Monday, October 31, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ: තුන් කාලයටම ගලපා රූපයේ අනිත්‍යභාවය දකින්න

 

තුන් කාලයටම ගලපා රූපයේ අනිත්‍යභාවය දකින්න
මහරහතුන් වැඩි මග ඔස්‌සේ
චිත්තානුපස්‌සනාව - 11

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි රූපයේ ආශ්වාදයක්‌ තිබෙනවා. වයස අවුරුදු දහඅටක්‌, දහනමයක්‌ වයසැති තරුණයකුගේ, තරුණියකගේ රූපයේ ඇති ප්‍රභාශ්වරය, තාරුණ්‍යය, ලාලිත්‍යය, රිද්මය, විකසිත භාවය රූපයේ ආශ්වාදයයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ මතකයෙන් ඔබේ අතීතයට යන්න. පිංවත් ඔබට ඒ තාරුණ්‍යයේ හිමිව තිබූ රූපයේ ආශ්වාදය වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. ඔබ අත්විඳින රූපයේ කෙටි ආශ්වාදය නිසා, පිංවත් ඔබ දීර්ඝකාලීන වූ ආදීනවයන් අත්විඳිනවා. තාරුණ්‍යයේ රිද්මයෙන්, ලාලිත්‍යයෙන්, විකසිත භාවයේ තිබූ රූපය, මෝරා, නෙරා, ඉදිමී, හැකිළී, එල්ලී වැටෙන ජරා ව්‍යාධි ලක්‍ෂණ රූපයේ දීර්ඝකාලීන වූ ආදීනවයයි කියලා, බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. 

යුරෝපයේ රැකියාව කරන මහත්මයෙක්‌ භික්‍ෂුව මුණගැහෙන්න වසරකට වරක්‌ එනවා. එම මහත්මයාගේ මෑණියන්ගේ වයස අවුරුදු හැත්තෑ පහක්‌ වෙනවා. මේ මහත්මයා ධර්මයට ලැදි වුණත්, තමන්ගේ අම්මා ගැන ප්‍රසාදයකින් කතා කරන්නේ නැහැ. '
ස්‌වාමීන්වහන්ස, මම මගේ අම්මාගෙන් මොනවද එයාගේ අවශ්‍යතා කියලා ඇහුවහම, කවදාවත් බණ පොතක්‌, සිල් ඇඳුමක්‌, වන්දනා ගමනක්‌ යන්න අවශ්‍යයි කියලා කියන්නේ නැහැ. අම්මා නිතරම ඉල්ලන්නේ ශරීරය අලංකාර කරන ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් වැනි දේවල් පමණක්‌මයි. මම කාමරයකට වෙලා ධර්ම දේශනාවකට ඇහුම්කන් දීගෙන ඉන්නකොට, අම්මා ලස්‌සනට ඇඳගෙන, සුවඳ විලවුන් තවරාගෙන පියානෝ එක වාදනය කරනවා'
 
කියලා ඒ මහත්මයා කියනවා.

ඒ අම්මා මෝරා, නෙරා, ඉදිමී, හැකිළී, එල්ලීගිය රූපයේ ආදීනවයෙනුත් දකින්නේ ආශ්වාදයකුයි. රූපයේ ආදීනවයත් ආශ්වාදයක්‌ කොටගන්න සමාජයක රූපයේ නිස්‌සරණය හුදු මායාවක්‌ම වෙනවා. වර්තමාන රූපස්‌කන්ධයේ අනිත්‍ය භාවය නොදකින කෙසේනම් අතීත රූපස්‌කන්ධයේ අනිත්‍ය භාවය දකින්නද?

පිංවත් ඔබ මොහොතක්‌ විවේකීව දෑස්‌ පියාගෙන අතීත රූපස්‌කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. අතීත රූපයේ ජරා, ව්‍යාධි, මරණ ස්‌වභාවයන් මතුකොට දකිමින්, අතීත රූපස්‌කන්ධය කෙරෙහි කලකිරීම ඇති කොටගන්න. 

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මේ ජීවිතයේ මවුකුසේ කලල රූපයෙන් එහාට, පටිච්ඡසමුප්පන්නව අතීත රූපයේ අනිත්‍යභාවය දකින්නය කියලා. දීර්ඝ වූ අතීත භවගමනේදී ඔබ සක්‌විති රජුවෙලා ඉපදුණ වේලාවේ, ඔබ ලැබූ දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයෙන් බබළන රූපකාය, අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඔබ අතීතයේ සක්‍ර දෙවියන් වෙලා තව්තිසාවේ ඉපදුණු වෙලාවේ, ඔබට ලැබුණු දිව්‍ය තේජසින්, දිව්‍ය ඕජසින් පිරීගිය ශක්‍රදෙවි රූපය වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. රජවරු සිටුවරු වෙලා, ඔබට ලැබුණු රාජ තේජසින් බබලන රූපයන් වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. අතීතයේ ඔබ, රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉපදිලා, ඔබ ලැබූ බ්‍රහ්ම රූපයන් වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. අතීතයේ ඔබ මවුකුසේදීම ගබ්සාවී ගිය හැටි, ළදරු කාලයේදීම, ළමා තරුණ වයසේදීම මියගිය, අතීත රූපයන්ගේ අනිත්‍ය භාවය නුවණින් දකින්න.

අතීතයේ ඔබ සතර අපායන්ට වැටිලා අලියෙක්‌, කොටියෙක්‌, ප්‍රේතයෙක්‌, ප්‍රේතියක්‌, මහා සාගරයේ අසුරයෙක්‌, තිරිසනෙක්‌ වෙලා ඉපදුණු වෙලාවේ ඔබ ලැබූ රූපයන් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. අතීතයේ ඔබ මනුෂ්‍ය කුලවල ඉපදිලා, සත්ත්ව කුලවල ඉපදිලා මියගිය අවස්‌ථාවලදී එකතුවූ මළකඳන් එක ගොඩක්‌ ගැහුවොත්, එම මළකඳන් ගොඩ ගිඡ්ජකූඨ පර්වතයට වඩා උසයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ ගිඡ්ජකූඨ පර්වතය සිතින් මවාගෙන අතීත රූපයන්ගෙන් ගොඩනැඟුණු ඔබේ මළකඳන් ගොඩ නුවණින් දකින්න. පිංවත් ඔබ දෙපා තබාගෙන සිටින මහ පොළොවේ පස, අතීතයේ ඔබේ රූපයන් නමැති සතර මහා ධාතුවේම අනිත්‍ය භාවයෙන් සැදුණු සතර මහා ධාතුවක්‌ බව නුවණින් දකින්න. පිංවත් ඔබ මහපොළාව මත දෙපා තබන සෑම පියවරක්‌ පාසාම, ඔබ දෙපා තබන්නේ ඔබේම අතීත රූපයන්ගේ අනිත්‍ය භාවයෙන් ගොඩනැඟුණු මළකඳන් ගොඩ මතම බව නුවණින් දකිමින් පියවර තබන්න.

මේ ඔබ දකින්නේ අතීත රූපස්‌කන්ධයේ අනිත්‍යභාවයයි. පිංවත් ඔබට මේ ජීවිතයේදී ලැබුණු ඔය ඇස්‌දෙක වගේ ඇස්‌ කෝටි කීයක්‌ සංසාරයේ ඔබ ලබන්න ඇතිද? පිංවත් ඔබට මේ ජීවිතයේදී ලැබුණු කන්දෙක වගේ කන් කෝටි කීයක්‌ සංසාරයේ ඔබට ලැබෙන්නට ඇතිද...

අතීතයේ ඉපදුණාවූ සෑම ඇසක්‌, කනක්‌, දිවක්‌, ශරීරයක්‌ම වෙනස්‌වී ගිය හැටි, අහිමිවී ගිය හැටි, පටිච්ඡ සමුප්පන්නව නැවත ඉපදුණු හැටි නුවණින් දකින්න. ඒ ඔබ දකින්නේ අතීත රූපස්‌කන්ධයේ අනිත්‍ය භාවයයි. අතීතයේ කොතැනකවත් වෙනස්‌ නොවූ ජරා, ව්‍යාධි, මරණවලට පත් නොවූ රූපයක්‌ නම් තිබුණේ නැහැ යෑයි දකිමින් අතීත රූපස්‌කන්ධය අනිත්‍ය යෑයි වශයෙන් දකින්න. 

අතීත රූපස්‌කන්ධය අනිත්‍ය වී ගියානම්, වර්තමාන රූපයත් අනිත්‍යනම්, පිංවත් ඔබ '
මට අනාගතයේදී මෙවැනි රූපයක්‌ ලැබේවා'
 
කියලා, මට ලස්‌සන රූපයක්‌ ලැබේවා, නිරෝගී රූපයක්‌ ලැබේවා. ජරා ව්‍යාධි මරණයන් නැති රූපයක්‌ ලැබේවා බලාපොරොත්තුවක්‌ ඇති කරගතහොත්, එම බලාපොරොත්තුව නිත්‍යවේද? අනිත්‍යවේද? පිංවත් ඔබ '
මට අනාගතයේදී මෙවැනි සශ්‍රීක දිව්‍ය ජීවිතයක්‌, බ්‍රහ්ම ජීවිතයක්‌, මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබේවා කියලා බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, එම බලාපොරොත්තු නිත්‍ය වේද? අනිත්‍ය වේද? අතීතයේ සක්‌විති රජවෙලා, ශක්‍රදෙවියන් වෙලා, තිබුණු රූපයනුත් අනිත්‍ය වී ගියානම්, අනාගතයේ බලාපොරොත්තු වන දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය රූප හුදු මායාවක්‌ පමණක්‌මයි. පිංවත් ඔබ විවේකීව සිටිනකොට, නිරතුරුවම අතීත, වර්තමාන, අනාගත වශයෙන් රූපයේ අනිත්‍ය භාවය, රූපයට උරුම වූ ජරා, ව්‍යාධි මරණ ලක්‍ෂණ නුවණින් දකිමින් රූපය කෙරෙහි මමත්වයේ දැඩිභාවය සියුම් කොටගන්න. පිංවත් ඔබට '
මගේ රූපය'
 
කියන සංඥාව මතුවන හැම මොහොතකම, රූපය අනිත්‍යයි කියලා දකින්න. අනාගතයේ මම මේ විදිහේ රූපයක්‌ ලබනවා කියලා සිතෙන සෑම මොහොතකම, රූපය අනිත්‍යයි කියලා දකින්න. අනාගතයේ පිංවත් ඔබ දිව්‍ය ජීවිත, බ්‍රහ්ම ජීවිත, මනුෂ්‍ය ජීවිත ලබලා, එම රූපයන් අනිත්‍ය වන හැටි, විකෘති වෙන හැටි, වෙනස්‌ වෙන හැටි නුවණින් දකිමින් අනාගත රූපස්‌කන්ධය කෙරෙහි තෘෂ්ණාව සියුම්කොට ගන්න.

මේ මොහොතේ ලෝකයේ ජීවත්වෙන සෑම ජනප්‍රිය චරිතයකටම, ඔබේ ජීවිතය ආරෝපණයකොට දකිමින්, කුසලය නමැති හේතුව නිසා, සකස්‌ වුණු එම ජනප්‍රිය භාවය, එම චරිත අනිත්‍ය භාවයට පත්වෙන හැටි නුවණින් දකින්න. ලෝකයේ බලවත්ම රාජ්‍යයේ රාජ්‍ය නායකයාත්, දිව්‍ය තලයන්ගේ බලවතා වන ශක්‍ර දෙවියනුත්, බ්‍රහ්ම ලෝකයේ අධිපති මහා බ්‍රහ්මයාත්, ජරා ව්‍යාධි මරණයන්ට පත්වී එම රූපයන් වෙනස්‌වී යන අකාරය නුවණින් දකිමින් වර්තමාන, අතීත, අනාගත රූපයන්ගේ අනිත්‍ය භාවය නුවණින් දකින්න.
ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ

indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, October 24, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ - චිත්තානුපස්‌සනාව - 10

 

ආයතන හයක මරණානුස්‌තිය නුවනින් දකින්න

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
චිත්තානුපස්‌සනාව - 10

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

පිංවත් ඔබ සමාජය දෙසට මොහොතක්‌ හැරී බලන්න. මනුෂ්‍යයාගේ මමත්වයේ දැඩිභාවය නිසා මමය කියලා ගන්නාවූ දැඩි දෘෂ්ඨිය නිසා මනුෂ්‍යයා නිරතුරුවම මොනතරම් අකුසල් මූලයන් ඇතිකොට ගන්නවාද. පිංකමක්‌ සිදුකළත්, දානයක්‌ පූජාකළත්, සිල් සමාදන් වුණත්, භාවනාවක්‌ කළත් මේ සෑම ක්‍රියාවක්‌ම මමත්වයේ දැඩිභාවයෙන් ගැනීම නිසාම සමාජය නැවත නැවත අකුසල් මූලයන්ම සකස්‌කොට ගන්නවා. ශීලය තුළ මම සිටිනාවය කියලා දකිනවා. මා තුළ ශීලය තිබෙනවාය කියලා දකිනවා. මම පිරිසිදුයි, අනුන් අපිරිසිදුයි කියලා දකිනවා. ශීලය නමැති ආත්මය මා සුවපත්කරනවාය කියලා දකිමින් ශීලයේ නාමයෙන් දානයේ නාමයෙන් , භාවනාවේ නාමයෙන් සක්‌කාය දිට්ඨිය වර්ධනයකොට ගන්නවා. ශීලයෙන් දානයෙන් ලැබුණාවූ සංස්‌කාර සහ ශීලයෙන් දානයෙන් ලැබෙන්නාවූ සංස්‌කාර අනිත්‍ය බව නුවනින් දකින්නේ නැහැ. පෙර ශීලය නිසාම, දානය නිසාම, පිංකම් නිසාම තමන්ට ලැබුණ ආයුෂ, වර්ණය, සැපය, බලය, උගත්කම, හැකියාව, ජනප්‍රියභාවය, දක්‍ෂභාවය නිසා මේ ධර්මතාවයන් මමත්වයේ දැඩිභාවයෙන් ගැනීම නිසාම පෙර පිනට ඔබට ඔබට ලැබුණු ධර්මතාවයන් ඔබ උපයෝගීකොට ගන්නේ නැවත නැවත ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් වර්ධනය උදෙසාමයි. 

දැන් පිංවත් ඔබට හොඳින්ම වැටහෙනවා පංචඋපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය නොදැකීම සක්‌කාය දිට්‌ඨිය සිඳ නොදැමීම, සෝවාන් ඵලයට පත්නොවීම යන අර්ථයන් සත්ත්වයන්ගේ ජීවිතවලට මොනතරම් බියකරු, නපුරු, විෂම ප්‍රතිඵලයන් ඇතිකොට දෙනවාද කියන කාරණය. පිංවත් ඔබ දක්‍ෂවෙන්න මේ ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතයේදී අර්ථවත්ව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන්කොට පංචඋපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දැක, උතුම් සෝවාන් ඵල අවබෝධය සාක්‍ෂාත්කොට ගන්න.

''
රූපය''

පංචඋපාදානස්‌කන්ධය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මථාවයන් පහට. ඉහත කාරණා පහ ඵස්‌ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර වශයෙනුත් ගන්න පුළුවන්. පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි ඇතිකොටගන්නාවූ තෘෂ්ණාවයි සත්ත්වයාට දුක සකස්‌කොට දෙන්නේ. දුකින් මිදීමේ මාර්ගයට අවතීර්ණව සිටින පිංවත් ඔබ, ඉහත කාරණා පහ වෙන් වෙන් වශයෙන් නුවනින් දකිමින් මෙම ධර්මතාවයන්ගේ යථාර්ය වන, අනිත්‍යභාවය දකින්න පුහුණුවෙන්න ඕනේ. වර්තමාන පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකලා පමණක්‌ම පිංවතුන්ලාට පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි, තෘෂ්ණාවෙන් මිදෙන්න බැහැය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. කල්ප සියක්‌කෝටි, ප්‍රකෝටි ගණනක්‌ ඈත අතීතයේ සිට, පටිච්ඡසමුප්පන්නව පංචඋපාදානස්‌කන්ධය මමත්වයේ දැඩිභාවයෙන් ගැනීම නිසම, තදංග වශයෙන් පෝෂණය වූ සක්‌කාය දිට්ඨිය පටිච්ඡසමුප්පන්නව ගලාගෙන එන, සංස්‌කාර පච්ඡයා විඤ්ඤා කියන ධර්මතාවය තුළ මුහුවී තිබෙනවා. එම නිසා පංචඋපාදනස්‌කන්ධය අතීත, වර්තමාන, අනාගත වශයෙන් අනිත්‍ය දකින්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා.

රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව හේතුවෙන් සකස්‌වෙන උපාදානය රූප උපාදානස්‌කන්ධයි. පිංවත් ඔබ මුළින්ම වර්තමාන රූපයේ අනිත්‍යභාය දකින්න. රහතන්වහන්සේ නමකටත්, ඇස, කන, නාසය, දිව, ශරීරය මනස කියන රූපය, ආයතන හය තිබෙනවා. නමුත් රහතන්වහන්සේ රූපය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කර ඇති නිසා, රහතන්වහන්සේට රූප උපාදනස්‌කන්ධයක්‌ සකස්‌වෙන්නේ නැහැ. ඒ නිසා රහතන්වහන්සේ දරාගෙන සිටින්නේ පංචස්‌කන්ධයක්‌. මොකද අන් සෑම සත්ත්වයෙක්‌ම තම පංචස්‌කන්ධය තෘෂ්ණාවෙන් තෙත් කොට පංචඋපාදානස්‌කන්ධයක්‌ බවට පත්කොට ගන්නවා. 

වර්තතමාන රූපස්‌කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවත් ඔබ, මුලින්ම රූපය කියන්නේ කුමක්‌ද කියලා හඳුනාගන්න ඕනේ. ඇසත්, කනත්, නාසයත්, දිවත්, ශරීරයත්, මනසත් මේවාට අරමුණුවෙන සියලුම බාහිර රූපයනුත් රූපය වශයෙන් හඳුන්වනවා. ඒ සෑම රූපයක්‌ම සැදිලා තිබෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධර්මතාවයන් හතර වන සතරමහා ධාතුවෙන්. සතරමහා ධාතුවේ ස්‌වභාවය අනිත්‍යයි. පිංවත් ඔබ දෑස්‌දෙක පියාගෙන ඇසට, කනට, නාසයට, දිවට ශරීරයට මනසට සිත යොමුකරලා, තද ස්‌වභාවයෙන්, දියර ස්‌වභාවයෙන්, උෂ්ණ ස්‌වභාවයෙන්, වායු ස්‌වභාවයෙන් සෑදුණු රූපයේ අනිත්‍යභාවය නුවනින් දකින්න. ආයතන හයක්‌ වශයෙන් දෙතිස්‌ කුණපයක්‌ වශයෙන් නිතරතුරුවම මරණයට පත්වෙන මරණානුස්‌සතියක්‌ වශයෙන් රූපය දකින්න. 

වර්තමාන, ඔබේ අධ්‍යාත්මික රූපයේ අනිත්‍යභාවය දකිනවා වගේම, ඔබට අරමුණුවන සෑම බාහිර රූපයක්‌මත් අනිත්‍ය වශයෙන් දකින්න. ඇසට බාහිර රූපයක්‌ ඵස්‌සයවන මොහොතේම ඇස ඉපදෙන හැටිත්, රූපය ගැන සිතීමේදී ඇස මැරී මනස උපදින හැටිත් නුවනින් දකින්න. නිරතුරුවම ආයතන හයක මරණානුස්‌සතිය නුවනින් දකිමින් වර්තමාන රූපස්‌කන්ධය කෙරෙහි කලකිරීම ඇතිකර ගන්න.

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Wednesday, October 19, 2016

How to find 5th force in SL - a Software Approach

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

චිත්ත විශුද්ධි පදනම - Updates

 

 

  • බොහෝ දෙනාගේ  ඉල්ලීම පරිදි විශුද්ධි පදනමේ සාමාජිකත්ව ලබාදීමට දැන් කටයුතු කරගෙන යන බව සතුටින් දන්වා සිටිමු.  විශුද්ධි පදනමේ සාමාජිකත්වය ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, පහත ලිපිනයකට තම ලිපිනය ලියු ලියම් කවරයක් එවීමෙන් හෝ prathyaweksha@gmail.com විද්‍යුත් ලිපිනයට ඉල්ලීමක් කිරීමෙන් චිත්ත විශුද්ධි පදනමේ සාමාජික අයදුම් පතක් ගෙන්වා පුරවා එවිය හැකිය. දැනට chiththa.vishuddhi@gamil.com හරහා ඉල්ලීම් කර ඇති අයද නැවත prathyaweksha@gmail.com මගින් ඉල්ලීමක් කරන ලෙස කරුණාවෙන් සිහිපත් කර සිටිමු.


ලිපිනය 1:  "ප්‍රත්‍යවේක්ෂා" ප්‍රතිපත්ති සංවර්ධන වැඩසටහන,

             චිත්ත විශුද්ධි පදනම, සමාධි බෞද්ධ මද්‍යස්ථානය, තඹුත්තේගම.

ලිපිනය 2 : "ප්‍රත්‍යවේක්ෂා" ප්‍රතිපත්ති සංවර්ධන වැඩසටහන.

            චිත්ත විශුද්ධි පදනම,  ධම්මගිරි අරණ්‍ය සේනාසනය, දොඩම්තලාව,  මල්ලියගොඩ, වෑඋඩ.

  • 2016 ඔක්තෝබර්  08, අනුරාධපුරයේ ස්වර්ණමාලී මහා සෑ රදුන් අභියස සිට සිදුකරන ලද "ප්‍රත්‍යවේක්ෂා" -  මහා ප්‍රතිපත්ති පූජාව සහ අරියවංස දේශනාවේ සජීවී විකාශයේ පටිගතකිරීම.

you tube හරහා නැරඹීමට -   https://www.youtube.com/watch?v=MYqb9xEFZis

  • මූලපරියාය සුත්‍රය ඇසුරින් 2016 ඔක්තෝබර් මස පවත්වන ලද ධර්ම දේශනය - පෘතග්ජන පුද්ගලයා , ශෛක්ෂ පුද්ගලයා, රහතන්වහන්සේ  සහ බුදුරජාණන්වහන්සේ  නමක් ලොව දකින ආකාරය මනාව පැහැදිලි කෙරෙන වටිනා ධර්ම දේශනාවකි.

 

 

  • මීළඟ ධර්ම සාකච්චාව - ඔක්තෝබර් 30 ප.ව. 3.00 සිට 6.00 දක්වා පේරාදෙණිය සුබෝධාරාම විහාරස්ථානයේදී...

 

 

තෙරුවන් සරණයි !

--

චිත්ත විශුද්ධි පදනම

To no longer receive these updates, mail to chiththa.vishuddhi@gmail.com with subject Unsubscribe.


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, October 18, 2016

විජය රජු ගොඩ බැස්‌ස කුවේණිගේ මාලිගාව තිබු අශ්ව කන්ද අනාථයි

 

Saw the article below in last week's Divaina… The said place was visited by us a few weeks ago… here are some pics…

 

Thambapanni…

 

 

Thambapanni… this should be the experience of Prince Wijaya J

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Some believe these strange stones are the people those made stone by Kuweni's curse, and another belief is they are meteors fallen from sky…

 

 

 

 

The ruins of Kudiramalei horse  statue

  

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

http://www.divaina.com/2016/10/16/feature09.html

 

විජය රජු ගොඩ බැස්‌ස 
කුවේණිගේ මාලිගාව තිබු අශ්ව කන්ද අනාථයි

කුදිරමලේ තුඩුව පිහිටන්නේ ලංකාවේ බටහිර කෙළවරේය. සියලු සිංහල ග්‍රාම නාමයන් දෙමළට පරිවර්තනය කිරීමේ වර්ගවාදී වුවමනාව සමඟ අශ්ව කන්ද, කුදිර මලේ බවට පත් විය. 

අනුරාධපුරයෙන් බටහිර සීමාව අශ්වයන් සඳහා වෙන් කර තිබූ බව ඉතිහාස කතාවෙන් සනාථ වේ. ඒ හේතුවෙන් අශ්ව රූපයක්‌ හෝ ලාංඡනයක්‌ මේ කන්දේ තිබෙන්නට ඇත. නැති නම් අශ්ව රූපයකට සමාන බවක්‌ එම කන්දේ නිරුපණය වන්නට ඇත. කවර හේතුවක්‌ නිසා හෝ අද එම ප්‍රදේශය හඳුන්වන්නේ කුදිරමලේ හෙවත් අශ්ව කන්ද නමිනි. බටහිර දිශාව අශ්වයනට වෙන් කිරීමේ හේතුවෙන් මේ කන්ද මුදුනට නිතරම අශ්වයන් පැමිණෙනවා විය හැක. එලෙස අශ්වයන් පැමිණි කල අශ්වයන් සහිත කන්ද යන අර්ථයෙන් කුදිරමලේ (අශ්ව කන්ද) වූවා ද විය හැක.

මේ සියල්ලටම වඩා ඈත ජාත්‍යන්තර ඉතිහාසයක තොරතුරු කුදිරමලේ හා සම්බන්ධව පවතී. ක්‍රිස්‌තු පූර්ව දහය පමණ කාල නිර්ණය කරන එක්‌තරා ප්‍රාග් ඓතිහාසික කාලයක කුදිරමලේ ප්‍රකට ජාත්‍යන්තර වරායක්‌ව තිබූ බවට සාධක හමු වී තිබේ. මේ සාධක වැලලී තිබුණු මොහොර බෑවුමේ පතුලේ අශ්ව පාදයක්‌ කොටා තිබේ. කුදිරමලයේ තැනින් තැන දකින්නට ඇති ගඩොල් ගොඩැල්ල පිළිබඳ ප්‍රමාණාත්මක පරීක්‌ෂණ සිදුකර නැතත් එය තැනින් තැන හාරමින් නිධන් හොරුන් විසින් කරන ලද අවකල් පරීක්‌ෂණ ලක්‌ෂණ වලින් එය ගහනය.

1923
දී ආර්. එල්. බ්රෝහියර් මහතා අශ්ව කන්ද වෙරළ ප්‍රදේශය පිළිබද සොයා බලා ඇති අතර එහි හුණුගල් ස්‌ථර අතර ඇති වටිනා පුරා වස්‌තු පිළිබඳව ඔහු විසින් විස්‌තර කර තිබේ. ගොඩබිම සහ මූද අතර වූ සෝදා ගිය ඉවුරේ මේ පුරාවස්‌තු ඝනීභවනය වී පැවති බව ඒ මහතා වාර්තා කරයි. ඒ අතර බොහෝ මැටි බඳුන් තිබී ඇත. තවද වටකුරු දීසි කැබලි, ජල බඳුන්, ඉවුම් පිහුම් උපකරණ, කළ සහ ගුරුලේත්තු බඳුන් ආදී දෑට අමතරව වඩාත් වටිනාකමින් වැඩි කුඩා ආභරණ, හක්‌ගෙඩි සහ පිරිපුන් ගඩොල් ද ඒ මහතා දැක තිබේ.

ආර්. එල්. බ්රෝහියර් මහතාට පෙර ඉංගී්‍රසි ආණ්‌ඩුවේ මුල් කාලයේදී ලංකාවේ වෙරළ අවට තිබූ ඓතිහාසික වරායන් පිළිබඳ අධ්‍යයනයක යෙදුණු නාවික ප_යේෂක නිලධාරියෙකි ඡේම්ස්‌ ස්‌ටුවට්‌. ස්‌ටුවට්‌ ලංකාව වටේම කරන ලද සොයා බැලීම් අනුව කුදිරමලේ පිළිබඳ සුවිශේෂ වාර්තාවක්‌ සපයයි. ඔහුගේ පැහැදිලි කිරීමට අනුව මේ ක්‍රිස්‌තු පූර්ව 10 වන සියවස යෑයි සැක කරන යුගයක මහා සොලමන් රජුගේ නැව් නැංගුරම් ලූ "හිපුරෝස්‌" වරායය. පෙරදිග හිපුරෝස්‌ වරාය පිළිබඳ ශුද්ධ බයිබලය කරන භූගෝලීය පැහැදිලි කිරීම කුදිරමලේ තුඩුවට නිසි ලෙස ගැලපෙන්නේ යැයි ස්‌ටුවට්‌ විශ්වාස කරයි. 

ක්‍රිස්‌තු වර්ෂ 45 දී මහා රෝම නැවියකු වන ඇනියෝස්‌ ප්ලැකැමුෂ්ගේ නැව රතු මුහුදේ අය බදු එකතු කරන්නට ගොස්‌ හදිසියේ ම කුණාටුවකට හසු විය. ප්ලැකෑමුෂ් වනාහී වස්‌කෝද ගාමා, කොළම්බස්‌, ඇමරිගෝ වෙස්‌පුචි, චෙං හුවෝ තරම් ම රෝම ඉතිහාසයට වටිනා නාවිකයෙකි. ඔහු රෝමයට නැති විය. රෝම ඉතිහාසය ලියූ ජ්‍යෙෂ්ඨ ප්ලිනි ජීවත්ව සිටියේ මේ කාලයේදීය. ක්‌ලෝදියස්‌ රජුගේ රාජ සභාවේ සිටි ප්ලිනි, ප්ලැකැමුෂ්ගේ අතුරුදහන් වීම පිළිබඳ ඡේදය ඔහුගේ ඉතිහාස වාර්තාවට එක්‌ කළේය. ඒ වනවිට හිපලෝස්‌ විසින් මෝසම් සුළං සොයාගෙන නොතිබූ නිසා ප්ලැකැමුෂ්ගේ නැව ගසාගෙන ගියේ කොයි දිශාවට දැයි කිසිවකුටවත් සොයාගත නො හැකි වීලු.

එහෙත්, මාස හයකට පසු ප්ලැකැමුෂ් යළි රෝමයට ආවේය. ප්ලිනි විසින්, රෝම ඉතිහාසයේ සඳහන් කරන ඇනියෝස්‌ ප්ලැකැමුෂ්ගේ මූදුබත් වීමේ කතන්දරයේ ලංකාවත්, කුදිරමලේ තුඩුවත් ගැන සඳහන්ව ඇත. ප්ලැකැමුෂ්ගේ නැව ගොඩබැස්‌සේ ද "හිපොරෝස්‌" හෙවත් "හිපාරු" වරායට යි. රෝම භාෂාවෙන් "හිප්පාරෝස්‌" කියන්නේ අශ්ව කන්දට ය. අශ්ව කන්ද යනු කුදිරමලේ ය. විජයාවතරණයටත් පෙර ජාත්‍යන්තර වරායක්‌ ලෙස අශ්ව කන්ද නාගරීකරණය වී තිබූ බව ඉන් පෙනී යයි. 

ක්‍රි(පූ(543 වකවානුවේ විජය කුමරු සහ පිරිවර මෙම ප්‍රදේශයෙන් ලක්‌බිමට පය තබන ලද්දේ මෙම ස්‌ථානයෙන් බව වංශකතා සාහිත්‍ය( අනුව තහවුරු වී තිබේ. එදා තඹවන් වැල්ලක්‌ ලෙස දිලිසෙමින්, විජය ඇතුළු පිරිසගේ අත්ල තඹ පැහැයට හැරවූ, තම්බපණ්‌නිය මෙම ප්‍රදේශයය. 

විල්ලු 40 ක්‌ ඇති මෙරට එකම ජාතික උද්Hdනය වන විල්පත්තු වනාන්තරය මධ්‍යයෙන් කුදිරමලය ප්‍රදේශයට පිවිසිය හැකිය.

විජය - කුවේණි සිටි මාලිගාවල ගල් කණු, පුරාණ විහාරාරාම 65 ක පුරාවිද්‍යාත්මක නටබුන් සමඟ තවත් පුරාවිද්‍යාත්මක ලෙස වැදගත් ස්‌ථාන රැසක්‌ විල්පත්තු ප්‍රදේශයේ පිහිටා තිබේ.

ශෝකජනක සිද්ධිය වන්නේ, කුදිරමලේ තුඩුව ප්‍රදේශයේ පිහිටා ඇති ඉපැරණි අශ්වයකුගේ රුවක්‌ තිබු ස්‌ථානය හා පැරණි ප්‍රභුවරයකුගේ සොහොන තිබූ ස්‌ථාන දිනෙන් දින විනාශ වන බව දක්‌නට ලැබිමයි.

මන්නාරම් බොක්‌ක ආසන්නයේ පිහිටා ඇති මෙම ස්‌ථානයේ විවිධ පුරා විද්‍යා වටිනාකම් රැසක්‌ කියා පාන ස්‌ථානයක්‌ වන අතර එම ස්‌ථානය කිසිදු සංරක්‌ෂණයක්‌ සිදු නොකිරීම නිසා එහි පුරා විද්‍යාත්මක වටිනාකම්ද පොළවටම පස්‌වී යයි.

කුදිරිමලේ තොට හෙවත් අශ්ව කන්ද නම් විවිධ නම් වලින් අතීතයේ මෙම ස්‌ථානය නම් කර ඇති අතර ඉදිරියට පාදය ඔසවා ගෙන සිටි අශ්වයකුගේ විශාල රුවක්‌ මෙම ස්‌ථානයේ තිබී ඇති අතර එය එල්.ටි.ටි ත්‍රස්‌ත ක්‍රියා හමුවේ මුලින් විනාශවී තිබේ. පසුව එම ස්‌ථානයේ යකඩ ආවර්ණයකින් ආරක්‌ෂාවක්‌ යොදා ඇති නමුත් එම ස්‌ථානය දැන් විනාශවී තව නොබෝ දිනකින් මුහුදට බිලිවිය හැකි බව දක්‌නට ලැබේ. තවද මෙම ස්‌ථානයට පහළින් ප්‍රභූවරයකුට අයත් යෑයි සැලකෙන සොහොනක්‌ද දක්‌නට ලැබේ. එයද කිසිදු සංරක්‌ෂණයක්‌ නොමැති කමින් විනාශ වෙමින් පවතින බව දක්‌නට ලැබේ.

මෙම ස්‌ථානයේ විශාල පැරණි ගඩොල් ගල් රැසක්‌ද තැනින් තැන විසිරී තිබෙනු දක්‌නට තිබේ. වර්තමානයේ මේ ප්‍රදේශවල විවිධ ස්‌ථාන වල නාවික හමුදා නිළධාරීන් පමණක්‌ සිටින ආකාරය දක්‌නට ලැබෙන අතර වෙනත් කිසිවකු දක්‌නට නොලැබේ. 

මේ ආකාරයෙන් විල්පත්තු අභය භූමිය තුළ පිහිටා ඇති මෙවැනි ස්‌ථාන දිනෙන් දින විනාශ වීමට ඉඩ නොදී ඒවා ආරක්‌ෂා කිරීමට මේ පිළිබඳ වග කිවයුතු නිළධාරීන් කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි.

ඉපැරණි පෞරාණික වටිනාකමකින් යුක්‌ත ඉපැණි කරුණු රැසක්‌ අනාවරණය කර ගැනීමට හැකි මෙම ස්‌ථානය සංරක්‌ෂණය කොට ඉදිරි පරපුරට ආරක්‌ෂා කර දීම ජාතික වගකීමකි. 

ඔසිත අත්තනායක 
-
නලින් හෙන්දුරුගොඩ


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.