Tuesday, December 4, 2018

7. බුදු දහම නොරැවටී වටහාගන්නට නම්...

දුක යනු ප්‍රහාණය කළයුත්තක් නෙමෙයි, පිරිසිඳ දැකිය යුත්තක්. එවිටයි දුක්ඛ නිරෝධය හෙවෙත් හට නොගැනීම සාක්ෂාත් වෙන්නේ. ප්‍රහාණය කල යුත්තේ තණ්හාව යි අවිද්‍යාවයි. එහෙනම් අපට දුකෙන් මිදෙන්න නම්  පටිච්චසමුප්පාදය ප්‍රඥාවෙන් දකින්නම වෙනවා නේ

බුදුහිමියන් ගේ ද්ශනාව කුමක්ද?

 

... යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ

තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ

~ විනයපිටකයමහාවග්‌ගපාළිමහාඛන්‌ධකොසාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා

 

හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන්‍ තථාගතයන් වහන්සේ විස්තර කරන සේක;

ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක. (බුදුරජාණන් වහන්සේ) මෙසේ පවසන මහා ශ්‍රමණයන් වහන්සේ නමකි..

 

බුදු දහම කියන කොට ම වැටහුනේ, පාරමිතා සපිරුණු, හිරු එළිය ලද විගස පිපෙන්නට සිටි පියුමක් පරිද්දෙන් සිටි උපතිස්ස, භාහිය දාරූ චීරිය, පුක්කුසාති වැනි මහා ප්‍රාඥයන්ට. මින් අසංඛෙයි‍ය කල්ප ගණනකට පෙර "අනෝමදස්සී" සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ සාසනය තිබියදී "සරද" නම් තාපසයකු ව විසූ කාලයේ  සිට පෙරුම් පිරූ  සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉහත ගාථාවේ මුල් පද දෙක අසන විටම සත්‍යාවබෝධය කළා. ඔබේ ශාස්තෘවරයා මොනවාද දේශනා කරන්නේ කියා අස්සජී මහා රහතන්වහන්සේගෙන් ඇසූ උපතිස්ස පිරිවැජියාට දුන් පිළිතුර එම ගාථාවයි.  පළමු දෙපදයේ අනුලෝම පටිච්චසමුප්පාදයත් තුන්වන පදයේ පටිලෝම පටිච්චසමුප්පාදයත් හකුලවා කියනවා. එහෙනම් අපත් සත්‍යාවබෝධයට කළයුත්තේ පටිච්චසමුප්පාදය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ම නේද?

හැබැයි අප ලෝකයේ යමක් වටහාගන්නේ ශ්‍රද්ධා, රුචි, අනුශ්‍රව, ආකාර පරිවිතක්ක, දෘෂ්ටි නිජ්ඣානක්ඛන්ති කියන ලෞකික ක්‍රමයන්ට පමණයි. ප්‍රඥාවෙන් දැකීම යනු මේ ආකාර ඉක්මවූ දැකීමක්.

 

මේක අහපු ගමන් ප්‍රඥාවෙන් දකින්න නම් ඉහත උතුමන් පරිදි උග්ගටිතඤ්ඤ හෝ විපටිතඤ්ඤ මහා ප්‍රඥයකු වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම්, න්‍යෙය පුද්ගලයකු ලෙස වීර්යයෙන්, ශ්‍රද්ධාවෙන්  කල්‍යාණ මිත්‍ර සේවනය කරමින් පිරිසිදු ධර්මයම හදාරමින්, සීල සමාධි ප්‍රඥා එකිනෙකට ප්‍රත්‍ය වෙමින් වැඩෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදෙන්න වෙනවා.

 

මට ධර්මය උගන්නන්න තරම් ධර්මාවබෝධයක් නැති නිසා මෙතනින් නවතින්නම්. මේ ටික ලිව්වේ දැනට සද්ධර්ම ප්‍රතිරූපක වලට අසුවී දහම දැක්කයි දෘෂ්ටිවල ඉන්න අයට නෙමෙයි. ඒ අය මේවා කියවා නැවත සිතන්නට නොපෙළඹෙන බව දන්නවා. මා ද එවැනි දහමක ට නතුවෙන්නට ගොස් ගැලවුනේ කල්‍යාණ මිත්‍රයන් නිසා මයි. ඒ නිසා තවම අසුවී නැති අයට, ඉදිරියට මෙවැනි ප්‍රතිරූපක ලැබෙනවිට සිතන්නට යමක් ලිවීම මෙහි අරමුණයි.

 

(කල්‍යාණ මිත්‍ර පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේ දේශනා තුල සද්ධර්ම ප්‍රතිරූපක පිළිබඳව පෙන්වා දුන් විග්‍රහයන් මෙහිදී මා උපකාර කරගත්තා.)

තෙරුවන් සරණයි.

 

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, December 3, 2018

6. බුදු දහම නොරැවටී වටහාගන්නට නම්...

 

 

''සෙය්යථාපි, ආවුසො, යානි කානිචි ජඞ්ගලානං පාණානං පදජාතානි සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති යදිදං මහන්තත්තෙන; එවමෙව ඛො, ආවුසො, යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙතෙ චතූසු අරියසච්චෙසු සඞ්ගහං ගච්ඡන්ති. කතමෙසු චතූසු? දුක්ඛෙ අරියසච්චෙ , දුක්ඛසමුදයෙ අරියසච්චෙ, දුක්ඛනිරොධෙ අරියසච්චෙ, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චෙ''.

කතමඤ්චාවුසො, දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං ලභති තම්පි දුක්ඛං; සංඛිත්තෙන, පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. කතමෙ චාවුසො, පඤ්චුපාදානක්ඛන්ධා? සෙය්යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො.

''කතමො චාවුසො, රූපුපාදානක්ඛන්ධො? චත්තාරි මහාභූතානි, චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං.

''කතමා චාවුසො, චත්තාරො මහාභූතා? පථවීධාතු, ආපොධාතු , තෙජොධාතු, වායොධාතු.

කතමා චාවුසො, පථවීධාතු? පථවීධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා චාවුසො, අජ්ඣත්තිකා පථවීධාතු? යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං,

මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගො » මහා හත්ථිපදොපම සූත්රය~ සම්පූර්ණ සූත්රය ...

 

"ඇවැත්නි, පොළොවෙහි හැසිරෙන්නාවූ (පා ඇති) ප්රාණීන්ගේ යම්කිසි පා සටහන් වෙත්ද, සියල්ල ඇත් පියවරෙහි ඇතුළත් වෙත්ද ඔවුන් අතුරෙන් ඇත් පියවර මහත් බැවින් අග්රයයි යම්සේ කියනු ලැබේද, එපරිද්දෙන්ම ඇවැත්නි, යම්කිසි කුසල ධර්මයෝ වෙත්ද, සියල්ල චතුරාර්ය සත්යයෙහි ඇතුළත් වෙත්. කවර සතරෙක්හිද යත්? දුක්ඛ ආර්ය සත්යයෙහි, දුක්ඛ සමුදය ආර්ය සත්යයෙහි, දුක්ඛ නිරොධ ආර්ය සත්යයෙහි, දුක්ඛ නිරෝධ ගාමිනී ප්රතිපදා ආර්ය සත්යයෙහි යන මේ සතරෙහිය.

"ඇවැත්නි, දුක්ඛ ආර්ය සත්යය නම් කවරේද? ඉපදීමද දුකය, ජරාවද (මහලු වීම) දුකය, මරණයද දුකය, ශොකයද දුකය, (විලාප කියා) හැඬීමද දුකය, කායික දුකද දුකය, සිතේ දුකද දුකය, දැඩි වෙහෙසද දුකය, කැමති වන යමක් නොලබාද එයද දුකය, කොටින්ම පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයෝම දුක් වන්නාහ. ඇවැත්නි, පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ නම් කවරහුද? මොව්හුය. රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංස්කාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය, (යන මේයි.)

"ඇවැත්නි, රූප උපාදාන ස්කන්ධය නම් කවරේද? මහා භූත රූප සතර හා සතර මහා භූතයන්ගේ උපාදාය රූපයෝය.

"ඇවැත්නි, සතර මහා භූතයෝ කවරහුද? පඨවි ධාතුවදආපෝ ධාතුවද, තෙජෝ ධාතුවදවායෝ ධාතුවද, යන සතරයි. "ඇවැත්නි, පෘථිවි ධාතුව කවරේද? ආධ්යාත්මිකවූ පෘථිවි ධාතුවක්ද වන්නීය, බාහිරවූ පෘථිවි ධාතුවක්ද වන්නීය, ඇවැත්නි, ආධ්යාත්මිකවූ පෘථිවි ධාතුව කවරේද? තමා තුළවූ කර්කසවූ, තදවූ, ජීවිතය සහිතවූ, යම් ද්රව්යයක් වේද,....

 

අප ධර්මාවබෝධය කළ යුත්තේ දුක දුරු කිරීමට නේද? එහෙම දුකක් නැතිනම්, ඉන්න ටික කාලේ සතුටින් ඉඳලා මැරෙන්න පුළුවන් නේ. චතුරාර්ය සත්යය බුදු හිමි පෙන්වා දුන්නේ නැතිනම්, අපිත් ඒක තමයි කරන්නේ. බුදු හාමුදුරුවන්ගේ සියලුම ධර්මයන් චතුරාර් සත්යයට බහා ලිය හැකි නිසා අපට ඒක අවබෝධ කරගන්නම වෙනවා ප්රඥාවෙන්. (ඒක ආමාරු නිසා තමයි අපි ලාබෙට දෘෂ්ටිතු රැවටෙන්න ආස)

එහෙනම් දුක්ඛ සත්යය අවබෝධ කිරීමට නම් දුක පිරිසිඳ දැකිය යුතු බව බුදු හිමි දේශනා කරනවා නේ. මොකක්ද දුක කියන්නේ? දුක්ඛ දුක්ඛ, විපරිනාම දුක්ඛ, සංකාර දුක්ඛ කියලා දුක කොටස් වලට බෙදෙනවා. දුක පිරිසිඳ දකිනකොට සංකාර දුක්ඛත් ප්රඥාවෙන් දකින්නම වෙනවා. සංකිත්තෙන පංචුපාධනක්ඛන්ධා දුක්ඛා කියලා හකුලුවල දක්වලා තියනවා නේ.

දැන් ඉතින් පංච උපාධානක්ඛන්ධය ත් පිරිසිඳ දකින්න වෙනවනේ. අඩු තරමේ රූප, වේදනා සංඥා සංකාර වීඤ්ඤාණ 5න් එකක් වත් පිරිසිඳ දකින්න ඕනනේ.

එහෙනම් රූපය මොකක්ද කියල පිරිසිඳ දකිනවා කියමුකෝ. බුදු හාමුදුරුවෝ රූපය විස්තර කරනවා සතර මහා භූතයෝ එනම් ( පඨවිආප, තෙජවායෝ ධාතු) සහ ඒවායේ උපාදාය රූප ලෙස. දැන් ඒවාත් පිරිසිඳ දකින්න ඕන නේ.  පඨවි විස්තර වන්නේ අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං යන වචන වලින්. ආධ්යාත්මිකවූ තමා කරගත්, තද වූ  කර්කෂවූ, උපාදානය වූ යමක් තමයි පඨවි ධාතුව. දැන් උපාදානය මොකක්ද කියලා හොයන්න වෙනවා. උපාදානය හම්බ වෙන්නේ පටිච්චසමුප්පාදය විග්රහයේදී. එහෙනම් පටිච්චසමුප්පාදය ප්රඥාවෙන් දකින්නම වෙනවා, කවදා හරි දුකට හේතුව අවිද්යාව කියන ප්රඥාව උපදින තුරු. සංකල්පයක් විධියට දැක්කොත් හරි, වෙන වෙන අර්ථකථන වල හිරවුනොත් හරි, සතර අපායෙන් ගැලවීමක් නම් නැහැ.

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.