Wednesday, November 28, 2018

1. බුදු දහම නොරැවටී වටහාගන්නට නම්...

 

 

එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ථලජා, අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ ඔදකා

එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ අඤ්ඤත්‍ර මනුස්සෙහි පච්චාජායන්ති.

එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ පච්චන්තිමෙසු ජනපදෙසු පච්චාජායන්ති අවිඤ්ඤාතාරෙසු මිලක්ඛෙසු

~ අඞ්ගුත්තර නිකාය,එකධම්මපාළි, චතුත්ථවග්ගො (අප්පමත්තක වර්ගය) ~

මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ගොඩ උපන්නෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. වැලිදු යම් සත්ව කෙනෙක් දියෙහි උපන්නෝ වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

"මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මනුෂ්‍යයන් විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. යලිදු යම් සත්වකෙනෙක් මනුෂ්‍යයන් ගෙන් වෙන්ව උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

"මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මධ්‍යජනපදයන්හි (දඹදිව මධ්‍ය දේශයෙහි) උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේද වුවත් යම් සත්වකෙනෙක් අප්‍රකටවූ ම්ලෙච්ඡයන් අතර ප්‍රත්‍යන්ත ජනපදයන්හි උපදිත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

 

මහපොළව මත ඇති අනන්ත ස්ථාන අතරින්, දඹදිව මධ්‍ය දේශය යනු ඉතා කුඩා කොටසක්. සියලු බුදුවරු පහළවන,  විමුක්තිකාමීන්ට පාරාදීසයක් වූ, බඹසර වසන්නන් අතර අග්‍ර වූ දේශයක්. අදටත් බුදුදහම නොලබා විමුක්තිය සොයන්නන් එහි අනන්තවත් ඉන්නවා. ලක්දිව අපි විමුක්තිය සොයන්නේ අප වටහා ගත දුකකින් මිදෙන්නද? බුදු දහමේ එසේ කියවෙන නිසා නොවේද? බුදු දහම ලැබිලත්, බෞද්ධ අප බහුතරය තවම පැමිණි දුක් පැණිරස කියමින් දුකෙහිම ගැලී දුකතුලින්ම සැප සොයනවා නේද?

 

From: Kithsiri Samaranayake
Sent: Monday, November 26, 2018 7:42 AM
Subject: 1. බුදු දහම නොරැවටී වටහාගන්නට නම්...

 

''සෙය්‍යථාපි , භික්ඛවෙ, අප්පමත්තකං ඉමස්මිං ජම්බුදීපෙ ආරාමරාමණෙය්‍යකං වනරාමණෙය්‍යකං භූමිරාමණෙය්‍යකං පොක්ඛරණිරාමණෙය්‍යකං; අථ ඛො එතදෙව බහුතරං යදිදං උක්කූලවිකූලං නදීවිදුග්ගං ඛාණුකණ්ටකට්ඨානං පබ්බතවිසමං; එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ථලජා, අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ ඔදකා''.

ථලජාප්පක සූත්‍රය - අඞ්ගුත්තර නිකාය,එකධම්මපාළි, චතුත්ථවග්ගො (අප්පමත්තක වර්ගය)

"මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ඇත්තේ ඉතාම ස්වල්පයකි. එසේ වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

මහපොළව මත ඇති අනන්ත ස්ථාන අතරින් රම්‍ය වූ ස්ථාන ඉතා අල්ප බව බුදුහිමයන් දේශනා කරනවා... අපට එය පිළිගත නොහැකිද?


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....