Sunday, June 4, 2017

Think a Twice

 

මා අසා ඇති පරිදි සේඛ හෙවත් ශෛක්ෂ්‍ය කියන්නේ හික්මීම. අපි රහත් වෙන තෙක්ම මේ හික්මීම උපරිමය දක්වා වැඩිකරගන්න ඕනෑ. ඉතින් නිවන් දැකීමට ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම වගේ ම, සේඛ බල ධර්ම දියුණු කළයුතුව ඇති.

 

http://www.divaina.com/images/bud14feb/bud7.html මේගැන විස්තරයක් තියනවා..

 

"මේ සිත පිරිසිදු කිරීම අපි හිතන තරම් පහසු කටයුත්තක්‌ නම් නොවේ. එය ඉතා ම අමාරු, ඉතා ම දුෂ්කර වූ කටයුත්තක්‌. අපට මේ සිතේ තිබෙන කිළිටි ස්‌වභාවය බැහැර කරගෙන, සිත පිරිසිදු දෙයක්‌ බවට පත් කරගන්න විශාල ශක්‌තියක්‌, විශාල බලයක්‌ වුවමනා කරනවා. සිත පිරිසිදු කරගන්න යම් බලයක්‌ නැතුව ඒක කරන්න පුලුවන් කමක්‌ ලැබෙන්නේ නැහැ. ඒ ලෙසට ධර්මය පුරුදු කිරීම පිණිස අපි උපදවාගත යුතු ඒ බලයන්ට කියනවා සේඛ බල කියල. ධර්මය පුරුදු කරන කෙනා සේඛ ශ්‍රාවකයා. ඒ සේඛ පුද්ගලයාට ධර්මය පුරුදු කරගැනීම පිණිස තිබෙන බල, සේඛ බල වශයෙන් හඳුන්වා දෙනවා. 

 

භාග්‍යවතුන් වහන්සේ විසින් අපට සේඛ බල පහක්‌ පෙන්වා දුන්නා. ඒවා තමයි ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, ප්‍රති බලය. ධර්මය පුරුදු කරමින් ජීවිතය යහ මඟට ගන්න කල්පනා කරන අය විසින් මේ උතුම් සේඛ බලයන් උපදවා ගත යුතු ම යි. මේ සේඛ ධර්මයන් උපදවා ගන්නෙ නැතිව අපට ධර්මයෙන් පිහිටක්‌ පිළිසරණක්‌ ලබන්න පුළුවන් කම ලැබෙන්නෙ නැහැ. මේ සේඛ බල උපදවා ගැනීම මගින් තමයි ධර්මයෙන් පිහිට ලබන්න, ධර්මයෙන් උපකාර ලබන්න අපට බලයක්‌ ලබා දෙන්නේ. ඒ නිසා මේ උතුම් සේඛ ධර්ම ගැන අපි ඉගෙන ගෙන මේ සේඛ ධර්ම ක්‍රම ක්‍රමයෙන් පුරුදු කරගෙන ඒ සේඛ ධර්ම බලවත් බවට පත් කරගන්න කල්පනා කළ යුතු යි. "...

 

 

කලයුතු සියල්ල කර අවසන් කලාවූ රහතන් වහන්සේ තුල මෙසේ විශේෂ උත්සාහයකින් හික්මීමක් ඇතිකරගැනීමට අවශ්‍ය නැති නිසා, උන්වහන්සේ අසේඛ හෙවත් අශෛක්ෂ්‍ය උත්තමයකු ලෙස හැඳින්වෙනවා

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දසක නිපාතය » (11) 1. සමණසඤ්‌ඤා වර්ගය- අසෙඛ සූත්‍රය

එකල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කීය:

වහන්ස, අසෙඛයා, අසෙඛයා යි කියනු ලැබේ. වහන්ස, මහණ කෙතෙක් කරුණින් අසෙඛ වේ දැ යි?

මහණ, මෙ සස්නෙහි මහණ අශෛක්ෂ සම්‍යග්දෘෂ්ටියෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යක්සංකල්පයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යග්වචනයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යක්කර්මාන්තයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යගාජීවයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යක්ව්‍යායාමයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යක්ස්මෘතියෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යග්ඥානයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්‍ය සම්‍යග්විමුක්තියෙන් සමන්වාගත වෙයි. මහණෙනි, මහණ මෙසේ අසෙඛ වේ යයි.

 

 

 

 

 

 

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....