Thursday, June 22, 2017

චිත්ත විශුද්ධි පදනම - 2017, ජුලි මස පැවැත්වීමට නියමිත ධර්ම වැඩසටහන්

 

පුජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින් 2017, ජූලි මස පැවැත්වීමට නියමිත ධර්ම වැඩසටහන් 


ජූලි 1 සෙනසුරාදා  - 8am – 11am  අට්ඨික සංඥාව කමටහන් දේශනාව -  ගාල්ල , නගරශාලාව -  

ජූලි 1 සෙනසුරාදා - 2pm – 7pm,  සූත්‍ර දේශනාව,  සුනේත්‍රාදේවි රජමහ විහාරය, පැපිලියාන.

 

ජූලි 2 ඉරිදා - 8am – 11am,  සාකච්ඡාමය ධර්ම දේශනාව - අළුබෝමුල්ල , අරුග්ගොඩ, ශ්‍රී ඉන්ද්‍රසරාරාම මහා විහාරය.

ජූලි 2 ඉරිදා - 12.30pm - 4.00pm බෝජ්ජංග දේශනා  - විපස්සනා භාවනා මද්‍යස්ථානය කොළඹ.

 

ජූලි 9,  සෙනසුරාදා - 8am – 4.00pm මාසික ධර්ම වැඩසටහන - අවිස්සාවේල්ල නගර ශාලාව .

 

ජූලි 15, සෙනසුරාදා - 8am – 4.00pm මාසික ධර්ම  වැඩසටහන -  ගම්පහ පාපන්දු සම්මේලන ශාලාව.

 

ජූලි 16, ඉරිදා  - 8am – 4.00pm මාසික ධර්ම  වැඩසටහන - සමාධි ජාත්‍යන්තර බෞද්ධ මද්‍යස්ථානය, තඹුත්තේගම. 

 

ජූලි 22, සෙනසුරාදා - 8am – 4.00pm මාසික ධර්ම  වැඩසටහන - කොටිකාගොඩ රජමහා විහාරය, මාතර  

 

--

චිත්ත විශුද්ධි පදනම

To no longer receive these updates, mail to chiththa.vishuddhi@gmail.com with subject Unsubscribe.


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, June 20, 2017

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 35

 

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 35
මාරයාගේ ස්‌වයං වර්ණනාවට හෝ ස්‌වයං විවේචනයට නොරැවටෙන්න.

පංචඋපාදානස්‌කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් සතියේ ලිපියෙන් අවසන් වූ අතර මෙතැන් පටන් කොටස්‌ කිහිපයකින් යුක්‌තව පළකෙරෙනුයේ එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා 'ස්‌වාමීන්වහන්ස, මාරපාක්‍ෂික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්‌කන්ධයට අදාළව ඇතිකර ගන්නා ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් නිසාමද?' කියලා. 

මාරපාර්ශ්වික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වන්නේ අනිවාර්යයෙන්ම පංචඋපාදානස්‌කන්ධයට අදාළව ඇතිකොට ගන්නා තෘෂ්ණාව නිසාමය. සක්‌කාය දිට්‌ඨියෙන් පෝෂණය වුණු පංචඋපාදානස්‌කන්ධය නිරතුරුවම තමා තුළින් සිල් පද බිඳිමින්, අකුසල මූලයන් තව තවත් තීව්‍ර කරමින්, සුදුසු අවස්‌ථාවන්හිදී ද්විත්ව චරිතයක්‌ ලෙසින් පෙනී සිටිනවා. මෙහිදී ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන්ගෙන් ඔද්දල් වුණු විඤ්ඤාණය නමැති මැජික්‌කරුවා, අපූරු වේශයන්ගෙන්, අපූරු රංගනයන්ගෙන්, අපූරු ගුණාත්මකභාවයක්‌ මවාපාමින් නිසරු දෙය සරු වශයෙන් පෙන්වනවා. මෙතැනදී විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාගේ මැජික්‌ සන්දර්ශනයේ අපූර්වත්වය වර්ණනා කෙරෙන්නේ ද, තවත් විඤ්ඤාණය නමැති මැජික්‌කරුවෙක්‌ නිසාත්, මෙම ක්‍රියාන්විතය තුළ දෙපාර්ශ්වයටම සිද්ධ වෙන්නේ, මාරයා විසින් මාරයාවම වර්ණනා කිරීම සහ විවේචනය කිරීමයි. විවේචනයත්, වර්ණනාවත් තුළ මාරයාමයි ශක්‌තිමත් වෙන්නේ. සමාජය තුළ සද්ධර්මයේ අර්ථයන් ගුණාත්මකව වර්ධනයක්‌ සිද්ධවෙන සෑම කාලවකවානුවකදීම, එම සද්ධර්මයේ වර්ධනය නැවත දුර්වලකොට දැමීමට, මනුෂ්‍යයා තුළ අකුසල් මූලයන් වර්ධනයකරවීමට, මාරධර්මයන්ගේ චර්යා රටාවන්, මාරයා විසින්ම උපක්‍රමශීලීව වෙනස්‌කොට ගන්නවා. 

පිංවත් ඔබ මාරයාව නිරතුරුවම හඳුනා ගන්නේ අධර්මයේ වේශයෙන්. එසේත් නැති නම් අකුසල් මූලයන්ගේ වේශයෙන්. ඉහත සුපුරුදු හඳුනා ගැනීම නිසාම, සද්ධර්මයේ අර්ථයන් ගුණාත්මකව වර්ධනය වන විට, පිංවත් ඔබ දක්‍ෂයි ඔබ තුළ සකස්‌වෙන සිල් පද බිඳීම් අවම කොටගෙන, අකුසල මූලයන් සියුම් කොටගෙන, මාරපාර්ශ්වික ධර්මයන්ගෙන් මිදෙන දිශාවට පියවර ඉදිරියට තබන්න. මාරපාක්‍ෂික බලය කම්පාකරවන මේ තැන, මාරපාක්‍ෂික ධර්මයන්ට බොහෝම අභියෝගාත්මක තැනක්‌. ඉවසුම් නොදෙන තැනක්‌. මෙවැනි අභියෝග හමුවේ මාරයා නිරතුරුවම තම සුපුරුදු උපක්‍රම, ක්‍රමවේදයන්, උපක්‍රමශීලීව වෙනස්‌කොට ගන්නවා. දැන් අලුත් ජවනිකාවෙදි මාරයා ඔබ ඉදිරියට එන්නේ අධර්මයේ වේශයෙන් නොවේ. ධර්මයේ වේශයෙන්. අල්ලා ගැනීමේ වේශයෙන් නොවේ. අතහැරීමේ වේශයෙන්. ද්වේශයේ වේශයෙන් නොවේ. කරුණාවේ වේශයෙන්. පංචඋපාදානස්‌කන්ධ ලෝකයාට මේ මාරපාක්‍ෂික හැසිරීම ආශ්චර්යයක්‌ වුවද, සැබැවින්ම මෙතැන ඇත්තේ විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාගේ පුහු රඟපෑමක්‌ පමණක්‌මය. එකම කාසියේ දෙපැත්ත උඩදමා කෙරෙන හුදු ක්‍රීඩාවක්‌ පමණක්‌මය.

වර්තමාන සමාජය තුළ ශිල්පද බිඳීම් ශීඝ්‍රයෙන් වැඩි වන නිසාම, සක්‌කාය දිට්‌ඨියේ තිව්‍රභාවය නිසාම, වර්තමාන සමාජය, මාරයාගේ මේ කුරිරු උපක්‍රමයේ කරවටක්‌ ගිලී ඇති බව පෙනෙන්නට තිබෙනවා. පංචඋපාදානස්‌කන්ධ මාරයා වර්තමාන සමාජය මතට එලා තිබෙන මේ මාර දැල තුළින්, මාරයාගේ අනාගත ඉලක්‌කය වන්නේ මේ ධර්මද්වීපය තුළ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ට බලවත් අනතුරක්‌ කිරීම විය යුතුමය. පිංවත් ඔබ මාරයාගේ මේ සටකපට අනතුර නුවණින් හඳුනානොගන්නේ, විඤ්ඤාණය නමැති මැජික්‌කරුවා නිරතුරුවම ඉදිරිපත් කරන ආශ්වාදයේ රංගනයන් නිසාමය. ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් ඔද්දල්වුණු, පංචඋපාදානස්‌කන්ධ මාරයාගේ මේ උපක්‍රමශීලී 'නරනාටක' මැජික්‌ සංදර්ශන හමුවේ, පිංවත ඔබ අලෝභ, අද්වේශ, අමෝහ කුසල් ධර්මයන්ගෙන් සමාජයට පූර්වාදර්ශයක්‌ ලබාදීමට දක්‍ෂ වෙන්න.

පිංවත් ඔබ භික්‍ෂුවගෙන් විමසුවොත් කුමන හේතුවෙක්‌ නිසා මෙවැනි අනතුරක්‌ සමාජය තුළ ක්‍රියාත්මක වන්නේද? කියලා, ඊට මූලිකම හේතුව, සියලුම පාර්ශ්වයන්ගේ සම්මාදිට්‌ඨියේ අර්ථය දුර්වලවීමයි. සම්මා දිට්‌ඨියේ අර්ථයන් සමාජයෙන් දුර්වල වන විට, ඊට ආදේශකයක්‌ ලෙස සමාජය තුළින් මතුව එන්නේ මිථ්‍යාදෘෂ්ටියේ, මිත්‍යා සංකප්පයන්ගේ අර්ථයන්ය. සම්මා දිට්‌ඨිය කියන අර්ථය මේ ලෝක ධාතුවේ තිබෙන, තමනුත් රකින, අනුනුත් රැකෙන, මෙලොව පරලොව සැපයට ලැබෙන ශ්‍රේෂ්ඨම අර්ථයයි. මේ උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථය ජීවිතයෙන් ගිලිහුණු තැනදී, බුදුරජාණන්වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උත්තමයකුගේ ඉගැන්වීම් ජීවිතයට එකතුකොට ගන්නේ නැහැ. තෙරුවන් සරණ හැර මට වෙන සරණක්‌ පිහිටක්‌ නැතිය කියලා හිතන්න දක්‍ෂ නැහැ. තමන්ට ධනය, බලය, කීර්තිය ලබාදෙන ධර්මතාවන් තමයි එකම සරණකොට, එකම පිහිටකොට ගන්නේ. මේ හේතුව නිසා සමහර පිංවතුන් තමන් සිංහල බෞද්ධයෙක්‌ කියලා ප්‍රසිද්ධියේ කියන්න බයයි. එවැනි පිංවතුන් 'මම ලාංකිකයෙක්‌' වැනි සම්මාදිට්‌ඨියට ප්‍රතිවිරුද්ධ වචන තමයි භාවිතා කරන්නේ. 

සිංහල බෞද්ධයා කියන්නේ, ආර්ය අශ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නා කියන අර්ථයම විය යුතුයි. පිංවත් ඔබ බෞද්ධයෙක්‌ය කියලා ප්‍රසිද්ධියේ කියන්න බිය නම්, ඒ ඔබ බියවන්නේ 'මම ආර්යඅශ්ටාංගික මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙක්‌. මම තෙරුවන් සරණ පිහිටි පුද්ගලයෙක්‌. මම සම්මා දිට්‌ඨියට පත් පුද්ගලයෙක්‌ කියන අර්ථයටයි. මාරපාර්ශ්වික ධර්මයන් නවීන මතවාද, සංකල්පයන් ඉදිරිපත්කොට, සිංහල බෞද්ධකම දුර්වල කරන්නේ, දුර්වල වන ආකාරයට සමාජයට වැරදි පූර්වාදර්ශයන් ලබාදෙන්නේ, සමාජයෙන් උතුම් ආර්ය අශ්ටාංගික මාර්ගය දුර්වල කොට දැමීමටය. පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකොටගත්තා නම්, එය සක්‌විති රජකම ලබනවාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්‌ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ඒ කියන්නේ උතුම් සම්මා දිට්‌ඨිය, සක්‌විති රජකමටත් වඩා ශ්‍රේෂ්ඨ බව බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබියදී, වර්තමාන සමාජයේ සෑම පාර්ශ්වයක්‌ම මාරපාක්‍ෂික ධර්මයන්ට යටත්වීම නිසාම, අන්තිම සුළු සැපයක්‌ උදෙසා, අන්තිම සුළු බලයක්‌ උදෙසා උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ජීවිතයෙන් අහිමි කොට ගන්නවාද?

ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, June 12, 2017

රම්බරිගේ නොම්බරේ

ළහිරු පෙරේරා - රම්බරි ගීතයේ සැබෑ අරුත

ගොඩක් අය සිතන පරිදි මෙලෝ තේරුමක් නැති ගීතයක් යැයි සිතුවත් මෙහි පද පේළියෙන් පේළිය ඉතා සංයමයෙන් ශ්‍රවණය කළ මා හට වැටහුනේ ඉතාමත් අනුවේදනීය කතාවක් මේ වටා ගෙතී ඇති බවයි. මෙහි සැබෑ අරුත නම්, ජිවිත් වීම උදෙසා මහමඟ විරිඳු ගායනා කරන ඉතා දිළිඳු පුද්ගලයෙක් වටා ගෙතී ඇත්තකි. එය මෙසේය.

"රම්බරි කියපං උඹෙ නොම්බරේ
තන්දුරි කමුද නොදා බර බරේ"

හඳුනා නොගත් මාරාන්තික රෝගයකින් පෙළෙන තම නැගණිය වන රම්බරිගෙන් විමසන්නෙ හෙට ක්ලිනික් එකෙ පෝළිමෙ නොම්බරෙ කීයද බවත්, රෝහල වෙත යාමට පෙර උදෑසන අහාරය ලෙස තමා ගෙනා ඉන්දියානු දිළිඳු මට්ටමෙ අහාරයක් වන තන්දුරී මැසිවිලි නොනගමින් අහාරයට ගන්නා ලෙසත්ය.

"වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ"

තම පවුලටවත් හරිහමන් අයුරින් කන්නවත් නැති වෙලාවක අම්පාරෙ නෑදෑ මල්ලි කෙනෙක් ගෙදරට පැමින ඇති අතර මොහු ලංකාවට ප්‍රභාකරන් ඇණයක් උනා සේ තමන්ටද ඇණයක් වී ඇති බව මෙම පද පේළිවලින් දක්වයි

"ජම්බෝලෙ වගෙ ඉන්න සුන්දරා
සම්බෝලෙ කොටලා ගමුද ලුණු දමා
දංගොල්ලෙ මාමා ඇවිත් මහා කුණා
ගස් පල්ලෙ ඉදන් බොමුද රා පෙරා"

අපේ කතානායකයා කුස්සියට ගොස් තම වැඩිමල් සොයුරිය සුන්දරා වෙත ආදරයෙන් අමතා සම්බෝලයක් හෝ සාදන්නයැයි පවසන්නෙ වෙහෙසකර දිනයක කුසගින්න නිවාගැනීමටය. එසේ සොයුරිය සම්බෝල හදන විට අද දින අතමාරුවක් කර ගැනීමට ගොස් ඉල්ලා සිටි මුදල නොදුන් දංගොල්ලෙ තම මාමාගෙ ලෝබකම පිළිබඳවද ඇයට පවසන අතර. මේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙන්න අමතපදං න්‍යාය කෙරෙහි සිත යොමන බවද ඇයට පවසයි.

"එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රසකතා
පාන් බාගෙ කපලා ගන්න ප්ලේට් වක් කරලා ගන්න එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා"

මෙහි මල්ලි යන වචනය හය වතාවක් ඇති අතර එනම් මොහුට සොහොයුරන් හය දෙනෙකි. ඒ ඔක්කොමලා වෙත මොහු අඬගසන්නෙ ප්ලේට් සමඟ පාන් බාගයක් කන්නටය. මේ පද පෙළෙන් ඔබට වැටහේවි පවුලෙ දරිද්‍රතාවය පාන් බාගයක් හත් දෙනෙක් කන විට.

"එන්න නංගි එන්න නංගි හැඩදමා
එලිවෙනකල් සිංදු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය එළි වෙනකල් අපේ ජොලිය ගන්න නංගි ගන්න නංගි එක් වෙලා"

කලින් තර්කට අනුව ගත් කල මොහුට සොහොයුරියන්ද සය දෙනෙකි. ඔවුන්ට මොහු අඬගසන්නෙ මොහු පාරෙ විරිඳු ගයා රාත්‍රියට කොළඹ බැලිස් කැසිනෝ හීත් ගී ගයන අතර ඒ සඳහා නර්තනය යෙදීමටය.බලන්න ජීවිතය ගැට ගසා ගැනීමට ගන්නා වෙහෙස.

"කණ්ණාඩි දැම්මත් නෑ හැඩවැඩේ
කවුද මේක බාරගන්නෙ අන්තිමේ
ලොරි බාගෙ මට දුන්නත් හුටපටෙ
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ"

මේ පද හතරෙන්ම තම ප්‍රියාදර බිරින්දෑ පිළිබඳ විස්තර කර ඇති අතර ඇයගෙ හැඩරුව. සයිස් එක හා හඬ පෞරුෂයද විස්තර කර ඇත.

"හුම්මානෙන් වතුර බොමුද සෝබනා
හඳපානෙ විරිඳු කියමු රංජනා
ලොරි බාගෙ රවුමක් යමු රෑ වෙලා
මරදානෙන් පරාට කමු ළං වෙලා"

මුදල් හිඟකම හේතුවෙන් කුසගින්නට මුහුදු වතුර බීමට වන බව පවසන අතර. අමතර ආදායමක් උදෙසා රාත්‍රියේදි තමා හා කෝච්චියෙ විරිඳු කියන්නට යමුද යැයි බිරිඳගෙන අසයි. සල්ලි කීයක් හෝ හමු වූ විගස පරාටා අරං දෙන බවද පවසයි. එනම් මේ තම බිරිඳ සමඟ නිදි යහන මත සිට සිදු කරන සාකච්ඡාවක් වන අතර ඒ බව, පෙර ලොරි බාගෙට සමාන කල ඇයගෙන් රෑ වෙලා රවුමක් යමුද ඇසීමෙන් වඩාත් තහවුරු වේ.

"සෙල්ලන් වලින් රට හොල්ල්පු ලොකු සිරා
ඇතුළෙ ඉදන් ඊයෙ ඇවිත් ඒ හොරා
එහා ගෙදර මැගි අක්කට හරි හිනා
මට නම් නෑ දිරවන්නෙ ඔය කතා
මුරලි දැම්මා හොඳට දුස්රා අඹරලා
සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
ජෝන් සීනා කාලා හොඳට පෙරෙදා
වහලෙ හිලෙන් වතුර ගැලුවා රෑ පුරා"

මෙය සම්පූර්ණ කතාවෙන් පිට ගොස් ගීත රචකයා අනාගතේ පිළිබඳ අනාවැකි කිහිපයක් පළ කොට ඇති අතර ගීතය නිකුත් වී වසර කිහිපයකට පසු ඒවා සත්‍ය වී ඇත.
1) සිරිසේන ජනාධිපති වන බව
2) ඒ පිළිබඳව චන්ද්‍රිකා සතුටු වන බව
3) මුරලි hall of fame වන බව
4) සනත් ලීක් කරගන්නා බව
5) ජෝන් අමරතුංග ගම කාගන්නා බව
6) ගං වතුර ගලන්න වහින බව

තේරුමක් නැතැයි සිතූ ගීතයක සැබෑ අරුත මෙයයි.

-උපුටා ගැනීමකි -
________________________________
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, June 4, 2017

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 33

 

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 33
දැනුම පළිබෝධ සහිතයි - අවබෝධයෙන් පරිහරණය කරන්න

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

තමා තුළින් තමා දකිමින්, තමා තමාට අවංක වෙමින් නැවත නැවත අදාළ ධර්මයන් ස්‌වයං පරීක්‍ෂණයකට ලක්‌කරමින් ඔහු විශ්වාසයකට පැමිණෙනවා, ඔහු තුළින් සතර අපාය කෙරෙහි බිය දුරු වුණාය කියලා. උතුම් සෝවාන් ඵලයට පත්වූ පිංවතාට, තමා තුළ සකස්‌වෙන, තමන් සතර අපායෙන් මිදුණාය කියන සිතත්, අනිත්‍යවූ පංචඋපාදානස්‌කන්ධයක්‌ පමණක්‌මයි. ඔහු තමන් සෝවාන් ඵලයට පත්වුණාය කියන සිතටත් බැඳෙන්නේ නැහැ. 

පිංවත් ඔබ මේ සටහන කියවා නුවණින් තේරුම්ගෙන මොහොතක්‌ දෑස්‌ පියාගෙන, අතීත භව ගමනේදී බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන් පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළ දහම් ශ්‍රවණය කළ හැටි, අතීතයේ ලක්‍ෂ ගණනක්‌ වූ මහ රහතන් වහන්සේලාගෙන්, මහා සංඝරත්නයෙන් ධර්ම දේශනා තුළින් පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළ ධර්මයන් ශ්‍රවණය කළ හැටි නුවණින් දකින්න. පිංවත් ඔබ, දිව්‍යඵල, බ්‍රහ්මඵල වල ඉපිද අනාගාමී බ්‍රහ්මයන්ගෙන් පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළ ධර්මයන් ශ්‍රවණය කළ හැටි නුවණින් දකිමින් ඒ අතීත පංචඋපාදානස්‌කන්ධ ධර්මයන් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. එසේ දකිමින් මේ මොහොතේ පිංවත් ඔබ මේ 'දිවයින' ඉරිදා සංග්‍රහයේ පළවන පංචඋපාදානස්‌කන්ධ ධර්මයන් ගැන සටහන් වෙන මෙම සටහනද කියවා ඔබ තුළ සකස්‌වූ අතීත, වර්තමාන පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ද අනිත්‍ය බව නුවණින් දකින්න දක්‍ෂ වෙන්න.

සියලු සංස්‌කාරයෝ අනිත්‍යභාවයට පත්වෙනවා. සියලු සංස්‌කාරයෝ අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන් සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන විඤ්ඥාණයද අනිත්‍ය භාවයට පත්වෙනවා. විඤ්ඥානය අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම විඤ්ඥාණය හේතුවෙන් සකස්‌වෙන නාම රූප ධර්මයන් අනිත්‍යභාවයට පත්වෙනවා. නාම රූප ධර්මයන් අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම සත්ත්වයා පටිච්චසමුප්පන්නව භවයේ ඈතින් ඈතට ගසාගෙන යනවා. අනිත්‍ය වූ පංචඋපාදානස්‌කන්ධය නිත්‍ය වශයෙන් ගනිමින් දුක කැමැත්තෙන්ම උරුමකොට ගන්නවා. දුකෙන් මිදීමේ එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිංවත් ඔබට මේ භව ගින්දර නිවා දැමීම පිණිස සිසිල් දියපොද වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිංවත් ඔබට පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමේ උපකාරක ධර්මයක්‌ සකස්‌ කොටදෙන තීරක බලාවේගය වෙනවා. 

සෝවාන් ඵලය ගැන කථා කරනකොට දැනුම සහ අවබෝධය අතර වෙනස දැනගැනීම අත්‍යවශ්‍ය කාරණයක්‌ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ළිඳක්‌ තිබෙනවා, එම ළිඳේ පිරිසිඳු ජලය තිබෙනවා, මනුෂ්‍යයෙක්‌ ජලය පානය කොට පිපාසය සංසිඳුවා ගැනීමේ බලාපොරොත්තුවෙන් ළිඳ ළඟට එනවා. නමුත් ළිඳ ළඟ බාල්දියක්‌ නැහැ, වතුර පානය කොට පිපාසය සංසිඳුවා ගන්නට. තවත් එවැනි ළිඳක්‌ තිබෙනවා, එහිද පිරිසිඳු ජලය තිබෙනවා. මනුෂ්‍යයෙක්‌ ජලය පානයකොට පිපාසය සංසිඳුවාගැනීමට ළිඳ ළඟට එනවා. ඔහු ළිඳ ළඟ තිබෙන බාල්දියෙන් වතුර ඇදගෙන පිපාසය සංසිඳුවා ගන්නවා. දැනුම හරියට පිරිසිදු ජලය තිබුණත් එම ජලය පරිහරණයට ගැනීමට නොහැකි බාල්දියක්‌ නැති ළිඳ වගේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 

වර්තමාන සමාජයේ දැනුම නිසාම, දැනුම නිසා සකස්‌කොටගත් වෘත්තීය මමත්වයේ දැඩිභාවය නිසාම පිංවතුන් බලවත් ආකාරයට පංචඋපාදානස්‌කන්ධයට බැඳී යනවා. දැනුම තුළ මම දකිනවා. මම තුළ 'දැනුම' දකිනවා. දැනුම මගේ ආත්මය කොට දකිනවා. මේ සියල්ල සංස්‌කාරයන්ගේ ඵලයක්‌ හැටියට දකින්නේ නැහැ. සංස්‌කාරයන් හේතුවෙන් සකස්‌වෙන විඥානයේ ක්‍රියාත්මකභාවය වශයෙන් දකින්නේ නැහැ. හේතුව නොදකින නිසාම ඵලය දුකක්‌ බවට පත්කොටගන්නවා. කුමන ක්‍ෂේත්‍රයක වුවද, ඔබ ලබා තිබෙන දැනුම යනු අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයකි. අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌ හේතුවෙන් ඔබට ලැබුණු දැනුම නිසා ඔබ මමත්වයේ දැඩිභාවය ඇතිකොටගත්තොත් දැනුම හේතුවෙන්ම සකස්‌කොට ගන්නා අකුසල් සංස්‌කාර හේතුවෙන් ඔබ අනාගත භවයේ නූගතෙක්‌ බවට පත්වෙනවා. පිංවත් ඔබ නුවණින් දකින්න දක්‍ෂ වෙන්න ඕනේ, වර්තමාන සමාජයේ යම් නූගත් පිංවතුන් ජීවත් වෙනවා නම් එම නූගත්භාවයට අවශ්‍ය සාධක සකස්‌කොට දුන්නේ එම පිංවතා අතීතයේ දැනුම නිසා ඇතිකොටගත් අකුසල් සංස්‌කාරයන් නිසාම කියන කාරණය. 'සංස්‌කාර පච්ඡයා විඤ්ඥාණ කියන ධර්මතාව තට්‌ටු මාරු ක්‍රමයට සත්ත්වයා උගත්භාවයෙන් නූගත්භාවයට, සුගතියෙන් දුගතියට පත්කිරීමේ ක්‍රියාන්විතයේ පෙරගමන්කරු වෙනවා. 

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Think a Twice

 

මා අසා ඇති පරිදි සේඛ හෙවත් ශෛක්ෂ්‍ය කියන්නේ හික්මීම. අපි රහත් වෙන තෙක්ම මේ හික්මීම උපරිමය දක්වා වැඩිකරගන්න ඕනෑ. ඉතින් නිවන් දැකීමට ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම වගේ ම, සේඛ බල ධර්ම දියුණු කළයුතුව ඇති.

 

http://www.divaina.com/images/bud14feb/bud7.html මේගැන විස්තරයක් තියනවා..

 

"මේ සිත පිරිසිදු කිරීම අපි හිතන තරම් පහසු කටයුත්තක්‌ නම් නොවේ. එය ඉතා ම අමාරු, ඉතා ම දුෂ්කර වූ කටයුත්තක්‌. අපට මේ සිතේ තිබෙන කිළිටි ස්‌වභාවය බැහැර කරගෙන, සිත පිරිසිදු දෙයක්‌ බවට පත් කරගන්න විශාල ශක්‌තියක්‌, විශාල බලයක්‌ වුවමනා කරනවා. සිත පිරිසිදු කරගන්න යම් බලයක්‌ නැතුව ඒක කරන්න පුලුවන් කමක්‌ ලැබෙන්නේ නැහැ. ඒ ලෙසට ධර්මය පුරුදු කිරීම පිණිස අපි උපදවාගත යුතු ඒ බලයන්ට කියනවා සේඛ බල කියල. ධර්මය පුරුදු කරන කෙනා සේඛ ශ්‍රාවකයා. ඒ සේඛ පුද්ගලයාට ධර්මය පුරුදු කරගැනීම පිණිස තිබෙන බල, සේඛ බල වශයෙන් හඳුන්වා දෙනවා. 

 

භාග්‍යවතුන් වහන්සේ විසින් අපට සේඛ බල පහක්‌ පෙන්වා දුන්නා. ඒවා තමයි ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, ප්‍රති බලය. ධර්මය පුරුදු කරමින් ජීවිතය යහ මඟට ගන්න කල්පනා කරන අය විසින් මේ උතුම් සේඛ බලයන් උපදවා ගත යුතු ම යි. මේ සේඛ ධර්මයන් උපදවා ගන්නෙ නැතිව අපට ධර්මයෙන් පිහිටක්‌ පිළිසරණක්‌ ලබන්න පුළුවන් කම ලැබෙන්නෙ නැහැ. මේ සේඛ බල උපදවා ගැනීම මගින් තමයි ධර්මයෙන් පිහිට ලබන්න, ධර්මයෙන් උපකාර ලබන්න අපට බලයක්‌ ලබා දෙන්නේ. ඒ නිසා මේ උතුම් සේඛ ධර්ම ගැන අපි ඉගෙන ගෙන මේ සේඛ ධර්ම ක්‍රම ක්‍රමයෙන් පුරුදු කරගෙන ඒ සේඛ ධර්ම බලවත් බවට පත් කරගන්න කල්පනා කළ යුතු යි. "...

 

 

කලයුතු සියල්ල කර අවසන් කලාවූ රහතන් වහන්සේ තුල මෙසේ විශේෂ උත්සාහයකින් හික්මීමක් ඇතිකරගැනීමට අවශ්‍ය නැති නිසා, උන්වහන්සේ අසේඛ හෙවත් අශෛක්ෂ්‍ය උත්තමයකු ලෙස හැඳින්වෙනවා

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දසක නිපාතය » (11) 1. සමණසඤ්‌ඤා වර්ගය- අසෙඛ සූත්‍රය

එකල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කීය:

වහන්ස, අසෙඛයා, අසෙඛයා යි කියනු ලැබේ. වහන්ස, මහණ කෙතෙක් කරුණින් අසෙඛ වේ දැ යි?

මහණ, මෙ සස්නෙහි මහණ අශෛක්ෂ සම්‍යග්දෘෂ්ටියෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යක්සංකල්පයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යග්වචනයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යක්කර්මාන්තයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යගාජීවයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යක්ව්‍යායාමයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යක්ස්මෘතියෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යග්ඥානයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යග්විමුක්තියෙන් සමන්වාගත වෙයි. මහණෙනි, මහණ මෙසේ අසෙඛ වේ යයි.

 

 

 

 

 

 

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

චිත්ත විශුද්ධි පදනම - 2017, ජුනි මස පැවැත්වීමට නියමිත ධර්ම වැඩසටහන්

 

ජුනි 3, සෙනසුරාදා,  2pm - 7pm - රථ විනීත සූත්‍රය ඇසුරෙන් කෙරෙන ධර්ම දේශනාව, සාමෝදය ශාලාව, මාවතගම.

ජුනි 4,  ඉරිදා,   8am – 11am - මෛත්‍රී භාවනා කමටහන් දේශනාව,  නගර ශාලාව, පානදුර.

ජුනි 4,  ඉරිදා,  12:30pm – 5:00pm - "විරිය සම්බොජ්ඣංග" ඇසුරෙන් කෙරෙන ධර්ම දේශනාව, විපස්සනා භාවනා මද්‍යස්ථානය, කොළඹ

පසුගිය ධර්මදේශනා සඳහා

 https://www.youtube.com/c/ChiththaVishuddhiFoundation

මහානිදාන සුත්‍රය ඇසුරින් කල දේශනය

"ධම්මවිචය සම්බොජ්ඣංග" දේශනය 

 

 

 

චිත්ත විශුද්ධි පදනම

To no longer receive these updates, mail to chiththa.vishuddhi@gmail.com with subject Unsubscribe.


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.