Tuesday, April 21, 2015

'ඇස ඇති කල්හි'

 

'ඇස ඇති කල්හි' - 01 කොටස

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර විශාඛා මහාඋපාසිකාව විසින් කරවන ලද පූර්වාරාම විහාරයේ වාසය කරන කොට, සමිද්ධි කියලා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළගට ඇවිල්ලා වන්දනා කරලා, එකත් පසෙක සිටිමින් භාග්‍යවතුන් වහන්සේගෙන් ප‍්‍රශ්නයක් අහනවා.

''
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මාරයා මාරයා කියලා කියනවා. කොපමණකින් මාරයා වෙනවද?'' භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා,

''
සමිද්ධි, යම් තැනක ඇස තියෙනවා නම්, රූපය තියෙනවා නම්, චක්ඛු විඤ්ඤාණය තියෙනවා නම් එතන මාර හෝ මාර යන ප‍්‍රඥප්තිය යෙදෙනවා.''

ඒ වගේ ම කන, ශබ්දය, සෝත විඤ්ඤාණය කියලා මේ වගේ ස්පර්ශ ආයතන හය අරබයා ම දේශනා කරනවා. මේ ධමයෝ ඇතිකල්හි මාර හෝ මාර යන ප‍්‍රඥප්තිය යෙදෙනවා.

ආපහු දවසක් ඔය විදියට ම සමිද්ධි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළ`ගට ඇවිල්ලා අහනවා, ''ස්වාමීන් වහන්ස, මේ සත්වයා, සත්වයා කියලා කියනවා. කොපමණකින් සත්වයෙක් වෙනව ද?'' ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.

''
සමිද්ධි, යම් තැනක ඇස තියෙනවා නම්, රූපය තියෙනවා නම්, චක්ඛු විඤ්ඤාණය තියෙනවා නම් එතන සත්ව හෝ සත්ව යන ප‍්‍රඥප්තිය පවතිනවා''

මේ විදියට ස්පර්ශ ආයතන හයම පෙන්නුවා. මේ ස්පර්ශ ආයතන හය යම් තැනක තියෙනවා නම් එයා සත්ව පුද්ගලභාවයෙන් මිදිලා නෑ. සත්ව පුද්ගල භාවයෙන් මිදෙන්නේ නෑ කියන්නේ ජරා මරණයන්ගෙන් මිදෙන්නෙ නෑ. හැ`ඞීම්, වැලපීම්, ශෝක කිරිම්, දුක් දොම්නස්වලින් මිදිලා නෑ. ඒ ධමයන්ගෙන් යුක්තයි. එයා මාරයාගෙන් මිදිලා නෑ.

මාරයො පස් දෙනෙක් ඉන්නවා.

ස්කන්ධ මාර
ක්ලේශ මාර
අභිසංස්කාර මාර
මච්චු මාර
දේවපුත්ත මාර

ස්කන්ධ මාර කියලා කිවුවෙ ඇහැ, රූපය, චක්ඛු, විඤ්ඤාණය කියන ටිකට. මේ ධමයෝ ඇති තැන එයා මරණයෙන් මිදිලා නෑ. මරණයට පමුණුවන නිසා මරණයට ගෙනියන නිසා මරණය නමැති ධමතාවය උරුම කරවන නිසා මේ ස්කන්ධයෝ මාර යන නම ලබාගන්නවා.

ක්ලේශ මාර කිවුවෙ අවිද්‍යා, තණ්හා, ආශ‍්‍රව, උපාදාන ආදී කෙලෙස් ටික. ජරා මරණයට පමුණුවන නිසා මරණයෙන් නොමිදෙන නිසා මාර යන ප‍්‍රඥප්තිය ලබනවා.

අභිසංස්කාර මාර කියලා කියනවා පුණ්‍යාභිසංස්කාර, අපුණ්‍යාභිසංස්කාර, ආනෙඤ්ජාභි සංස්කාර කියලා කර්ම කියලා අපි කියන්නෙ. මෙන්න මේ කමක්ෂය නොකළහමත්, ඒ කර්ම හේතුවෙනුත් ජරා මරණයන්ට පමුණුවන නිසා, ජරා මරණය උරුම කරවන නිසා මරණය ලබාදෙන අර්ථයෙන් මාර කියලා කියනවා.

සත්ව ප‍්‍රඥප්තිය තුල, මරණය නමැති ධමතාවය උරුමකරවන නිසා මච්චු මාර කියලා කියනවා. මරණ සංඛ්‍යාත මාරයා.

තව ඉන්නවා දේවපුත්ත මාර කියලා කෙනෙක්. පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකෙ. මෙයත් සත්වයන් අජරාමර වෙනවට අකමැතියි. වෙන මුකුත් හින්දා නෙවෙයි. දැන් මනුෂ්‍යයො ළගත් බොහෝ විට තියෙනවනෙ. තමන් යම් මට්ටමක ඉන්නවා නම්, තමන්ට පහළින් ඕන මට්ටමක හිටියට කමක් නෑ. තමන්ට වඩා ටිකක් උසස් වෙනවා නම් ඊර්ෂ්‍යා කරන ගතියක් තියෙනවනෙ. අන්න ඒ ගතියයි තියෙන්නෙ මේ මාරයගෙ.

එයාට වඩා පහළින් ඉදගෙන ඕන දෙයක් කළාට එයාගෙන් බලපෑමක් නෑ. දැන් අපි ගැන නම් බයවෙන්න දෙයක් නෑ. මොකද මාරයා කරන්න ඕන ටික අපිම කරගන්න බව දන්න නිසා එයාගෙ බලපෑමක් නෑ. නමුත් නීවරණ ධර්ම දුරුවෙලා මේ කාම භූමි විෂය ඉක්මවන්න හැදුවොත් අන්න එතකොටයි මේ මාරයගෙ බලපෑම් එන්නෙ. එහෙම නැතුව අපි මේ පුංචි සමථයක් වඩන්න හදනකොට තාවකාලිකව, එහෙම ඒවට එන්නෙ නෑ. ඒකට බයවෙන්න එපා. අපි පොඞ්ඩක් ඇත්නම් මාර ධර්ම, මාර ධර්ම කියනවා. එහෙම නෑ.

නීවරණ ධර්ම දුරු වෙලා කාම භූමිය තරණය කරන්න හැදුවොත්, එයාගෙ විෂය ඉක්මවා යන්න හදන නිසා එයා අකමැතියි. එයා කැමති වෙන්නෙ ලෝකෙ එයාට පහතින් තියන්න නම්, එයා ජරා මරණ ස්වභාවයෙන් යුක්ත නම්, එයාට පහතින් ඉන්න කෙනා කොහොමත් ජරා මරණයෙන් යුක්තයිනෙ. අන්න ඒ ස්වභාවයට පමුණුවන නිසා එයාට මාර කියලා කියනවා.

යම් තැනක ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය තියෙනවා නම්, මෙන්න මේ පංච මාරයගෙ වසෙ`ග පවතිනවා. මාරයාට කැමැත්තක් කළ හැකි තත්වෙට පත්වෙනවා. මාරයාගෙන් මිදිලා නෑ. එයා සත්ව හැ`ගීමෙන්, සත්වයා යන ස්වභාවයෙන් මිදිලා නෑ. ජරා මරණයන්ගෙන් මිදිලා නෑ.

බුදු රජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා, සම්මා සම්බුද්ධත්වයට පත්වුනා කියන්නෙ පංච මාරයන් ම දිනුවා.

'
පංච මාරො ජිතො නාථො'

බුදුරජාණන් වහන්සේ ස්කන්ධ මාරයන්ගෙන් දිනුවා. ක්ලේශ මාරයන්ගෙන් දිනුවා. අභිසංස්කාර මාරයන් දිනුවා. මච්චු මාරයත් දිනුවා.

මොකද ඇතිදේකට සාපේක්ෂවයි නැතිකම.

'
නත්ථි ජාතස්ස අමරණං'
උපන්නහුට නොමැරීමක් නැත.

බුදු රජාණන් වහන්සේ ඉපදීම නැති කළා. ඒ නිසා මරණයත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේවපුත්ත මාරයාත් දිනපු නිසා පස් මරුන් දිනුවා. මේ පස් මරුන්ව පරාජය කරලා දිනුවොත් තමයි අපිටත් සසර දුකින් එතෙර වෙන්න පුළුවන් වෙන්නෙ. බුදුරජාණන් වහන්සේ පස් මරුන් දිනලා අජරාමර තත්වෙට පත්වුනා. මාරයගෙ නොදැක්මට ගියා. මාරයගෙ ඇස අන්ධ කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තත්වෙට පත්වෙච්ච භාග්‍යවතුන් වහන්සේ, එබදු වූ තත්වයට පත්වෙන්නට සව්වන්ට අනුශාසනා කළා. තමන් වහන්සේ පංච මාරයාගෙන් දිනලා, ලෝකයාට අනුශාසනා කළා පංච මාරයාගෙන් මිදෙන්නට.

ඒ පංච මාරයාට හසුනොවෙන භූමිය අපි ඉස්සෙල්ලා ඉගෙනගන්නට ඕන. මේ මාරයො පස්දෙනාගෙ නොදැක්ම වෙන්නෙ කුමන තැනකට ගියා ම ද කියන කාරණාව. ඒ තැන දැනගෙන ඊට පස්සෙ ඒ තැනට යන මාගය දැනගන්න ඕන. දැනගෙන ටික ටික හරි උත්සාහවත් වෙන්න ඕන. අන්න එතකොට එයාට මාරයාගෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේ ම යම් තැනක ද, සත්ව පුද්ගල ප‍්‍රඥප්තිය පවතින්නෙ, සත්ව පුද්ගල ධමතාවය පවතින්නෙ, ඒ අනුව ජරා මරණ ධර්මතා පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ සත්ව පුද්ගල භාවයෙන් මිදිලා, ඒ සත්ව පුද්ගල සන්තානවල තියෙන ආශ‍්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන් මිදිලා, ඒ සත්ව පුද්ගලයන්ට ඇතිවන ජරා මරණයන්ගෙන් මිදිලා. විමුක්ති මනසක් හදාගෙන, එබ`දු ජරා මරණයන්ගෙන් මිදීම ස`දහා, සත්ව පුද්ගල භාවයෙන් මිදීම ස`දහා භාග්‍යවතුන් වහන්සේ ධමය දේශනා කරනවා.

අපි මෙතන දී ඉගෙනගන්නට ඕනෙ ඒ සත්ව පුද්ගල භාවයෙන් මිදුන තැන, මිදුන භූමිය මොකක්ද කියන එක. ඊට පස්සෙ ඒ සත්ව පුද්ගල භාවයෙන් මිදුන භූමියට යන මග මොකක් ද කියන එක හොයාගන්නට ඕන. මේ ටික තමයි මුළු පිටකය පුරාවට ම නොයෙක් පද ව්‍යංජනයන්ගෙන් පෙන්නලා තියෙන්නෙ.

 

'ඇස ඇති කල්හි' - 02 කොටස

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මාර හෝ මාර යන ප‍්‍රඥප්තිය, සත්ව හෝ සත්ව යන ප‍්‍රඥප්තිය කියන ටික තියෙන්නෙ, ස්පර්ශ ආයතන හය ඇති තැන, ඇති කල්හි කියලා. අපි බලමු ඇස ඇති කල්හි, රූපය ඇති කල්හි, චක්ඛු විඤ්ඤාණය ඇති කල්හි, මේ මාර හෝ මාර ප‍්‍රඥප්තිය යෙදෙනවා.

ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණ ඇති කල්හි කියලා භාග්‍යවතුන් වහන්සේ මෙතෙන් දි අදහස් කරන්නෙ මොකක් ද? ඉඳගෙන, හිටගෙන, නිදාගෙන ඇවිදින හතර ඉරියවුවේම පවතින ඇහැක් තියෙනවා නම් කෙනෙකුට අන්න එයා ඇහැ තියෙන කෙනෙක්. ඉඳගෙන හිටියත්, නිදාගෙන හිටියත්, රූපයක් බැලූවත්, නොබැලූවත් හතර ඉරියවුවේ ම ඇහැ තියෙනවා නම්, එයා ඇහැ තියෙන කෙනෙක්. එයා සත්ව යන ගණයට යන කෙනෙක්. එයා මාරයා එක්ක ඉන්නෙ.

ඇහැ තියෙනවා නම් රූපය තියෙනවා යන ගණයට යනවා. රූපය තියෙනවා නම් ඇහැ තියෙනවා යන ගණයට යනවා. ඒ දෙන්නා තිබුනොත් චක්ඛු විඤ්ඤාණය තියෙනවා යන ගණයට යනවා. ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින හතර ඉරියවුවේ ම ඉරියවු පවත්වන කෙනෙකුට කන තියෙනවා නම්, කන ඇති බව හැෙඟනවා නම්, අන්න ඒකට තමයි කන ඇති කල්හි කියලා කිවුවේ. කන තිබුනොත් ශබ්දයත් තියෙනවා. සෝත විඤ්ඤාණයත් තියෙනවා. ඒ ධමයෝ ඔක්කොම තියෙනවා.

ඒ වගේම සත්‍යයෙන් ම, නිතර ම, හතර ඉරියවුවේ ම, නාසය, දිව, ශරීරය යම්කිසි කෙනෙකුට තියෙනවා නම්, මනස යම්කිසි කෙනෙකුට තියෙනවා නම්, මෙන්න මේ තැන මාර ධමය තියෙනවා සත්ව ප‍්‍රඥප්තිය තියෙනවා. ලෝකෙ කියන්නෙ මේ ස්පර්ශ ආයතන හය නිරතුරුව ම තියෙන අය. දැන් මේ පින්වතුන් ඔක්කෝටම ඇහැ, කණ, නාසය, දිව, ශරීරය තියෙනවනේ. තියෙනවා, හැම වෙලාවෙම තියෙනවනේ. ඉඳගෙන හිටියත්, නිදාගෙන හිටියත්, ඇවිද්දත්, ආහාර පාන ගනිද්දිත්. රූප බලන්නම ඕනෙ නෑ ඇහැ තියෙන්න. හැම වෙලාවෙම ඇහැ, කන, නාසය, දිව, ශරීරය තියෙනවා.

බුදුරජාණන් වහන්සේ සමිද්ධි හාමුදුරුවන්ට දේශනා කරනවා, ''සමිද්ධි, යම් තැනක ඇහැ නැද්ද, රූපය නැද්ද චක්ඛු විඤ්ඤාණය නැද්ද, එතන මාර හෝ මාර ප‍්‍රඥප්තිය නැත. කන නැද්ද, ශබ්දය නැද්ද, සෝත විඤ්ඤාණය නැද්ද එතන මාර හෝ මාර ප‍්‍රඥප්තිය නැත. ඒ වගේ ම මේ අටලොස් ධාතුව ම යම් තැනක නැද්ද, එතන මාර හෝ මාර ප‍්‍රඥප්තිය නැත. සමිද්ධි, යම් තැනක ඇහැ නැද්ද, රූපය නැද්ද, චක්ඛු විඤ්ඤාණය නැද්ද එතන සත්ව හෝ සත්ව යන ප‍්‍රඥප්තිය නැත.''

මේ විදියට ස්පර්ශ ආයතන හය ම පෙන්නුවා. ඒ ස්පර්ශ ආයතන හය ම, අටලොස් ධාතුව ම, යම් තැනක නැද්ද, එතන සත්ව හෝ සත්ව යන ප‍්‍රඥප්තිය නැත. බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන්නේ සලායතන නිරෝධයට තව නමක්. 

දැන් අපි බලන්න ඕනෙ කොහොම ද මේ ස්පර්ශ ආයතන හය ම තියෙනවා කියන කාරණාව ලැබෙන්නේ. කුමක් නිසා ද එහෙම තියෙන්නෙ. ස්පර්ශ ආයතන හය නැතිවෙන්නෙ කොහොම ද කියන කාරණාව බලන්න ඕන.

මෙතන දී අපිට ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින හතර ඉරියවුවෙ ම පරිහරණය කරන ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන යමක් ඉතිරි වුනේ කොහොම ද කියලා දන්නව ද? ඇහැට පෙනුන රූපය ඉතිරිවෙච්ච නිසා. කනට ඇහුන ශබ්දය ඉතිරිවෙච්ච නිසා. නාසයට දැනුන ගන්ධය ඉතිරිවෙච්ච නිසා. දිවට දැනුන රස ඉතිරිවෙච්ච නිසා. කයට දැනුන පොට්ඨබ්බය ඉතිරිවෙච්ච නිසා. මනසට දැනුන ධම්මාරම්මණය ඉතිරි වෙච්ච නිසයි එහෙම වෙලා තියෙන්නෙ.

තව පැත්තකින් ගත්තහම ආයුහන සංඛාරා. කර්ම රැස්වෙච්ච නිසයි. ඔය ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ඔක්කෝටම ඕවා තමයි අපිට තියෙන කර්ම නිමිති, සංඛාර. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. අපි ඇහෙන් රූපයක් බැලූවොත්, බැලීමෙන් පස්සෙ, බලපු රූපය අපිට ඉතිරි වෙනවනේ. ඒ වගේ ගතියකින් පවතින අපේ මනසට, කණ්නාඩියක් ඉදිරිපිටට ගිහිල්ලා මූණ බැලූවහ ම ඒ පෙනෙන ඡායාව හටගෙන නැතිවෙනවා කියලා දන්නෙ නෑ. හොඳට ඒ පෙනෙන රූපෙ නිමිති ගන්නවනේ. අරගෙන ඊට පස්සෙ කෙලේසයකින් ගැට ගහනවා මේ තමයි මගේ ඇස් දෙක කියලා බාහිර රූපය අරබයා ආධ්‍යාත්මික සංයෝජනයක් අපිට උපදිනවා. බාහිර වර්ණ රූපය පිරිසිඳ නොදකින කම නිසා ඇහැ කියන එක අපිට උරුම වෙලා තියෙනවා. බාහිර ශබ්දය කියන එක පිරිසිඳ නොදකින නිසා කන කියන එක අපිට උරුම වෙලා තියෙනවා. ගන්ධය පිරිසිඳ නොදකින නිසා නාසය උරුම වෙලා තියෙනවා. රස පිරිසිඳ නොදන්න නිසා දිව උරුම වෙලා තියෙනවා. පොට්ඨබ්බය පිරිසිඳ නොදන්න නිසා කය උරුම වෙලා තියෙනවා. මේ ස්පර්ශ ආයතන හයට යම් යම් අරමුණක් හම්බවුනහම, ස්පර්ශ නිරෝධයෙන් ඒ ආයතන නිරුද්ධයි කියන එක නොපෙනී, ඇති බවට පෙනෙන ලක්ෂණය නිසයි, මේ ස්පර්ශ ආයතන හය ම තියෙනවා වගේ හැඟීමක් අපට තියෙන්නෙ. මේ ස්පර්ශ ආයතන හය ම තියෙනවා කියලා දැනෙන හැ`ගීම තියෙන්නෙ එක්ම මනෝ විඤ්ඤාණය හරහායි. මනෝ විඤ්ඤාණය නමැති සිතෙයි, ඇහැ, කන, නාසය, දිව, ශරීරය තියෙනවා කියන හැ`ගීම තියෙන්නෙ. එහෙම ධමතාවයක් නෑ. නමුත් අපේ මනසෙ එහෙම යෙදෙනවා. ඒක අපිට තේරෙන්නෙ නෑ.

බුදුරජාණන් වහන්සේ අනික්පැත්තට පෙන්නනවා, යම් තැනක ඇහැ නැද්ද, රූපය නැද්ද, චක්ඛු විඤ්ඤාණය නැද්ද, මාර යන ප‍්‍රඥප්තිය නොයෙදෙනවා. සත්ව යන ප‍්‍රඥප්තිය නොයෙදෙනවා කියලා. එතන දී ඇහැ රූප චක්ඛු විඤ්ඤාණ නැද්ද කියන කාරණාව පෙන්නුවේ, යම්කිසි කෙනෙකුට දැකපු හැම දෙයක් ම අතීතයේ නිරුද්ධ වෙච්ච බව මනසෙ එළඹ සිටිනවා නම්, නූපන්න ධමයෝ අනාගතයේ තවම නූපන්න බව මනසෙ එළඹ සිටිනවා නම්, වතමානයේ දී ඇහැ, රූප, චක්ඛු, විඤ්ඤාණය යෙදිලා යමක් පෙනෙයි නම් ඒ හේතු ටික නැතිවෙනකොට පෙනෙන දේ නැතිවෙනවා කියන තැනක මනස තියෙනවා නම්, එයාට ඇහැ හටගෙන නැතිවෙන එකක් මිස ඇහැ තියෙන එකක් නෙමෙයි.

ඇහැ නැති කල්හි කියලා කිවුවේ ඇහැ අවස්ථාවටත් පේන්නෙ නැති විදියට අන්ධ වෙනවා කියලා හෝ ඇහැ පරිහරණය නොකරනවා කියලා හෝ නෙවෙයි. ඇහෙන් රූපයක් බලලා, ඒ බැලීමෙන් පස්සෙ ඇහැ නිරුද්ධ වෙනවා කියන එක වෙනම සිද්ධියක්. ඇහැ ඇති බවක තබාගන්නවා කියන එක වෙනම සිද්ධියක්. මේක පටලවගන්න එපා. බුදුරජාණන් වහන්සේ ඇහැ ඇති කල්හි කියලා දේශනා කළේ, ඇහෙන් යම් පෙනීම් කෘත්‍යයක් කරලා, ඒ රූපය පෙනීම සම`ග ම පෙනුන ඇහැ ද නිරුද්ධ වෙනවා. නමුත් ඒ ඇහේ නිරෝධය වෙනුවට ඇහැ ඇති බවක මනස පවතිනවා නම් මෙන්න මේ ටිකෙයි කෙලේසෙ තියෙන්නෙ. එහෙම නැතුව අවස්ථාවට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා. නමුත් ඒ දර්ශන කෘත්‍යය කරන තැනකින් තියෙනවා නම් එයාට ඇහැ ඉතුරුවෙන්නෙ නෑ. ඇහැ නිරුද්ධ වෙනවා.

ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයම අතීත ධර්මයෝ නිරුද්ධ වෙලා, අනාගත ධර්මයෝ ඉපදිලා නෑ. වර්තමානයේ ප‍්‍රත්‍යයෙන් හටගත්ත මේ ස්කන්ධ ටික ප‍්‍රත්‍ය නැතිවෙනකෙට නැතිවෙනවා කියන නුවණ යම්කිසි කෙනෙකුට තියෙනවා නම් එයාට එකදු ආයතනයක් වත් ඉතුරු වෙන්නෙ නෑ.

නුවණින් ආයතන ටිකේ ඇත්ත දැකලා - පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියන ඇත්ත - ඒ ඇත්ත නුවණින් දැකලා ආයතන ටික පරිහරණය කිරීම දෝෂ නෑ. පරිහරණය කළායින් පස්සේ ඉතුරුවෙන එකයි දෝෂෙ. ඕක තමයි තණ්හාව. තියාගන්න එක. රැුස්කරන එකයි දෝෂෙ. අපි අතහරින්න, අතහරින්න කියලා කතා කරනවා ඔන්න අතහරින්න ඕන තැන බලාගන්න.

 

 

Udara Hewawasam

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....