Wednesday, November 2, 2016

මැරුණට පස්සේ...

 

මැරුණට පස්සේ ආයේ මනුස්සයෙක් හරි, ඊට ඉහල උපතකට හරි යන්නද හිතාගෙන ඉන්නේ?

එහෙනම් ටිකක් මහන්සි වෙන්න වෙයි.

මනුස්‌සචුති සූත්‍රය

එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්ෂූන් ඇමතූ සේක: "මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද කිමෙක් ඉබොහෝ ද මවිසින් යම් මේ පස්බිඳෙක් නියසිළෙහි නඟන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ" යි? "වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද මේ පස්බිඳ ඉතාමඳ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද පස්බිඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගිණුමට ද නො පැමිණේ. සැසඳුමටද නො පැමිණේ".

මහණෙනි, එසේයින් ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්වයෝ මඳයහ. වැළි යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මේ සත්වයෝ ම ඉබොහෝහ. ඒ කවර හෙයින් යත්: මහණෙනි, සිවු අරීසස් නුදුටු බැවිනි, කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යය ... දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා "මේ දුකැ" යි වීර්ය්‍ය කට යුතු ... "මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ" යි වීර්ය්‍ය කට යුතු යි.



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....