Wednesday, October 23, 2013

"මධුසමය"..(සත්‍ය කතාවක් -උපුටා ගත්තකි

 

දිගුකල් ඉඳන් කල ඇසුරෙන් දැන............හඳුන
යුවළකි තරුණ ආදරයෙන් සිත්..............බැඳුන
ජයටම මගුල් කා උත්සවයක්................රැගෙන
දිව්රුම් දුන්නෙ ලෙසටයි යලි වෙන්..නොවෙන

ගොස් ගත කරන්නට දෙදෙනා.............මධුසමය
ආලෙන් වෙලී ලද පෙම් සුව.................උපරිමය
ඉවසනු නොහැක යටි බඩ තද..........කැක්කුමය
ඇය පවසන්නෙ තෙදිනක් ගොස්.........අළුයමය

අදහනු නොහැක මොකදැයි මේ.....හිටි-හැටියේ
රෝහල් ගතකලා බිරිඳව................කඩි-මුඩියේ
යදිමින් දෙවියො ගැහෙමින් සිත.....කිටි-කිටියේ
සැමියා ඇගේ ළඟමය නිරතුරු...............හිටියේ

ඇගෙ රහසඟෙහි රැඳි සුරැකුම්.........කොපුවක්ය
අතපසු වෙලා අඩු වශයෙන්................සතියක්ය
ඔවදන් දෙමින් සැමියට කල................හරියක්ය
ඉවතට ගත්තෙ එය දොස්තර...............වරියක්ය

කම් සුව ලදත් දෙදෙනා ඉඩ ලැබුණු..............විට
නැත ඔහු පැළඳ සුරැකුම් කොපු කලෙක.......සිට
ස්ථිර වුයෙන් මනමාලිය ගියෙය...................පිට
කිව්වලු සමාවක් නම් නැහැ මගෙන්.............තිට

කුමටද තවත් තොරතුරු වග................විභාගෙට
ආයුෂ හමාරයි කරගත්.......................විවාහෙට
අඹු-සැමි සබඳතා එතැනින්...............නිමාකොට
නිතිය මගින් වැඩ ඔහු....................දික්කසාදෙට

 

 



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....