Wednesday, June 18, 2014

ඌරා මාරාන්තික පිම්මක් පනී

ධම්ම පදය 129 ගාථාව

දණ්ඩ වග්ගය

සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා -න හනේය්‍ය න ඝාතයෙ.

සියලු ම සත්වයෝ දඬුවමට බිය වෙති. මරණයට බිය වෙති. තමා උපමා කරගෙන පර පණ ද සුරකින්න...

මෙවැනි ඌරන් වැනි සතුන් වී, අනන්ත සංසාරයේ, අප කෙතරම් වාර ගණනක් ඝාතනයට ලක්වන්න ට ඇති ද?

http://www.lankadeepa.lk/index.php/articles/242170

මරණය කරා යන බව දැනුණු නිසාදෝ ඝාතකාගාරයක් බලා ධාවනය වෙමින් තිබුණු ට‍්‍රක් රථයක සිටි ඌරෙක් එයින් පනිනු දකුණු ඇමරිකාවේ මාර්ගයකදී දැකගත හැකිවුවේය.

ට‍්‍රක් රථයට පසුපසින් ආ මෝටර් රථයක සිටියන් විසින් පටිගත කැරුණු වීඩියෝවක ඌරා මුලින් තම හිස ඔසවා සිටිනුත් පසුව අපහසුවෙන් ට‍්‍රක් රථයේ බක්කිය කොටසේ ඇති පියන මතට නගිනුත් අනතුරුව පාරට පනිනුත් දැක්වේ.

ධාවනය වෙමින් තිබෙන ට‍්‍රක් රථයෙන් ඌරා බිමට පනිනුයේ අඩි 10 ක පමණ උසක සිටය.

ඌරා පාරට වැටුණු පසු කම්පනය නිසාදෝ මදක් නතර වී සිටිනුත් අවසානයේදී සතර පයෙන් නැගී සිට මාර්ගයේ පසෙකට ගමන් කරනුත් වීඩියෝ පටයේ සටහන්ව ඇත.

නිකුත්වූ දා පටන් මේ වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් වීඩියෝව නරඹා තිබෙන අතර ඔවුන් සියල්ලක්ම පාහේ ''වීර ඌරා'' සම්බන්ධයෙන් ප‍්‍රශංසනාත්මකව අදහස් දක්වා ඇත.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....