Tuesday, September 24, 2013

දෙහැවිරිදි පුතා මවට කවයි

 

ආබාධිත මවට ආහාර විකා කවන දෙහැවිරිදි දරුවකු ගැන වාර්තා වන්නේ චීනයේ ජියැන්ග්සු ප‍්‍රදේශයෙනි.

මවගේ නම ෂෑන්ග් රොන්ග්සියෑන්ග්ය.ඇය මිීට වසර දෙකකට පෙර රිය අනතුරකට මුහුණ පෑ තැනැත්තියකි.රිය අනතුර සිදුවන අවස්ථාවේ ඇය ගැබිණියක්ව සිටියාය.

මුහුණ පෑ අනතුරේ බරපතල බව නිසාම ෂෑන්ග් 'කෝමා' තත්ත්වයකට පත්වූවාය.වෛද්‍යවරුන් ඇය යළි සිහිනොලබනු ඇතැයි පැවැසුවද ෂෑන්ගේ සැමියා වන ගවෝ ඩෙජින් ඇය රැක බලා ගත්තේය.

ඇයගේ සිරුර මනා සේ කි‍්‍රයාකාරී වූ නිසා ගර්භයේ වූ කළලයේ වැඞීමට බාධාවක් නොවීය.දවස් ගෙවුණු පසු ''සිසේරියන්'' සැත්කමක් ආධාරයෙන් සිහිනොමැතිව සිටි ෂෑන්ග්ගේ කුසෙන් පිරිමි දරුවෙක් මෙලොවට බිහි වුනේය.

ගවෝ ඔහු නම් කළේ ගවෝ ක්වින්බෝ ලෙසය.කුඩා ක්වින්බෝ උපන්දා සිටම හැදී වැඩුනේ සිහිසන් නොමැතිව සිටි මවගේ තුරුල්ලේය.

වසරක් ගෙවී උදාවුණු මැයි මසදී ප‍්‍රාතිහාර්යයක්ම සිදුවිය.වෛද්‍යවරුන් යළි නැගිටින්නේ නැතැයි කී ෂෑන්ග් යළි පියවි සිහිය ලැබුවාය.එහෙත් ඇයට පෙර මෙන් තම කටයුතු කර ගැනීමේ හැකියාවක් නොවීය.ඒ තවමත් ශරීරය දුබල බැවිනි.

කුඩා ගාවෝ මවගේ සහයට ආවේ මෙවිටය.තම මුඛයට බහා ගන්නා ආහාර විකා මවට කවන්නට ගාවෝ පටන් ගත්තේය.ආහාර සැපීමටවත් ශක්තියක් නොමැතිව සිටි ෂෑන්ග්ට මෙය මහත් ශක්තියක්ම විය.

ගාවෝ විකා තම මුවට හෙළන ආහාර ෂෑන්ග්ට ඇත්තේ ගිලින්නට පමණි.දෙහැවිරිදි තම දරුවා දැන් සිටම තමන්ට උවටැන් කරනු දකින මව අපමණ සතුටට පත්ව සිටින්නිය.

ගාවෝගේ මේ කි‍්‍රයාව නිසා ෂෑන්ග්ට දියරමය ආහාර ලබා දීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය නොවිය.ඔවුන්ගේ අදහස වන්නේ කුඩා ගාවෝ නිසාම ෂෑන්ග් නුදුරේදීම දෙපයින් නැගී සිටිනු ඇති බවයි.

 



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....