Sunday, August 18, 2013

අහඹු සිදුවීම්ද? - Just Coincidence? PART 2

>
> 1. Mark Twain and Halley's Comet
>
> මාක් ට්වේන්(Mark Twain <http://en.wikipedia.org/wiki/Mark_Twain>) ගැන
> අහලා ඇති නේද කට්ටියම? පොර ලේඛකයෙක්. ඉපදිලා තියෙන්නේ Halley's Comet
> කියන වල්ගා තරුව 1835දී පෘථුවියට දිස්වුණු දවසේ. ඒ වල්ගා තරුව නැවත
> දිස්වෙලා තියෙන්නේ 1910දී, මරුම සීන් එක තමයි මාක් මැරෙන්නෙත් ඒ තරුව දිස්වුණු දවසේමයි.
> 1909දී මාක් මෙහෙමත් කියලා තියනවා, "I came in with Halley's Comet in 1835.
> It is coming again next year, and I expect to go out with it."
>
>
> 2. ග්‍රීන්බෙරි හිල්
>
> 1911 නොවැම්බර් 26 වෙනිදා ලන්ඩන් ග්‍රීන්බෙරි හිල් හිදී තුන්දෙනෙක්ව
> එල්ලා මරනවා, ඒ සර් එඩ්මන් බෙරීව ඝාතනය කිරීම නිසා, ඔවුන් තිදෙනාගේ නම්
> ග්‍රීන්, බෙරී සහ හිල්.
>
>
> 3. Umberto I
>
> 19 වැනි සියවසේ ඉතාලිය රජකරපු Umberto I රජතුමා 1900 ජූලි 23 වෙනිදා
> මොන්සා නගරයේ අවන්හලක රාත්‍රි භෝජනය ගන්නවා, මේ ආපන ශාලාවේ අයිතිකාරයා
> රජතුමාගේ හැඩරුවර ගොඩාක් සමානයිලු, ඒ විතරක් නෙවෙයි රජතුමාගේ නමයි මේ
> පොරගේ නමයි දෙකමත් සහ රජාගේ රැජිනගේ නමයි අර පොරගේ වයිෆ්ගේ නමයි දෙකමත්
> සමානයිලු. ඒ ආපන ශාලාව විවෘත කරල තියෙන්නේ මේ රජතුමා රජවුණු දවසෙමලු.
> අන්තිමේට රජායි, ආපන ශාලා අයිතිකාරයයි දෙන්නම මැරිලා තියෙන්නෙත් එකම දවසේලු, ඒ වෙඩි කාලා.
>
>
> 4. Henry and the බූට් Bullet
>
> 1883දී Henry Ziegland කියන පුද්ලගයා පොරගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බූට් එක
> තියනවා, අර කෙල්ල මේක දරා ගන්න බැරිව සියදිවි නසා ගන්නවා. මේකට මලපැනපු
> කෙල්ලගේ අයියා Henryව හොයාගෙන ඇවිත් පොරට වෙඩි තියලා තමනුත් වෙඩි
> තියාගන්නවා. ඒත් Henry මැරෙන්නේ නැහැ. බුලට් එක ඇඟ ඇතුලට යන්නේ නෑ, පොඩි
> සීරිමක් විතරක් වෙන විදියට ඇඟේ ගෑවී නොගෑවී ගිහින් ළඟ තිබ්බ ගහක වදිනවා.
> අවුරුදු කීපයකට පස්සේ පොර මේ ලොකු ගහ ඉවත් කරන්න ඕනි වෙලා ඩයිනමයිට් දාල
> ගහ පුපුරවනවා, ඒ පිපිරීමේ පවර් එකට ගහේ කඳේ තිබ්බ බුලට් එක ඇවිත් පොරගේ
> වැදිලා පොර මැරෙනවා.
>
>
> 5. Fallon's $600
>
> 1858 දවසක රොබට් ෆැලන් කියන පුද්ගලයා සූදු (poker) ක්‍රීඩාවක නිරත වෙලා
> ඉද්දී ඇතිවුණ ආරවුලක් නිස වෙඩි කනවා, ඉතින් ඔය කේස් එකෙන් පස්සේ සෙල්ලම
> කරගෙන යන්න හැදුවට $600ක් දිනලා හිටපු ෆැලන්ගේ තැන වාඩි වෙන්න කවුරුත් කැමති වෙලා නැහැ.
> නමුත් ඔතනට ආපු තරුණයෙක් ඒ $600ත් අරගෙන එතැන ඉඳන් ගේම් එක කරගෙන යන්න
> පටන්ගෙන තියනවා, $600 $2200ක් දක්වා වැඩි කරගන්න ඔහු සමත් වෙලත් තියනවා,
> නමුත් ඔතනට ආපු පොලීසිය ෆැලන් දිනපු $600 ඉල්ලලා තියනවා ඔහුගේ යැපෙන්නන්
> ඉන්නවා නම් භාරදෙන්න.
> නමුත් මේ අලුතෙන් සෙට් වුණු පෝකර් කාරය වෙන කවුරුත් නෙවෙයි, අවුරුදු
> 7කින් තාත්තව දැකලා නැති ෆැලන්ගේම පුතා.
>
>
>


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....