Monday, July 27, 2015

පන්සිල් සුරැකීමේ ආනිශංස

 

 

 

සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස

 

ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම
ජව සම්පත්තියෙන් යුක්ත වීම
මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම
රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම
මුදු මොළොක් සිරුරක් ලැබීම
පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම
සූර වීර ගති ඇත්තෙකු වීම
මහා බලවන්තයෙකු වීම
නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම
කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම
පහ කළ දොස් ඇත්තෙකු වීම
කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම
තැති නොගත් කෙනෙකු වීම
විනාශ නොකළ හැකි උතුමෙකු වීම
පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම
අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව
සුරූපී පුද්ගලයෙකු වීම
මනා සටහන් ඇත්තෙකු වීම
අල්ප ආබාධ ඇත්තෙකු වීම
‍ශෝක නොකරන්නෙකු වීම
ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම
දීර්ඝායුෂ ලැබීම
මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම

 



අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස


මහා ධනවතෙකු වීම
බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම
අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම
නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම
ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව
කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම
රාජ,සොර,ගිනි,ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම
සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම
ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම
නැත යන වචනය දන්නෙකුවත් නොවීම
සැප විහරණ ඇත්තෙකු වීම

 



කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස


සතුරන් නැත්තෙකු වීම
සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම
ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
සැපසේ නින්ද යාම
සැපසේ පිබිදීම
අපාය භය නැත්තෙකු වීම
නපුංසක,උභතෝ,ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම
ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම
ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම
කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)
සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම
ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම
පිරිපුන් ඉදුරන් ඇති බව
පිරිපුන් ලක්ෂණ ඇති බව
සැක නැති පුද්ගලයෙකු වීම
මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම
සැප විහරණ ඇත්තෙකු වීම
කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම
ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම

 



මුසා බස් නොපැවසීමේ ආනිශංස


අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම
මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම
සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම
අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම
අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම
අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම
සැප ස්පර්ශ ඇත්තෙකු වීම
දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම
සුවච කීකරු පරිවාර ජනයා ඇති බව
විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම
නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම
උඩගු නොවන බව
චපල අදහස්,ක්‍රියා නැත්තෙකු වීම


මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස


ත=න් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව
සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම
උම්මත්තක නොවී ඉපදීම
ඥානවන්තයෙකු වීම
අලස නොවීම
නොහික්මුණු ක්‍රියා නොකිරීම
කෙළතොලු නොවීම
තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව
අප්‍රමාදී විහරණ ඇත්තෙකු වීම
මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම
තැති ගැනීම් නැත්තෙකු වීම
එකට එක නොකිරීම
ඊර්ෂියා නොකරන බව
සත්‍ය වචන කතාකරන්නෙකු වීම
කේළාම්,පරුෂ,හිස්, වචන කථාකරන්නෙකු නොවීම
අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම
කළගුණ දන්නෙකු වීම
කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම
මසුරු මල ධර්ම නැත්තෙකු වීම
ත්‍යාගවන්තයෙකු වීම
මහා සිල්වතෙකු වීම
ඍජු ගති පැවතුම් ඇත්තෙකු වීම
ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙකු වීම
පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවත් අයෙකු වීම
පව් කිරීමට බිය ඇත්තෙකු වීම
ඍජු අදහස් ඇත්තෙකු වීම
මහා ප්‍රඥාවන්තයෙකු වීම
මහා චිත්ත ශක්තියක් ඇති නුවණැත්තෙකු වීම
දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම
අර්ථය අනර්ථය වැටහෙන හසල බුද්ධියක් ඇතිබ

 

Source - https://www.facebook.com/1673470456209045/photos/a.1673973879492036.1073741829.1673470456209045/1684135728475851/?type=1

හුදෙක් ධර්ම දානය පිණිසම හේතු වේවා ! ...


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, July 26, 2015

නව අභිධර්ම පන්තිය - for your information

 

 

ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......!

 

ශ්‍රද්ධවන්ත පින්වතුනි,

අප සරණ ගියා වූ, ඒ භාග්‍යවත් වූ අරහත් වූ, දසබලධාරී වූ, සම්මා සම්බුදුරජාණන්ගේ ඒ ශ්‍රී සද්ධර්මයේ 84,000 ක් ධර්මස්කන්ධයෙන් 42,000 ක් වූ ධර්මස්කන්ධය වන ඒ මහා ගාම්භීර අභිධර්මය බොහෝ සෙයින්ම ඉගෙනීමට තිබෙන ඉඩ කඩ විරලය. මේ අතර අප කෙරෙහි කරුණාවෙන් නව අභිධර්ම පන්තියක් නවකයින් සඳහා මුල සිටම ඇරඹේ. මේ සඳහා කිසිදු මුදලක් අය නොකරන බව කරුණාවෙන් සලකන්න.

 

මේ මහා පුණ්‍ය කර්මයට ඔබගේ සහයෝගය පල කර මහත් වූ කුසලයක් රැස් කර ගන්න.

කල්‍යාණ මිතුරන් අතරේ මෙම පණිවිඩය  හැකි තරම් යවන්න.

 

දිනය          : 2015 අගෝස්තු 09 ඉරිදා

වේලාව       : ප.ව. 2.30

ස්ථානය      : නාවින්න රජ මහා විහාරය, මහරගම. (නාවින්න Toyota Lanka ආයතනය අසල)

මෙහෙයවීම : තුෂාර මහතා

 

 

නමෝ බුද්ධාය ...................!

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, July 23, 2015

සුභ උදෑසනක් ..!!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Wednesday, July 8, 2015

සීනි වෙනුවට ගත හැකි ශාක පත්‍ර

 

 

 

 

 

http://www.lankadeepa.lk/index.php/articles/330280

 

මධුමේහය නොහොත් දියවැඩියාව අද ශ්‍රී ලංකාවේ  බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයකි. එනිසාම එම රෝගීන් සඳහා සීනි භාවිතය වෙනුවට විවිධවූ කෘත්‍රීම සීනි ආදේශකයන් වෙළඳපල තුළ සීග්‍රයෙන් ප්‍රචලිතව පවතී. නමුත්  සීනි  මෙන් දියවැඩියා රෝගීන් කෙරෙහි කිසිඳු අහිතකර බලපෑමක් සිදු නොකරන සීනිවලට සාපේක‍ෂව  තුන්සීයක් හාරසියක් තරම්  ප්‍රමාණාත්මක ප්‍රණීත ගුණයකින් යුතු රසවත්කමින් පොහොසත් ස්වභාවික ස්ටෙවියා රිබදනියා බර්තෝනි නම් ශාකයේ කොළ හෙවත් පත්‍ර වියලා කුඩුකර  සිනි මෙන් භාවිතයද (පවුඩර්) එම ශාකයේ කොළවල සාරය මිරිකා පෙරා ගැනීමෙන්  දියර වශයෙන්ද භාවිතා කල හැකිය.

බොලිවියා රාජ්‍යය නිජබිම කරගත් දකුණු ඇමරිකා රටවල දක්නට ඇති මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකය වර්තමානයේ ශ්‍රී ලංකාවේ වගාකර  සීනිවෙනුවට භාවිතා කරන ස්වභාවික ආදේශකයක් වශයෙන් ප්‍රයෝජනයට ගන්නා  එම ශාක වගාකර පැල අලෙවිය සිදුකරන තරුණ යුවලක් කෑගල්ල ගනේතැන්න ප්‍රදේශයදී අපට හමුවිය.

කෑගල්ල ගනේතැන්න ප්‍රදේශය පදිංචි කෙනත් කිරිවන්දෙණිය මහතා සහ ඔහුගේ බිරිඳවන කේ. එම්.ඩබ්ලිව්.එන්.ද සිල්වා ආයුර්වේද වෛද්‍යවරියද ස්ටෙවියා රිබදූනියා බර්තෝනි ශාකය වගාවක් වශයෙන් සිදුකර සීනි මෙන් භාවිතය සහ එම ශාකයේ පැල අලෙවි කරන්නීය.

මේ පිළිබඳව අප එම දෙපලගෙන් විස්තර විමසූ අවස්ථාවේ ශ්‍රීලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු  සහ ව්‍යාපාරික වගාකරුවෙකු වන කෙනත් කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසුවේය. ඔහුගේ  දුරකථනය - 077-077-89-30

අප මෙම 'ස්ටෙවියා රිබදනියා බර්තෝනි' ශාකය වගාකිරීමට යොමුවූයේ අහම්ඛෙන් වුවත් අපට ඒගැන විස්තර මුලින්ම කීවේ ඕස්ට්‍රේලියාවේ සිටින මිතුරෙක්. ඔහු අපට පැල කීපයක්ද  දුන්නා. අපට එම පැල වර්ධනයවූ පසුව අතු වලින් තවත් පැල ව්‍යාප්තිය සිදුකරගන්නට හැකිවුණා. මෙවර සිංහල අලුත් අවුරුද්දට අපි වැලිතලප හැදුවේ මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාඛයේ  කොළ මද පවනේ වියළිමෙන් පසුව බ්ලෙන්ඩරයක් මගින් ඇඹරීමෙන් ලබාගත්  පිටිවලින් යැයි ඔහු අප සම`ග පැවසුවේය.

'මේ ශාකයේ කොළ සාමාන්‍ය තෙත් වියළි පරිසරයක මඳ පවනේ ස්වභාවික හිරුඑලියට විවෘත තැබීමෙන් වියළා ගත හැකියි. එසේ එම කොළ වේළාගැනීමෙන් පසුව තරමක් තදවියළි කොළ පැහැයට පැමිණි පසුව ගෘහස්ථ පරිසරයේදීම සරල ක්‍රමයකට අඹරා කුඩුකර පිටි බවට පත් කරගැනීමෙන් පසුව සීනි මෙන්  එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකියි.  තේ සහ වෙනත් පලතුරු බීම වැනි රසවත් පාන වර්ග සඳහාත් පැණි රස කෑම වර්ග රසකැවිලි ආදියට සීනී වෙනුවට යොදාගත හැකි කදිම ස්වභාවික ආදේශකයක් බව මේ පිළිබඳව විස්තර කළ ඔවුහු කීහ.

ජපානය ඕස්ට්‍රේලියාව චීනය ජර්මනිය ඉන්දියාව නවසීලන්තය වැනි ලෝකයේ බොහෝ රටවල වෙළඳෙපාළේ  මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ කොළ නොහොත් පත්‍රවලින් ලබාගන්නා වියළිකුඩු නැතිනම් පවුඩර් මිශ්‍රනය හෝ එම ශාකයේ  පත්‍රවලින්  සාදාගත් දියරය සීනි ආදේශකයක් වශයෙන්  ගෙන පානීය බීමවර්ග රසවත් කෑම ටොපි සහ එවැනි රසකැවිලි වර්ග නිෂ්පාදනයේදී රසකාරකයක් වශයෙන් භාවිත කරයි.

ජපානය වැනි රටවල බොහෝ සෙයින් භාවිතාවන මෙය එරට වෙළඳ පොළේ සීනි වෙනුවට භාවිතා කරන ආදේශක රසකාරකයක් වශයෙන් අලෙවියද සිදුකරයි. ඇතැම් රටවල් සිනි වෙනුවට රසකාරකයක් වශයෙන් නිෂ්පාදනය කර අපනයනයද සිදු කරනු ලබයි. දන්තාලේප සහ සමහර සූකිරි වැනි දේවල් සහ ඖෂධ වර්ග නිෂ්පාදනයටද මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ වියළි කොළවලින් ලබාගන්නා කුඩු හෙවත්  පවුඩර් හෝ පැණිරස දියරය සමහර රටවල් විසින්  යොදාගනු ලබයි

මේ පිලිබඳව වැඩිදුර විස්තර සීනි හා සාපේක‍ෂව කෙතරම්දුරට මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි නම් ශාකයේ භාවිතය ව්‍යාප්තිය සහ ගූණාත්මක බව සම්බන්ධව විද්‍යාත්මක විස්තරයක්  එවන් දේ පිළිබඳ ප්‍රමාණික සහ විද්‍යාත්මක දැනුමක් ඇති කෘෂි විද්‍යා මහාචාර්ය පියල් මාරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මේ සම්බන්ධ තෙරතුරු ඉදිරිපත් කලේ මෙසේය

අඩි හයක් පමණ උසැති මේ ශාකයේ කොළ දීප්තිමත් තද පැහැයක් ගනියි. stevia rebaudiana bertoni යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය කොලවල ඇති පැණි රස නිසාම එය මෙරට උදවිය පැණි පලා යයි හඳුන්වන නමුත් මෙය අපගේ දෙAශීය ශාකයක් නොවන නිසා වඩාත් උචිත වන්නේ ඊට හිමි විද්‍යාත්මක නාමයෙන් මෙය හැඳින්වීමයි. මෙම ශාකය සූරියකාන්ත කුලය ශාක ප්‍රභවයකි. ඉංග්‍රිසියෙන් සුගර්ලීෆ් ස්වීට්ලීෆ් යනුවෙන්ද හින්දි බසින් මධුපත්‍රී, ශත පත්‍ර වශයෙන්ද සංස්කෘත බසින් සෞම්‍ය ගන්ධ නමින්ද හඳුන්වයි.

මෙහි ඇති සුවිශේෂිතාව නම් සීනිමෙන් මිනිස් සිරුරට අහිතකර නොවීම සහ සීනි වලට සාපේක‍ෂව තුන්සියයක් හාරසියයක් වරක් පමණ ප්‍රණිත රසයෙන් අනූනවීමයි.

දකුණු ඇමරිකා  රටක් වන බොලීවියා රාජ්‍යය මෙම ශාකයේ නිජබිම වශයෙන්  හැඳින්විය හැකියි. නිවර්තන හෙවත් උෂ්ණ කලාපීය රටවල ව්‍යාප්තිය සහිත මෙම ශාකය වගාකිරීම සිදුවන්නේ අතු කැබලි සහ බීජ මගිනි. වගාව සඳහා වඩා ඵලදායක වන්නේ අතුකැබලි මගින් පැල බෝකරගැනීමයි. බීජ ව්‍යාප්තිය එතරම් සාර්ථක ප්‍රතිඵල නොදෙන අසීරු දුෂ්කර කාර්යයකි. ත‍ම් ස්ටෙවියා ශාකය වගා කිරීමට යෝග්‍ය වන්නේ වැලි සහිත ජලවහනය හොඳින්   සිදුවන ලෝම පසයි. වගාබිම් සඳහා යෝග්‍ය පසේ පී එච් අගය 6.5 ත් 7.5  අතර වෙයි. මෙම ශාකය මල් කොළ ආදිය  විවිධ රටවලදී සුළුවශයෙන් වෙනස්කම් සහිත  ස්වභාවයක් දැකිය හැකියි.

වගාකරන ඇතැම් රටවල් පටක රෝපණය මගින් ලබාගන්නා පැලද වගා කරනු ලබයි ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ ශාක විශේෂ වර්ග 240 ක් පඹණ ලොව පුරා ව්‍යාප්තව පවතී. එයින් ශාක ප්‍රභේද 90ක් පමණ විවිධ වූ දේශගුණික තත්වයන් යටතේ වගාකළ හැකියි එම ප්‍රභේද අනුවර්තනයවී ඔරොත්තුදී වර්ධනයවීමේ හැකියාවෙන් යුතුයි. දීර්ඝ කාලීනව  කළ පර්යේෂණ මගින් මෙසේ ශාක ප්‍රභේද එකිනෙකට වෙනස් දේශගුණි තත්වය්ට සුදුසු අයුරින් වැඩිදියුණුව ඇත

සාමාන්‍යයෙන් උතුරු පැරගුවේ වගා බිමක අස්වැන්න නෙළීම වසරකට තෙවරක් හෝ සිවු වරක් සිදුකරනු ලබයි. අතු කැබලිවලින් පැළ ලබාගැනීමේදී කපාගත් අතු කැබලි කැපූ දින සිට දින 25ක් -30 ක් ඉක්මයානොදී සිටුවීමන් හොඳින් වර්ධනය වන පැළ ලබාගත හැකියි. පැළ ලබාගැනීමට අතු කැපීමට සුදුසු කාලය වන්නේ පෙබරවාරි මාර්තු මාසයන්හිදීය.

මේ ශාකයෙA මල් හටගැනීම නොවැම්බර් මාසයදී ආරම්භවේ. ඉතා කුඩා නමුත් ප්‍රිය උපදවන පෙනුමක් ඇති ලා දම් පැහැයට හුරු සුදු පැහැ මලක් දකින්නට හැකිවෙයි

මුල් කාලීනව ලතින් ඇමරිකා  වැසියන් තම ආගමික විශ්වාස ඇදහිලි චාරිත්‍රවලදී පූජාවන් සඳහා මේශාක කොටස් යොදාගෙන ඇත.  යනුවෙන් මේ පිලිබඳව බොහෝ දුරට  විස්තර කළ මාරසිංහ මහතා පැවසුවේය

 දකුණු ඉන්දියාවේද කෝවිල්වල ගණ දෙවියන් උදෙසා පූජා පැවැත්වීමේදී මේ ශාකය ප්‍රයෝජනයට ගනු  ලබන බව වාර්තාවේ.  ඔසු ගුණය සම්බන්ධව එතරම් විද්‍යාත්මකව සනාථවූ ප්‍රබල සාධක නොවූවත් විවිධ රටවල  පාරම්පරික සම්ප්‍රදායික ප්‍රතිකර්මවලදී ඖෂධ වශයෙන් භාවිතා කරයි. ඒ අනුව චීනය ජපානය ඇතුුඵ ලොව රටවල් බොහොමයකදී දියවැඩියාව සහ අඩු රුධිර පීඩනය ඇති රෝගීන්ගේ රුධිර පීඩන තත්ව ක්‍රමවත් කිරීමේ ගූණයක් ඇතිබව මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ කොලවල සාරය භාවිතා කරන බව අන්තර්ජාල තොරතුරුවලින් කියවේ. එසේම සමේ රෝග තත්වයන් වැලැක්වීමටත් දත්මුල් ඉදිමීටද මෙය ආරක‍ෂණ ගුණයකින් යුතු විශේෂ ඔසුවක් බවටද විවිධ රටවලින් වාර්තාවී ඇත

වටිනා ආහාර නිෂ්පාදනයක් වශයෙන් මේ සීනි ආදේශක ස්ටෙවියා රිබදූනියා බර්තෝනිහි වටිනාකම 2006 වසරදී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට හා අවධානයට යොමුව ඇත. 2012 වසරදී සීනි ආදේශක රස කාරක ගුණයකින් යුතු නිෂ්පාදනයක් වශයෙන් බටහිර රටවල සුපිරි වෙළඳ සංකීර්ණයන්හි අලෙවිය ආරම්භ විය.

    

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Joke of the day

 

Joke of the day



The professor showed a large cage with a male rat in it.
The rat was in the middle of the cage.

Then, the professor kept a piece of cake on side and kept a female rat on the other side.

The male rat ran towards the cake and ate it. Then, the professor changed the cake and kept some bread.
The male rat ran towards the bread.

This experiment went... on with the professor changing the food every time.

And, every time, the male rat ran towards the food item and never towards the female rat.

Professor said:
This experiment shows that food is the greatest strength and attraction.

Then, one of the students from the back rows said:-

"Sir, why don't you change the female rat....?

She may be his wife!!"

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, July 2, 2015

Today's Reality

 

 

                                                                  Today's Reality 


















                                                                                                                                                                                                                                       

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.