Monday, March 30, 2020

ප්‍රංශයට දෙවියන් ගෙනා කොරෝනා

 

"අපි දෙවියන්ගේ මහිමය වර්ණනා කිරීමට සූදානම් වී සිටිමු. ඔබට එහි සතුට දැනෙනවාද" යයි දේශකයාණෝ රැස්ව සිටි ජනකායෙන් විමසූහ.

"
ඔව්" යයි  ප්‍රංශයේ ජර්මන් හා ස්විට්සර්ලන්ත දේශ සීමා ආසන්නයේ පිහිටි මුල්හවුස් නගරයේ දේවස්ථානයේ රැස්ව සිටි දහස් ගණනක් එක හඬින් පැවසූහ. පසුගිය 2020 පෙබරවාරි 18 වැනිදාය.

සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ප්‍රංශයේ කොවිඩ් - 19 ආසාදනයවුණු විශාලම කණ්ඩායම මෙම දේව පූජාවෙන් ආරම්භ වී ඇති බවයි. මේ දක්වා තහවුරු වූ රෝගීන් 2500 ක් පමණ දෙනා එහි සිට ඇත.  මෙහිදී වයිරසය ආසාදනය වූවන්ගෙන් 17 දෙනකු මියගොස් ඇති බවද ඔවුහු පවසති. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම උත්සවයට සහභාගී වූ පිරිස විසින් නොදැනුවත්වම ලෝකයේ රටවල් ගනනාවකට ද කොවිඩ් වයිරසය ගෙන ගොස් ඇති බවයි.

දෙවියන් ඔවුන්ට දුන්නේ දඬුවමක් ද? මේ දේවස්ථානයේ සිටියේ පවුකාරයන්ද? පොදුවේ සැමටම සෙත සාදන දෙවිවරු සිටිනවාද?

ආශ්චර්යයන් කියා අප දෙවියන් පසුපස යන්නේ ඇයි? ඉල්ලා ඉල්ලා පසුපස එන අයට පමණක් පිහිට වන දෙවිවරු කවුද?

අප හොඳ බෞද්ධයෙක්, කිතුණුවෙක්, කතෝලිකයෙක්, හින්දු හෝ ඉස්ලාම් ලබ්ධිකයෙක් - එනම් හොඳ මිනිසෙක් වෙමු. හොඳ මිනිසකුට දුක-සැප සමව දරාගෙන හොඳ ජීවිතයක් ගත කිරීමට හැකි වනු ඇත. හොඳ දෙවියෙක් සිටීනම්, ඉල්ලුවත් නැතත් උපකාර ලැබෙනු ඇත. එය බෝනස් එකකි.

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.