානය වළඳනවා. මම පාංශුකූල සිවුර පමණක්‌ නොවෙයි දරන්නේ. පාංශුකූල නොවන සිවුරුත් දරනවා. මම වනසෙනසුන්වල විතරක්‌ නොවෙයි ජීවත්වෙන්නේ. නාගරිකව ජේතවනාරාමය, පූර්වාරාමය වැනි ආරණ්‍යවලත් වැඩසිටිනවා. මම හුදකලා විවේකයෙන් පමණක්‌ නොවෙයි වැඩ සිටින්නේ. ශ්‍රාවක ශ්‍රාවිකාවන්, උපාසක උපාසිකාවන් දහස්‌ ගණන් සමග කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේට දෙවි බඹුන් සහිත ලෝකයා ගරුකරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශීලයට, ඥණදර්ශනයන්ට, අධිප්‍රඥාවට, සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්මයන්ට. මේ කාරණා පහ නිසයි ලෝකයා බුදුරජාණන් වහන්සේට පහදින්නේ කියල බුදුරජාණ වහන්සේ සකුළුදායි තරුණයාට දේශනා කරනවා.

බුදුරජාණන් වහන්සේ තමන් තුළ ඇති ගරු කළයුතු ධර්මයන් වශයෙන් දේශනා කළේ ඉහත ධර්මයනුයි. එම නිසා අපි අපේ ජීවිත තුළින් මතුකරගත යුතු ගරු කළ යුතු ධර්මයන් නිවැරදිව තේරුම්ගන්න. අපේ උතුම් පැවිදි ජීවිත තුළින් අපි උත්සහගන්නේ 'මම එක වේලයි වළඳන්නේ, අඩුපිණ්‌ඩපාතයෙන් යෑපෙන්නේ, මම කැලයේමයි ජීවත්වෙන්නේ, හුදකලාවට පමණක්‌ මයි ප්‍රියවෙන්නේ, පාංශුකූල චීවර පමණක්‌මයි දරන්නේ ' කියන චර්යාවන් තුළින් පමණක්‌ සතුටුවෙන්න නම්, එම සතුට අපේ පැවිදි ජීවිතයේ උතුම්ම සතුට හැටියට දකිනවා නම් අපිත් සකුළුදායි තරුණයා කියන තැනයි සිටින්නේ. එම නිසා අන්තයන්ට නොගොස්‌ මධ්‍යම ප්‍රතිපදාව තුළ අපේ පැවිදි ජීවිත හික්‌මවන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. එහෙම වුණොත් පමණයි අපේ උතුම් ශාස්‌තෘන් වහන්සේ තුළ තිබු උතුම් ඥාණයන්ගේ අඩි පාරේ අපිට යන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපේ උතුම් පැවිදි ජීවිත තුළ අපි සතුටුවිය යුත්තේ 'මම එකවේලයි, මම පාංශුකූලිකයි, කැලයේ පමණක්‌ ජීවත්වෙන්නේ.....' කියන කාරණ තුළ නොවෙයි. අපි සතුටුවිය යුත්තේ ඉහත කාරණා උපයෝගී කරගෙන සත්තිස්‌බෝධිපාක්‌ෂික ධර්මයන් අප තුළ වැඩෙනවා නම් පමණකි. ආර්ය ශීලය, ආර්ය සමාධිය අප තුළ වැඩෙනවා නම් පමණකි.

බුදුරජාණන් වහන්සේ සකුළුදායි තරුණයාට දෙන අවවාදය තුළ 'අතහැරීම කියන්නේ ආරණ්‍යය කුටිය අතහැරල ගසක්‌ යට ජීවත්වීම' කියන අන්තය ප්‍රතික්‌ෂේප වෙනවා. අප අතහැරිය යුත්තේ ආරණ්‍යයවත්, කුටියවත් නොවේ. ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාවයි. මම පාංශුකූල චීවරය දරන්නේ කියල ඔබ පාංශුකූල චීවරය කෙරෙහි තෘෂ්ණාව ඇතිකරගතහොත් එතැනද සකස්‌වෙන්නේ දුකමයි. මම කැලයේමයි ජීවත්වෙන්නේ කියලා කැලයේ හුදකලාවට ඔබ තෘෂ්ණාව ඇතිකරගතහොත් එතැන ද සකස්‌වෙන්නේ දුකමයි. පංචඋපාදානස්‌කන්ධය නැමති මාරයා අපි ධර්ම මාර්ගයේ තබන සෑම පියවරක්‌ම විඳීම කියන අපද්‍රව්‍යයෙන් අර්ථ විරහිත බවට පත්කර දමනවා. එමනිසා මෙම උතුම් නිවන් මාර්ගයේ ගමන් කිරීමේදී වනවාසී උතුම් හුදකලා ජීවිතයත්, එක වේලක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපීමත්, පාංශුකූල චීවරයත් අත්‍යවශ්‍යම සාධක වෙනවා. මේවා අත්‍යවශ්‍යම සාධකයන් විඳීම කියන මාරධර්මයෙන් මුදවා ගැනීමට අපි දක්‍ෂ විය යුතුයි.

 

ඒවා ඒවායේ ස්‌වභාවයෙන් තිබුණා
භික්‍ෂුව භික්‍ෂුවගේ ස්‌වභාවයෙන් සිටියා

භික්‍ෂුවට මතකයි සාමනේර අවධියේදී වරක්‌ ගම්මානයට පිණ්‌ඩපාතය වැඩිය. එය දුෂ්කර ගම්මානයක්‌. බතුයි එළවළුයි පමණයි දානයට ලැබෙන්නේ. පැණි රසක්‌ පලතුරක්‌ ලැබුණේම නැහැ. එදා එක අම්මා කෙනෙක්‌ පාත්‍රයට කේක්‌ කැබැල්ලක්‌ පුජාකළා. භික්‍ෂුව පාත්‍රය උරහිසේ එල්ලාගෙන කැලය මැදින් කුටියට වඩින විට එකපාරටම පාත්‍රයේ තිබෙන කේක්‌ කැබැල්ල මතක්‌වෙලා කෙළ ගිළුණා. භික්‍ෂුව කැලයේ මැද නැවතුනා පාත්‍රය ඇරියා කේක්‌ කැබැල්ල අරගෙන ඈතට විසිකළා. එහෙම කරල මගේ සිතටම තරවටුවක්‌ සිදුකළා 'දැන් පුළුවන් නම් කේක්‌ වළඳන්න' කියලා.

මාර ධර්ම සම්මා සංකප්පයන්ගෙන් සම්මා සතියෙන් පරද්දවන්න ඕනේ. අරමුණු අභිබවා සිතට යන්න දෙන්න නරකයි. කෙලෙස්‌ සිත කියන්නේ නිවන් අරමුණට ප්‍රධානම හතුරාමයි. කේක්‌ කැබැල්ල විසිකළාට පස්‌සේ මම මටම සිනාවෙලා කුටියට වැඩියා.

භික්‍ෂුව එක්‌තරා ආරණ්‍යයක වැඩසිටින විට එම ආරණ්‍යයට ආගන්තුක ස්‌වාමීන් වහන්සේනමක්‌ වැඩියා. උන්වහන්සේට කැලයේ ඈත කුටියක්‌ අවශ්‍ය යෑයි කීවා. එම නිසා ආරණ්‍යයේ ඈතම තිබෙන කුටිය උන්වහන්සේට ලැබුණා. භික්‍ෂුවත් උන්වහන්සේ සමග එම කුටියට වැඩියා කුටිය පවිත්‍ර කරලා දෙන්න. මේ ආගන්තුක ස්‌වාමීන් වහන්සේ කුටියේ තිබුණ සැතපෙන ඇඳ ගැලෙව්වා, මේසය, පුටුව කුටියෙන් ඉවත් කළා. කුටියේ තිබුණ ලන්තෑරුමත් කුටියෙන් ඉවත් කළා. දොරට දමන ඉබ්බත් කුටියෙන් ඉවත් කළා. දැන් කුටියේ තිබෙන්නේ පැදුරයි, කොට්‌ටයයි, ඉදලයි, කොස්‌සයි විතරයි. භික්‍ෂුවටත් සිද්ධ වුණා කුටියෙන් ඉවත් කළ භාණ්‌ඩ ඔසවාගෙන ආරණ්‍යයේ ගබඩා කාමරයට ගෙනැත් දමන්න.

අපි ඉදිරියේ කුටිය සම්පුර්ණයෙන්ම හිස්‌ කරලා මොකක්‌ද මේ ස්‌වාමීන් වහන්සේ අපිට පෙන්නන්න හදන්නේ. 'මගේ අතහැරීම, මගේ ශීලය........' උන්වහන්සේගේ අතහැරීමේ තරම පෙන්වන්නයි උන්වවහන්සේ කුටිය මේ තරමට හිස්‌කළේ. බලන්න මොනතරම් දුර්වල ක්‍රියාවක්‌ ද. තෘෂ්ණාව තිබෙන්නේ සැතපෙන ඇඳේවත්, මේසයේ, පුටුවේ, ලැන්තෑරුමේවත් නොවේ. ඒවා කෙරෙහි තමන් ඇතිකරගන්නා විඳීම තුළයි. මේ ආගන්තුක ස්‌වාමීන් වහන්සේ කුටිය මේ විදියට හිස්‌කරන විට උන්වහන්සේ තුළ මොනතරම් තෘෂ්ණාවක්‌ බැසගෙන තිබෙනවාද කියන කාරණය භික්‍ෂුව දැක්‌කා.

සති දෙකකට පස්‌සේ උන්වහන්සේ එම කුටිය හැරගියා. විඳීම කියන මාරධර්මය අපිව ආරණ්‍යයෙන් ආරණ්‍යයට, කුටියෙන් කුටියට ප්‍රදර්ශන භාණ්‌ඩ බවට පත්කරමින් ඇවිද්දවනවා.

භික්‍ෂුවට මතකයි භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ තීරණාත්මක කාලය ගතකරපු කුටිය. එය ගල් කුටියක්‌. ඉදිරිපස බිත්තිය මැටියෙන් කපරාදුකර සුදුහුණුගාල තිබුණා. දීර්ඝ කාලයක්‌ මේ කුටියේ ස්‌වාමීන් වහන්සේනමක්‌ වැඩ ඉඳල නැහැ. දසසිල් සමාදන් වෙච්ච වයෝවෘද්ධ උපාසක සීයා කෙනෙක්‌ මෙම කුටියේ ටික දිනක්‌ නැවතී භාවනා කරල තිබෙනවා. භික්‍ෂුව මේ කුටියේ මාස දෙකහමාරක්‌ ගතකළා. සාමනේර අවධියේ භික්‍ෂුව මේ කුටියට වඩිනවිට කුටිය පාළුවට ගිහිල්ලයි තිබුණේ. කුටියේ ඇඳක්‌ තිබුණේ නැහැ. මේසයක්‌ තිබුණා. පුටුවක්‌ තිබුණේ නැහැ. පැදුරක්‌, කොට්‌ටයක්‌, ලැන්තෑරුමක්‌ තිබුණා. ප්ලාස්‌ටික්‌ බාල්දියක්‌ තිබුණා. එපමණයි කුටියේ තිබුණේ. භික්‍ෂුව මේසය, ලන්තෑරුම පරිහරණය කළේ නැහැ. නමුත් ඒවා කුටියෙන් ඉවත් කිරීමට ගියේ නැහැ. ඒවා ඒවායේ ස්‌වභාවයෙන් තිබුණා. භික්‍ෂුව භික්‍ෂුවගේ ස්‌වභාවයෙන් සිටියා.

මේ කුටියට වැසිකිළියක්‌ තිබුණේ නැහැ. වැසිකිළිය හැටියට පාවිච්චි කළේ පැරණි වළක්‌. ළඟපාත වතුර පහසුකම් තිබුණේ නැහැ. කිලෝ මීටර් කාලක්‌ පමණ කුටියට පහළින් කැලය තුළ ලොකු ගල් වළක්‌ තිබුණා. සවස අව්ව බැස ගියාම ගල් ළිඳට ගිහිල්ලා, පැන් පහසුවෙලා, ප්ලාස්‌ටික්‌ බාල්දියට වතුර එකක්‌ අරගෙන එනවා. එම වතුර බාල්දියෙන් තමයි උදේම වැසිකිළියට යන්නෙත් මුහුණ සෝදාගන්නෙත්. දත් මැදල මුහුණ පමණක්‌ සෝදාගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනවා. වතුර බාල්දියෙන් යෑපුනත් පිරිසිදුකම හොඳින් තිබුණා. බීමට වතුර ගන්න කුටියට උඩපැත්තෙන් කිලෝ මීටර් කාලක්‌ පමණ එහායින් නළ ළිඳක්‌ තිබුණා. ලීටර් පහේ සුදු කෑන් එකකට බීමට වතුර එකක්‌ අරගෙන එනවා පිණ්‌ඩපාතයෙන් පස්‌සේ.

භික්‍ෂුව මේ කුටියේ සිටිය මාස දෙකහමාරක කාලය තුළ කිසිම ගිහි පිංවතෙක්‌ මේ කුටියට ඇවිල්ල නැහැ. භික්‍ෂුවට මේ ජීවිතයේ කිසිම දුෂ්කරභාවයක්‌ දැනුණේ නැහැ. ඒ දිනවල භික්‍ෂුව පිණ්‌ඩපාතය කරගෙන ඒම සඳහා කිලෝ මීටර් හයක්‌ පමණ ගම්මානයට ඇවිද්දා. අඩු ආහාරයක්‌ ලැබුණේ. ඒ නිසාම භික්‍ෂුව හුඟාක්‌ම කෘශවෙලා සිටියේ. නමුත් බලෙන් ශරීරයට දුක්‌ දුන්නේ නැහැ. ශරීරයට කිසිදු ඇල්මක්‌ තිබුණේ නැහැ. මරණය බලාපොරොත්තුවෙන් ධර්මය තුළ භික්‍ෂුව සිටියා. මරණයට අබමල් රේණුවක තරම්වත් බියක්‌ දැනුණේ නැහැ. භික්‍ෂුවට ඒ වෙනකොට දැනිලයි තිබුණේ ජීවිතයට ආශාව තිබෙන තාක්‌කාල් ධර්මාවබෝධය ලබන්න බැහැ කියල. භික්‍ෂුව තුළ ලොකු විශ්වාසයක්‌ තිබුණා මැරෙන මොහොතේ හෝ ධර්මය සාක්‌ෂාත් කරන බව.

දවසක්‌ භික්‍ෂුව පිණ්‌ඩපාතය වඩිනකොට ගමට ඇතුල්වෙන තැනම එක ගෙදරක මිදුලේ ගසක්‌ යට පැදුරක එලලා තිබුණා. එය භික්‍ෂුවට නුහුරු දර්ශනයක්‌. එදා පිණ්‌ඩපාතයට ඒ ගෙදර අයිතිව තිබුණේ නැහැ. එම ගෙදර නිවැසියන් වැට අද්දරට පැමිණ භික්‍ෂුවට ආරාධනා කළා. ගස යට එලා ඇති ආසනයේ වැඩසිටින්න කියලා. භික්‍ෂුව ආසනයේ වැඩ සිටියා. එම නිවසේ මෑණියන් දෙපළක්‌ ලොකු කුරක්‌කන් කැඳ කෝප්පයක්‌ භික්‍ෂුවට පූජා කළා. දින කිහිපයකින්ම භික්‍ෂුව වැළදූ එකම එක ගිලන්පස කෝප්පය මෙයයි. එම කුරක්‌කන් කැඳ කෝප්පය භික්‍ෂුවගේ ශරීරයට හොඳ ශක්‌තියක්‌ ඇති කළා. ඒ අම්මා ප්‍රකාශ කළා 'හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඊයේ පිණ්‌ඩපාතය කරගෙන මෙතනින් ආරණ්‍යයට වඩිනකොට ඔබ වහන්සේ බොහෝම විඩාවෙන් වෙහෙසෙන් ගමන් කළේ. අපි හිතුවා ඔබ වහන්සේට ක්‌ලාන්තය හැදෙයි කියලා. ඒ නිසාමයි ඔබ වහන්සේට මේ කැඳ දානය පූජා කළේa' කියලා. මරණයට දමපු ජීවිතයක අවසන් හෝරා කිහිපයයි භික්‍ෂුව ඒ ගත කරමින් සිටියේ. නමුත් ලෝකයා දැනගෙන සිටියේ නැහැ. ලෝකයාට කොතැනකදිවත් දැනගන්න තිබ්බෙත් නැහැ. මාරයාගෙන් මිදෙන්න යන ගමනේදී ලෝකයාවත් මාරයා හැටියටමයි දැක්‌කේ. කොටින්ම ලෝකයා ගැන සිතුණේ නැහැ. මේ මොහොත වෙනවිට එක වේලෙන් යෑපීම, පාංශුකූල චීවර දැරීම, වනවාසී ජීවිතය කියන අර්ථයන් භික්‍ෂුව තුළින් නිෂේධ වෙලයි තිබුණේ. විළි වසා ගැනීමේ අරමුණ පමණයි චීවරය තුළින් දැක්‌කේ. නිවන් අරමුණ පමණයි චීවරය තුළින් දැක්‌කේ. නිවන් අරමුණ වැඩීමට පණ කෙන්ද රැකීම කියන අරමුණ පමණයි පිණ්‌ඩපාතයේ අර්ථය හැටියට දැක්‌කේ. වැස්‌සෙන් පින්නේන් ආරක්‍ෂාවීම කියන අර්ථය පමණයි කුටිය තුළින් දැක්‌කේ. පාංශුකූල චීවරය, එක වේලක්‌ යෑපීම, කැලයේ ජීවත්වීම කියන අර්ථයන් උපකාරක ධර්මයන් බවට පත්කොටගෙන භික්‍ෂුව තුළ සත්තිස්‌ බෝධිපාක්‍ෂික ධර්මයනුයි දැන් වැඩෙන්නේ. දැන් පිංවත් ඔබට හොදින් වැටහෙනවා ඇති (ඉකුත් සතියේ සටහනේ සඳහන් වූ පරිදි) ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සකුළුදායි කියන තරුණයාට දේශනා කරන ධර්මයේ සැබෑම අර්ථය අත්දැකීම් තුළින්මයි පිංවත් ඔබට මේ සටහන් තබන්නේ.

ජීවිතය යන ප්‍රශ්නාවලියට පූර්ණ පිළිතුර.....

උතුම් පැවිදි ජීවිතය ගතකරන අපි, පාංශකූල චීවරය, පිණ්‌ඩපාතයෙන් යෑපීම, කැළයේම හුදෙකලාව ජීවත්වීම, එකවේලක්‌ යෑපීම කියන කාරනා නිවන් මාර්ගය මෝදුකොටගැනීමට, සත්තිස්‌ බෝධිපාර්ශ්වික ධර්මයන් වැඩීමට උපකාරක ධර්මයන් බවටයි පත්කොට ගතයුත්තේ. එසේ නැතිව එම උපකාරක ධර්මයන් නිවන් මාර්ගයේ ඵලයක්‌ හැටියට ගැනීමට නොවෙයි. මොකද භික්‍ෂුව දැකලා තිබෙනවා, සමහර පිංවත් ස්‌වාමීන්වහන්සේලා එකවේලක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපීම නිසා තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුණාය කියලා සතුටු වෙනවා. පංශකූල චීවරය දැරීම තුළින් තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුනාය කියලා සතුටුවෙනවා. වනයේ හුදෙකලාව වැඩසිටීමෙන් තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුණාය කියලා සතුටුවෙනවා. මේ සියලුම කාරණා උතුම් නිවන් මාර්ගයට, නිවන් අවබෝධයට මග පෙන්වන උපකාරක ධර්මයන් පමණය කියන කාරණය අපි දකින්න ඕනේ.

නිවන් මාර්ගයට අවශ්‍ය කරන උපකාරක ධර්මයන් හෙවත් හේතූන් , ඵලය හැටියට ගත්තොත් පිංවත් ඔබ සකුළුදායි තරුණයා සිටිය තැනයි සිටින්නේ

භික්‍ෂුවට මේ මොහොතේ, වර්තමානයේ සිට ඒ අතීත භික්‍ෂු ජීවිතය දෙස ආවර්ජනාත්මකව බැලීමේදී භික්‍ෂුවට පෙනෙන්නේ කිසිම සැලසුම් කිරීමකින් තොර ගමනක්‌, ඉතාමත් හොඳ සැලැස්‌මක්‌ ඇතිව ඇවිත් තිබෙන ස්‌වභාවයයි. මා සැලසුම් නොකළ මේ ගමන, සැලසුම් කරනු ලැබුවේ මගේ සංස්‌කාර ධර්මයන් විසින්මයි. සංස්‌කාරයන්ට පුදුමාකාර ශක්‌තියක්‌, හැකියාවක්‌ තිබෙනවා, ගමනක්‌ වැරදි හෝ නිවැරදි දිශාවට සැලසුම්කර දෙන්න. දුරුකළ යුතු දේ දුරුකරමින්, සමීපකර ගතයුතුදෙය සමීපකර ගනිමින්, දුරුකළ දෙයත්, සමීපකොටගත් දෙයත් කෙරෙහි තෘෂ්ණාව හීනකොටගෙන පැමිණි ගමනේ අතීතය දෙස ආපහු හැරී බැලීමේදී භික්‍ෂුව දකින්නේ හිස්‌වූ ජීවිතයක්‌ මිස, කටුසටහන්වලින් යුත් මතක සටහන් ගොන්නක්‌ නොවේ. මොකද භික්‍ෂුව ජීවිතය ජයගත්තා හෝ පරාජය වූවා නොව, තරගයෙන් ඉවත්වූවා පමණි. ජයත් පරාජයත් යන දෙකම ලෝකයට විවෘත වූ ධර්මතාවයන්ය.

වේලාව සවස 5.00ට විතර ඇති. භික්‍ෂුව වැඩසිටින කඳුකර ප්‍රදේශයට වේගයෙන් සුළඟ හමනවා. කඩින් කඩ වැසිත් ඇතිවෙනවා. පරිසරය අඳුරු කරලා තිබෙන්නේ. ලොකු වැස්‌සක පෙරනිමිති පේනවා. මේ වැස්‌සට ගම්වැසියෝ කිsයන්නේ මහියංගන පෙරහැර වැස්‌ස කියලා.

අතුරුභෝග කුඹුරුවල වගාකරලා තිබෙන, ගමේ ගොවි මහත්වරුන්ට මේ වැස්‌ස බලාපොරොත්තු ඉහළ නංවනවා. වැස්‌ස ගැන කථාකරනකොට මතකයට එන්නේ වැස්‌ස වලාහක දෙවියන්ව. වැස්‌සවලාහක දෙවියන්ට ලස්‌සන දූවරු දෙදෙනෙක්‌ ඉන්නවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ලොකු දුවගේ නම කෝකන්දා, පොඩි දුවගේ නම චුල්ල කෝකන්දා. මේ දිව්‍ය දියණියන් දෙදෙනා එයාලගෙ පිරිවර දිව්‍ය යෙහෙළියන් පිරිවරාගෙන වළාකුළු මත සෙල්ලම් කරනවා. කාමච්ජන්දයන් විඳිනවා.මේ වැස්‌සවලාහක දූවරු දෙදෙනා පිංකම්වලට ගොඩක්‌ කැමතියි. මනුෂ්‍ය ලෝකයේ සිල්වත් ස්‌වාමීන්වහන්සේලා ධර්මදේශනා කරනකොට, මේ අය කාමච්ජන්දයන් විඳලා වැසි වස්‌සන්නේ නැහැ. නමුත් මේ අයට පාලනය කරන්න බැරි වැසි තිබෙනවා. ඒවා ඇතිවන්නේ සතර මහා ධාතුවේ කිපීම් නිසා. අකුණු ගහලා, ගොරවලා, සුළඟ හමලා ඇතිවෙන ධාරාණිපාත වාර්ෂාවන් සතර මහා ධාතුවේ කිපීම් නිසා ඇතිවන වැසි. මේවා පාලනය කරන්න වැස්‌ස වලාහක දෙවියන්ට හෝ ඔහුගේ දූවරු දෙදෙනාට බැහැ. එමනිසා ඔබ කරන පිංකම් ධර්මදේශනා අසාර්ථක කරමින් ලොකු වර්ෂාවන් වහිනකොට, ඔබ වැස්‌ස වලාහක දෙවියන්ට, එම දිව්‍ය දියණියන්ට බනින්න එපා. ඒ අය අහිංසකයි. පිංවත් ඔබලා පිංකමක්‌ කරනකොට පුංචි පුංචි මල්වැසි වස්‌සලා එම පිංකම්වලට ආශිර්වාද කරන්නේ එම පිංවත් දිව්‍ය දියණියන්මයි.

භික්‍ෂුව මේ මොහොතේ වැඩසිටින කුටිය පිහිටි දුප්පත් ගම්මානයේ ගම්වැසියන්ට භික්‍ෂුව නිතරම කියනවා, ධර්මයට සම්බන්ධ යම් ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් පිණ්‌ඩපාත වේලාවෙදි අහන්න කියලා. ඒ පිංවතුන් අසන්නේ දානයේ ලුණු ඇඹුල් බලන්න හොඳද නැද්ද කියලා. බුද්ධ පූජාව පූජාකළාට පස්‌සේ එය විසිකරන්න හොඳද කියලා. ඉන් එහා ප්‍රශ්නයක්‌ එම පිංවතුන් අසන්නේ නැහැ. එම නිසාම සංසාර බියට අදාළව බණ ටිකක්‌ ඒ අයට කියලා දෙනවා. මේ අයට සංසාරය තව කොතෙක්‌ දීර්ඝ වෙයිද? තවත් කල්ප විනාශ කිහිපයකට මේ අය මුහුණදෙයිද? භික්‍ෂුව නැවතිලා සිටිනවා. ලෝකය ගලාගෙන යනවා. ගලාගෙන යනවා කියන්නේ සංස්‌කාර රැස්‌වෙනවා. නැවතී සිටින තැන සිට ලෝකය දෙස බලනකොට කරුණාවක්‌මයි සකස්‌වෙන්නේ. එම නිසා භික්‍ෂුව මෙලෙස සටහන් ලියනවා. බණ කියනවා. නමුත් ජීවිතය නැවතිලා. විපාකය පිණිස සකස්‌වෙන අතීත සංස්‌කාර හරි හරියට විපාක දෙනවා. කෙනෙකුට සංස්‌කාර විපාක දෙනකොට, තවකෙනෙක්‌ හරිහරියට සංස්‌කාර රැස්‌කරගන්නවා. කෙනෙක්‌ නැවතුනත්, තවකෙනෙක්‌ ඔහු නිසා හරි හරියට දුවනවා. ලෝකය ඒ සුපුරුදු ආකාරයෙන් ගලාගෙන යනවා. නමුත් නැවතී සිටින භික්‍ෂුව එය දකිනවා. ජීවිතය කියන්නේ ප්‍රශ්නාවලියක්‌. එම ප්‍රශ්නාවලිය කථාකරලා විසඳගන්න බැහැ. උපත නිරෝධය කිරීමෙන්මයි, ප්‍රශ්නාවලිය අවසන්කොට ගතහැක්‌කේ.

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.