Monday, March 26, 2018

සිව්පසය නැමැති බීජයන් වපුරන්න පින නැමැති අස්‌වැන්න ලැබේවි

 

භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක්පිරිසකගේම එකතුවයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. උපාසක උපාසිකාවන්ගෙන් තොරව භික්ෂු, භික්ෂුණී කියන කණ්ඩායම් දෙකට පවතින්න බැහැ. උපාසක, උපාසිකා කියන කණ්ඩායම් දෙක ශාසනික දායකත්වය සඳහා යොමුකරවන්නේ සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයයි
 
 තමන් සුපටිපන්න ගුණයෙන් යුක් වෙලා එම ගුණයන්ගෙන් ලැබෙන ඵලය වන සාමීචිපටිපන්න ගුණය මනුෂ්යයාට දෙව් මිනිස්සැපයන් වගේම විදර්ශනා නුවණට මාර්ගයත් විවර කර දෙනවා. මහා සංඝරත්නය ඉහත ගුණයන් හතරෙන් පරිපූර්ණ වෙච්ච තැනදී එම ගුණයන් අවබෝධය කරා යන ගමනේදී මේ ලෝකයේ ශ්රේෂ්ඨම උතුම්ම පුද්ගලයන් අටදෙනෙක්සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයට එකතුවෙනවා
 
 පළමුවැනි පුද්ගලයා සෝවාන් මාර්ගය තුළ සිටින භික්ෂුව, දෙවැනි පුද්ගලයා සෝවාන් ඵලය තුළ සිටින භික්ෂුව, තුන්වැනි පුද්ගලයා සකෘදාගාමී මාර්ගය, සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, රහත් මාර්ගය, රහත් ඵලය මේ උතුම් පුද්ගලයන් අටදෙනා සිටින්නේ උතුම් සංඝරත්නයේ අර්ථය තුළ පමණක්මයි. උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඤාය පටිපනන්න, සාමීචිපටිපන්න ගුණයේ අර්ථ තුළ පමණක්මයි. මේ ලෝක ධාතුවේ සතර අපා දුකෙන් මිදෙන ඉන්ද්රිය ධර්මයන්, බලධර්මයන් පරිපූර්ණ කළ ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්රඥාව තුළ ජීවත්වෙන පුද්ගලයන් අටදෙනා සම්මා සම්බුද්ධ ශාසනය ඉලක්කගත අර්ථයයි
 
 මහා සංඝරත්නය කෙළෙස් බර බිම තැබු නිසාම නිකෙළෙස්වයි සිව්පසය පිළිගන්නේ, පරිහරණය කරන්නේ, සිව්පසය පරිහරණයේදී කෙළෙස්සකස්වෙන නිසාම සිව්පසය පුජාකරන කෙළෙස්සහිත පිංවතුන්ලාට මෙලොව පරලොව සැපය උදෙසා ආයුෂය, වර්ණය, සැපය, බලය උදෙසා පිං රැස්කර ගැනීමට මහා සංඝරත්නය ආහුණෙය් ගුණයෙන් යුක් වෙනවා
 
 දුර සිට පැමිණ සිව්පසය පූජාකරගැනීමට මහා සංඝරත්නය සුදුසු වෙනවා. අරාධනා කර වඩම්මවාගෙන ගෞරවයෙන් සිව්පසය පූජාකර ගැනීමට මහා සංඝරත්නය සුදුසු වෙනවා. කොපමණ දුරක සිට ආගන්තුකව යම් ස්වාමීන් වහන්සේ නමක්වැඩම කළද උන්වහන්සේගේ අනන්යතාව නොසොයා ශ්රද්ධාවෙන් ගෞරවයෙන් කර්මය කර්ම ඵලය විශ්වාසයෙන් ඇප උපස්ථාන කිරීමට මහා සංඝරත්නය සුදුසු වෙනවා. මහාකාශ්යප මහරහතන් වහන්සේ පිණ්ඩපාත දානයක්පූජාකර ගැනීමට තව්තිසා දිව්යතලයේ සිට ශක් දෙවියන් පවා ඈත දුරක සිට පැමිණෙනවා
 
 මහත්ඵල මහානිශංස මෙලොව පරලොව සිට සලකාගෙන සියලු පූජාවන් ලැබීමට සුදුසු අර්ථයෙන් මහා සංඝරත්නය දක්ඛිණෙය් ගුණයෙන් යුක් වෙනවා. ශ්රද්ධාව, ගෞරවය, කර්ම ඵලය විශ්වාසයෙන්, පිංවත් ඔබ පූජා කරගන්නාවූ එක බත් හැන්දකින් සශ්රීක දිව් සැපයක් ඔබට ලබාදීමේ ශක්තිය මහාසංඝරත්නයට තිබෙනවා. වරක් ශක්රදෙවියන් මහා කාශ්යප මහ රහතන් වහන්සේට කියනවා තව්තිසාවේ චූලරථ, මහාරථ කියල දෙවිවරු පහළවෙලා සිටිනවා. මේ දෙවියන් දෙදෙනා ආලෝකවත් ප්රභාෂ්වර සශ්රික දෙදෙනෙක්සංඝරත්නය අරමුණු කොට පිං කරලා දිව් තලයට පැමිණෙන සශ්රික දෙවිවරු දෙදෙනෙක්‌. මට බියක්දැනෙනවා මගේ සම්පත් දිව් අසිරිය මේ අලුත පැමිණෙන දෙවිවරු පරාජය කරයිද කියලා
 
 මෙවන් සශ්රික දිව් සැපයන් මහා සංඝරත්නයේ දක්ඛිණෙය්  ගුණයේම ඵලයක්වෙනවා. මෙලොව පරලොව සැපයන් භව නිරෝධයට මාර්ගයක්මතුකර දෙන නිසාම මහා සංඝරත්නය දෙවියන්, බ්රහ්මයන් පවා වන්දනා කරනවා. සත්පුරුෂ මනුෂ්යයන්, සංඝරත්නයේ ගුණයන්ට නිරතුරුවම වන්දනා කරනවා. නිකෙළෙස් උත්තමයින්ට කරන වන්දනාව පිංවත් ඔබට ආයුෂ වර්ණ සැපය බලය පිණිසමයි හේතුවෙන්නේ.
 
 එය මහා සංඝරත්නයේ අංජලිකරණීය ගුණය වෙනවා. මහා සංඝරත්නයේ ගුණයන්ට ඥානයන් නිසා මහ පොළොව පවා කම්පා වෙනවා. සතර මහා ධාතුව සලිත කිරීමේ ශක්තියක්මහා සංඝරත්නයට තිබෙනවා. මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දිව් තලයේ ශක්රදෙවියන්ගේ වෛජයන්aති මාළිගය තම මහපට ඇඟිල්ලෙන් මේ අතට සෙලෙව්වා. වෛජයන්ති මාළිගයේ කූටාගාර හත්සියයක සිටි දිව්යාංගනාවන් මොහොතක් කම්පා කළා.
 
 මේ සියලු ප්රතිහාර්යයන් සිදු කළේ ශක්රදෙවියන්ගේ කාමච්ජන්දයන් තුනී කරන්න. සතර මහ ධාතු අනිත් වන වේගය අවබෝධ ඥානයෙන් පසක් කරගත් නිසාම මහාසංඝරත්නය සතරමහා ධාතුව යටත් කොට ගෙනයි වැඩසිටින්නේ. දමනය කොටගෙනයි වැඩසිටින්නේ. මහා සංඝරත්නය විඤ්ඤාණය අනිත් වන වේගය අවබෝධ ඥානයෙන් පසක්කරගත් නිසාම විඤ්ඤානය යටත්කොට ගෙනයි ධමනය කොටගෙනයි වැඩසිටින්නේ. නිසාම මහා සංඝරත්නය ලොවට අනුත්තර පිං කෙතක්වෙනවා.සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන් , ඤායපටිපන්න ගුණයෙන්, සාමීචිපටිපන්න ගුණයෙන් මනාවට පෝෂණය වූ සංඝරත්නය නමැති පිං කෙතේ පිංවත් ඔබ ශ්රද්ධාවෙන් ගෞරවයෙන් කර්මය කර්ම ඵලය විශ්වාසයෙන් සිව්පසය නමැති බීජයන් වැපුරුවොත් ලෝකයේ උතුම්ම ශේ්රෂ්ඨම පින නමැති අස්වැන්න උපරිමයෙන් පිංවත් ඔබට ලබාදෙන්නා වූ මේ ලෝක ධාතුවේ ජීවත්වෙන යම් සම්මාදිට්ඨියට පත් මනුෂ්යයෙක් දෙවියෙක්බ්රහ්මයෙක්ආයුෂ, වර්ණය, සැපය බලයෙන් ආඪ්යව ජීවත්වෙනවා නම් එම සැපයත් ඔවුනට ලැබුණේ මහාසංඝරත්නයේ පුඤ්ඤං ඛෙත්තං අනුත්තරෝ ගුණයේ ඵලය නිසාමයි
   
 සකස් කළේ
 ඉන්ද්රජිත් සුබසිංහ

විශේෂාංග


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

1 comment:

  1. Wynn Casino, Las Vegas (NV) | MapYRO
    Hotel Information 강릉 출장샵 1 Casino Drive, Las 익산 출장샵 Vegas, NV 89109. Directions · (702) 770-9966. 사천 출장샵 Call Now · Full menu · More 김제 출장마사지 Info. Hours, Accepts Credit Cards, Accepts  Rating: 2.5 포천 출장샵 · ‎5,407 reviews · ‎Price range: $$

    ReplyDelete

Don't add a word Here. I'll Kill you....